
ලංකාවේ සමාජය වසර දහස් ගනනක් තිස්සේ අතීත කාමය තුලම ඇලී ගැලී විනාශය කරා ගිය සමාජයකි. අතීත කාමය හා අනම්‍ය බව පැරණි වැඩවසම් සමාජයෙන් එවකට තිබු සුරා කෑම තව දුරටත් පවත්වා ගැනීම උදෙසා පවත්වා ගෙන පැමිණි ආකල්පයකි .
ලාංකික අපි වෙනස් වීමට අකමැතිය. කැමති වුවත් වෙනස් වීමට හැකියාවක්වත්, දිරියක් වත්, ලාංකික සමාජයට නැත. එය දෙමළද, මුස්ලිම්ද, සිංහලද කියා වෙනස් නැතිව සැමටම පොදුය. මේ වෙනුවෙන් ගත හැකි හොදම උදාහරණය ගත හැක්කේ දෙමළ සමාජයෙනි. ප්‍රභාකරන් තිස් වසරක් තිස්සේ යුද්ධ කරමින් දෙමළ මිනිසුන් ලක්ෂයක් පමණ මියයාමටද තවත් ලක්ෂ හයක් පමණ රට හැර යාමටද සලස්වා කුල වාදය පිටු දකින දරුණු පාලනය දසක තුනක එනම් සම්පුර්ණ ජන යුගයක් පවත්වාගෙන ගොසිනුත් අදත් දෙමළ සමාජයේ කුලය බරපතල ප්‍රතිගාමී සමාජ ප්‍රපංචයක් ලෙස පවතී. එය එම සමාජය පවත්වාගෙන යන්නේ සමාජ ප්‍රගමනයට නොව අනෙකා පිඩනයට ලක් කොට පාගා දැමීමටය.
අප සමාජයක් ලෙස කෙතරම් පසු ගාමිද යත් අනෙකා පාගා දැමීමට විනාශ කිරීමට උපකරණයක් ලෙස ලෝකයේ අවිහින්සාව තම ධර්මය කර ගත් බුදු දහම පවා උපකරණයක් කර ගනී. ලංකාවේ බුදුදහම එහි මුලික වටිනා කම් වලින් මිදී බුද්ධ, ධම්ම සහ සඟ යන අංශ තුනෙන් සඟ යන අංශය ප්‍රමුඛ කර ගත සිවුරු දර එම ආයතනයේ සාමාජිකයන්ගේ සමාජීය ආර්ථික හා දේශපාලන ව්‍යාපෘතියක් ලෙස බුදු දහම ලංකාවේ පවත්වාගෙන යයි. එම තත්වයෙන් හොදින්ම ප්‍රයෝජන ගෙන රට අන්තිම බින්දුව දක්වා සුරා කන ලද්දේ රාජපක්ෂ වරුය, එහි කූඨ ප්‍රාප්තිය වන්නේ සංඝයා වහන්සේලා මෙරට සමාජ තුල රස්තියාදු කාර කල්ලියක් ලෙස හැසිරීමට පටන් ගැනීමය. දැනට වසර පහලොවකට විස්සකට පෙර සංඝයා වහන්සේ නමක් පන්සලෙන් එළියට වැඩම කලේනම් එය අහල ගම් හතක දන්නා හැමදෙනාගේම අවධානයට ලක් වන කාරනයක්ය. අද කඩ පිලේ, බස් පොලේ සුදු පිටියේ පිට්ටනියේ පමණක් නොව මේ ලියුම් කරුට රටේ නම ගිය හාමුදුරුවරු බාර් එකේදී සිවුර පිටින්ම හමු වී තිබේ. එක අතකින් සමාජ මාධ්‍ය විසින් අප සමාජය මත මෙම ආගමික සංස්ථාවේ කියුම් කෙරුම් වේගයෙන් හෙළි වෙමින් තිබේ. මෙම තත්වය මත රටේ දේශපාලන බලවේග පිළිබදව නැවත සලකා බලන තත්වයක් ඇති වී තිබේ.
