26 April, 2024

Blog

ගෝඨාභයට අපිත් පරාණ බයයි

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතියේ මංගල සමරවීර පුවත් පත් සාකච්ඡාවක් කැදවා තිබිණි. එහිදී එහි පැමිණ සිටි වාර්තාකරුවෙකු විසින් ඇමතිවරයාට පැනයක් යොමු කරමින් ඔබ ගෝඨාභයට බියවී ඇත්දැයි ඇසිය. එම කාමරය තුල සිටි සියලුම දෙනාම අපේක්ෂා කරන ලද උත්තරය වුයේ මංගල හිටපු ආරක්ෂක ලේකම් වරයාට බිය නොවන්නේ ඇයි දැයි කියා මංගලගේ ජය ඝෝෂාවකි. නමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි අපොයි ඔව් කියා, මම ගෝඨාභයට පුදුම බයයි කියා ප්‍රතිචාර දැක්වුවේය. එහිදී ඇමති වරයා විසින් ඉදිරිපත් කරන ලද කාරණා කීපයක් ගැන මේ ලියුම්කරුගේ ද දැඩි එකගතාවයක් තිබේ. සැබවින්ම ආණ්ඩුව දුර්වල වන සෑම අවස්ථාවකම මටද පරාණ බයක් දැනේ. මේ ආණ්ඩුව පරාජය වුවහොත් මාව පැහැරගෙන මරා දමනු ඇති බවත්, ඉන්පසු එක්කෝ මගේ බඩ පලා බඩවැල් එලියට ගෙන ඒවා වෙනම මුහුදට දමා මාගේ ශරීරය ගලක් බද මුහුදු පතුලේ සදා කාලයට සැගවීමට හෝ අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිවහනක පවත්වාගෙන යන වදකාගරයකදී කෑලි කෑලි වලට කපා අධි ශීතකරණයක තබා මෝරුන්ට කෑමට දෙනු ඇති බවත්, එසේත් නැතිනම් බියගම මල්වානේ වත්තක ඇසිඩ් බැරලයක දමා  දියකර හරිනු ඇති බවත් මගේ නෑයන් හිත මිතුරන් කැට තබා කියයි.

එබැවින් මම ගෝඨාභයට පරාණ බයයි. කෙසේ නමුත් ජනවාරි 8 වැනිදා ලංකාවේ සමාජය වෙලාගෙන තිබු අදුරු භීෂණය පරාජය කල යුතු යැයි මෙරට සිවිල් බුද්ධිමතුන් මෙන්ම බහුතර ජනතාවක් තීන්දු කරන ලද්දේ හොරකම්, සමාජ අසාධාරණය, අසීලාචාර බවට අමතරව හිටපු ආරක්ෂක ලේකම් වරයා පවත්වා ගෙන ගිය භීෂණකාරී වටපිටාවයි. එමගින් මේ රටේ මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම් වල විශාල බිදවැටීමක් සිදු වූ අතර සමාජයක් හැටියට රටේ සියල්ලෝම අනාරක්ෂිත තත්ත්වයකට පත්වී තිබුණි. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අනුගමනය කරන ලද්දේ උගණ්ඩාවේ ඉඩි අමීන් භාවිතා කරන ලද ක්‍රමවේදයයි. ඉඩි අමීන්ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නමින් රටේ සියලුම අකටයුකම් වල යෙදිනි. ඒවා නගර ඉදිකිරීම, වේද හෙදකම් කිරීම, දේපල අත්පත් කර ගැනීමේ සිට මිනිසුන් මරාදැමීම දක්වා වේ. ගෝඨාභයද කටයුතු කරන ලද්දේ එසේය. එය කෙතරම් දුරදිග ගියේද යත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යනුවෙන් සදහන් කාඩ්බෝඩ් කැබැල්ලකට දේපලක් පවරා ගැනීම, වාහනය පාරේ වැරදි පැත්තෙන් ධාවනය කිරීම හා වෙනත් ඕනෑම අකටයුතු කමක් කිරීමට හැකියාවක් තිබිණි.

