18 September, 2024

Blog

“ජනතාවට ඕන පුකක්, පාලකයින්ට ප්‍රීති වෙසක්!”

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ “දැන් අපි වැඩට යමු…ඒ අතර තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනිමු” කියාය. බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ කීවේ “බ්‍රසීලියානුවන් වසංගතයට මුහුණ දෙන්නේ කුඩා දරුවන් ලෙසින් නොව වැඩිහිටියන් ලෙසින්” කියාය. මෙහි සරල තේරුම මෙයයි; රාජ්‍යය තවදුරටත් ජනතාවගේ ආරක්ෂාව ගැන වග කියන්නේ නැත. ආරක්ෂාව යන්නට ආර්ථික ආරක්ෂාවද ඇතුළත්ය. ජනතාව කෙසේ හෝ කා බී වසංගතයෙන්ද බේරී තම ජීවිකාව සලසාගත යුතුය. වසංගතය පැතිරී යන්නේ නම් එහි වගකීමද භාරගත යුත්තේ ජනතාවයි.

වසංගත සමුච්චනය

ජනතාව වැඩට යා යුතු යැයි ට්‍රම්ප් පැවසුවේ කුමක් නිසාද? ආර්ථිකය පවත්වාගෙන යා යුතු නිසාය. සැබවින්ම වසංගතය සමග ලෝකයේ ආර්ථිකය පවත්වාගෙන ගියේය. ඒ කෙසේදැයි අපි මදක් විමසා බලමු. Bloomberg ආයතනයේ ගණන් බැලීම් අනුව, 2020 වසරේදී ටෙස්ලා සමාගමේ එලන් මස්ක් ඩොලර් බිලියන 140 ක ධනයක් උපයා තිබේ. ඇමසෝන් සමාගමේ ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 72ක් උපයා තිබේ. නොන්ෆු ස්ප්‍රින්ග් සමාගමේ ෂොන් ෂන්ශාන් බිලියන 62ක් උපයා තිබේ. පසුගිය වසර තුළදී ලොව ඉහළම බිලියනපතියන් දස දෙනාගේ ආදායම සමස්තයක් ලෙස ඩොලර් බිලියන 319 කින් වර්ධනය වී තිබේ. ඒ මුදල ලෝකයේ ජනගහණයෙන් අති බහුතරයකට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් වේ.

ඒ අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගණන් බැලීම් අනුව, වසංගතයෙන් වඩාත්ම බැට කන රැකියාවල නිරත වන පිරිස මිලියන 600ක් පමණ වේ. එයින් බහුතරයක් ස්ත්‍රීන්, ජනවාර්ගික සුළුතර කොටස්, සංක්‍රමණිකයන්, නුපුහුණු ශ්‍රමිකයන් සහ තරුණ තරුණියන් ය. ලොව පුරා අවිධිමත් අංශවල නිසි සමාජ ආරක්ෂණ ඉඩ ප්‍රස්තා නොමැතිව සේවය කරන ජනතාව බිලියන දෙකක් පමණ වේ. ලෝක බැංකු පුරෝකථනය අනුව, 2022 වර්ෂය වන විට ලෝකයේ තවත් මිලියන 150 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවට පත් වනු ඇත. කොරෝනා වසංගතය හමුවේ ආදායම් විසමතාවේ වර්ධනය අන් කිසිදු ආර්ථික අර්බුධයකදී සිදු වූවාට වඩා තියුණු යැයි පවසන්නේ අන් කිසිවෙකුත් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඒ සමගම ධනවත් රටවල් හා දුගී රටවල් අතර විසමතාවද අන් කවර කලෙකවත් නොවූ තරමින් වර්ධනය වනු ඇතැයි කියන්නේ අන් කිසිවෙකුත් නොව ජෝසෆ් ස්ටිග්ලිට්ස් ය.

