21 January, 2025

Blog

කුවේනියගේ කඳුළු

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

සිංහල හා දෙමල ජාතිකවාදයේ පදනම මහා වංශයයි. එය වසර 2500 කටත් වඩා පැරණි මහා සම්ප්‍රදායක් වන අතර එයින් අපට රටක් ලෙස එදත් අදත් අහිමි වූ දැ බොහෝය. මහා වංශයට අනුව සිංහල ජාතිකත්වයේ උපත සිදු වන්නේ ඉන්දියාවෙන් පැමිණි නාහෙට නාහන විජය කුමරයාගෙන්ය. ජාතියක් ලෙස උතුරු ඉන්දියානු සංස්කෘත බසින් බිදුණු සිංහල දකුණු ඉන්දියානු ද්‍රවිඩියන් දෙමළට වඩා වැඩි වරප්‍රසාදිත බාසාවක් ජාතියක් බවට සිංහලයින් කල්පනා කරන්නට පටන් ගත්තේ එය ආරම්බ වූ කාලයේ සිටමය .

ඒ පිළිබද ප්‍රථම සාක්ෂිය වන්නේ විජය කුමාරයා විසින්ය. ඒ කුප්‍රකට මහාවංශය විසින් පෙන්වාදෙන කුවේණිට සිදුකල මහා රැවටීමය. එය අපරාධ​යකි. ඒ අපරාධ​ය මතින් ඔහුන් ලියා තැබුවේ සිංහලයින් දෙමළුන්ට වඩා මාර පොර ජාතියක් කියාය .

විජය ලංකාවට ගොඩ බසින විටත් ලංකාව විශේෂයෙන් මල්වතු ඔයෙන් උතුරට වන්න ජනාවාසව පැවතුනි. සැබවින්ම දකුණේද ජනාවාස තිබුණු බවට ශාක්ෂි දැන් ලැබී තිබේ. නමුත් විජයට මුණ ගැසෙනුයේ මල්වතු ගගින් උතුරේ කුවෙනිගේ පරපුරය. එනම් තම්බපන්නියේ වාසය කල වුන්ය. තම්බපන්නිය යනු මහා විල්පත්තු වන මැද පිහිටි ස්ථානයකි. විජය ලංකාවට පැමිණෙන විටත් ලංකාවේ උතුරෙයි සංස්කෘතියක් තිබුණු බවත්. සංස්කෘතික මිනිසුන් වාසය කල බවටත් සාක්ෂි මහා වංශයේම තිබේ.

එනම් කුවේණිය විජය ලංකාවට පැමිණෙන විටත් සිටිනුයේ කපු කටිමිනි. කපු කැටීම යනු විලි වසා ගැනීමට රෙදි පිලි නිෂ්පාදනය කිරීමයි. එසේනම් වසර 2550 කටත් වඩා ඈත කාලයේ ලංකාවේ මල්වතු ගගට උතුරින් රෙදි අදින සංස්කෘතික මිනිසුන් ජීවත් වී තිබේ. ඒ සියල්ලටමත් වඩා කුවේණිය විජය හා ප්‍රේමයෙන් බැදේ. ප්‍රේමය සංස්කෘතික සමාජයක දියුණු සමාජ හැසිරීමකි. සමාජ ගිවිසුමකි. කුවේණිය ඇතිකරගත් එම ගිවිසුම අනුව උතුරු ඉන්දියානු විජයට දකුණු ඉන්දියානු සංස්කෘතික ගැහැණිය මල්වතු ගගින් දකුණේ උතුරු ඉන්දියානු රාජ්‍ය පිහිටුවා ගැනීමට සහයෝගය ලබා දෙයි.

