28 October, 2021

Blog

වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? – දෙවන කොටස

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ආපදා ධනවාදයේ නිමේෂය සහ නව වියහැකියාවන්

“අලුතින් හිතමු, ගොඩ එමු.” මේ පසුගිය එකොළොස් වනදා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක මාතෘකාවයි. එම සම්මන්ත්‍රණයේදී දෙරණ මාධ්‍ය ජාලයේ සහ ජෝජ් ස්ටුවර්ට් ආයතනයේ සභාපති දිලිත් ජයවීර මෙලෙස පවසා ඇත. “මේ වසංගතය තුළ අපිට අවස්ථාවක් දකින්න පුළුවන් නම්, ගෝලීය අවස්ථාවක් ලෙස, ඒක තමයි මට පේන්නේ…” ඔහුට පෙනෙන දෙය මායාවක් විය නොහැකිය. වත්මන් පාලනාධිකාරයේ චින්තනය හැඩ ගස්වන ව්‍යවසායක ජාතික චින්තකයා ඔහු මිස නලින් ද සිල්වා නොවේ. එබැවින් නලින්ව තේරුම් ගැනීමට හෝ නලින් සමග පැටලීමට කාලය නාස්ති නොකර මේ මොහොතේ දේශපාලනය වටහා ගැනීමට අවශ්‍ය නම් අප අවධානය යොමු කළ යුත්තේ දිලිත් ජයවීර නමැති ව්‍යවසායක ජාතික චින්තකයා වෙතය.

“වසංගතය තුළ අවස්ථාවක් දැකීම.” ජයවීරගේ මේ ප්‍රවාදය වත්මන් මොහොතේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය වටහා ගැනීමේදී ඉතාම ප්‍රයෝජනවත්ය. නයෝමි ක්ලයින් ආපදා ධනවාදය ලෙස හඳුන්වන්නේ හරියටම එයයි. ක්ලයින් ඇයගේ “The Shock Doctrine: The Rise of Disaster Capitalism” (2008) කෘතිය ආරම්භ කරන්නේ 2005 වසරේදී එක්සත් ජනපදයේ අති මහත් විනාශයක් සිදු කළ කැත්‍රිනා සුළි කුණාටුව මධ්‍යයේ “නව අවස්ථාවක්” දුටු බුද්ධිමතෙකු ගැන පවසමිනි. කැත්‍රිනාහි ව්‍යසනය මධ්‍යයේ ඒ වන විට අනූ වියැති ආර්ථික විද්‍යාඥයෙකු ඉතාම වේගයෙන් සිදුවීම්වලට මැදිහත් විය. ඒ හානියට පත් නිව් ඕර්ලියන්ස් පෙදෙසේ ජනතාවට සහන සැලසීම සඳහා නොවේ. ඒ වෙනුවට, එතෙක් කලක් ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ නිව් ඕර්ලියන්ස්හි පොදු පාසැල් පෞද්ගලිකකරණය කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීම සඳහාය. සුළි කුණාටුවේ සමාජමය කම්පනය අවසන් වීමටත් පෙරම තම අරමුණ සාක්ෂාත් කර ගන්නට ඔහු සමත් විය. ක්ලයින් පවසන පරිදි මහළු මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ අවසන් ක්‍රියාන්විතය වූයේ එයයි.

අර්බුදයේ මොහොත

නව-ලිබරල්වාදයේ චින්තනමය පුරෝගාමියා හට ආපදාවක් තුළ සැඟවුණු නව වියහැකියාවන් දැකීමේ තියුණු ඉවක් මුල පටන්ම තිබුණු බවක් පෙනේ. 1973 වසරේදී වාම ප්‍රජාතාන්ත්‍රික සැල්වඩෝර් අලෙන්ඩේගේ පාලනය කුමන්ත්‍රණකාරීව පෙරළා දමා බලයට පත් ඒකාධිපති ඔගස්තෝ පිනෝචේ යටතේ දිගුකාලීන කම්පනයකට පත්ව තිබූ චිලී රාජ්‍යය නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අත් හදා බැලීමේ පළමු පර්යේෂණාගාරය ලෙසින් ඔහු තෝරා ගත්තේය. චිලිය තුළ පළමු නව-ලිබරල් ක්‍රියාන්විතය ආරම්භ කරන ලද්දේ ෆ්‍රීඩ්මාන් යටතේ අධ්‍යාපනය ලැබූ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයින් කණ්ඩායමක් (“චිකාගෝ කොල්ලන්”) විසිනි.

