1 July, 2022

Blog

ජීවිතයක් තියෙන රටක් – හදන අලුත් සම්මුතියක්

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

“අපිට ඕන අලුත් රටක්; ජීවිතයක් තියෙන රටක්.” මේ අරගල බිමේ තරුණ ක්‍රියාකාරීන් අතර රැව් නැගෙන සටන් පාඨයකි. ඔවුන් ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවකට හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඔබ්බෙන් යන දෙයකි. මේ දේශපාලන පණිවිඩය වටහා ගැනීමට අසමත් වන තාක් දුරට අපට වත්මන් නිමේෂයේ සුවිශේෂකත්වය ග්‍රහණය කර ගන්නටද නොහැකි වනු ඇත. දවසේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීමේදී පාර්ලිමේන්තුවාදී පක්ෂ දේශපාලනයට, මහා ප්‍රාග්ධනයට සහ වාණිජ මාධ්‍යවලට මෙතෙක් හිමිව තිබූ ආධිපත්‍ය මාස කිහිපයක් තිස්සේම ‘අරගල බිම’ විසින් අභියෝගයට ලක් කරනු ලැබීම වනාහී එසේ මෙසේ සංසිද්ධියක් නොවේ.

‘අරගල බිමේ’ එකී අභියෝගාත්මක බලය මේ වනවිට තරමක් ක්‍ෂය වී ගොස් තිබේය යන්න සැබෑය. ගාලු මුවදොර සහ මහනුවර අරගල බිම් වෙතට මැයි නමවනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වෘත්තීය සමිති එකතුවක් විසින් දියත් කරන ලද සමස්ත මහා වැඩ වර්ජනය හදිසියේ නතර කර දමනු ලැබීමත්, ඉනික්බිතිව සිදු වූ රනිලාගමනයත් නිසා දේශපාලන සංස්ථාපිතයට වාසිදායක ලෙසත් අරගල බිමට අවාසිදායක ලෙසත් බල තුලනය නැවත සැකසුණු බවද සැබෑය. දැන් ක්‍රියාත්මක වන සීතල මර්දනයේ මෙහෙයුම ආරම්භ වූයේ වැඩ වර්ජනය නතර කිරීමත් සමග නිර්මාණය වූ එම දේශපාලන හැරවුමේ ප්‍රතිපලයක් ලෙස බවද එතරම්ම සැබෑවකි.

නමුත්, තවමත් මෙරට දේශපාලනයේ වඩාත් තීරණාත්මක ගුරුත්ව කේන්ද්‍රය වන්නේ පාර්ලිමේන්තුවෙන් සහ විධායකයෙන් පිටත සිට ක්‍රියාත්මක වන ‘අරගල බිම’ නමැති අවකාශය බව පසුගියදා නැවත වරක් තහවුරු විය. ඒ, අරගල බිමේ අපේක්ෂාවන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බවට චෝදනා කරමින් සජබ සහ ජාජබ නියෝජිතයින් සතියක කාලයකට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණය දැනුම් දීම මගිනි. “අපි ජනතා අරගලය සමග සිට ගන්නවා” යැයි සජිත් ප්‍රේමදාස ආවේගාත්මකව පැවසීමෙන් පසුව අනුර කුමාර දිසානායක “පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත්ව තිබේය” යන අන්තරේ කැඳවුම්කරුගේ ප්‍රකාශය පුනරුච්ජාරණය කරන තරම් දුරට ගියේය. මෙතෙක් කලක් පාර්ලිමේන්තු දේශපාලනය කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් සිටි සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන්ගේ පැත්තෙන් මෙවන් තීන්දුවක් ප්‍රකාශයට පත් වීම ඉතාම සංකේතාත්මක සංසිද්ධියකි.

අලුත් දේශපාලන භාෂාවක අවශ්‍යතාව

මේ ආකාරයෙන් අරගල බිම ඉතාම බලපෑම් සහගත නව දේශපාලන පරිමණ්ඩලයක් ලෙසින් ගොඩ නැගෙමින් තිබුණද, තවමත් එයට තම අභිලාෂයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා නව දේශපාලන භාෂාවක් නිර්මාණය කර ගන්නට හැකිව තිබෙන බවක් නොපෙනේ. අරගල බිම තුළින් ඉදිරිපත් වන බොහෝ යෝජනා පවතින පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයේ රාමුව තුළම සිදු කෙරෙන කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලට සීමා වී තිබීමෙන් ගම්‍ය වන්නේ එයයි. මේ මොහොතේ අප සමාජයක් ලෙස මුහුණදෙමින් සිටින පැවැත්ම පිළිබඳ අනතුර හමුවේ එවන් ප්‍රතිසංස්කරණවල පවා වැදගත්කමක් තිබෙනවා විය හැකිය. නමුත්, වත්මන් අර්බුදයේ ව්‍යුහාත්මක ස්වභාවය දෙස බලන විට හුදෙක් පාර්ලිමේන්තුවාදී පක්ෂ දේශපාලනයේ රාමුවෙන් ඔබ්බට ගිය බරපතල සමාජ දේශපාලනික පරිවර්තනයක අවශ්‍යතාව අද පැන නැගී තිබෙන බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එම පරිවර්තනය තේරුම් කිරීමට වත්මනෙහි ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ ප්‍රචලිතව තිබෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, දූෂිත නොවන පක්ෂයක් බලයට ගෙන ඒම, ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීම වැනි පැරණි කතාන්තර සමත් වන්නේ නැත. ඒ වෙනුවට අද අරගල බිම විසින් අලුත් කතාන්දරයක් නොහොත් කතා ආඛ්‍යානයක් නිර්මාණය කරගත යුතුව තිබේ.

මගේ අදහස වන්නේ අප දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මතුපිට කතාන්දරයේ සිට ව්‍යවස්ථාව පදනම් වන්නේ යැයි සැලකෙන සමාජ සම්මුතිය පිළිබඳ වඩා මූලධාර්මික කතාන්දරයට මාරු විය යුතු බවයි. එසේම අලුත් ආණ්ඩුවක් පිළිබඳ ගතානුගතික කතාන්දරයේ සිට අලුත් ජනරජයක් පිළිබඳ රැඩිකල් කතාන්දරයට මාරු විය යුතු බවයි. මෙහිදී වත්මන් තීව්‍ර අර්බුදය තුළ අප විසින් කළ යුතුව ඇත්තේ වඩා ආසන්න, වඩා අනුභූතික සහ වඩා ප්‍රායෝගික දේ ගැන පමණක් කල්පනා කිරීමය යන ජනප්‍රිය ආප්තෝපදේශය මම පිළි නොගනිමි. එම ප්‍රවේශයේ ඇති ගැටළුව වන්නේ අපද අර්බුදයේම කොටසක් බවත් අපගේ ආසන්න විසඳුම් හුදෙක් අර්බුදයේම ප්‍රකාශනයක් විය හැකි බවත් නොතකා හැරීමයි. ඒ වෙනුවට, අර්බුදයේ තීව්‍රතාව විසින් සැබවින්ම අපගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අපගේ සමාජ පිළිවෙළ මෙතෙක් පදනම් වී තිබුණු භෞතික සහ සංකල්පීය කුළුණු වඩා ගැඹුරු, වඩා දාර්ශනික සහ වඩා මූලධාර්මික ලෙස නැවත විමසා බලන්නා වූ බුද්ධිමය ව්‍යායාමයක් විය නොහැකිද?

