19 April, 2024

Blog

ජි එස් පී + සහ යුරෝපා පාර්ලිමේන්තුවේ සහ නේටෝ සංවිධානයේ අභිප්‍රායයන්

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක්  සම්මත කරන ලදී. එමෙන්ම උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ මගින් පවත්වනු ලැබූ සමුළුව ලෝකයේ කථා බහට ලක්විය. මේවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇතිවූ බලපෑම සම්බන්ධව විමසා බැලීම වැදගත්ය.

යුරෝපා පාර්ලිමේන්තුව මගින් 2021ජුනි 10 වනදා සම්මත වූ යෝජනාව අනුව යුරෝපා කොමිසම මගින් ශ්‍රී ලංකාවට දී ඇති ජි එස් පී + සහනය උපයෝගී කර ගනිමින් මානව හිමිකම් සම්බන්ධව ශ්‍රී ලංකාව විසින් කළ යුතු කාර්යයන් ඉහළ නංවා ගැනීම සඳහා බලපෑම් කරමින්  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ කිරීම හෝ එය ඉවත් කිරීම හෝ සඳහා ඉල්ලීමක් කරමින් අවසාන ප්‍රතිකර්මය වශයෙන් ජි එස් පී + තත්ත්වය සහ ශ්‍රී ලංකාවට සමග  ලැබෙන  සහන තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබේ දැයි ප්‍රවේසම් සහගතව සලකා  බලන ලෙස යුරෝපා කොමිසමෙන් යුරෝපා විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයෙන් යුරෝපා පාර්ලිමේන්තුව ඉල්ලා සිටින අතර හැකි ඉක්මනින් පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙසද ඉල්ලා සිටී.

යෝජනාවේ අන්තර්ගතය 2021 ජුනි 8 වනදා ඉදිරිපත් කළ මුල් කෙටුම්පතට වඩා බලවත් වුවත් බොහෝ අය සඳහන් කල පරිදි බරපතල තත්ත්වයක් පෙනෙන්නට නැත. මක්නිසාද යත් යුරෝපා පාර්ලිමේන්තුවේ අපේක්ෂාව තරමක් මෘදු වන නිසාය. ශ්‍රී ලංකාවට මෙයට ප්‍රතිචාර දැක්වීමට කල් තිබේ. එසේ වුවත්  මෙම යෝජනාව කියවිය යුත්තේ ජි එස් පී + සහනයට කිසිම සම්බන්ධයක් නැති, එනමුත් යෝජනාවේ අන්තර්ගතයේ ඇති, ශ්‍රී ලංකාව තුළ වැඩිවෙමින් පවතින චීනයේ කාර්ය භාරය සහ ඇඟිලි ගැසීම් පිළිබඳව යුරෝපා සංගමය සැලකිලිමත් වන බවට ඇති සඳහන   චීනය විසින් එරටේ හුදු පැවැත්ම නිසාම නේටෝ සංවිධානය වෙත අභියෝගයක් එල්ල කරන බව සඳහන් කරමින් ප්‍රථම වතාවට චීනයේ මිලිටරි බලය අභියෝගයට ලක් කරමින්  2021 ජුනි 14 වන දින නේටෝ සංවිධානය මගින් නිකුත් කළ නිවේදනය සැලකිල්ලට ගෙනය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකන් ජනාධිපති ධුරය දරන සමයේ සහ ඉන් පසුව පවා යුරෝපය, චීනය සහ රුසියාව සමග වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට ඇති කැමැත්ත පිළිබඳව සලකා බලමින් නේටෝ නිවේදනය බොහෝ සෙයින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ගේ බලපෑම මත සිදුවූවක් යයි නිගමනය කල හැක. මෙයප්‍රථමයෙන් ඇමෙරිකාවයන ඇමෙරිකාවේ වෙළෙඳ ශේෂ හිඟය මත මූලිකව පදනම් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ විදේශ ප්‍රතිපත්තියේ පටු ස්වභාවය   ඇමෙරිකාව නැවත පැමිණ ඇතයන චීනයට එරෙහිව සිය මිතුරන් සමග උපාය මාර්ගිකව සන්ධාන ගත වීමේ සහ  නැවත පොදු වටිනාකම් සහ හර පද්ධතීන් වලින් යුතු   ලෝකය  පුරා සිටින   ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්  එම සන්ධානයට එකතු කර ගැනීමේ අභිලාශය සහිත ජෝ බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්තියේ පළල් ස්වභාවයද ප්‍රකට කරයි. විවිධ ලෝක දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී ඇති පරිදි අප මේ ගෙවමින් සිටින්නේ එක පසෙකින් රුසියාව සහ චීනයද අනෙක් පසින් ඇමෙරිකාව ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයද සම්මුඛ වන නව සිතල යුද්ධයක ආරම්භක අවස්ථාව විය හැක. ඇමරිකාව සහ රුසියාව ප්‍රධාන කොට ගත් එම රටවල මිතුරු රාජ්‍යයන් ඇතුළු රටවල් අතර තිබූ පසුගිය සිතල යුද්ධ සමයේ ශ්‍රී ලංකාව අනුගමනය කළේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි. වර්තමාන මෙරට පාලනය  ශ්‍රී ලංකාව චීනය දෙසට ඇදගෙන යන අතර එය රටටද එහි ජනතාවටද අහිතකර වනු ඇත. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලින මිතුරකු වන චීනය සමග ශ්‍රී ලංකාවේ ඇති ද්වි පාර්ශ්වික මිත්‍රත්වයටද මෙම තත්ත්වය හානිකර වනු ඇත. මක්නිසාද යත් ශ්‍රී ලංකාව චීනය සමග ඇති වර්තමාන සමීප මිත්‍රත්වය ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ප්‍රහාරයට ලක් වන නිසාය.

යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාව සලකා බැලිය යුත්තේ මේ පසුබිම මතය. යුරෝපා සංගමය විසින්  එම රටවල් වලට කෙරෙන ආනයන සඳහා ප්‍රදානය කරන වරණිය තීරුබදු සහන තුන් ආකාර වේ. පළමුවන  සාමාන්‍ය ක්‍රමය (ජී එස් පී ) යටතේ යම් භාණ්ඩ සඳහා අඩු තීරුබදු පැනවීම හෝ තීරුබදු ඉවත් කිරීම හෝ කරනු ලැබේ. දෙවන ක්‍රමය (ජී එස් පී+) යටතේ තිරසාර සංවර්ධනය සහ යහ පාලනය වෙනුවෙන් කැපවන රාජ්‍ය සඳහා ඊට වඩා වැඩි සහන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. තුන්වන ක්‍රමය අදාල වන්නේ අඩුවෙන්ම සංවර්ධිත රාජ්‍ය සඳහාය. එය ආයුධ හැර වෙනත් ඕනෑම භාන්ඩයක් සඳහා දෙන සහනයකි. ශ්‍රී ලංකාවට අදාල වන්නේ දෙවන ක්‍රමයයි.

