ශ්රී ලංකාවේ දේශපාලනය තුල තීරණාත්මක සතියක් අදින් ආරම්භ වේ. එනම් සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වීමයි. මෙම පළාත් සභා තුනත් ඉතිරි පළාත් සභාත් එකම දිනයක පැවැත්වීම සඳහා 20 වන ආණඩුක්‍රම සංශෝධනය ගෙන ඒමට ආණ්ඩුව අපේක්ෂා කලත් ශ්‍රේෂ්ඨාධිකරණය 20 වන සංශෝධනය සඳහා බොහෝ විට ජනමත විචාරණයක අවශ්‍යතාවය පෙන්වා දීමට ඉඩ ඇත. මන්ද යත් 20 වන සංශෝදනයෙන් යෝජිත වෙනස්කම් ජනතා පරමාධිපත්‍යයට හා නියෝජිත ප්‍රජාත්‍රන්තවාදයට සෘජුවම බලපාන බව බැලු බැල්මට පෙනී යාමයි. මේ තත්ත්වය මත නිශ්චිත ලෙසම 20 වන සංශෝධනය නියමිත කාල රාමුව තුල පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන අතර රජයට, විපක්ෂයට හා මේ රටේ ජනතාවට පළාත් තුනක පළාත් සභා මැතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. එම මැතිවරණය බොහෝ විට දෙසැම්බර් මාසයේ මුල් සතියේ පැවැත්වෙනු ඇතැයි සිතිය හැකි අතර එම මැතිවරණය ජයග්‍රහණය ආණ්ඩුවේ ස්ථාවරත්වය තවත් වසර ගණනාවකට ස්ථාවර කරනු ඇත.
රටේ පවතින තත්ත්වයට අනුව ඉදිරියේදී පැමිණිමට නියමිත පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කල හැකි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති මොහොතක එක්සත් ජාතික පක්ෂය තනි ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස අලියා ලකුණින් මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය. එහිදී අපේක්ෂා කල හැකි පරිදිම සබරගමු පළාතේත්, උතුරු මැද පළාතේත්, නැගෙනහිර පළාතේත් මුස්ලිම් ඡන්ද වල අතිමහත් බහුතරය එක්සත් ජාතික පක්ෂයට හෝ එම පෙරමුණේ පක්ෂවලට නිශ්චිත ලෙසම ලැබෙනු ඇත. එසේම එම පළාත් තුනේම විශාල ද්‍රවිඩ ජනතාවක් සිටින බැවින් එම ඡන්දද නිශ්චිත ලෙසම එක්සත් ජාතික පක්ෂයට හෝ එම පෙරමුණට හිමිවනු ඇත. සෑබෑ ලෙසම පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපිලේ නායකයින් හා මහින්දපිලේ සියල්ලෝම මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් ගනුදෙනු කල හැසිරුණු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ එම ජන කොට්ඨාශයන් තුල කිසිඳු පැහැදීමක් නොමැති අතර මෙම දෙපක්ෂයම මෙම පළාත්වල බලය ලබා ගැනීම තමන් කොන්වීමක් හා අනාරක්ෂිත වීමක් ලෙස සලකණු ඇත. මේ මොහොතේද ද්‍රවිඩ හා මුස්ලිම් ජනකොට්ඨාශ එම පළාත්වල විශාල අසාධාරණයකට හා අනාරක්ෂිතභාවයකට පත්ව තිබේ. එබැවින් ඔවුන් නව පාලනයක් එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍රීයව එම පළාත්වල පිහිටුවීමට බලාපොරොත්තු වේ.
ඊළග කාරණය වන්නේ එම පළාත්වල වාසය කරනු ලබන සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්ද පදනමයි. සිංහල-බෞද්ධ ජනතාවගෙන් 41%ක් එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනම වන අතර එම ඡන්ද ඡන්ද පොලට නොයාමට ඉඩතිබීම එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ මුහුණ දෙනු ලබන ප්‍රධානතම අභියෝගයයි. මන්ද දෙවසරකට වඩා වැඩි පාලන කාලය තුල එම පාක්ෂිකයන්ට පක්ෂය හා ආණ්ඩුව කෙරෙහි විශාල වශයෙන් විවේචන ඇති අතර එම විවේචන මත පදනම්ව ඡන්ද පොලට නොයා සිටීමට එක්තරා ඉඩකඩක් තිබේ. එක්සත් ජාතික පක්ෂය සාම්ප්‍රදායික සිංහල-බෞද්ධ ඡන්ද පදනම ඡන්ද පොලට යන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපිල හා මහින්ද පිලට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද මෙම පළාත්වල ජයග්‍රහණය සිහිනයක්ම වේ.