එසේම පසුගියදා සිර දඩුවම් ලැබූ ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ දේශපාලන හා ශාසනික අනාගතය අවුලෙන් අවුලට පත්වී ඇති බව කිව යුතුය. පන්සල්වල බෝ ගස් වලට හා බණ මඩු වලට මුවා වී අවාස ගෙවල්වල රහසේ සිදුවූ අකටයුතුකම් හා මගෝඩිකම් ජනතාව අතරට ගෙනවිත් මාධ්‍ය සංදර්ශන පවත්වා එම සංදර්ශන වලම උගුලක් බවට පත්වෙමින් උන්වහන්සේ වසර 6 කට සිරගත විය. සාමාන්‍යයෙන් ලංකාවේ සංඝ ශාසනය තුල දැකිය හැකි නිකාය භේදයට මෙන්ම පන්සල් අභ්‍යන්තරයේ ඇති අධිකාරී බලයට ප්‍රසිද්ධියේ අභියෝග කල ඥාණසාර හාමුදුරුවෝ එයින් උපයාගත් බලය දේශපාලන ආයෝජනයක් ලෙස ගොඩනගා ගැනීමට තැත්කිරීමේදී මෙන්ම ඒ සදහා උන්වහන්සේ භාවිතා කරන ලද කෙටි මාර්ග වල ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ සිරගත විය. උන්වහන්සේගෙන් හිස් වූ ජාතික අරගලයට කුමන පාර්ශවයක් ඉදිරිපත් වෙත්දැයි තවම කිව නොහැකි වුවත් එම හිස් තැන පිරවීමට ලංකාවේ වැඩිම සුදුසුකම ඇත්තේ මහින්ද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂටය.
ඉදිරි ජනාධිපතිවරණයක හෝ මහ මැතිවරණයකදී ඔවුන්ගේ නැගීසිටීම අපට බලාගත හැකි වනු ඇත. විශේෂයෙන් රාජපක්ෂ පරපුරෙන් කිසිවෙකුත් තම පුද්ගලික ධනයෙන් අබ ඇටක් තරම් දෙයක් බුදු සසුනට පුජා නොකලද බුදු දහම දේශපාලන උපකරණයක් ලෙස භාවිතා කිරීමේ රුසියෝ වෙති. පසුගිය කාලයේ ලංකාවේ සමාජය තුල සංඝ සමාජයට එරෙහි එක්තරා ආකාරයක විරෝධයක් එල්ල වුවද ඉතිහාසයේ කවරදාවකවත් නොවූ තරම් සංඝ සමාජය රාජපක්ෂවරු යටතේ ශක්තිමත් විය. එය කෙතරම් ශක්තිමත් වීද යත් ග්‍රාමීය මට්ටමේ ජනතාවට බලහත්කාරයෙන් පිරිත් ඇස්සවීම, ලවුඩ්ස් පීකර් බණ කීම, ගිහි ජීවිතයේ සිට ලිංගික කටයුතු කරන ආකාරය දක්වා සියල්ලම සංඝයා වහන්සේලා විසින් ගැමියන්ට බලෙන්ම ලවුඩ්ස් පීකර් මගින් ඉගැන්නුවේය.