වත්මන් අර්බුදය සම්බන්ධයෙන් මෑත දිනෙක කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් කරන ලද ප්‍රධාන අවධාරණයක් වූයේද මෙයයි. බොහොමයක් තරුණ ශාස්ත්‍රඥයින් තමන් දැනටමත් අර්බුදය තේරුම් කොට තිබේ යැයිද අවශ්‍යව ඇත්තේ තම වියුක්ත විශ්ලේෂණයන් බාහිර සමාජයට සන්නිවේදනය කිරීමක් යැයිද පවසන විට පරිණත දේශපාලන විද්‍යාඥයා විමසා සිටියේ සැබවින්ම අර්බුදය කුමක්දැයි ශාස්ත්‍රීය ප්‍රජාව වටහාගෙන තිබේද යන්නයි. අර්බුද සමයක් යනු අප සමාජයේ මූලධාර්මික පදනම් නැවත පිරික්සා බැලීමට, විචාරයට ලක් කිරීමට සහ නව සමාජ පර්යායක් පරිකල්පනය කිරීමට ලැබෙන අවස්ථාවක් නොවේද? අප විශ්වවිද්‍යාල තුළ උගන්වන සමාජ සහ දේශපාලන න්‍යායන් සියල්ලක්ම පාහේ එවන් විචාරාත්මක බුද්ධිමය මැදිහත්වීම්වල ප්‍රතිපල නොවේද? ගැටළුව වන්නේ අප දේවල් අනවශ්‍ය තරම් වියුක්තව දැකීම නොව අවශ්‍ය තරම් වියුක්ත චින්තනමය ක්‍රියාකාරීත්වයන්හි යෙදීමට අසමත් වීම විය නොහැකිද? ඉහත විදර්ශනා ඇසුරු කරමින් මේ ලිපියේ ඉතිරි කොටස ප්‍රයත්න දරනු ඇත්තේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ වඩා ආසන්න සහ සංයුක්ත කතාන්දරයේ සිට නූතන ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රම පදනම් වන්නේ යැයි සැලකෙන වඩා ගැඹුරු සහ වියුක්ත කතාන්දරය නැවත විමසා බැලීමටය; ඒ අනුසාරයෙන් වත්මන් ලාංකීය අර්බුදය වටහා ගැනීමේ කිසියම් සංකල්පීය ප්‍රවේශයක් සකසා ගැනීමටය.

සමාජ සම්මුතියේ කතා ආඛ්‍යානය

නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පදනම් වන්නා වූ සමාජ ගිවිසුම නොහොත් සම්මුතිය පිළිබඳ කතා ආඛ්‍යානය අප දැන් කෙටියෙන් විමසා බලමු. එම කතා ආඛ්‍යානය බැලූ බැල්මට ප්‍රබන්ධයක් වුවත් එහි ඓතිහාසික අරුතක්ද තිබේ. ඩොන්නා හැරවේ පවසා ඇති පරිදි කතා ආඛ්‍යානයක් යනු හුදෙක් ප්‍රබන්ධයක් වන්නේ නැත; කරුණුවලට විරුද්ධ යමක් වන්නේද නැත. කතා ආඛ්‍යාන යනු කරුණු සහ ප්‍රබන්ධ එකට ගෙත්තම් කිරීමෙන් නිමැවෙන ඓතිහාසික වියමන් ය. සමාජ සම්මුති න්‍යාය අපට එවන් ඓතිහාසික වියමනක් වූ කතා ආඛ්‍යානයක් ලෙස සලකා බැලිය හැකිය.

සමාජ සම්මුති සම්ප්‍රදායේ වඩාත් වමට බර චින්තකයා වන රූසෝ වැඩි අවධානයක් යොමු කරන්නේ පාලකයා සහ පාලිතයා අතර මැතිවරණයකදී ඇති කරගනු ලබන සම්මුතියට නොවේ. එම සම්මුතියට එළැඹීම සඳහා අප පළමුවෙන් මැතිවරණ මගින්, එනම් බහුතර ජන්දයෙන් පාලකයින් තෝරා පත් කරගන්නා ක්‍රමය පොදුවේ පිළිගත යුතුය. එසේනම්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අප කිසියම් සම්මුතියක් ඇති කරගෙන තිබිය යුතුය. එම මූලික සම්මුතිය රූසෝට අනුව ප්‍රාරම්භක සම්මුතියකි (foundational contract). එවන් ප්‍රාරම්භක සම්මුතියක් නොතිබුණේ නම්, සුළුතරය විසින් බහුතරයේ තීරණය පිළිගනු ලැබිය යුත්තේ මන්දැයි ඔහු විමසයි. එපමණක් නොව, ඔහුට අනුව ජනතාව ජනතාවක් බවට පත් වන්නේ එම ප්‍රාරම්භක සම්මුතියට එළැඹීමේ ක්‍රියාව මගිනි. ප්‍රජාතාන්ත්‍රික සමාජයක මූලික පදනම වන්නේ එයයි. එසේම මැතිවරණවලදී අප ඒකමතික තීරණයකට පැමිණෙන්නේ නොමැති වුවත්, මැතිවරණ ක්‍රමයට අප සාමූහිකව එකඟ වූ ප්‍රාරම්භක අවස්ථාවේදී අප අතර ඒකමතිකත්වයක් තිබී ඇත. ඒ වනාහී අපගේ අනාගත දේශපාලන ක්‍රමය සකස් විය යුත්තේ කවර නම් වටිනාකම් පද්ධතියක් මතද යන ප්‍රශ්නය අරභයා ඇති කරගනු ලැබූ ඒකමතිකත්වයකි.

සමාජ සම්මුතිය පිළිබඳ කතා ආඛ්‍යානයේ ඓතිහාසික පැතිමානය සඳහා වැදගත් නිදසුනක් නම් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයයි. එයින් ප්‍රකාශ වන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුණු ඇමෙරිකානු ජනපදවල ජනතා නියෝජිතයින් ඔවුනගේ අනාගත පාලන ක්‍රමය හැඩ ගැසිය යුත්තේ කවර මූලධර්ම මතද යන කාරණය අරභයා ඇති කරගත් සම්මුතියකි. 1976 ජූලි 04 වනදා සම්මත කරගත් නිදහස් ප්‍රකාශනය වනාහී එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා මූලික වූ පදනම්මය ලියැවිල්ල ලෙස සැලකේ. තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම්පත් කරන ලද නිදහස් ප්‍රකාශනය ආරම්භ වන්නේ “සියලු මිනිසුන් සමානව නිමවනු ලැබ තිබේය” යන ප්‍රකාශයෙනි. එසේම මිනිසුන් සතුව ඇති ජීවිතය, නිදහස සහ සතුට අත්පත් කරගැනීම යන අයිතීන් කිසිවෙකුටත් ඔවුන්ගෙන් උදුරාගත නොහැකි යැයි එය තවදුරටත් පවසයි. කෙනෙකුට එක්සත් ජනපද දේශපාලන ක්‍රමය ගැන කොතෙකුත් විවේචන තිබුණද, එරට ‘සැබවින්ම පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ’ (really existing democracy) සීමාවන් ප්‍රශ්න කිරීමේදී මෙම ස්වාධීනතා ප්‍රකාශනයේ මූලධර්ම මත පදනම් විය හැකිය. නිදසුනක් ලෙස, ඇමෙරිකානු සිවිල් අයිතීන් ව්‍යාපාරයේදී සිදු වූයේ එයයි.

