27 April, 2024

Blog

ජ’පුර රෝහලේ මුල්‍ය වංචාව: බිරිඳගේ හොර කොම්පැනිය හරහා සුසිත සේනාරත්න මිලියන 17ක් තමාටම​ මුදල් ගෙවා ගනියි!

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න විසින් තමාගේ  බිරිඳ වන ඇන්සි සේනාරත්න අධ්‍යක්ෂක ධූරයක් දරන ආයතනයකට රෝහලේ ලේඛන ඩිජිටල් ගතකිරීමේ මහා ටෙන්ඩරයක් ප්‍රදානය කර සඳහා වංචනික ලෙස රුපියල් 17 679 747 මුදලක් තමාටම ගෙවා ගැනීම පිලිබඳ තොරතුරු කලම්බු ටෙලිග්‍රාෆ් වෙත අනාවරණය වී ඇත. ඔහු විසින් මෙම ගෙවීම කර ඇත්තේ 2015 නොවැම්බර් මස සිට 2018 දෙසැම්බර් මස දක්වා කාලසීමාව වෙනුවෙන්ය. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම මුල්‍ය වංචාව සම්බන්ධව විගණන​ විමසුම මගිනි.

වෛශ්යාකරණය වූ ශ්‍රී ලංකා පරිපාලනය සේවය

2015 මාර්තුමස රාජිත සේනාරත්න විසින් නීති විරෝධී ලෙස ජපුර රෝහලට පත් වුනු සුසිත සේනාරත්න වැඩ භාර ගත් සැණින්ම සිදු කලේ මෙම මහා වංචාවට පසුබිම සකස් කිරීමය. රජිත සේනාරත්නගේ කුප්‍රකට හෙන්චයියෙකු වන සුසිත සේනාරත්න විසින් සිදු  කළ මහා පරිමාන දූෂණ වංචා පිළිබඳව කලම්බු ටෙලිග්‍රාෆ් විසින් සහ ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙලේ මුද්‍රිත  මාධ්‍ය මගින් දිගින් දිගටම හෙළි කලද පිළිබඳව හොඳින් දත් සෞඛ්‍ය අමාත්යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, විඝනකාධිපති පිළිබඳව කිසිදු පියවරක් ගත්තේ නැත. 2015 සිට කෝප් කමිටුව යලි යලිත් විධානය කලද අනුර ජයවික්‍රම, ජනක සුගතදාස, AMKK අත්තනායක, වසන්තා පෙරේරා යන සියලුම සෞඛ්‍ය ලේකම්වරුන් සහ වරියන් කිසිවෙකුට මෙම අවනීතික , නිර්ලජ්ජී පත්වීම අවලංගු කර සුදුසුකම සපිරූ  රාජ්‍ය සේවයකුව පත් කර ගැනීමට  අසමත් වූයේ, ශ්‍රී ලංකා පරිපාලන  සේවය යනු වෘත්තීයව නිරුවත් වුනු  පිරිමින්ගෙන් සහ ගැහැණුන් විසින් වෛශ්යාකරණයට ලක්වූ සේවයක් බව පමණක් පසක් කරමිනි

