25 April, 2024

Blog

රාජ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක්

නිදහසින් පසු ආණ්ඩුවේ කුරිරු පාලනයට එරෙහිව මිනිසුන්ගේ වඩාත්ම විස්මය ඇති කරන නැගිටීම 2022දී දැක ගැනීමට හැකි විය. විනාශකාරී ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ජනතාව වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා දූෂණයට, වැරදි පාලන ක්‍රමයට සහ ආර්ථික අවපාලනයට එරෙහිව හඬ නැගූහ. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සහ ආර්ථික වගවීම සඳහා වූ ජනතා ඉල්ලීමට අවනත වෙනවා වෙනුවට ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මර්දනයෙනි. විරෝධතාකරුවන්ට එරෙහිව රාජ්‍ය මර්දනයේ අරමුණ වන්නේ පරිපාලනය සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය වැය අඩු කිරීමේ ප්‍රතිපත්ති මඟින් ඇතිකොට ඇති දැඩි දුෂ්කරතා සහ දුක් වේදනා සම්බන්ධයෙන් මහජන අතෘප්තිය ප්‍රකාශ කිරීම වැලැක්වීම යි.

ජනතාවගේ පරමාධිපත්‍යය පිළිගන්නා ලෙසත්, විරෝධතාකරුවන්ට හිංසා පීඩා කිරීම නවත්වන ලෙසත්, සියලු‍ම පුරවැසියන්ගේ, විශේෂයෙන්ම ආන්තික හා අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සිවිල්, දේශපාලනික සහ ආර්ථික අයිතීන් සහතික කරන ලෙසත් මේ යටතේ අත්සන් තබා ඇති අපි රජයෙන් ඉල්ලා සිටිමු. දැන් අප මුහුණ දෙන බහුවිධ, අන්තර් සම්බන්ධිත දේශපාලන හා ආර්ථික අර්බුද, වැඩි අධිකාරීවාදයක් කරා යන ගමනකින් විසඳිය නොහැකිය. ඒ සඳහා විසඳුම් සෙවිය යුත්තේ නිර්මාණය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ජනතාව අඛණ්ඩව සම්බන්ධ වීම තුළින් සහ රටේ පුරවැසියන් සමඟ කටයුතු කිරීමට කැමති පරිපාලනයක් හරහාය.

ආරක්ෂක රාජ්‍යය

ආරම්භයේ සිටම, ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රධාන වූයේ රාජ්‍ය ආරක්ෂාව සහ එහි මර්දනකාරී අවිය. දකුණේ කැරලි සහ උතුරේ සහ නැගෙනහිර සටන්කාමීත්වයේ නැගීම මෙන්ම වසර 30 කට ආසන්න කාලයක් පැවති දිග්ගැස්සුනු යුද්ධය, රාජ්‍ය මර්දනකාරීත්වය නීත්‍යානුකූල කිරීම සඳහා යොදා ගන්නා ලදී. සර්ව බලධාරී විධායක ජනාධිපති ක්‍රමය (1978), ප්‍රශ්නකාරී නීති සහ ක්‍රියාවන්ට කඩිනම් අවසරය ලබා දීමේ මෙවලමක් ලෙස විධායක බලතල එක් නිලයකට දැඩි ලෙස සංකේන්ද්‍රණය කිරීම මගින් කරුණු සංකීර්ණ කළේය.
1979 දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (ඡඕ) හඳුන්වා දෙන ලද අතර, නීති විරෝධී ක්‍රියාකාරකම් වල යෙදී සිටීමේ නොපැහැදිලි හේතූන් මත වරෙන්තුවක් නොමැතිව ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන මාස 18 ක් දක්වා කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකර රඳවා තබා ගැනීමට රජයට පුළුල් බලතල ලබා දුන්නේය. මෙම පදනම මත අත්අඩංගුවට ගත්තවුන් බොහෝ පිරිසක් ඇත්තෙන්ම සාධාරණ නඩු විභාගයකින් තොරව දශක ගණනාවක් සිරගත කිරීමද සිදුවිය. එක් දිනක් ඇතුළත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර, විවාද කර, නීතිගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දෙමළ සටන්කාමීත්වයේ රැල්ල නැවැත්වීමට ගත් ”‍තාවකාලික”‍ පියවරක් විය. එය තවත් සංවිධිත මර්දන ක්‍රම කිහිපයක් හා අනුබද්ධ වූවක් විය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (ක්‍ෂෘ) අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකාය (ීඔත්‍) සහ ත්‍රස්ත විමර්ශන අංශය (ඔෂඊ) වැනි ඒකක, රාජ්‍යයේ වැඩි ආරක්ෂකකරණය සහ මිලිටරිකරණයට මග පෑදීය. යුද්ධයේ සහ නොසන්සුන්තාවයේ දිගු වසරවලදී, මිලිටරිකරණය සමාජයේ මූලික ව්‍යුහය තුළට කාන්දු විය.

