25 April, 2024

Blog

සිංහලයා ‘වඳවීම’ !

තාරක වරාපිටිය –

මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තමධර්ම දේශනයකදීප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ සමාජයේ ඉතා සුලබය. එමෙන්ම වේගයෙන් පැතිරී යන කතා කිසිදු වග විභාගයකින් තොරව පිළිගන්නාබුද්ධිමත් ජනතාවක්අපට සිටී. කණගාටුවකට, ඒවායෙහි සත්‍යඅසත්‍යතාවය විමසා බැලීමේ විචාරශීලී බවක් අද දවසේ ඔවුන්ගෙන් අපේක්ෂා කල නොහැකිය. හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ මුස්ලිම් ජාතිකයින් ළමුන් වැඩි වැඩියෙන් බිහිකරන අතර නුදුරු අනාගතයේදී සිංහල ජාතිය අභිබවා මුස්ලිම් ජනගහනය උතුරා යන බවයි. මේ බිය ගැන්වීම හා කුපිත කිරීම වඩාත් තීව්‍ර කරනු පිණිස පවසා ඇති මුසාව වන්නේ මුස්ලිම් ජාතිකයින් සිංහලයින් මෙන් 6 ගුණයක් ළමුන් බිහිකරන නිසා වසර 2040 වන විට ඔවුන් රටේ ජනගහනයෙන් බහුතරය වන බවයි. මේ ප්‍රබන්ධය සඳහා මූලාශ්‍රය කුමක්දැයි පවසා නැති අතර මෙතරම් මුසාවක් පැවසු ශ්‍රී මුඛයෙන් ඊට වඩා තවත් බොරුවක් එකතු කිරීමද එතරම් කාරියක් නොවේ. මේධර්ම දේශනයටපෙරාතුව එහි සිටිසැදැහැවතුන්පන්සිල් හි පිහිටුවා ලූවාට සැක නැත. එමතුද නොවමුසාවාදා වේරමනී..” ශික්ෂාපදයද චාරිත්‍රානුකූලව දෙසා වදාරන්නට ඇත.

පසුගිය සතියේ මාගේ යතුරු පැදියසර්විස්කරගැනුමට ගිය අවස්ථාවේ එම සේවා ස්ථානයේ හිමිකරු මාගේ රැකියාව පිළිබඳව කල විමසීමේදී මා දුන් පිළිතුර සමග ක්ෂණයෙන් ඇසු ප්‍රශ්නය වුයේලංකාවේ සිංහල කොපමණද මුස්ලිම් කොපමණද ?” යනුවෙනි. සිංහල ජනගහනය 75 % කට ආසන්න බව හා මුස්ලිම් ජනගහනය 10 % කට අඩු බවට මා දුන් පිළිතුරෙන් ඔහු විමතියට පත්ව යලි ප්‍රකාශ කලේමුස්ලිම් අය සිංහල අයට වඩා වැඩියැයි කියන්නේ …. ?” . මේ නොදැනුවත් භාවය හා සැකය පොදු සමාජ මනෝභාවයකි. පොදු මිථ්‍යාවකි. මෙය ඔහු වැනි බොහෝ දෙනෙකු තුල කැකෑරෙන ප්‍රශ්නයකි. එහෙත් මේ සරල දැනුම ලබාගෙන තමන් ගිලී සිටින අඳුරු ගුහාවෙන් නිදහස් වන්නට අපේ ජනතාව උත්සාහ දරන්නේ නැත. එලෙසම අදාළ ආයතන මේ කරුණු පැහැදිලිකොට සමාජ මනස නිරවුල් කරන්නට ඉදිරිපත් වන්නේද නැත.

කටකතා විචාරයකින් තොරව වැළඳ ගන්නා මෙවැනි අය ඉන්ටනෙට් හි සුලභව පවතින මේ නිවැරදි තොරතුර සොයා ගැනීමේ ව්‍යායාමයේ නියැලෙන්නේ නැත. කෙසේමුත්කුමන්ත්‍රණමානසිකත්වයෙන් පෙලෙන අපේ හුදී ජනසමාජය වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම ජනමාධ්‍ය සතු යුතුකමකි. (පහත වගුව පෙන්වා දෙන්නේ ඇත්තෙන්ම මුස්ලිම් ජනවර්ගය මෙන් 6 ගුණයක් සිංහල ජනවර්ගය විසින් දරුවන් බිහිකරන බවයි.) මෙවැනි කරුණක් පිළිබඳව සැබෑ දත්ත ඉදිරිපත් කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවද මේ සඳහා පාදක කරගන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උපත් ලියාපදිංචි කිරීමේ තොරතුරුය. එහෙත් ඉහත කී  ප්‍රබන්ධය කෙතරම් මුසාවක්ද යනවග නිරාවරණය කරන්නාවූ දත්ත පහත වගුවෙන් පෙන්වා දෙයි.