ජී එස් පී+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ සුනාමි ව්‍යසනයෙන් හානි  වූ ආර්ථිකය වෙනුවෙන් වර්ෂ 2005 දී . වෙනුවෙන් යුරෝපා සංගමය බලාපොරොත්තු වන්නේ  ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති මානව හිමිකම්, කම්කරු අයිතිවාසි කම්, පරිසරය සුරැකීම සහ යහ පාලනය සම්බන්ධ ජාත්‍යන්තර  සම්මුතීන් 27 ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇති බවයි. ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර සම්මුතීන් තුනක් එනම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය, වද හිංසාව සහ වෙනත් කෘර, අමානුෂික හෝ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ සැලකීම් හෝ දඬුවම් වලට  එරෙහි ජාත්‍යන්තර සම්මුතිය සහ ළමයින් ගේ අයිතිවාසිකම් සඳහා වන සම්මුතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දී තිබුණ මෙම සහනය  යුරෝපා සංගමය විසින් 2010 දී අත් හිටවන ලදී. වර්ෂ 2017 දී පසුගිය ආණ්ඩුවේ මැදහත් වීම මත මෙම සහනය නැවත ලබා දෙන ලදී.

යුරෝපා සංගමයේ බලපොරොත්තු  අහිංසකය. ඔවුන් විසින් සහනදායි තීරුබදු යටතේ සංගමයේ රටවල් වලට භාණ්ඩ එවීමට අවසර දෙනු ලබන සුදුසුකම් ලත් රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වශයෙන් එම රටවල් විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කරනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වේ. මෙම ජාත්‍යන්තර සම්මුතීන් මගින් නියෝජනය කරනු ලබන්නේ යුරෝපා සංගමය විසින් අනුගමනය කරනු ලබන වටිනාකම් සහ හර පද්ධතින්ය. ශ්‍රී ලංකාව එම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට නොකැමැත්තේ නම් ශ්‍රී ලංකාවට ජී එස් පී+ තත්වයෙන් මතු නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද ඉවත් විය හැකිය.

එබැවින් යුරෝපා සංගමය මෙම යෝජනාව මගින් මෙරට අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නේ යයි ශ්‍රී ලංකාව නොසිතිය යුතුය. ඔවුන් විසින් කර ඇත්තේ ශ්‍රී ලංකාව තමන් විසින් එකඟ වූ කොන්දේසි ඉටු නොකර ඇති බව පෙන්වා දීමයි. එය  ඔවුන්ගේ අයිතියයි.  එනමුත් චීන බලපෑම ගැන සඳහන් කිරීමේදී ඔවුන් තමන්ගේ වපසරියෙන් පිටට පැන තිබේ.

මෙම යෝජනාව තුල ශ්‍රී ලංකාව විසින් ඉහත සම්මුතීන් ක්‍රියාත්මක නොකිරීමේ උදාහරණ වශයෙන්  ශානි අබේසේකර, හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් ගේ නම් සඳහන් කර තිබීම අප විසින් සැලකිල්ලට ගත යුතුය.

මෙම උදාහරණ මගින් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික බලයේ ප්‍රධාන ධාරාවන් දෙකක් පෙන්නුම් කරනු ලැබේ. පළමුවැන්න නම් ආණ්ඩුවේ ප්‍රධානීන්ට එරෙහි නඩු වලින් ඔවුන් නිදහස් කර ගැනීමයි. මේ සම්බන්ධයෙන් දේශපාලන හිංසනය සොයා බැලීම සම්බන්ධව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයකු ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කරන ලදී. මෙය කැකිල්ලේ කොමිසමකි. මෙවැනි පුද්ගලයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු වරයකු වීම  ශ්‍රේෂ්ඨාධිකරණයටද අපකීර්තියකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට විවිධ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වල පවත්නා නීති යම් ආකාර  වලින් නොසලකා හරින අවස්ථා අසන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම කොමිසම ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් අමු අමුවේ උල්ලංඝනය කිරීමටද ස්වභාවික යුක්තියට  සහ නීතියේ අධිපත්‍යයට එරෙහිවද දැක්විය හැකි ඉතාමත් ප්‍රබලතම උදාහරණය වේ. ශානි අබේසේකර අත් අඩංගුවට ගන්නේ  මෙම අපරාධ බොහොමයක් සම්බන්ධ විමර්ශන ඔහු විසින් කර තිබීමට දඬුවමක් වශයෙනි. ඔහු නිදහස් කිරීමේදී අධිකරණය විසින් ඔහුට එරෙහිව ඇති චෝදනා වල හිස් බව පෙන්වා දෙන ලදී. යම් නිලධාරියකුට  ජීවත්වීම සඳහා වෙනත් ක්‍රමයක් නොමැතිනම් නිර්දෝෂී පුද්ගලයන්ට එරෙහිව මෙවැනි ක්‍රියා කිරීමට වඩා පාරේ හිඟා කෑම නම්බුකාර වනු ඇති බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

දෙවැන්න ජන වාර්ගික සහ ආගමික සුළුතරය හිංසාවට ලක් කිරීමයි. හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් අයත් වන්නේ මේ ගණය ටයි. කිසිම චෝදනාවකින් තොරව පසුව නිදහස් කළ ශක්තික සත්කුමාර අයත් වන්නේද මේ ගණය ටයි. මේ තිදෙනාම රඳවා ගෙන තිබුනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

ජාතිවාදය සහ ආගම්වාදය පසුගිය මැතිවරණ දෙකේ දී පවතින ආණ්ඩුවට ඡන්ද ගෙනා ප්‍රධාන හේතු දෙකකි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉතාමත් විවෘතය. ජනාධිපති පදවියට පත්වූ පසු දෙමළ එක්සත් සංවිධානය සමග ඔහු කිසිම සාකච්ඡාවක් පවත්වා නැත.  ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ඔවුන් සමග 2021 ජුනි 16 වන දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව ජනාධිපති තුමා විසින් දින නියමයක් නොමැතිව කල් දමන ලදී. පවතින රෙජීමයේ මෙම ජාතිවාදී සහ ආගම්වාදී හරයයන් සහ වටිනාකම් යුරෝපා සංගමයේද බටහිර රටවලද සමස්ත ශිෂ්ට සමාජයේද හරයයන් සහ වටිනාකම් වලට පටහැනි වෙයි. මෙම ඝට්ඨනය ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයන් වන රුසියාව සහ චීනය දෙසට තල්ලු කරයි. ආණ්ඩුව සිතන්නේ නොබෝ කලකින් ලෝකයේ බලවත්ම රාජ්‍යය බවට චීනය පත්වනු ඇති බවත් චීනයේ සමීපතම මිතුරකු වීම ශ්‍රී ලංකාවට වාසි සහගත වනු ඇති බවත්ය.

ආර්ථික තලයේද මෙම ක්‍රියාවම සිදුවේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය ගිණුම් වල ස්ථාවරත්වය සඳහා පනවන ලද බදු සිය සාක්කු ගැන පමණක් කල්පනා කරන මෙරට  පුද්ගලික අංශයේ ආශීර්වාදය මැද ඉවත් කරන ලදී. දැන් එයට අමතරව වෛරසයේ බලපෑම හේතුවෙන් විශාල අයවැය හිඟය කට ආණ්ඩුව මුහුණ දී සිටි. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නොයන්නේ ඔවුන් ණය දීමේදී විවිධ කොන්දේසි පනවන නිසාය. මෙම කොන්දේසි දීර්ඝ කාලින වශයෙන් රටට හිතකරය.