ලාංකීය යටත්විජිත අනෙකාගේ සම්මුතිය

ඉහත කී සමාජ සම්මුතියේ ඓතිහාසික පැතිමානය අනුව බැලූ විට ලාංකීය නූතන ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් අප ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් වන්නේ මෙයයි. මෙරට තුළ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමික ආයතන සහ ක්‍රියා පටිපාටීන් ස්ථාපිත වූයේ ස්වදේශිකයින් අතර ඇති වූ ප්‍රාරම්භක සම්මුතියක ප්‍රතිපලයක් ලෙසින්ද, නැතහොත් බ්‍රිතාන්‍ය තුළ ඇති වූ ප්‍රාරම්භක සම්මුතියක ප්‍රතිපලයක් ලෙසින්ද? සැබවින්ම ඉහත ප්‍රශ්නයට පිළිතුර වන්නේ දෙවැන්න බව පෙන්වා දීම අසීරු නැත.

මේ සඳහා ඇති හොඳම නිදසුන වන්නේ ලංකා විජිතයට සර්වජන ජන්ද බලය හඳුන්වා දීමේ සංසිද්ධියයි. ඩොනමෝර් කොමිසම විසින් මෙරටට සර්වජන ජන්ද බලය හඳුන්වා දෙනු ලබන විට ස්වදේශික නායකයින් රැසක්ම එයට විරුද්ධ වූ බව රහසක් නොවේ. ආරම්භයේ සිටම එයට පක්ෂව කතා කළේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමග සම්බන්ධයක් තිබූ ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.ඊ. ගුණසිංහ පමණි. ඊට අමතරව, ඒ වනවිට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබමින් සිටි ලාංකීය ශිෂ්‍ය කණ්ඩායමක්ද ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල ඇතැම් සීමාවන් ප්‍රශ්න කරන අතරම සර්වජන ජන්ද බලයට පක්ෂව කතා කොට තිබිණ. ඉන් වසර කිහිපයකට පසුව ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සමාරම්භක නායකයින් වූයේ ඔවුන්ය. කෙසේ වුවත්, සර්වජන ජන්ද බලය දිනා ගැනීම අරමුණු කොටගත් කුඩා සංවිධාන කිහිපයක් එකල පැන නැගුණද, එය කෙසේවත් පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූයේ නැත.

නමුත්, බ්‍රිතාන්‍ය තුළ නම් සර්වජන ජන්ද බලය සඳහා වූ ඉතාම ප්‍රබල සම්මුතියක් ඒ වනවිට නිර්මාණය වී තිබිණ. ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපාර දෙකක් 19 වන සියවසේ අගභාගයේ සිටම බ්‍රිතාන්‍ය තුළ වේගයෙන් වර්ධනය විය. ඒ ස්ත්‍රී ජන්ද බලය සඳහා වූ ව්‍යාපාරය සහ කම්කරුවන්ගේ ජන්ද බලය සඳහා වූ ව්‍යාපාරයයි. ආරම්භයේදී මෙම ව්‍යාපාර දෙක අතර එතරම් සම්බන්ධයක් නොතිබුණද, පසුව විශේෂයෙන්ම එමලීන් පෑන්ක්හර්ස්ට්ගේ නායකත්වයෙන් ස්ත්‍රී ව්‍යාපාරය සහ වාමාංශය අතර කිසියම් පාළමක් නිර්මාණය විය. මෙම බහුජන ව්‍යාපාරයන්හි ප්‍රතිපලයක් ලෙසින් පළමුව 1918 ජනතා නියෝජනය පිළිබඳ පණතින් කම්කරුවන්ට මුළුමනින්මත් ස්ත්‍රීන්ට සීමිත වශයෙනුත් ජන්ද බලය හිමි විය. ඉනුත් වසර දහයකට පසුව, එනම් 1928 දී සමාන ජන්ද බල පණතින් සර්ව-ස්ත්‍රී ජන්ද බලය ස්ථාපනය කෙරිණ.

ලංකාවට ඩොනමෝර් කොමිසම පැමිණෙන්නේ හරියටම මේ කාල පරිච්ජේදය තුළදීය. එහි ප්‍රධානියා වූ ඩොනමෝර් සාමිවරයා ස්ත්‍රීන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් වැඩ කළ අයෙකි. සෙසු සාමාජිකයින් වූ ද්‍රමන්ඩ් ශීල්ස් සහ ෆ්‍රාන්සස් බට්ලර් යන දෙදෙනාට වාමාංශික පසුබිමක් තිබිණ. මේ සියල්ලටමත් වඩා 1929 දී බලයට පත් රැම්සේ මැක්ඩොනල්ඩ්ගේ කම්කරු පක්ෂ ආණ්ඩුව යටත්විජිත තුළ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කිසියම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. යටත් විජිත භාර ලේකම් ලෙසින් පත් වූ සිඩ්නි වෙබ් බ්‍රිතාන්‍ය මධ්‍ය-වාමාංශික ෆේබියන් සමාජයේ සාමාජිකයෙකු විය. ඔහුට සමාජවාදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් පිළිබඳ සිහිනයක් තිබූ බවද කියැවේ!

ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වදේශිකකරණය

මේ අනුව, ස්වදේශිකව ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් හෝ අධිරාජ්‍ය විරෝධී බහුජන අරගලයක් සංවිධානය නොකළ ලාංකිකයා හට සර්වජන ජන්ද බලය ලැබෙන්නේ ලංකාව තුළ නොව බ්‍රිතාන්‍ය තුළ නිර්මාණය වූ ඓතිහාසික සමාජ සම්මුතියක ප්‍රතිපලයක් ලෙසිනි. නමුත්, එයින් කියැවෙන්නේ ලාංකික සමාජය හුදෙක් මෙසේ පිටතින් පැමිණි ප්‍රජාතාන්ත්‍රික රාමුව නිෂ්ක්‍රීයව භාර ගත් බව නොවේ. යටත් විජිතවැසියා යනු දේශපාලන ඒජන්සියක් නොමැති නිෂ්ක්‍රීය ග්‍රාහකයෙකු විය නොහැකිය. ඒ වෙනුවට අප පසුගිය සියවසකට ආසන්න කාල පරිච්ජේදයක් තුළ සිදු කොට තිබෙන්නේ නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය අපගේම ඇතැම් ස්වදේශික සම්මුතීන්ට අනුව නැවත නිර්වචනය කර ගැනීමය. එම ස්වදේශික සමාජ සම්මුතීන් අතර ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයත් අනුග්‍රාහක දේශපාලනයත් ප්‍රමුඛ තැනක් ගනී. 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පදනම් වී ඇත්තේ එකී ස්වදේශික සම්මුතීන් මතය. දෙවන සම්මුතිය ‘අනුග්‍රාහක නිදහස් වෙළඳපලවාදයක්’ සමගද සම්බන්ධය.

මගේ අදහස වන්නේ වත්මන් ජනතා අරගලය විසින් ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම පදනම් වූ සමාජ සම්මුතීන්හි කුළුණු දැඩි ප්‍රහාරයකට ලක් කරමින් තිබෙන බවයි. එබැවින්, පැරණි සමාජ සම්මුතීන් දැන් තවදුරටත් වලංගු වන්නේ නැත. ඒ වෙනුවට, නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ පළමු වරට ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම මත පදනම් වූ සමාජ සම්මුතියක් ගොඩ නංවා ගැනීමේ අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබේ. සැබෑ අරුතින් ජනරජයක් නිර්මාණය කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබේ. අද අපගේ බුද්ධිමය ශ්‍රමය වැය කළ යුතුව ඇත්තේ එම වියහැකියාව ඓතිහාසික ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහාය.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    “….මගේ අදහස වන්නේ අප දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මතුපිට කතාන්දරයේ සිට ව්‍යවස්ථාව පදනම් වන්නේ යැයි සැලකෙන සමාජ සම්මුතිය පිළිබඳ වඩා මූලධාර්මික කතාන්දරයට මාරු විය යුතු බවයි….”