ෆ්‍රීඩ්මාන්ගේ පූර්වගාමියා වන වොන් හයෙක්ද “නව අදහස්” ක්‍රියාවට නැගීම සඳහා අර්බුදයක වැදගත්කම මනාව අවබෝධ කරගෙන සිටි අයෙකි. හයෙක් ඉගැන්වූ පාඩම සැකෙවින් මෙසේය. අර්බුදයක් තුළ කැළඹීමට පත් වන මිනිසුන් එයට විසඳුම් සොයා ගන්නේ තමා අවට ඇති අදහස් වලිනි. එබැවින්, කළ යුත්තේ ඉතාම සංවිධිත අදහස් පද්ධතියක් අතැතිව අර්බුදයේ මොහොතක් උදා වන තුරු ඉවසීමෙන් බලා සිටීමයි. නිසි මොහොත උදා වූ වහාම වේගයෙන් මැදිහත් වී අර්බුදයෙන් ගොඩ යාමේ එකම මග තම අදහස් ක්‍රියාවට නැංවීම බව දේශපාලකයින් හට ඒත්තු ගැන්විය යුතුය.

සැබවින්ම 1970 දශකයේ ආර්ථික අර්බුදය හමුවේ සිදු වූයේ එයයි. ඒ වනවිටත් වොන් හයෙක් සහ ඔහුගේ ගෝලයින් දිගු කලක් තිස්සේ කේන්සියානු ඉගැන්වීම්වලට එරෙහිව නිදහස් වෙළඳපලවාදී ධර්මය දේශනා කරමින් සිටියහ. කේන්සියානු හෙජමොනිය තුළ ඔවුන් සිටියේ අද්දරට තල්ලු වූ සුළුතරයක් ලෙසය. නමුත් ආර්ථික අර්බුදය විසින් තම වාරය උදා කෙරුණු වහාම එය අත්පත් කර ගන්නට ඔවුන් සමත් විය. නව-ලිබරල්වාදයේ සමාරම්භක මොහොතේ වූ මේ නාට්‍යමය ජවනිකාව ඩේවිඩ් හාවී ඔහුගේ “A Brief History of Neoliberalism” (2005) කෘතියේ මනාව විස්තර කොට තිබේ.
කම්පන ප්‍රතිකාරය

සමාජය කම්පනයට පත් වන්නේ අනපේක්ෂිත ව්‍යසනයන්ගෙනි. ඒ යුද්ධයක්, ත්‍රස්ත ප්‍රහාරයක්, සුළි කුණාටුවක් හෝ වසංගතයක් හෝ වෙන යමක් විය හැකිය. පසුගිය කාලයේ සිදු වූ එවන් බොහෝ සමාජ කම්පනයන් දෙස බැලූ විට ඔබට ඒ තුළ සැඟවුණු කිසියම් දේශපාලනික කාරණයක් දැක ගත හැකි වනු ඇත. එනම්, සමාජමය කම්පනය අවසන් වීමට පෙරම මහා සමාගම් සහ දේශපාලකයින් එක්ව සිදු කර ඇති ඊනියා රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ය. සමාජමය කම්පනය තුනී වී ගොස් නැවතත් “සාමාන්‍ය තත්ත්වයට” පැමිණෙන ජනතාවට දැක ගත හැකි වන්නේ තමා අවට ලෝකයේ තමන් අපේක්ෂා නොකළ ආකාරයේ ආර්ථික වෙනස්කම් රැසක්ද සිදුව ඇති බවකි. ඔවුන්ට දැන් ඇතුල් වන්නට සිදු වන්නේ ඔවුන් නොදන්නා නව ලෝකයක් වෙතය. එය කෙසේවත් ඔවුන් ප්‍රාර්ථනා කළ ලෝකයක් නම් නොවේ.