සංවර්ධිත රාජ්‍යයක් වූ ග්‍රීසිය පසුගිය කාලයේ මෙවැනි දුෂ්කරතා වලට මුහුණ දුන් විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය මැදහත් වී ග්‍රීසියට පැවතුන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ණය දෙන ලදී. එනමුත් ඔවුන් විසින් බරපතල කොන්දේසි ග්‍රීසියට පනවන ලදී. ප්‍රතිඵලය ලෙස ග්‍රීසිය දැන් අයවැය හිඟයද ජංගම ගිණුමේ හිඟය විශාල වශයෙන් අඩු කර ගෙන ඇත. ශ්‍රී ලංකාවද මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මෙම මාර්ගයේ යා යුතුය. එනමුත් ආණ්ඩුව කරන්නේ චීන ණය සහ හිතවත් රටවල මහා බැංකු වලින් ලබා ගන්නා අතමාරු මත රඳා පැවතීමයි. මක්නිසාද යත් ඔවුන් කිසිවකු අයවැය හිඟය අඩු කිරීමට යෝජනා නොකරන බැවිනි. මෙයින් සිදුවන්නේ ප්‍රශ්ණය කල් දැමීම සහ එහි ප්‍රතිවිපාක බරපතල වීමට සහ ඉඩ සැලසීමයි.

ශ්‍රී ලංකාව චීනය දෙසට වඩාත් නැඹුරු වීමේ ක්‍රියාවලිය ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ආරක්ෂක සංවිධානයක් වන නේටෝ සංවිධානය විසින් අභියෝගයට ලක් කර හෝ ලක් කරනු ලැබීමට ඉඩ ඇති තත්ත්වයට පත් කර ඇත. වැදගත් කරණය වන්නේ 1980 ගණන් වල ශ්‍රී ලංකාවේ අභිලාෂයට පටහැනිව මෙරටට අහස් යානා එවූ ඉන්දියාව චීනයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ සන්ධාන ගත වී සිටීමයි. ඉන්දියානු අහස් යානා මගින් යාපනයට සහනාධාර හෙලු අවස්ථාවේදී එවකට සිටි ජනාධිපති ජයවර්ධනට කල හැකිව තිබුනේ එකම ප්‍රකාශයක් කිරීමයි. ආක්‍රමණයකදී සතුරාට එරෙහිව යුද වැද  මරණයට පත්වීමට සමස්ත ශ්‍රී ලාංකිකයන් සුදානම් බව ඔහු කියා සිටියේය.

යුගයේදී ජයවර්ධන ජනාධිපති වරයා එක්සත් ජනපදය සමඟ සමීප මිත්‍රත්වයක් පැවැත්වූ අතර ඉන්දියාව සිටියේ ප්‍රතිවිරුද්ධ පිළේය. මෙම සිද්ධියෙන් පසුව එක්සත් ජනපදය විසින් ඉන්දියාව සමඟ ගනුදෙනු බේරා ගන්නා ලෙස ජනාධිපති ජයවර්ධනට දන්වන ලදී. සිතල යුද්ධය සමයේදී නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුග වලදී විශේෂයෙන්ම අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක ගේ කාලයේදී ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත විය.

ජනාධිපති වරයා චීනය සමඟ සමීප මිත්‍රත්වයක් පැවැත්වීමට මතුනොව චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන විධි ගැන ඉගෙන ගැනීමටද කැමතිය. වර්ෂ 1971දී මෙරට තිබු උතුරු කොරියානු තානාපති කාර්යාලය ආණ්ඩුව පෙරලීමේ කැරැල්ල පිටුපස සිටියේ යයි සැක පිට වසා දමන ලදී.

සියලු ප්‍රශ්ණ එකට වෙලී ඇත. ශ්‍රී ලංකාවේ අපනයන වලින් 60%ක් පමණ යන්නේ උතුරු ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය ටයි. මෙයින් එක්සත් ජනපදය 25% හිමිකමක් කියයි. ප්‍රශ්ණය දෙස බැලිය යුත්තේ මෙම තත්ත්වයද සැලකිල්ලට ගනිමිනි.

ජී එස් පී+ සහනය තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් කළ යුත්තේ රටේ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් සුරැකීමයි. මෙය අධිකාරී වාදී පාලන රෙජීමය කට පසුබැසීමක් ලෙස හැඟෙනු ඇත.මෙම ක්‍රියා මාර්ගය රටේ ස්වාධිපත්‍යය සමඟ ගැටුමක් නැත. මක්නිසාද යත් ස්වාධිපත්‍යය ඇත්තේ  ජනතාව අත වන අතර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඔවුන් අත ඇති ස්වාධිපත්‍යය පාවා දීමක් නොවේ. ස්වාධිපත්‍යයට හිමිකමක් පාලකයන්ට නැත. ඔවුන් කරන්නේ එය තාවකාලිකව අභ්‍යාස කිරීමයි.

එසේය. රෙජිමයට මෙය ලජ්ජාවට කාරණයකි. මෙය ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසීමකි. මක්නිසාද යත් පිටස්තරයකු විසින් මෙරට ජනතාවගේ මූලික අයිතීන් සුරැකීම පිළිබඳව ඔවුන්ට සිහි කැඳවන බැවිනි.මෙම මූලික අයිතිවාසිකම් සුරැකුව හොත් ද්විත්ව ප්‍රතිලාභයක් එනම් රටට ජී එස් පී+ සහ පුරවැසියන්ට මානව හිමිකම් ලැබේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    ජීඑස්පී ප්ලස් හෝ වෙනත් දෙයක් රාජපක්ෂේ මෙලෙචා පුරුෂයින්ට ද්විතීයික වනු ඇත, නමුත් එය කෙටි කාලීනව හොඳ ආණ්ඩුකාර දේශපාලන politicians යින් විසින් නැවත ලබා ගන්නා ලදී. අද වන විට, ඔවුන් කිසිම දෙයක් නීත්‍යානුකූලව ගණන් ගන්නේ නැත. මේ රටේ ජනාධිපතිවරයෙකු ලෙස ගෝතබයා යටතේ අතීතයේ කිසි දිනෙක දක්නට නොලැබුණු පරිදි අවනීතිය පාලනය වේ. මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය in ාතකයන් ඔවුන්ගේ සිරගත කිරීම් වලින් ඒකමතිකව නිදහස් කරනු ලැබේ.
    එක් අයෙක් පැවසුවේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඕනෑම ඉහළ අපරාධකරුවෙකු මෙල්ල කිරීමට බලය ඇති නමුත් අද ඔවුන්ගේ හ ices ඇසෙන්නේ නැත.