    ඉහළින්ම එකඟයි !! මා හැමදාම කිව්වේ වසර 50ක් තිස්සේ කරන මේ දූෂිත ව්‍යවස්ථා සංශෝධන මගෝඩිය වහාම නැවැත්විය යුතුයි කියලයි! ඔය මගොඩියෙන් හැමදාම කළේ දූෂිත ආණ්ඩු තම පැවැත්මට කල් ගැනීමත්, ඒ වගේම දූෂිත ව්‍යවස්ථා නීතිඥයන් සහ ගන්ධබ්බ මහාචාර්ය වරුන් ලා ගේ මඩිය තර කර ගැනීමත් විතරයි! දැන් ඔය සංශෝධන 22 ක් විතර පහුගිය අවුරුදු 50 තුළ කරලා ලංකාවට හම්බු උනේ මොකද්ද? බන්ගලිදෙශයටත් වඩා පහල අන්තිම පතුලේ බංකොලොත් භාවය නෙවෙයිද?? ඇයි මේ මෝඩ හරක් ගේ ඇස් කවදාවත් ඇරෙන්නේ නැත්තේ??

    “…..එසේම අලුත් ආණ්ඩුවක් පිළිබඳ ගතානුගතික කතාන්දරයේ සිට අලුත් ජනරජයක් පිළිබඳ රැඩිකල් කතාන්දරයට මාරු විය යුතු බවයි….”

    ‘..අදහස නම් හොදයි…කරත්තේ තමා හයිය නැත්තේ..’ කියන ජන ප්‍රවාදය අහලා තියෙනවද?? කොහොමද මේ දූෂිත, කුපාඩි පාර්ලිමේන්තු ක්‍රමයෙන් ඔය කියන ‘රැඩිකල්’ ජනරජයට මාරු වෙන්නෙත් කියල ත් ලිවුවා නම් නේද වඩා හොඳ? ඩොනමෝර් කොමිසම විසින් මෙරටට සර්වජන ජන්ද බලය හඳුන්වා දුන් දා සිට අපේ මිනිසුන් වඳුරට දැලි පිහිය දුන්නා සේ නෙවෙයිද චන්දෙ පාවිච්චි කරලා තියෙන්නේ?? 1956 ඉඳන් කහ රෙදි පොරව ගත්ත තක්කඩියන් කොච්චර නම් අපේ මිනිසුන්ගේ දේශපාලනික පියවි මනස විනාශ කරලා තියෙනවද!! කුමන ආකාරයකින්වත් ජාතික සමගිය ඇති කරන්න ඔය කහකඩ තක්කඩියන් ඉඩ දෙනවද? නෑනේ?? ඉතිං මේ නාරා වලෙන් ගොඩ එන්න නම් හරිම අමාරුයි කියල තමයි මට නම් කියන්ට තියෙන්නේ.

  • 3
    0

    1/3…..”……ඒ වෙනුවට, අර්බුදයේ තීව්‍රතාව විසින් සැබවින්ම අපගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අපගේ සමාජ පිළිවෙළ මෙතෙක් පදනම් වී තිබුණු භෞතික සහ සංකල්පීය කුළුණු වඩා ගැඹුරු, වඩා දාර්ශනික සහ වඩා මූලධාර්මික ලෙස නැවත විමසා බලන්නා වූ බුද්ධිමය ව්‍යායාමයක් විය නොහැකිද?……”

    මා එයට පැහැදිළිවම එකඟයි! මොකද, අපි මේ ඔක්කොම හොඳටම පටලෝ ගෙන ඉන්න නිසා. 20 වන සියවසේදී ලාංකීය රාජ්‍ය පාලනය හෝ දේශපාලනය කියන භූමිකාවට පුරවැසි චන්ද බලය කියන ප්‍රජාතාන්ත්‍රික විප්ලවය ඇතුලත් වූ මුල් දිනයේ සිටම සිදු වූයේ ජාතිකත්වය හා ආගමික සංකල්ප රාජ්‍ය පාලනය සමඟ බරපතල ලෙස පටලා ගැනීමයි. වසර දහස් ගණනක් තිස්සේ රජුන් විසින් දාගැබ්, වෙහෙර, විහාර තනා බෞද්ධ ශාසනයට හා ‘සංඝ රත්නයට’ පූජා කිරීම රටේ පාලකයන් හා පාලිතයින් විසින් සැලකුවේ රජය විසින් කල යුතු ප්‍රධානතම කටයුත්තක් කියලයි. පාරම්පරිකව ලැබුණු රජකම නිසා ඒ කාල වකවානු වලදී එය ප්‍රශ්ණ කල යුතු නැති වුණාට, රටේ සියලු මහජනයාගේ චන්ද බලයෙන් පත් වන රජයකට එය එසේ කල නොහැකියි. චන්ද බලය මහජනතාවට ලැබෙන දියුණු ප්‍රජාතන්ත්‍රයක ජාතිය,ආගම කියන සංකල්ප සහ රාජ්‍ය පාලනය යන්න පැහැදිලි ලෙසම වෙන් විය යුත්තේ ඒ නිසයි. හැබැයි මෙය ලංකාවේ අද දින කල හැක්කක්ද? ඉතාම අසීරු බවයි මට හිතෙන්නේ. මම කියන්නම් ඇයි කියලා ඊ ළඟ කොටසේදී.

  • 3
    0

    2/3…..ලාංකීය ජානගත ලක්ෂණය නම් කේවල ජාතියක් ලෙස බහුජාතික, බහුවිධ සංස්කෘතීන් ඉවසීමට බැරි කමයි. ලංකාව සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් කඩඉම වන්නේ යුරෝපීය ආක්‍රමණයයි. දහස් වසර චෝළ සොළී ආක්‍රමණ හා රාජ්‍ය පාලන කාල වකවාණු වලට වඩා 1505 බටහිර ආක්‍රමණයෙන් පසු වසර 350ක් ගෙවුන තැන තිබු ලංකාව ඉතාම විෂම වීමයි. පරංගි, ලන්දේසි හා ඉංගිරිසින් යන ජාතීන් ට අමතරව ඔවුන් විසින් විවිධ කාලාන්තර වලදී සේවා සංක්‍රමණයට ඉඩ දුන් මුස්ලිම්, මලයාලි, තමිල්නාඩු ද්‍රවිඩ, ජා, මැලේ, චීන යනාදී විවිධ ජාතීන් වසර කීපයක් යන විටදී ලංකාව තම ඉස්තිර පදිංචිය ලෙස සැලකුවා. එය බහුජාතී ක්‍රමයකට හුරු වූ යුරෝපීයන්ට සාමාන්‍ය දෙයක් වුවද සිංහලයන්ට අතිශය ආගන්තුක දෙයක් උනා. ඉතින් විශාල බලකායක් සමග යුද වැදී රජ්ජුරුවෝ කේවල සොලීන් ඉන්දියාවටම පලවා හැරියා වගේ ලේසි දෙයක් නොවෙයි ජාතීන් දහයක් විතර එළවා දමන එක. ඉතින් සිංහලයන්ගේ මේ අසහන ගින්දරට ධර්මපාල, එස් මහින්ද වැන්නන් තව තවත් පෙට්රෝල් වත් කළා. 1948 න් පසු ඇවිලී ගිය බහුවිධ ජාතිවාදී ව්‍යසනයන් – සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ඇතුළුව , වලට මේ සියල්ල මූලික උනා. අද පවතින තත්වය ඊටත් දරුණුව, බෞද්ධාගම cult ආගමක් විදියට කුඩා දරුවාගේ ඉඳන්ම මනසට ඇතුල් කිරීම සිදු වෙලා ඉවරයි. ඔය social media වල තියෙන උන්මන්ත ජාතිවාදී ප්‍රතිචාර සටහන් ඒවායේ ප්‍රතිපලයි.

