ලංකාවේ දේශපාලනය තුළ මේ සතිය උණුසුම් වූයේ ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින කාරණා පිළිබඳවය. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයෝ ජනාධිපතිවරයා කෙරෙහි තදින් උරණව සිටී. ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම හා ඔහු විසින් මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන ප්‍රකාශයන් නිසාවෙන් උකටලීව සිටි එක්සත් ජාතික පක්ෂයේ කොටසක් නැවතත් ක්‍රියාත්මක තත්වයට පත්වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති. ඒ කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම හැසිරීමට හේතු මොනවාදැයි එක්සත් ජාතික පාක්ෂිකයින් තදින් අවධාරණය කරගත යුතු බව මාගේ හැඟීමයි. ජනවාරි 8 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් ජයග්‍රහණය ලැබූ ජනාධිපතිවරයා සැබවින්ම හදවතින් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි. ඒ මන්දයත් ජනාධිපතිවරයාගේ දසක ගණනාවක දේශපාලනය තුළ ඔහු ගනුදෙනු කොට ඇත්තේ, ඇසුරු කර ඇත්තේ හා ක්‍රියාත්මකව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තන් සමගය. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සමඟ ඇතිවූ සංවේදී කාරණා හා ගැටුම් කීපයක් නිසාවෙන් සිත්තැවුලට හා වේදනාවට පත්වූ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්වූවද ඔහුට එතරම් තදින් එකල පැවති දේශපාලන තත්ත්වයේ ගැඹුර හෝ දිග පළල පිළිබඳ අවබෝධයක් නොතිබූ බව මාගේ තක්සේරුවයි. සැබවින්ම 2015 ජනවාරි 08 වනදාට පෙර රට මුහුණදී තිබූ දුර්දාන්ත පාලනය තුළ ජනාධිපතිවරයා එහි පාර්ශවකරුවකු වූවා සේම 2014 නොවැම්බර් 21 වනදා දක්වාම එය ආරක්ෂා කරන්නෙකුද විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා වන තුරුම ඔහු එම දුර්දාන්ත පාලනය ආරක්ෂා කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාද විය.
ජනාධිපතිවරයා හා රාජපක්ෂ රෙජීමය අතර තීරණාත්මක අර්බුදය ඇතිවීමට බලපෑ ආසන්නතම සිදුවීම වන්නේ ලංකා දුම්කොළ සමාගම සමග ඇතිකරගත් ආරවුලයි. එය පිළිබඳව තවදුරටත් ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කියන්නේ නම් ලංකා දුම්කොළ සමාගම, එහි අධ්‍යක්ෂක මණ්ඩලය ජනාධිපති මන්දිරයට කැඳවා ඔවුන් හා වාඩිවී සිටියදී හිටපු ජනාධිපතිවරයා විසින් එවකට සෞඛ්‍ය ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපතිවරයාට වාඩිවීමට ආසනයක් පවා නොදී සිටවාම ප්‍රශ්න කළ බවයි. මෙම අකාරුණික සැලකීම තමන්ට සිදුකළ බරපතල සතුරුකමක් ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා වූ වත්මන් ජනාධිපතිවරයා සංවේදීව සලකනු ලැබුවේය. එම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මධ්‍යසාර හා දුම්වැටි නිවාරණ ක්ෂේත්‍රයේ කටයුතු කළ ශක්තිමත් සංවිධානවල ශක්තිය හා සහයෝගය ජනාධිපතිවරයාට ලැබුණි. එය පදනම් කරගෙන ලංකා දුම්කොල සමාගමට එරෙහිව හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වූ මෛත්‍රීපාල ජනාධිපතිවරයා තදින් ක්‍රියාකළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකා දුම්කොල සමාගම එවකට සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව නීති මගින් ක්‍රියාකරමින් ඔහු උසාවි ගානේ රස්තියාදු කළේය. මෙම ගැටුම රාජපක්ෂවරයා හා වත්මන් ජනාධිපතිතුමන් අතර තීරණාත්මක බෙදීමක් සනිටුහන් කළේය. මෙම බෙදීම හොදින් හදුනාගත් හිටපු ජනාධිපතිනියත්, එක්සත් ජාතික පක්ෂයත්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ආවේය. පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමට ප්‍රථම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකගවී සිටියේ රාජපක්ෂවරු පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට සහයදීමටයි. නමුත් මැතිඇමතිවරුන් විසිදෙදෙනෙකු සමග පැමිණෙනවායැයි තිබූ පොරොන්දුවත්, එම මොහොතේ රටේ දේශපාලනයේ තිබූ තත්ත්වයත්, සිවිල් සමාජවලට රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයකිරීමට තිබූ දැඩි උවමනාවත් නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කොන්දේසිය මත පොදු අපේක්ෂකත්වය ඔහුට ලබාදුනි. එය නිර්පාක්ෂික අපේක්ෂකත්වයයි. එහි අවසාන තීන්දුව ගනු ලැබූවේ 2014 නොවැම්බර් 20 වනදා එක්සත් ජාතික පක්ෂය පත්කළ විශේෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව විසිනුයි. නමුත් 2014 නොවැම්බර් 21 වනදා ඔහු නොසිතූ පරිදි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හා එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක, මංගල සමරවීර මෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි ඔහුට පොදු අපේක්ෂකයා වීමට අවස්ථාව හිමිවෙයි. විශේෂයෙන්ම නොවැම්බර් 21 වනදා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට එන විට ඔහු සමග පැමිණියේ රාජිත සේනාරත්න, රජීව් විජේසිංහ, එම්. ඩී. කේ. එස්. ගුණවර්ධන හා දුමින්ද දිසානායක යන ඇමැතිවරු පමණි. වසන්ත සේනානායක, නවීන් දිසානායක යන මැතිඇමැතිවරු සහ අතුරලියේ රතන හිමි, එක්සත් ජාතික පක්ෂ හා පැවති වෙනත් සම්බන්ධතාවයක් නිසා පැමිණි අය වෙති.
මෙහිදී ප්‍රධානතම කොන්දේසිය වූයේ ප්‍රථම දින සීයයේදී විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා එවකට මැතිවරණ මෙහෙයුම් කමිටුවත්, සිවිල් සංවිධානවල සියළුම දෙනා සමගත් එකඟ වූ බව පුවත්පත්වල පොල් ගෙඩි අකුරින් පළ විය. එකල ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ තත්ත්වයේ සිටි හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ජාතික තලයේ ආකර්ෂණීය නායකයකු බවට පත්වීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කළ අතර ඒ සඳහා අවශ්‍ය ධනය, හැකියාව හා පිරිස් බලය එක්සත් ජාතික පක්ෂය සතුව තිබුණු බව මාගේ හැගීමයි. ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහුට මේ රටේ ඉරණම හා දෛවය විසින් ඔහු වෙත පටවන ලද තීරණයට පිටු පාමින් ඔහු කිසිදු න්‍යාය පත්‍රයක් හෝ වැඩ පිළිවෙළක් නැති තමන්ට ලැබුණු හා ගිවිසුම්ගත ජනමතය පිළිබඳවද අවබෝධයක්ද නැති, එදිනෙදා තම කුඩා මනසට කවුරුන් හෝ ප්‍රකාශ කරන කරුණු කාරණා වලට අදාලව කටයුතු කරන ජන නායකයා බවට පත් විය. මාගේ පෞද්ගලික තක්සේරුව නම් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්වීම මේ රටේ අනාගතයට ඉතාම හොද තත්ත්වයකි. නමුත් ජනාධිපතිවරයා එම වාසිය රටට දිනා දීමට හැකියාවක් දැක්වූවාද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ට කයිරාටික ඇමතිවරු හා පාක්ෂිකයින් විසින් ජනාධිපතිතුමා අසරණ තත්ත්වයට පත්කර ඇති බව සත්‍ය කතාවයි. ජනාධිපතිතුමා විසින් පසුගිය කාලයේ ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කරන ලද කරුණු උඩ බලාගෙන කෙල ගසනවා වැනි තත්ත්වයකි. තමන් නායකත්වය දුන් ආණ්ඩුව මගින් සිදුවූවායැයි කියන අකටයුතුකම් පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරද්දී එය එක්සත් ජාතික පක්ෂයට හානීදායක වනවා සේම ජනාධිපතිතුමාගේ පෞද්ගලික ප්‍රතිරූපයටද විශාල හානියක් සිදු කරයි. සැබැවින්ම රාජපක්ෂවරුන්ටත්, එක්සත් ජාතික පක්ෂයටත් හොරා හොරා කියා ප්‍රකාශ කරද්දී එම වේදිකාවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බොහෝ දෙනෙකුටද දුෂණ චෝදනා තිබේ. ඒවා සුසිල් ප්‍රේමජයන්තගේ සිට දයාසිරි ජයසේකර දක්වා සියලුම දෙනාට අදාළය.