“කම්පනය තුළ කෙරෙන ප්‍රතිසංස්කරණ.” පසුගිය දශක තුළ ධනේශ්වර පාලකයින්ට සහ සමාගම් හිමියන්ට මේ විධික්‍රමය විධිමත්ව උගත හැකි වූයේ එක්සත් ජනපදයේ මැගීල් විශ්වවිද්‍යාලය තුළ කෙරුණු ඊනියා මනෝ ප්‍රතිකාර පිළිබඳ පර්යේෂණයක් මගින් බව ක්ලයින් පෙන්වා දෙයි. එවන් කැමරන් නමැති මහාචාර්යවරයා විසින් දියත් කරන ලද එම පර්යේෂණයට සී.අයි.ඒ සංවිධානය මුදල් පොම්ප කර ඇත. කැමරන් මානසික ආතතිය සහ විශාදය සුව කිරීමට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කථන ප්‍රතිකාර ක්‍රමයට වඩා සාර්ථක ක්‍රමයක් තමන්ට ඇතැයි කියා පෑවේය. ඔහුගේ ක්‍රමය වූයේ තම රෝගීන්ව සති ගණන් හුදෙකලාවේ සහ අඳුරේ තබමින් ඔවුන්ගේ ශාරීරික සංවේදන අත්හිටුවා දැමීමයි. ඉනුත් ඔබ්බට ගොස් ඔහු එම අසරණ රෝගීන් විද්‍යුත් කම්පනයන්ට පවා ලක් කළ බව ක්ලයින් පවසයි. මෙහි සරල අදහස වූයේ රෝගියාගේ මනස හිස් කඩදාසියක් බවට පත් කිරීමයි. ඉන්පසුව, ඒ මත පටිගත කළ තම පණිවිඩ ලිවීමට ඔහු ප්‍රයත්න දැරුවේය.

රෝගීන්ව පර්යේෂණාගාර මීයන් බවට පත් කෙරුණු මේ වැඩ පිළිවෙලට ගොදුරු වූ මිනිසුන් හට උරුම වූයේ යළි කිසිදාක ගොඩ ඒමක් නොමැති මානසික වියවුල්ය. ක්ලයින්ගේ වචනයෙන් කිව හොත්, කැමරන්ගේ සායනය රෝගීන් හට වධකාගාරයක් විය. නමුත්, මිනිසුන්ගේ මනස පාලනය කරන්නේ කෙසේදැයි උනන්දු වෙමින් සිටි සී.අයි.ඒ සංවිධානයට නම් එය වටිනා දැනුම් නිධානයක් වූ බව ඇය පෙන්වා දෙයි.

කම්පන ධර්මතාවේ දේශපාලන ගම්‍යතා

අපගේ සාකච්ජාවට වඩා වැදගත් වන්නේ මේ ඊනියා කම්පන ප්‍රතිකාර ක්‍රමය වත්මන් යුගයේ ධනවාදය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි. සරලව, මහා කම්පනයකට ලක් කෙරෙන පුද්ගල මනස සේම සමාජ මනසද අනපේක්ෂිත වෙනසකට ලක් කළ හැකි යැයි දැන් ගෝලීය ධනවාදී ප්‍රතිපත්ති සම්පාදකයින් විශ්වාස කරති. සමාජමය කම්පනයක් තුළ හැකි තරම් වේගයෙන් තමන්ට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට ඔවුන් ප්‍රයත්න දරති. මේ පිළිබඳව ක්ලයින් ඉදිරිපත් කරන නිදසුන් රැසක් තිබේ. පිනෝචේ යටතේ චිලී රාජ්‍යය නව-ලිබරල් පර්යේෂණාගාරයක් බවට පත් කරන ලද්දේ කෙසේද යන්න එක් නිදසුනක් පමණි.