විය හැකි ලෙසම කුවේනියගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු විය යුතුය. මන්ද මන්නාරමේ සිට ඉන්දියාවට ඇති දුරත් ජනපද සියල්ල මල්වතු ගගින් උතුරේ පිහිටුවා තිබීමත් අදත් එම ප්‍රදේශ් වල ජනතාව දෙමල හා හින්දුන් වීමත් වැනි කාරනා නිසාවෙන් අපිට නිගමන කල හැක්කේ ඔහුන්ගේ සංස්කෘතිය දකුණු ඉන්දියානු ද්‍රවිඩ විය හැකි බවය.එසේම විජය කුවේනියගේ පරපුරට පිටස්තරයෙකු වීමටත් කුවේණිය විජයට පිටස්තරයෙකු වීමටත් බල පෑ ප්‍රදානම හේතුව. මෙම උතුරු දකුණු සංස්කෘතික නොගැලපිමය.

අද නුතන සිංහල ජාතික වාදීන් මහාවංශයයේ සදහන් විජයගෙන් සිංහලයා පැවැත් එතැයි යනුවෙන් දක්වනු ලබන කතාන්දරය තදින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එයට හේතු ගණනාවක් තිබුනද ඉන් ප්‍රදනතම හේතුන් වන්නේ විජයගේ ඉන්දියානු රස්තියාදුකාර ජන්මයත් ,කුවේනියගේ දෙමළ සංස්කෘතියත් එසේත් නැතිනම් විජයට පෙර කුවේණිය මෙහි ජනාවාස ගතව සිටීම තුලින් ඇය මගින් මෙරට සිංහල අදිපති වාදී මුල් ජනපදික මතය බිද දැමීමත්. මේ සියල්ලටම වඩා විජය කුවේණිය කෙරෙහි දැක්වූ කුරිරු සැලකීම සිංහල වැනි මාර සංස්කෘතික ජාතියකට නොගැලපෙතයි ජාතික වාදී චින්තකයින් සිතයි.

මෙම නිසාම සිංහල ජාතික වාදී චින්තකයින් රාවණා කතාන්දරය කරපින්නා ගෙන සිංහල ජාතියේ ආරම්බය පිළිබද වෙනත් මතවාදීමය තර්ක ගොඩ නගමින් සිටි.

මිට එරෙහි මගේ තර්කය වන්නේ සිංහල භාශාව සංස්කෘත වලින් බිදී එන්නක් වීමත් එහි හඩ නේපාල භාෂාවට සමීප වීමත් බුදු දහමත් නිසාවෙන් අපි සංකෘතික වශයෙන් වැඩි නැබුරුවක් දක්වන්නේ උතුරු ඉන්දියානු සම්බවයටය. එම නිසා මහා වංශ කතුවරයාගේ සිංහල ජාතියේ උපත පිළිබද කතිකාවට වැඩි බරක් තැබිය හැකි බව මගේ අදහසයි.

මෙම තත්වය තුල සිංහලයට ලංකාවේ පුරෝගාමී ජනපදිකයින් ලෙස කිව නොහැකි අතර එසේ කිවයුතුනම්. කුවේනියගේ පරපුර අයත් වන්නේ කුමන ජන කොටසකටද අද ඔහුන් ට සිදු වුයේ කුමක්දැයි ඔප්පු කොට පෙන්විය යුතුය.

එසේ නොවන්නේනම් දෙමල සුලුතරයද මෙරට පුර්වගාමී ජනකොටසක් ලෙස අපි වන අතර අපි සමාන අයිතිවාසිකම් ඇති අයවලුන් ලෙස එකම මේසයේ ඉදගෙන කටයුතු කල යුතු වේ හෝ එසේ කිරීමට හිත හදා ගතයුතු වෙයි.

මෙවන් තත්වයක් යටතේ දෙමළා සහ සිංහලයා එකම මේසයක කටයුතු කරද්දී මුසල්මනුවා කටයුතු කල යුත්තේ .දෙවන පුරවැසියෙක් ලෙසද ?

ශ්‍රිලාංකික සමාජය මුහුණ දෙන අනෙක් ගැටලුව එයයි .