ජනාධිපතිතුමා රාජ්‍යතාන්ත්‍රිකයකුගේ සිට විහිළුකාරයෙකු බවට මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පත්කොට තිබේ. එතුමාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය අපිරිසිදු, අණක් ගුණක් නැති, කිසිවෙකුටත් පාලනයක් නැති තත්ත්වයකට පත්කොට තිබේ. පෙබරවාරි 10 වනදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ජනාධිපති තුමාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය හා එතුමා පසුගිය වසර තුන තුළ ජනවරමට අදාලව කටයුතු කළ ආකාරය පිළිබඳව තාර්කික අවසානයකට පැමිණෙනු ඇත. දැනට ලැබෙමින් පවතින ආරංචි අනුව ජනාධිපතිතුමාගේ ඉදිරි වසර දෙකක කාලය අර්බුද වලින් ගහන කාලයක් වන අතර එතුමාට එතුමා දිනාගන්නා ලද ජනවරමෙන් ව්‍යුක්ත පුද්ගලයකු බවට පත්වීම නොවැළැක්විය හැකිය. මේ අනුව අවසාන වශයෙන් කිවයුත්තේ ජනාධිපතිතුමා වපුරා ගත් දේ නෙළා ගනිමින් තිබෙන බවයි. එයට කිසිවෙකුත් වගකිව යුතු නොවේ.
*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි
max / January 29, 2018
Courtesy of FB
අසූව දශකයේ මුල් භාගයේ දිනක විශේෂඥ දොස්තර මහතෙකුගේ දියනියක් සාදයකට පැමිනියාය. අගනුවර පැවති මෙම සාදය නැටුම්, ගැයුම්,වැයුම්,වලින් පිරි සුපිරි සාදයක් විය. මෙම රූමත් දොස්තර දියණිය සාදය විචිත්‍රවත් කරමින් නැටුම් ගැයුම් වල නියලෙමින් උපරිමයෙන්ම සාදය රස වින්දාය.
සාදය අවසන් වී නිවසට යාමට සූදානම් වූ මේ රූමත් තරුණියව දාමරියෙක් ප්‍රමුක පිරිසක් විසින් පැහැර ගැනීමකට ලක් විය.
දාමරිකයා මුලු රාත්‍රියක් මුලුල්ලේම අදාල තරුණිය අමානුෂික ලෙස දූෂණය කලේය.
තරුනියගේ පියා රටේ නමගිය ප්‍රභූ අයෙකු නිසා දාමරිකයාට එරෙහිව මහාධිකරනයේ නඩුවක් විභාග විය.