පශ්චාත් යුධ සමය සහ පශ්චාත් පාස්කු බෝම්බ සමය

අද අප දකින දේ සඳහා සැකිල්ල පශ්චාත් යුධ සමයේ දී රාජ්‍යය සුළු ජාතීන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ක්‍රියා කිරීම හේතුකොටගෙන හැඩගැසී ඇත. අව්‍යාජ සංහිඳියාවක් සහ බලය බෙදාගැනීමක් හඹා යෑම වෙනුවට රාජ්‍යය විසින් උතුරු හා නැගෙනහිර සිය මිලිටරි යාන්ත්‍රණය ශක්තිමත් කළේය. මෙමගින් අධි ආරක්‍ෂිත කලාප රඳවා තබා ගැනීමටත්, මිනිසුන්ට තම නිවෙස්වලට සහ ජීවනෝපාය වෙත ආපසු යාම වැළැක්වීමටත්, ආරක්‍ෂාව හෝ සංවර්ධනයේ ඉඩම් කොල්ලය සක්‍රීය කිරීමටත් ඉඩ සලසා ඇත. 2019 අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 270 දෙනෙකුට පමණ ජීවිත අහිමි වූ පසු, ත්‍රස්ත විරෝධී ව්‍යාපාර මුස්ලිම් තරුණයින් ඉලක්ක කර ගත්තේය. රාජ්‍ය ආරක්‍ෂාවේ මර්දනකාරී ආයුධවලින් මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරයක් එල්ල වීමත් සමඟ ඔවුන් තුළ ත්‍රාසය සහ භීතිය ඇති විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්තනෝමතික ලෙස දන්නා සහ නොදන්නා පුද්ගලයන් ඉතා දුර්වල චෝදනා මත අත්අඩංගුවට ගෙන සිරකර තැබීම සිදු විය. හෙජාස් හිස්බුල්ලාහ් සහ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම යුක්තිය පිළිබඳ සියලු‍ උත්සාහයන් දැඩි ලෙස උල්ලංඝනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරන ආකාරය පෙන්නුම් කරන අවස්ථා දෙකක් පමණි.

මේ සම්බන්ධයෙන් කලින් වූ සිදුවීමක් ප්‍රමාණවත් මහජන අවධානයට ලක් නොවීය. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට පියවර ගන්නා ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1373 යෝජනාවට අනුකූලවල ශ්‍රී ලංකා රජය 2020 දී ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස පුද්ගලයන් 300ක් හඳුනා ගනිමින් නම් ලැයිස්තුවක් සකස් කළේය. ලැයිස්තුවේ නම් කර ඇති අති බහුතරය මුස්ලිම් සහ දෙමළ ජාතිකයන්ය. ඉන් ඇතැමුන් සැක කටයුතු ක්‍රියාකාරකමක නිරත වූ බවට සැක කෙරෙන කාලසීමාව තුළ පවා කල් ගෙවා ඇත්තේ සිර මැදිරි වලය. ලැයිස්තුවට ඇතුළත් වූ පුද්ගලයන් අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙති: ඔවුන් තවදුරටත් ඔවුන්ගේ මූල්‍ය වත්කම්වලට ප්‍රවේශය භුක්ති නොවිඳින අතර නැවත එවැනි ප්‍රවේශයක් ලබා ගැනීමට අපේක්ෂා කළ හැක්කේ කවදාද යන්න පිළිබඳවද ඇඟවීමක් නොමැත. ඔවුන්ගේ මූල්‍ය වත්කම් ඔවුන්ට තහනම් නිසා ඔවුන්ට නීතිමය පිළිසරණක් පැතිය නොහැක. ලැයිස්තුවට ඇතුළත් වීමේ අපකීර්තිය හේතුවෙන් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන්ද ගැටළු ඇති වී තිබේ. විෂමාචාරය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති වුවද, සිදු වීමට සම්භාවිතාවක් ඇති දණ්ඩනීය ක්‍රියාමාර්ගවල තර්ජනය සමඟ ඔවුන් නිරන්තර සෝදිසියට යටත්ව ජීවත් වේ.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත රාජ්‍යය විසින් මර්දනය අනුමත කිරීමට උත්සාහ කරන නීති මාලාවක නවතම පියවරක් වන අතර, එය හුදෙකලාව නොබැලිය යුතුය. අප එය තේරුම් ගන්නේ රාජ්‍ය අරක්ෂකකරණය පිළිබඳ වඩා පුළුල් ක්‍රියාවලියක කොටසක් ලෙසය. පනත් කෙටුම්පතේ පුළුල් පරාසය තුළ ”‍මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්, හිටපු සටන්කරුවන්, ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් සහ වෙනත් ඕනෑම පුද්ගල කණ්ඩායමක්”‍ ප්‍රමාණවත් හේතු දැක්වීමකින් තොරව අනිවාර්ය රැඳවුම් භාරයට යැවීමට ඉඩ සලසයි.