මුස්ලිම් ආගම පදනම් කරගත් විශාල ජනතාවක් ලෝකය පුරා විසිරි වාසය කරයි. ඔහුන් මුලික වශයෙන් වෙලෙන්දෝය. වෙළදාම පදනම් කරගෙන ඔහුන් ලෝකය පුර විසිරි ගිය අතර ලංකාවටද පැමිණියේ ශත වර්ෂ ගනනාවකට පෙර වෙළදාම උදෙසාය. ලංකාවේ මුස්ලිම් ජනතාව පිළිබද සිදුකරන ලද සියලුම අධ්‍යනයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ඔහුන් ප්‍රථමයෙන් පැමිණ ඇත්තේ පිරිමි පාර්ශ්වය පමණි. ඉන් අදහස් වන්නේ ඔහුන් විසින් සිංහල හා දෙමළ කාන්තාවන් හා සරණ ගොස් ලංකාවේ පදිංචි වී ඇති බවයි. එසේනම් ලංකාවේ ජීවත් වන සියලුම මුස්ලිම් වරුන්ගේ මව් රට ලංකාව බවයි.

එනම් ලාංකික මවක් නොවන කිසිදු මුස්ලිම් වරයෙකු ඉතිහාසයේ කිසිදු දිනයක ලංකාවේ වාසය කර නොමැති බවයි.

මේ අනුව මගේ නිගමනය වන්නේ ලංකාවේ සිංහල මුස්ලිම් හා ද්‍රවිඩ සියලුම දෙනා එකම මේසයේ වැඩි විය හැකි සමාන අයිතිවාසිකම් ඇත්තො වෙති. මෙරට සිංහල දෙමල මුස්ලිම් ජාතින් තුනට අයත් ශ්‍රී ලංකික අනන්‍යතාවයෙන් කටයුතු කලයුතු රටකි.

මෙහි අන්තගාමී ජතිවදිව කටයුතු කරන යමෙක් වේද ඔහු රටට සතුරුව කටයුතු කරන්නෙකු වේ ඔහුන් අලුයම ලූ කෙල පිඩක් මෙන් ප්‍රතික්ෂේප කලයුත්තේ වෙති.

එසේ නොවන්නේනම් අපට කුවේනියගේ සාපයෙන් මිදිය නොහැකි වන්නේය.