පකිස්ථානය දැනට වසර විස්සකට තිහකට පමණ පෙර සිට ජාති වාදයේ ගොදුරව තිබී දේශපාලකයින් සුරා ගත් රටකි. එහි දේශපාලකයින්ගේ ප්‍රධානතම වැඩ පිළිවෙල වුයේ මුස්ලිම් ආගම නගා සිටු වීමයි. අද එය ලෝකයේ අර්බුධ වලින් ගහන දිළඳු රටක් බවට පත්ව තිබේ. එහි පසුගිය සතියේ සිදු වූ විශේෂ සිදු වීම වන්නේ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට අගමැති ධූරයට පත් වීමයි. ඔහුගේ ජිවිතයෙන් අපට බොහෝ පාඩම් ඉගෙන ගත හැක. දැනට වසර විස්සකට පමණ පෙරදී දේශපාලනය ප්‍රවිෂ්ඨ වන ඔහු එරට අගමැති ධූරයට පත්වන විට ඔහුගේ පක්ෂය වන Pakistan Movement for Justice පක්ෂයට වසර විසි දෙකක් ගෙවී තිබිණි. 1996 ආරම්බ වන එම පක්ෂයේ මුලික පදනම වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඉම්රාන්ගේ ජනප්‍රියත්වයේ ඉහලම අවදියේදී අරඹන ලද එම පක්ෂයට මුල් යුගයේදී ලබාගත හැකි සාර්ථකත්වය ඉතා අල්ප වේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ ආගමික හා ජාතිකවාදී දේශපාලන හැගීම් වලින් රෝගී වී තිබු පාකිස්ථානයට ඔහු විසින් ඉදිරිපත් කරන ලද දියුණු ශිලාචාර බටහිර ආභාශය ලත් පාලන ක්‍රමය තේරුම් ගැනීමට තරම් ඒකාග්‍රතාවයක් එරට සමාජයට නොතිබුන බැවිනි. මුලදී එම පක්ෂය ඉදිරිපත් වන සියලුම මැතිවරණ වලින් පරාජයට පත්වන නමුත් 2002 වසරේදී ප්‍රථම වරට ඉම්රාන් විසින් පාර්ලිමේන්තු ආසනයක් දිනාගනී. එසේම අඛණ්ඩව දේශපාලන ක්‍රියාවලියේ යෙදෙන ඉම්රාන්ගේ පක්ෂය 2008 මැතිවරණය වර්ජනය කරනු ලබන අතර නැවත ඔවුන් 2013 දී ජාතික මැතිවරණයට ඉදිරිපත්ව එරට තුන්වැනියට විශාල පක්ෂය ලෙස ආසන දිනාගනී. නැවතත් 2018 දී මැතිවරණයට ඉදිරිපත් වන එම පක්ෂය එරට තනි පක්ෂයක් ලෙස ලබාගත් ඉහලම ආසන සංඛ්‍යාව දිනාගනිමින් එරට පාර්ලිමේන්තුවේ බලය අත්පත් කර ගනිමින් අගමැති ධූරයට පත්වේ.
ඔහුගේ වචන වලින්ම පවසන පරිදි පකිස්ථානය පසුගිය වසර ගනනාව තුල විශාල අර්බුදයකට මෙන්ම එ අනාරක්ෂිත තැනක් බවට පත් වී තිබේ. එහිදී ඔහු එහි වරද ලෙස දකිනුයේ පකිස්තානු ජන සමාජය නීතියේ ආධිපත්‍ය වෙනුවට ආගම මුල් කරගත් දේශපාලන සමාජ හා ආර්ථික වැඩ පිළිවලකට යොමු වීමය. අද ලෝකයේ සාමකාමී දියුණු රටවල් සියල්ලම පහේ ආගමික නැඹුරුව අඩු රටවල්ය. ආගමික දැනුමටත් වඩා ලොකුම හානිය ඇත්තේ ආගමික සංස්ථාවේ නැතහොත් පුජක පන්තියේ ඇති ඔවුන්ගේ පැවැත්ම උදෙසා වු තක්කඩි කම් නිසාය.
Champa / August 24, 2018
හා හා හා …..”උන්වහන්සේගෙන් හිස් වූ ජාතික අරගලයට කුමන පාර්ශවයක් ඉදිරිපත් වෙත්දැයි තවම කිව නොහැකි වුවත් එම හිස් තැන පිරවීමට ලංකාවේ වැඩිම සුදුසුකම ඇත්තේ මහින්ද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂටය”. ගෝඨාභය රාජපක්ෂට?????? බළලා මල්ලෙන් එලියට පනින්න ඔන්න මෙන්න.
.