තීන්දුව ප්‍රකාශ කරමින්, විත්තිකාර දාමරිකයා ඇමතූ විනිසුරුතුමා පැවසූයේ; “මේ නඩුවේ මට දිය හැකි උපරිම සිර දඩුවම වසර දහයයි, ඒ ගැන මං කනගාටු වෙනවා, මට ජීවිතාන්තය දක්වා තමාට සිර දඩුවම් ලබාදීමට නොහැකිවීම ගැන මං පසුතැවෙනවා” යනුවෙන් සදහන් කර විත්‍තිකාර දාමරිකයාට දස වසරක ඩිර දඩුවමක් ලබා දුනි.
මේ දාමරිකයා අන් කවරෙකුවත් නොව රනිල් වික්කමසිංහගේ සුවච කීකරු ගෝලයා වන කුප්‍රකට “ගෝනාවල සුනිල්”ය.
ගෝනාවල සුනිල්ට සිරගතවීමට සිදුවූයේ ඉතාම කෙටි කාලයකි. සුනිල්ගේ ස්වාමියාවූ රනිල් වික්කමසිංහ තම මාමාවූ විධායක ජනාධිපති J.R.ජයවර්ධන මගින් ජනාධිපති සමාවක් ලබාදී සුනිල්ව හිරෙන් නිදහස් කර ගන්නා ලදි.
මින් නොනැවනු රනිල් වික්කමසිංහ ගෝනාවල සුනිල්ට මුලු දිවයිනටම බලපාන සමදාන විනිශ්ච්‍යකාර තනතුරක්ද ලබා දෙන ලදි.
රනිල් වික්කමසිංහට තවත් හිතට හොද මදිය; ඩීඇස්, ඩඩ්ලි, ඊරියගොල්ල,එම්. ඩී. බංඩා වැනි කීර්තිමත් පුද්ගලියින්ගෙ පහස ලද UNPයේ ක්ෘත්‍යාධිකරණ මංඩලයට මේ ගෝනාවල සුනිල් පත් කරන ලදි.
රනිල් වික්කමසිංහ අධ්‍යාපන ඇමතිකාලයේ කොළඹ රාජකීයට දරුවෙකු ඇතුලු කිරීමට ගෝනාවල සුනිල්ගේ ලිපියක් අවශ්‍ය විය.
ගෝණාවල සුනිල් ඝාතනය වනවිටදී රාජකීය විදුහලට ලමුන් ඇතුලු කිරීමට ආ පියවරුන් දෙදෙනෙකුද මිය යන ලදි.
ගෝනාවල සුනිල් වරායේ සිට තෙල් පිරිපහදුව දක්වා තෙල් ගෙනයන නල මගින් හිල්කර මහාපරිමානයෙන් ඛණිජ තෙල් හොරකම් කරන ලදි. මින් ලද මුදල් වලින් විශාල කොටසක් ගියේ ස්වාමියාගේ ගිනිම් වලටයි.
අප පාසල් සිසුන් වශයෙන් ප්‍රතම වරට ආණ්ඩුවිරෝධි උද්ගෝෂනයක නියලුනේ රනිල් අධ්‍යාපන ඇමති ලෙස නිදහස් අධ්‍යාපන ඇමති ලෙස ගෙනා “අධ්‍යාපන ධවල පත්‍රිකාවට” විරුද්ධවයි.
“රනිල් ගොනා ගොනා ගොනා”
“ගොං පනතක් ගෙනා ගෙනා”
යනුවෙන් කුඩා පාසල් සිසුන් ලෙස අප සටන් පාඨ කිව්වා තවමත් මතකය.
මේ විරෝධතා මර්ධනයට කැළණි සරසවියට රනිල් වික්‍රසිංහගේ තවත් මැරයකු වූ ක්‍රිස්ටෝපර් නැමැත්තාව යවන ලදි. සිසුන් එල්ල කල ප්‍රහාරකින් ක්‍රිස්ටෝපර් මියගිය විට රනිල් වික්කමසිහ ක්‍රිස්ටෝපර්ගේ දේහයට නිල නොවන රාජ්‍ය ගෞරව ලබාදෙන ලදි.
