15 January, 2025

Blog

ශ‍්‍රී ලංකාවේ නවතම අසාර්ථකත්වයේ වට්ටෝරුව

ටාරික් ඒ. අල්මයීනා

ටාරික් ඒ. අල්මයීනා

වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ පාලකයන් කිසි පාඩමක් උගෙන නැත.

මේ වන විට, තවත් සුළුතරයකට එරෙහිව, එනම් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, ඔවුහූ අසමගියේ බීජ වපුරති. කෙසේ වෙතත්, එම ප‍්‍රජාවට එරෙහි භීෂණය වෙනුවෙන් විවෘතව සහ සෘජුව දායක වීමට තරම් පාලකයන් මෝඩ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ, ‘බොදුබල සේනා’ වැනි ත‍්‍රස්තවාදී බෞද්ධ කල්ලි විසින් කරනු ලබන පාදඩ වැඩ නොදකින ගානට අහක බලාගෙන සිටීමයි.

අතීතයේ දවසක නට්සි ෆැසිස්ට්වාදයේ උච්ච අවස්ථාවේ දක්නට ලැබුණු සුළුජන විරෝධී විරේචනවලට වැඩි වෙනසක් නැතිව, මෙරටේ සුළුජනයා කෙරෙහි වන නොඉවසීම සහ හිංසාව, බෞද්ධ කලහකාරී කොටස් අතරින් හිස ඔසවමින් තිබේ. කෙසේ වෙතත්, මෙහි දී එක වෙනසක් අවධාරණය කළ යුතුය. රටේ ජනගහනයෙන් සියයට 70 ක් සිංහල බෞද්ධයන් වෙතත්, ඔවුන්ගෙන් අතිවිශාල බහුතරය සාමකාමී ය. වර්තමානයේ මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි වන නොඉවසන සුළු කලහකාරීත්වය මෙහෙයවනු ලබන්නේ, දිනෙන් දින වර්ධනය වීමක් පෙන්නුම් කරන, සටන්කාමී සුළුතරයක් විසිනි. පැහැදිළිවම ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිහඩ සහයෝගය තිබේ. සුළුජනයාට එරෙහිව සිදුකරනු ලබන හිංසනකාරී ක‍්‍රියාවන් ගැන වැඩිමනත් වාර්තා නොකරන ලෙස ජනාධිපතිවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටි බවට පළ වූ වාර්තා මගින් ඒ බව සනාථ කෙරේ.

මේ අස්සේ, ‘බොදුබල සේනාව’ ප‍්‍රසිද්ධියේම හයිකාර කතා කියයි:

‘‘මේක, සිංහල බෞද්ධයෝ හදපු ආණ්ඩුවක්. ඒක, සිංහල-බෞද්ධ ආණ්ඩුවක් විදිහට ඉස්සරහටත් තියෙන්න ඕනේ. මේක සිංහල රටක්. සිංහල ආණ්ඩුවක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ බහුත්වවාදී පුරුෂාර්ථවලින් කෙරෙන්නේ, සිංහල ජාතිය ඝාතනය කෙරෙන එක.’’

මුස්ලිම් ජාතියේ ගතානුගතික ඇඳුම් පැළඳුම් ‘ගෝනි බිල්ලන්’ සේ ගෙන, මුස්ලිම් චාරිත‍්‍ර හෙළාදකින බෞද්ධ භික්ෂූන්, එම ජනයා සඳහා පිළියෙල කෙරෙන ‘හලාල්’ ආහාරපාන තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ වැඩි ඈතක නොවේ. අන්තවාදී ‘බොදුබල සේනා’ උද්ඝෝෂණ තුළින් එවැනි විශේෂිත මුස්ලිම් වතාවත් අපවාදයට ලක්කෙරෙන විට, එම ව්‍යාපාරවල ආධාරකරුවෝ, බෞද්ධ කොඩි ළෙලවමින්, ‘හලාල් එපා’ යනුවෙන් මුද්‍රණය කළ ටී=ෂර්ට් හෝ සුදු ඇඳුමෙන් සැරසී උද්දාමයෙන් ඔල්වරසන් දෙති. මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව පමණක් නොව, මේ පිරිස්, ‘ශුභාරංචි කිතුණුවන්ට’ එරෙහිව ද, ඔවුන් අන්තවාදී ක‍්‍රිස්තියානියක් පතුරුවන්නේය යන චෝදනාව මත, ගරහති.

මෙවන් ත‍්‍රස්තවාදී ව්‍යාපාරවල නායකයන්ගේ නොමනා ප‍්‍රකාශවලින් සහ ඔවුන් අවුළුවන කෝපය සහ වෛරයෙන් මුසපත් සැහැසි ජනයා, රටේ සුළුතර ජන කොටස්වලට විරුද්ධව පහසුවෙන් උසිගැන්වේ. සුළුජාතික ජනතාවගේ ගේදොර, වෙළඳ ව්‍යාපාර සහ, මේ වන විට මුස්ලිම් පල්ලි පවා, එවැනි සැහැසි ජනයාගේ විනාශකාරීත්වයේ සෘජු ඉලක්ක බවට පත්වෙමින් තිබේ. එහෙත් ආණ්ඩුව ඉන්නේ, කිසි නපුරක් සිදු නොවන ගානටයි.