  • 3
    0

    3/3….අද බහුතරයක් සිංහල බෞද්ධයන් ගමන් කරන්නේ අර ඉරානයේ ඇෆ්ගනිස්ථානයේ වගේ අන්තවාදී ආගමික කාමයකට. අවිචාරවත් ආගමික වන්දනාවකට. ඉතින් එවැනි විකෘතියක් තුල සර්වජන චන්ද බලය වැනි දියුණු ප්‍රජාතාන්ත්‍රික මෙවළමක් කොහෙත්ම නිවැරදිව භාවිතා වෙන්නේ නෑ. Democracy escapes through the rear door when extremism enters the lounge. සමානාත්මවාදී (egalitarian) රටවල ජාතිය හෝ ආගම සමග පොදු පරිපාලන තන්ත්‍රය පෑහීමක් නෑ. ඒ කරුණ නිසි ලෙසම පිළිපදින නිසයි ලෝකයේ ප්‍රධාන සමානාත්මවාදී (egalitarian) රටවල ඉතා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම දක්නට ඇත්තේ. ඔබ කියනා ගැඹුරු දාර්ශනික මතවාද එම රටවල නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් වෙනවා. 4th estate කියා හඳුන්වන නිදහස් මාධ්‍ය ජාලයන් හැම මිනිත්තුවේදීම මෙහෙයවන්නේ මේ කාර්‍යයයි. ඒ රටවල අතිශය නිවහල් අධිකරණ පද්ධතියෙන් කරන්නේ ත් මේ කාර්‍යය නොකඩවා ම සාක්ෂාත් කර ගැනීමයි. ඉතින්, කොන්දේසි විරහිතව රෙදිත් නැතුව පාලකයන්ට කඩේ යන මාධ්‍ය සහ ලෝ ප්‍රසිද්ධ මිනීමරු හොර තක්කඩියන් නිදොස් කොට නිදහස් කරන නෛතික පද්ධතියක් හා අධිකරණයක් ඇති කර තියෙන අපේ රටේ මේ ප්‍රජාතාන්ත්‍රික භාවිතාව කෙසේ නම් නැවත පිහිටුවිය හැකිද? බහුතර වැසියන්ගේ සිත් වලින් ජාතිවාදී, ආගමික අන්තවාදී සිතුවිළි ඉවත් කළ හැක්කේ කෙසේද? යනාදී ප්‍රශ්නයි ඔබේ “….දාර්ශනික සහ වඩා මූලධාර්මික ලෙස නැවත විමසා බලන්නා වූ බුද්ධිමය ව්‍යායාමය ……” කෙරෙහි මතුවන ප්‍රධානතම අභියෝගයන් !!

    • 4
      0

      Part 1
      xxxමගේ අදහස නම් වත්මන් ජන අරගලය පහර එල්ල කරන්නේ මේ ව්‍යවස්ථා දෙක පදනම් වූ සමාජ සම්මුතියේ කුළුණුවලට බවයි.xxx
      —-
      දැනට ක්‍රියාත්මක වන “තරුණයේ අරගලය” හරහා අප ජනතාව දැනුවත් කළ යුතු බව වෙනත් විකල්පයක් නැත, “පැනි සිරප්” තොල ගාන්නට කීවා නම් මේ රටේ ප්‍රශ්නවල බරපතලකම ගැන මුළු මහජනතාවටම අවබෝධයක් නැත , වයෝවෘද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම ඊනියා වෘත්තීයවේදීන් ඒවා එකතු කිරීමට පෙළ ගැසෙනු ඇත. ඔවුන් JVP කාරයින් වේවා, වෙනත් අය වේවා එය ඒ ආකාරයෙන්ම අනුකරණය කරනු ඇත, “සාදු සාදු බලපෑම” පිටුපස මිනිසුන් රැඳී සිටිනු ඇත. කහ සුරතල් සතුන් කබලෙන් ලිපට දමා මේ සමාජය විනාශ කර ඇත. උසස් භික්ෂූන් වහන්සේලා සමාජයේ ඉහලින් සිටියත් ඒ ඔවුන්ගේ දැනුම නොමැතිකම නිසාමයි. ඒ හාමුදුරුවන්ගේ සාමාන්‍ය දැනුම පරීක්‍ෂා කරන්න කියලා මම ප්‍රසිද්ධ වේදිකාවකට අභියෝග කරනවා. ඔවුන්ට එරෙහිව තවත් ජාතියක් රැවටීම නැවැත්විය යුතු කාලය එළඹ ඇත. ස්වයං ප්‍රශංසා කිරීම්, ස්වයං ප්‍රශංසා කිරීම් – ගවේෂණාත්මක මාධ්‍යවේදීන්, ඔබ වෙත, ග්‍රාමසේවකයෙකුට වඩා පහත් අක්තපත්‍ර ඇති මිනිසෙකුට මග පෑදූ මහනාහිමිවරුන්ගේ සාමාන්‍ය දැනුම සොයා ගැනීමට මහජන වේදිකාවක් ඉල්ලා නොසිටින්නේ මන්ද?
      tbc

  • 4
    0

    Part 2
    xxxඑබැවින් පැරණි සමාජ සම්මුතීන් තවදුරටත් වලංගු නොවේ. ඒ වෙනුවට නිදහසින් පසු ලාංකේය ඉතිහාසයේ පළමු වතාවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පදනම් වූ සමාජ සම්මුතියක් ගොඩනැගීමේ අවස්ථාවක් දැන් උදාවී ඇත xxx.

    පුරවැසියන්ට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිරිනමන්නේ නම්, ඔවුන් මේ රටේ නීතිය හා සාමය අන් සියල්ලටම වඩා ඉහළින් තැබිය යුතුය. මෑතකදී ධනවතුන් බවට පත් වූ සියල්ලන්ම විගණන පරීක්ෂණයකට භාජනය කළ යුතු අතර එමඟින් නිවැරදි අය දූෂිත හා වංචාකාරී එකතු කරන්නන්ගෙන් බහුතරයක් සාධාරණීකරණය කළ යුතුය. මගේම අධ්‍යයනයන්ට අනුව, රාජාක්ෂ අපතයන්ගෙන් 95% ක් සිරගෙවල්වලට නියම කරනු ලබන බවට මට සැකයක් නැත.
    —-
    xxxසැබෑ අර්ථයෙන් ජනරජයක් නිර්මාණය කිරීමට ස්වර්ණමය අවස්ථාවක් තිබේxxx.