බටලන්දේ පොහොර ගබඩා නිල නිවාස 88/89 භීෂන සමයේ වධකාගාර බවට පත්වූ බව කවුරුත් දන්නා රහසකි. තරුන කටයුතු ඇමතිවරයා ලෙස තරුන තරුනියන් දහස් ගන්නක් බටලන්ද වධකාගාරය හරහා අවසන් ගමන් ගිය වග කවුරුත් දන්නා සත්‍යකි. නීතිඥ විජේදාස ලියනාරච්චි මහතා තිරස්චීන වදබන්ධනයට ලක් කලේද මරා දැමුවේද උක්ත බටලන්ද වධකාගාරයේදීය.
රනිල් වික්කමසිංහ අගමැතිවූ පහුගිය වකවානුවේ නෝර්වේ හරහා ප්‍රභාකරන්ට ශ්‍රී ලංකාවේ ගොඩබිමින් 1/3කුත් මුහුදෙන් 2/3කුත් සින්නක්කරවම ලියා දීමට ගිවිසුම් ගැහුවත් රටේ වාසනාවට ඔහුට අගමැතිකම අහිමිවූ නිසා එය වැලකී ගියේය.
නමුත් ඔහුට එදා බැරිවූ දෙය අද ඉතාම හොදින් ක්‍රියාවේ යොදවමින් සිටී.
ECTA ගිවිසුමෙන් ඉංදියාවේ නිලනොලත් නවතම ප්‍රාන්තය බවට ලංකාව පත්කරන ගමන්ම, හම්බන්තොටින් අක්කර 15,000ක් චීනයට 99 අවුරුදු බද්දකට දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම A350 ගුවන් යානා පකිස්තානයට දී අති විශාල කොමිස් මුදලක් ලබා ගන්නා ලදි.
මහ බැංකු බැදුම්කර මගින් සිදුකල වංචාව ආසියාවේ විශාලම මූල්‍ය වංචාව වේ.
අවසාන වශයෙන් සදහන් කල යුත්තේ රනිල් වික්කමසිංහ නම් තක්කඩි දේශපාලකයා ගැන හොදටම දන්නා අපට, රනිල් ගැන කියාදීමට එන සැමටම අනුකම්පා කරන බව පමනි.
/
max / January 29, 2018
Bashing President and praising UNP and PM, by T. Wanniarachchi. Here, more about the praising PM. Courtesy of FB

Native Vedda / January 29, 2018
max
–
Why have you kept all these accusations against Ranil to yourself? Why haven’t you presented the list of accusation in English under appropriate news item?
–
/
max / January 30, 2018
Your wrong Native Vedda, these are not accusations but publicised facts. Known by many. No time. Otherwise I would have translated the same – as much as I can – for the benefit of you!
/
Champa / January 29, 2018
දේශපාලන රඟබිම දිහා බැලුවහම දේශපාලන අනාවැකි කියන්න හරිම ලේසියි. ජ්‍යොතිෂය ගැන දැන ගන්න ඕනෙම නැහැ.
රනිල් දැනටම ඊළඟ ඇම ලැස්ති කරගෙන ඉවරයි. සුපුරුදු පරිදි ඊළඟ ජනාධිපතිවරනේටත් රනිල් ඉදිරිපත් වෙන්නේ නැහැ. UNP, හොටු පොහොට්ටුව, JVP, TNA & Muslim පක්ෂ එකතු වෙලා එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා හොටු පොහොට්ටුවෙන්ම. ඊට පස්සේ එයා එයාගේ විධායක ජනාධිපතිකම ඇත්තටම අහෝසි කරගන්නයි සැලසුම. ඒ වුනාට එයා දිනන්නේ නැහැ. කොහොමද කියල කියන්න දැන්ම අවශ්‍ය නැහැ.
