විපක්ෂයේ බෙදීම් ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ දැකගත හැකි වූ ප්‍රධානතම ලක්ෂණය වන්නේ විපක්ෂයේ කණ්ඩායම් අතර සිදුවෙමින් පවතින තීරණාත්මක බෙදීමයි. මෙම බෙදීම වඩාත් ප්‍රදර්ශනාත්මක ලෙස කලඑළියට පැමිණියේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද රහස් ඡන්දයේදීය. මෙහිදී ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසා සිටියේ ඔවුන් විසින් කවුරුන් හෝ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්කරන්නේද යන්නයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ කණ්ඩායම හා විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමේ පිළිතුර වී තිබුණේ ඔවුන් විසින් අපේක්ෂකයෙකු නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ඉදිරිපත් නොකරන බවයි. මේ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි මහතා යෝජනා කරනු ලැබීය. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම මගින් ඉදිරිපත් කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එකතු වූ විට එම පිලට අඩුම තරමින් ඡන්ද 70 ක් හෝ ලැබිය යුතුව තිබුණ ද ඔවුන්ට ලබාගත හැකි වූයේ ඡන්ද 53 ක් පමණි. මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වූ පිලේ විශාල කණ්ඩායමක් ඡන්දය පාවිච්චි නොකර තිබුණි. එම සංඛ්‍යාව මන්ත්‍රීවරු 18 ක් පමණ වේ. ප්‍රධාන වශයෙන් රාජපක්ෂවරු සියලු දෙනාම පාහේ එම ඡන්දයෙන් වැළකී සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය තීරණාත්මක ලෙස දෙකට බෙදී ඇත්තේ බැසිල් පිල හා ගෝඨාභය පිල ලෙසිනි. මෙහිදී බැසිල් පිල විසින් ගෝඨාභය පිල පෙර සිදුකරනු ලබමින් පවතින දේශපාලනය තීරණාත්මක ලෙස විවේචනය කරනු ලබයි. ගෝඨාභය පිල විවේචන නොකර ද ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනගා ඇති ජන බලය ඔවුන් මතට යොමු කර ගැනීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් දියත්කර තිබේ. ගෝඨාභය පිල, සිංහල බෞද්ධ බලවේග මත විශේෂ නැඹුරුවකින් කටයුතු කරන ආකාරය දැකිය හැකි අතර එමගින් සිංහල බෞද්ධ ඡන්දවලින් 70% කට වඩා ගනිමින් ජයග්‍රහණය කළ හැකි යැයි ඔවුන් තක්සේරු කර තිබේ. එම මතය කෙතරම් දුරට සමාජගතවී ඇත්තේද යත් ගෝඨාභය රාජපක්ෂ වටා එක්තරා ආකාරයක දේශපාලන බල කේන්ද්‍රයක් ද ගොඩනැගී තිබේ. කෙසේ වුවද සිංහල සමාජය තුළින් විශාල විරෝධයක් ගෝඨාභය කෙරෙහි එල්ලවී ඇති අතර එයට බලපානු ලබන ප්‍රධානම ප්රශ්නය වන්නේ ගෝඨාභය රාජපක්ෂව, රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ගෝඨාභය රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරන ලද ප්රජාතන්ත්ර විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ රටේ සිවිල් සමාජය තුළ පවතින විශාල විරෝධය හා භීතියයි. එමනිසා ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මෙම ක්‍රියාකලාපය එළියට ඇදී එන අතර ඒ වෙනුවෙන් විශාල සමාජ විරෝධයක් ගොඩනැඟීමට ඔවුන්ට එරෙහිව ඇති බලවේග ක්‍රියාත්මක වනු ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ මෙම බෙදීයාම විශේෂයෙන්ම පෙනී යන්නේ විමල් වීරවංශගේ ක්‍රියාකලාපය තුළිනි. විමල් වීරවංශ කල්පනා කරනුයේ රාජපක්ෂවරු සතු වූ මෙම ජන බලවේගය ගොඩනගන ලද්දේ ඔහු හා උදය ගම්මන්පිල විසින් බවයි. ඔවුන් මෙම බලවේග ගොඩනගන අවස්ථාවේදී දැනට මෙම බලවේග සදහා නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ මෙන්ම ගෝඨාභය රාජපක්ෂද, මහින්ද රාජපක්ෂද විවෘත දේශපාලනයෙන් මිදී හුදකලාව සිටි අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල විසින් ආරම්භ කරන ලද මහින්ද සුළඟ වැඩසටහන මගින් නැවත මෙම දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ වූ බවත්, එමගින් ඔවුන්ගේ පක්ෂය ආරම්භ වූ බවත් විමල් වීරවංශගේ තක්සේරුවයි. එම වැඩසටහන ආරම්භ කරමින් විමල් විරවංශ අපේක්ෂා කරන ලද්දේ ඔහුට මහින්ද රාජපක්ෂ සතුව පැවති ජන ප්‍රසාදය නංවාගෙන ඔහුගේ පක්ෂයත්, ඔහු සතු බලවේගයත් ඉහළට ඔසවා ගැනීමයි. නමුත් සූක්ෂම දේශපාලනඥයින් වන රාජපක්ෂවරු විසින් ඉතාම දක්ෂ ආකාරයෙන් ඔවුන් සතු ජන බලය ඔවුන්ගේ පවුල කේන්ද්‍ර කරගත් දේශපාලන වැඩසටහනකට ගොනුකර ගැනීමට සමත්විය. මෙම තත්ත්වය විමල් වීරවංශ ප්රමුඛ අවශේෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හට ගෝචර නොවන අතර මොවුන් තුළින් බැසිල් විරෝධයක් උපදින්නේ එබැවිනි.