    කෙසේ වෙතත්, ජනතාව කෘත ful නොවෙති, අපරාධකරුවන්ට නැවත බලයට පැමිණීමට මඟ පෑදීය.රාජපක්ෂේ මත පදනම් වූ චීන-ශ්‍රී ලංක සමීප සබඳතා දැනටමත් සිවිල් ජීවිතය උල්ලං have නය කර ඇත. මෙය චීන ආක්‍රමණයට එරෙහිව නැගී සිටිය යුතු ප්‍රශ්නයකි. සමස්තයක් ලෙස විශ්ලේෂකයින් සහ වෘත්තිකයන් ඉතා පැහැදිලිව කියා සිටින්නේ, චීන ජාතිකයන් මේ මොහොතේම බලය අනිසි ලෙස භාවිතා කරන බවයි.
    චීන හමුදා භටයන් වත්මන් රජයේ සහාය ඇතිව දකුණු ශ්‍රී ලංකාවේ ලේක් ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලී සිටින බවට ඔප්පු කිරීමට ඕනෑ තරම් සාක්ෂි තිබේ. මේ දිනවල රූපවාහිනී තිරවල ප්‍රමාණවත් තරම් පින්තූර දක්නට ලැබේ, තිසමහාරාමයේ වැව ඉදිකිරීමේ ව්‍යාපෘතියේ වැඩ කිරීමේදී හමුදා නිල ඇඳුම හෝ ඒ හා සමාන චීන ඇඳුමක් දක්නට ලැබේ. චීන-ශ්‍රී ලංක ආධාරකරුවන් ආක්‍රමණය වැරදි ලෙස අර්ථකථනය කරමින්, ඔවුන් චීන ජාතිකයන් වැඩ කරන අතරතුර පැළඳීමට භාවිතා කරන ඇඳුම් ආයිත්තම් පමණක් යැයි කියනු ලැබේ. මෙය හෝ ඊට ආසන්න ඕනෑම දෙයක් හොඳ රජයේ / පෙර රජයේ කාල පරිච්ඡේදයේදී දැක ගත හැකිව තිබුනේ නම්, රාජපක්ෂ සහ ඔවුන්ගේ අපරාධකරුවන් බෙදීම් පින්තාරු කරනු ඇත. ජාතිය. ආශ්චර්යමත් ලෙස, අද ඔවුන්ගේ සංගා ප්‍රජාව ද නිහ silent ව සිටින්නේ විරුද්ධව වචනයක්වත් නොකියමිනි

    මෙය රාජපක්ෂගේ ආශ්චර්යයන් ලෙස හැඳින්වේ. නීතිය යනු ඔවුන් සඳහා නීතියක් ලෙස නොව අන් අයට ය. ඔවුන්ගේ සාක්කුව පිරවීමේ උපක්‍රම හැර වෙන කිසිවක් ඔවුන් ගණන් ගන්නේ නැත. රට තුළ දීර් long කාලයක් තිස්සේ පැවති භීෂණයට එරෙහිව ජාතියේ හමුදා නැගී සිටි බැවින් මෙය පරාජය කළ යුතුය.

    • 4
      0

      ඔවුන් බලයට පැමිණියේ ව්‍යාජ මහජන නොමඟ යැවීමෙනි. ඔවුන්ට ඡන්දය දුන් අය රැවටිලිකාරයන් පමණක් නොව වෙනසක් ගැන සිහින මැවූ අය ද වූහ. එහෙත් එම සිහිනෙන් මිනීමරුවන්ට සමාව දීම හෝ නිදොස් කොට නිදහස් අපරාධ විමර්ශනවලට ඉඩ දීම ඇතුළත් නොවේ. කෙසේ වෙතත්, අද බලයේ සිටින පාලකයින් ඔප්පු කර ඇති පරිදි, ඔවුන් අපරාධ හිතකාමී සමාජයට ඉහළින් ලබා දීමේ ශූරයන් වේ. දුමින්ද සිල්වාට ලබා දී ඇති පොදු සමාව සමඟ මේ රට කැරලි ගසනු ඇති අතර ශිෂ් ized සම්පන්න සමාජයක නීතිමය සංස්කෘතියට ගරු කරන්නේ නම් ජනතාව එය නොඉවසනු ඇත. ඔවුන් මුළු ජාතියටම ජබ්ස් මිලදී ගැනීමට සහ වසංගතය පිළිබඳ ඔවුන්ගේ කනස්සල්ලෙන් නිදහස් වීමට ප්‍රමුඛතාවයක් නොදක්වයි. මට කිසිදු සැකයක් නැත, සීබීකේ හෝ රනිල් නායකත්වයේ සිටියේ නම් ඔවුන් මුලින්ම කළ යුතුව තිබුණේ එන්නත් මිලදී ගැනීම සහ ජාතිය COVID වලින් නිදහස් කිරීමයි. ඔවුන් ධනවත් ජාතීන් සමඟ සුහදව කටයුතු කරන අතර ඔවුන්ගේ බාහිර දේශපාලනය විසින් රට නැවත ගොඩනැංවීමට උපකාරී වනු ඇත. දේශපාලන විශ්ලේෂණයන්හි බොහෝ දන්නා මිනිසා දයාන් ජයතිලක සමහර විට ස්ථාවර නොවූවත් කුඩා සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප පොහොසත් හා සංවර්ධිත ජාතීන් සමඟ සමීපව කටයුතු කරන ලෙස නිතරම නිර්දේශ කර ඇත. ඔහු පමණක් නොව තවත් බොහෝ විශේෂ experts යන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාව දැන් මාස කිහිපයක් ඇතුළත දෙවන ග්‍රීසිය බවට පත්වනු ඇති බවයි. වර්තමාන නායකත්වය යටතේ පුළුල් දිවා ආලෝකය මත මානව හිමිකම් උල්ලං are නය වන බැවින් අද කිසිදු රටක් ණය සඳහා ඉඩ නොදේ. කිසිදු වගවීමක් සහ විනිවිදභාවයක් දක්නට නොලැබේ. බලයේ සිටින ඔවුන්ගේ ස්වාමිවරුන් සතුටු කරමින් මාධ්‍ය විසින් පුරවැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ඔවුන්ගේ කාර්යය කරන බවක් නොපෙනේ. මාධ්‍ය ආයතනවල ආත්මාර්ථකාමී වාණිජමය වාසි ජනතාවගේ බිම් මට්ටමේ සිට කරුණු away ත් කරයි.
      :: මෙය අතීතයේ පැවති කිසිදු පාලනයක් සමඟ සැසඳිය නොහැක. : ඔවුන් මහජනයා නොමඟ යැවීමේ විශේෂ experts යෝ ය. බොරු ප්‍රචාරයන් සමාජයට පක්ෂව තිබේ නම් එය පදනම් කර ගනී. ඔවුන්ගේ වාචාල කතා වයිමල් වේරවාන්ස් හෝ ඒ හා සමානයි … ඔවුන්ට පක්ෂව ගීත පා text ය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජපක්ෂයන් විසින් අපයෝජනයට ලක් කරන ලදී. .. අද එය දැකිය හැකිය

    • 1
      0

      මෙම අර්බුදකාරී අර්බුදයේදී අපේ අග්‍රාමාත්‍යවරයා රනිල් හෝ චන්ද්‍රිකා වන්නට තිබුනා නම්, අද එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ජපානය සමඟ එක්ව ජාතියට නොමිලේ COVID ජබ් ලබා දිය හැකිව තිබුණි. ජපානය විසින් වියට්නාමයට සහ වෙනත් රටවලට නොමිලේ එන්නත් ලබා දී ඇති නමුත් GOSL වෙත ලබා දී ඇති පොරොන්දුව ඔවුන් විසින් නොසලකා හරින ලද බව දැන් ආරංචි මාර්ග අනාවරණය කරයි. අපට අවශ්‍ය ජබ්ස් ලබා දීම සඳහා ජර්මනිය පවා වෙනත් ධනවත් ජාතීන් සමඟ අත්වැල් බැඳගනු ඇත. ලෝකය ගරු කරන්නේ අපරාධකරුවන්ට නොව ශිෂ් leaders සම්පන්න නායකයින්ට ය. කැනඩාව තුළ එන්නත් අතිරික්තයක් ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් ඔවුන්ගෙන් එන්නත් ලබා ගැනීම සිහිනයක් පමණක් වනු ඇත. රාජපක්ෂයන්ට රට තුළ ඇති මෝඩ මනස විකෘති කළ හැකි නමුත් මුහුදෙන් ඔබ්බට නොවේ.