අප රටේ තත්ත්වයද මේ රටාවෙන් වෙනස් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක් මෑත කාලයේ ඉහළම ආදායම් වාර්තා කොට ඇත්තේ කොරෝනා වසංගත සමය තුළදීය. දිහාන් උඩුගම්පොල විසින් කරන ලද පර්යේෂණයකට අනුව, 2020 වසරේ අවසන් මාස නමය තුළදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ධනවත් සමාගම් නමයක සමස්ත ආදායම රුපියල් බිලියන 861 කින් ඉහළ ගොස් තිබේ. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග් හි ආදායමේ වර්ධනය 2019 වසරට සාපේක්ෂව 80% ඉක්මවයි. 2020 නොවැම්බර් 15 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි, එම වසරේ මුල් මාස හය ඇතුළතදී හේලීස් සමාගම රුපියල් බිලියන 5.5 ක ආදායමක් වර්ධනය කරගෙන තිබේ. එය එම සමාගමේ ඉතිහාසය තුළ වාර්තාගත ඉහළම වර්ධනය ලෙස සැලකේ. ඇතැම් සමාගම් වසංගතයෙන් පහර කෑමට ලක්ව ඇති බව සැබෑය. නමුත්, එක් අතකින් රාජ්‍යය විසින් බදු සහන ඇතුළු කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති මගින් රැකවරණ හිමිවන්නේ එවන් සමාගම්වලටය. අනෙක් අතින්, මහජන සෞඛ්‍යය දෙවැනි කොට ආර්ථික යන්ත්‍රය පවත්වාගත යුතුය යන අධිපති දෘෂ්ටිය වැඩ කරන්නේත් ඔවුන්ගේ රැකවරණය වෙනුවෙනි.

පන්ති දේශපාලනය සහ සෝදිසි ධනවාදය

මෙයින් පෙනී යන්නේ කුමක්ද? “වසංගතය වසන්තයක් වූ පන්තිය” සහ “වසංගතය ව්‍යසනයක් වූ පන්තිය” අතර පරතරය එන්ට එන්ටම වර්ධනය වෙමින් පවතින බවයි. මේ නිමේෂය තුළ ජනතාව යනු වසංගතය ව්‍යසනයක් වූ පන්තියයි. 2011 වර්ෂයේදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පැන නැගුණු වීදි අත්පත් කරගැනීමේ ව්‍යාපාරයේදී 99% යනු ජනතාව වූ පරිදිමය.

එමෙන්ම, වසංගතය ව්‍යසනයක් වූ පන්තිය පාලනය කිරීම සඳහා දැන් නව තාක්ෂණික ක්‍රමවේදද භාවිතා කෙරෙමින් පවතී. නයෝමි ක්ලයින් පෙන්වාදෙන පරිදි වත්මන් වසංගත ධනවාදය තුළ සමස්ත ලෝකයම අධි-තාක්ෂණ ආධිපත්‍යයකට යටත් කෙරෙමින් පවතී. “සාමාන්‍ය කාල”වලදී ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයේ ධනවාදී පරිවර්තන මේ ආපදා සමය තුළදී හඳුන්වාදෙනු ලැබේ. පුද්ගලයින්ගේ දෛනික චර්යාවන් සෝදිසි කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා යෙදවීම සාමාන්‍ය තත්ත්වයක් වන තරමට දැන් එය වර්ධනය වී තිබේ. ෂොෂානා සුබොෆ් සෝදිසි ධනවාදය ලෙස හඳුන්වන්නේ මෙයයි.