ගෝඨාභය කවදද ජාතික අරගලයක් කලේ? ගෝඨාභය කතා හරි කරන්න පටන් ගත්තේ, “එලිය” “වියත් මඟ” මේ ඔක්කොම කලේ තමන් වෙනුවෙන් මිසක් රට ජාතිය වෙනුවෙන් නෙමෙයි. අඩු ගානේ රණවිරුවන් වෙනුවෙන්වත් කතා කලේ නැහැ. කතා කළා නම් කතා කලේ ඒකත් තමන්ට වාසියක් කරගන්න විදියට. 2015 ඉඳන් මේ දක්වා කිසිම වෙනත් බලාපොරොත්තුවක් නැතුව වෙන මිනිස්සු කතා කරලා තියෙනව රණවිරුවන් වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන්, ගෝඨාභයට වඩා.
/
Champa / August 24, 2018
ඥානසාර හාමුදුරුවන් අරගලය ඉදිරියට ගෙනියන්න ගෝඨාභය???
රාජපක්ෂ මහත්වරු සහ හිතවත්තු හරිම ලොකුවට කතා කරනවා මහින්දට රාජපක්ෂ පවුලේ තියෙන ලැදියාව ගැන. ඒ ගොල්ලන්ගේ එකමුතුකම ගැන. ලේ බැම්ම ගැන.
හැබැයි 2015 ජනවාරි 9 මහින්ද පැරදුනු වෙලාවේ එක රාජපක්ෂ සහෝදරයෙක් මහින්දට හිටියේ නැහැ.
බැසිල් රටෙන් පැනල ගියා.
ගෝඨාභය ආගිය අතක් නැති වුනා.
චමල් මෛත්‍රීගේ පැත්තට වුනා.
මහින්දට හිටියේ ජනතාව විතරයි.
මහින්දයි රටේ ජනතාවයි අතර තියෙන බැම්ම රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතර බැම්මට වඩා ලොකුයි, දෘඪයි, ස්ථිරයි, වෙනස් නොවෙන සුළුයි කියලා මම බය නැතුව කියනව.
මහින්දයි ජනතාවයි අතර තියෙන බැඳීම මහින්දයි එයා වටේ ඉන්න දේශපාලකයොයි අතරවත් නැහැ. ඒ අයත් වෙනස් වෙන සුළුයි. කවුරු වෙනස් වුනත් ජනතාව මහින්ද ගැන තියෙන ආදරේ කිසිදවසක වෙනස් වෙන්නේ නැහැ.
අපි 2015 පෙබරවාරි 18 විමල් එක්ක එකතු වෙනකොට කිව්වේ මහින්දට වෙච්ච අසාධාරණය නැති කරලා මහින්දට හිමි තැන නැවත අරන් දෙනවා කියලා. විමල් වෙනස් වුනත් මම නම් මගේ වචනේ වෙනස් කරන්නේ නැහැ. ගෝඨාභයට මහින්දගේ තැන දෙන්න මහින්ද තවම දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් නැහැ. ගෝඨාභයව ගේන්න හදන එකේ අරමුණ මහින්දව දේශපාලනයෙන් ඉවත් කිරීම. ඒක් කරන්න ලැබෙන්නේ නැහැ. ගෝඨාභය පිටිපැස්සේ ඉන්නේ මෛත්‍රී කියල මම මීට කලින් කියලා තියෙනව. ඊට පස්සේ තව comment එකක් ලිව්වා හැබැයි එව්වේ නැහැ මම ඒකෙන් අනිත් පැත්තට අදහසක් දෙනවා වගේ හිතුනු නිසා. අනාගතේ වෙන්න යන්නේ හරියටම මම ලියල නොඑවපු එක.