පසුගිය ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත් මෙම පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 7 න් දිස්ත්‍රික්ක 5 ක්ම ජයග්‍රහණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණයි. එම දිස්ත්‍රික්ක නම් මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, කෑගල්ල හා පොලොන්නරුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන ලද්දේ රත්නපුරය හා අනුරාධපුරයයි. අනුරාධපුර එක්සත් ජාතික පක්ෂය පරාජය වුයේ ඡන්ද විසිදහසකටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකිනි. රත්නපුරද ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවකින් එක්සත් ජාතික පක්ෂය පරාජය විය.
ඒ අනුව මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමත් රාජ්‍ය බලය සමග එක්සත් ජාතික පක්ෂය නැගී සිටිමින් නව යොවුන් අපේකෂකයින් ඉදිරිපත් කිරීමත් නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයට මෙම පළාත් තුනේම ජයග්‍රහණය නිශ්චිතය. මේ මොහොත වන විටත් උතුරු මැද හා සබරගමුව සම්බන්ධයෙන් ආකර්ශනීය තරුණ උගත් දේශාපලඥයින් ගනනාවකගේ නම් මහ ඇමති අපේක්ෂකත්වය සඳහා යෝජනා වෙමින් පවතී. මෙම නායකයින්ගේ කළ එළි බැසීම එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ විශාල පිබිදීමක් ඇතිවන අතර එම පිබිදීම හේතුකොටගෙන පාක්ෂිකයින් ඡන්ද පොලට නියත වශයෙන්ම එනු ඇත. එබැවින් රත්නපුර හා අනුරාධපුර දිස්ත්‍රික්කයන් ජයග්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට කජු කනවා වැනි වැඩකි.
අනිත් අතින් මෙම පළාත් තුනම ජනතා විමුක්ති පෙරමුනට කිසිදු ජනපදනමක් නොමැති අතර එකදු පාර්ලිමේන්තු නියෝජනයක්ද නොමැත. එමනිසා ආණ්ඩු විරෝධි සටන් පාඨ වලට මෙම පළාත් තුනේම ඉල්ලුමක් නොමැත. ජනතා විමුක්ති පෙරමුණ 2020 බලය ලබා ගැනීම කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් පසු විශාල අර්බුදයකට යනු ඇත. මහින්ද පිල ඔවුන්ගේ මුළු ශක්තියම දමමින් ගෙන ගිය දේශපාලන වැඩසටහන වේදිකාවේ රගන දිනය මෙම මැතිවරණයෙන් උදා වේ. ඔවුන්ගේ අනාගත රැදී පවතිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වැඩියෙන් එක් ඡන්දයක් හෝ ලබාගත හැකි වුවහොත් පමණි.
අනිත් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදී සුරක්ෂිත වන අතර ඔවුන් ලබාගන්නා ඕනෑම ඡන්ද ප්‍රමාණයක් සමග එක්සත් ජාතික පක්ෂයේ පළාත් ආණ්ඩුවට එකතු වී ජාතික ආණ්ඩුව මෙන් පළාත් සභා පාලනයට සම්බන්ධ වනු ඇත.
අවසානයේ මෙම පළාත් සභා මැතිවරණයේ තීරණාත්මක ජයග්‍රිහකයි වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.
*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි
Champa / September 17, 2017
අනේ කිසිම වර්ණයක් නැති දවල් දැකපු මෝඩ හීනයක්!
එක්සත් ජාතික පක්ෂේ සබරගමුවයි, උතුරු මැදයි පළාත්සභා චන්දෙ දිනනවා කිව්වහම මට හිතුන හීතල වතුර බාල්දියක් වීසි කරලා තුෂාරව නින්දෙන් ඇහැරවන්න.
මම පළාත්සභා චන්ද ගැන කිසිම උනන්දුවක් නැති කෙනෙක්. ඒ ගැන මේ වෙනකම් කිසි comment එකක් ලිව්වේ නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. හැබැයි මේ වගේ අන්ධ අධිතක්සේරුවෙන් ලියපු ලිපියක් දැක්කහම කට වහන ඉන්න බැරි වුනා.
මෙතැනින් පටන් ගන්නම්.
1. “රටේ පවතින තත්ත්වයට අනුව ඉදිරියේදී පැමිණිමට නියමිත පළාත්සභා මැතිවරණය ජයග්‍රහණය කල හැකි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂයට තිබේ.”
මේකෙන් පෙන්නේ අබමල් රේණුවක දැනීමක් කියලා ඔබ හිතන්නේ අලියෙක් තරම් ලොකු දැනීමක් කියලා වෙන්න ඕනේ. රටේ තත්වය ගැන ඔබේ දැනීම බින්දුවයි. මහජනතාව හිතන විදිය ගැන ඔබේ දන්නේ නැහැ. ඊළඟ චන්දෙදි මහජනතාවගේ හැසිරීම ගැන ඔබට කිසිම දැනීමක් නැහැ.