එම විරෝධය කෙතරම්ද යත් අඛණ්ඩව බැසිල් රාජපක්ෂ පිල ඒකාබද්ධ විපක්ෂයේම ගෝඨාභය පිලට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකරමින් තිබේ. බැසිල් රාජපක්ෂගෙන් හා ගෝඨාභය රාජපක්ෂගෙන් වියුක්ත වෙනම දේශපාලන වැඩසටහනක් විමල් වීරවංශ විසින් විපක්ෂ කණ්ඩායම් අතර ක්‍රියාත්මක කරමින් තිබේ. එම වැඩසටහන සඳහා වාසුදේව නානායක්කාරගේ, දිනේෂ් ගුණවර්ධනගේ සහයෝගය ද විමල් වීරවංශට ලැබී තිබේ. අනෙක් අතින් බැසිල් රාජපක්ෂ විසින් ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන වැඩසටහනේදි විමල් වීරවංශ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ එම නායකයින් හා මුළු මන්ත්‍රී කණ්ඩායම අවසානයේ නොතකා හරින තත්ත්වයකට පත්වී තිබේ. මෙය විපක්ෂ කණ්ඩායම් වල තිබෙන විශාලතම චෝදනාව හා අසහනයයි. විශේෂයෙන් එ්කාබද්ධ විපක්ෂය විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන වලට ප්‍රධානීන් පත්කිරීමේදී බැසිල් රාජපක්ෂ ක්‍රියාත්මකවන ලද්දේය. කිසිදු දේශපාලන නායකයකු පිළිබඳ අවධානයක් යොමු නොකර තමන් කැමති කණ්ඩායම් හා පුද්ගලයින් පමණක් පළාත් පාලන ආයතනවල නායකත්වයට පත්කිරීමට බැසිල් රාජපක්ෂ වගබලා ගත්තේය. එමගින් ඔහු විපක්ෂ දේශපාලන බලවේගය ග්‍රාමීය මට්ටමෙන් සම්පූර්ණයෙන්ම පාහේ අත්පත් කරගැනීමට සමත් විය.
එසේම ග්‍රාමීය මට්ටමේද පළාත් පාලන ආයතන වල බලය පවත්වාගෙන යෑමේ ද විශාල බෙදීමක් විපක්ෂයේ කණ්ඩායම් අතර ද දැකිය හැකිය. පෙබරවාරි 10 වනදා මැතිවරණයට පෙර නොතිබූ විශාල අවාසි සහගත තත්ත්වයක මෙම බෙදීම් හා කණ්ඩායම් කල්ලි ගැසීම් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ තුළ දැන් ඇතිවී තිබේ. මෙම තත්ත්වය කළමණාකරනය කරගැනීමට මහින්ද රාජපක්ෂ උත්සහයක් දැරුවද ඔහුගේ පාලනයෙන් මිදී මෙම දේශපාලන ව්‍යාපාරය බොහෝ දුර ගොස් තිබේ. මෙම තත්ත්වය හොඳින් තේරුම්ගත හැකිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදී ආ දාසය දෙනාගේ කණ්ඩායමට ඉඩ සකසාදීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද මහින්ද රාජපක්ෂටද ඉඩ නොලැබෙන තත්වයක් උදාවී තිබීමෙනි. එම දාසය දෙනාගේ කණ්ඩායම පිළිබඳව බැසිල් රාජපක්ෂගේ මතය එතරම් සුභවාදී නොවන අතර බැසිල් රාජපක්ෂ පෞද්ගලිකව විශ්වාස කරනුයේ විශාල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් දැනට ඉන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසලකා හැර තම දේශපාලන ව්‍යාපාරය ගොඩනගා ගත හැකි බවයි. මෙවැනි බිදුනු, කුඩු වුනු, විසිවුණු තත්ත්වයක තිබෙන විපක්ෂයේ වැඩසටහනකට ඉදිරි ජාතික මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කිරීමට හැකියාවක් තිබේද යනුවෙන් කීමට තවමත් කල් වැඩිය.