”‍හිටපු සටන්කාමීන්”‍ සහ ”‍වෙනත් ඕනෑම පුද්ගලයෙකු”‍ පිළිබඳ සඳහන් කිරීම වැනි පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ව්‍යවස්ථා විරෝධී බව ශේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සාපරාධීකරණය කිරීම ගැටලු‍වක් නොවන සේ සැළකීම තුළ පැහැදිලි වන්නේ නීතිය වුවද ප්‍රශ්න කිරීමකින් තොරව නොපිළිගත යුතු බවය. එහි දරුණු භාවය නිසා ඕනෑම පුද්ගලයකු රඳවා තබා ගැනීමට ඉඩ සැලසෙන අතර, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, සන්නද්ධ ක්‍රියාකාරකම්වල අතීත මැදිහත්වීම් සහ ප්‍රචණ්ඩ අන්තවාදය සාධාරණ ලෙස තහවුරු කළ හැකි ක්‍රියා පටිපාටීන් එහි සඳහන් නොවේ. එය මෑතදී ප්‍රකට වූ අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය සාපරාධීකරණයට ඉඩ තබයි. එම නිසා මේ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය.

මර්දනයේ වත්මන් මොහොත

අද බොහෝ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ඇත. රාජ්‍යයේ නිරීක්ෂණ ඇස ජනතා ව්‍යාපාරයක් වන අරගලයේ කේන්ද්‍රීය යැයි සැලකෙන අය වෙත හැරී ඇත. ශිෂ්‍යයන් ඇතුළු රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටි අය, වීදිවලින් පැහැරගෙන, රැඳවුම් භාරයේ අඳුරු කොන වෙත යවනු ලැබේ.
අප මේ සිටින්නේ පොලිස් රාජ්‍යයක අයාගත් මුව අබියසය. අපගේ හඬ නැවත ලබා ගත යුතු අතර, විසම්මුතිය, ප්‍රතිරෝධය සහ ප්‍රජාතන්ත්‍රවාදී

ක්‍රියාමාර්ග නිශ්ශබ්ද කිරීමට සැලසුම් කර ඇති සියලු‍ම මර්දන ක්‍රියා සහ සියලු‍ නීතිමය උපාය මෙහෙයුම් වලට එරෙහිව නැගී සිටිය යුතුය. මේ මොහොතේ පුරවැසියන් වන අප සතුව පවතින කාර්යභාරය වන්නේ අත්තනෝමතික මර්දනයට තිත තැබීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය නැවත ලබා ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය තුළින්, සංවාදයෙන්, විරෝධතාවලින් සහ ඡන්දයෙන් පමණි ශ්‍රී ලංකාවේ සියලු‍ම ජනතාවගේ අවශ්‍යතා ආමන්ත්‍රණය වන පරිදි පවතින දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දිය හැක්කේ.