මාගරට් තැචර් හට එක්සත් රාජධානියේ නව-ලිබරල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ෆෝක්ලන්ත යුද්ධයේ දේශප්‍රේමී රංගයද අවශ්‍ය විය. යුදවාදී මානසික මෙහෙයුම් යනු තමා අවට ඇති දේශපාලන ආර්ථික යථාර්තය නොදකින ලෙස ජන මනස නිර්වින්දනයට ලක් කෙරෙන ක්‍රමවේදයක් බව ඇය ඉතා හොඳින් දැන සිටියාය. තැචර්ගේ යුදවාදය, නව-ලිබරල්වාදය, ඉංග්‍රීසි පවුල පිළිබඳ දෘෂ්ටිවාදය මත පදනම් වූ නව-ගතානුගතිකවාදය සහ දේශපාලන අධිකාරීවාදය එක්ව ගමන් කළ බව සිහි තබා ගන්න. ඇයට 1984 දී බ්‍රිතාන්‍ය ගල් අඟුරු කම්කරුවන්ගේ වැඩ වර්ජනය සාර්ථකව මර්දනය කළ හැකි වූයේ මේ සියල්ලේ එකතුවෙන් සැදුණු හෙජමොනික දේශපාලනයක හස්තයෙනි.

1989 වසරේදී චීනයේ තියනන්මෙන් චතුරස්‍රයේ අති විශාල තරුණ සහ ශිෂ්‍ය උද්ඝෝෂණය දරුණු ලෙස මර්දනය කිරීමත් සමග එරට ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ වේගයෙන් ක්‍රියාත්මක කිරීම තවත් එවන් නිදසුනකි. රුසියාවේ වේගවත් පෞද්ගලීකරණ ක්‍රියාවලියකට මග පෑදුනේ 1993 දී ජනාධිපති බොරිස් යෙල්ට්සින් පාර්ලිමේන්තුවට යුද ටැංකි යවා විපක්ෂ නායකයින් සිරගත කිරීමේ රංගයත් සමගය. 1999 දී නේටෝ හමුදා බෙල්ග්‍රේඩ් නගරයට පහර දීමෙන් පසුව පැරණි යුගෝස්ලාවියාවට නව-ලිබරල් ආර්ථික තාක්ෂණවේදීන්ගේ ප්‍රවේශයටද මග සැකසිණ. ඉරාකයේ එක්සත් ජනපද ආක්‍රමණයෙන් සදාම් හුසේන් බලයෙන් නෙරපා නිර්මාණය කරන ලද තාවකාලික ආණ්ඩුව යටතේ නව-ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ලද්දේ කෙසේදැයි ඩේවිඩ් හාවී සවිස්තරාත්මකව විස්තර කරයි.

ක්ලයින් පවසන පරිදි, 2001 සැප්තැම්බර් ප්‍රහාරය එල්ල වන විට එක්සත් ජනපද ධවල මන්දිරයේ අරක්ගෙන සිටි ආර්ථික උපදේශකයින් වූයේ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ ගෝලයින්ය (ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ද ඇතුළුව). ඉනික්බිති ඇරඹුණු ‘ත්‍රස්ත-විරෝධී යුද්ධයේ’ රංගය තුළ ඔවුන් තම ආර්ථික ක්‍රියාන්විතයද සාර්ථකව පෙරට දැමූහ. එතෙක් කලක් රාජ්‍ය පාලනය යටතේ පැවති බොහෝ සේවාවන් ඉනික්බිතිව පුද්ගලික සමාගම්වලට පවරනු ලැබිණ. එක්සත් ජනපද මිලිටරි-සමාගම් සංකීර්ණයක වර්ධනයට අවශ්‍ය පසුබිම සකසන ලද්දේ ‘ත්‍රස්ත-විරෝධී යුද්ධය’ මගින් නිර්මාණය කරන ලද සමාජමය නිර්වින්දනය තුළය.

