25 April, 2024

Blog

තැල්ල බඳින්න බෙල්ලක් තිබිය යුතුයි කියමින් බලය ඉල්ලූ නායකයෝ ජනතාවගේ අද ඔළුවම කුඩු කරති

තුඩුගල මුදලිගේ

මට දැන් සිහි වෙන්නේ මෙයට වසර දසක කීපයකට පෙර ජේ. ආර්.ජයවර්ධන මහතා එදා මුහුණ දුන්න අද වැනිම දේශපාලන අර්බුදකාරී අවස්තාවයි.එදා ජේ.ආර්.ජයවර්ධන මහතා මුහුණු දුන්නු අවස්තාවට සමානම අර්බුද්කාරී දේශපාලන අර්බුදයකට අද මුහුණ දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.එදා ජේ.ආර්.ජයවර්ධන මහතාට තිබුණු චොදනා දහසක් අතරින්  රනිල් වික්‍රමසිංහ මහතාට අද ඇත්තේ ඉතාම සීමිත චොදනා කීපයකි.ඒවා ඉතා බරපතල ඒවාද නොවෙයි.ඒවා විසඳා ගැනීම එතරම් අමාරු ප්‍රශ්ණම නොවෙයි.විපක්ෂයක වසර ගනනාවක් සිටින විට අනිවාර්යෙන්ම ඇතිවන ප්‍රශ්ණ සහ ගැටළුය.මෙම ප්‍රශ්ණම එදාත් තිබුණි.

එදාත් 1973 දී අද වැනිම දිනයක් උදා විය.කොළඹ උද් ඝෝෂන සහ සත්‍යග්‍රහ ඇරඹුණි.දහස් ගනනින් ඊට ජනතාව සහභාගි විය.ඒවා කඩාකප්පල් කිරීමට අද මෙන්ම හමුදාව සහ පොලීසිය යෙදෙව්වේය.අද මෙන්ම එදාත් ඉතාම ප්‍රබලව ඊට මුහුණ දුන්න ඉතාම ජනප්‍රය හමුදා සහ පොලිස් නිළධාරීහු රැසක් සිටියහ.ඔවුහු එදාත් අද මෙන්ම අහිංසක මිනිස්සුන්ට පහර දුන්හ.වෙඩිතැබූහ.නායකයෝ පවා තුවාල ලැබුහ.

එම උද්ඝෝෂණ සමගම පක්ෂයේ මෙන්ම රටේ විශාල ප්‍රබෝධයක් ඇතිවිය.අද මෙන්ම එදා මුහුණ දුන්න මැතිවරණ, උද්ඝෝෂණ ,සත්‍යක්ග්‍රහ රට යුධ පිටියක් බවට පත් කළේය.

මෙහිදී දැදිගම මැතිවරණය,අත්තනගල්ල සත්‍යග්‍රහ,වෝඩ්පෙලේස් සිද්දිය ඇතුලු සිද්දීන් රැසක් සිහියට නැගෙයි.1975 දී ජයවර්ධන මහතා ඔහුගේ මැතිවරන කොට්ඨාශයේ අතුරුමැතිවරණයකට මුහුණ දුන්නේ මැතිවරණ අවුරුදු දෙකකින් කල්දැමීමට විරෝධය ප්‍රකාශ කරමින්ය.එදා සියල්ල ඔහු ජය ගත්තේ රටේම ජය ඔල්වරසන හඬ මැදය.එදාත් මුළු සේරම එකතු කරගෙන අද මෙන්ම තුනෙන් දෙකක බලයක් ඇතුව මුළු රටම ජනතාවම විනාශ කෙලේය.එයට හේතු වුයේත් අද මෙන්ම එදාත් එම ආණ්ඬුව කවදාවත් පරද්දන්න බැහැ යන බොරු මතයක් සමාජ ගතකර තිබුණු හෙයිනි.නමුත් රටම එකට එකතු වුයේය.ඔහු 1977 දී මහ මැතිවරණයට මුහුණ දුන්නේය.ආණ්ඩුවට ඇපත් නැත.ජයවර්ධන මහතා හයෙන් පහක බලයක් ලබා ගත්තේය.

එදාටත් වඩා අද තත්ත්වය බරපතලය.එදා මිනිස්සුන්ට තිබුණු බරපතලම ප්‍රශ්ණය කන්න නැති වීමයි,බඩුවක් මුට්ටුව්ක් ගන්න නැතිකමයි.අද එහෙමද? මොනතරම් ප්‍රශ්ණද.පැත්තකින් කන්න බොන්න නැහැ.මිනිස්සුන්ට නිදහසක් ඇත්තේම නැහැ.කතාකරණ ලියන නිදහස ඇත්තේම නැත.නිදහසේ දේශපාලනය කිරීමට විරුද්ධව  කෙලින්ම මෙන්ම වක්‍රව තිබෙන බලපෑම් එමටය.පත්‍රකලාව ඇත්තේ එක් අයෙකුගේ ඔඩොක්කුවේය.

වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් එහෙම පිටින්ම කඩාකප්පල් කර ඇත.එහෙම සටන්වලදී අහිංසක සේවකයින් කීදෙනෙක් මරා දැමුවාද.කටුනායක සහ මීගමුව හොඳටම මතක සිද්දි දෙකකි.

අද බීමට වතුර ඉල්ලුවත් මරණව.වැලිවේරිය සිද්දියෙන් මියගිය දරුවන්ගේ මව්වරු සිය දරුවන් ඉල්ලා අඬා වැලපෙන හැටි වෙබ් අඩවි වලින් දකින ඕනෑම මව් කෙනෙකුට ඇඬෙනවාට කිසිම සැකයක් නැහැ.ඔවුන්ට වෙඩිතැබු හමුදාවත් අද වැලපෙනවාට කිසිම සැකයක් නෑ.රටේ පියවරුන්ට මෙයින් රටේ නායකයින් සහ හමුදාව ගැන වෛරයක් ක්‍රෝධයක් මෙන්ම පලිගැනීමේ සිතක් ඇති නොවුනොත් ඒක පුදුමයකි.තරුණ තරුණියන්ගේ තරුණ ලේ රත් නූනොත් ඒකත් තවත් පුදුමයකි.ආණ්ඩුවට තවත් බොරු කියල ඉතිහාසයේ සිද්ධි ඉදිරිපත්කරල මේකනම් වහගන්න හෝ වෙනත් කාටහරි චෝදනාව හරවල තමන්ට සුදනා වෙන්නනම් බැරිවෙයි.   මෙහෙම රටක් ලෝකයේ තවත් ඇද්ද කියලත් සැකයි.

මිනුස්සු මරණ එකේ සීමාවක් ඇත්තේම නැහැ.උස්සන එකත් එහෙමයි.ගහන එකත් අද අලුත් දෙයක් නොවෙයි.සුදු වෑන් සෙල්ලම අමුතුම ආණ්ඩුවේ ක්‍රීඩාවකි.තවත් කියන්න ගියොත් මේ පිටුවත් මදි වෙයි.ඒක නිසා ඒ කතාව මෙතනින් නවත්වා ආණ්ඩුවේ කෝකටත් තෛලය මෙන් යුද්ධය ගැන කියන ජනතාව මුලාකරණ රවටන සුන්ඳර කතාව ගැන ටිකක් විමසා බලමු.ආණ්ඩුව ජනතාව රවට්වන්නෙ මේකෙන්.දැන්වත් ජනතාව අවදිවිය යුතුයි.

ඇත්තටම ආණ්ඬුව බලයට ඉද්දී යුද්ධය ගැන පැහැදිලි මතයක් තිබුනේ නැහැ.එහෙම තිබුනානම් ප්‍රභාකරන්ගේ පිහිටෙන් උතුරේ චන්ද වර්ජනය කරන්න උදව් ඉල්ලයිද?ඒ පණිවිඩ ගෙනිච්ච හැටි ටිරාන් අලස් මහතා පසුගිය දවස්වල ඉතා පැහැදිලිව ප්‍රකාශ කරල තිබුන.මායිල් ආරු වතුර ප්‍රශ්ණයත් සමඟ ආණ්ඬුව ඉබේටම යුද්ධයකට තල්ලු වුනා.

හැබැයි එදා යුධ වීරයෙක් හිටියා.ඒ ජනාධිපති නොවෙයි.හැබෑ වීරයා සරත් පොන්සේකයි.මොහු නොසිටින්න යුද්ධය ජයග්‍රහනය කරන්නේ නැහැ.ඒකයි සැබෑ සත්‍යය.මට මොහු ගැන වෙනම මතයක් තියනව.ඒත් යුද්ධය සම්බන්ධයෙන් මගේ සම්පුර්ණයෙන් ගරුත්වය සහ ප්‍රණාමය මොහුට හිමි වෙනව. අද එම යුධ වීරයාට සිදුවී ඇත්තේ කුමක්ද? විශ්‍රාම වැටුප නැහැ. යුධ හමුදාපති ලැයිස්තුවෙන් ඔහුගේ නමත් අයින් කරලා.සම්මාන ,උසස්වීම් සහ තණතුරු සියල්ල අහෝසි කරල.ඒත් ජන හදවත්වලින් ඒ නම මකන්න බැහැ.දැන් මොහු ද්‍රෝහියෙක් වෙලා.ඇත්තටම අද හැබෑ ද්‍රෝහීයා කවුදැයි හැමෝටම වැටහෙනවා ඇති.ඒත් සියලු ජයග්‍රහණ තමන්ගෙ නමට බැර කරගෙන.මේකයි සත්‍යය.