අත්සන් තැබූයේ:

  1. Ranil Abayasekara,  formerly University of Peradeniya
  2. Udari Abeyasinghe, University of Peradeniya
  3. Asha L. Abeyasekera, formerly University of Colombo
  4. M.M. Alikhan, University of Peradeniya
  5. Liyanage Amarakeerthi, University of Peradeniya
  6. Fazeeha Azmi, M. I., University of Peradeniya
  7. Crystal Baines. formerly, University of Colombo
  8. Navaratne Banda  Formerly University of Peradeniya
  9. Visakesa Chandrasekaram, University of Colombo
  10. Erandika de Silva, University of Jaffna
  11. Nadeesh De Silva, the Open University of Sri Lanka
  12. Nirmal Dewasiri, University of Colombo
  13. Kanchuka Dharmasiri, University of Peradeniya
  14. Priyan Dias, Emeritus Professor, University of Moratuwa
  15. Avanka Fernando, University of Colombo
  16. Priyantha Fonseka, University of Peradeniya
  17. Savitri Goonesekere, Emeritus Professor of Law 
  18. Camena Guneratne, Open University of Sri Lanka
  19. Dileni Gunewardena, University of Peradeniya
  20. Farzana Haniffa, University of Colombo
  21. Shyamani Hettiarachchi, University of Kelaniya
  22. Gayathri Hewagama, Visiting Lecturer, University of Peradeniya
  23. Charudaththe B. Illangasinghe, University of the Visual and Performing Arts
  24. Prabhath Jayasinghe, University of Colombo
  25. Theshani Jayasooriya, University of Peradeniya
  26. M. W. A. P. Jayatilaka, Retired, University of Peradeniya
  27. Barana Jayawardana, University of Peradeniya
  28. Pavithra Jayawardena, University of Colombo
  29. Ahilan Kadirgamar, University of Jaffna
  30. Anushka Kahandagamage, formerly University of Colombo
  31. Pavithra Kailasapathy, University of Colombo
  32. Maduranga Kalugampitiya, University of Peradeniya
  33. A. K. Karunarathne, University of Peradeniya
  34. Madara Karunarathne, University of Peradeniya
  35. Chulani Kodikara, Visiting Lecturer, Faculty of Graduate Studies, University of Colombo
  36. Pradeepa Korale Gedara, University of Peradeniya
  37. Savitri Nimal Kumar, University of Peradeniya
  38. Ramya Kumar, University of Jaffna
  39. Shamala Kumar, University of Peradeniya
  40. Vijaya Kumar, Emeritus Professor, University of Peradeniya
  41. Amal Kumarage, University of Moratuwa
  42. Aminda Lakmal, University of Sri Jayewardenepura
  43. Rohan Laksiri, University of Ruhuna
  44. Abdul Haq Lareena, Sabaragamuwa University
  45. Hasini Lecamwasam, University of Peradeniya
  46. Kamala Liyanage, Professor Emerita, University of Peradeniya
  47. Nethmie Liyanage, University of Peradeniya
  48. Sachini Marasinghe, University of Peradeniya
  49. Tharinda Mallawaarachchi, University of Colombo
  50. Sudesh Mantillake, University of Peradeniya
  51. Prabha Manuratne, University of Kelaniya
  52. Mahim Mendis, Open University of Sri Lanka
  53. Rumala Morel,  University of Peradeniya
  54. Sitralega Maunaguru, retired formerly Eastern University of Sri Lanka
  55. Kethakie Nagahawatte, University of Colombo
  56. Sabreena Niles, University of Kelaniya
  57. M. A. Nuhman, formerly University of Jaffna
  58. Gananath Obeyesekere, formerly University of Peradeniya
  59. Ranjini Obeyesekere, formerly University of Peradeniya
  60. Arjuna Parakrama, University of Peradeniya
  61. Sasinindu Patabendige, University of Jaffna
  62. Pradeep Peiris, University of Colombo
  63. Kaushalya Perera, University of Colombo
  64. Nicola Perera, University of Colombo
  65. Ramindu Perera, The Open University of Sri Lanka
  66. Ruhanie Perera, University of Colombo
  67. Sampath Rajapaksa, University of Kelaniya
  68. Ramesh Ramasamy, University of Peradeniya
  69. Harshana Rambukwella, The Open University of Sri Lanka
  70. Rajitha Ranasinghe, University of Peradeniya
  71. Rupika Subashini Rajakaruna, University of Peradeniya
  72. Aruni Samarakoon, University of Ruhuna
  73. Athula Siri Samarakoon, The Open University of Sri Lanka
  74. Dinesha Samararatne, University of Colombo
  75. Unnathi Samaraweera, University of Colombo
  76. T. Sanathanan, University of Jaffna
  77. Samitha Senanayake, formerly University of Peradeniya
  78. Kalana Senaratne, University of Peradeniya
  79. Anusha Sivalingam, University of Colombo
  80. H. Sriyananda, Emeritus Professor, the Open University of Sri Lanka
  81. Sivamohan Sumathy, University of Peradeniya
  82. Hiniduma Sunil Senavi, University of Sabaragamuwa
  83. Esther Surenthiraraj, University of Colombo
  84. V. Thevanesam, Emeritus Professor, University of Peradeniya
  85. Dayapala Thiranagama, formerly University of Kelaniya
  86. Mahendran Thiruvarangan, University of Jaffna
  87. Deepika Udagama, University of Peradeniya
  88. Ramila Usoof, University of Peradeniya
  89. Jayadeva Uyangoda, Professor Emeritus in Political Science, University of Colombo
  90. Vivimarie Vanderpoorten, Open University of Sri Lanka
  91. Ruvan Weerasinghe, University of Colombo
  92. Nira Wickramasinghe, formerly, University of Colombo
  93. Ranjit Wijekoon, formerly University of Peradeniya
  94. Dinuka Wijetunga, University of Colombo