සුනාමිය, පාස්කු ප්‍රහාරය සහ වසංගතය ඔස්සේ නිර්වින්දිත ලංකාව

ආපදා ධනවාදය පිළිබඳ ඉහත විග්‍රහය අපට වැදගත් වන්නේ කෙසේද? නයෝමි ක්ලයින් ආපදා ධනවාදය පිළිබඳ ඇයගේ දීර්ඝ කෘතියේ සත්වන පරිච්ජේදය වෙන් කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙනි. ඇය 2004 සුනාමි ව්‍යසනය සමයේ අප රටට සංචාරය කළාය. සුනාමියේ ප්‍රහාරයට ලක්ව තම ආදරණීයයන් වියෝ වී, උන් හිටි තැන් අහිමිව සිටි ජනතාව අතර ඇය සැරිසැරුවාය. එහිදී ඇයගේ තියුණු විශ්ලේෂණාත්මක ඇසට හසු වූ වැදගත් ක්‍රියාවලියක් විය. එනම්, සුනාමියේ කම්පනය මධ්‍යයේ ගෝලීය මූල්‍ය ආයතනවල උපදේශකත්වය යටතේ විශාල පෞද්ගලීකරණ ව්‍යාපෘතියක් දියත් වෙමින් පැවති බවයි. ක්ලයින්ගේ විශේෂ නිරීක්ෂණයට ලක් වූ අරුගම්බේ ප්‍රදේශයේ එය ක්‍රියාවට නැගුණු ආකාරය කත්‍රිනා කුණාටුව මධ්‍යයේ නිව් ඕර්ලියන්ස් පෙදෙසේ සිදු වූ දේට බොහෝ සෙයින් සමානය. දහස් ගණන් ජනයා ඔවුනගේ සුපුරුදු වෙරළ තීරයෙන් ඉවත් කරන ලද අතර ඔවුනට යළි කෙදිනකවත් ඔවුනගේ පැරණි ජීවිතය කරා යා නොහැකි විය. ඒ වෙනුවට මිනිස් වාසයට නුසුදුසු යැයි ප්‍රකාශයට පත් කෙරුණු එම වෙරළ තීරය සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා පුද්ගලික ව්‍යවසායකයන් හට අලෙවි කෙරිණ.

එපමණක් නොවේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ USAID යන ආයතනවල උපදේශකයින්ගේ මැදිහත්වීම ඇතිව පශ්චාත්-සුනාමි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ඉතාම ඉක්මනින් එළි දැක්විණ. පසුව, “යළි පුබුදමු ශ්‍රී ලංකා” (regaining Sri Lanka) යන ආකර්ෂණීය යෙදුමින් හඳුන්වන ලද්දේ එයයි. මෙම ආපදා ධනවාදී ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ මහා ප්‍රාග්ධනයේ අභිලාෂයන්ට වාසි ගෙන දෙන ආකාරයෙන් ආර්ථිකයේ වැදගත් ප්‍රතිසංස්කරණ රැසක් වේගයෙන් ක්‍රියාත්මක කිරීමයි.

“සමාජ කම්පනය තුනී වී යාමට පෙර අවශ්‍ය වෙනස්කම් වේගයෙන් ඇති කරන්න. ජනතාව නැවත සිහි එළැඹ ගැනීමට පෙර එම වෙනස්කම් ආපස්සට හැරවිය නොහැකි ලෙස ආයතනගත කොට සම්පූර්ණ කරන්න.” ආපදා ධනවාදය යටතේ ක්‍රියාත්මක කෙරෙන ෆ්‍රීඩ්මාන්ගේ ඉගැන්වීම එයයි. නමුත්, ලොව සෙසු බොහෝ තැන්වල මෙන්ම ශ්‍රී ලංකාව තුළද එය සෑම විටම සාර්ථක වූයේ නැත. ප්‍රජාතාන්ත්‍රික මහජන සම්ප්‍රදායන් මුල් බැස ගත් සමාජයක් මුළුමනින්ම නිර්වින්දනයට ලක් කළ නොහැක. පසුගියදා වසංගතයේ කම්පනයට ලක්ව සමාජ අවකාශය හැකිළී යමින් තිබුණු තත්ත්වයක් තුළ සම්මත කර ගන්නට ප්‍රයත්න දැරුණු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පණත ආපස්සට ගන්නට සිදු වූයේ එබැවිනි. මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබඳ ගැටළුව සහ කෙරවලපිටිය යුගදනවි බලාගාරය ආශ්‍රිත ගැටළුව තවත් එවන් නිදසුන්ය.