අතුල කහඳලියනගේ: සුසිත සේනාරත්නගේ ඉටු දෙවියා

ජපුර රෝහලේ සභාපති සිටි, සහ නැවතද එම තනතුරට පත්ව ඇති වෛද්‍ය අතුල කහඳලියනගේ යනු වසර හතරකට ආසන්න කාලයක් සුසිත සේනාරත්න ගේ නීතිවිරෝධී පත්වීම සුරක්ෂිත කල පුද්ගලයාය. ජපුර අධ්‍යක්ෂක මණ්ඩලයේ රාජිත සේනාරත්නගේ හෙන්චයියන් සමග එක්ව ඔහු විසින් සිදු කලේ අධිකරණය , සෞඛ්‍ය අමාත්‍යාංශය , කෝප් කමිටුව ආදී සියලු ආයතන වල ඇසට වැලි ගසමින් සුසිත සේනාරත්න රැකීමය. ජපුර අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිදු කළ මෙම පරිපාලනමය දූෂණ වලට එරෙහි වුයේ රෝහල නියෝජනය කල විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න, මාධව කරුණාරත්න සහ ප්‍රභාත් අඹවත්ත යන මහත්වරුන් පමණි. ඔවුන් සිය පෞද්ගලික නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ රෝහල් අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයේ දූෂිත මතයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවය. අන් සියළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙම සියලු දූෂණ සහ අපරාධ වලට සහයෝගය දුන් අය වෙති.

ජපුර රෝහලේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන්නේ අතුල කහන්දලියනගේය. නමුත් මෙම විඝනන විමසුම සභාපති වෙත යොමු කල අවස්ථාවේ ජපුර රෝහලේ වැඩ බලන සභාපති ලෙස කටයුතු කලේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ . ඉහත සඳහන් ප්‍රසම්පාදන කමිටුවේ සුසිත සේනාරත්නද සාමාජිකත්වය දරයි.

ඇන්සි සේනාරත්න: මුල්‍ය වංචාවේ ප්‍රධාන චරිතය

සුසිත සේනාරත්නගේ බිරිඳ ඇන්සි සේනාරත්න මරදානේ සෙන්ට්‍රල් රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍ය  නිලධාරිනියකි. 2015 .12.26 දින වන විට ඇය ටෙලි චැනලින් ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගමේ අධ්‍යක්ෂක ධුරයක් දරයි.

රටෙහි සාමාන්‍ය නීතිය සහ රජයේ ප්‍රසම්පාදන රෙගුලාසි වලට අනුව තමාගේ පවුලේ සාමාජිකයකුට මුල්‍ය ප්‍රතිලාභයක් ලැබිය හැකි පසුබිමකදී එවැනි ප්‍රම්පාදන කටයුතුවල හෝ , තාක්ෂණික ඇගයීම් වලට සහභාගී වීම සපුරා තහනම් වන අතර එසේ කිරීම මුල්‍ය අපරාධයකි. එවැනි අවස්තාවකදී පිලිබඳ සත්‍යය ප්‍රකාශ කර සියලු ප්‍රසම්පාදන කටයුතු වලින් ඉවත් වීම රාජ්‍ය සේවකයකුට අනිවාර්ය වෙයි. සුසිත සේනාරත්න සහ ඇන්සි සේනාරත්න දැනුවත්ව මෙම මුල්‍ය වංචාවට සහභාගී වූ ආකාරය පහත ඉදිරිපත් කරමු.

ජපුර රෝහලේ ලේඛන ඩිජිටල්කරණය කිරීම් වංචාව පටන් ගත් ආකාරය

සිය නීතිවිරෝධී පත් වීම ලබා ගැනීමෙන් තුන් මසක් ඉක්ම යන්නටත් පෙර අධ්‍යක්ෂක අංක 360.06.04 අංක දරන මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරමින් සුසිත සේනාරත රෝහලේ සියලු කඩදාසි ලේඛන ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියකට අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය.අධ්‍යක්ෂක මණ්ඩලයද මේ පිලිබඳ කිසිදු ශක්‍යතා විමසීමක් නොකර අන්ධයන් සේ ඊට අනුමැතිය දුන්හ. මේ සඳහා වන  ගොඩනැගිලි, වැටුප් හෝ අනෙක් පිරිවැය ගැන කිසිදු විමසීමක් ඔවුන් විසින් සිදු කර නැත. මෙය ආරම්භ කිරීමේ පිරිවැය හෝ පවත්වා ගෙන යාමේ පිරිවැය ගැනද කිසීම විමසීමක් ඔවුන් විසින් සිදු කර නැත.