analyst / June 10, 2018
Mahindage noothana slfp eka kiyanne srilankawe bihiwecha visalathama thank pakshayaki ,eke Chandra padanama 46% wada wadiya .mey pakshaya srilankawe noothana supiri danawadaya nirmanaya karapu pakshayaki.lankawe bihiwecha dawantha saha ekama ugra liberal danawadi pakshayaki.mey pakshaye arthika saha viyaparika prathipathiwalata srilankawe samastha viyaparikayo saha madyama saga ihala madyama panthiya mey pakshaye kapuwath nil pakshikayoya.unp wage misra arthika karana Jr ,premadasa ,Ranil wage minusu inna duppath pakshawalata thamange 23% Chanda padanama thiyagana mey uggra danawadi liberal nootha slfp ekka harennawath puluwanda .Mahinda virodi chanda bedunoth mahindage noothana liberal viyaparika slfp ekka thani aswayage race eka duwanne. Mahindage noothana liberal slfp ekata saha egollonge samastha danawadi ara shangrila hotele dakka mahindage slfp ekke ihala Pele danawadinta Jr premadasage unp natham wijeweerage JVP eka thaman joke ekata Hanna bite eka pamanai.mekai srilankawe yatharthaya. Oya gollo wage ahinsaka unp jvp pakshikayo 23% chanda thiyagena heena mauwata lankawe ihala liberal danawadin tika okkoma anthimata ekathuwela 55% withara chanda aragena dinai.unp JVP ahibsakayo wecha api ediha balance India ara palatg palana chance slfp eke Chanda bedei kiyala balanhitathi gedi Pitin Mahinda slfp Chandra Mahinda gatha wage wei.
/
helaya / June 10, 2018
ඔවා හීනම පමණයි…කොයි පක්ශෙත් ඉන්නේ මිනිස්සු…අදහස් විවිදාකාරයි.ගෑටලු තිබෙන පුලුවන්…නමුත් UNP ය වගේ නාකි නායකයව එලව ගන්න බෑරුව,වර්ශ ගනනාවක් එක තෑන පල්වෙන,දවසින් දවස චන්ද් පදනම අඩු කර්ගන්න ප්‍රශ්න නම් නෑ..ඔබ කතා කල යුතු අන්න එවායි.ඔබ යට රෙදි නරෙතුවම කඩේ යනවා….අද UNP යේ ඔබලාට හිතවත් 118 ක් ඈලොසියස්ගේ අසුචි කාලා අසුවෙලා….එවා ගෑනයි කතා කල යුත්තෙ…කොහොමත් UNP යට නෑවත මොකෙක් හරි පොදු අපෙක්ශක කුණක් ඈර අන් සරණක් නම් නෑත.රට ආඅලේ…නිතියක් නෑ…රට කරවන ඈත්තො හිතු මනාපෙට හොරකම් මෑරකම් කරයි…දවස ගානේ මිනිසුන් මහා මග වෙඩි තියා මරයි…චිකාගො වී හමාරයි…ඈමති පුතුන් පිස්සු කෙලී…රට නොරටුන්ට විකිණේ…නමට ජනපතියෙකු සිටි…සියල්ල සිදු වන්නෙ ජනපදනමක් නෑති චන්දෙකින් දිනිය නොහෑකි අගමෑතිට අවශ්‍ය ආකාරයටයි.ඉත්ං විකාර නොලියා ඔවා ගෑන ලියන්න….අනුන්ව හදන්නට ප්‍ර තන් හෑදෙන්න…
/
Jim softy / June 11, 2018
Thushara: You did not talk about the political authorities and their influence inside the office. then the Nepotism. For example, Mahinda Rajapakse Appointe dhis womanizer senior citizen brothe rin LAw to Sri lankan airlines. that managememtn is still drawing salaries. Then Ranil appointed his charitha Rathwaththa and 70 year old ajioth Dias, the catering executive and Briti Gang. Now another gang from the Same boss. So, it is still politics. country has gone to dogs.
/