 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීමට නව බලවේගයක් සම්බන්ධ විය යුතුය: නමුත් JVP සහ NPP එම බලවේගය වනු ඇතැයි මට තවමත් විශ්වාස නැත.
    පසුගිය වසර 15ක කාලයක් මේ රටේ රාජපක්ෂ බලවේග විසින් වැපිරූ දුෂ්ඨ සිංහල බෞද්ධකම දේශපාලනයෙන් වෙන්කර ඔවුන්ගේ පට්ටපල් දේශපාලනය ආයතනගත කිරීමට ජවිපෙට හැකිනම් ඔවුන්ට යහපත් අනාගතයක් සඳහා අස්වැන්න නෙළාගත හැකිය. මට තියෙන ප්‍රශ්නේ JVP එකේ තාම එහෙම වෙනවා දකින්නේ නැති එක.
    මෙය දැවැන්ත කාර්යයකි. එයට එහි කාලය අවශ්‍යයි. AKD ඔහුගේ ප්‍රසිද්ධ කථා සෑම අංශයක්ම පාහේ ආවරණය කළත් එය ප්‍රායෝගිකව කිරීමට තරම් බුද්ධිමත් නැත. 89 දී මෙන් ලාල්කාන්තට ගින්න නිවාදැමිය හැකි නමුත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිඵලය බෙහෙවින් අඩු ය.
    ඒවගේම දැන් JVP කාරයෝ තමන්ගේ උපක්‍රම හරි දිශානතියට වෙනස් කරලා ජනතාව ඒත්තු ගන්වන්න පැය විසිහතරේම මහන්සි වෙන්න ඕනේ. මධ්‍යම පංතිය JVPrs න්‍යාය තවදුරටත් මිලට ගනු ඇතැයි මම කිසිසේත් විශ්වාස නොකරමි. මේ රටේ හැම අස්සක් මුල්ලක් නෑරම ඩිමොගොඩරි පුරුදු වෙලා. ශක්තිමත් ගසක් පැටලී සිටින පරපෝෂිතයෙකු මෙන් එය පෙනේ. පියවරෙන් පියවර, මෙම parsite ගසෙන් ඉවත් කළ යුතු අතර, එවිට ගස තවදුරටත් වර්ධනය විය හැක.

    • 1
      0

      1/ ගුරුකම්, ජ්‍යොතිෂ්‍ය සහ වෙනත් බලවලින් අපේ නූගත් බොළඳ මිනිසුන් බේරා ගැනීමට කෙනෙකුට සිතිය හැකි නම් මේ රටේ ඡන්ද දායකයාගේ අපැහැදිලි කරුණු ඉබේම කරුණු වෙත හැරෙනු ඇත. සැබෑ තොරතුරු සහ සංඛ්‍යාලේඛන සහ කරුණු මගින් ජනතාවගේ දැනුවත්භාවය වැඩි කළහොත් ඔවුන් ඉබේම බලවත් ඡන්දදායකයින් බවට පත්වේ. මෙය දිගු කාලයක් බලා සිටි දාම ප්රතික්රියාවකි.