      වර්තමාන රජයට කිසිදු බලවත් ජාතියක් සමඟ කිට්ටු රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් නොමැත, මන්ද ඔවුන් ශිෂ් ized සම්පන්න ජනතාව සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි නොදන්නා බැවිනි. ඔවුන්ට හීලෑ කිරීමට, පාතාල කල්ලිවලට හෝ දුමින්ද සිල්වා වැනි වැරදිකරුවන් වූ අපරාධකරුවන්ට හැකිය, නමුත් නිසි බාහිර දේශපාලනය සඳහා ඔවුන් විශේෂ expert යන් නොමැතිකමයි.
      රට තුළ වුවද, ශිෂ් ized සම්පන්න උගත් කොටස් අද සමුද්‍රීයකරණයට ලක්ව ඇත්තේ උරගයින් සමඟ ඉදිරියට යා නොහැකි බව ඔවුන් දන්නා බැවිනි. එන්පීපී යනු රටේ අනාගතයයි. කවුරුන් කුමක් පැවසුවද, කුමක් කළත් ජාතියේ අභිවෘද්ධිය සඳහා අප සියලු දෙනා එන්පීපී පිටුපස සිටිය යුතුය. ආණ්ඩු වෙනස් කිරීමත් සමඟ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිසිදු වෙනසකට භාජනය නොවිය යුතුය. විෂම චක්‍රීය ප්‍රවර්ධකයන්ගේ මෝඩ මනස තුළ එය හංවඩු ගැසිය යුතුය. එමඟින් ජාතිය කබලෙන් ලිපට ගින්නට තල්ලු කළ හැකිය. හිස නැති කිසිවක් නැති මිනිසෙකුට ජාතියේ නායකයා වීමට ඉඩ දීමෙන් අද අප සියලු නොහැකියාවන් අත්විඳිති. එය නරක සොල්දාදුවෙකුට බලවත් ආයුධයක් ලබා දීම හා සමානය.

  • 3
    0

    හිරේ හිටපු දරුණු ගණයේ එල්ටීටී ත්‍රස්තවාදීන් 16ක් එක්ක, මිනීමරු බලකායක් සහ විශාල හෙරොයින් ජාවාරමක් කරගෙන ගිය දුමින්ද සිල්වාව නිදහස් කලේ කොටි නිදහස් කරපු එක ගැන කතා කරන එක වහන්න. හැබැයි කොටි නිදහස් කරන්න ගත්ත තීරණය හදිසියේ ගත්ත තීරණයක්වත් යුරෝපා සංගමයේ යෝජනාව හින්දා ගත්ත තීරණයක්වත් නෙමෙයි. වේලාසනම ගත්ත තීරණයක්.
    කොටි එක්ක, ගෝඨාභයගේ දකුණු අත දුමින්ද සිල්වා වගේ මිනිහෙක් එලියට එන එක පිටිපැස්සේ තියෙන්නේ සිංහලයන්ගේ අනාගතය ඉතා අවදානම් අඩියකට යන බවට සලකුණක්.
    ගෝඨාභය 2019 මුස්ලිම් ත්‍රස්තවාදයක් හදලා ඊට පස්සේ සිංහලයන් උසිගන්වලා අවුරුදු ගානක් ඉස්සරහට යන සිංහල මුස්ලිම් මහා ජාතිවාදී කෝලාහලයක් හදන්න කරපු සැලසුම වැලකුනා ලංකාව ආරක්ෂා කරන නොපෙනන බලවේග නිසා. නැත්නම් ට්‍රම්ප් මුලින් කිව්ව විදිහට ජාතිවදී කොලහලයෙන් ලක්ෂ 10ක් මරයි කියලා තමයි ගණන් හදන ඉඳලා තියෙන්නේ. ගෝඨාභය හිතුවේ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරගත්ත නායකයා කියලා කිව්වා වගේ මුස්ලිම් ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්ත නායකයා තමන් බව කිය කියා දිගටම බලයේ ඉන්න. හැබැයි දැන් ඒ ඔක්කොම එලි වෙච්ච නිසා රාජපක්ෂලා හදන්නේ නැවත කොටි නැගිට්ටවන්න. පොඩි පොඩි ඒවායින් පටන් ගෙන ඊළඟ චන්දෙ ලං වෙනකොට මහා භීෂණයක් ඇති කරන්නයි සැලසුම. කොටින්ගේ පිහිටෙන් අනාගතයේ තමන්ට අභියෝගයක් එල්ල වෙයි කියල හිතන පිරිස් එලොව යවන්න සැලසුමක් තියෙනව. සහරාන් එක්ක කරපු විනාශේ හැටියට මේක මොකක්ද? රාජපක්ෂලා ගුප්ත බලවේග නැට්ටටම පාවිච්චි කරනවා. ඒ හින්ද රාජපක්ෂලාම දාපු දියසේනලා ඇරුනහම, ඇත්ත දියසේනලා ඉන්නවා නම් පරිස්සම් වෙන්න වෙයි.

  • 3
    0

    මුස්ලිම් ත්‍රස්තවාදයක් හදන්න 2019ම තෝරා ගත්තේ ඇයි? සමහර දේවල් දැන් එලි කලාට කමක් නැතිවෙයි. නමුත් සියල්ල නෙමෙයි. රාජපක්ෂලා විතරක් නෙමෙයි පිටිපස්සේ තවත් පිරිස් සහ රටවල් ඉන්නවා. මට කියන්න ඕනේ වුනේ රාජපක්ෂලා එක්ක දෙමල මුස්ලිම් කතෝලික විතරක් නෙමෙයි සමහර උඩරට හාමුදුරුවරුත් ඉන්නවා කියන එක. ඒ හින්ද හොඳට මතක තියාගන්න ඕනේ සිංහල අපිට ඉන්නේ අපි විතරයි. ඒකයි අපි එකට සංවිධානය වෙන්න ඕනේ.
    මම කියන්න ගියේ 2019 ගැන. 2019 වෙසක් වැටුනේ මැයි 19. 2019 සුවිශේෂී අවුරුද්දක් බව අපේ කිහිප තැනක සඳහන් වෙනවා. අපේ මුතුන් මිත්තෝ අපේ ඉතිහාසයේ වැදගත් කරුණු වල දින වකවානු හැංගුවා. නමුත් ඒ සම්බන්ධ ගවේෂණය කරන පිරිසක් සමහර විට ගණනය කිරීම කරලා හිතලා තියෙනවා 2019දී ලංකාවේ බුද්ධාගමට අවුරුදු 5000 සම්පූරණ වෙනවා කියලා සහ බුදුහාමුදුරුවන්ගේ උපත බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම තුනම සිද්ද වුනේ මැයි පසළොස්වක පෝය දවසේ කියලා.
    මුල් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයේ සැලසුම මම හිතනවා කරන්න හිතන් හිටියේ 2019 මැයි 19. ඒක වෙනස් වුනා. නමුත් ඔවුන් හිතුවා ජාතිවාදී කෝලාහලයක් කරලා වෙසක් වෙනකොට සිංහල බෞද්ධයෝ මරා දමලා පන්සල් විනාශ කරලා (මුස්ලිම් විතරක් නෙමෙයි වෙනත් පිරිසකුත් ලව්වා) ලෝකෙට කියන්න ලංකාවේ බුද්ධාගම අවුරුදු 5000 දී ඉවර වෙන බව බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා කියලා ඒ මහා විනාශය සාධාරණීය කරන්න. නමුත් හිතපු විදිහට සිංහලයෝ කලබල වුනේ නැහැ. තුශ්නිම්බූත වෙලා බලා හිටියා. ජාතිවාදී කලකොලහලයක් සිද්ධ වුනේ නැහැ. ඒක සිද්ධ නොවෙන්න එක හේතුවක් තමයි 2019 බුද්ධ බලයට තවත් බලගතු බලයක් එකතු වීම.

