24 April, 2024

Blog

පාලක බල හවුලේ අර්බුධය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක්

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය සැබෑ දේශපාලන බල අරගලයක්ද නැතහොත් වසංගතය හමුවේ උග්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුධය කෙරෙන් ජනතා අවධානය වෙනතක හැරවීමේ අරමුණින් දැනුවත්ව අධ්‍යක්ෂණය කොට රඟ දක්වනු ලබන ප්‍රාසාංගික ගැටුමක්ද? එය බැසිල් පාර්ශවය විසින් ඉදිරිපත් කෙරෙමින් තිබෙන සංවර්ධනය පිළිබඳ ප්‍රවේශය සහ සිංහල බෞද්ධ ජාතිකවාදයේ සාම්ප්‍රදායික ඇගයුම් අතර ඇති වී තිබෙන දෘෂ්ටිවාදී ගැටුමක්ද? නොඑසේනම්, එය ඉන්දු-පැසිෆික් කලාපයේ නිර්මාණය වෙමින් පවතින මහා බලවතුන්ගේ භූ-දේශපාලනික ගැටුමක ස්වදේශීය ප්‍රකාශමාන වීමක්ද? වත්මනෙහි මෙරට දේශපාලන ක්‍රියාකාරීන් සහ විශ්ලේෂකයින් මෙම ගැටුම පිළිබඳව ඉදිරිපත් කරමින් සිටින තේරුම් කිරීම් ඉහත කී ප්‍රශ්න සඳහා ලබා දෙන වෙනස් සහ පරස්පර පිළිතුරු අතර දෝලනය වෙමින් පවතී.

මා මෙම ලිපියෙන් ප්‍රයත්න දරන්නේ විමල්-බැසිල් ගැටුම පිළිබඳව දැනට ඉදිරිපත් වී තිබෙන එකී තේරුම් කිරීම්වලට මග හැරී ගොස් තිබෙන පැතිමාන කිහිපයක් වෙත අවධානය යොමු කිරීමටය; එමගින්, එකී ගැටුමෙන් ප්‍රකාශයට පත්වෙමින් තිබෙන දේශපාලන ගම්‍යතා පිළිබඳ පුළුල් සහ සංකීර්ණ චිත්‍රයක් සම්පාදනය කිරීම සඳහා යම් තරමකින් හෝ දායක වීමය.

සරලමතික තේරුම් කිරීම්

පළමුව, විමල්-බැසිල් ගැටුම හුදෙක් පුද්ගල ගැටුමක් පමණක්ය යන සරල තේරුම් කිරීම මත පිහිටා එය සහමුලින්ම බැහැර කිරීම දැන් කොහෙත්ම යථාර්ථවාදී වන්නේ නැත. දැනටමත් ගැටුමේ නිරත දෙපාර්ශවය පැහැදිලිව හඳුනාගත හැකි පරිදි එකිනෙකින් වෙන් වෙමින් තිබේ. සිංහල බෞද්ධ ජනවාර්ගික-ජාතිකවාදී බුද්ධිමය කණ්ඩායම් විමල් පාර්ශ්වයේ ප්‍රධාන ප්‍රකාශකයින් බවට පත්ව තිබේ. ගෝඨාභය බල ව්‍යාපෘතිය තුළ ආන්තිකකරණයට ලක් වූ පැරණි වාමාංශික පක්ෂ සහ ශ්‍රීලනිපයේ කොටස්ද සිටින්නේ විමල් සමග බැව් පෙනේ. අනෙක් අතින්, බැසිල් පාර්ශ්වය සමන්විත වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ පටන් ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගුණු බැසිල්ගේ අනුග්‍රාහක දේශපාලන ජාලයට සම්බන්ධ පිරිස්වලිනි.

