19 April, 2024

Blog

යූ.එන්.පී යට සරළ බහුතරයක් මිස තුනෙන් දෙකක් මොකට ද?

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතිය යහපාලන ආණ්ඩුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ සතියකි. මක් නිසාද යත් අයවැය පාර්ලිමේන්තුවේ ඡන්ද 165 ක් ලබා ගනිමින් තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් ජයග්‍රහණය කරන ලදි. නමුත් මා කියන්න අදහස් කරන්නේ රජයේ එම ජයග්‍රහණය ගැන නොව, එම ඡන්දයට පෙර දින උදෑසන එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්, මුජිබර් රහුමන් ඇතුළු තවත් මන්ත්‍රීන් කිහිපදෙනෙකු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට දැඩි විවේචනයක් එල්ල කළේය. එසේම ඉන්නට බැරිනම් ආණ්ඩුවෙන් යන ලෙසද ප්‍රකාශ කළේය. එය සංකේතීය තර්ජනයකි.

මා සිතනුයේ අයවැය ඡන්දයට දිනකට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුණු එම ප්‍රකාශයට විශාල දේශපාලන අරුතක් ඇති බවයි. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඔවුන් කියනුයේ උඹලා අපේ ආණ්ඩුවේ කකුලෙන් අදිමින් එක්සත් ජාතික පක්ෂයට හා පාක්ෂිකයින්ට ලැබිය යුතු රජයේ රැකියාවන්, තනතුරු, මැති ඇමතිධූර හා රාජ්‍ය බලය භුක්ති විදිමින් නොසිට මුලු ආණ්ඩුවම එක්සත් ජාතික පක්ෂයට දී එළියට බසින ලෙසය. මා පෞද්ගලිකව සිතනුයේ එම ප්‍රවෘත්ති සාකච්ඡාව අවස්ථාව වන විට ආණ්ඩුව දෙමළ සන්ධානයේ තොණ්ඩමන් පිළේ හා ඩග්ලස් දේවානන්ද පිළේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද අයවැයට පක්ෂව ලබාගෙන එම අවස්ථාව වන විටත් දෙකෙන් එකේ වැඩි බහුතරය ලබාගෙන තිබු බවයි.