සමාජය සක්‍රීය කිරීමේ දේශපාලනය

මේ අනුව, ආපදා ධනවාදයේ ක්‍රියාන්විතය පැරදවීමේදී නිර්වින්දනයට ලක් කෙරුණු ජන සමාජය නැවත සක්‍රීය කිරීම මූලික අරමුණක් බවට පත් විය යුතු බව ඉතාම පැහැදිලිය. කම්පනයේ මොහොත තුළ ප්‍රාග්ධන ක්‍රියාවලිය නිෂ්ක්‍රීය වන්නේ නැත. එය නව උපායික හැරවුමක් සහිතව නැවත හැඩ ගැසෙමින් ඇතැම් විට කලින්ටත් වඩා සක්‍රීයව ක්‍රියාත්මක වේ. ඒ ගැන එක් නිදසුනක් පමණක් කියන්නට ඉඩ දෙන්න. ඔක්ස්ෆෑම් ආයතනය වාර්තා කරන පරිදි, කොරෝනා වසංගතය පැවති කාල පරිච්ජේදය තුළදී ලොව ධනවත්ම පුද්ගලයින් දස දෙනා ඩොලර් බිලියන 540 ක ධනයක් උපයා ඇත. එම මුදල් කන්දරාව සමස්ත ලෝකයේම ජනතාවට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත්ය.

සමාජමය කම්පනය සහ නිර්වින්දනය යනු වසංගත ධනවාදයේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වූ කොන්දේසිය. මන්ද යත්, මහා ප්‍රාග්ධනයේ වුවමනාකම්වලට අනුව ගෝලීය වශයෙන් අධිකාරීමය ධනවාදී පර්යායක් ගොඩ නැගීමේ වත්මන් මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කම්පන ප්‍රතිකාර ක්‍රමවේදයට අනුවය. සමාජමය මනස කිසිදු සංවේදනයක් නොදැනෙන හිස් කඩදාසියක් බවට පත් කොට ඒ මත ලියන්නට යන්නේ අධිකාරීමය ධනවාදයේ පටිගත කළ පණිවිඩයයි. ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය (great reset) යනු එයයි.

එබැවින් සමාජ අවකාශය නැවත සක්‍රීය කිරීම දැන් වාමාංශික ප්‍රගතිශීලීන් හමුවේ ඇති සුවිසල් අභියෝගයකි. ජන සමාජය රැක ගනිමු. මානව සහයෝගීතාව මත පදනම් වී වසංගතය පැරදවීමේ මහජන ව්‍යාපාරයක් පහත සිට ගොඩ නගමු. සෞඛ්‍ය අර්බුදය සමනය වී යාමෙන් පසුව උදා වන ආර්ථික දරිද්‍රතාවේ සහ සාගතයේ අර්බුදය පැරදවීම දක්වා එම ව්‍යාපාරය පුළුල් කරමු. අපේක්ෂා භංගත්වයට පත් වූ තරුණ තරුණියන් හට ජීවිතය හා ලෝකය ගැන නව බලාපොරොත්තුවක් ලබා දෙන ප්‍රතිජනනාත්මක දේශපාලනයක් වමෙන් අරඹමු. එවන් දේශපාලනයක් සඳහා විශාල අවකාශයක් දැන් විවෘත වී තිබෙන බව අපගේ විශ්වාසයයි.

