26 April, 2024

Blog

ඊළඟට කුමක් ද? මුස්ලිම් විරෝධී කෝලාහලවලට පසුවදනක්

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

සුමනසිරි ලියනගේ

මෑතක දී සිදුවූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් නිසා ඇති කරගත් පැල්ලම මකා ගැනීම සඳහා යම් ගැලවීමේ ක‍්‍රමයක් සොයාගත යුතු බව ලංකාවේ ආණ්ඩුවට පෙනී ගොස් තිබේ. මේ අශෝභන ප‍්‍රහාරයන් සිදුවූ බේරුවල ආසනය නියෝජනය කරන රාජිත සේනාරත්න ඇමතිවරයා මුස්ලිම් ජනතාවගෙන් විවෘතව සමාව අයැද තිබේ. සැහැසි පිරිස් විසින් විනාශ කරන ලද නිවාස සහ දේපළ පිළිසකර කර දෙන බවට ආණ්ඩුව පොරොන්දු වී තිබේ. පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ බොදුබල සේනා සභාපතිත්වයෙන් ඉල්ලා අස්වූහ. මේ අතර, ජාතිය හෝ ආගම කුමක් වෙතත් සෑම ශ‍්‍රී ලාංකිකයෙකු වෙනුවෙන්ම ආණ්ඩුව පෙනී සිටින්නේය යන නිසරු කතාව ජනාධිපතිවරයා නැවතත් කීවේය. එසේ වෙතත්, 1983 දී මෙන්ම, මෙහි දී ද වරද පටවන්නේ, සුළුතරයේ ඊනියා අන්තවාදයක් මත ය.

ෂ්‍යාම් සෙල්වදුරේගේ නවතම නවකතාව වන ‘‘ද හන්ග‍්‍රි ගෝස්ට්ස්’’ තුළ ප‍්‍රධාන චරිතය වන ෂිවන්ගේ මව ‘‘මං හිතන්නේ නැහැ මගේ ජීවිත කාලේ ඇතුළේ සාමයක් දකින්න ලැබෙයි කියලා’’ යනුවෙන් කරන වඩාත් යථාර්ථවාදී නිරීක්ෂණය ඉදිරියේ ෂිවන් මෙසේ කියයි: ‘‘දෙපැත්තට හිර වෙලා ඉන්න දුප්පත් මිනිස්සු දිහා බලන කොට, එක පැත්තක් දිනලා මේක ඉවරයක් වෙනවා නං ලොකු දෙයක්.’’ ෂිවන්ගේ අධි=තාත්වික රූපකය, 2009 මැයි 18 වැනි දා හිමිදිරියේ මුල්ලිවයික්කාල් පටු මුහුදු තීරයක දී සැබෑවක් විය. මව සහ පුතා යන දෙන්නාගේ හිතේ තිබුණේ වෙනස් අදහසක් නිසා, දෙන්නාම යම් තාක් දුරකට නිවැරදි වූ සෙයක් පෙනේ. ෂිවන්ට අවශ්‍ය කෙළේ සන්නද්ධ ගැටුමේ අවසානයකි. මවට අවශ්‍ය කෙළේ පොදුවේ සාමයකි. අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ මෑතක සිදුවූ දේවල්වලින් නැවත නැවතත් පෙන්නුම් කෙළේ ලංකාවට සාමය පැමිණ නැති බවයි. නිශ්චිතවම, දුප්පතාට සහ සමාජයෙන් කොන් වූ කොටස්වලට නම් සාමයක් ඇත්තේම නැත. මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රයේ සෘජු සහ වක‍්‍ර ආශිර්වාදය ලබන බොදුබල සේනාවෙන් උසිගන්වන සිංහල=බෞද්ධ සැහැසි ජනයාගේ දුෂ්ට සහ අමානුෂික ප‍්‍රහාරයන්ට ඉහත කී පෙදෙස්වල ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ව ලක්කෙරුණි. ආණ්ඩුව පෙන්නුම් කිරීමට තතනන විදිහට, මේ පළාත්වල ඇති වූ සිදුවීම් අහඹු හෝ හුදෙකලා සිදුවීම් වශයෙන් විස්තර කළ හැක්කේද? ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේ කියා ඇති පරිදි සහ රටේ ආරක්ෂක අංශයත් කියන පරිදි, සිංහල සහ බෞද්ධ යන පාර්ශ්ව දෙකම මේ සිදුවීම්වල එක සමාන වැරදිකරුවන් වන්නේද?

අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ ඇති වූ තත්වය වූ කලී, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර ඝට්ටනය අවසානයේ සිට මුදාහරින ලද ක‍්‍රියාවලියක තනි ලක්ෂ්‍යයක් පමණි. මෙහිදී මා පාපොච්චාරණයක් කළ යුතුව තිබේ. පශ්චාත්-යුද කාලීන අවකාශය තුළ ඇති විය හැකිව තිබූ වර්ධනයන් ගැන මගේ සරල අපෝහක තර්කණයන් හරහා මා පැමිණ තිබුණේ වැරදි නිගමනයන්ටයි. 2009 දී දෙමළ අන්තවාදය තිරසාරව පරාජයට පත්කිරීම මා දුටුවේ, එම අන්තවාදයේ ‘අනිකා’ වන සිංහල අන්තවාදී ජාතිකත්වය දුර්වල කිරීමට තුඩුදෙනු ඇතැ යි කියාය. මහින්ද රාජපක්ෂ, වින්ස්ටන් චර්චිල්ගේ උපදේශයක් අනුගමනය කරනු ඇතැ යි මම සිතුවෙමි: ‘‘ජයග‍්‍රාහී පක්ෂයට මහත්මා ගතියක් තිබිය යුතුය’’.

එහෙත් දෙමළ අන්තවාදය දෙමළ ඩයස්පෝරාවට විතැන්ව ඇති අතර, සිංහල=බෞද්ධ ජාතිකවාදි හැඟීම් එක දිගටම ඇවිළවීම සහ සිංහල බෞද්ධ ජාතිකවාදය අලිඛිත රාජ්‍ය දෘෂ්ටිවාදය බවට පත්කිරීම හරහා ලබන මැතිරවණ ජයග‍්‍රහණයන් තුළින් බලයේ සිටීමට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පිඹුරුපත් සකසයි. එම ප‍්‍රවණතාවට සමගාමීව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක‍්‍රමය තවත් තර කරන ලදි. එසේම, ව්‍යවස්ථාමය අධිකාරීවාදය සහ රාජ්‍යයේ අධි-සුරක්ෂිතතාව, ඉලක්කයන් දෙකක නාමයෙන් සුජාත කෙරේ: එනම්, ආර්ථික සංවර්ධනයත්, සාමය සහ ආරක්ෂාවත් නාමයෙනි. උද්වේගය එක දිගටම අවුලූවා තබා ගැනීම සඳහාත්, නිරන්තරයෙන්ම රාජ්‍යය තර්ජනයට ලක්ව ඇතැ යි පෙන්නුම් කිරීම සඳහාත් කරනු ලබන්නේ, දෙමළ ජනතාවගේ ඕනෑම විරෝධතාවක් සහ සටනක්, එල්ටීටීඊ සංවිධානය හමුදා බලයක් වශයෙන් නැවත හිස එසවීමක් වශයෙන් රූප ගැන්වීමයි. විවිධාකරයේ අන්තවාදී බෞද්ධ කණ්ඩායම්, පාලක සන්ධානයේම සිංහල බෞද්ධ දේශපාලන පක්ෂ සමග පවා තරගයට නැගී සිටීමක් අප දකින්නේ එම සන්දර්භය තුළයි. ඉතිං, අවශ්‍ය තන්හිදී, තමන්ගේ පාර්ශ්වකාර පක්ෂ වන ජාතික හෙළ උරුමය සහ එක්සත් නිදහස් පක්ෂය කරන බලපෑම් සහ ඉල්ලීම් පාලනය කර ගැනීමට ජනාධිපතිවරයාට මේ කණ්ඩායම් පාව්චිචි කළ හැක.