WW+NFF හැර JO එක කවදාවත් රනිල්ට එරෙහි නොවුණු එක ගැන මට දැන් පුදුම වෙන්න අවසර නැහැ. ඒ මොකොද හේතු එකින් එක මගේ ඇස පනාපිටම දකින්න ලැබෙන නිසා. රට පාවා දීපු රනිල් එක්ක හවුල් වෙලා එහෙම අපේක්ෂකයෙක් ආවොත් අනිවාර්යයෙන්ම මහපාරට ඇවිල්ල ඊට වැඩි බලයක් යොදලා ඒක නතර කරනවා. යොදන බලය මොකක්ද කියල දැන්ම කියන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථා දායක සභාවේ තාමත් ඉඳගෙන රනිල්ගෙ ෆෙඩරල් ව්‍යවස්ථාවට JO ඔක්සිජන් දුන්නේ මොකොද කියන එකත් හොඳටම පැහැදිලියි. මහින්ද හිත ඉන්නවා නම් එයාට දිගටම කේක් එක කන්න ලැබෙයි කියල ඒක වෙන්නෙත් නැහැ. ලැබෙයි හිතන්නවත් බැරි ඉතාම සුළු කාලෙකට. ඊට පස්සේ බලය ගන්නේ වෙන කෙනෙක්. MR will be forced to retire. Will all this happen? Nope. The destiny of the country is already written. Things will happen the exact way it meant to happen.
.
ITN එක ගැන චෝදනා වලට මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා කියලා කියනවා නම්, මහබැංකුව මංකොල්ල කාපු, 1989 තරුණයෝ 60,000ක මරණයට වගකිව යුතුයි කියල බටලන්ද වාර්තාව කියන රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරල විතරක් නෙමෙයි රටිනුත් පිටිවහල් කරන්න ඕනේ කියල මහින්ද කියන්නේ නැත්තේ ඇයි?
.
රනිල්ටයි මෛත්‍රීටයි දෙන්නටම වෙන විකල්පයක් නැහැ දෙමුහුන් ආණ්ඩුව 2020 වෙනකම් ගෙනියනවා ඇරෙන්න. ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ඉදිරියේ සිද්ධ වෙන්න පුළුවන් වැරදීම් නතර කරලා මෙතනින් එහාට රට බේරා ගන්න එක 2019 චන්දෙ වෙනකම්. UNP එකට අයිතියක් නැහැ ජනාධිපතිතුමා චන්දෙ මෙහෙයවන හැටි ගැන හරි කියන කරන දේ ගැන හරි විවේචනය කරන්න. දෙගොල්ල වෙනම චන්දෙ ඉල්ලන කොට මෙහෙම වෙන්න ඕනේ නැතුව බැහැනේ.
මට නම් මේ චන්දෙ ගැන කිසිම excitement එකක් නැහැ. එකක් පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයෝ හංගලා මිනිස්සුන්ව රවටල කරන මේ මිශ්‍ර චන්ද ක්‍රමයට මම විරුද්ධයි. විමල් විතරයි ජාතික නිදහස් පෙරමුණෙන් ඉල්ලන අපේක්ෂකයන්ව පෙන්වන්නේ. මිශ්‍ර ක්‍රමයට චන්දේ දෙනවා නම්, චන්ද දායකයන්ට චන්ද දෙකක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම එකක් මෙතන නැහැ. අනික ජාතිවාදී සීමා නිර්ණය වාර්තාවටත් මම විරුද්ධයි. තුන් වෙනි එක පළාත් පාලන සභික සංඛ්‍යාව දෙගුණයක් කරලා මහා බරක් ජනතාව පිට පටවපු එකටත් මම විරුද්ධයි. හතර වෙනි එක පළාත් පාලන ආයතන ඊළඟට පළාතේ දේශපාලන සභිකයාගේ හිතු මතේට වැඩ කරන තැනක් වෙන එකටත් පක්ෂය අනුව ගම බෙදෙන එකටත් විරුද්ධයි. මිශ්‍ර චන්ද ක්‍රමය තිබුණු එකට වඩා හොඳ නම් චන්ද වැරදි සිද්ධ වෙන්න බැහැ. දැනටම වැරදිකාරයො තුන්සිය ගානක්.
/