මරණ-දේශපාලනය

අනෙක් අතින්, මෙම සෝදිසි ධනවාදය සමග අතිනත ගත් මරණ-දේශපාලනයක්ද (necropolitics) පවතී. ඇචීල් ම්බෙම්බේ පවසන පරිදි දැන් මරණ-දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ඇතැම් පිරිස් මරණයේ අවධානමට නිරාවරණය වන්නට හැරීම මගිනි. පැරණි යටත් විජිත යුගයේදී මෙන් දැන් මිනිසුන්ව සෘජුව ඝාතනය කරනු ලබනවාට වඩා ඔවුන්ව මරණයට අභිමුඛ කිරීම එහි ප්‍රධාන ආකෘතිය බවට පත්ව තිබේ. එසේම, යටත් විජිත යුගයේදී සාමාන්‍ය නීතිය අත්හිටුවන ලද ප්‍රධාන කලාපය වූයේ යටත් විජිතයයි; නමුත්, දැන් ලොව පුරාම ධනවාදය තුළ ඉවතලිය හැකි ජීවිත “මරණයේ කලාප” තුළට ගාල් කරනු ලබමින් පවතී. නයෝමි ක්ලයින් පෙන්වාදෙන පරිදි, වත්මන් ඊනියා ඩිජිටල් ධනවාදය පවත්වාගෙන යනු ලබන්නේ “ගබඩා කාමර තුළ, දත්ත මධ්‍යස්ථාන තුළ, (පරිගණක) අඩංගු සකසන කම්හල් තුළ, ඉලෙක්ට්‍රොනික වැඩපළවල් තුළ, ලිතියම් පතල් තුළ, කාර්මික කම්හල් තුළ, මාංස සැකසුම් මධ්‍යස්ථාන තුළ සහ බන්ධනාගාර තුළ සඟවා දමනු ලැබූ මිලියන ගණනක නිර්නාමික කම්කරුවන්ගේ ශ්‍රමය මගින්ය.” ඔවුන් රෝගවලට සහ අධි-සූරාකෑමට අනාරක්ෂිතව නිරාවරණය කොට තිබේ. මරණ-දේශපාලනය සහ වසංගත ධනවාදය අතර පවත්නා සම්බන්ධය එයයි.

ශ්‍රී ලංකාවේද සංචරණ සීමා පණවා තිබියදී පවා වසංගතයේ අනතුරට වඩාත් නිරාවරණය කරන ලද්දේ ඇඟලුම් කම්හල් සේවිකාවන් වැනි අය බව අමතක නොකළ යුතුය. එදා වේල සොයාගත නොහැකිව කුසගින්නේ පෙළෙන දහස් ගණන් ජනයා අයත් වන්නේද මරණ-දේශපාලනයට අභිමුඛ කරන ලද ඊනියා ඉවතලන ජීවිත අතරටය.

ධනවාදයේ මහා-ප්‍රත්‍යාරම්භය සහ තාක්ෂණවාදය

දැන් ධනවාදය නැවත සැකසෙමින් පවතින්නේ මේ ආකාරයෙනි. ලෝක ආර්ථික සමුළුව “ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය” (great reset) ලෙස නම් කළ ආකෘතිය දැන් ආරම්භ වෙමින් පවතී. එතුළ රාජ්‍ය පාලනය අධි-තාක්ෂණය සහ පරිගණක සන්නිවේදනය ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන තාක්ෂණ පාලනයක මුහුණුවර ගනිමින් තිබේ. ශන්තාල් මූෆ් පවසන පරිදි දේශපාලන ගැටළු ඇතුළු සියලුම සමාජ ගැටළුවලට තාක්ෂණික විසඳුම් තිබේය යන තාක්ෂණවාදී ප්‍රවේශය දැන් කේන්ද්‍රයට එමින් තිබේ.