2018 දෙසැම්බර් මස වන විට ලේඛන ස්කෑන් කිරීමට සහ අප් ලෝඩ් කිරීම සඳහා රුපියල්  පහළොස් මිලියන අට ලක්ෂ හැත්තෑ නව දහස් හත්සිය හතලිස් හතක් (රු 15 879 747 )ගෙවා දැමීමටත්, එහි මෘදුකාංගය සහ බලපත්‍රය සඳහා රුපියල් එක මිලියන අට ලක්ෂයක් (රු 1 800 000 ) ගෙවා ගැනීමට වග බලා ගත්තේය.

දෛවෝපගත කරුණ නම් සිය බිරිඳ වෙත රුපියල් මිලියන් දහ හතක ගෙවා ගනිමින් ජපුර රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න කල මෙම මහා වංචාව විවෘත කරනු ලැබුවේ යහපාලනයේ මහත්මයා ලෙස පෙනී සිටීමට තැත් දරන එරාන් වික්‍රමරත්න විසිනි !

මෙම අති විශාල මුදල මුදල සුසිත සේනාරත්න විසින් ගෙවා ගනු ලැබුයේ රෝහලේ සේවකයන්ට  නොමිලේ දෙන ඖෂධ කප්පාදු කරමින් සහ වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සහ සියලු සේවකයන්ගේ අතිකාල දීමනා සහ වරප්‍රසාද කප්පාදු කරමිනි. අද වන විට ජපුර රෝහලේ දිනක පාඩුව රුපියල් මිලියන 4 කි.

ජපුර රෝහලේපරිඝනක විශේෂඥයා

ජපුර ව්‍යාජ අධ්‍යක්ෂක සුසිත සේනාරත්න සහ ඔහුගේ බිරිඳ ඇන්සි සේනාරත්න විසින් මහජන මුදල් මහා දවල් කොල්ල කමින් සිදු කළ මෙම විශාල මුල්‍ය වංචාවේ වැදගත්ම චරිතයක් නිරුපනය කරන්නේ ජපුර රෝහලේපරිඝනක විශේෂඥයාලෙස සුසිත සේනාරත්න ගෙන නුවන් දෙහිගස්වත්ත . දෙහිගස්වත්ත යනු සුසිත සේනාරත්නගේ ඉතා සමීප මිතුරෙකි. අධ්‍යක්ශක ධූරයට පත්වූ සැනින් පරිඝනක විශේෂඥයකු සඳහා ඉල්ලුම් පත් කැඳවූ සුසිත සේනාරත්න සිය මිතුරා එම තනතුරට පත් කර ගත්තේය. මසකට මිනිත්තු කිහිපයකට පෙනී නොපෙනී යාම සඳහා දෙහිගස්වත්තට ගෙවු වැටුප රුපියල් ලක්ෂයකට අධික වූ අතර ඔහු සේවයට ගෙන්වා ගැනීම ඉතා දුෂ්කර විය. මොහු වීසින් සිදු කරන ලද්දේ  සුසිත සේනාරත්න නිර්මාණය කල පරිඝනක වංචා වලටතාක්ෂණික හේතු සපයමින් ඒවා සාධාරණීකරණය කිරීමය.

ජපුර පිලිබඳ විඝනන විමසුමට  අනුව ඉහත  ලේඛන ඩිජිටල් කරණය සඳහා වන ව්‍යාපෘතිය සඳහා පිරිවතර (specifications) සෑදීමට තාක්ෂණික කමිටුවක් වෙත යොමු කර නැත. ඒවා සාදන ලද්දේ  බිරිඳගේ කොම්පැනියට සරිලන ලෙස සුසිත සේනාරත්න සහ නුවන් දෙහිගස්පිටිය විසිනි.