මේ සම්බන්ධයෙන් මට හොද අත්දැකීමක් තිබේ. 2014  ජුනි මාසයේ දිනක් මා ගමන් කරමින් සිටි රථය රාජගිරිය හන්දියේදී  තවත් කසිකබල් කැබ් රථයක ගැටිණි. එහි වරද මාගේ මෙන්ම කැබ් රථයේ රියදුරගේද වේ. මන්ද ඔහු හැරවීම ඔහේ කළේය. පසුව වාහනයෙන් බැස බැලීමේදී එහි එදිරි පස පෙට්ටියකින් ගලවා ගත් කාඩ්බෝඩ් කැබැල්ලක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය කියා ලියා තිබිණි. එම රථයෙන් බැස පැමිණි රියදුරු ඔහුගේ දුර්වර්ණ දිලිදු මුහුණට දරුණු බවක් ආරූඪ කොට ගෙන මේක ආරක්ෂක අමාත්‍යාංශයේ, දැන් එකේ වැඩකට යන ගමන් කියා තදින් සද්දෙන් කියා සිටියේය. ඒ කාලයේ රාජපක්ෂවරු ගෙදර යවන්නට සැලසුම් සදමින් සිටි අතර අපේ වත්තේ වැඩ කරන සරත් වැනි මිනිහෙකු මට තර්ජනාත්මකව ඇමතීමත් එම බලය කාඩ්බෝඩ් කැබැල්ලක අකුරු ටික්කකින් ලැබීමත් නිසාවෙන්  මගේ ආඩම්බරය උන්නා මලා නො⁣තේරෙන තත්ත්වයකට මාව පත් කළේය. ඔහුට මම දැක්වූ ප්‍රතිචාරය කෙතරම් දරුණු වුයේද යත් ඔහු වාහනය එතන දමා වැලිකඩ පොලිසියට දිව ගියේ මා එල්ලුම් ගස් යවන බව කියමිනි. මටද  එවිට බියක් දැනුනි. කෝකටත් කියා එවකට ජනාධිපති රාජපක්ෂ ළඟ​ ලේකම්වරයෙකු වන මගේ ලගම මිතුරෙකුට දුකථන ඇමතුමක් ගෙන තත්ත්වය පැහැදිලිකර අවදානයෙන් සිටින ලෙස දැනුම් දුන්නේ, සුදු වෑන් එකකින් අතුරුදහන් නොවී බේරුනොත් ගම්පහ සිට කටුනායකට පයින් හෝ ගොස් නවසීලන්තයට යා හැකි තත්වයක් තිබුණු බැවිනි. 

නමුත් වැලිකඩ පොලිසියේදී මාගේ ඉහල තනතුරු වල සිටි මිතුරන්ගේ දුරකථන ඇමතුම් හා වෙනත් බලපෑම් නිසා හෙළි වුයේ එම වාහනය ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අයත් එකක් බවයි. එම ආයතන එවකට අයිතිව තිබුනේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අමාත්‍යාංශයටය.

කෙසේ වෙතත් තාජුඩීන් ඝාතනය, කරුණාට ගමන් බලපත්‍රයක් හොරට හැදීම, ලසන්ත මරා දැමීම, කීත් නොයාර්ට පහර දීම, වැලිකඩ සිර කරුවන් ඝාතනය, ප්‍රගීත් පැහැරගෙන ගොස් මරාදැමීම, වැලිවේරියේ වතුර ඉල්ලු මිනිසුන් මරා දැමීම, රෝෂන් චානක මරා දැමීම, රට පුරාම වැරදි කල තරුණයන් සිය ගණනක් නඩු නැතිව මරා දැමීම ඇතුළු ඝාතන දහස් ගන්නක වගකීම ගෝඨාභයට එල්ලවී තිබේ. මංගල කියන්නාක් මෙන් බුදු අම්මෝ අපි නම් ගෝඨාභයට පරාණ බයයි.