Latest comments

  • 1
    0

    Comment එකක් ලියන්නත් වැඩක් නැති හරයක් නැති ලිපියක්. නමුත් ඉතිහාසය ගැන කියපු ටික ගැන යමක් කියන්න හිතුව. රනිල්ගෙන් පටන් අරන් හැම UNPකාරයෙක් වගේම තුෂාරත් ලංකාවේ ඉතිහාසය දන්නේ නැහැ. ඒ සම්බන්ධ පොතපත පරිශීලනය කරලා නැහැ. කුවේණි දකුණු ඉන්දියානු විය යුතුලු. විජය හොරා එන්න ඉස්සෙල්ල මේ රටේ යක්ෂ රාක්ෂ නාග දේව ගෝත්‍රිකයෝ හිටිය. යක්ෂ කියන්නේ යක්ෂයන්වත් දේව කියන්නේ දෙවියන්වත් නෙමෙයි. ඔවුන් මිනිස්සු. යක්ෂ ගෝත්‍රිකයන්ට අධිමානසික බලයක් තිබුන කියලා කියනවා. දෙවියන් අදහපු දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුලින්ම මිහිඳු හාමුදුරුවන්ව අම්බස්තළාව උඩ ඉන්නවා දැක්කහම ඒ ඉන්නේ වෙනස් වේශයක් ගත්ත යක්ෂයෙක් කියලා හිතල තියෙනවා කියලා කියනවා. ලංකාවේ ඉතිහාසය ගැන කියන පලවෙනි ඓතිහාසික ග්‍රන්ථය මහාවංශය නෙමෙයි, දීපවංශය. සිංහලයෝ මහා වංශය පිළිගන්නේ තර්කානුකූල හේතු මත මිසක් ආවට ගියාට නෙමෙයි. ඒකයි සිංහලයෝ හිතන්නේ ලංකාවේ හැම මිනිහම විජය හොරාගෙන් පැවතෙන මිනිස්සු නෙමෙයි කියලා. මහාවංශ කතුවරයාට එක්කෝ ඉන්දියානු සම්භවයක් තියෙනව නැතිනම් ඉන්දියාවේ බලපෑමක් වෙලා තියෙනවා මහාවංශය ලියන කොට. ඒ නිසයි ලංකාවේ ඉතිහාසය කුවේණිගෙන් නැතුව විජය හොරාගෙන් පටන් ගන්නේ. කුවේණිටත් පරම්පරාවක් තියෙනව. කුවේණි කියන්නේ සේනාධිනායිකාවක්. ඒ ඉතිහාසය හිතාමතාම වහල තියෙනව ඉන්දියාවෙන් ආපු විජය හොරාට තැන දෙන්න ඕනේ නිසා. කුවේණිට විතරක් නෙමෙයි ලංකා ඉතිහාසයේ ඊට පස්සේ හිටපු රැජිනියන්ට, බිසවුන්ට, මව්බිසවුන්ට, සහ සේනාධිනායිකාවන්ටත් මහාවංශ කතුවරයා අසාධාරණයක් කරලා තියෙනව. රට පාලනය කරපු කාන්තාවෝ ගැන කියන්නේ ඉතාම අඩුවෙන්. ඔවුන්ගේ රාජ්‍යපාලනය ගැන කියන්නෙම නැහැ. මහාවංශය ඉලුප්පන්නෙම පිරිමි රාජ්‍යපාලකයන්ව. සිංහලයන් අතරේ පැහැදිලිවම කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක රටට කිසි ආදරයක් නැති, වගේ වගක් නැතුව රට පාවාදෙන, මැරකම්, ජඩකම්, හොරකම්, වංචා ලේවලම තියෙන විජය හොරගෙන් පැවතෙන මිනිස්සු. ඕනේ තැනක අඳුනා ගන්න පුළුවන්. අනිත් සිංහලයන් කොටස දැනගෙන හෝ නොදැන ලංකා පොළොවේ නියම උරුමයට හිමිකම් කියන, ඒ ලේ ඇඟේ දුවන, තමන්ගේ රට වෙනුවෙන් නැගී හිටින මිනිස්සු. ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ, ලංකා පොලොවට උරුමකම් කියන සේනාධිනායක කාන්තාවකගෙන් මිසක් මදාවි, දඩබ්බර, මැර පිරිමියෙක්ගෙන් නෙමෙයි. කවුද දන්නේ ඔය කියන කුවේණිගේ සාපෙ ඉවර කරලා හෙවත් කවදා හරි ලංකාව මේ වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ අරන්, කාටවත් යටත් නැතුව, තමන්ගේ ශක්තියෙන් නැගිටින සශ්‍රීක රටක් කරන්නෙත් කාන්තාවක් වෙන්න පුළුවන්.

  • 0
    0

    Thushara YOu talk things you do not know. In Tamilnadu, Politics is played only in the name of Tamils. So, mles to the south, It is the same politics. Are there any other reasons other than Mahavamsa.IT is only the stupid Tamils who know only Mahavamsa. there are hundreds of books similar to Mahavamsa which you cannot separate from either Sinhala or from buddhism. YOur artilce is really stupid. Just like Tamils, christians and Muslims they never separate from their religion. Muslims are asked in their quran not to disobey the Quran or the Almighty. Buddhists are not like that. they gave space to christians, Carholics, tamils and Muslims, now even many other countries. Now the question is buddhists are reverse discriminated, sidelined and threatened. when tghere are stupid journalists who sacrifice everything for money or for employment.wjhat elase to day. there Bhikkus who says at the turn of last century there were sinhala women in Tamilnadu married to Tamils but they were beahving very much like devout buddhists. Long agon, buddhists and Sinhala intermingled very well. Now it is because of Tamil Tribalism, Wahabism, ISIS, JIHADI, SunnisEvangelical christinity, buddhists have problems. Ranil knows better than you. Ask him.

  • 0
    0

    Thushara: what do you know, who wrote buthsarana Burampi sinno or not ?. Who is editing Daham Soda Kawa ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.