මම හිටපු ජනාධිපතිතුමාගෙන් කරන එකම ඉල්ලීම මොන තරම් පීඩන ආවත් torture කලත් තමන්ගේ පැත්තෙන් ගෝඨාභය ඉදිරිපත් කරන්න එපා. ඊට වඩා හොඳයි මෛත්‍රී හරි රනිල්ව හරි ඉදිරිපත් කරන එක. ඒ මොකොද ඔය තුනේම වෙනසක් නැති නිසා. අපි මෙච්චර කල් හිටියේ ඒකටද? එහෙනම් මම මොකක්ක්ද කරන්නේ කියල හිතෙනව නම්, හිටපු ජනාධිපතිතුමාට තියෙන්නේ කාලය යන්න අරින එක. හැමදේම නියම වෙලාවට සිද්ධ වෙයි. ගෝඨාභය පැත්තට යන අයට යන්න දෙන්න. බලෙන් තිය ගන්න වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් හිටපු ජනාධිපතිතුමා නැතුව ඒ කිසි කෙනෙකුට, ගෝඨාභය බසිල්ද ඇතුළුව, ඒ කිසිකෙනෙකුට තමන් නැතුව පැවැත්මක් නැති නිසා. තමන්ගේ ශක්තිය තේරුම් ගන්න.
ලිපියේ ඉතුරු අනතර්ගතය ගැන මම වෙනම ලියනවා.
/
Champa / August 25, 2018
Oooops. “විමල් වෙනස් වුනත්…..”. මෙතන පොඩ්ඩක් හදන්න වෙනවා. එවන්න එස්සෙල්ල කියැව්වා නම් හදන්න තිබ්බ. මම “විමල් වෙනස් වුනත්” කියලා කිව්වේ විමල් ගෝඨාභය ඊළඟ ජනාධිපති කියලා නිතරම කෙලින්ම සහ වක්‍රව කියපු නිසා. 2015 ගෝඨාභය ගැන කතාවක් තිබ්බේ නැහැ. මහින්ද ලඟට ජනප්‍රියම දේශපාලකයා විමල් කියල මම නිතර කිව්වට ගෝඨාභයව promote කර කර විමල්ම තමන්ව පහලට දා ගත්තට පස්සේ ආයේ මම ඒ ගැන කතා කලේ නැහැ. හමුදා පසුබිමක් තියෙන මිනිහෙක් ලංකාවට ගැලපෙන්නේ නැහැ. අනිත් එක මම විමල්ගේ .lk website එකට මාස ගානකට ඉස්සෙල්ල ලිව්වා වගේ මහින්ද ගෝඨාභය දැම්මත් පරදිනවා. ඒ කාලේම කිව්වා වගේ මහින්ද දාන ඕනේ මිනිහෙක් පොහොට්ටුවයි බැසිලුයි එකතු වෙලා පරද්දනව. මහින්දට නොතේරුනාට හුඟ දෙනෙක්ට දැන් මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න ඕනේ වෙලා තියෙනව තම තමන්ට ආවේනික හේතු නිසා. මට extrasensory නැහැ. මම දේවල් කියන්නේ මිනිස්සු කරන කියන දේ ගැන බලල. ඕනේ නම් එහෙම අයගේ නම් වුනත් කියන්න පුළුවන්. හැබැයි ඉතින් හිටපු ජනාධිපතිතුමාට හිත අමාරු වෙන හින්ද කියන්නේ නැහැ. ඒ එක්කම අතනටම ලියපු තව දේකුත් තියෙනව. ඒ තමයි ඊළඟ ජනාධිපති පත් වෙන්නේ පොහොට්ටුවෙන් “නෙමෙයි” කියන එක. මහින්දට උදව් අවශ්‍ය වෙලාවට උදව්ව ලැබෙයි. කාටවත් ඕනේ වුනාට මහින්දව එහෙම ගෙදර යවන්න බැහැ. ඒ උත්සාහ ඔක්කොම කඩ කප්පල් වෙනවා බලා ඉන්දත්දී. මහින්දට කරන්න තියෙන්නේ මම මේ කියපු එක ගැන විශ්වාසය තියන් ඉන්න එක විතරයි. ඇතුළෙන්ම සහ පිටින් තියෙන සියලු විරුද්ධකම් පරද්දල, මහින්ද එයාගේ අපේක්ෂකයව දිනවගන්නේ කොහොමද කියන එක කියන්න තාම කල් වැඩියි. හිටපු ජනාධිපතිතුමාට ඒ කාලෙට කරන්නේ තියෙන්නේ one man show එකක් .
