
බටහිර සමාජයක ජීවත් වීම අපුර්ව අත් දැකීමක් වන්නේ හැකිතාක් තම ඇවතුම් පැවතුම් තමන් දෙසටම යොමා ජීවත් වීම තුලයි. මන්ද බටහිර ආර්ථික අතින් දියුණු සමාජ ආරක්ෂණය සෑම පුද්ගලයෙකුටම සමානව ලැබෙන සමාජයක කිසිවෙකුට සමාජ හා දේශපාලන ප්‍රශ්න පිළිබඳව එතරම් නැබුරුවක් දැක්විය යුතු නොවේ. එවැනි පරිසරයකදී ආගම හා ජාතියද එතරම් වැදගත් ප්‍රපංචයක් නොවුනද පවුල නමැති සමාජ ආයතනය උසුලන ප්‍රමුඛතාවය ඉතා ඉහල තැනක් ගනී. එම නිසාම එවැනි රජයන්ද හැකි තාක් දුරට කටයුතු කරනුයේ පවුල නමැති සමාජ ඒකකය සුරක්ෂිත කිරීමටය. එවැනි සමාජයන්ගේ අපිට දැකිය හැකි අනිකුත් ලක්ෂණය වන්නේ විවාහය යනු ඉතා සීරියස් බිස්නස් එකක් බවයි. එනම් බටහිර දියුණු ශිලාචාර සමාජ වල විවාහයක් සිදු කිරීමට හෝ පවත්වා ගැනීමට ඇත්තේ එකම නිර්නායකකි ඒ ප්‍රේමයයි. ප්‍රේමය ඇතුව නොමැතිව ගැහැනුන් හා පිරිමින්ට එකිනෙකාගේ කැමැත්ත මත ලිංගික සම්බන්ධතා පැවැත් වීමේ තහනමක් හෝ බාධාවක් මෙවැනි සමාජ වල නැත. එම නිසා මෙම සමාජ ශිලාචාරය සාමකාමිය. එසේම තමන් තුල ගැඹුරු ප්‍රේමයක් ඇතිනම් එම ප්‍රේමය මත පදනම්ව පවුලක් ගොඩ නැගිය හැකිනම්, එසේ කල හැකි යැයි විශ්වාසයක් ගොඩ නැගුනේ නම් එම දෙදෙනා විවාහ ගිවිස ගනී හා ඉන් පසු විවාහ වේ. එසේම එම විවාහය පවතිනුයේද එම ප්‍රේමය පවතින තාක් පමණි. නමුත් ලංකාව වැනි පසුගාමී සමාජ වල විවාහය යනු බරපතල ආර්ථික සමාජ හා දේශපාලන ව්‍යාපෘතියකි. කාන්තාවක් හා පිරිමියෙකු විවාහ වීමට ප්‍රථම කුලය, ධනය, ජාතිය හා දෑවැදි වැනි කරනා තදින් සලකා බලන අතර එය එසේ සිදු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ සමාජ ආරක්ෂණයක් මෙවැනි තුන් වැනි ලෝකයේ රටවලට නොමැති වීමය. එම නිසා පවුලක් ගොඩ නැගීමට ප්‍රථම එහි සුරක්ෂිත බාවය භෞතිකව විසඳා ගැනීමට පුද්ගලයින් පෙලෙඹේ. මෙහිදී ප්‍රේමය යනු අඩු වැදගත් කමකින් යුත් ප්‍රමුඛතවයකි. එය විවාහ වුවහොත් ප්‍රේම කලයුතුයයි යනුවෙන් ඇති උපකල්පනයකි. මාගේ තක්සේරුවනම් එය මන්ද මනාෂික තත්වයකි. ප්‍රේමය එසේ ඇතිවන්නක් නොවන අතර එය මනුෂ්‍ය ජිවිත වල ඇති වන ගැඹුරු හැගීමකි. එය ඇතිවන්නේ ශරීරයේ ඇති ප්‍රබල ඉල්ලිමක ප්‍රතිපලයක් ලෙසය. ප්‍රේමය නිසාම ශරීරයේ රසායනික ක්‍රියාවලියේ විශාල වෙනස් වීම් සිදු වන අතර එහි එක් අවස්ථාවක් වන්නේ ප්‍රජනනයයි.