මේ දෙපිරිස අතර වන ගැටුම ජනතා අවධානය වෙනතක හරවා ජනතාව මං මුළාවට පත් කිරීමේ දැනුවත් කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්ය යන අදහස බොහෝ විට ඉදිරිපත් කරන්නේ රැඩිකල් වාමාංශික කණ්ඩායම් ය. නමුත්, එවන් කුමන්ත්‍රණකාරී අරමුණක් සඳහා වුවත් පාලක සන්ධානයේ අභ්‍යන්තර ආතතීන් නිර්මාණය කිරීම වනාහී සැබවින්ම ඉතාම ඉහළ දේශපාලන මිළක් නොවේද? වාමාංශික කුමන්ත්‍රණ න්‍යායේ අනෙක් ගැටළුව වන්නේ පාලක සන්ධානයේ අභ්‍යන්තර පරස්පරතා නොතකා හැරීමට එයින් මග පෑදීමයි; එමගින් පාලක බල හවුල පිළිබඳ සමජාතීය චිත්‍රයක් දකින්නට පෙළඹීමයි. මෙය ප්‍රති-හෙජමොනික දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල බරපතල වරද්දා ගැනීමකි.

දෙවනුව, මෙම ගැටුමින් ප්‍රකාශ වන්නේ බැසිල් අනුදකින ධනවාදී සංවර්ධන ප්‍රවේශයත් සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ජනවාර්ගික-ජාතිකවාදයත් (නැත්නම්, ඊනියා ජාතික චින්තනය) අතර දෘෂ්ටිවාදී අරගලයක් යැයි ගැනීමද එතරම්ම සරලමතිකය. ජාතිකවාදය හෝ ජාතික චින්තනයත් ධනවාදී සංවර්ධනයත් එකට ගමන් කළ නොහැකි දේ නොවේ. බැසිල්ගේ හෝ ගෝඨාභයගේ සංවර්ධන ප්‍රවේශය නලින් ද සිල්වාගේ හෝ ගුණදාස අමරසේකරගේ කෘතීන්වල එන ප්‍රවාද සමග අනුගත විය යුතු යැයි ජාතික චින්තනවාදීන් පවා කල්පනා නොකරනු ඇත. ඒ දෙක අතර පරස්පරතාවක් පවතී යැයි කිසිවෙකුත් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතුද නැත. ඔවුන් එය දැනටමත් දනී. නමුත්, ව්‍යවහාරිකව ඔවුන් දිගටම ගෝඨා-බැසිල් සංවර්ධන ප්‍රවේශයට සහාය දක්වයි. ඒ මන්ද?

දෘෂ්ටිවාදය පිළිබඳ ස්වකීය අනර්ඝ පැහැදිලි කිරීම්වලදී ස්ලේවෝයී ශිෂෙක් කදිමට පෙන්වා දී ඇති පරිදි, වත්මන් යුගයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේම නරුමවාදී ආකෘතියක් තුළය. “මා කරන්නේ කුමක්දැයි මම හොඳින්ම දනිමි; නමුත්, මම එය දිගටම කරමි” යන්න ඒ නරුමවාදී ආකෘතියේ අප්‍රකාශිත ආප්තෝපදේශයයි. ඉදින්, ජාතික චින්තනවාදය අදහන අයවළුන් පවා පිවිතුරු ජාතික චින්තනවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති කල, එවැන්නක් විවේචනය කිරීමට කාලය නාස්ති කිරීමෙන් ඇති පලය කුමක්ද? ඒ වෙනුවට අප කළ යුතුව ඇත්තේ අන්තෝනියෝ ග්‍රාම්ස්චි යෝජනා කළ පරිදි දෘෂ්ටිවාදයේ වැඩ බිම ව්‍යවහාරික ජීවිතය බැව් හඳුනා ගැනීමයි. (මාක්ස්වාදී බුද්ධිමය සම්ප්‍රදායේ විශිෂ්ට දායාදයක් වන්නේ දෘෂ්ටිවාදී මායාව පවතින්නේ ව්‍යවහාරික සමාජ ජීවිතය තුළ බව වටහාගෙන එය විචාරයට ලක් කිරීමය.)