අර්බුදය තුළ නව වියහැකියාවන් දැකීමේ ප්‍රතිභාව ඇත්තේ දිලිත් ජයවීරලාට සහ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ලාට පමණක් නොවන බව පෙන්වීමට සමත් වන නව-වමකට මේ මොහොත නිසැකවම විවෘතය.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Dear Sumith thank for the valuable article.
    .
    හිතවත් මිත්‍රයිනි, තවත් දූපත් ජාතියක් ලෙස එහි භූගෝලීය පිහිටීම අනුව යමින් අපේ මිනිසුන් කොවිඩ් මගින් බේරා ගත හැකිව තිබුණි. එයට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වන එක් ප්‍රධාන පිවිසුම් මාර්ගයක් හැර වෙනත් පිවිසුමක් නොමැත. යුරෝපයේ දේශගුණික තත්ත්වයන් නොසලකා දූපත් ජාතීන් වශයෙන් බොහෝ රටවල් ආසියාවේ සහ ආසියානු පැසිෆික් කලාපයේ (නිව්සීලන්තය, තායිවානය, වියට්නාමය, වෙනත් බොහෝ රටවල්) තම ජනතාව ආරක්ෂා කර ඇත. අපගේ සංස්කෘතික ප්‍රතිරෝධය අති විශාලයි, සමහර විට පහසු වචන වලින් පැහැදිලි කළ නොහැක. ඔවුන් “ලෝක සෞඛ්‍ය සංවිධානයේ කරුණු සහ නිර්දේශ” ගැන එතරම් තැකීමක් නොකරයි. කෙසේ වෙතත්, පක්‍ෂ-රජයේ මිලිටරි ආධිපත්‍යය නිසා වයෝවෘද්ධ පුද්ගලයින්ට COVID වලින් මිය යාමට සහ මිය යාමට ඉඩ සැලසේ. මියගිය අය අතර සංඛ්‍යාලේඛන සංසන්දනය කිරීමේදී මෙය අද පැහැදිලි වෙමින් පවතී (75% කට වඩා 60 ට වැඩි අය වන අතර කිසිදු කොවිඩ් විරෝධී එන්නතක් එන්නත් නොකළ).

    මම ජර්මනියේ ජීවත් වූ මුල් දවස්වලම, ශීත සෘතුවේ ඇඳුම් වලින් බල්ලන් ඇඳීම විහිළුවක් යැයි මම සිතුවෙමි. මගේ බැලූ බැල්මට එය විකට චිත්‍රයක් ලෙස පෙනුන නමුත් කාලයත් සමඟ එය සාමාන්‍ය දෙයක් බවට පත් විය … එයට වැඩි අරුතක් ඇති බැවිනි.
    කෙසේ වෙතත්, කාලයත් සමඟම, දැඩි සීතලෙන් පිටතට ඇවිදීමට යන විට උණුසුම් ඇඳුම් වලින් පමණක් මෘදු විය හැකි බව පැහැදිලි විය.

    tbd

    • 1
      0

      continuing.
      .
      කෙසේ වෙතත්, අදටත් මට නොතේරෙන දෙයක් නම්, අපේ සමාජය තුළ අපේ සමහර චාරිත්‍ර වාරිත්‍ර “බුද්ධගම සහ එහි චාරිත්‍ර” මත පදනම් වී තිබීමයි: උදාහරණ ලෙස, හීලෑ අලි ඇතුන් වැනි සැරසුණු සතුන් පෙරහර පෙරහැර ලෙස ගෙන යන බව මට තවමත් වැටහෙන්නේ නැත. නියඟය පවතින විට මිනිසුන් “පොල්” ගසා දමන්නේ ඇයිද යන්න මට ඇත්තෙන්ම වැටහෙන්නේ නැත. එසේම, ශ්‍රී ලාංකික දේශපාලනයේ ස්වයං නිර්මානය අවුල් වලට වගකිව යුතු මහින්ද රාජපක්ෂ වැනි ඉහළ අපරාධකරුවන් අතර පවා “පිරිත් නූල්ස් – අත් ඔරලෝසුවේ ප්‍රමාණයට සමාන” මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් වැඩෙමින් තිබේ.
      රටක එහි සාක්ෂරතා අනුපාතය සිංගප්පූරුව සහ ජර්මනිය හා සැසඳිය හැකි නමුත් දශක ගණනාවක් තිස්සේ තමන්ගේම සංස්කෘතිය මත පදනම් වූ මිථ්‍යාවන් සහ විවිධ න්‍යායන් වලට මිනිසුන් හසු විය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට ගරු නොකරන නමුත්, තමන්ගේම න්‍යායන් ගැන වැඩි වැඩියෙන් පදනම් වී ඇත්තේ, තමන්ගේම මුතුන් මිත්තන් යැයි සැලකෙන අයගේ කටකතා පමණක් පදනම් කරගෙන, දිවයින තුළ කොවිඩ් පාලනය පමණක් නොසලකා හැරීමෙනි. වෛරස් ආසාදන සදහටම සුව කළ හැකි බැවින් තමන්ගේම මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවමින් මිනිසුන් නොමඟ යති. “