වතුර සම්බන්ඳයෙන් ඇතිවන සටන්වලදී පාලකයින්ට එතරම් ගුන නැහැ.ඉතිහාසය පුරාවටම එහෙම වෙලා තියනව.ප්‍රභාකරන්ගේ පාලනයත් නැති වුනා.ප්‍රභාත් නැතිවුනා.ගෝල බාලයොත් සේරම නැත්තටම නැතිවුනා.මේකෙත් පාලකයින්ට එතරම් ගුණ නැහැ.

මේ නායකයෝ එදා එජාපට විරුද්ධව චන්දය ඉල්ලුවේ රට බේරා ගැනීමේ සටන්පාටයත් සමගය.තැල්ල බඳින්න බෙල්ලක් තිබිය යුතුය යන උපහරණයත් ගෙන හැර දැක්වූයේ එය ජනතාවට තවත් පැහැදිලි කරන්නටය.අද සිදුවී ඇත්තේ කුමක්ද?බෙල්ල ගැන කතා කල නායකයෝ ජනතාවගේ ඔළුවම කුඩු කරන්න පටන් අරගෙන තිබෙන බව හොඳටම පැහැදිලිය.

ජනතාවත් මෙයට පිලිතුරු දිය යුත්තේ ඔළුවෙන්මය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රනිල්ට තැල්ල බදින්න මංගල ඉන්නේ…තව වෙන අය මොටද??

  • 0
    0

    රනිල් එක සැරෙකුත් ජනතාවගේ බෙල්ලට තැලී බදින්නම් කියලා චන්දෙ ගත්තා,,,මේ පාර ඕව කියලා හම්බානක කන්න වගේ හදන්නේ??

  • 0
    0

    මෙම ලිපිය ලියපු මනුස්සය මෙහෙම කියනවා.”මේ නායකයෝ එදා එජාපට විරුද්ධව චන්දය ඉල්ලුවේ රට බේරා ගැනීමේ සටන්පාටයත් සමගය” ආණ්ඩුව කොටින්ගෙන් රට බේරා ගත්තේ නැද්ද.නැතිනම් ඔබට එය පෙනෙන්නේ නැද්ද.

  • 0
    0

    Regimayen minissunta karana pida ematai, a witharak newei amu amuwe mini maranawa, hebain thawamath kade yana gon harak ematai, eka deyak minissune rewatennda epa mewa wala comment dannda wenamama padi aran full time weda karana set ekak innawa eun thamai, dawasa thisse then then wala kade yana comment danne

  • 0
    0

    තවම මේ ලිපියට නුරිය වත්තේ අත කොටා ,සරුවා සුනිල්,තංගල්ලේ පුෂ්ප චන්ද්‍ර ,කොස්ගම ගඩයා ,වගේ මහත්වරු අදහස් දක්වලා නැත. මදාවි චුටියා ,කළු කපුටා ,කොඩිතුවක්කු වගේ මහත්වරු පමණක් අදහස් දක්වා ඇත . මොවුන් කරන්නේ හැමදාම වගේ අපහාස කරන එක පමණයි , කොටින්ගෙන් රට බේරා ගතනම් කරුණා,පිල්ලයාන් , kp , දයාමාස්ටර් , ජෝජ් මාස්ටර් තමලනි , මේ ශුද්ද පාලකයන් සමග එකට සහවාස කරන්නේ කොහොමද , ඇත්තටම උනේ ප්‍රභාකරන් මරලා මහින්ද එම ස්ථානය ගත් එක පමණයි

  • 0
    0

    මාත් කැමති මේ රටේ මේ වෙන දේවල් දිහා බලාගෙන රාජපක්ෂ බල්ලන්ගේ ඇඟේ මැක්කෙක් වෙලා ඉන්න.ස්ත්‍රි දූෂණ් 400 ක කරලා පාටි දාන්න.නැව් එන්නැති වාරයක්………අම්මපා මොන තරං ආඩම්බරයක්ද.ප්ලේන් ආවොත් ඒ ගුවන් තො‍ටුපොල සාමාන්‍ය තත්වයට වැටෙනවා……..මං කැමති අසාමාන්‍ය රටක ජිවත් වෙන්න.පාන් නැත්තං කේක් කාපල්ලා යැයි කිව්වේ ප්‍රංශයේ හිටපු ‘ශිර-අන්ති’කෙනෙක්.වතුර නැත්තං කාපං වෙඩි………..මං කැමති මේ පාලනයට.රාජපක්ෂලාට මං ආදරෙයි.ඒ මං හරකෙක් නිසා.