ජනවාර්ගික ජාතිකවාදය සහ අනුග්‍රාහක දේශපාලනය

ඒ අනුව, දෘෂ්ටිවාදය ගවේෂණය කළ යුතුව ඇත්තේ මිනිසුන්ගේ ජීවිතවල පැවැත්මේ භෞතික කොන්දේසි සමග සම්බන්ධ වූවක් ලෙසය. නිදසුනක් ලෙස, රාජපක්ෂ පාලනයේ පළමු අදියර තුළ අප අත් දුටු පරිදි දකුණේ බොහොමයක් ජනයා තම අනුග්‍රාහක ජාලය සමග සම්බන්ධ කර ගන්නට රාජපක්ෂ බල-හවුල සමත් විය. සිංහල බෞද්ධ ජාතිකවාදය මෙකී අනුග්‍රාහක දේශපාලනය සමග අත් වැල් පටලාගෙන ගියේය. 1970 දශකයේ සිටම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුභ සාධක යාන්ත්‍රණයන් ක්‍රම ක්‍රමයෙන් අනුග්‍රාහක දේශපාලනයේ උපකරණ බවට පරිවර්තනය වී තිබුණේය යන පසුබිම තුළ මෙය වටහාගත යුතුය. මා මින් පෙර බොහෝ අවස්ථාවල පෙන්වා දී පරිදි මෙරට අනුග්‍රාහක දේශපාලනය ආයතනගත කිරීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් කරන ලද මෙහෙවර ඉමහත්ය. කෙටියෙන් කිව හොත්, රාජපක්ෂ පාලනය විසින් නියෝජනය වේ යැයි සලකනු ලබන ජාතිකවාදය මෙකී ආයතනගත අනුග්‍රාහක දේශපාලනයෙන් වෙන් කොට තේරුම් කිරීම ඉතාම උගහටය.

මෙරට පාලකයින් හට ජනවාර්ගික ජාතිකවාදයත් ඒ හා බැඳුණු අනුග්‍රාහක දේශපාලනයත් වුවමනා වන්නේ මන්ද යන ප්‍රශ්නයද මෙහිදී කෙටියෙන් හෝ විමසා බැලීම වැදගත්ය. නිදහසින් පසු ලාංකීය පාලකයින් මුහුණ දුන් අර්බුධයන් දෙකක් ඇසුරින් මා මින් ඉහත මේ කාරණය පැහැදිලි කොට ඇත්තෙමි. පළමු අර්බුධය නම්, ජනතාව මත තමන්ගේ නායකත්වය ස්ථාපිත කර ගැනීමට මෙරට පශ්චාත්-යටත් විජිත පාලකයින් ඓතිහාසිකව අසමත් වීමයි. එම අසමත්භාවයට විසඳුම වූයේ පාලකයින් බහුතර ජනවර්ගයේ සහ බහුතර ආගමික ප්‍රජාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම මගින් ඔවුනගේ සහයෝගය ලබා ගැනීමය. එසේ කිරීමේදී ජනවාර්ගික ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණියක් සමග කිසියම් සන්ධානයක් ගොඩ නගා ගැනීමට ඔවුනට සිදු විය. 1956 දී බණ්ඩාරනායක යටතේ සිදු වූයේ එයයි. මේ ඓතිහාසික කාරණය විසින් ලාංකීය දේශපාලනයේ ඉතාම වැදගත් සුවිශේෂකත්වයක්ද නිර්මාණය විය. එනම්, ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන්ට පාලක හවුලෙන් කිසියම් දුරස්තභාවයක් නොහොත් සාපේක්ෂ ස්වායත්තතාවක් පවත්වා ගත හැකි වීමයි. (දැන් විමල් වීරවංශ රඟන්නේ එම අවකාශය තුළය.)

මෙරට පාලක පන්තිය මුහුණ දුන් දෙවන වැදගත් අර්බුධය වූයේ 1977 සිට ක්‍රියාත්මක කරන ලද නව-ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සඳහා දෘෂ්ටිවාදීමය සුජාතභාවයක් ගොඩ නගා ගැනීමට ඔවුන් අසමත් වීමයි; ඒ සඳහා අවශ්‍ය ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක් නිර්මාණය කර ගැනීමට බොහෝ සේ ප්‍රමාද වීමයි. අසූව දශකයේ සිට ජනවාර්ගික යුද්ධයත් ඒ හා සම්බන්ධ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයත් මේ අර්බුධයෙන් ගොඩ ඒම සඳහා භාවිතා කෙරෙනු අපි දුටුවෙමු. එසේම, මේ සෑම සංධිස්ථානයකදීම ජනවාර්ගික ජාතිකවාදී පදනමක් මත අසමානව ක්‍රියාත්මක කෙරෙන අනුග්‍රාහක දේශපාලනයක් ද අවශ්‍ය විය. පැරණි වාමාංශයේ විශිෂ්ට ජයග්‍රහණයක් වූ රාජ්‍ය සුභසාධනය දක්ෂිණාංශික අනුග්‍රාහක දේශපාලනයේ උපකරණයක් බවට පරිවර්තනය වූයේ එසේය.