මොවුන් දෙදෙනා මෙසේ පිරිවතර සකස් කල පසු මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවන ලදී. එම ටෙන්ඩර් තාක්ෂණික කමිටුවකට යොමු කල අතර මෙම තාක්ෂණික කමිටුවට  සහභාගී වීම නුවන් දෙහිගස්පිටිය දිගින් දීගටම මග හැරියේය.   නමුත් අවසානයේ ඔහු  රැස්වීම් සඳහා පැමිණි අතර ඇන්සි සේනාරත්නගේ ආයතනය තෝරා ගැනීම දැඩිව නිර්දේශ කරමින් තාන්ක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කළේය.

තාක්ෂණික කමිටුව පත් කර ඇත්තේ සුසිත සේනාරත්න විසිනි!

මෙම ටෙන්ඩර් ලිපි ගොනුවේ සටහන් කර ඇති සටහන් වලට අනුව මෙම තාක්ෂණික කමිටුව පත් කර ඇත්තේ සුසිත සේනාරත්න විසිනි. තාක්ෂණික කමිටු පත් කිරීම ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ගේ වගකීම වන අතර සුසිත සේනාරත්න මොවුන්ව පත් කිරීම බරපතල ලෙස නීතිය උල්ලංඝනය කිරීමකි.  මොහු විසින් සිදු කර ඇත්තේ ඇන්සි සේනාරත්නගේ ආයතනය වෙත මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමය.

රජයේ විගණකාධිපති වාර්තාව අනුව මෙම විශ්ලේෂණය සඳහා කාලසටහනක අනුගමනය කර නොමැත. ඇන්සි සේනාරත්නගේ ආයතනය තේරෙන පරිදි සැලසුම් සහගතව නිර්මාණ කර ප්‍රසම්පාදන කමිටුවෙන්  අනුමත කරවාගත්  පිරිවතර  නිසා තාක්ෂණික කමිටුව අසරණ විය.

වංචාකාරී ලෙස සිදු කල ටෙන්ඩර් විවෘත කිරීම

රජයේ විඝනකාධිපති විමසුමට අනුව සිය වාර්තාවෙන් තව දුරටත් දන්වා සිටින්නේ මෙම ටෙන්ඩර විවෘත කිරිමද වංචනික ලෙස සිදු කර ඇති බවයි. මෙම ටෙන්ඩර විවෘත කිරීම ලේඛනගත කර නැත.  සියලු ටෙන්ඩර් තාක්ෂණික කමිටුවට දිරිපත් කලේද නැතිද යන්න පිලිබඳ සටහනක් නොමැති අතර මෙම ටෙන්ඩර් ලේඛන වල වෙනස්කිරීම් සිදු වුයේදැයි නොදනී.

සුසිත සේනාරත්න විසින් තාක්ෂණික කමිටු සාමාජිකයින් පත් කර තිබුනේ සදහා කිසිදු පරිචයක් ඇති අයෙකු පත් නොවන ලෙසිනි. තවද අසම්පුර්ණ ලෙස ලේඛන යොමුකරද  තිබුණි. ඉන් පසුව ඔහු කලේ නුවන් දෙහිගස්පිටියව මෙම තාක්ෂණික කමිටුවට ඇමිණීමය. කලම්බු ටෙලිග්‍රාෆ් තහවුරු කල ගත පරිදි සුසිත සේනාරත්නගේ ලේකම්වරයා වන අංජන සෙන්දනායක මෙම ටෙන්ඩර් ලිපිගොනුව නුවන් දෙහිගස්පිටියගේ නිවසට රහසේ ගෙන ගියේය. මීට පෙරද කලම්බු ටෙලිග්‍ර මගින් වාර්තා කල පරිදි සෙන්දනායක යනු සුසිත සේනාරත්නගේ වංචා දුෂණ වල අතරමැදියෙකි.

ඇන්සි සේනාරත්නගේ කොම්පැනිය අවතාරයක් පමණි !