2. “විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇති මොහොතක එක්සත් ජාතික පක්ෂය තනි ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස අලියා ලකුණින් මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.”
ශ්‍රීලනිපයේ දෙකඩ වීම හෝ නොවීම පළාත්සභා චන්දෙට බලපාන්නේ නැති බව හුඟක් විශ්වාසයෙන් කියනව. ඒ මොකොද කිව්වා නම් ශ්‍රීලනිප බෙදුනට මේ රටේ දේශප්‍රේමී ජනතාව බෙදිලා නැති නිසා.
රට පාවාදීපු, හමුදාව පාවා දීපු සහ ඉදිරියෙදි ජාතිද්‍රෝහී “බලාත්කාරයෙන් අතුරුදහන් කල පුද්ගලයන් ආරක්ෂා කිරීම පිලිබඳ (ICPPED) පනත” ගෙනල්ල, තනි තනි පැමිණිලි මත සහ OMP පනතේ දිගුවක් විදියට හමුදාව යුධ අධිකරණ වලට සහ පිටරට දෙකයි පනහෙ අධිකරණ වලට පාවා දෙන්න හදන, රටේ සම්පත් විකුනපු, හම්බන්තොට වරාය කුනුකොල්ලෙට විකුනපු, මහපාරවලුත් විකුණන් කන, තව ඉදිරියට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනැල්ල රට දෙකඩ කරන්න හදන ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී, පරගැති, වහල්, ..ස දෙමුහුන් ආණ්ඩුවට විරුද්ධව “සිංහ කොඩිය” යටට එකතු වෙන්න කියලා කිව්වා නම් පක්ෂ පාට භේදයක් නැතුව මේ පළාත් තුනේම හැම සිංහලයම එකතු වෙනවා.
3. “සිංහල-බෞද්ධ ජනතාවගෙන් 41%ක් එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනම වන අතර…. ”
41%ක් ? Bollocks. (සිංහල වචනෙ දන්නේ නෑ.) මම හූ කියන්න දන්නේ නැහැ, නැත්නම් මේකට උත්තරේ තනි හඬකින් දෙන්න තිබ්බ. සම්ප්‍රදායික චන්ද පදනමක් කියලා දෙයක් එක්සත් ජාතික පක්ෂෙට තවදුරටත් නැහැ.
Contd’……..
/
Champa / September 17, 2017
Continuation…….
සබරගමු පළාතේ ඉන්න මිලියන 1.93 ක ජනතාවගෙන් 86%ක් සිංහල බෞද්ධ.
උතුරු මැද පළාතේ ඉන්න මිලියන 1.26න් 90%ක් සිංහල බෞද්ධ.
නැගෙනහිර පළාත ගත්තොත්, ත්‍රිකුණාමලයේ ඉන්න සිංහලයො 27%, සහ මඩකලපුවේ ඉන්න සිංහල 1.2% සහ හරියට කතා කරගන්න හම්බවුනොත් අම්පාරේ ඉන්න සිංහලයො 39% න් 30% ක්ම මේ ආණ්ඩුවට එරෙහිව චන්දෙ දෙනවා.
දෙමල මුස්ලිම් චන්ද අරන් නැගෙනහිර පළාත් සභාව එක්සත් ජාතික පක්ෂේ දිනා ගත්තට මට කමක් නැහැ. හැබැයි හොඳට මතක තියා ගන්න ඉතාම ඉක්මනට හොට බිම ඇනෙනවා.කොහොමද කියලා දැන්ම කියන්නේ නැහැ.
4. “පසුගිය ජනාධිපතිවරණයේත්, මහ මැතිවරණයේත් මෙම පළාත් වලට අයත් දිස්ත්‍රික්ක 7 න් දිස්ත්‍රික්ක 5 ක්ම ජයග්‍රහණය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණයි.”
මහා මැතිවරණය ගැන කියපු එක පට්ට බොරුවක්. එක්සත් ජාතික පක්ෂෙ දින්නේ හොර චන්ද වලින් සහ චන්ද ප්‍රතිඵල අමු අමුවේ වෙනස් කිරීමෙන්. ඒ හින්දා ඔය කතාවට කිසි පදනමක් නැහැ.
ජනාධිපතිවරණෙ ගැන වුනත් කියන්න තියෙන්නේ ඒකමයි. මිනිස්සුන්ව නොමඟ යවලා, අන්දවලා, මනස විකල් කරලා තමයි ජනාධිපතිවරණෙ දින්නේ.
දැන් එහෙම විකල් මනස් මිනිස්සු ඉන්නේ ආණ්ඩුවේ විතරයි.
/
Champa / September 17, 2017
Continuation ……..