වීරවංශ මෙහෙයුම

හොඳයි. දැන් ඉහත විශ්ලේෂණය ඇසුරින් අපි වත්මන් විමල්-බැසිල් ගැටුම තේරුම් කිරීමට ප්‍රයත්න දරමු. විමල් වීරවංශ සහ ඔහුට සහාය දක්වන සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන් සාමාන්‍යයෙන් හඳුනා ගැනෙන්නේ මහින්ද රාජපක්ෂ වෙත වැඩි සමීපතාවක් දක්වන අයවළුන් වශයෙනි. නමුත්, ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට රැගෙන ඒමය. බැලූ බැල්මට යමෙකුට පෙනෙනු ඇත්තේ මේ ඉල්ලීමේ සැබෑ අරමුණ පොහොට්ටු පක්ෂය තුළ බැසිල් රාජපක්ෂගේ බලයට අභියෝග කිරීම බවයි. නමුත්, එසේ වීමට නම් ජනාධිපති ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ අතර පරස්පර බල අභිලාෂයන් පැවතිය යුතුය. දැනට නිරීක්ෂණය කළ හැකි පරිදි කිසියම් පරස්පර බල අභිලාෂයන් පැවතිය හැක්කේ නම්, ඒ ගෝඨාභය සහ මහින්ද අතර මිස ගෝඨාභය සහ බැසිල් අතර නොවේ. එසේනම්, පොහොට්ටු පක්ෂයේ නායකත්වය ජනාධිපතිවරයාට පැවරිය යුතු යැයි සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන් හඬ නගන්නේ ඇයි? අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සමීපතම ආගමික නායකයින් පවා එම ඉල්ලීම ඉහළට ඔසොවන්නේ ඇයි?

මගේ අදහස නම්, සැබවින්ම මෙම ජනවාර්ගික ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණිය පසුගිය ජනාධිපතිවරණයේ සිට මුහුණ දුන් කිසියම් භෞතික අභියෝගයක් සමග ඔවුනගේ වත්මන් ඉල්ලීම බැඳී තිබෙන බවයි. එනම්, ගෝඨාභය ජනාධිපතිවරයා වටා සංවිධානය වූ නව තාක්ෂණ-කළමනාකරණ (සහ මිලිටරිමය) බුද්ධිමය ශ්‍රේණියක් දැන් දේශපාලන විධායකයට වඩා සමීපව කටයුතු කිරීමය. මේ නව තත්ත්වය තුළ තමන් මෙරට දේශපාලන විධායකය සමග ගොඩ නගාගෙන සිටි සාම්ප්‍රදායික සම්බන්ධය දැන් දුරස්ව ගොස් තිබේ යැයි කල්පනා කරන ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදී බුද්ධිමය ස්ථරය දැන් විමල් වීරවංශ තම දේශපාලන ඒජන්තයා බවට පත් කොටගෙන ඇත. නමුත්, ඔවුනගේ ඉල්ලීම වන්නේ අන් කිසිවක් නොව ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ නායකත්වයට රැගෙන ඒමය. ඒ මන්දැයි වටහා ගැනීම අසීරු නොවේ. විධායකය වෙත ඔවුනට කළ හැකි බලපෑම වර්ධනය කර ගන්නට නම් විධායක බලැති ජනාධිපතිවරයා ඔවුනට වැඩි දෘෂ්ටිවාදීමය බලපෑමක් කළ හැකි කලාපයකට රැගෙන ආ යුතුය.