මේ පසුබිම තුළ මෙරට ජනාධිපතිවරයා මෑතක ජාතිය අමතා කළ කතාවේ තාක්ෂණික රාමුව විවේචනය කරන්නන් හට එම කතාවේ මූලික පණිවිඩයම මග හැරී ගොස් තිබේය යන්න මගේ අදහසයි. මන්ද යත්, එම කතාවේ අන්තර්ගතය වන්නේම එහි ඩිජිටල් තාක්ෂණික රාමුව බැවිනි. එම කතාවේ ආකෘතිය සහ අන්තර්ගතය අතර සැබවින්ම වෙනසක් හෝ පරස්පරතාවක් පවතින්නේ නැත. වසංගතය ව්‍යසනයක් වූ පන්තිය නොහොත් ජනතාව දැන් පාලනය කෙරෙනු ලබන්නේ සංඛ්‍යා ලේඛණ, දත්ත, හැඟීම් විරහිත නිවේදන, තාක්ෂණ රාමු සහ ජනයාගේ සම්බන්ධයක් අපේක්ෂා නොකරන ඉහළ සිට මෙහෙයවෙන යාන්ත්‍රණ යනාදිය මගිනි. දැන් රාජ්‍යය ඔබ වෙතට එන්නේ නමක් නැති ආගන්තුක ඩ්‍රෝන යාත්‍රාවක ස්වරූපයෙනි.

වමේ උපායමාර්ග

මෙම නව වාතාවරණය තුළ වසංගතය ව්‍යසනයක් වූ පන්තිය නොහොත් ජනතාව කළ යුත්තේ කුමක්ද? එම ප්‍රශ්නය මග හැර යන කිසිදු දාර්ශනික සංවාදයකින් දැන් පලක් නැත. ග්‍රාම්ස්චි පැවසූ ලෙස දර්ශනය පවතින්නේ පොදු ජන අවබෝධය තුළය. “වසංගතය: කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතිය තුළ ස්ලේවෝයී ශිෂෙක් පවසන්නේද දැන් අප වසංගතයට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය අරභයා පැන නැගී ඇති විවාදයේ දාර්ශනික අන්තර්ගතයක් පවතින බවයි.