    ඇත්තෙන්ම ඔව්, …. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙන් නීති රීති ගැන අවදියෙන් සිටියහොත් මිනිසුන් වන අපට සාක්ෂාත් කරගත නොහැකි දෙයක් නැත… සංවර්ධිත ජාතීන්ට (බොහෝ දෙනෙකුට) අවශ්‍ය නොවන බව මම දැක ඇත්තෙමි. නීති කඩ කිරීම දැකීමට – නීති විරෝධී ක්‍රියාවන් නැවත නැවත කිරීම හෝ ඔවුන්ගේ ඇස් ඉදිරිපිට නැවත නැවත කිරීම. ඒ කියන්නේ නීති රීති ගැන අවදියෙන් ඉන්න පුරවැසියන් තමන් බවට පත් වෙනවා… නීත්‍යානුකූලව සහ නීති විරෝධීව ඩයකෝටෝමයිස් කරන්න… එතකොට මේ රටේ ඉපදෙන පරම්පරාවට ආදර්ශ සපයනවා. ඔවුන්ගේ අවට ජීවත් වන බල්ලන් සහ බළලුන් පවා දිගු හෝ වෙඩි තබා ඇති, පොහොසත් හෝ දුප්පත්, දූෂණයට සහ අපරාධවලට එරෙහිව පහර දෙන ඕනෑම අයෙකු විසින් සිදු කරන ඕනෑම විෂමතාවක් වෙන්කර හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට ඉගෙන ගනී. එය කාලීන අවශ්‍යතාවයයි… ඉහළ තීරණාත්මකයි…. නීතිය හා සාමය, මනුෂ්‍ය ජීවිතයේ ගරුත්වය ඉහළින්ම තබන යහපත් සමාජයකට මග පාදා දෙනු ඇත. අපේ බුදු රජාණන් වහන්සේ.

    tbc

  • 4
    0

    Part 3
    xxxඑම හැකියාව ඓතිහාසික ජයග‍්‍රහණයක් බවට පත් කිරීමට අද අප අපගේ බුද්ධිමය ශ‍්‍රමය වැය කළ යුතුය.xxx

    මෙය දිගු ක්‍රියාවලියකි, අපි ඊළඟ පැය ආරම්භ නොකළහොත් එය ප්‍රමාද වැඩියි, අපේ සමාජය අද වන විට ටහිටියානු හෝ සෝමාලියානු සමාජයකට සමාන වී ඇත. අපරාධකරුවන්ට පාලනය කිරීමට ජනවරම ලබා දී ඇති අතර, සියලු ශිෂ්ට සම්පන්න අය කොන් කරනු ලැබේ. සෑම වෘත්තීය කණ්ඩායමකම එහි විරුද්ධ පැත්තට වඩා අපරාධ හිතකාමී සහ දූෂණ මිතුරු කොටස් ඇත. එබැවින් එවැනි ස්වභාවයක් ඇති සමාජය ශිෂ්ට සම්පන්න සහ නීතිගරුක සමාජයක් බවට පත් කිරීම සෑම පුරවැසියෙකුටම නැවත සිතා බැලීමට හා විප්ලවයේ කොටස්කරුවන් වීමට බල කෙරෙන දැවැන්ත කාර්යයක් වනු ඇත.

  • 4
    0

    xx අදටත් මම විශ්වාස කරනවා, අඩුම තරමින් අපේ මිනිසුන්ගෙන් ඉතා සුළු කොටසක් සත්‍ය ඉදිරියේ ලැජ්ජයි…ඔවුන්ට සත්‍ය සහ අසත්‍යය අතර පැහැදිලි රේඛාවක් නොමැති නිසා පක්ෂග්‍රාහී දේශපාලකයෙකු විසින් මෙහෙයවනු ලබන මාධ්‍ය වංචාකාරයින් මිනිසුන්ට නිවැරදිව සිතන්නට ඉඩක් තබනු ඇත.
    xxx


    මැදපෙරදිග රටවල තිබෙන තෙල් උල්පත්වලට සමාන තෙල් උල්පත්වලින් අප සහ අපේ උතුරු පස සශ්‍රීක වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මෙය වයිරසයක් මෙන් පැතිර ගිය අතර හොඳ හේතුවක් නොමැතිව ජනතාව නොමඟ යවයි. නමුත් මිනිස්සු හිතුවේ ඒක අවස්ථාවක් වෙයි කියලා.

    tbc

  • 4
    0

    continuing.
    xx ජනතාවගේ මෝඩ මානසිකත්වය විකෘති කරමින් ඔවුන් ශ්‍රී ලාංකීය මාධ්‍ය වෙත ඉදිරිපත් කරන බොහෝ අමූලික බොරුවලින් එකකි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩාත්ම අපවාදාත්මක මිනිසා වන මහින්ද රාජපක්ෂ “අටමස්ථානය” නැරඹීමට යන අයුරු දැකගත හැකි විය.
    සහ අනෙකුත් බෞද්ධ හෝ හින්දු ස්ථාන”.. අද වන විට දුෂ්ට අපරාධකරුවන් විසින් දිව්‍ය බලවේග පවා බල රහිත කර ඇත.

    අද වන විට එය මහා බොරුවක් විය, නමුත් අද වන විට එකදු නිර්භීත මාධ්‍යවේදියෙකුවත් විශාල හා ගඳ ගසන කටක් ඇති පුද්ගලයාගෙන් ප්‍රශ්න කළේ නැත, එසේ නම් ඔහුට මැතිවරණ වේදිකාවක ප්‍රසිද්ධියේ එම මාතෘකාව ගැන හඬ නැගිය හැක්කේ මන්ද? එපමනක් නොව, ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍යයට එකතු කරන ලද තක්සේරු කළ නොහැකි බොරු ගොඩවල්, කෙසේ වෙතත්, ඒ සියල්ල අද වන විට හිස් බොරු ලෙස වාෂ්ප වී ඇත. නමුත් අපේ මිනිස්සු අදටත් හිස නමන්නේ මැලේච්ච රාජපක්ෂලා ඉදිරියේ ?

    . නමුත් ඔවුන් සුළුවෙන් තැකීමක් නොකරන බව පෙනේ… සමහර විට ඔවුන් “ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?) ප්‍රශ්න කරනු ඇත…. සමාජය පාලනය කරන රස්තියාදුකාරයන්ට සිවුරු පිටිපස්සේ සැඟවී සිටින මිල අඩු මිනිසුන් තම කුලියට ගත් නමුත් සිවුරු ඇඳගෙන පෙළ ගැසෙන්නට පාර කැපුවේය – දේදුන්නක් පිළිබඳ දැනුම පැපුවා නිව්ගිනියාවේ වෙසෙන ගෝත්‍රයකට වඩා දුරස් නොවන 70% කට අධික රැවටිලිකාර මිනිසුන් විසින් සිවුර පිළිගන්නා අතර ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් විසින් ගෙන යන දේ අනුකරණය කිරීමට පෙර ඔවුන් කිසි විටෙකත් දෙවරක් ප්‍රශ්න නොකරනු ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදාවත් සමඟ සුදු පැහැති පිරිත් නූල් “අඳුරු වයලට්” බවට පත් වූයේ කෙසේදැයි ඔබ දැක ඇති.අද ස්වභාවයේ ඉහළ තීරණාත්මක අවස්ථාවක සුසමාදර්ශී වෙනසකින් යුතුව තම චින්තන රටාව වෙනස් කිරීමට මිනිසුන් පුහුණු කළ යුතුය.
    xxx


    May god bless srilanka !

  • 4
    0

    එස්.ඩබ්ලිව්.ආර්.ඩී ඝාතකයාට එරෙහිව ශ්‍රී ලංකා අධිකරණය අධිචෝදනා ගොනු කළ / මැර භික්ෂුවක් විසින් ඝාතනය කරන ලදී.