විමල් වීරවංශ යනු මෙකී මෙහෙයුම සඳහා භාවිතා කළ හැකි අගනාම දේශපාලන ඒජන්තවරයා ලෙස පෙනී යාම පුදුමයක් නොවේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    රටකට සුගතියක් වන්නේ.. දැන උගත් නායකයන් රටේ දේශපාලනය භාර ගත්තොත් පමනක් බව, ඕනැම රටකට ජාතියකට පැහැදිලි විය යුතුයි.. අපේ රටේ උනේ අනිත් පැත්ත… මිනිමරපු කුඩු ජාවරම් කරපු.. තමන්ගේ රටේ මිනිසුන්ගෙ බදු සල්ලි වලින් තම දූ දරුවන්ගේ සුක විහරනයට වැඩ කරපු… තිරිසන් බල්ලන් රජවේම නිසා අද මේ රට කෙල වේගෙන යන ආකරය දකින කොට අපිට දැන වයිරය කෙබන්දුද යන්න කිව යුතු නැත.. උන් රටේ දන කාපු එවුන් විතරක් නොව ලැජ්ජ නැතිව, රටේ දුප්පත් මිනිසුන්ගේ බදු වලින් එක තැන්ක සිට අනිත් තැනට හෙලිකොප්ටර් වලින් ගමනා ගමනක් යෙදෙන තිරිසන්නු.. මුලු රටේම ජනා මාධ්‍ය උන්ට ඕඑනව් විදියට බෙරයට අනුව නටන්න සූදනම් කර ඇති නිස, දුප්පත් බහුතරයට මේ වා වැටහෙන්න තව අවුරුදු 10 විතර යාවි… එනමුත් මේ රටේ මාධ්‍ය මාවිෆියාවට එරෙහිව කටයුතු කරන්න දැන්වත් මිනිසුන් එලිය ආයුතුයි. අද දෙරන වාගේ ආයතනයන් මේරටෙන් තුරන් වුව හොත, මේ රටට දැයට හොන්ද දෙයක් වේවි… මිනිසුන් අන්දන ඇන්දිල්ල ඉතාමත් පාහරයි…
    රටකට සුගතියක් වන්නේ.. දැන උගත් නායකයන් රටේ දේශපාලනය භාර ගත්තොත් පමනක් බව, ඕනැම රටකට ජාතියකට පැහැදිලි විය යුතුයි.. අපේ රටේ උනේ අනිත් පැත්ත… මිනිමරපු කුඩු ජාවරම් කරපු.. තමන්ගේ රටේ මිනිසුන්ගෙ බදු සල්ලි වලින් තම දූ දරුවන්ගේ සුක විහරනයට වැඩ කරපු… තිරිසන් බල්ලන් රජවේම නිසා අද මේ රට කෙල වේගෙන යන ආකරය දකින කොට අපිට දැන වයිරය කෙබන්දුද යන්න කිව යුතු නැත.. උන් රටේ දන කාපු එවුන් විතරක් නොව ලැජ්ජ නැතිව, රටේ දුප්පත් මිනිසුන්ගේ බදු වලින් එක තැන්ක සිට අනිත් තැනට හෙලිකොප්ටර් වලින් ගමනා ගමනක් යෙදෙන තිරිසන්නු.. මුලු රටේම ජනා මාධ්‍ය උන්ට ඕඑනව් විදියට බෙරයට අනුව නටන්න සූදනම් කර ඇති නිස, දුප්පත් බහුතරයට මේ වා වැටහෙන්න තව අවුරුදු 10 විතර යාවි… එනමුත් මේ රටේ මාධ්‍ය මාවිෆියාවට එරෙහිව කටයුතු කරන්න දැන්වත් මිනිසුන් එලිය ආයුතුයි. අද දෙරන වාගේ ආයතනයන් මේරටෙන් තුරන් වුව හොත, මේ රටට දැයට හොන්ද දෙයක් වේවි… මිනිසුන් අන්දන ඇන්දිල්ල ඉතාමත් පාහරයි…