නමුත් පසුදින අයවැය ඡන්දයේදී ඊට දින කිහිපයකට පෙර ප්‍රවෘත්ති සාකච්ඡා තබා අගමැතිවරයාත් එක්සත් ජාතික පක්ෂයත් විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු හා හූවක් නොමැතිව අයවැයට ඡන්දය දුන්නේය. එය එක්තරා ආකාරයකට පසු බැසීමකි. සංකේතීයව තවදුරටත් ඔවුන්ට ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුවේ කටයුතු වලට අකුල් හෙළීමටත්, ආණ්ඩුවේ කටයුතු අවුල් කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩු හැදීමටත් කුමන්ත්‍රණය කිරීමට ඇති තාර්කික හැකියාව මෙරට ජනතාව අතර අවලංගු කර ගැනීමකි.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා පාක්ෂිකයින් ප්‍රාර්ථනා කරනුයේ තුනෙන් දෙකක ආණ්ඩුවක් නොව එක්සත් ජාතික පාක්ෂිකයින් ඉන්න, ඔවුන් මැති ඇමතිධූර දරණ තමන්ගේ මිනිස්සුන්ට රස්සාවල් හම්බවෙන, සරළ බහුතරයක් ඇති යු. එන්. පී. ආණ්ඩුවකි. එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධීකාරී මණ්ඩල තීන්දුවකින් පවතින ජනාධිපතිධූරය පවත්වාගෙන යන්නේ නම්, ඒ සදහා කටයුතු කිරීමට පාර්ලිමේන්තු කණ්ඩායමට බලය පවරා තිබේ. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් දෙක පෙන්වමින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විනාශ කරන බවට තර්ජනය කරමින්, එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කිරීමට ඇති හැකියාව අහිමිකොට ගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රටේ සිදු නොවන්නේ නම්, ඒ සදහා කකුලෙන් අදින්නේ නම් තනි යු. එන්. පී. ආණ්ඩුවක් ගොඩ නැගීම පක්ෂයේ පැවැත්මටද, රටේ පැවැත්මටද හිතකරය. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කියනා පරිදි ජනාධිපතිතුමා සමග එක්සත් ජාතික පක්ෂයට සරළ බහුතරයකින් ආණ්ඩුවක් ඉදිරි වසර තුන හමාරක කාලයට පවත්වාගෙන යා හැකිය. ජනාධිපතිතුමා පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසිනි. එබැවින් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔවුන් තුළ කොහොමටත් ගෞරවයක් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට ඉන්පසු කළ හැක්කේ තමන් වසර විස්සක් තිස්සේ භුක්ති විදින රාජ්‍ය බලය, කොන්ත්‍රාත්, යාන වාහන, නිල නිවාස, පඩුරු පාක්කුඩම් හා සියලුම වරප්‍රසාද අතහැර මහින්ද රාජපක්ෂගේ පිළ මෙන් මහ පාරට වැටී උද්ඝෝෂණ කරමින්, රැස්වීම් තබමින්, අතින් පෙට්‍රල් ගසමින්, දේශපාලන දුෂ්කර ක්‍රියාවේ යෙදීමයි. එසේ යෙදුනද ඔවුන්ට දේශපාලනික පැවැත්මක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් අතර නොමැති අතර ඔවුන්ට සිදුවන්නේ ජනතාවගෙන් බලු බැනුම් අසමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ හොරුන් අතර හොරුන් වෙමින් රාජ්‍ය බලයෙන් වසා සිටින සුදු රෙදි වෙනුවට අදුරු පැහැති පාන්කඩ එළියට ප්‍රදර්ශනය කරමින් දුක් විදීමටය. මෙම සිදුවීමෙන්, අයවැයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් සතුව තිබු එක්සත් ජාතික පක්ෂයට බලපෑම් කිරීමේ තාර්කික හැකියාව අහෝසි වූ බව මගේ හැගීමයි.

එසේම පසුගිය සතියේ සිදු වූ අනිත් සිදුවීම වන්නේ හම්බන්තොට මාගම්පුර වරායේ සිදු වූ සිදුවීම් දාමයයි. එහිදි අප කවුරුත් දැනටමත් දන්නා පරිදි වරායේ කොන්ත්‍රාත් සේවකයින් විසින් මාගම්පුර වරායේ නවතා තිබු භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකක් අත්අඩංගුවට ගෙන පැය 72 කට වඩා වැඩි කාලයක් රදවා ගත්තේය. එය ජාත්‍යන්තර නාවුක නීතියට අනුව මුහුදු මංකොල්ලයකි (piracy).

රජය විසින් වරායේ කොන්ත්‍රාත් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කොට තිබියදී කඩාකප්පල්කාරී ලෙස වරායේ පොදු දේපළ වලට හානී සිදු කරමින් සේවකයින්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කිරීමට නාවික හමුදාවට අදාළ නියෝග නිකුත් කරනු ලැබුවේය. නාවික හමුදාපතිවරයාට ඒ සදහා පෞද්ගලිකව මැදිහත් වීමට සිදුවූයේ හේතු දෙකක් මතය. එකක් ඔහු හොදින් පුහුණුව ලැබු පයිලට්වරයෙකු නිසාත්, අනෙක් කාරණය ඉන්දියානු සාගරයේ මුහුදු මංකොල්ලකෑම් වලින් තොරව පවත්වාගෙන යාමේ විශාල වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා සතුව තිබෙන බැවිනි. එම සිදුවීම් දාමයෙන් පසු රට තුළ විවිධාකාරයේ උද්ඝෝෂණ නාවික හමුදාපතිවරයාට එරෙහිව පැන නැගුණද, රජය දැඩි ලෙස නාවික හමුදාපතිවරයා ආරක්ෂා කරනු ලබන ස්ථාවරයක සිටියේය.