      2/ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පළමුව අපේ ජනතාව මුහුණ දෙන අනතුර තේරුම් ගත යුතුය. RAJPKSSHES වැනි වාචාලයන් ලංකාවේ මාධ්‍ය විසින් කොන් කළ යුතුය.
      . ජන මාධ්‍ය රටක/ජාතියක 4 වැනි බලවත්ම කුළුණ ලෙස විශ්වාස කෙරේ. අවාසනාවකට මෙන්, අපගේ ප්‍රධාන ධාරාවේ රූපවාහිනී මාධ්‍ය එකාගෙන් අනෙකාට පැතිර යන වංචාවකි.
      .
      3/සමාජ මාධ්‍ය රූපවාහිනී නාලිකා පවා, මම ඔබට ඔට්ටු වෙමි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ඩොලර් වලින් බේරීමට “සූනියම්”, “මායාකාරිය” සහ වෙනත් උපක්‍රම අපයෝජනය කරති. ඒ විතරක් නෙවෙයි සේපාල් අමරසිංහත් මේ රටේ මෝඩ බහුතරයේ වරද අයුතු විදියට පාවිච්චි කරනවා. මෝඩ බහුතරයකගේ හැසිරීම චපලයි. ඒක හරියට බලන්න තරම් මොළයක් මුන්ට නෑ. ඔවුන් අද ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙනවා.
      .
      4/ එතන තමයි අපි හැමෝම වැඩ කරන්න ඕන. අනාගත පාර්ලිමේන්තුවේ “විශ්වසනීය හා දක්ෂ, අඩු දූෂිත හෝ නිදහස් මහජන නියෝජිතයන්” අපට දැකගත හැක්කේ එවිටය.

      5/සිංහල බුද්ධාගම සැබෑ බුද්ධාගම නොවේ, එය HT විසින් පැහැදිලි කරන ලද වෙස්වලාගත් හින්දු විශ්වාසයන් වේ. මේ රටේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා 30,000කට වැඩි පිරිසක් වැඩ සිටින බව ආරංචි මාර්ග කියයි. පින්වත් මහණෙනි, සමාජයේ බොහෝ ප්‍රකට භික්ෂූන් වහන්සේලා පළමුව අධ්‍යාපනය ලැබිය යුතුයි. බෞද්ධ, සිංහල සමාජය ඔවුන්ට දුන් තැන සදාකාලික මෝඩයන් වීමට ඉඩ හැරියේය. එසේම තම සහෝදර භික්ෂූන් වහන්සේලා සමාජයට ඇති කරන භයානක ප්‍රශ්නවලට දක්වන ප්‍රතිචාර උසස් පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා විසින් නිරන්තරයෙන් නොසලකා හරිති.

      • 1
        0

        3/සමාජ මාධ්‍ය රූපවාහිනී නාලිකා පවා, මම ඔබට ඔට්ටු වෙමි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ඩොලර් වලින් බේරීමට “සූනියම්”, “මායාකාරිය” සහ වෙනත් උපක්‍රම අපයෝජනය කරති. ඒ විතරක් නෙවෙයි සේපාල් අමරසිංහත් මේ රටේ මෝඩ බහුතරයේ වරද අයුතු විදියට පාවිච්චි කරනවා. මෝඩ බහුතරයකගේ හැසිරීම චපලයි. ඒක හරියට බලන්න තරම් මොළයක් මුන්ට නෑ. ඔවුන් අද ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙනවා.
        .
        4/ එතන තමයි අපි හැමෝම වැඩ කරන්න ඕන. අනාගත පාර්ලිමේන්තුවේ “විශ්වසනීය හා දක්ෂ, අඩු දූෂිත හෝ නිදහස් මහජන නියෝජිතයන්” අපට දැකගත හැක්කේ එවිටය.

        5/සිංහල බුද්ධාගම සැබෑ බුද්ධාගම නොවේ, එය HT විසින් පැහැදිලි කරන ලද වෙස්වලාගත් හින්දු විශ්වාසයන් වේ. මේ රටේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා 30,000කට වැඩි පිරිසක් වැඩ සිටින බව ආරංචි මාර්ග කියයි. පින්වත් මහණෙනි, සමාජයේ බොහෝ ප්‍රකට භික්ෂූන් වහන්සේලා පළමුව අධ්‍යාපනය ලැබිය යුතුයි. බෞද්ධ, සිංහල සමාජය ඔවුන්ට දුන් තැන සදාකාලික මෝඩයන් වීමට ඉඩ හැරියේය. එසේම තම සහෝදර භික්ෂූන් වහන්සේලා සමාජයට ඇති කරන භයානක ප්‍රශ්නවලට දක්වන ප්‍රතිචාර උසස් පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා විසින් නිරන්තරයෙන් නොසලකා හරිති.

