24 April, 2024

Blog

ජනාධිපතිවරණයේ ගණිතය

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ දේශපාලනය පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බිදවැටීමට ඇති ඉඩකඩ වැඩි බව මාගේ හැගීමයි. විශේෂයෙන් ජනාධිපතිවරයාට ඉතිරිව ඇති කාලය තුල එතරම් බරපතල වෙනස්කම් වල යෙදීමට ප්‍රධාන බලවේග දෙකම උත්සහ නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂයට හා දෙමළ සන්ධානයට, මුස්ලිම් කොන්ග්‍රසයට, මෙරට සිවිල් සමාජයට කෙතරම් අවශ්‍යතාවයක් තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිල් දෙකේම ප්‍රතිගාමී හා තක්කඩි ආකල්ප ඉඩදෙතැයි සිතිය නොහැක. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරනු ලැබුවද කාරණා පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව ජනාධිපති ධූරය තවදුරටත් පැවතිය හැකිය. එබැවින් මෙරටේ ජනතාවටත්, සියලුම දේශපාලන බලවේග වලටත්, 2019 එනම් මෙම වර්ෂයේ  අවසන්  කාර්තුවේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත.  එළැඹෙන ජාතික මැතිවරණය වන්නේ 2019 දෙසැම්බරයේ පමණ පැමිණීමට නියමිත ජනාධිපතිවරණයයි.

එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ සන්ධානය හා වතුකරයේ දේශපාලන පක්ෂ සමග එක්ව පෙරමුණක් ගොඩනගනු ඇත. එම පෙරමුණට ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ආගමික ඡන්දත්, එක්සත් ජාතික පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමත් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නැත. එම පෙරමුණේ අපේක්ෂකයා ලෙස පැමිණීමට 80% කට වඩා ඉඩකඩ ඇත්තේ රනිල් වික්‍රමසිංහය. එම පෙරමුණ තම මැතිවරණ සටන ආරම්භ කරනුයේ දෙමළ, මුස්ලිම්, කතෝලික හා එක්සත් ජාතික පක්ෂ සාම්ප්‍රදායික ඡන්ද පදනම මත ශක්තිමත්ව සිටගනිමිනි. එතැන් සිට ඔවුන්ට පාවෙන ඡන්ද, අලුතින් එකතුවන ඡන්ද හා විරුද්ධ බලවේගවල සහයෝගය ලබා ගැනීමේ සටන ආරම්භ කළ හැකිය. එම පෙරමුණට ජයග්‍රහණයට බාධා කරනු ලබන ප්‍රධානම දුර්වලතාවය වන්නේ යහපාලන ආණ්ඩුව මගින් පාක්ෂිකයා රැකබලා ගත්තා මදිය යන ජනප්‍රිය ආකල්පයයි. එම ආකල්පය එක්සත් ජාතික පක්ෂයේ, පාක්ෂිකයින්ගෙන් ඉවත් කිරීම සදහා පාක්ෂිකයින් රැකබලා ගැනීමේ කටයුතුත් පක්ෂය විසින් හැකි ඉක්මනින්ම ආරම්භ කළ යුතුය. 

2019 මැතිවරණයට පැමිණෙන අනික් පෙරමුණ විය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පිල පෙරටු කරගත් පොදු අපේක්ෂක පෙරමුණයි. මෙම පෙරමුණ මූලික වශයෙන් රනිල් වික්‍රමසිංහ විරෝධී, එක්සත් ජාතික පක්ෂ විරෝධී පොදු පෙරමුණක් බවට නිතතින්ම පත්වනු ඇත. ඩිලාන් පෙරේරලා, ඉසුර දේවප්‍රියලා, ශිරාල් ලක්තිලකලා එහි ප්‍රධාන පෙලේ කසකරුවෝ වන අතර යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය ඔස්තාර්ලා ගණනාවක් එළිපිටම තම නාට්‍යය රගදක්වනු ඇත. මෙම කදවුරේ පොදු අපේක්ෂකයා බවට පත්වීමට ඉඩකඩ ඇත්තේ ජනාධිපතිවරයාටය. විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණ 2019 දී මුලික  වශයෙන් සහයෝගය දක්වනු ඇත්තේ මෙම කදවුරටයි. එම පිල මැතිවරණයට නොපැමිණියහොත් ඔවුන් හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වන කොටස බැසිල් රාජපක්ෂ සරණ යනු ඇත. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වීශාල කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එකතුවනු ඇත.  මැතිවරණ ව්‍යාපාරයට නිර්මාල් රංජිත්ලා, පිලිප් ශාන්තලා, ජයදේව උයන්ගොඩලා හා ජනතා විමුක්ති පෙරමුණ කුමන පිලට එකතු වෙත්දැයි කීමට තවම කල් වැඩිය. 