Namal Rajapaksa
Verified account
@RajapaksaNamal
Aug 13
Thanks heaps @Rohitha_Chichi & @Tatyanalee94 -drag me all the way from Tangalle to #kilimanjaro for this ??♂?9 years in the making & you’re still my favourite couple. Nothing but love & blessings for you both on your new adventure. Definitely my happiest moment this year?
ප්‍රජනනය යනු ජීවීන්ට තම වර්ගයාගේ පැවැත්ම උදෙසා ලැබී ඇති අවශ්‍යතාවයයි. එම අවශ්‍යතාව ඉටු කරගැනීමට ගැහැනුන් හා මිනිසුන්ට ලැබී ඇති වරම ප්‍රේමයයි. එහි ඇති ආදේශකය හුදු ලිංගිකත්වයි.
මෙම අර්ථයෙන් ගත් විට රාජපක්ෂ කුමාරවරු වැඩි නැඹුරුවක් දක්වන්නේ බටහිරටය. ඔවුන් ඔවුන්ට අවශ්‍ය ගැහැනුන් හා ප්‍රේමයෙන් බැදෙති. රමණය කරති. කිසිවෙකුත් ඒ සඳහා විරුද්ධ වී ඇතැයි කොහෙවත් ඕපා දූපයක් ලෙසවත් පල වී නොමැත්තේය. ඔවුන් තමන් කැමති ගැහැනුන් හා ප්‍රේමයෙන් වේලි සිටින ඡායාරූප මාධ්‍යට නිකුත් කරයි. කවුරුන් හෝ ඔවුන්ට බාධා කරන්නේ නම් ඕනෑම ආකාරයක ඉරණමකට භාජනය කිරීමටද මැළි නොවන්නේය. කුප්‍රකට රගර් ක්‍රීඩක තාජුදීන්ගේ ඉරණම විසදෙනුයේ පෙම් පලහිලවුවකින් බවට තොරතුරු පල වී තිබේ. ඒ රෝහිත රාජපක්ෂගේ ප්‍රේමයයි. නාමල් රාජපක්ෂගේ ප්‍රේමය පිළිබද තොරතුරු හෙළි වී නැතිද ඔහුගේ සහකරියන්ට රජයේ මුදල් මිලියන ගණනින් ගෙවා තිබේ. එසේම නාගරික මන්ත්‍රී ම්ද පුදා තිබේ. ඒ අතින් නාමල් වඩාත් සමීප වන්නේ දියුණු ශිලාචාර බටහිරටය.

Namal Rajapaksa
Verified account
@RajapaksaNamal
Aug 13
Thanks heaps @Rohitha_Chichi & @Tatyanalee94 -drag me all the way from Tangalle to #kilimanjaro for this ??♂?9 years in the making & you’re still my favourite couple. Nothing but love & blessings for you both on your new adventure. Definitely my happiest moment this year?
එසේම පසුගිය දිනක රාජපක්ෂ වරුන්ගේ බාලම කුමාරයා වන යෝෂිත රාජපක්ෂ අප්‍රිකාවේ කිලිමන්ජරාවෝ කදු මුදුනේද තරුණියකට පෙම් යෝජනාවක් කරන ඡායාරූප පල වී තිබුණි. එයත් ලෝකයේ ඉතාම අසමාන්‍ය කදු මුදුනකදීය. යුරෝපයේදී නම් හිමෙන් වැසුණු කදු මුදුනක් එතරම් විශේෂයක් නොගත්තද අප්‍රිකාවේ කිලිමන්ජරාවෝ කදු මුදුන හිමෙන් වැසුණු පරිසරය වැඩිමල් සොයුරු නාමල් රාජපක්ෂ සමග සුරූපී තරුණියක් අභියස දණ ගසා ප්‍රේමය අයැද සිටීම කෙතරම් රෝමන්ටික්ද. එබැවින් රාජපක්ෂ කුමාර වරු වඩාත් සමීප ශිලාචාර බටහිරටය. ඔවුනට ප්‍රේමය උදෙසා සිමා මායිම් නොමැත. රාජපක්ෂ කුමරවරු අතිශය ධනවත්ය (මැදමුලන පොල් කඩා ඉපයූ ධනය) බලවත්ය, රෑමත්ය, ප්‍රමාණික උගතුන්ය. ඉතින් එවැනි කුමාරවරු තවමත් විවාහ නොවී සිටිනුයේ ඔවුනට මෙතෙක් ඔවුන් පතන ප්‍රේමය මුණ ගැසී නොමැති නිසාවෙනි. ඒ අනුව අපට කිව හැක්කේ රාජපක්ෂ වරුන්ගේ ඊලග පරපුර බටහිර ශිලාචාර සමාජයට සමීපය. අඩුම තරමින් පෙමේදීවත්.