අපගේ අදහස වන්නේ වසංගත ධනවාදය තුළ ක්‍රම ක්‍රමයෙන් හැකිලී යන සමාජය සක්‍රීය කරන්නා වූත්, සමාජ සාමූහිකත්වය සහ සහයෝගීතාව පදනම් කර ගත්තා වූත් ජන-සහභාගී ව්‍යාපාරයක් පහත සිට ගොඩ නැගීම හැර වෙනත් සාධනීය විකල්පයක් දැන් අපට ඉතිරිව නොමැති බවයි. කාල් පොලන්යී පැවසූ පරිදි, මෙවන් අර්බුධයකින් පසුව දේශපාලනය නැවත ගොඩ නගනු ඇත්තේ ජන සමාජය ආරක්ෂා කළ හැක්කේ තමන්ට යැයි ජන සමාජයට වඩාත් හොඳින් ඒත්තු ගැන්විය හැකි බලවේගයටය. මූෆ් පසුගිය සැප්තැම්බර් මසදී අනතුරු හැඟවූ පරිදි, සමාජය ආරක්ෂා කිරීමේ සමාජයීය ඉල්ලීම ඉතාම අනතුරුදායක අන්තවාදී සහ පීඩාකාරී විකල්පයකටද මග විවර කළ හැකිය. එබැවින්, වමේ නායකත්වයන් මේ මොහොතේ ඉක්මන් විය යුතුය. මන්ද යත්, කොවිඩ් මර්දන ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවස්ථාව දැන් වේගයෙන් අපෙන් ගිලිහී යමින් පවතී.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    Dear Sumith thanks very much.
    .
    නීතිය හා සාමය අපරාධකරුවන් සමූහයක් විසින් දූෂණය කරනු ලබන රටක ඔබට කුමක් කළ හැකිද? සැමට එක නීතියක් වූයේ බලය අතට ගැනීමට පෙර ඊනියා අන්ත දේශප්‍රේමීන්ගේ මැතිවරණ සටන් පා gan යයි. එය අද හිස් පොරොන්දුවක් ලෙස දැකිය හැකිය. අධි අපරාධ විමර්ශන සමඟ බැඳී තිබූ සියල්ල දැන් ඔවුන් විසින් නිදොස් කොට ඇත. ඒවායින් සමහරක් ජුන්ටා පාලන සමයේදී රජයට සිදු වූ බිලියන ගණනින් වූ පාඩු ඉක්මවා ගිය මුදල් විශුද්ධිකරණ ක්‍රියාවන් ය. අනෙක් ඒවා ජමාල් කෂෝගි වැනි ය. උත්ප‍්‍රාසාත්මක ලෙස, සියලු ඉහළ හා හිතාමතා අපරාධවල දෙවියන්ගේ පියා වන මහින්ද රාජපක්ෂේ හැර අන් කිසිවෙක් අද දින හැසිරෙන්නේ කිසිවක් වැරදියි කියා නොවේ.
    ඔවුන් සමඟ වැඩ කළ බොහෝ දෙනා විදේශීය විනිසුරුවන් නොව මෙම මාතෘ භූමියේ උපත ලැබූ අය වෙති. මේ රටේ පවතින අර්බුදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට විදේශීය අධිකරණයන් අවශ්‍ය බවට පළමු පන්තියේ සාක්ෂි ලෝක අධිකරණයට ලබා දෙයි. මිනිසුන් ඔවුන්ගේ දේශපාලන ජීවිතය සඳහා මිනිස් පලිහක් ලෙස සලකනු ලැබේ. ග්‍රාමීය කොන්වල දරිද්‍රතා මට්ටම් ඔවුන් විසින් නොසලකා හරිනු ලැබේ. රට “මධ්‍යම ආදායම් උපයන ජාතියක්” ලෙස හංවඩු ගසා ඇති බව පෙන්වමින් ඔවුන් වසර ගණනාවක් තිස්සේ කරමින් සිටියේ: විශාල මුදල් ප්‍රමාණයක් රට තුළට පියාසර කළත්, එය ජනතාව තුළ රට තුළ සංසරණය නොවූයේ, පවුල් කිහිපයක් ඔවුන් ධනවත් වීමට සොරකම් කළ බැවිනි. දුර දිළිඳු අප්‍රිකානු රටවල සමහර ත්‍රිත්ව නායකයින්ට සමානය. COVID එන්නත් මිලදී ගැනීමේදී හෝ වෙනත් ඕනෑම දෙයක් වේවා, එම mlechcha ක්‍රියාවන් අද විශාල වශයෙන් දක්නට ලැබේ. රාජපක්ෂයන් නැවත බලයට පත්වීමෙන් පසු ගත වූ වසර 1.5 තුළ කිසිවක් අත්කර ගැනීමට නොහැකි විය. කෙසේවෙතත්, පළමු ජුන්ටා පාලන සමයේ ඔවුන්ගේ ආර්ථික වර්ධනයන් ගැන ඔවුහු පුරසාරම් දෙඩූහ. යහපාලන රජය බිහි වන විට, ආර්ථිකයේ වර්ධන වේගය 3% ක් වූ අතර කසළ කඳු වැනි ණය සියල්ලම ඉතිරිව තිබුණි …. මේ සියල්ල වසර ගණනාවක් පුරා බිහි විය. ඔවුන් ණය ලබාගෙන ඇත්තේ රට තුළ ආදායමක් උපයා ගැනීමට නොව ණය ගෙවීමට ය. ලෝක ආර්ථික විද්‍යා ists යින්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට මෙය අතිශයින් භයානක ය. කවුරුන් සැලකිලිමත්ද, …. නායකත්වයට අවම වශයෙන් ගැටයක් නොමැති බව සනාථ වේ … ඉතින් ඔහු පුදුමයන් කරයි කියා අප බලාපොරොත්තු වන්නේ කෙසේද ….? දුරදක්නාකම නොමැතිකම නිසා නායකත්වය තීරණ ගන්නා ආකාරය … අපේ මිනීවළ අපේම කැණීමට සමාන විය හැකිය. …
    අපි යටත් විජිත බලවතුන්ට එරෙහිව සටන් කළා. අපි පසුව භීෂණයට එරෙහිව සටන් කළෙමු. අපේ සොල්දාදුවන් සහ ඔවුන්ගේ නායකයන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ග්‍රහණයෙන් ජාතිය මුදා ගත්හ. රාජපක්ෂයන් නොව, නිර්භීත හමුදාව, නාවික හමුදාව සහ නාවික හමුදාව ජාතිය ආගම හෝ ඔවුන් අතර ඇති වෙනත් බාධක නොසලකා මුළු ජාතිය වෙනුවෙන්ම එම කාර්යය ඉටු කළහ. මාෂල් සරත් ෆොන්සේකා ගොනු කිරීමට අපි ණයගැතියි, නමුත් රාජපක්ෂවරු මේ ජාතියට ණයගැතියි … ඔවුන්ගේ කොල්ලය නිසා ඔවුන්ව නොමඟ යැවීම ගැන.