/
Champa / August 26, 2018
ඔබේ ලිපිය බලපුවහම ඕනේ කෙනෙකුට තේරෙනව ඔබ අපක්ෂපාති චරිතයක් නෙමෙයි කියලා. ඔබ තුල සංඝයා වහන්සේලාගෙන් සිංහල සමාජයට තියෙන පිටිවහල ගැන විරෝධයක් තියෙනව.
සියයට 70කට වඩා බෞද්ධ අපේ රටේ ඇත්තටම බෞද්ධයන්ට බලයක් නැහැ. බලන්න මුස්ලිම් රටවල ඔවුන්ට අනිත් ආගම් වලට වඩා මොන තරම් බලයක් තියෙනවද කියලා. උදාහරණයක් විදියට මේ ලඟදි ඉන්දුනීසියාවේ කාන්තාවක් මුස්ලිම් පල්ලියක ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬ අඩු කරන්න කිව්වට උසාවි ගෙනහින් උසාවිය ඇයට මාස 18ක් සිර දඬුවමක් දුන්න. අපේ රටේ බෙල්ලන්තර පැත්තේ වගේ මතක උදේට පිරිත් දානවා කියල පාරේ jogging කරන මිනිස්සු පැමිණිලි කරලා පොලීසිය ඒක නැවැත්තුව. තව කොහෙද පලාතකත් එහෙම පිරිත් නතර කළා. අර මොරගොඩ නේද පන්සලේ සද්දේ වැඩියි කියලා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන්ට විරුද්ධව නඩුවක් දැම්මේ අවුරුදු 2කට ඉස්සෙල්ල? දැන් අපේ මිනිස්සු මුස්ලිම් පල්ලියේ සද්දේ වැඩියි කියලා පැමිණිලි කලොත් පොලීසිය ගන්නේ මුස්ලිම් පල්ලියේ පැත්ත. බෞද්ධයාගේ පැත්ත නෙමෙයි. පහුගිය අවුරුදු 3 1/2 පුරාම අනිත් සියලු ජාතීන්ට එක හොඳ විදියටකටත් බෞද්ධයාට වෙනස් නරක විදියකටත් සැලකීම හොඳට පෙනුණා.
අර චන්ද්‍රිකාගේ ONUR එකෙන් සල්ලි ගෙවල කරන ගුවන් විදුලි නාට්‍ය බලන්න. ඒවායේ කතාව හරි හොඳයිලු කියලා ලියපු මිනිහම කියනවා. කතාව හොඳ නම් ඇයි හිතාමතාම බෞද්ධ පාඨ වල වචන වෙනස් කරල ඒ නාට්‍ය වලට නම දැම්මේ කියන එකට උත්තර නැහැ. ඒක හොඳ හිතින් කරපු දෙයක්ද? ඒ නම් දැම්මේ උවමනාවෙන්ම බුදුදහම සමච්චලයට ලක් කිරීමේ අදහසින්. බෞද්ධයන්ට හිත්තැවුල් ඇති කිරීමේ අදහසින්. ඇයි බුදු දහමේ පාඨම ගත්තේ? ක්‍රිස්තියානි ආගමේ හෝ මුස්ලිම් ආගමේ හෝ හින්දු ආගමේ පාඨ ගන්න තිබුනනේ. නාට්‍යය අහන්න දෙයක් නැහැ දාපු නමෙන්ම තේරෙනව චේතනාව නරක බව. ඒ විතරක් නෙමෙයි ඒ වචන සමාජගත කරලා හැමෝගෙම කටින් කියවන්නයි හැදුවේ. හොඳ වෙලාවට ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ඒකට විරුද්ධ වුනේ. නැත්නම් “තරුවන් සරණයි” “නිර්වස්ත්‍රන් පරමං සුඛං” කියලා ගහපු T-shirt වුනත් කොල්ලෝ කෙල්ලෝ අතරේ බෙදන්න ඉඩ තිබුන.