මෙම තත්වය යටතේ රාජපක්ෂවරු දේශපාලනයේත් රටේ නායකත්වයේත් බැද තබන ප්‍රධානතම පහුර වන්නේ ප්‍රේමයයි. මහින්ද රාජපක්ෂ ශිරන්ති මැතිණියට ඇති ප්‍රේමය මත ඇයගේ එක කුස උපන් බාල මල්ලී අට පන්තිය සමත් අයකු වුවද ඉතා බරපතල එයා ලංකා වැනි ආයතනයක සභාපති ධූරයට පත් කළේය. එසේම ඇයට විස්සයි විස්සේ ජනාධිපති අපේක්ෂකයත්වය ලබා දීමට එතුමන් දැඩි උත්සාහයක නිරත වන්නේය. ඒ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ දරුවන්ට ඇති ප්‍රේමය නිසාවෙනි. එසේම අනිකුත් රාජපක්ෂවරුද මහින්ද රාජපක්ෂ හා බැඳී ඇති බැම්ම වන්නේ ප්‍රේමයයි. මෙම රාජපක්ෂ ප්‍රේම සමාගම මේ මොහොතේ රටේ ඇතු ප්‍රධානම විපක්ෂ බල වේගයයි. අනෙකුත් සෑම අංශයකින්ම රාජපක්ෂවරු ග්‍රෝත්‍රික හා වනචාරී වුවද ඔවුන් ප්‍රේමය සම්බන්ධයෙන් ඉතා ශිලාචාරය. අවංකය. විශ්වාසවන්තය. එම නිසා රාජපක්ෂ කුමාරවරුද හොද ප්‍රේමවන්තයන් බව කැට තබා කිය හැකිය.
Champa / August 19, 2018
මොකක්ද අනේ තුෂාර මේක. ප්‍රේමය ගැන වුනාට මේක නිකම් තනිකරම අදෝනාවක් වගේනේ. පොඩි කොල්ලන්ට ඉරිසියා කරන්න එපා අනේ.
මහින්ද ශිරන්තිව ජනාධිපතිවරණෙට දානවට ඔච්චර අඬන්නේ ඇයි? ඇයි ඔයාට බයයි වගේද?
දැන් මං ලියන තැනුත් අඩු වෙලා අඩු වෙලා ගිහින් 4ක් තිබ්බ තැන 2ට බැහැල.
හැබැයි ඉතින් එහෙම වෙන එකත් හොඳයි. ඒ මොකොද කිව්වා නම් මට දැන් හොඳට FOCUS කරන්න පුළුවන්. හිතට නිදහසක් සැහැල්ලුවකුත් දැනෙන නිසා ඉස්සර වගේ කවි සිතුවිලිත් පහල වෙනව.
මගේ වපසරිය දැන් ටිකක් ලොකු වෙලා. මං දැන් ගොළුබෙලි කට්ට යටින් පොල් කට්ටක් යටට ඇවිල්ල. ලබන අවුරුද්ද වෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. තුෂාරගෙ වහල් ආණ්ඩුව ගිහින් දිගටම මහින්දවයි විමල්වයි ඒකාබද්ධ විපක්ෂෙයි අසාධාරණ සහ අයික්ති සහගත විදියට මර්දනය කරන්න ආවොත් එහෙම ඉතින්, SKY IS THE LIMIT වෙයිද දන්නෙත් නැහැ.
/
upsetlanka / August 23, 2018
මේ වගේ අර්තයක් හරයක් ගැඹුරක් නැති පිස්සු විකාර අදහස් ලියලා පල කරන්න කලම්බු ටෙලිග්‍රාප් එක ඉඩ දෙන කොට කලම්බු ටෙලිග්‍රාප් එක ගැනත් ඒක පිටිපස්සේ ඉන්න අය ගැනත් අපිට හිතා ගන්න පුලුවන.
/