    • 3
      0

      Part 01
      අපේ ජනතාවට කරුණු සහ භූමි යථාර්ථයන් ආශීර්වාද කරන්නේ නම්, එය සමාජයේ පැහැදිලි වෙනසක් සඳහා ක්‍රියා කළ හැකිය. මෙය විශාල කාර්යයක් ලෙස පෙනේ, කෙසේ වෙතත්, කුඩා කෘමීන් ඔවුන්ගේ විශාල මැටි නිවස ගොඩනඟයි.
      ඒ හා සමානව, ඕනෑම මිනිස් පුද්ගලයෙකු නැවත ගොඩනැඟීමෙන් පිරිහෙමින් පවතින සමාජය ස්වර්ගයක් බවට පත් කළ හැකිය. මෙම ස්වර්ණමය ප්‍රයත්නයේ පෙරමුණ ගැනීමට පිංගුත්තාරා ප්‍රජාවට පිරිසිදු සිතුවිලි තිබිය යුතුය. මෙය මනෝරාජ්‍යයක් නොවේ, මෙය සාක්ෂාත් කරගත හැකිය …. කෙසේ වෙතත්, අපගෙන් බොහෝ දෙනෙක් ගෞරවය “නීතිය හා සාමය” ඉගෙන ගත යුතුය. දැඩි නීති බලාත්මක කිරීමක් නොමැති නම්, මිනිසුන් සහ අනෙකුත් සතුන් අතර විශාල වෙනසක් නොමැත.
      පශ්චාත් යුධ සමය තුළ මාර්ග සහ වෙනත් භෞතික ඉදිකිරීම් වලට වඩා මානව සම්පත් නැවත ගොඩනැංවීම සඳහා වැඩි ආයෝජනයක් කිරීම කාලයාගේ අවශ්‍යතාවයයි. මුළු හදවතින්ම නායකයෙකු අන් සියල්ලටම වඩා “නීතිය හා සාමය” ට ගරු කරන්නේ නම්, ජාතිය සවිබල ගැන්වීමෙන්, බොහෝ දේ අත් කර ගත හැකිය, ඒ ආකාරයෙන්, සිංගප්පූරුව ධනවත්ම රටක් බවට පත්විය.

      .