මේ ප‍්‍රශ්නය මොන තරම් බැ?රුම් වී ඇත් ද යන්න, අගෝස්තු 10 වැනි දා මුස්ලිම් ආගමික උත්සව දිනයේ දී ග‍්‍රෑන්ඞ්පාස් මුස්ලිම් පල්ලියට එල්ල කළ මැර ප‍්‍රහාරයෙන් පෙන්නුම් කෙරේ. මුස්ලිම් ජනයා ස්වකීය පූජණීය ස්ථානයේ යාච්ඤා කරමින් සිටියදී, ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, හැත්තෑවකට අධික බෞද්ධ මැර පිරිසක් ගල්මුල් සහ පොලූ මුගුරු ආදිය යොදා ගනිමින් එම පල්ලියට පහර දුන්හ. ‘‘මේක සිංහල-බෞද්ධ රටක්. මුස්ලිම්කාරයන්වයි, උන්ගේ පල්ලියි ඉවරයක් කරලා දාන්න ඕනේ’’ වැනි සටන්පාඨ ඒ ජනයා අතරින් මතු විය. මෙය, සුළුතර ජනයාට එරෙහිව ගොඩනැගනෙ බෞද්ධ ත‍්‍රස්තවාදී සාපරාධීත්වයේ නවතම පිටුවකි.

ත‍්‍රස්තවාදී උමතු කල්ලි විසින් සිදු කෙරෙන මෙවැනි සාහසික කම් මර්දනය නොකළොත්, රටේ වෙසෙන සිංහල සහ මුස්ලිම් ජනයාගේ සාමකාමී සහජීවනය නිතැතින් අනතුරේ හෙලනු ඇත. මේ දක්වා මුස්ලිම් ජනයා ඉවසීමෙන් කටයුතු කොට ඇතත්, බෞද්ධ අන්තවාදීන්ගේ අධම ක‍්‍රියා නිසා, මහ පරිමාණ වාර්ගික යුද්ධයකට රට බිළිවීම, කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් වීමට ඉඩ ඇත.

සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය සැබවින්ම සාමයට ලැදි ජනතාවක් වුවත්, සියවස් ගණනාවක් තිස්සේ වෙනත් සුළු ජාතීන් සමග ඔවුන් සහජීවනයෙන් වාසය කොට ඇතත්, මෑත කාලීන කලහකාරී බෞද්ධයන්ගේ උවදුර රට පුරා වේගයෙන් පැතිර යමින් තිබේ. ඒ අනුව, මෙය රටට භයානක කාල පරිච්ෙඡ්දයකි. කලහකාරී සුළුතරයක ක‍්‍රියාකලාපය සහ රුදුරු වාගාඩම්බරයට, නිශ්ශබ්ද බහුතරයක යහපත් හෘද සාක්ෂිය බිළිවන සැටි කියාපාන පරිච්ෙඡ්දවලින් ලෝක ඉතිහාසයේ අඩුවක් නැත.

ලංකාවේ සුළුතර මුස්ලිම් ප‍්‍රජාව සමග මැද පෙරදිග ගල්ෆ් රටවලට ඇති ආගමික සබඳතාව නිසා ලංකාවේ එම ප‍්‍රජාවේ ආරක්ෂාව රැුක දීමේ උනන්දුවක් එම කලාපයට තිබේ. එම නිසා ඔවුන්ට එරෙහිව කෙරෙන හිංසාවන් මේ රටවල් ඉවසනු ඇතැ යි සිතිය නොහැක.

ශ‍්‍රී ලංකාවේ ජාතික අයවැයෙන් විශාල කොටසක් ඉපැයෙන්නේ මේ කලාපයේ සේවය කරන ලාංකීය ප‍්‍රජාවගෙනි. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල කොටසක් සැපයෙන්නේ ද ඒ කලාපයෙනි. සංචාරක සහ වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා ලංකාවට එන විශාල පිරිසක් ද එම රටවලට අයත් වෙති. මේ දක්වා, ලංකාව සහ එම කලාපය අතර සම්බන්ධතාව මිත‍්‍රශීලී ය. එහෙත්, නව-ෆැසිස්ට්වාදය පිළිගත හැකි තත්වයක් නොවේ.

ගල්ෆ් රටවල රාජ්‍ය නායකයන් ලංකාවේ ජනාධිපතිවරයාට පැහැදිළි පණිවිඩයක් නිකුත් කළ යුතුව ඇත: එනම්, සෙල්ලම නවත්වනු යන්නයි. අන්තවාදී කලහකාරීන්ව නිශ්චිතව මෙල්ල කරනු යන්නයි. මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව පමණක් නොව, වෙනත් සුළු ජාතීන්ට එරෙහිව පවා කෙරෙන අකටයුතුකම්වලට ඉඩ සැලසෙන, ජාතිවාදී සහ වර්ගවාදී භේදවලට රට ඇද දමන විනාශකාරී මාවතක ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතු නැත. එවැනි තත්වයක් අප ඉවසන්නේ නැත.