අවසාන වශයෙන් අපි හිටපු ආරක්ෂක ලේකම්වරයාට බයවන ප්‍රධාන කාරණය නම් ඔහු වටා සිටින පිරිසයි. එම පිරිස සම්පුර්ණයෙන් පාහේ හමුදාවෙන් ඉවත් වූ සොල්දාදුවන්ගෙන් පිරී තිබේ. ලෝක දේශපාලනයේදී නීත්‍යානුකූල යුද හමුදාවන් වලින් ඉවත් වූ පිරිස එකතරා ආකාරයකට ලුම්පන්වරු ලෙස හදුන්වයි .මන්දයත් ඔවුන් පුහුණුව ලබා ඇත්තේ වෙනම ආකාරයකට කටයුතු කිරීමටය. එම නිසා ඔවුන් ජනතාවගේ පරමාධිපත්‍ය දැරීමට නුදුසු කොටසක් ලෙස ලෝක සිවිල් ශිලාචාර සමාජයන් විශ්වාස කරයි. මෙම කාරණා නිසා අපිනම් ගෝඨාභයට පරාණ බයයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඕගොල්ලෝ ඉතින් රනිල්ටත් හරිම පරාණ බයයිනෙ නේද? 2010-2015 මිනිස්සු අතරේ බයක් තිබුන බව ඇත්ත. මර්දනයට ලක්වූ බවත් ඇත්ත. හැබැයි මේකේ තියෙන ඒවා නම් අතිශයෝක්ති මම හිතන්නේ.
    .
    ලංකාවට හමුදා පාලනයක් අවශ්‍ය නැහැ. හමුදාවේ හිටි කෙනෙක් රටේ ජනාධිපති විදියට අවශ්‍යත් නැහැ. මිනිස්සු සරත් ෆොන්සේකාවත් ප්‍රතික්ෂේප කළා. අන්තිමට වෙන්නේ මිනිස්සු හමුදාවට තියෙන ආදරෙත් නැති වෙන එක. ඊළඟට හැම වැඩකටම වහල්ලු වගේ හමුදාවේ පහල ශ්‍රේණි වල මිනිස්සු යොදා ගනියි.
    .
    අර සරත් වීරසේකර හැම තිස්සෙම කියන, සොල්දාදුවෙක් ලියල තිබුණු;
    “උඩ වතුර තරු වලට
    මැද වතුර පටි වලට
    මඩ වතුර පොඩි අපට
    කොටි ගහල මදි තොපිට”
    කියන කවියෙන් කියන්නේ හමුදාවේ පොඩි මිනිස්සුන් මුහුණ දුන්නු අසාධාරණකම්, පීඩනය, කෝපය සහ වේදනාව. ඒවා ඔක්කොම මහින්ද පිටින් ගියා.
    .
    අනිත් එක මම හිතනවා යුද්ධයේදී තුවාල වුනු රණවිරුවන්ව සනීප කරන්න උත්සහයක් ගත්ත මදි කියලා. උදාහරණයක් විදියට ඇස් පෙන්නේ නැති අයට ඇස් බද්ධ කරන්න පුළුවන්නේ. එහෙම බැරි තරමටම තුවාල වෙලාද මම දන්නේ නැහැ. කන් ඇහෙන්න වුනත් පොඩ් gadget එකක් තියෙනව. මිල අධික බව ඇත්ත. හැබැයි අපිට යුතුකමක් තියෙනවා අඩු ගානේ සනීප කරගන්න පුළුවන් රණවිරුවන්ට සනීප කරගන්න. තව දැන් තියෙන තව කවුරු හරි තල්ලු කරන් යන රෝද පුටු වෙනුවට තමන්ම පදව ගෙන යන්න පුළුවන් රෝද පුටු තියෙනව. ඒවා අරන් දුන්න නම් අඩු ගානේ තමන් අනුන්ගේ උදව්වෙන් ඉන්නවා කියන හැඟීම නැති වෙලා යනව. තව අපි දැකපු නැති කීදෙනෙක් ගෙවල් වල ඉන්නවද? මේක මම පස්සේ දවසක විමල්ට කියන්න හිටපු එකක්. දැන් මෙතැන ලිව්වට. මට හුඟක් ලොකු ඕනේ කමක් තියෙනව ආබාධිත වුනු රණවිරුවන්ව සනීප කරගන්න. මීට වඩා පහසුකම් දෙන්න. දේශපාලකයන්ට කෝටි ගණන් වාහන අවුරුද පහෙන් පහට දෙන රටේ රණවිරුවන්ව සනීප කරන්න අලුත් දෙයක් මොනව හරි කරන්න ඕනේ. 2009 ඉඳන් දැන් අවුරුදු 9ක් ගිහින් තියෙන එකේ අලුත් සොයා ගැනීම් තියෙන්න පුළුවන්නේ සනිප කරගන්න.