5. “ඒ අනුව මේ මොහොතේ ශ්‍රීලනිපය බෙදීමත් ‘රාජ්‍ය බලය’ සමග එක්සත් ජාතික පක්ෂය නැගී සිටිමින්…”
“අනිත් අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණයේදී සුරක්ෂිත වන අතර ඔවුන් ලබාගන්නා ඕනෑම ඡන්ද ප්‍රමාණයක් සමග එක්සත් ජාතික පක්ෂයේ පළාත් ආණ්ඩුවට එකතු වී “ජාතික ආණ්ඩුව මෙන්” පළාත් සභා පාලනයට සම්බන්ධ වනු ඇත. අවසානයේ මෙම පළාත් සභා මැතිවරණයේ තීරණාත්මක ජයග්‍රිහකයි වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.”
මේ “උදාන වාක්‍යය” තමයි අපිටත් තීරණාත්මක වාක්‍යය. මෛත්‍රීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොටේට එක චන්දයක් වැටෙන්න ඉඩ දෙන්න නැහැ, දන්නවද? ඒකට දෙන චන්ද ඔක්කොම එක්සත් ජාතික පක්ෂෙට දෙන චන්ද කියලා මිනිස්සුන්ට කියන්න විතරයි තියෙන්නේ.
මෛත්‍රීට කියන්න පුළුවන් එයා UPFA එකෙන් මිනිස්සු දාන නිසා ඒකාබද්ධ විපක්ෂේ ඉන්න මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව වෙන පක්ෂේකින් හරි අලුත් සන්ධානයකින් හරි අපේක්ෂකයෝ ඉදිරිපත් කලොත් සන්ධානයේ විනය කඩ කළා කියල මන්ත්‍රී ධූර අහිමි කරනවා කියලා. ඒකට කරන්න තියෙන්නේ අපේක්ෂයන්ට තම තමන් සංවිධානය වෙලා සවාධීන කණ්ඩායමක් විදියට ඉදිරිපත් වෙන්න කියන එක. මිනිස්සුන්ට නිකම් පණිවුඩයක් දෙන්න විතරයි තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂේ දේශපාලන නායකයෝ වේදිකාවල කතාවත් කරන්නේ නැතුව සුළු සුළු ප්‍රයෝග පාවිච්චි කරලා කරන්න ඕනේ දේ මිනිස්සුන්ට කියන්න විතරයි තියෙන්නේ. ගිය අවුරුද්දේ අගෝස්තු අසන 95ක් ලැබුනේ එහෙම මිනිස්සුන්ට කියපු නිසා. මේ වෙලාවේ ඒ තරම් නිදහසක් නැති වුනත් සංවිධානාත්මක විදියට ඕක කරන්න පුළුවන්. එතකොට දිනපු අපේක්ෂකයෝ කරන්න තියෙන්නේ තමන්ගේ පක්ෂ වල අනන්‍යතාවය රැකගෙන පළාත් සභාවේ කණ්ඩායමක් විදියට එකතු වෙලා බහුතර බලය පෙන්නලා පළාත් සභාව තමන් පාලනය කරන එක. Simple වැඩක් තියෙන්නේ.
එක්සත් ජාතික පක්ෂෙට පරණ සෙල්ලම් ආයේ කරන්න හම්බ වෙන්නේ නැහැ. එකක්, රජයේ සේවකයන්ගෙ කොන්ද කෙලින් කරපු මහාධිකරණ තීන්දුව. දෙවෙනි එක මේකේ ලොකුවට කියල තියෙනවා විදියට රාජ්‍ය බලය තියෙන නිසා චන්ද ප්‍රතිඵල විකෘති කරලා තිබුනොත් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් අපක්ෂපාති තීන්දුවක් ලැබෙයි කියල දැන් මහජනතාවට කලින් අවුරුදු දෙකට වඩා වැඩි විශ්වාශයක් තිබීම. (Eg: Kenya Re-election & Indian SC’s decision on Privacy Act)
හිතන්න එපා මගෙ රටයි හමුදාවයි පාවලා දීපු එක්සත් ජාතික පක්ෂෙට ආපහු නැගිටින්න ඉඩ දීලා අපි උඩ බලන් ඉඳියි කියල.
/
මැක්ස් / September 18, 2017
තුෂාර වන්නි,
සිහින ෙලා්කවල ජීවත් ෙවන එෙක් සීමාවක් තිෙයන්න ඕන කියලා ඔෙහ්ට හිෙතන්‌ෙනම නැද්ද? ශ්රී ලංකා එක ගැන පල් හෑලි ලියලා ඊෙය ෙපෙර්දා ෙමාංගල් සමෙර ෙගන් බැණුමකුත් ඇහුවා ෙන්ද! ෙකෙස් වුවත්, ඔෙබ් සිහින ෙලා්කයේ සහ ප්රාර්ථනාෙව් දිග පළල CT පාඨකයාට ෙපන් වූවාට ස්තුතියි.
/