බෞද්ධ අන්තවාදී සංවිධානවල සැහැසි ක‍්‍රියා මුලින් පටන් ගත්තේ පොඩියට ය. ඉතා දිළිඳු මුස්ලිම් ජාතිකයන් වැඳුම් පිදුම් කළ දඹුල්ලේ කුඩා පල්ලියක් පිහිටා ඇත්තේ දඹුල්ල විහාරයේ ඉඩමක් තුළ ය යන අවසරය යටතේ ඊට පහර දුනි. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් දේවස්ථානත්, මුස්ලිම් ජාතිකයන් සතු කඩ සහ සාප්පු සංකීර්ණත් ප‍්‍රහාරයන්ට ලක්කෙරුණි. එවැනි ප‍්‍රහාරයන් කෙමෙන් රට පුරා පැතිරුණි. ඒවා වැළැක්වීම මෙන්ම ඒවාට එරෙහි නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීම, ආණ්ඩුවත් පොලීසියත් ප‍්‍රතික්ෂේප කෙළේය. එමගින් එවැනි අපරාධකාර සංවිධානවලට දෙන ලද පණිවිඩය වුණේ, නීතිය තමන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොවන බවයි. බොදුබල සේනාව හලාල් විරෝධී දීප ව්‍යාප්ත ව්‍යාපාරය දියත් කොට මුස්ලිම් දේපලවලට පහර දීම් පටන්ගත්තේ එම සන්දර්භය තුළ ය. හලාල් යනු තමන්ගේ ආගමික සහ සංස්කෘතික කාරණයක් බවත්, බෞද්ධ පාරිභෝගිකයන්ට එහි කිසි අදාළත්වයක් නැති බවත් මොන තරම් මුස්ලිම් ආගමික ප‍්‍රජාව විසින් පෙන්වා දුන්න ද ඉන් පලක් වුණේ නැත. මේ අතර, සිංහල බුද්ධාගම කෙරෙහි තමන් සතු ඒකාධිකාරය අහිමි වෙතැ යි බිය වු ජාතික හෙළ උරුමයත් හලාල්-විරෝධයට එක් විය. නැවතත් මුස්ලිම් දේපල සහ ආගමික ස්ථාන ප‍්‍රහාරයන්ට ලක්වන විට ආණ්ඩුව කට වහගෙන සිටියේය.

එක්තරා ආකාරයකින් මේ තත්වය, දෙමළ ජනතාවට එරෙහිව දියත් වූ 83 විනාශයට මදක් පෙරාතුව පැවති තත්වයට, මූලික වශයෙන් සමාන ය. වෙනස ඇත්තේ, මෙවර ඉලක්ක වන්නේ මුස්ලිම් ජාතිකයන් සහ ක‍්‍රිස්තියානි භක්තිකයන් වීමයි. අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ සිදුවීම්වලට සිංහල බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් එක සමාන වගකීමකට යටත් යැයි පවසන කතාවට පදනමක් නැත. උදාහරණයක් වශයෙන්, ශේෂ පත‍්‍රය සැලකිල්ලට ගන්න: හතර දෙනෙක් මරුමුවට පත්වූහ. ගෙවල් 150 ක් සහ කඩ 90 ක් විනාශ කෙරුණි. මුස්ලිම් පල්ලි 15 ක් ප‍්‍රහාරයට ලක්වුණි. පවුල් 2000 ක් සරණාගතයන් බවට පත්කෙරුණි. මෙසේ පීඩාවට පත්වූවන්ගෙන් හතරෙන් තුනක් පමණ මුස්ලිම් ජාතිකයන් ය. මේ සිදුවීම්වලින් බොහොමයක් හටගත්තේ ඇඳිරි නීතිය පැවති කාලයේ වීම තවත් විශේෂත්වයකි.

සිදුවීම්වලින් පසුව ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක් විණි ද? පොලීසිය එක් භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත්තේය. ඒ, බොදුබල සේනාවට එරෙහිව මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම සඳහා නිර්භයව පෙනී සිටි භික්ෂූන් වහන්සේ නමකි. එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගෙන් පැය ගණනක් පොලීසිය ප‍්‍රශ්න කෙළේය. තවත් මුස්ලිම් පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුගේ නිවසට යන එන වාහන පරීක්ෂාවට ලක්කෙළ්ය. කලබලකාරී තත්වය තුළ හැකි තාක් නීතිය හා සාමය රැුකීමට තැත් කළ ඉහළ පෙළේ දෙමළ පොලිස් නිලධාරියාව මාරු කෙළේය. ප‍්‍රහාරයට ලක්විය හැකි යැයි පොලීසිය හොඳින් දැන සිටි තවත් මුස්ලිම් දේපළ ප‍්‍රහාරයන්ට ලක්වුණි. ආණ්ඩුවේ ව්‍යාපෘතිය පැහැදිළි ය. ඊට අවශ්‍ය කරන්නේ, වින්දිතයන් අපරාධකරුවන් සේ ද, සැබෑ අපරාධකරුවන් වින්දිතයන් සේ ද හුවා දැක්වීමට ය.