      • 0
        0

        සාධු කියන්න පින්වතුනි. කී ධනෙක් නොකියනවාධ? සංඝ සිවුරාවේ පිටුපස සැඟවී සිටින අපේ ගොන්තාදියන් (මුළුමනින්ම මෝඩ මිනිසුන් සහ කාන්තාවන්) විසින් මේ රට ජනතාව රවටා ඇත … සහ මැදමුලන මුසලයා හෙවත් මහින්ද රාජපක්ෂ වැනි වංචනික දේශපාලනඥයින්. ඔහු සහ ඔහුගේ සහෝදරයන් එය විකෘති කර නැවත ජාතිය රවටන්නේ කෙසේදැයි සිතා බලන්න. මුරණ්ඩු කඩ හිමියෙක් හිතුමතේ මිල වැඩිකිරීමක් මෙන් අද බැල්ලිගේ පුත්‍රයින්ට පාර්ලිමේන්තුවේදී නව නීති සම්මත කර ගනී. පැන්ඩෝරා කාන්දුවීම් වාතයට පත් වීමට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී මුදල් විශුද්ධිකරණයට අනුග්රහය දක්වන ඇසුරුම් සම්මත විය. එක්සත් ජනපද පුරවැසියෙකු වූ බිට්ච් එස් සන් බැසිල් විරෝධතා මධ්‍යයේ ඇමරිකාවට ගිය නමුත් ආපසු පැමිණි ඔහු මුදල් ඇමති බවට පත් විය … ඔබට සිතා ගත හැකිද?
        අද ලෝකය හඳුන්වා දී ඇත්තේ මැලේරියාට එරෙහිව එන්නතක් සොයාගෙන ඇති බවයි … නමුත් අපේ මිනිස්සු “තක්කඩි දේශපාලකයින්ට සහ පිංගුතර බුද්ධගමට” එරෙහිව medicineෂධයක් සොයා ගන්නේ කවදා ද? අභාවප්‍රාප්ත ආචාර්ය වල්පොල හාමුදුරුවෝගේ පවුලක මම බෞද්ධයෙකු ලෙස ඉපදුනෙමි … කෙසේ වෙතත්, අද වන විට මගේ උගත් දැක්ම බෞද්ධ ආගමේ ධාන්‍ය කොටස පමණි.

        • 0
          0

          මේ රට ඉතා ඉහළ දූෂණයකින් වැසී ඇත. වෙනත් රටකින්, ආයතනයකින් හෝ බැංකුවකින් ණය ගැනීමට අවශ්‍ය නැත, නමුත් රාජපක්ෂ බැල්ලිගේ පුතුන් විසින් කොල්ලකන ලද මුදල් වලින් පමණක් අපේ මව්බිමේ ගෙල මිරිකී ඇති සියළුම ණය ගෙවා දැමිය හැකිය. අද මේ සියල්ල හෙළිදරව් වූයේ ජාත්‍යන්තර ආයතන සිය කාර්යය හොඳින් කළ බැවිනි. එය දේශීය සමාගම් විසින් සිදු කරනු ලැබුවා නම්, එය අවසානයේ මැදමුලන සුනඛයින් ආවරණය කිරීම සිදු වනු ඇත. කෙසේ වෙතත්, මේ සියල්ල අහසේ තිබියදී, මහින්දාගේ අවජාතක පුත්රයා රටේ අන්තිම දුප්පත් මිනිසාගේ වියදමින් සෆාරි සංචාරයක යෙදී සිටී. ඇත්තෙන්ම මෙලෙච රාජපක්ෂලාගේ හැටි …

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.