  • 1
    2

    මම හිතන්නේ මේ කාලයේ මේ විදිහට බුදු දහමට විශාල බලපෑමක් එල්ල වෙන්න ඉඩ තියෙන බව අපේ මුතුන් මිත්තන් දැන හිටියා. ඒකයි එක පාරම වගේ ඒ කියන්නේ 2019 ඉඳන් වගේ සිංහල බෞද්ධයන් තුල බුදුදහම ගැන විශාල ප්‍රබෝධයක් ඇති වීම. බුදු හාමුදුරුවෝ උපන්නේ ලංකාවේ බව සිසිර පෙරේරා සහ ප්‍රශාන්ත මහත්වරු මම හිතන්නේ දැන් අවුරුදු 10ක විතර ඉඳන් කියන දෙයක්. නමුත් බෞද්ධයෝ ඒ ගැන එක වරම ලොකු අවධානයක් යොමු කරන්න ගත්තේ 2019 වගේ ඉඳන්. බුදුහාමුදුරුවෝ අපේ රටේ අපේ සිංහලයෙක් කියලා මිනිස්සුන්ට දැනෙන්න පටන් ගත්තහම ඔවුන්ගේ සිතිවිලි වල ලොකු වෙනසක් ඇතිවුනා. මම හිතනවා එහෙම වෙන්න හේතුව බුදුදහමට මේ කාලයේ සිද්ධ වෙන බරපතල අන්‍ය ආගමික බලපෑම් වලට එරෙහිව සිංහලයන්ව නැගී හිටුවන්න තමයි මේක සිද්ධ වෙන්නේ.
    බුදුදහම විනාශ කරන්න හදපු පිරිස් හිතුවට ලංකාවේ බුදුදහමට තවම අවුරුදු 5000ක් පිරිලා නැහැ. හැබැයි 2500ට වඩා නම් ගොඩක් වැඩියි මගේ ගණනය කිරීම වලට අනුව. නියම ගණන කියන එක හොඳ නැහැ.
    අපට තියෙන බලපෑම් දෙවිදියක්. එකක් ආයුධ වලින් අනික පෑනෙන්. ඒ හින්ද විරුද්ධ වෙන දේට පරක්කු නොකර එක හෙලා විරුද්ධ වෙන්න ඕනේ. දැන් අපි ඉදිරිපිට තියෙන ලොකුම අනතුර ත්‍රිපිටක සංරක්ෂණ පනත. දෙවෙනි එක ඉදිරියට ඇති වෙන්න පුළුවන් භීෂණය. අපි රාවණා රජ්ජුරුවුන්ගේ පිහිට පතනවද? නැත්නම් තව ටිකක් බලනවද? රාවණා ඉන්නවද කියලා කවුරුන්ට හරි සැකයක් තියෙනව නම් මට කියන්න තියෙන්නේ ඉන්නවා කියලා. කොහොමද දන්නේ? අනිත් දන්නා අයත් ඇති. මම නම් දන්නේ මගේ අත්දැකීම් වලින් (බහු වචන). හැබැයි ලඟදි.

  • 1
    1

    දැන් බලන්න කොරෝනා ඇවිල්ල ලෝකෙම සහ ලංකාවෙත් මිනිස්සු මස් කෑම අඩු වුනා. දැන් ලංකාවේ මුහුදේ නැවක් ගිනි අරන් ඒකෙ තිබ්බ රසායන ද්‍රව්‍ය මුහුදට එකතු වෙලා දැන් ලංකාවේ මිනිස්සු මාළු කෑමත් නතර වුනා. මේවා අහඹු දේවල් නෙමෙයි. යම්කිසි පැත්තකට සිංහලයන්ව තල්ලු කරන බවක් පේනවා. හැබැයි රාවණා පිහිට ඉල්ලන්න ඉක්මන් වැඩිද? රාවණා රජ්ජුරුවෝ ඉන්නේ හුඟක් ලොකු වේදනාවකින්. දරු දුකකින් වගේ මට හිතෙන්නේ. ඒ හින්ද සිංහල යක්කයෝ පියෙකුගෙන් වගේ ඔහුගෙන් පිහිට ඉල්ලුවොත් කැමති වෙයි. රාවණා බලය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මම කියන්නේ සක්විති රාවණා රජ්ජුරුවෝ ගැන නෙමෙයි. ඒ ගැන හිතන්නවත් එපා. මම කියන්නේ කකුසඳ කෝණාගම කාශ්‍යප සහ ගෝතම සිව් බුදුවරුම දැකපු, නැවත නැවත මිනිස් ආත්මවල ඉපදුනු රාවණා රජ්ජුරුවෝ ගැන. රාවණා පිහිට ඉල්ලුවා වගේ නෙමෙයි ඊට පස්සේ ඔහුව පාලනය කරන්නේ කවුද? රාවණා රජ්ජුරුවන්ට පහන් තියන අය දැනටම ඉන්නවා. පොල්තෙල් පහනක් විතරක් මදි. තව දෙයක් පූජා කරන්න තියෙනව පන්සලක. ඉස්සර දවසකත් මෙතනටම ලිව්වා. කොරෝනා ආවේ ලංකාව වෙනුවෙන්. ලංකාව ආරක්ෂා කරන්න. හැබැයි බලන්න, ලෝකේ පුරා මොන තරම් මිනිස්සු මැරුණද? තවම මැරෙනවද? ලොකු කම්පාවක් දැනෙනවා. රාවණා පිහිට ඉල්ලන්න ඉස්සෙල්ල හොඳට හිතන්න ඕනේ. බුදුදහමට එල්ල වෙන බලපෑම් නැති වෙයි හැබැයි කම්පා වෙන දේවල් සිද්ධ වෙයි.