Contd’…. 1/2
/
Champa / August 26, 2018
Contd’…..2/2
අනිත් එක අර සිවුර පිටින් බාර් එකේ හාමුදුරුවෙක් දැක්ක කියල ඔබ කියන කතාව. එක්කෝ ඒ දඹර අමිල වෙන්න ඕනේ නැත්නම් පිටදූව වෙන්න ඕනේ. ඔවුන් බුදු දහම පිළිපදින හාමුදුරුවරු නෙමෙයි. මම නම් හාමුදුරුවෝ කියලත් කියන්නේ නැහැ. බාර් එකේ විතරක් නෙමෙයි spa වලත් මිනිස්සු දකිනවලු. ඔබ නොදන්නා දෙයක් තමයි බුදුදහමේ තියෙන එක මූලික ගුණාංගයක් තමයි උපේක්ෂාව. අන්‍ය ආගමිකයන් සහ මේ ආණ්ඩුව සහ බුදුදහමට හාත්පසින්ම වෙනස් ජීවිත ගත කරන අර උඩ කිව්වා වගේ හාමුදුරුවරු, බෞද්ධයන් සහ සිල්වත් සංඝයා වහන්සේලාගේ දයාව කරුණාව සහ උපේක්ෂාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. සියලු සත්වයන්ට දයාව කරුණාව පෙන්වන ආගමක සංඝයා වහන්සේලා ඒ දිහා උපේක්ෂාවෙන බලා ඉන්නවා. මට නම් වැරැද්දක් පේන්නේ නැහැ. නමුත් රටට ජාතියට සහ බුදු දහමට උවමනාවෙන්ම කරන විරුද්ධකම් වලදී සංඝයා වහන්සේලා නිශ්ශබ්දව නොඉඳ කතා කරනවා. එහෙම නොකළ නම් අද පිරිතුත් තහනම් කරලා. පෙරහැරවලුත් කඩාකප්පල් කරලා. පන්සලුත් වහල දාල. සාසනයත් නැති කරල මේ ආණ්ඩුව 2015 නටාගෙන ආපු විදියට.
.
රාජපක්ෂ ආණ්ඩුව කාලේ මොකක් කලාද, ඔය කියන ඒවා කලාද කියලා මට හරියට මතක නැහැ. නමුත් ලංකාවේ සිංහලයන්ගේ ජනජීවිතිය දුර ඈත අතීතයේ පටන්ම පන්සලත් එක්ක තදින් බැඳිලා තිබුණා. අද වෙනකොට මොන තරම් රට වෙනස් වෙලා තිබ්බත් අර තිබ්බ බැඳීම තවම තියෙනවා. බුද්ධ සාසනයේ තිරස්ථිය උදෙසා එදා වගේම අදත් සංඝයා වහන්සේලා ලොකු මෙහෙවරක් කරලා තියෙනවා. නැත්නම් මොන තරම් රටේ කරදර තිබ්බත් දළදා පෙරහැර එදා වගේම ශ්‍රී විභූතියෙන් පවත්වා ගෙන යන්න සම්පූරණ වගකීම අතට අරන් තියෙන්නේ සංඝයා වහන්සේලා. නමුත් බෞද්ධ දේශපාලන නායකයෙක්ගෙන් මම නම් මීට වඩා බොහෝ දේවල් බුදුදහම වෙනුවෙන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ධර්මදූත සේවය ගැන. පන්සල් වල තියෙන අඩුපාඩු ගැන. බෞද්ධ දර්ශනය විෂයක් විදියට ඉගැන්වීම ගැන. මේ ආණ්ඩුව විශ්ව විද්‍යාලවල ඔය විෂය නැවැත්තුව මම හිතන්නේ. තව දහම් පාසල් ගැන.
ඇත්තම කිව්වා නම් නිදහස ලබපු අවුරුදු 70ටම නියම සිංහල බෞද්ධ නායකයෙක් රටට ලැබුන කියලා කියන්න බැහැ. එහෙම හිටිය නම් මොන වගේ දේවල් කරන්න තිබුනද? අනාගතේවත් එහෙම නායකයෙක් පහල වෙලා මම හිතන දේවල් කරයි කියලා ප්‍රාර්ථනා කරනවා.
/