      • 3
        0

        Part 2
        වසර 30 ක යුද්ධයෙන් පසු මේ රටේ දරුණු දේශපාලන නායකත්වය හිතාමතාම මානව සම්පත්වලට සමාජ හා මානසික වශයෙන් විශාල හානියක් සිදු කළේය. ආයෝජනය කර ඇත්නම්, ණය වශයෙන් පවා ගනු ලැබුවහොත් ඔවුන්ට සෞඛ්‍ය මානව සම්පතක් ළඟා කර ගත හැකි වන අතර එමඟින් රටේ අනාගතය සමෘද්ධිමත් වනු ඇත, මල් පිපෙනු ඇත … දැනුම පුළුල් කරමින් ජනතාවගේ චින්තන හැකියාවන් වෙනස් කරන්නේ නම්, එය ස්වයංක්‍රීයව සෞඛ්‍ය සම්පන්න වීමට උපකාරී වේ ඡන්ද දායකයින්. නිරෝගී ඡන්දදායකයින් රාජපක්ෂ හෝ වෙනත් පස් හාරන සොරුන්, ස්ත්‍රී දූෂකයන්, රන් ව්‍යාපාරික කොල්ලකරුවන් යනාදිය තෝරා නොගනු ඇත. එසේම ඔවුන් කිසි විටෙකත් ව්‍යාජ බෞද්ධ භික්ෂූන් ඉදිරියේ දණ ගසන්නේ නැත. ව්‍යාජ භික්ෂූන් වහන්සේලාට හෝ වෙනත් ආගමික වංචනිකයින්ට සමාජයේ තැනක් නැත.

        දීර් term කාලීන ප්‍රති come ලය වනු ඇත්තේ බුද්ධිමත් අපේක්ෂකයින් පමණක් දේශපාලන .යන් ලෙස තෝරා පත් කර ගැනීමයි. බෞද්ධ පූජ්‍ය පක්ෂය සහ කුරිරු දේශපාලන .යන් විසින් අපගේ ජනතාව නැවත නැවතත් රවටනු ලැබේ. ඔවුන් අතීතය ගැන පුරසාරම් දොඩමින් සිටියද නිදහසින් පසු දශක ගණනාව ගැන ඔවුන්ට කීමට කිසිවක් නැත. ඔබ වක්‍රය මත ගමන් කරනවා සේම, ඔබ එකින් එක පල්වීම එකම පියවරක් පසු කරයි. වත්මන් දේශපාලන politicians යන් පාර්ලිමේන්තුවට යැවීමට බොහෝ කලකට පෙර සිටම පැහැදිලි වූයේ ඔවුන් මිනීමැරුම්, මුදල් විශුද්ධිකරණය පිළිබඳ සොරකම් සහ ඉහළ දූෂිත ක්‍රියා ඇතුළු ඉහළ අපරාධ සම්බන්ධයෙන් හංවඩු ගසා ඇති බවයි. සියලු ඉහළ අපරාධ නොසලකා, රාජපක්ෂයන් ජාතියේ ගැළවුම්කරුවන් බව ජනතාව විශ්වාස කරන ලදී. ඒ හා සමානවම, ධම්මිකා බන්ඩාරා නමින් උපත ලැබූ ගැම්පා සම්මුතියක නව නිපැයුම්කරු ලෙස පිළිගැනීමට ජනතාව රැවටී සිටියහ. ඔහුට අනුව කාලි-අම්මා විසින් ඔහුට ලබා දෙනු ලැබේ. එම මානසික රෝගියාගේ ස්ථානයට ජනතාව එක්රැස් වන්නේ රජයේ නාලිකා සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා විසිනි. මේ සියල්ල COVID අර්බුදය පිළිබඳ තොරතුරු නොමැතිකම නිසා අප විසින් හිස කපා ගැනීම හා සමානයි. කිසිවක් කිරීමට පෙර අපේ ජනතාව එය දෙවරක් පරීක්ෂා නොකරනු ඇත. COVID සඳහා කෝකටත් තෛලයක් ලෙස ඔවුන්ට COWDUNG පිරිනැමුවේ නම්, ඔවුන් එකවරම ඒවා අනුභව කිරීමට සුදානම් වනු ඇත ….- කනගාටුදායක උත්ප්‍රාසය වන්නේ අපේ ජනතාවගෙන් බහුතරයක් උපත ලබන්නේ බුද්ධගම පවුල්වල ය. බුද්ධාගම (සිංහල බුද්ධාගම නොවේ) සාමාන්‍යයෙන් විද්‍යාත්මක ජීවන රටාවට සමාන කළ හැකිය. ස්වාමීන් වහන්සේගේ සැබෑ ඉගැන්වීම් යටතේ කිසිම දෙවියෙකු අර්ථ දක්වා නැත. කෙසේ වෙතත්, “සිංහල බුද්ධාගම” පුරවා ඇති ජාතක කතා “හින්දු ආගමට” දෙවැන්න නොවේ …. මම බාර්ලි දූපතට ගොස් සිටිමි … එහි වෙසෙන බොහෝ දෙනෙක් ඔවුන්ගේ දෙවිවරුන් ගැන බොහෝ මිථ්‍යා විශ්වාසයන් ඇත. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල තත්වයත් එසේමය. ඔවුන්ගේ සම්ප්‍රදායන් අනුව ඉගෙන ගත් ඔවුන්ගේ විශ්වාසයන් ඉන් ඔබ්බට දැකීමට ඉඩ නොදෙන නිසා ඔවුන්ට “අපද්‍රව්‍ය පිරවූ ගංගාවල” ස්නානය කිරීමට මන fant කල්පිත ඇත. පර්යේෂකයන් ලෙස විද්‍යා හා ක්ෂුද්‍රජීව විද්‍යා ologists යින් එම ජලය පරීක්‍ෂා කරන්නේ නම්, නොදන්නා සෞඛ්‍ය උපද්‍රව ඇති කළ හැකි තවත් බොහෝ ක්ෂුද්‍ර ජීවීන් සොයා ගනු ඇත