  • 3
    1

    1/2
    මගේ ආදරණීය, චම්පා,
    ඔබ අද රාවණා මන්ත්‍රයට හසු වී ඇත, මෑතක් වන තුරුම ඔබ මහින්ද රාජපක්ෂේගේ මන්ත්‍රයට හසු විය. මහින්ද ජරපක්ෂේ සියලු මිථ්‍යා විශ්වාසයන්ගෙන් පිරී ඉතිරී යන බව දන්නා කරුණකි. ඔහුගේ රාජකීය ජ්‍යෝති ger ශාස්ත්‍ර ger යා තවත් මෝඩ මිනිසෙකු එම්.ආර්.
    මහින්ද ගොන්තඩියා, ඔහුගේ ශරීර කොටස් වටා තලිෂ් 40 ක් හෝ වැඩි ගණනක් පැළඳ නොගෙන කිසි විටෙකත් නිවසින් පිටව නොයන බව හෙළි කළේය …. ඕනෑම ඉහළ අපරාධකරුවෙකුගේ සාමාන්‍ය හා පොදු ස්වභාවය මෙයයි. ඔවුන් එය හොඳින් දන්නා නිසා, ඔවුන් හිතාමතාම ඉහළ අපරාධ කළ ආකාරය. අපගේ අවාසනාවට, මෙම අපරාධකරුවන් අපගේ ජනතාව විසින් ආරක්ෂා කරන ලද මිනිසුන් විය. අපේ ජනතාවගේ මනසින් බහුතරයක් ඔබේ මනසට වඩා වෙනස් නොවේ.

    නුදුරු අනාගතයේ දී ඔබ වෙනත් කිසිදු මන්ත්‍රයකට හසු නොවන බවට අපට සහතිකයක් තිබේද? අපේ සමාජයේ සාමාන්‍ය මානසිකත්වයක් ඇති වන්නේ එලෙසයි.

    හැන්සාඩ් පටිගත කරන ලද සහ සංරක්ෂිත පාර්ලිමෙන්ටරි තර්ක මෙන්ම, මෑත අතීතයේ දී ඔබ කොළඹ ටෙලිග්‍රාෆ් වෙත එකතු කළ දේ ලේඛනාගාරය යටතේ ලේඛනගත කර ඇත. ඔබ වැනි මෝඩ මිනිසුන් ශ්‍රී ලංකාවේ අද පවතින අවුල නිසා කැපී පෙනේ. එහිදී ඔබට පැන යාමට නොහැකි වනු ඇත. අද අපි එම කෙලනියා රාජා මහා විහාරය – ප්‍රධාන භික්ෂුව පිංතුතරයා සමඟ මැදිහත් වන්නේ නම්, ඔහු අපට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ කෙසේද …. නිසි පිළිතුරක් ලෙස ඔහුට සෑහීමට පත් විය හැකිද?
    ගෝතබයා මැතිවරණයට ටික කලකට පෙර “ව්‍යාජ ධාතු” පිළිබඳ එම භික්ෂුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරය, ඔහුට ඡන්දය දීමට ඊනියා බුද්ධගම අනුගාමිකයින්ට බෙහෙවින් ඉවහල් විය. එය තමන්ගේම ජනතාව නොමඟ යැවීමකි. මගේ මූලාශ්‍රවලින් ඔප්පු වූයේ ස්වල්පයක් පමණක් නොව, මිලියන සංඛ්‍යාතයක් එදින “ව්‍යාජ ධාතු” වන්දනාමාන කිරීම සඳහා විහාරය වෙත දිව ගිය බවයි …
    .
    tbc

    • 3
      1

      2/”
      ශ්‍රී ලංකා සාමාන්‍ය මානසිකත්වයේ මූලාකෘතියට ඔබ එක් හොඳ උදාහරණයක් පමණි. පිංගෝනා හෝ වෙනත් සුදුසුකම් නොලත් පුද්ගලයෙකු විසින් මිශ්‍ර කොට සකස් කරන ලද පෙති ගිල දැමීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ නම්, ඔබත් ඒ හා සමාන මෝඩ ජනතාවත් අනුගමනය කිරීමට ඉක්මන් වනු ඇත. අදටත් අපේ සමාජයේ මෙය නොවැළැක්විය හැකිය. දේශපාලන and යන් සහ මාධ්‍ය දුප්පතුන් හා අවදානමට ලක්විය හැකි අය නොමඟ යවයි.
      එය ජනප්‍රිය වූයේ කෙසේද යන්න පිළිබඳව අපි ඉතා හොඳින් අත්දැක ඇත්තෙමු, ධම්මිකා පැනියා නිෂ්පාදකයා සහ ඔහුගේ ඊනියා සිරප් කෝකටත් තෛලයක් ලෙස. මෙම පිරිමින් මානසික රෝගීන් පමණි. කෙසේ වෙතත්, මාධ්‍ය මේ සම්බන්ධයෙන් මහජනතාවගේ පැත්ත ගන්නේ නැත, නමුත් ඔවුන් තනිකරම අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ වාණිජමය වාසි කෙරෙහි ය. කෙසේ වෙතත්, ඔවුන් ඊනියා සිංහල බුද්ධාගම් බැනර් පැළඳගෙන ප්‍රදර්ශනය කරන අතරම එය දිගටම කරගෙන යයි.

      මගේ ළමා කාලය තුළ, මගේ නව යොවුන් විය ආවරණය කරමින්, මගේ දෙමව්පියන් සහ මා දන්නා සියල්ලන්ම අද්භූත දේවලින් පාලනය විය. පවුලේ දේපළ සම්බන්ධයෙන් පියාගේ ඒකමතික තීරණයට එරෙහිව මගේ මව පෙනී සිටියේය. කෙසේ වෙතත්, මගේ මවට දොස් පැවරීමට බල කෙරුනි. සත්‍යයන්ට අපේ සමාජයේ බලයක් නැත. “යතාරුපා” නමින් වැඩසටහනක් පැවති අතර එය එවකට විකාශය වූයේ ශ්‍රී ලංකීය රූපවාහිණි සහයෝගයෙන් ය. කෙසේ වෙතත්, එය දිගටම කරගෙන යාමට එරෙහිව විවිධ බලවේග නැගී සිටි අතර, වැඩසටහන අත්හිටුවීම හැර වෙනත් විකල්පයක් වැඩසටහනේ නිෂ්පාදකයාට නොතිබුණි. කුණු කන්දක් එහි පැවැත්මට ආධාරකරුවන්ගේ සහාය නොමැතිව නොපවතින සේම, එම සමාජයේ මිථ්‍යාවන් අපකීර්තියට පත් නොවන්නේ නම්, දුගඳ හමන දේශපාලනය එහි නොතිබෙනු ඇත. මම මෙතරම් දීර් for කාලයක් බලවත් රටක ජීවත් වන අතරතුර මේ සියල්ල මට පැහැදිලිය.

