23 April, 2024

Blog

රුක්මන් හාමු ගිය පාරේ

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

1970 වසර පහකට බලයට පැමිණි වාමාංශික ජාතික වාදී බලවේගය අන්ත දක්ෂිණාංශික ෆිලික්ස් ඩයස්ලාගෙන් ද​ සමන්විත විය. එම ආණ්ඩුව තුනෙන් දෙකේ බලයකි ජයගත් විට ජේ ආර් වැනි වයසක එලිට් පන්තියේ උනදලට යන එන මන් නැති විය. බණ්ඩාරනායක වළව්වේ ළමාතැනී හා කුමාරි හාමිලා රටේ පිරිමි දේශපාලන කාඩර් වරු හා පත්තරකාරයෝ පිස්සු වට්ටවා තිබුණි. රටේ පත්තර වල හැඩ කලේ මැතිනියගේ රුවයි. ඇයට සාපේක්ෂකව ජේ ආර් හැට පැනපු උදච්ච නාකියෙක් විය .

මැතිනිය පාර්ලිමේන්තුව වසර දෙකක් දික් කර ගැනීමට ෆිලික්ස් ඩයස්ට නියෝග කරන්නේ හොරගොල්ල වලව්වෙන් රඹුටන් කඩා මල්වානේ සෙයිදු නානාට විකුනන්න හෙට්ටු කරන ගමන් ය. ඇය ඒ පිලිබදව ෆිලික්ස් ඩයස් එක්ක සෙයිදු නානා එක්ක වත් කතා කල තරම් කතා නොකළ බව අසා තිබේ.

මෙවන් තත්වයකදී දැදිගම දිනා ඩඩ්ලිගේ උරුමය සමග පැමිණි රුක්මන් ජන තරුවක් විය. පත්තර පිටු පිරුණේ රුක්මන්ගෙනි.

එවකට රටේ සිටි පිරිමි ජනකාන්ත තරුව රුක්මන්ය. ඔහු ජේ ආර් තුට්ටුවක මායිම් නොකළේය. ඔහුගේ සහ පිරිවෙර ජේ ආර් ට දින පතා පත්තර පිටු ගණන උසුළු විසුළු කළේය. මැතිනිය එක්ක දිනනවා තියා අහලකටවත් පැමිණිය නොහැකි බව කිවේය. පක්ෂයේ අනාගතය අවසන් බවද කීමට අමතක නොකළේය .එවන් අය පක්ෂයට කල කෙං ගෙඩියක්ද නැති මුත් පක්ෂයේ හතර මායිම අවබෝධයක් නොතිබුණද, රුකමන්ගේ ජනකාන්ත බව නිසා සියල්ලෝ ඔහුනට බිය විය. 1975 දී ජේ ආර් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව නැගෙනහිර කොළඹ​ දිනා පෙන්නුවේය. මැතිනිය දැම්මේ ඩඩ්ලි හා රුක්මන් වෙනුවෙන් පක්ෂයෙන් කැරලි ගසා එලවූ සුරියපෙරුමය. ජේ ආර් ඉවසන්නේය, නැවත නැවතත් ඉවසන්නේය. විටක රුක්මන්ගේ නුගත් කම ගැන රටේ මධ්‍යම පන්තිය ප්‍රශ්න කරද්දී ජේ ආර් මාඕ සේතුං පෙන්වා දී රුක්මන් බේරා ගන්නේය.

අවසානයේ 1976 දී තීරණාත්මක තැනකට මෙම තත්වය පැමිණෙන්නේය​. රුක්මන්ට නායකත්වය ඉල්ලා එවකට තරුණ පෙරමුණේ නායකයෙකු වූ ඔසී අබේගුණසේකර තමන්ගේ සිගරට් පැකට්ටුවෙන් ජේ ආර් ගේ සිරිකොත කාර්යාලයේ දොර විවර කර පහර දෙන්නේය. බැලූ බැල්මට මැතිවරණයක් අබියස මුළු රටම රුක්මන්ටය පක්ෂය රුක්මන්ටය. පත්තර පිටු පිරෙන්නේ රුකමන්ගේ කතා වලිනි. ජේ ආර් සිරිකොතේ පූර්ණකාලීන​ සේවකයෙක් වැනිය. කිසිවෙකුත් පක්ෂයේ නායකයා තකන්නේ නැතිය. වසර හයක් දස නින්දා අපහාස හා අබියෝග වලට මුහුණ දෙමින් ජයග්‍රහණය අබියසට ගෙනා පක්ෂය. ඔටුන්න හිමි කුමාරයා උදුරා ගැනීමට ආසන්නය.

අවසාන වතාවට ජේ ආර් තීන්දුවක් ගන්නේය. කෘත්‍යාධිකාරී සභාව​ රැස් කරන පක්ෂ නායකයා සිරිකොත පඩිපෙළ නගින ගමන් ලලිත් ඇතුලත්මුදලි දෙසට නැමී අද මේ පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක තීන්දුවක් ගන්නා බව කියයි. තරුණ ලලිත් උඩ බිම බලන ගමන් දකින්නේ සිනා සෙමින් තම පිරිවර හා ජේ ආර්ට අපහාස උපහාස කරන රුක්මන්ය. පැය දෙකක් ඇතුලත රුකමන්ගේ ඉරණම විසදෙන අතර 1977 වන තුරුත් රුක්මන් සිතුවේ තමන් හා තම පවුල පක්ෂයට වඩා විසල් බැවින් ඔහුන්ගෙන් තොරව ජයක් නොමැති බවයි. 1977 පරාජයෙන් පසු ජේ ආර් එලවා 1983 දී ජය ගන්නට රුක්මන් සමග පිරිවෙර සිහින බැලුවේය.

1977 ජේ ආර් දිනන්නේ හයෙන් පහක බලයෙනි. විද්‍යාත්මක ක්‍රම වේදයන් ගෙන් තොරව ජන මතය මැන බැලිය නොහැක. රට ඉල්ලනේ කවුරුන්ද යන්න ඕපා දුප වලින් තීරණය කල නොහැක. මහත්වරුනි අවදි වන්න ඔබ යන්නේ කොයි, පාරේ රුක්මන් හාමු ගිය පාරේ …

Print Friendly, PDF & Email

Latest comment

  • 3
    0

    Hello,

    Don’t try to distort the facts without knowing why Rukman and others fought to protect unp after JR tried to enter into an agreement with Sirimavo.

    Seems you have written this article with very little knowledge on this subject and without knowing actual facts. You had proved what I say by mentioning the name of OSSIE. This is a blatant lie.

    For your information, Ossie was not involved with youth league activities at that time.

    Some of the prople who fought to protect the party are still alive.

    Kindly refrain from commenting on subjects on which you are not 100% conversant.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.