ඇති වු ප‍්‍රහාරයන් සහ ඒවාට ආණ්ඩුව දැක්වු ප‍්‍රතිචාරයෙන් පෙන්නුම් කරන්නේ, එය එකකින් අනික වෙන් කළ නොහැකි, දේශපාලනික ව්‍යාපෘතියක අංගයක් වන බවයි. සන්නද්ධ ගැටුම 2009 දී නිමාවට පත්විය. එහෙත් යුද දේශපාලනයේ කිසි වෙනසක් සිදුව නැත. 2005 දී සහ 2009 දී සිංහල හෙජමොනික න්‍යාය පත‍්‍රයක් උඩ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ දෙකක් ජයගත්තේය. ඒ නිසා, ඊළඟ වසර ආරම්භයේ සමහරවිට පැවැත්විය හැකි ඊළඟ ජනාධිපතිවරණයත් ජයග‍්‍රහණය කිරීම සඳහා එම දේශපාලන ව්‍යාපෘතිය ප‍්‍රයෝජනවත් වනු ඇතැ යි ඔහු සහ ඔහුගේ පවුලත්, පක්ෂයත් සිතනවා විය යුතුය. අසල්වැසි ඉන්දියාවේ ‘භාරතීය ජනතා පක්ෂය’ බලයට පැමිණීම ගුජරාටයට නතර කළ නොහැකි විණි නම්, ශ‍්‍රී ලංකාවේ දී අළුත්ගම සහ බේරුවල කෙසේ නම් වෙනස් වන්න ද? එහෙත් ශ‍්‍රී ලංකාවේ ජනවිකාශන සංඛ්‍යාවන් අනුව ඊට වෙනස් ප‍්‍රතිඵලයක් ගෙන දේ ද?

*2005 ජුලි 05 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ What Next? Postscript To Anti-Muslim Riots නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    වින්ස්ටන් චර්චිල් කියුවැයි කියපු ‘‘ජයග‍්‍රාහී පක්ෂයට මහත්මා ගතියක් තිබිය යුතුය’’ යන්න කීවේ කා ගැන අනුකම්පා කරලද කියල මෙයා කියුවේ නෑනෙ. එතකොට චර්චිල් මෙහෙම දෙයකුත් කියල තියනවානෙ. “Individual Moslems may show splendid qualities, but the influence of the religion paralyzes the social development of those who follow it. No stronger retrograde force exists in the world.” එය සරලව සිංහලෙන් කියුවොත් ‘මුස්ලිම් පුද්ගලයන් උසස් ගතිපැවතුම් පෙන්නුම්කරාවී, නමුත් අාගමේ(ඉස්ලාම්) බලපෑම එය විශ්වාසකරන්නන්ගේ සමාඡ වර්ධනය අන්ඡබඡල් කරනවා. ඊට වැඩි අාපසුදක්කවන බලයක් මේ ලෝකයේ තවත් නැහැ.’

    රාජිත සේනාරත්න ඇමතිවරයා මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත්තාට අපට රුදාවක් නැත. ඔහුට චන්දය දෙන මුසල්මනයන් රැකගැනීම ගැනත් අප විරුද්ධත් නැත. අප විරුද්ධ ඔහු මුසල්මනයන්ට එලිපිටම නීති කඩන්නට ඉඩදීම ගැනයි. දර්ගා නගරයේ මුසල්මනයන්ට නිතියක් නැහැ. මුසල්මන් ගැටයන් සාමාන්‍යයෙන් බයිසිකල් පාර්ක් කරන්නේ පාරවල් අවහිර වන්නටය. ඔවුන් බයිසිකල් පදින්න හෙල්මට් දමන්නේත් නැත. කෙතරම් දුරට මුසල්මනයන් පුම්බා ඇද්ද කියනවානම් අම්මා සමඟ කඩේට ආ පිරිමි ලමයාගේ ලිංගයේ කොන මිරිකීමට තරම් මුසල්මන් කඩකාරයා එඩිතරවිය. ගහමරාගැනීමට සති දෙකකට පෙර හරක් ඔලු සහ බඩබොකු පන්සල ඉදිරිපිටට දමාගොස් අැත. සිද්ධි දෙකම පොලීසියට පැමිණිලිකරත් වැඩක් වී නැහැ. පොලීසිය කියන්නේ මෙවැනි පැමිණිලි ඡාතිබේද අැදෙනවැඩ නිසා නිශ්ශබ්දව සිටින ලෙසයිලු. ඔික තමයි අලුත්ගම තිබුන තත්වය. ඉතින් පොසොන්පොහොය දිනයේ බනට වඩින හාමුදුරුවන්ට තව්හීද් ඡිහාඩියන් ගහන එකත් වැඩක්ද? අප විරුද්ධ අලගිය මුලගිය තැන් නොසොයා රාඡිත සිංහල බෞද්ධයන්ට දෙස්දෙවොල් තැබීම ගැනයි.