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය රනිල්, කරු හා සජිත් අතර දෝලනය වෙමින් තිබෙන අතර සජිත්ට එය ලබා ගැනීමට ඇත්තේ අඩු ඉඩකි. මන්දයත් මධ්‍යම පන්තිය අතර සජිත් විරෝධී ආකල්පයක් ගොඩනැගෙමින් පවතින අතර මෙම පෙරමුණේ මුලික ඡන්ද පදනම වන්නේද එයයි. නමුත් පක්ෂයේ පහල කොටස් අතර සජිත්ට එකතරා ආකාරයක කැමැත්තක් තිබේ. ඒ ඔහුගේ සමාජ සුබසාධන ආකල්පය නිසාය. මැද පන්තිය සජිත් දුටු විට බියෙන් තැති ගන්නේද එබැවිනි.

අනෙක් ප්‍රධාන කදවුර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂකයා වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හෝ ශිරන්ති රාජපක්ෂය. ඒ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන් පාඨයද සමගයි. එම ජනාධිපතිවරණ සටනේ රාජපක්ෂවරු ගෝඨා ජනාධිපති, මහින්ද අගමැති කිරීමේ එම විශාල දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකව නියලෙනු ඇතැයි මාගේ නිගමනයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පැමිණීම ජාතිකවාදී බලවේග අමන්දානන්දයට පත්වෙනු ඇත. මූලික වශයෙන් මෙම කදවුරේ ඉලක්ක ඡන්ද පදනම වනුයේ ස්වඋත්තමවාදී සිංහල බෞද්ධ ඡන්ද පදනමයි. ගෝඨාභය රාජපක්ෂ වැන්නෙකුට එම ඡන්ද පදනම තුළ විශාල ආකර්ෂණයක් තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන්ද විශාල කොටසක් මෙම කදවුර විසින් දිනාගනු ඇත. අද මේ මොහොතේ මෛත්‍රී පිලේ ප්‍රමුඛයින් ගණනාවක්ද එම කදවුර සමග නිශ්චිතවම එකතුවනු ඇත. ජනාධිපතිවරයාද එම පිලෙන් නැවතත් පාර්ලිමේන්තු එනු ඇත හෝ එසේ වීමට ඉඩ ඇත.(එම කණ්ඩායම එතරම් සිලචාරය)