    • 1
      0

      ලංකාව තනි කෙස් ගහක එල්ලිලා.
      .
      නොමේරූ සජිත් සහ අනුර නිහඩතාවය බිඳ දමා කොක්කෙන් හෝ කොක්කෙන් බලය ඩැහැ ගැනීමට උපරිම උත්සාහයක් දරති.

      සජිත්ගේ කතාවල කිසිම හරයක් නැහැ. අනුර හොඳට කතා කරනවා. ඒත් දැන් තියෙන මුදලට වඩා වැඩි මුදලක් බාර ගනීවි කියන උපකල්පනය මත ඇලඩින්ගේ පුදුම පහනෙන් වැඩ කරයිද දන්නේ නැහැ.
      .
      ඉදිරි දිනවලදී තවත් රැස්වීම් කඩාකප්පල් වුවහොත්, සංචාරකයින්ගේ වැඩිවීම භයානක වනු ඇත. මේ තීරණාත්මක වෙලාවේ රට බේරගන්න රනිල්ටයි CBKටයි ඇරෙන්න වෙන කාටවත් බැරි බව ජනතාව දන්නවා. ඔවුන් ලෝක බලගතු ධනවත් ජාතීන් සමඟ හොඳින් හා සමීපව සම්බන්ධ වී සිටිති.

      එතනින් එහාට දෙයක් දකින්න බැරුව බුදුන් කියන අය නිහඬයි.

      මගේ අදහස නම් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික කාලයකට සහතික කර ගැනීමට හැකිවන පරිදි ආර්ථිකය යම් ප්‍රමාණයකට පණ ගැන්වීම සඳහා පවතින අර්බුදයට විසඳුම් සෙවීමට ප්‍රමාණවත් කාලයක් වත්මන් රජයට ලබාදිය යුතු බවයි.

      එවිට ඔබට කැමති එකක් තෝරා ගත හැකිය. මැතිවරණයක් පැවැත්වුවහොත් එකම ඡන්දදායකයින් එකම මෝඩයන් බලයට ගෙන එනු ඇත. මැතිවරණ මේ රටට අරුමයක් කර නැත.

      හරීන්, මනෝෂ් සහ කාංචනා ජනතාව ඉදිරියේ ඇති අනතුර හොඳින්ම දනී.

  • 1
    0

    සයිමන් මහත්තයෝ,
    මම වැරදි වෙන්න පුළුවන්, නමුත් JVP න්‍යායික ප්‍රවේශයන් ගැන කියවන හැම වෙලාවකම මේක මගේ හිතට වැදෙනවා.
    .
    ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ නායකයින් රටේ ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණි අයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඕනෑම දෙයක් ගැන තර්ක කරති, නමුත් සැබෑ ප්‍රායෝගික දැනුමෙන් බොහෝ දුරස් ය (මට එය සාමාන්‍යකරණය කළ හැකිදැයි මම තවමත් නොදනිමි) එයින් අදහස් වන්නේ ඔවුන්ට ග්‍රාමීය දරිද්‍රතාවයේ සිටින මිනිසුන්ගේ මනස හොඳින් කියවිය හැකි බවයි. එය අපගේ ග්‍රාමීය ප්‍රජාවන්ට (අපගේ ජනගහණයෙන් 70%) තිරසාර විසඳුම් සෙවීමට වඩා විශාල පූර්ව අවශ්‍යතාවයකි.
    ඇත්ත වශයෙන්ම, ඔවුන් නායකයින් දේශීය උපාධිධාරීන් වීම සහ ඔවුන්ගේ උපාධි පාඨමාලා මත පදනම්ව ප්රමාණවත් දැනුමක් තිබීම ප්රශංසනීය විය යුතුය. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුගිය වසර 30 තුළ විශාල දෙයක් ඔප්පු කර තිබේද?
    මම ආන්දෝලනාත්මක චරිතයක අනුගාමිකයෙක් නොවෙමි, නමුත් ශ්‍රී ලංකාවට සාර්ථක කෘෂිකාර්මික ආකෘතියක් ලෙස ඉහතින් දැරූ සමන්ත පිඩිදූවේ පූජ්‍යතුමා ඔහුගේ දහඩිය සහ ප්‍රතිඵල පිළිබඳ උදාහරණ සපයා ඇත.