ඊට අමතරව, පසුගිය ජන සංගණනයන්හි සංඛ්‍යාලේඛන ප්‍රතිපල අනුව එක් එක් ජනවර්ගයන්ට අදාළ ජනගහන ප්‍රතිශතයන් පහත දක්වා ඇත. 1991 වසරේ රටේ පැවති වාතාවරණය තුල, දස වසරකට වරක් පැවැත්වෙන මෙම සංගණනය නොපැවැත්වුණු අතර ඉන් අනතුරුව 2001 පැවති ජන සංගණනයේදී  උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 7 තොරතුරු ආවරණය  කිරීමට නොහැකි වූබව සැලකිල්ලට ගතයුතුය.

නූතන ප්‍රවනතාවය වන්නේ ලෝකයේ රටවල් මෙන්ම විශේෂයෙන් දියුණු ප්‍රධාන නගර විවිධ ජනවර්ග වල සම්මිශ්‍රණයක් බවට පත්වීමයි. අනුව, පොදු වශයෙන් සලකා බලන කල විවිධ සංක්‍රමණ හේතුවෙන් රටක පොල්මක්කාර ජනවර්ගයක් ලෙස එක් ජනවර්ගයක් (ප්‍රධාන ජනවර්ගය) ප්‍රතිශතාත්මකව වැඩි නොවේ. ලංකාවේ පුරවැසි හිමිකම ලබා ගැනීම ඉතාම අසීරු නිසා රට තුලට සංක්‍රමණ සිදුනොවීම අපේ රටේ මේ විශේෂ තත්වයට හේතුවයි. [ලෝකයේම සම්භාවනාවට පාත්‍රවූ විශිෂ්ඨ බුද්ධිමතෙකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාර්ක් මහතාට පවා ශ්‍රී ලාංකික පුරවැසි භාවය හිමි නොවුනේ ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඇති නීතිමය අවහිරතාවය නිසාය.] ඇත්තෙන්ම මීට වසර 60 කට පමණ පෙර සිංහල ජනවර්ගයේ ජන ප්‍රතිශතය 65 % ක් පමණ විය. එහෙත් අද එය 75 % කට ආසන්න වී ඇත. එනිසා පසුගිය අඩසියවස සලකා බැලු විටද සිංහල ජනවර්ගය සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකව වැඩිවී ඇත. දෙමළ හා බර්ගර් ජනවර්ග රටින් එපිටට සංක්‍රමණය වීම නිසා මෙලෙස ප්‍රතිශතාත්මකව සිංහල ජන සංයුතිය වැඩිවී ඇත.

බුද්ධිමත් සමාජයේ නිර්දේශය වන්නේ හැකිතරම් ජනගහනය වර්ධනය කරගැනීම නොවේ. එමෙන්ම, ලෝකයේ ධාරිතාවයට හා අනාගතයේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඔරොත්තුදෙන මට්ටම පිළිබඳව සලකා බලා ජනගහන වර්ධනය ඉදිරියටත් අවශ්‍ය වෙයි නම් අනුව අපි වැඩි කරගත යුත්තේ සිංහල ඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජනවර්ගයේ වුව යහපත් මිනිසුන් සංඛ්‍යාවයි. ජනගහන සංයුතිය දෙස අප උනන්දු විය යුත්තේ ජනවර්ගය මිනුම්දන්ඩ ලෙස ගෙන නොව ගුණාත්මක මිනිසා යන මිනුම් දණ්ඩ පදනම් කරගෙනයි. කෙසේවුවත් සිංහල සමාජය තුල තම ජනවර්ගය ප්‍රමාණාත්මකවඅවදානමකට මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත වෙයි. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකවඅවදානමකට මුහුණපා ඇතැයි යන යතාර්ථය නම් තේරුම් ගෙන නැත. නිර්භීත හා ඥානාන්විත අයෙකු යම් අවදානමක් අරබයා බියවිය යුත්තේ ප්‍රමාණාත්මක මිනුමක් මත නොව අභියෝගයේ ඇති ගුණාත්මක අවදානම පදනම් කොටගෙනයි. එවකට ඇමෙරිකාව සෝවියට් දේශය අභියෝගයක් ලෙස සැලකුවේ එහි භූමි ප්‍රමාණයේ විශාලත්වය නිසා නොවෙයි; එදා සෝවියට් දේශය සතුව තිබුණු දේශපාලන, යුධ හා අභ්‍යවකාශ තාක්ෂනය හේතුවෙනි; එනම් ගුණාත්මක ශක්‍යතාවය හේතුවෙනි. අද ඇමෙරිකාව චීනය අභියෝගයක් ලෙස සලකන්නේ එහි ජනගහනයේ විශාලත්වය නිසා නොවෙයි. චීනය සතුව ඇති ආර්ථික, මිලිටරි හා තාක්ෂණික හැකියාවන් නිසාය; එනම් චීනය අත්පත්කරගෙන ඇති ගුණාත්මක ශක්‍යතාවය හේතුවෙනි. ප්‍රමාණය හා ගුණය අතර වෙනස දියුණු ලෝකය වටහාගෙන ඇත. ඔවුන් තම උපායමාර්ග හා සැලසුම් සකස්කරනුයේ ප්‍රමාණය මත නොව ගුණාත්මක බව පදනම් කරගෙනයි.