    කෙසේ වෙතත්, ගණිකා මඩම් කණ්ඩායමක් තමන්ගේ පැවැත්ම සඳහා පාරේ මැරයන් කුලියට ගන්නවාක් මෙන් රාජපක්ෂලා එය එම මැර කල්ලි හා භික්ෂු සංඝ කණ්ඩායම් සමඟ ඉතා සමීපව හසුරුවා ගත්හ. ඔවුන් රාජ්‍ය ධනය අනිසි ලෙස යොදා ගනිමින් කණ්ඩායම් බලමුලු ගැන්වීම සඳහා යොදා ගත් අතර එය ඔවුන්ගේ කොඳු නාරටිය බවට පත් විය.
    .-
    කිසියම් භික්ෂුවක් රාජපක්ෂට සමීප නම් V8 මාදිලියේ අධි සුඛෝපභෝගී වාහන පිරිනමන ලදී. දිවයිනේ මුළු ජනගහනයම දරිද්‍රතා රේඛාව යටතේ ජීවත් වේ – කෙසේ වෙතත්, ඔවුන් සාමාන්‍ය මනස විකෘති කිරීම සඳහා එම සංඛ්‍යා සඟවා ඔවුන්ගේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කළහ … අද සියල්ල එළිදරව් වෙමින් පවතී.

    tbc

    • 4
      0

      xxxxx
      අදත් ශ්‍රී ලංකාවේ උගත් විනිශ්චයකාරවරුන් ඉදිරිපත් වී කඩුව අතට ගෙන රාජපක්ෂලා සහ ඔවුන්ගේ වහල් ගෑනුන් විසින් අද ගන්නා බව කියන ධනය පිළිබඳ සැකයෙන් මේ ජාතිය පැහැදිලි වන්නේ මන්දැයි මට සිතේ. තොරතුරු තාක්‍ෂණයේ පවතින මෙවලම් ආධාරයෙන්, බලධාරීන්ට සති කිහිපයක් ඇතුළත සැක දුරු කළ හැකි නමුත්, තුවාලය සුවවීම වසරින් වසර පුළුල් වුවද, ඔවුන් අපරාධකරුවන් පිටුපසින් සිටිති. ඔවුන් ශ්‍රී ලංකාවේ දූෂණ හා අපරාධ ක්‍රියාකාරකම්වල කොටස්කරුවන් බවට මා චෝදනා කරන්නේ එබැවිනි.
      ඒ ආකාරයෙන්ම, වෙනත් වචන වලින් කිවහොත්, වෘත්තිකයන්, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට නිපදවූ නමුත්, ඔවුන් රාජ්‍ය කොල්ලකරුවන් පිටුපස සිට ගැනීමට ද? මේ රටේ දූෂිත කණ්ඩායම්වලට වඩා දූෂිත කණ්ඩායම්වල ප්‍රමාණය බොහෝ වැඩි නිසා JVP කාරයන් හෝ වෙනත් අය මේ ජාතිය බේරා ගනීවිද කියා මම දන්නේ නැහැ.

      ඔවුන්ගෙන් කිසිවෙක් කිසිදු ආකාරයක ජාතික විගණනයකට ලක් නොවීය ??????
      ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ දේශපාලන පෙළපාළිවලට වඩා ඉහළින් තබා බෞද්ධ ව්‍යාපාර ඔවුන්ගේ ප්‍රසාදය සඳහා ගොඩනඟා ගැනීමට ඉඩ හැරියහ. ඝණසාර හිමි නමක් මේ රටේ සුළුතර මුස්ලිම් හා දෙමළ ජනයාට එරෙහිව වෛරය පිරුණු ගඳ ගසා එය කළු සුදු බව ඔප්පු කළේය.

  • 3
    0

    1 කොටස
    එස්ඩබ්ලිව්ආර්ඩීගේ ඝාතකයා හිටපු අගමැති බණ්ඩාරනායක මැර භික්ෂුවක් විසින් ඝාතනය කරන ලද්දේ ශ්‍රී ලංකා අධිකරණය පසුව අධිචෝදනා ගොනු කළේය.

    එවැනි අපරාධ ක්‍රියාවන් මගින් ඔවුන් තම දක්ෂතා මොනවාදැයි ඔප්පු කළහ. ඉතින් අපිට ජාතියේ පින්වත් ස්වාමීන් වහන්සේලා හිටියා නම් බුදුගම හාමුදුරුවෝ එක්ක වෙන න්‍යාය පත්‍ර තියෙන දේශපාලන තක්කඩියන්ට අවවාද කරන්න තිබුණා. අද මට, ආපසු හැරී බලන විට, සමස්ත බෞද්ධ පැහැදිලිකම වැරදියි.. සහ සැක සහිතයි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතළොස්සක් පමණයි, නමුත් ඔවුන්ට දේශපාලනය ගැන වැඩක් නැහැ, නමුත් ධර්මය.
    අද සමහර භික්ෂූන් වහන්සේලා කැමරා ඉදිරියේ හැසිරෙන්නේ ගිහියන් ලෙසයි. ඔවුන් සංඝාවාසයට ඇතුළු වූයේ කුමන අරමුණකින්ද යන්න මට වඩා ප්‍රහේලිකාවකි. කොස් ඇට කන එක කැමරා ඇසට සෝෆා ගිහි මිනිස්සු පෙන්නුවත් සමන්ත බඩ්ඩ වඳුරෙක් වගේ කරනවා, කන්න ගිහින් මිනිස්සුන්ට ගෙඩි රස බෙදා දෙනවා… පොඩි හාමුදුරු කෙනෙක් නම් මේකයි. පිළිගත හැකි නමුත් ඔහු එසේ නොවේ. ගිහියෙක් විදියට මෙහෙවර කරගෙන ගියාට කමක් නෑ එහෙම කළා නම් සිවුරු පොරවාගෙන.. අදටත්..
    .
    ඒක නිසාම මම අද කිසිම බුද්ධාගම භික්ෂුවක් ඉදිරියේ දණින් වැටෙන්නේ නැහැ, මහනායක හිමිවරුන්ටවත්.

    කෙසේ වෙතත්, ගණිකා මඩම් කණ්ඩායමක් තමන්ගේ පැවැත්ම සඳහා පාරේ මැරයන් කුලියට ගන්නවාක් මෙන් රාජපක්ෂලා එය එම මැර කල්ලි හා භික්ෂු සංඝ කණ්ඩායම් සමඟ ඉතා සමීපව හසුරුවා ගත්හ. ඔවුන් රාජ්‍ය ධනය අනිසි ලෙස යොදා ගනිමින් කණ්ඩායම් බලමුලු ගැන්වීම සඳහා යොදා ගත් අතර එය ඔවුන්ගේ කොඳු නාරටිය බවට පත් විය.
    .-
    කිසියම් භික්ෂුවක් රාජපක්ෂට සමීප නම් V8 මාදිලියේ අධි සුඛෝපභෝගී වාහන පිරිනමන ලදී. මහින්ද බල්ලා කිසිදා ප්‍රශ්නය තීරණය කිරීමට පසුබට නොවී, වියදම් කර පරිත්‍යාග කළේ තමන්ගේම සාක්කුවෙන් නම්.
    දිවයිනේ මුළු ජනගහනයම දරිද්‍රතා රේඛාව යටතේ ජීවත් වේ – කෙසේ වෙතත්, ඔවුන් සාමාන්‍ය මනස විකෘති කිරීම සඳහා එම සංඛ්‍යා සඟවා ඔවුන්ගේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කළහ … අද සියල්ල එළිදරව් වෙමින් පවතී.
    අදත් ශ්‍රී ලංකාවේ උගත් විනිශ්චයකාරවරුන් ඉදිරිපත් වී කඩුව අතට ගෙන රාජපක්ෂලා සහ ඔවුන්ගේ වහල් ගෑනුන් විසින් අද ගන්නා බව කියන ධනය පිළිබඳ සැකයෙන් මේ ජාතිය පැහැදිලි වන්නේ මන්දැයි මට සිතේ. තොරතුරු තාක්‍ෂණයේ පවතින මෙවලම් ආධාරයෙන්, බලධාරීන්ට සති කිහිපයක් ඇතුළත සැක දුරු කළ හැකි නමුත්, තුවාලය සුවවීම වසරින් වසර පුළුල් වුවද, ඔවුන් අපරාධකරුවන් පිටුපසින් සිටිති. ඔවුන් ශ්‍රී ලංකාවේ දූෂණ හා අපරාධ ක්‍රියාකාරකම්වල කොටස්කරුවන් බවට මා චෝදනා කරන්නේ එබැවිනි.

    tbc

  • 2
    0

    2 කොටස

    ඒ ආකාරයෙන්ම, වෙනත් වචන වලින් කිවහොත්, වෘත්තිකයන්, ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට නිපදවූ නමුත්, ඔවුන් රාජ්‍ය කොල්ලකරුවන් පිටුපස සිට ගැනීමට ද? මේ රටේ දූෂිත කණ්ඩායම්වලට වඩා දූෂිත කණ්ඩායම්වල ප්‍රමාණය බොහෝ වැඩි නිසා JVP කාරයන් හෝ වෙනත් අය මේ ජාතිය බේරා ගනීවිද කියා මම දන්නේ නැහැ.