    • 0
      0

      ඔහේ හරකෙක් වුනේ වෙන දේවල් වල අගක් මුල ක් තේරැම් ගන්න බැරි හින්දා. හරකෙක් විතරක් නෙමේ අන්දයෙක්, අන්දයන් ට වෙන දේ පෙන්නේ නැ. ඔය විදියට හිතන අය හරක් නෙමේ,
      මී හරක්,,

  • 0
    0

    පක්ෂේ රෑක ගන්න බැරැව කොහොමද රට රෑක ගන්නේ පිස්සෙක්!!

  • 0
    0

    චන්දයක් ලග එන කොට තමා රටේ නැති දේවල් මතක් වෙන්නේ මේ මිනිස්සු හිටියත් වැඩ ක් තියෙනවද රට කට

  • 0
    0

    රනිල් මහත්තයෝ දැන් කොච්චර වෙඩි පත්තු වැඩැක් නැතෝ ඕවා ඔක්කොම පුස් වෙනවෝ

  • 0
    0

    විපක්ෂ නායක තුමා මහත්මයෙක් ලෙස ඉවත් නොවීමම ඔහුට හිමිව තිබූ මහත්මා ස්ථානය අහිමි වීමට හේතු වී ඇත

    • 0
      0

      Whoever would pass any abusive views about RW- he is the only leader that has not caused to corruption in this country sofar. Only the educated masses are well aware of the fact. Unfortunately, the educated people are extincting in our society today under the burtal, murderous administration of Rajapakses. All those who attack RW for no reason should also bring a list of potential leaders that have the qualifications to compete the leadership of the country. Just adding two ct worth comments for rice packets or any other minor advantages is absolutely ludicrous. That indicate the nature average folks of the country that have let murderers to get elected and abuse the people as seen in Deraniyagala, Weliweriya and many other places of the country today.

      Have the rulers already responded to the questions – who sent army forces to Weliweriya on the incident in which innocient youth were killed for no reason but asking for clean water, perhaps the dead did not even join the protest but just were there to pick up their family ones.

  • 0
    0

    යුද්ධයක් කරන්න ප්‍රමාණවත් ආයුධ ආම්පන්න නිසිලෙස සැපයුවේ නැත්නම් කෙසේ වන්නට තිබුනා දැයි මෙතුමාට අමතක වීම කණගාටුවට කරැණකි

  • 0
    0

    රනිල්ටත් තෑල්ල බදින්න පුලුවන් වෙයි ලන්ගදිම ඔය යන විදිහට ගියොත් නම්. දෑන් රනිල්ගෙ හොද කාලෙ තමා දෑන් ලග ලග එන්නෙ

  • 0
    0

    Ranilge nam ithin oluwak nane.ekane dawasin dawasa oya pakshe dawasindawasa abawayata yanne

  • 0
    0

    ada UNP eka balaye hitiya nam janathawa witharak nemei ape ratath naththatama nathi wela.eda ape rata kotinta liyala denna haduwe kawuda kiyala apita hondatama mathakai.ranilta ada ewa mathaka nathi unata

  • 0
    0

    පක්ශයක් රෑක ගන්න බෑරි ඔබතුමා කොහොමද රටක් පාලනය කරන්නේ?කලිනුත් රට පාලනය කරන්න දීලා තමයි ඔබතුමා රට ප්‍රභාකරන්ට පාවලා දුන්නේ..නෑවත එවෑනි දෙයක් කිරිමට අපි කෑමති නෑ…

  • 0
    0

    awurdu dekak anduwa karala janathawage oluwa kala thawathhitiya nam ape ratatath monawa karala nawathida danne na.ehema minihek ne me katha karanne…

  • 0
    0

    ane me oluwak thiyanawa nam obathuma ada ohoma innawada….danwath paththakata una nam narakada….

  • 0
    0

    hamadamath kiyawanawa misak karapu wadak thiyenawada ranil mahaththayo?

  • 0
    0

    yudda karanna pramanawath auda labune natham ada mewage nidahasak apita labenenaha.

  • 0
    0

    ane me thamnge pakshewath rakaganna baruwa meya rata haddan enawa dan…..

  • 0
    0

    ane me thamnge pakshewath rakaganna baruwa meya rata haddan enawa dan…..

  • 0
    0

    dan ithin pakshe kadaatenakota pissu thda wela wage meya kiyawane.ahase maliga hadanawa vitharay

  • 0
    0

    thamange pakshe minissunwa langa thiyaganna beri oya koheda ane wena deyak karanne.madya walin boru talk denne nathuwa inna honde….

  • 0
    0

    ෆොන්සේකා තුනක් ගැන කියා කියා ඇඟිලි තුනක් පෙන්නුවා වගේ මෙය මේ ඇඟිලි දෙක පෙන්නන එකේ මොකක් හරි හැඟුණ අර්ථයක් තියනවා…..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.