    2005 තීරනාත්මක ඡනාධිපතිවරණයේදී රාඡිත සිටගත්තේ බොරු සාමකාරයාගේ පැත්තේය. LTTEය යුද්ධය ගෙන අාවිට රාඡිත කීවේ මාවිල්අාරු ප්‍රශ්ණය යුද්ද නොකොට කථාවෙන් බේරාගතයුතු බවය. දැන් මිනිහා කතා කරන්නේ ඔහු යුද්ධය ඉවරකිරීමට මූලික වුවෙක් ගානටය. එ් දේශපාලුවන්ගේ හැටිය.
    රාඡිත රාඡපක්ෂ අාණ්ඩුවට එල්ලුනේ යුද්ධය පටන්ගත්තාට පසුවය. පසුව වුවත් එ් අවස්ථාවේ රාඡිත රඡයට එක්වීම අගයකලයුතු වැඩකි. නමුත් එ් රාඡිතගේ දෙබිඩි දේශපාලන පිලිවෙත බව නොකියා බැරිය. රාඡිතට ඡන්දය දෙන සිංහල මිනිස්සුන්ට මේවා මතක්කර දුන්නොත් එයා කොටඋඩය.

    වටරැක විඡිත හිමි යනු බොරුකාරයෙකි. එ් කතා දැන් පත්තරවල පලවී හමාරය. වටරැක කොටුඋනේ එයා පොලිසියට දුන් කටඋත්තරයත් පුංචිඅම්මාගේ පුතා දුන් කටඋත්තරවලත් අැති නොගැලපීම් නිසාය. එ්කත් හරියට අර නයි-නළගනගේ කතාව වගේය. නමුත් මේ ලිපිකරු කියන්නේ පොලීසියට මොන බොරු පැමිණිළි කලත්, හිමිනම මුසල්මනයන් වෙනුවෙන් පෙනීසිටින නිසා ඔහු නිර්භය භික්ෂූන් වහන්සේ නමක් බවයි. දැන් උසාවියේ නඩුවක් අැති නිසා සාක්ෂිවලින් කාට කාටත් ඉක්මනින් අැත්ත දැනගතහැකිය.

    තවඑකක්! මේ ලිපිකරු කියන විදියට පූජ්‍ය කිරම විමලජෝති හිමියන් බොදුබල සේනා සභාපතිත්වයෙන් ඉල්ලා අස්වෙලා නැහැ. බොරු කියන්න එපා! යම් මතබේද නිසා ක්‍රියාකාරිත්වයෙන් අෑත්වෙලා සිටින බව හාමුදුරුවො පැහැදිලවම කියල තියනව. නමුත් පැනල යන්නෙ නැතුව බොදු බල සේනාවෙ සභාපති හැටියට අපරාධ චෝදනා තිබේනම් එ්වාට මුහුනදෙන බවත් උන්වහන්සේ කියල තියනව. විමලජෝති හාමුදුරුවො බොදු බල සේනාවට සම්බන්ධ උනේ අැයි කියලත්, ඔය ගහමරාගැනීම අහඹු සිදුවීමක් නෙමෙයි කියලත්, එය පිටුපස බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක් අැති බව ඔහු කියා අැති බවත් ගිය ඉරිදා ලක්බිම කියවුවහොත් ඔිනෑම අයෙකුට වැටහේවි. නමුත් මෙයාවගේ බහුබූත උගන්වන සමහර උගතුන් තෝරාගත් කොටස් පමණක් ලියන්නේ ගමේ අපි මෝඩයෝ කියල හිතාගෙනයි.