      • 2
        0

        leelagemalli
        .
        රාවණා මන්ත්‍රය??? හා හා රාජපක්ෂලා මරු බයයි රාවණාට. ඒ හින්ද බොරු රාවණාල සෑහෙන ප්‍රමාණයක් දැම්ම. ඇත්ත කියපු මිනිස්සුත් දැන් හොයා ගන්නත් නැහැ. රාවණාගේ මෘත දේහයක් ගැන කියපු අයටත් වැඩ වැරදුනා.
        බැසිල් හැදුවේ 2019 නොවැම්බර් ජනාධිපතිවරණෙට ඉස්සෙල්ල කැලණියේ හොර නාග ධාතු වගේ, රාවණා ගැන කතා කරන්න මිනිහෙක් දම්මලා, ඒ මිනිහා ලව්වා කන්දක ඉඳන් රාවණාගේ මෘත ශරීරය කියලා බොරුවක් මිනි පෙට්ටියක දාගෙන ගෙනල්ල මිනිස්සු ලව්වා වන්දනාමාන කරවන්න. මම ඒ සැලැස්ම වේලාසන සිංහල පත්තරේකට ලිව්වට පස්සේ අර මිනිහව බැසිල් හංග ගත්ත. ඒක කළා නම් එහෙම සුනාමියක් ඇවිල්ල ලංකාවම ඉවර වෙනවා.
        කාටවත් යන්න බැරි පර්වතයක තියෙන ගල් ලෙනක බෙහෙත් ගල්වපු මෘත ශරීරයක් තියෙනව. ඒක එතන තියලා ඒ ගල් ලෙනේ දොර තව ලොකු ගල් දොරකින් වහලා තියෙන්නේ. හැබැයි ඒ රාවණා රජ්ජුරුවන්ගේ මෘත ශරීරය නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් රාවණා කියන්නේ විවිධ වෙස් ගන්න පුළුවන් බලවේගයක්, කවදාවත් මැරෙන්නේ නැහැ. අනික රාවණා රජ්ජුරුවෝ දෙවියන් තිදෙනෙක් විදිහට පෙනී ඉඳිමින් දැනටම ලංකාව ආරක්ෂා කරනවා. මිනිස්සු ගිහින් වඳිනවා, හැබැයි ඒ රාවණා රජ්ජුරුවෝ කියලා දන්නේ නැතුව. අනාගතේ කවද හරි අර තැනට යන්න පුළුවන් වුනොත්, ඒ මෘත ශරීරය තියෙන පෙට්ට්ය බලන්න පුළුවන් වෙයි සමහර විට. ඒක හදලා තියෙන විදිහ දැන් මට හරියට මතක නැහැ. මම නම් හරි කැමතියි බලන්න. ලෝක ඉතිහාසයත් වෙනස් කරන්න වෙයි ඒ එක්කම.

        • 0
          0

          ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ ජනවරම මගින් ඔවුන් බලගන්වන්නේ නම් ඔවුන්ගේ ප්‍රවණතාවන් අනුව ජීවත් වීමට එය ඔවුන්ට අවසර දෙයි, එබැවින් දිගු කලක් තිස්සේ පවතින යථාර්ථයන්ගේ කරුණු සහ සංඛ්‍යා ලේඛන වෙත පිවිසීමට නොහැකි වනු ඇත. එවිට ඔවුන්ගේ හිතවතුන් සහ වෙනත් අය දත් නැති අය බවට පත්වේ. විෂම දේශපාලනය පිළිබඳ යථාර්ථයන් සියල්ලන්ටම එක හා සමානව පැහැදිලි කළ යුතුය. එය අනෙක් අතට පුරවැසියන්ගේ අයිතිවාසිකම් ය. ඡන්දදායකයින් තම ඡන්දය ප්‍රතික්ෂේප කළේ නම් දේශපාලන politicians යින් තෝරා නොගනු ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ බලය ලබා ගැනීමෙන් පසු, ඔවුන්ගේ පසුපස කොටස පෙන්වීම අද වන විට අසභ්‍ය දේශපාලනය තුළ දක්නට ලැබෙන අතර එය කිසියම් ගැටයක් ඇති කිසිවෙකු පවා පිළිගන්නේ නැත. සංවර්ධිත රටවලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා වංචනික දේශපාලන politicians යින් විසින් එය උපකාරී වේ.
          භූමි යථාර්ථයන් පිළිබඳ සම්පූර්ණ සත්‍යය හෙළි කිරීමෙන් අප ජනතාව සවිබල ගැන්විය යුතුය. රාජපක්ෂ කොල්ලය වැඩි වැඩියෙන් මතු විය යුතුය. ඔවුන් නැවත බලයට පත්වීමෙන් පසු ඔවුන්ගේ ඉහළ අපරාධවලට එරෙහි අඛණ්ඩ පරීක්ෂණ නිෂ්කාශනය කර ඇත. ඕනෑම ඉහළ අපරාධ විමර්ශනයක් අහෝසි කළ හැකි විනිසුරුවන්ට එරෙහිව අප පෙනී සිටිය යුතුය. මහජනයා සවිබල ගැන්වෙන්නේ නම්, අපට හොඳ අනාගතයක් උදෙසා සෑම දෙයක්ම පාහේ ළඟා කර ගත හැකිය.

  • 0
    0

    තිරිසන්නු වාගෙ මිනිසුන් පිරුන් රටක කිසිම තරුන ජීවිතතයකට බලාපොරොත්තුවක් තබා ගන්නට පුලුවන් කියල මම හිතන්නෙ නැහැ… මොකොද මේ රටේ අදටත්, මිනිසුන් හිතන්න, රාජපක්ශ මැරට්වල බලයෙන් මේ රට ගොඩ ගන්න පුලුවන් කියල… මුදල් අච්චු ගහල බොරු සෝබන දමල මුලු රට වනසනවා විනා.. මෙවුන් මේ මොහොතේ කරන්නෙ කුමන පිලියමක්ද ? එතකොට රටේ ඉන්න ආර්තික විද්වතුන් දිගටම කියන විදියට මේ රටට ඇති භයානක තත්වය…. මේ ඔක්කොටම මුල කිසිම පිලිවෙලක් නැතිව රාජපක්ෂ වරු නය දරාගන්න බැරි විදියට, මේ රට නය කරපු නිසා.. හදපු වරාය හා ගුවන්තොටුපොලවල් මේ රටට ආදයම තියා කිසිවක් ගෙනෙවේ නැහැ… හරියට හිසේ අමාරුවට කොට්ට මාරු කලල බලන් ඉන්නව වාගෙ… බලනකොට චන්ඩ්රික රජයෙන් මේ රටට ගුවන් සේව හරහ ලාභ ගෙනදුන්නත් මේ තිරිසන් බල්ලො ටික ඇවිදින් ගුවන් සේවයත් බන්කොලොත් කරා.. මෙවුන් මේ රටට කරපු ජාති වලට මේ ජනතාව මෙවුන් සතා කාලිකව හිරේ දැමිය යුතුයි.. අදටත් එවුන්ගේ හොර පුට්තු කරන කියන දේවල් තමයි මේ රට බලු ජඩ මාධ්‍ය ආයතනය්න් පවා කතා කරමින් ඉන්නෙ… මේ රටේ ඔය ජුන්ටා රාජපක්ෂ රජය තුල කිසිම වරදන වේගයක් තිබුනෙ නැහැ.. නය හරහා මේ රට ඇතුලු වූ නය නිසා.. මේ රටා ආදයම වැඩි ලෙස කියා පැවා.. එනමුත් හරි විදියට ආර්දික වර්දනයක් ලැබුනා නම්, 2015 වනට විට මිනිසුන්ගේ පඩි නඩි පවා වැඩි කරල තිබුනේ නැහැ. කොතරම් වැරති කිවාත්.. යහපාලනය රජය මෙවුන්ට වඩා 100000000000000000000000000000000% වැඩ කරා.. මිනිසුන්ට හිතරකර උනා.. අද බොරු කාබනික පොහොර කියල දෙඅයක් දමාගෙන තවදුරත් සෝබනය කරගෙන යනව.. හැබැයි … ඉතා විනාශකාරි ලෙස නිශ්පාදන කරපු සහල මේ රටට ගේනව… මෙවුන් හරිය .. මිනිසුන් ඔක්කොම මීහරක් කියල හිතාගෙන මේ රට තුරුන්චි කරගෙන යනව… මේක මහා ලොකු ශාපයක්. .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.