අතීතයේ විවාහ කටයුත්තකදී (කුලය හැරුණු විට) සහකරු හෝ සහකාරිය උරුමකම් කියන ඉඩකඩම් දේපොළ ප්‍රමාණය එකම වැදගත් කාරණය විය. නමුත් අද වඩා වැදගත් කොට සලකන්නේ ඔහු හෝ ඇය සතු දැනුම, වෘත්තික තත්වය වැනි ගුණාත්මක කාරනය. ප්‍රමාණය හා ගුණය අතර වෙනස අපේ ආසන්න ජීවිත කරුණු වලට අදාළ කරගන්නේ එලෙසයි. එහෙත් සමාජ කාරණා වලදී එතරම් විචාරශීලී භාවයක් අපෙන් නිරූපණය නොවේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    4

    THARAKA WARAPITIYA: You accuse abhikku about MU”SAWADA. I think you don’t know what you are talking. Since 1901 until 2010, Muslims show about 33% increase. during the same time period Sinhala people shows only 9% increase. Look at your own statistics. Tamils has migrated overseas certainly. what about muslims, they are bringining muslums from Pakisthan, Middle east and very recetnly rohingyas. Wajira KAriawasam is a silent poosa who helped rohiongyas to establish in Sri lanka.

  • 4
    0

    සිංහලයන් ජාති 3 කට බෙදිය හැක. තමන් සිංහලයන් නුමුත් අනිකුත් ජාතීන් හා රටවල් සමඟ සහයෝගයෙන් සමාදානයෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වෙන්නට කැමති ජනයා එක් වර්ගයකි. ඔවුන් වඳ වෙන්නේ නැත. දෙවන සිංහල ජාතිය වන්නේ සිංහල නම හා බුදුන් වහන්සේ විකුණා ගෙන බඩවඩා ගන්නා කපටියන්ය. යූ ඇන් පී ශ්‍රී ලංකා පක්ෂවල ප්‍රධාන තනතුරු දරන්නන් සමහර ව්‍යාපාරිකයන් හා කහ සිවුරු අඳින සුළු කන්ඩායමක්ද මේ අතර වෙති. මොවුන් හොරකමින් වංචාවෙන් කපටිකමින් දිවි ගෙවන එනම් පංචශීලයම කඩ කරන අය වන අතර ඒ නිසා ම වඳ වී යනු ඇත. තුන් වන සිංහල ජාතිය වන්නේ හරි වැරද්ද නොසොයා මේ දෙවන කණ්ඩායම පසුපස යන මෝඩ සිංහලයන්ය. මොවුන් වඳ වෙනවා නම් වඳ වෙන්නේ ඒ ගොන්කම් නිසාමය. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා යයි රොබට් නොක්ස් කියා ඇත්තේ නිකමට නොවේ.

  • 1
    1

    See Sri lankan Tamils, the population decreased from 1901 to 2010 from 27% to 11.2% but the births remained almost the same. Only explanation is more Kallathonis came. IF not, how come LTTE killed so many and dispatched so many overseas, Still the births remained the same for the decreased population. of sinhala, there is a relative decrease of births as the population increased by about nine points.

  • 0
    5

    Tharaka Warapitiya s definitely not buddhist. HE has some grudge against Bhikkus. IF not you did not think before writing or did not try to understand even your figures. did some one wrtie it for you ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.