*Sri Lanka’s Recipe For Renewed Failure ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Latest comments

  • 0
    0

    Who ever Ul-mayina,

    Look.. Seems like you are now scared and the letter is a pea for mercy.
    1) Muslim mosque issue: the well-known truth is that Muslims build something in someone else land, first. Then start praying in it. Then expand it. Claim it thesirs and other religion have to give up and Muslim grows.
    This you did for such a long time and now Sinhalese and rest of the world identifies your double standard, evil nature.
    Why do you have a mosque in Kataragama, where you have nothing to do ?
    Why do you try to build so-called mosques near Sri Maha bodi- Anuradhapura ?
    Why do u try to claim Sri Pada, a Muslim holy place ?
    This is how Islam cancer spread in the world.

    This is how you conquer Macca, where the lord buddha’s foot print is located and you are tyring to do the same for Sri Padha., etc etc.. You are devils peole.

    You r attempt to talk about forign money we get from middle east, is a ple for mercy. We are no longer worried about money by giving up our heritage. Besides, what ever the issues in Sri Lankan should not be discussed by other so-called Muslim countries. Non of their business. Is it just becs those are Muslims ? then, it is obvious Muslims in every where in the world, have a common agenda of muslimization of the world..
    World understood it. That’s why eroupe is taking steps for prevent islamization of Europe. And America attach evil Islamic counties like Afghanistan and Myanmar take steps to protect their country.

    Go to hell. No longer we are stupid to let u destroy our beautiful nation. This is ours and ours. Not yours.

    • 0
      0

      Sri Lanka not always a Buddhist country,it was a Hindu country before the invention of Buddhism,moreover funny think is that king- Dewanampiyatissa converted all Sri Lankans by the sword,and vandalized the religious places of Hindus.(Muslims are not emigrants but most of them are native converts).

      • 0
        0

        Learn the history properly if u can read.
        Muslims (like you) are very good in cheating and changing the truth.

        King Dewanampiyathissa neer used swad to covert any. it is our Nabi who used the sward to covert

        Just go inside a temple and see there are hindu covils inside temples. Buddhists never made any forcefull covertiopn like muslims do

        I my self is a muslim and now im doing buddhist meditation. mostly because people like you, who blindly have fath on evil teachings.

        I invite my muslim brothers to see the reality. look at buddhists, they never hate Muslims. now they ( still only few) are agressive just because they understood the evil role played by muslims in and around Sri Lanka.

        I know we were advised in the mosque to cheat sinhalees and take there land. settle in sinhala villages and have more children. covert as many as sinhaless and make islam rule the country. and to impliment shariya. this is what we all were teached in our religion, islam..

        Guys, Islam is truely fake and evil. it is the cancer to the world. Leave it. open your eyes.

  • 0
    0

    පල යන්න [Edited out].තොපිල කියන ඒවා කවුද බෝල ගණන් ගන්නේ

  • 0
    0

    බොදු බල සේනාවක් වත් හිටියේ නැත්නම් බලන්න තිබුණ වෙන දේ.සුදන වගේ හිටියට අපි දන්නවා ඔහෙලගෙ ජඩ,කුපාඩි වැඩ.නියපොත්තෙන් බෙල්ල කපන ජාතියේ පිරිසක්

  • 0
    0

    I kept on reading all criticism against Islam, and I gave a desperate attempt to say, those are not true… I kept on finding anti arguments. Looked on books etc.. Only answer that i can come up is ” IT is Allahs words, don’t talk about it” or ” Allah is great ” and the way of skipping the question without answering it.

    And I found Criticism on Islam IS TRUE and CORRECT. We don’t have answers. So we skip the question, ban talking about it or if not we attack the person who question , cut his hand and finally kill him. this is how we preserve Islam.

    then I started finding faults with Buddhism. And try to learn what it says and criticize it. I understood, OH my god…!! this is truth !!
    we were been cheated. ( just like Quran ask us to cheat others)
    then i talked to my Muslim friends. they said, as per sharia, I should be killed if I leave Islam. and that is what Sharia ( so-called Gods law) says.

    so i took a decision. Luckily Sri Lanka is not governed by sharia. so I still have the freedom to go in search of eternal harmony. So i started my journey, despite the criticism of family, friends and the Muslim society I lived.

    I know what people would comment on this. what they would say. most Muslims would say, “I’m a Buddhist and I’m fake ( as we can see in many answers on anti-Islam ideas) or they would rather cover-up my argument by saying something irrelevant ( Allah is great or etc )

    While I feel sorry about most of this Muslims who are still been cheated by Islam, i invite those who are still can think, to see the reality. Hating and killing non Muslims, converting others in to Islam, holy-war… these are not the ways of life. Stop hating others and go for eternal harmony!

  • 0
    0

    අනේ පල යන්න [Edited out]…..ආවා මෙතන.

  • 0
    0

    අපේ රට අසාර්ථකයි කියල කියන්න හුඟක් අය බලන් ඉන්නවා.ඒවා හඳේ තමයි මහත්තයෝ…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.