    • 4
      0

      ශ්‍රී ලංකාවේ වර්තමාන ගැටළු සංකීර්ණයි. ඒවා සිවිල් යුද කටයුතුවලට වඩා සංකීර්ණ ය. රාජපක්ෂගේ දේශපාලනය, රට සහ ජාතිය විනාශ කර දැමුවේ, වෙන කිසිම නායකයෙක් සමස්ත සංවර්ධනය වෙමින් පවතින රටවල මෙතෙක් කර නොමැති ආකාරයට ය. කනගාටුදායක යථාර්ථය නම් මිනිස් පලිහවල් ගොඩනඟා ගැනීම සඳහා මිනිසුන් මොළ සේදීමයි. අතීතයේ පැවති කාලයට වඩා අද ග්‍රාමීය දරිද්‍රතාවයේ මට්ටම වර්ධනය වේ. ගෝටා-මාරා විසින් සිදු කරන ලද ඉහළ අපරාධ රාශියක් ප්‍රසිද්ධ රහසක් විය. කෙසේවෙතත්, ව්‍යාජ ප්‍රවෘත්ති මගින් ඡන්දදායකයින්ගේ නොහොබිනා මනස ඒ තරමටම විකෘති කිරීමට සමත් වූ අතර, ඔවුන්ට අනපේක්ෂිත ජනවරමක් ලැබුණි. රාජාක්ෂයන්ගේ නපුරු ක්‍රියාවන්ගේ ස්වභාවය කිසි විටෙකත් නතර නොවනු ඇත. මන්ද ඔවුන් බහුතරයක් මෝඩයන් ලෙස උපත ලබා ඇති බව ඔවුන් හොඳින් දන්නා බැවිනි. අනෙක් කාරණය නම්, ඔවුන් ප්‍රවර්ධනය කරන ඕනෑම අපරාධ ක්‍රියාවක් සිංහල බෞද්ධ භික්ෂූන් විසින් උත්ප්‍රේරණය කිරීමයි. සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා රටේ නීතියට ඉහළින් සිටිති. සංගා ඇඳුමින් සැරසී ඔවුන්ට ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම කළ හැකිය.

      • 4
        0

        රටක ජනාධිපතිවරයකු රටේ ග්‍රාමීය කොනවල් වෙත සංචාරය කරන්නේ නම්, ප්‍රවාහන හා සුරැකුම් වියදම් පමණක් ආර්ථිකය අද්දර පවතින රටකට දැරිය නොහැකි වනු ඇත. කෙසේ වෙතත්, වර්තමාන පිරිමින්, ඔවුන්ගේ බාහිර අරමුණු ඔවුන්ගේ හිස පිටුපස තබා ගනිමින්, ග්‍රාමීය ගම්මාන වෙත ඊනියා චාරිකා දිගටම කරගෙන යයි. ඒ අතරම, එකම මන්ත්‍රීවරුන්ගේ බදු විවිධ මන්ත්‍රීවරුන්ගේ නඩත්තු කටයුතු සඳහා සහ ඔවුන්ගේ වරප්‍රසාද අනවශ්‍ය ලෙස භාවිතා කරයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ ගෝටාබයා හට ශ්‍රී ලංකාව පිළිබඳ අවම දැනුමක් නොමැති බවයි. ට්‍රම්ප් ජනාධිපතිවරයෙකු ලෙස ඇමරිකානුවන් රට තුළත් ඉන් පිටතත් බෙදීමට සෑම උත්සාහයක්ම ගත්තේය. මුළු යුරෝපය මුළුමනින්ම ට්‍රම්ප්ට සහ ඔහුගේ වාචාලකමට විරුද්ධ විය. ඉතිහාසයේ වෙනත් කිසිදු නායකයෙකු ලෙස බගර් පරාජය කරන ලදි. කෙටි කාලයක් තුළ ගෝතබයා රාජපක්ෂේගේ ඉරණම එයම වේ. නමුත් මේ වතාවේ එය ජාතියට වඩා බෙහෙවින් වෙනස් වනු ඇත, මන්ද අද ඔවුන් වේගයෙන් වර්ධනය වන ජීවන වියදමට හසු වී ඇත. ඊට අමතරව, අර්බුදකාරී අර්බුදය නිසා ඔවුන්ගේ ජීවනෝපාය අද වන විට හෝ කපා දමා ඇත. ජනතාවගේ දුක්ගැනවිලි දිනෙන් දින තියුණු වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේදී එල්ල වන තර්ජනයත් සමඟම, බිඳවැටීමකින් තොරව ජාතියට සියලු බාධාවන්ට මුහුණ දීමට නොහැකි වනු ඇත. එබැවින් පෙර පැවති විශාල තර්ජනය රජය විසින් එකම ජාතියට වාර්තා කිරීමට වඩා විශාල ය. විශේෂ experts යන් විශ්වාස කරන්නේ, රජය පුනරාවර්තනය වන ආකාරයට යුද අපරාධ සිදු නොවූයේ නම්, ස්වාධීන අපරාධ පරීක්ෂණ පැවැත්වීමට රජය විරුද්ධ වන්නේ මන්ද යන්නයි. දකුණු අප්‍රිකාවට එවැනි පරීක්ෂණ පැවැත්විය හැකි නම්, ශ්‍රී ලංකාව එසේ නොවන්නේ මන්ද? තවත් කී වතාවක්, ශ්‍රී ලංකාවන්ට මේ පිළිබඳව බොරු පතුරුවමින් සිටිය හැකිද? අනෙක් කාරණය නම්, දකුණු ශ්‍රී ලංකාවේ කැරැල්ල 89 ක් තුළ අවම වශයෙන් තරුණයින් 33 000 කට වඩා මිය ගොස් ඇති බවට වාර්තා වී ඇති අතර, එසේ නම්, අවුරුදු 30 ක් පැරණි යුද්ධය ඇස්තමේන්තුගත ජීවිත හානිවලින් තොර බව සැහැල්ලු මොළයක් ඇති ඕනෑම කෙනෙකුට පිළිගත හැක්කේ කෙසේද? පශ්චාත් යුධ සමය තුළ, රාජපක්ෂයන්ගේ සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ සෘජු මැදිහත්වීමත් සමඟ, ශ්‍රී ලංකාව වාර්තාගත ඉහළ මානව හිමිකම් උල්ලං .නයන් ප්‍රවර්ධනය කළ බවට චෝදනා කෙරේ. මාධ්‍යවේදීන් අතුරුදහන් විය. තරුණයින්ට පහර දුන්නා. සිරකරුවන් වෙඩි තබා were ාතනය කරන ලදී. මේ සියල්ල පොදු රහසකි.