මෙහි අපූරු සරදම වන්නේ හමුදා රණවිරුවන් වෙනුවෙන් දිවි නොතකා සටන් කරනවා යැයි කියනු ලබන, ඔවුන් වෙනුවෙන් මුදල් එකතු කරන, ප්‍රවෘත්ති සාකච්ඡා තබන ඒකාබද්ධ විපක්ෂය, ජාතිකවාදීන් හා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කකුල් මාට්ටු දමන්නෝ හදිසියේම නාවික හමුදාපතිවරයාට හා නාවික හමුදාවට එරෙහිව ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ පැත්තගෙන කටයුතු කිරීමය. මෙය ඔවුන්ගේ ස්ථාවරය උඩු යටිකුරු කිරීමකි.

මෙයින් මාගේ නිගමනය වන්නේ ඒකාබද්ධ විපක්ෂයටත් මෙරට ජාතික බලවේග වලටත් හොදින් සංවිධානය වූ න්‍යායාත්මක පදනමක් නොමැති අතර මාධ්‍ය ආයතන කිහිපයක කුඩා මාධ්‍යවේදීන් ඔවුන්ගේ දවසේ ප්‍රවෘත්ති විකාශය තුළ ගොඩනගනු ලබන සරළ තර්ක මත දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. එය ආණ්ඩුවක් ගෙදර යැවීමට තරම් ප්‍රබල දේශපාලන ක්‍රියාදාමයක් වන්නේ නැත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    බොරැ හොරැ අල්ලල විවිධ බොරැ චෝදනා ඉදිරිපත් කොරල මිනිහෙක් රිමාන්ඩ් කොලාට ටොය්යො ජනතාව චූන් කල කාලය ඉවරය්. ජහපාලනයට දැන් වසර 2ක් වෙන්න එනවා. අල්ලපු එක හොරෙක් වත් වැරදි කාරයො කොලේ නැහැ. මහින්දගෙ ඩොලර් බිලියන 18ක් පිටරට තියනව කියල මොන්ගල් අැමති කිවිව. ඩොලර් බිලියන 3ක් ඩුබාය් බැංකුවක තිබ්බ දැක්ක කියල රාජිත මොහමඩ් කිව්වා. කෝ දැන් එ් සල්ලි? මුන් පිල්ලෙ ගැහුවද? මිනිස්සුන්ට ජහපාලනය අැති වෙලා. අැත්ත නැත්ත බලාගන්න පලාත් පාලන චන්දෙ තියපල්ලා.

    ලෝක අාර්තික මිනුම් දණ්ඬ වන ‘Fitch’ ශ්‍රේණි ගත කිරීම 2004 චන්ද්‍රිකා/රනිලගෙ කාලෙ වන විිට ලංකාවට ‘B-‘. මහින්දගෙ පාලනය යටතෙ 2011 වෙනකොට ‘BB-’ දක්වා ඉහල ගියා. රනිල්/සිරා ගෙ ‘යහපාලනයට අවුරැද්දය් මාස හයයි ගියෙ එ් මිනුම් දණ්ඬ අද අාපහු ‘B-‘ වෙලා. පච රණවකල කරැපය්ය බයිල කියල වැරැද්ද මහින්ද ගත්ත ණය පිට පැටෙව්වට වැඩක් නැහැ, අද වෙනකොට මිනිස්සු දන්න අැත්ත කතාව.