  • 0
    1

    මම ලිය ලිය හිටපු එකෙන් පිට පැන්නා.

    මහින්දට රට පාලනය කරන්න භීෂණය සහ මර්දනය අවශ්‍ය වුනේ නැහැ. මිනිස්සු මහින්දට හුඟක් ආදරෙන් හිටියෙ. ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙකුට මිනිස්සු කවදාවත් ඒ තරම් ආදරය කළේවත්, ගරු කළේවත් නැහැ. ඒ ඔක්කොම නැති වෙලා මහින්දව භයානක මරුමුස් දරුණු ඒකාධිපති පාලකයෙක් විදියට රටට පෙන්නුවේ 2010න් පස්සේ මහින්ද වට කරගෙන හිටපු එයාගෙ සහෝදරයොයි, දරුවොයි, ඇම්බට්ටයෝ රැලයි. 2005 මහින්ද බලයට එනකොට එයත් එක්ක හිටපු මිනිස්සුන්ව පැත්තකට වීසිවුනා. භීෂනය මර්දනය පාවිච්චි කලේ රාජපක්ෂ පවුලේ හයිය පෙන්නන්න. ඒවා කලේ මහින්ද නොවුනත් මිනිස්සු රැවටුනා. බය වුනා. මහින්දට විරුද්ධව කට කතා හැදුන. මිනිස්සු ඒවා විශ්වාස කළා. අන්තිමේ ඔක්කොම තරහයි බයයි මහින්ද පිටින් යවල ගෙදර යැව්වා. ඒ වුනාට පැරදුන ගමන් විරුද්ධව චන්දෙ දුන්නු මිනිස්සු තමයි වැඩියෙන්ම ඇඬුවේ මම හිතන්නේ. බටර් පාට වගේ national එකයි ස්ටකෙයි ඇඳගෙන පැරදිලා කරපු කතාවේදී මහින්ද ඇහුව කිලිනොච්චිය බේර ගත්ත වෙලාවේ, රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්ත වෙලාවේ සිංහ කොඩි අරන්, පාරේ කිරිබත් කාල රතිඥ්ඥ පත්තු කරපු මිනිස්සුන්ගෙන් කොටසක් විරුද්ධව චන්දෙ දුන්නේ ඇයි කියලා දන්නේ නැහැ කියල (මීට සමාන වචන). ඒක අහල මුළු ලංකාවම ඇඬුව. මහින්දගේ හදවත මිනිස්සු හරියට අඳුන ගත්තේ එදා මම හිතන්නේ. කොටින්ගෙන් රටත් බේරාගෙන, ජාත්‍යන්තරයෙන් ආපු අභියෝග තර්ජන වලටත් මුහුණ දීගෙන, මිනිස්සුන්ට තුන් වේලටම කන්නත් දීගෙන, රටටම ශක්තියක් දීපු එඩිතර නායකයාව තමන් අසරණ කළා කියල මිනිස්සු තැවෙන්න ඇති. ඒ මොනව වුනත් මිනිස්සු 2015 ඉඳන් බලා ඉන්නවා තමන් අතින් වුනු වැරැද්ද හරි ගස්සන්න. මහින්දට සාධාරණය ඉෂ්ඨ කරන්න. ඒ වුනාට ඒ කවුරුවත් කැමති වෙන එකක් නැහැ තමන්ගේ චන්දය නැවත භීෂණයට සහ මර්දනයට පාර කපනව නම්. පුද්ගලයෙක් විදියට ගෝඨාභය එක්ක ප්‍රශ්ණයක් නැහැ. සමහර කරන විවේචන වලට පස්සේ මටම කණගාටු හිතෙනවා. හැබැයි මම හිතනවා ලංකාවේ කිසි කෙනෙක් ආපහු 2010-2015 යුගයට යන්න කැමති වෙයි කියලා. ඒක හින්ද බලහත්කාරෙන් හරි, බය කරලා හරි, එහෙම නැත්නම් ලොකු පොරවල් ගෙනල්ල පෙන්නලා හරි, නාම යෝජනා ගන්න හදන එකෙන් පෙන්නේ ඇත්තට මුහුණ දෙන්න කැමති නැහැ කියන එක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.