    ඔවුන්ගෙන් කිසිවෙක් කිසිදු ආකාරයක ජාතික විගණනයකට ලක් නොවීය ??????
    ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ දේශපාලන පෙළපාළිවලට වඩා ඉහළින් තබා බෞද්ධ ව්‍යාපාර ඔවුන්ගේ ප්‍රසාදය සඳහා ගොඩනඟා ගැනීමට ඉඩ හැරියේය.

    සංගා ජීවිතයට අවතීර්ණ නොවුණා නම් ඝණසාර අද වන විට උසස් පෙළේ පාතාලයෙක් වන්නට තිබුණා. කෙසේ වෙතත්, භික්ෂුවක් හෝ දේශපාලකයෙක්, මැදමුලන රස්තියාදුකාරයන් සමඟ සමීපව සිටීම, දූෂණයට ලක් වූ කුඩා දැරියකට පවා “මෘදු තාලයේ” කවිබණකින් මිනිසුන්ට සලකන්නේ නම්; අපේ මෝඩයන් ඕනෑම දෙයක් අමතක කර සමාව දෙනු ඇත.
    මට නම්, ඝණසාර හෝ ඒ වගේ මහා අපරාධකාරයන්, සංඝ ඇඳුමෙන් හෝ වෙනයම් ඇඳුමකින් ඔතා ගත්තත්, සදාකාලිකව හිරගෙදරට දැමිය යුතුයි.
    ඔවුන්ගේ දඩුවම් ගිහි අපරාධකරුවන්ට වඩා වෙනස් නොවිය යුතුය, මන්ද ඔවුන් මිනිසුන්ගේ ආහාර වේල, නවාතැන්, අධ්‍යාපනය සහ සෑම දෙයකටම මිනිසුන් රවටා ගන්නා බැවිනි.

  • 2
    0

    චම්පා,

    ඔබගේ බොහෝ අදහස් අවධානයෙන් බැහැර වුවද, ඔබගේ සමහර අදහස් අව්‍යාජ කරුණු වලින් පිරී ඇති බව මම සලකමි (” නේටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම සහ රුසියාවේ භීතිය – හෝ ඊට එරෙහිව ඔබ එකතු කළ ඒවා වැනි).

    ඔබ අද ඔබේ සන්ගෝටයන්ට/රාජපක්ෂට තරමක් විරුද්ධයි. අද වීරවංශ තවදුරටත් ඔහුගේම ප්‍රශ්න ඔබ සමඟ බෙදා නොගන්නවා විය හැක. කෙසේ වෙතත් බහුතර වහල් සිංහල බෞද්ධයන් දක්වා ඇති පරිදි ඔබ ඇතුළු පිරිස මැදමූලන සතුන් සමඟ බෙහෙවින් සම්බන්ධ වූ ආකාරය ප්‍රසිද්ධ රහසක් විය.
    .
    ඔබ පිළිබඳ කරුණු මෙය වීමත් සමඟ, මෑත කාලීන බොහෝ අපරාධකරුවන් සම්බන්ධයෙන් – මට ඔබෙන් කරුණු කිහිපයක් ලබා ගත හැකි නම්, මම ස්තූතිවන්ත වන්නට කැමැත්තෙමි.

    මට පෙනෙන පරිදි, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැර වෙන කිසිවෙකු රට විනාශ කළේ නැත. රාජපක්ෂලා සහ ඔවුන්ගේ ව්‍යාපාරිකයන් විසින් ශක්තිමත් කරන ලද බලවත්ම මාෆියා දැල එයයි. අපේ රටේ අපායේ පාලනය කරන මාධ්‍ය මාෆියාවට වඩා මීගමුවේ සහ පොළව යට කොළඹ කුඩු මාෆියාව ඉතා පහත් ය.

    උදයංග වීරතුංග සහ ඔහුගේ අධ්‍යාපන කටයුතු මේ දිනවල මගේ අවධානයට ලක්වන එකක්. . සමහර රුසියානු-යුරෝපීයයන් මේ මිනිසා ගැන මෑතකදී මගෙන් ප්‍රශ්න කළා. ඒකයි මට ඒවා ඔයාගෙන් ගන්න හිතුනේ.
    :
    කරුණාකර ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ සත්‍යයන් පිළිබඳව ඔබට කිසියම් අදහසක් තිබේද? ඔහු ව්‍යාපාරිකයෙකු බව පැවසේ, නමුත් බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වන්නේ ඔහුගේ උපසර්ගය සමඟ – ආචාර්ය ?

    https://en.wikipedia.org/wiki/Udayanga_Weeratunga

    tbc

  • 2
    0

    ලංකාවේ ප්‍රධාන පුවත්පත් අද සමාජ මාධ්‍යවලට වඩා වෙනස් ලෙස හැසිරෙන්නේ ඇයි?

    ඕනෑම ආරංචියක් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රවෘත්ති බවට පත්විය හැකි බව අපි හොඳින් දනිමු. නමුත් රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය සමහර මාධ්‍ය ආචාර ධර්ම වලට අනුකූල විය යුතුයි. අවාසනාවකට, රාජපක්ෂලා මෙතරම් කාලයක් බලයේ සිටියත් / හෝ සජීවීව සිටියත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහජනතාව ගැන එතරම් තැකීමක් නොකර ඔවුන්ගේ පැත්ත ගන්නේ නැත.

    ඒ පිටුපස සිටින්නේ කවුද? එය රාජපක්ෂලාගේ කටහඬ නොවේද? මේක මේ රටේ මිනිස්සු සම්පූර්ණයෙන්ම අත්හැරලා දාපු ප්‍රදේශයක්.

    අද වන විට මේ රටේ සත්‍ය සහ අසත්‍ය අතර පැහැදිලි රේඛාව කුමක්ද? සමහර අපරාධකරුවන්ගේ ජීවිතය සඳහා මිනිසුන් අන්ත මෝඩයන් බවට පත් කර ඇත.

    මම ඇත්තටම හීන මැව්වේ අලහපෙරුම කියන හිටපු මාධ්‍ය ඇමතිතුමාට මාධ්‍යයට ජීවයක් දෙන හොඳ වැඩක් කරන්න පුළුවන් කියලා, නමුත් එතුමාගේ හිටපු හැමෝගෙම ක්‍රමය අසාර්ථකයි. ඔහු කරුණු අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. යුරෝපීය රටවල් තම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හසුරුවන්නේ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමෙන් නම්, සංවර්ධනය වෙමින් පවතින රටවල් නොවන්නේ මන්ද? රූපවාහිනී නාලිකා අමූලික බොරු පතුරුවා හරියි… එමඟින් ඔවුන්ගේ වැටුප් හිමියන්ට වාසිදායක ලෙස අස්වැන්න නෙළා ගත හැකිය. ඔවුන්ගේ පුනරාගමනයට එරෙහිව මාධ්‍ය පෙනී සිටියේ නම්, රාජපක්ෂට කවදා හෝ අවස්ථාවක් ලැබේවිද?
    campā,

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.