    රටක GDP සිග්‍රයෙන් ඉහල යනකොට නය රටට ප්‍රශ්ණයක් නෙවෙය්. පුද්ගලයෙක් උනත් අායෝජන කරන්න ගන්න නය තමන්ගෙ අාදායමට අඩු නම් එවැනි ණය ඔහුට ප්‍රශ්ණයක් නෙවෙය්. මහින්ද නය ගත්තෙ රටට අත්‍යවශ්‍ය වෘයාපෘති වලට අායෝජන කරන්නය්. නොරොච්චෝලෙ බලාගාරය හදන එක නොයෙක් විරෝධතා නිසා 1980 ගනන් වල ඉඳල සෑම රජයක්ම කල් දැම්මා. මහින්ද නය අරගෙන විදුලිබලාගාර හැදුවෙ නැත්නම් අද වෙනකොට රටම කලුවරේ. මහින්ද අධිවේගී මාර්ග හැදුවෙ නැත්නම් කටුනායක ඉඳල කොළඹ එන්න පැය පහක් යාවි. මාතර යන්න පැය පහක් යාවි.

    මහින්ද රට බාර ගන්නකොට (2005 දි) රටේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දේශීය නිෂ්පාදනයෙන් 101%ය්. මහින්ද යුද්දෙ ඉවර කරල රටට සාමය ගෙනාපු 2009 දී එ් රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 89 ට බස්සලය් තිබුනෙ. කලින් කිව්ව වගේ රටේ අාර්තිකය දියුනු කොරන්න අත්තිවාරමත් දමල තිබුනා. මහින්ද ‘යහපාලනය’ට රට බාර දුන් 2015 ජනවාරි වන විට රටේ රාජ්ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70% දක්වා අඩු කරල තිබුනා. එ් කියන්නෙ මහින්ද ප්‍රමානයකට නය අරන් රට සංවර්ධනය කලා. ඉතින් නයට ගත්ත කියල මහින්දට චෝදනා කරන එක වැරදිය්.

    රටක අාදායම (GDP) සිග්‍රයෙන් ඉහල යනකොට වැඩිවන නය රටට ප්‍රශ්ණයක් නෙවෙය්. පුද්ගලයෙක් උනත් තමන්ගෙ වත්කම වැඩිකර ගන්න (අායෝජන කරන්න) ගන්න නය තමන්ගෙ අාදායමට අඩු නම් එවැනි ණය ඔහුට ප්‍රශ්ණයක් නෙවෙය්. අපි කවුරැත් එහෙම නය ගන්නවා. බැංකු වලින් අහල පැනල නය දෙනවා.

    “රටකට ගන්න පුලූවන් ණය ප්‍රමාණය තීරණය වෙන්නෙ ඒ ණය ආපහු ගෙවන්න තියෙන හැකියාව උඩයි. මගේ ආණ්ඩුව හැම විටම ණය ගත්තෙ ඒ කාරණය හොඳින් මතක තබාගෙන. මහා භාණ්ඩාගාරයේ වාර්තා වලට අනුව මගේ පාලන සමයේ අවසන් අවුරුදු 7 දී හැම අවුරුද්දකම විදෙස් ණය වාරික හා පොලිය වශයෙන් ගෙවන්න වුණේ මෙන්න මේ වගේ ගණන්.
    2008 – ඇමරිකානු ඩොලර් බිලියන 1.4
    2009 – ඩොලර් බිලියන 1.3
    2010 – ඩොලර් බිලියන 1.2
    2011 – ඩොලර් බිලියන 1.5
    2012 – ඩොලර් බිලියන 2.2
    2013 – ඩොලර් බිලියන 2.4
    2014 – ඩොලර් බිලියන 2.2
    මේවා ගෙවා ගන්න බැරි තරම් ලොකු ගණන් නොවෙයි. ඒ වගේම අපි මතක තබාගන්න ඕන මම ණය ගත්තෙ කන්න බොන්න නෙවෙයි මම ණය ගත්තෙ යුද්ධය දිනන්න සහ රටේ එතෙක් නොකෙරුණු වැදගත් ව්‍යාපෘති ගොඩනගන්න. මගේ ආණ්ඩුව ගොඩනගපු දේවල් මුළු රට පුරාම පේන්න තියෙනවා. මේ ආණ්ඩුවේ ලොක්කො තාමත් විවෘත කරන්නෙ මම පටන්ගත්ත ව්‍යාපෘති විතරයි. මම මොන දේට ණය ගත්තත් බොහොම පරිස්සමෙන් සැලසුම් කරලා තමයි ගත්තෙ. ඒකයි ගෙවන්න බැරි ණය වාරික අපේ ආණ්ඩුවට තිබුණෙ නැත්තෙ.” – mahnda.info වෙබ් අඩවිය.