    • 2
      0

      තිරිසන්නු පිරුනු රටක් මේක.ගරු නම්බු නාමය ලබා දීල තිබෙන්නෙ, රට කාපු, රටේ මිනිසුන් මරපු, එනමුත් රටේ ඉන්න පින්ගොන්නු වැනි බහුතරයක් අනදපු, හිරගෙවල් වල දිගටම ගත කල යුතු, මැදමුලන පවුලේ තිරිසන්නු ටික්. ඊයේ අර චාමල් රාජපකහ්ස් කියන බූරුව කියනව, විරුද්ද පක්ශයේ අය එලියට පාර්ලිමේන්තුවෙන් එලියට ඇදල දැමිය යුතුයි ලු ::::
      .
      බලයට ඇවිදින් තියෙන්නෙ, පාස්කු බොම්බයේ මරගෙන මැරුන සහරාන්ට 2015 ට කලින් මාසිකව පඩි ගෙවපු බල්ලිගෙ පුතාල… අද උන් ප්රසිද්දියේ කියනවලු… ඔව අපි ගෙව්ව පඩි, මොකොටද ගෙව්වේ කියල මහින්ඩ රාජපකශෙ කියන්නෙ නැහැ.. මේ වා කොතරම් මුදල් නාස්ති කරල අහින්සක මිනිසුන් මරල දමන තැනට ගෙනවා පාදර බල්ලො මිසක්ක් වෙන කවුරුන්ත දෙවියනෙ… . මේ කොච්චර ඇත්ත තත්වයන් හෙලි වුනත්, රටේ ඉන්න ත්රිසන්නු ප්රමාන්ය බුද්දිමත් මිනිසුන්ට වඩා වැඩියි… ඒ නිසා… රාජපකශෙ වරුන්ගේ අසූචි වුනත් ගිලින එවුන් නිසා මේ රටේ ඉතා දුප්පත් මිනිස, සදා කාලිකවම එලෙස ජීවත් වෙනව…
      https://www.youtube.com/watch?v=hZpme4Rb23g

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.