    • 3
      0

      ශ්‍රී ලංකා මාධ්‍ය අව්‍යාජ නම්, ඔවුන් පහත සඳහන් ප්‍රශ්න ගෝතබයා සහ මහින්ද වෙත පළ කළ යුතුය.
      – ගෝතබයා ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වලංගුභාවය පිළිබඳ සහතිකය ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින්නේ ඇයි? –
      – පොරොන්දු වූ පරිදි, දෙදෙනා නැවත බලයට පැමිණ මාස 15 ක් ගතවී ඇතත්, අද දිනත් හිටපු මහ බැංකු පාලකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසියට නියෝග නොකරන්නේ ඇයි?
      – ඔවුනට, ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට සහ සමීප හිතවතුන්ට එරෙහි සියලු ඉහළ අපරාධ පරීක්ෂණ නිදොස් කොට නිදහස් කිරීමට ඔවුන් කටයුතු කළේ ඇයි (බැසිල් සහ ගෝතබයා මෙන්ම ඔවුන්ගේ ඉහළ අපරාධ සම්බන්ධයෙන් ජෝන්ස්ටන් සහ අල්තුගමේජ් වරදකරුවන් කළ යුතුය). ජාතියේ තීරණාත්මක හා තීරණාත්මක දැවෙන ගැටළු පිළිබඳව දෙදෙනා ප්‍රමාණවත් අවධානයක් නොදක්වන්නේ ඇයි?

      එවකට එෆ්.සී.අයි.ඩී විසින් දිගින් දිගටම විමර්ශනය කරන ලද කොල්ලකෑමේ මුදල ඉල්ලා සිටීමෙන් වැළකී සිටීම පිළිබඳව ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රශ්න මතු කරන්නේ ඇයි … … ඒ පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. ඩුබායි හෝ වෙනත් බැංකුවල තැන්පත් කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් නැවත රටට පැමිණේ … ශ්‍රී ලංකාව මේ වන විට විශාල ණය අර්බුදයක හා ඩොලර් හිඟයක සිටී. බංගලාදේ වැනි දුප්පත් රටවලට පෙර ඔවුන් ජාතිය පාවා දී ඇත්තේ ඔවුන්ගෙන් හුවමාරු කර ගැනීමෙනි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.