    මහින්දගෙ කාලෙ විවිධ අායෝජකයන් රටට ගෙන අාපු මුදල් නිසා ‘යහපාලනය’ 2015 ජනවාරි රට බාර ගන්නකොට ඩොලර් බිලියන 8.5ක විදේශ විනිමය ඉතිරියක් රටට තිබුනා. අද වෙනකොට එ් විදේස විනිමය US $ බිලියන 5 ට බැහැල. කොටස් වෙළඳපොලේ විදේස අායෝජන අාපහු අරන් ගිහින් නිසා එ්කත් වැටිල.

    මහ බැංකු වාර්තා කියන්නෙ 2016 මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87870 කින්) ඉහළ ගියා කියලය්. යහපාලනය රටේ නය වැඩි කලාට එ් නය වලින් පටන් ගත්ත සංවර්ධන වැඩක් නැහැ. යහපාලකයො කියන්නෙ මහින්ද ගත්ත නය ගෙව්වලු. මෝඩ “අපි ජූඑම්පී” උන්ට අැරෙන්න හරකුන්ටත් දැන් වෙනකොට ‘යහපාලන’ ගේම තේරෙන්න ඔිනා!

    මොනවද ජහපාලන නඩය බැඳුම්කර සහ වෙනත් ණය අරගෙන කරපු වැඩ? එකම එකය්. රජයේ සේවකයන් ලක්‍ෂ 14ක් ගොනාට අන්දල චන්දෙ කඩා ගන්න දෙන්න බැරි පඩි වැඩි වීමක් කොරල සෑම වසරකම US $ බිලියනයකට (රැපියල් 168,000,000,000/-) වඩා අමතර වියදමක් කොරනවා. දැන් මහින්ද ඉතුරැ කොරපු සල්ලි ඉවර කොරල පඩි ගෙවන්න මුදල් හොයා ගන්න බැරැව හැම තැනම ණය වෙනවා. රටේ හැමෝටම අසාධාරන ලෙස බදු ගහනවා. දැන් වැරැද්ද මහින්ද ගත්ත ණය මත පටවනවා.

    ලෝකයේ රට රටවල ආර්ථිකයේ ශක්තිමත් භාවය මිනුම්කරනය කරන ෆිච් රේටින් Fitch Ratings-Hong Kong සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් Standard & Poor’s ratings agency යන ජාත්‍යන්තර ආයතන ශ්‍රීලංකාව මිනුම්කරනය කොට වර්ගීකරණය කිරීමේදී මේ වසරේ මුල් කාර්තුවේ සිට ශ්‍රීලංකාව එතෙක් තිබු මුල්‍ය ශක්තිමත් භාවය පහත හෙලලා.
    චන්ද්‍රිකා/රනිලගෙ කාලෙ ලංකාවට ‘B-‘ තිබිච්ච ‘Fitch’ ශ්‍රේණි ගත කිරීම මහින්දගෙ පාලනය යටතෙ 2011 වෙනකොට ‘BB-’ දක්වා ඉහල දැම්මා. අවුරැදු දෙකක් ගියෙ නැහැ රනිල්/සිරා ‘යහපාලනය’ යටතෙ අද අාපහු ‘B-‘ වෙලා. ඉතින් පච රණවකල කරැපය්ය බයිල කියල වැරැද්ද මහින්ද ගත්ත ණය පිට පැටෙව්වට වැඩක් නැහැ, මේ වෙනකොට ගම් වල මිනිස්සුත් දන්නව අැත්ත කතාව. ඉතින් තියල බලපල්ලා ‘පලාත් පාලන චන්ද’.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.