රජයේ විගණන​ විමසුමෙන් හෙළිවන වැදගත්ම කරුණක් නම් ඔවුන් විසින් කල විමසීමෙන් ඇන්සි සේනාරත්නගේ කොම්පැණිය තිබෙන බව සඳහන් වන ලිපිනයේ  එවැනි ගොඩනැගිල්ලක් තබා එවැනි ස්ථානයක් වත් නැති බවය! තවද ලේඛන වල සඳහන් වන දුරකථන අංක ව්‍යාජ ඒවාය.

මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ජපුර ව්‍යාජ අධ්‍යක්ෂක සහ ඔහුගේ බිරිද ඇන්සි සේනාරත්න මහා පරිමාන මුල්‍ය වංචාවක් සිදු කර ඇති බවය. රාජිත සේනාරත්නගේ හෙන්චයියෙකු වන මොහු කිසිදු සුදුසුකමක් නොමැතිව අතුල කහඳලියනගේ ගේ පරිපාලන දූෂණ වල පිහිටෙන් ජ’පුර අධ්‍යක්ෂක කාර්යාලයේ 2015 සිට අත් පත් කර ගෙන සිටියි. අභියාචනාධිකරණ විසින් සුසිත සේනාරත්නට අධ්‍යක්ෂක මණ්ඩලරස්වීමෙහි අසුන් ගැනීම පවා තහනම් කර ඇත. මෙවැනි දරුණු මුල්‍ය වංචා සිදු කල පසුබිමක රාජිත සේනාරත්න විසින් අතුල කහඳලියන්ගේ නැවත සභාපති ලෙස පත් කර ඇත්තේ අවසානය දක්වා සුසිත සේනාරත්නව රැකීම සඳහා බව පොදු මතයයි.

ජනවාරි එකොලොස් වනදා සුසිත සේනාරත්න මත්පැන් සාදයක් පවත්වමින් එයට රාජිත සේනාරත්නටද ඇරයුම් කලේ තමාව රෝහල් සභාපති ලෙස පත් කර ගන්නා ලෙස පසුබිම සකස් කර ගැනීමටය. මෙම සාදයට විශේෂඥ වෛද්‍යවරුන් 45 දෙනෙකුගෙන් සහභාගී වුයේ 10  දෙනෙකු පමණි. ජපුර රජයේ වෛද්‍ය නිලධාරීගේ සන්ගමයේ ධුර දරන වෛද්‍යවරුන් 7 දෙනෙක් පමනක් එයට සහභාගී වුහ. ඔවුන් ඇතුළු  හෙදියන්, හෙද සොයුරියන් සහ රෝහලේ ව්‍යාජ අධ්‍යක්ෂකයන්ගේ ගැතියන් වන මෙට්‍රන් වරුන් සතර දෙනා මෙහිදී කමින්, බොමින්, මත්පැන් පානය කරමින් , බීමත් අධ්‍යක්ෂකවරයා සමග නටමින් රැය පහන් කරනු දක්නට ලැබුණි. රෝහල් ආරංචි මාර්ග වලට අනුව හෙදියන්ට මෙයට සහභාගී වීමට බල කෙරෙන නියෝගය නිකුත් කලේ ප්‍රධාන මෙට්‍රන් වරිය වන අනොදනී සපුතන්ත්‍රී, කළා කරුණාරත්න, විශාඛා වීරසිංහ සහ සමිතා සේනානායක යන කාන්තාවන්ය. මෙහිදී රාජිත සේනාරත්න වෙතට ගොස් අධ්‍යක්ෂකවරයාගේ ගුණ වැනීමට සහ කහඳලියනගේ ඉවත් කර ඔහුව සභාපති ලෙසට පත් කරන ලෙසට බලපෑම්  කිරීමට සේවකයන් යොදවා තිබුනි

ජ’පුර සේවකයන් විසින් මෙම බරපතල මුල්‍ය වංචාව අදාළ අංශ වලට යොමු කර ඉදිරි කටයුතු  කිරීමට නියමිතය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.