    තමාගේ මමත්වය කේන්ද්‍ර කරගත් ස්වභාවය පසෙක තබා තම අභිප්‍රේරණය පමණක් ලබාගෙන යම් යම් ක්‍රමවේද යටතේ මිනිසුන් නිසි ලෙස මෙහෙයවන්නේ නම් ලංකාවේ අපේ මිනිසුන්ටද යම් ග්‍රාමීය සමෘද්ධියක් අත්කර ගත හැකි බව ඔහු මෙතෙක් ඔප්පු කර ඇත… සමන්ත බද්ද ඔප්පු කර ඇත. සමහර විෂයයන් සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීම වැදගත් වේ.
    ග්‍රාමීය ප්‍රජාව නඟා සිටුවීම සඳහා ස්වයංපෝෂිතභාවය පිළිබඳ ඔවුන්ගේ සියලු දැනුමෙන් ඔවුන්ට ඉගැන්වීමට ජවිපෙ අසමත් වූයේ ඇයි?

    නව ප්‍රවණතා, නවෝත්පාදන, ඵලදායිතාව, භික්ෂු භික්ෂුණීන්ගේ දායකත්වය, විශ්‍රාමික වෘත්තිකයන්ගේ දායකත්වය, නවෝත්පාදන තරුණයින්ගේ දායකත්වය,

  • 0
    0

    Simon,
    සියලුම යාවත්කාලීන සඳහා ස්තූතියි. අවංකවම, මට යාවත්කාලීන තොරතුරු කිසිවක් නොතිබුණි. ඒක තමයි යා යුතු මාර්ගය. සමාන්තර කාලය ප්‍රයෝජනවත් වන පරිදි ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කළ යුතුය. ඵලදායී වීමට මිනිසුන් පුහුණු කළ යුතුය. සෑම කෙනෙකුම හැකි පමණින් දායක විය යුතුය. අනිත් අය දේවල් විසඳයි කියලා අපේ මිනිස්සු නොමඟ යවනවා. එය පන්නා දැමිය යුතුය.
    මම ලෝකෙ වටේ යනකොට එක පාරටම මගේ හිතට එන දේ තමයි මිනිස්සුන්ට තමන්ගේ වගාවන් සඳහා ඉඩම පාවිච්චි කරන්න බෑ කියන එක. දැන් බොහෝ අය පසෙහි සාරවත් බව නොමැතිකම හෝ වෙනත් විවිධ හේතු නිසා සමාව දෙනු ඇත, කෙසේ වෙතත්, අග්නිදිග ආසියාවේ එම කොටි රටවල් හා සසඳන විට, අපේ සංස්කෘතිය බොහෝ විට කාලය මරා දමයි. එසේම ඔවුන් තම දෛනික ආහාර වේල සඳහා දිගුකාලීනව කාලය නාස්ති කරති.
    Mini Saba රැස්වීම්වල සමස්ත ප්‍රතිඵලය දැන ගැනීමට මම කැමතියි. ඔවුන්ගේ දෛනික කටයුතු හරහා පණිවිඩය ගෙන ඒම සඳහා සංඛ්‍යාලේඛන එකතු නොකර සරල භාෂාවක් භාවිතා කළ යුතු බව මම විශ්වාස කරමි. යුරෝපයේ මෙන් නොව සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය දැනුම ඉතා දුර්වලය. යුරෝපයේ, ටැබ්ලොයිඩ්, අන්තර්ජාලය සහ අනෙකුත් තොරතුරු ද්‍රව්‍ය මගින් සාමාන්‍යය ද හොඳින් දන්වා ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල එය එසේ නොවිය හැකි බව මම දනිමි, නමුත් ශ්‍රී ලංකාවේ තවමත් අන්තර්ජාලය අධ්‍යාපනය සඳහා නිසි ලෙස භාවිතා නොවේ. ආචාර්ය ආනන්ද ගුරුගේ (එම පළාතේ බෞද්ධ සංස්කෘතික කටයුතු සඳහා සම්මානලාභී) ප්‍රවාහනය කරන ලද කැලිෆෝනියා ප්‍රාන්තයට බුදුදහම ගෙන ආවේ එලෙසිනි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.