එසේනම් 2020 ජනාධිපතිවරණය යනු ප්‍රබල  සටනකි. මෙම  සටනේ ජයගැනීමට නම් මුලු ඡන්ද සංඛ්‍යාවෙන් 50% කුත් තවත් එක් ඡන්දයකුත් ලබාගත යුතුය. මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා මෙවැනි තත්ත්වයක් යටතේ විභවහාත්මක හැකියාවක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාටය. මන්දයත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය අනුවත්, අතීතයේත්, අනාගත ප්‍රක්ෂේපනයට අනුවත් දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත හැක්කේ එම අපේක්ෂකයාටය. මෙම මැතිවරණය ජයග්‍රණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමෙන් ලබාගත යුතු වන්නේ 30% ක ප්‍රමාණයකි. එම ගණන එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට වඩා අඩුය. එබැවින් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයෙකුට 2019 ජනාධිපතිවරණය ජය ගැනීම කජු කනවා වැනි වැඩකි. කළයුතු එකම දෙය පාක්ෂිකයා බලාකියා ගැනීමය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ පොදු අපේක්ෂකයාට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිලට එක්සත් ජාතික පක්ෂය පැරදවීමට එක් අවස්ථාවක් ඉතිරිව ඇත. ඒ එම පිල් දෙකම මුළුමුනින්ම සමගි වී එක් පිලක් බවට පත්වී පැමිණීමෙනි. නමුත් දැනටමත් එක්සත් ජාතික පක්ෂයට සෑහෙන පිරිසක් එකතු වී ඇත. එසේ වුවද එම දෙපිලේම සිටිනා ජනප්‍රිය අපේක්ෂකයන් වන ඝෝඨාභය රාජපක්ෂට හෝ ශිරන්ති රාජපක්ෂට දෙමළ, මුස්ලිම් හා කතෝලික ඡන්ද ලබාගත නොහැකිය. එම ඡන්ද පදනම තුළ ඔහුට ඇත්තේ මාරාන්තික විරෝධයකි. එසේම මේ රටෙහි සිවිල් සංවිධාන හා ජනතා විමුක්ති පෙරමුණට ගෝඨාභය සමග හෝ රාජපක්ෂවරු සමග එකම වේදිකාවක සිටගත නොහැකි අතර ඔවුන්ගේ අමුඩය බේරා ගැනීමට ඡන්ද 4% ක් හෝ 5% ක් ගන්නා තුන්වෙනි අපේක්ෂකයෙකු ඉදිරිපත්කළ යුතු වේ. මෙවැනි සන්ධර්භයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයාට එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට සිංහල බෞද්ධ ඡන්ද පදනමින් 70% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගතයුතු අතර විපක්ෂයේ සිටින ජාතිකවාදී බලවේග වලට එය අසීරු ඉලක්කයකි. විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම පනහට පනහ බෙදී සිටින අවස්ථාවක එම ඉලක්කයට ළගාවීම යථාර්තවාදී නොවේ. 

එමනිසා මට කීමට ඇත්තේ 2020 න් පසු මේ රටේ නැවතත් තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට ඉඩකඩ විවර වන අතර එය එම පාක්ෂිකයින් අමන්දානන්දයට පත්කිරීමට හේතුවක් වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Oya monawada mey kiyawanne lankawe unp ekata thiyenne 22% chanda padanamak. Mey padanamaata 7% ka chandayak Muslim congress , digambaram, rishard,hela urumaya aran denna puluwan. TNA saha anith Tamil pakshayata Tamil chanda 85% aran dunnath 7% aran denna puluwn. Sajith hari Ranil hari awoth uparimayen ganna puluwan 36%. Thawa 15% chanda oney ey kiyanne chandq laksha 23. Mey laksha 23 mawannada Ranil or sajith. Mahindata 58 lakshayak chanda thiyanawa, meka slfp eke thank paksha chanda, 46% chanda padanamak. Giya sare maithreeta 11 lakshayaka mey chanden laksha 5 gota gatha kiyamu.laksha 63 . aluth chanda laksha 17 enawa mey chanden laksha 8 gathath gota laksha 71 itha pahasuwen ganna puluwan. Ranil paawena chanda laksha 5 kuth aluth chanda laksha 8kuth gatha kiyamu eth laksha 11 thawa oney. Than unp karala thiyana aarthika vinasa ekka oya hithanawada pawena chanda laksha 5 kui aluth chanda laksha 8 kui ganna puluwan kiyala.giya unp sandanayata TNA nathuwa ganna puluwan laksha 36 meken unp chanda laksha 27 mey chanden laksha 19 sinhala boudha chanda 112 laksha sinhala boudha chanda walin laksha 19 kiyanne 17% sinhala boudha chanda walin unp chanda thiyenne 17%. Oluwen hits gathath unp ekata pawena chanda laksha 8 k hamba wunath sinhala boudha chanda 22% ganna ba. Slfp eka kiyanne 46% chanda padanama thiyana maha dawantha paksha mey unp wage 22% chanda thiyana podi pakshaya genalla slfp ekka sansandaya karanna epa. Anika ekak mathaka thiyaganna Mahinda virodi chanda unp,JVP kiyala podi paksha athara bedunoth 100% Tamil chanda gathath Mahinda polpithak dammath dinanawa. Oya mey ahinsaka unp karayonwa nnomaga yawanna epa. Slfp virodi chanda unp JVP kiyala bedunoth thawa avurudu 50 giyath unp janathi pathi kenek hadanna ba.hamadama slfp karayek thamai janadipathi.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.