    උගතුන්යයි කියාගන්නා කොටසකුත්, බටහිර තානාපති පිල්ලිත්, එන් ඡී ඹි නඩයත්, ඉවැන්ඡලිස්ට්ලාත්, බටහිරයන්ට වදින යූඑන්පීයත් කල්ලිගැසී මහින්ද බලයෙන් පහකර දංගෙඩියට යවන්න දැන්සිටම බරට වැඩ බව නම් කිවයුතුය. මෙයත් කොරන්නෙ එ්කෙ කොටසක් තමයි. එ්කතමයි මෙයා කියන්නේ ටීඑන්එ් වැඩකිඩ දෙමළ ජනතාවගේ සටන් කියල. එ්කත් ඉතින් හරි තමයි. අැයි ඉතින් දෙමළ ජනතාවනෙ ටීඑන්එ් එකට චන්දෙ දීල පත්කරගත්තෙ.

    මලයාසියාවේ රඡය එල්ටීටීඊ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තත් එ් අයගෙ වැඩ ටීඑන්එ් වැඩකිඩ වලට සම්බන්ධ නැතිබව සහ නැවත හමුදාබලයක් වශයෙන් හිස ඔසවන්නෙ නැති බවතමයි මෙයා කියන්න හදන්නෙ. ගිහිපෙනෙල්ලෙන් බැටකාපු අපි කලාමැදිරියටත් බය බව මෙයාවගේ අයට තේරුම්කරන්න බැහැ. මවාගත් අදහස් සත්‍ය දේ හැටියටත් නුදුටුදේ අැහින් දුටුදේ හැටියටත් මේ ගොයියන්ට ලියන්න පුලුවන්නම් මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණකාරයන්ගේ අරමුනු ඡනතාවට පහදාදීමේ අැති වැරැද්ද මොකක්ද?

    මම කියන්නෙ නැහැ මහින්ද තමයි ඡනාධිපතිකමට නියම සුදුස්සා කියල. නමුත් මම එකක් දන්නවා. එ් ඡේවීපී කාරයින්ට ඡනාධිපති වෙන්න බැහැ කියල. ඡනතාවට ඡනාධිපති තනතුර අහෝසිකරන්න ගායක් හැදිල තියනව කියල මට නම් පෙනෙන්නෙ නැහැ. මහින්ද නැවත ඡනාධිපති කරනවද රනිල් ඡනාධිපති කරනවද කියල ලගඑන චන්දයේදී ඡනතාව තීරනය කරාවී. සිංහල බෞද්ධයන්ගේ වගකීම වන්නේ බටහිර ගැති රූකඩ පරාඡය කිරීමයි.

    • 1
      0

      Banda and Avatars,

      “Individual Moslems may show splendid qualities, but the influence of the religion paralyzes the social development of those who follow it. No stronger retrograde force exists in the world.”

      In Islam, It is Religion, Bigotry, BUT NOT racism.

      Individual Sinhala Buddgists may show splendid qualities, but the influence of the Sinhala Buddhism as a religion in Rri Lanka religion paralyzes the social development of those who follow it, as they are under the hegemony of the Monks. No stronger retrograde force exists in the world.”
      Sru lanka, 1958, 1977, 1983, 2009, 2014 are all data in support of this Statement.

      In Sinhala Buddhism, It is Religion, Bigotry, AND racism, based on the lies and imagination of Monk Mahanama of Mahawansa notoriety.

      Why is it that there are hardly any Tamil Buddhists in Sri Lanka?

      However, Karl Marx Said, Religion is the Opium of the Masses. Racism is the Opium of the Masses too.

      In Sinhalese Buddhism, a double dose of opium, Buddhism and Racism is combined, by of Monk Mahamnama lies, to create a situation where the monks go berserk, and make the people go berserk too and commit murder.

      Buddhist Mobs Attack Muslims in Aluthgama, Sri Lanka | 15-06-2014

      https://www.youtube.com/watch?v=K1Nbbtz_mUc

  • 1
    0

    ඊළඟට කුමක් ද? මුස්ලිම් විරෝධී කෝලාහලවලට පසුවදනක්

    Mervin Silva Minister’s reply to BBS (Bodu Bala Sena – Muslim ladies’ Dress)

    https://www.youtube.com/watch?v=kaINKBg0cuE

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.