27 April, 2024

Blog

රාජාවරෝතියම් සම්බන්ධන් කෝ?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

මහ ඇමතිවරු විදුහල්පතින් ලවා වන්දවා ගනිති. පොලීසිය ඔළුව කුඩු වෙන්න වෙඩි තබා කොල්ලන් මරති. වංචා දූෂණ නිසා කොළඹ දේශපාලනය උණුසුම් වෙති. එහෙත් විපක්ෂ නායක දෙමළ ජාතික සංධානයේ නායක රාජාවරෝතියම් සම්බන්ධන් කණ් බිහිරි කරවන නින්දක .

ඔහු දෙමළ දේශපාලනයේ ජෙෂ්ඨ දේශපාලනඥයෙකි. බොහෝ ඇසූ පිරු තැන් ඇත්තෙකි. ලිබරල්වාදියෙකි. හිත මිතුරු සුහද මිනිසෙකි. මේ මිනිසා ශ්‍රී ලංකාවටම විපක්ෂ නායකයා . එහෙත් ඔහු හිතාගෙන වැඩ කරන්නේ  උතුරු හෝ නැගෙනහිර හෝ පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස . ඔහු ජාතික දේශපාලනයෙන් වියුක්තව සිටී.

මේ විවේචනය පෞද්ගලිකව රාජාවරෝතියම් සම්බන්ධන්ට අදාළ නොවේ. ඔහු වයෝව්‍යර්ධ  . නිතර වෙහෙස මහන්සි විය නොහැකිය. ඔහු ජේෂ්ඨ . එහෙත් ඔහුගේ දේශපාලනයේ නිහඩතාව දෙමළ ජාතික සංධානය විසින් වගකිව යුත්තකි.

දෙමළ ජාතික සංධානය එක්සත් ශ්‍රී ලංකාවක් සදහා විශිෂ්ට කාර්යභාරයක නිරත වෙමින් සිටී. සටන්කාමී දෙමළ ජාතික ව්‍යාපාරය ලෙයින් හා කදුළින් දිය කර දැමූ පසුව රික්තය පුරවාලන්නට ඉදිරියට ආවේ දෙමළ ජාතික සංධානයයි. වරෙක මවගේ තවත් වරෙක ස්වාමි පුරුෂයාගේ භූමිකාව එක්වර රගපෑමේ අසීරු රාජකාරිය ඊට පැවරී තිබුණි. අන්තවාදය ජාතිකවාදය එක්වර සමනය කරමින් ලිබරල්වාදීව දේශපාලනය කිරීම අති මහත් අසීරු කාර්යයකි. එහෙත් අසීරු කාර්යයට අත ගසමින් සිංහල දේශපාලනය හා දෙමළ දේශපාලනය ඒකාග්‍ර කර ගැනීමට ඔවුහු කටයුතු කළහ.

එහෙත් දෙමළ දේශපාලනය වලංගු වන්නේ උතුරු නැගෙනහිර භෞමිකයට පමණක් නොවේ. දේශපාලනය දකුණටත් වලංගු . අද ප්‍රතික්ශේප වී ඇතත් එදා දෙමළ ප්‍රදේශයන්හි එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ප්‍රබල ශක්තියක් තිබුණි. 1982 ජනාධිපතිවරණයේ දී දෙමළ අපේක්ෂකයකු සිටිය දී ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට බහුතර ඡන්දය ලැබුණි.  දේශපාලනය දෙමළ ජාතික සංධානයටත් වලංගු . ඔවුන් දකුණේ දේශපාලනය තුළ සිටිය යුතු . සටන් කළ යුතු .

නියෝජන දේශපාලනයක් සදහා සටන් කිරීම අනෙකකි. එහෙත් ජාතික දේශපාලන සංවාදයෙන් ඉවත්වීමට දෙමළ ජාතික සංධානයට අවසරයක් නොමැත. ඔවුන් ජාතික දේශපාලනයෙන් වියුක්ත වෙන්නට වෙන්නට මිත්‍රත්වයේ හස්තය ජාතිකත්වයන් දෙකෙන් වියෝවීම නොවැළැක්විය හැක්කකි. දැන හෝ නොදැන හෝ දෙමළ ජාතික සංධානය ප්‍රායෝගික සිදු කරමින් ඉන්නේ අගතිදායි ක්‍රියාවයි.

දකුණේ දේශපාලනයේ යම් යම් සිදුවීම් වල දී දෙමළ ජාතික සංධානය පුවත් පත් නිවේදන වලින් විරෝධතා දැක්විය. එහෙත් දේශපලාන ව්‍යාපාරයක් දේශපාලනය කළ යුත්තේ පුවත් පත් නිවේදනයන්ගෙන් නොවේ. ඔවුන් සක්‍රීයව ජාතික දේශපාලනයේ අවකාශයට ඇතුළු වී එහි රික්තය පුරවන්නට දායක විය යුතුය.

දකුණේ දේශපාලනය තුළ කොහොමත් පවතින්නේ රික්තයකි. ආණ්ඩුවේ දේශපාලනයට විපක්ෂයක් වන්නට ඒකාබද්ධ විපක්ෂයට නොහැකිය. සදහා ඔවුන්ට ආචාර ධාර්මික ශක්තියක් නොමැත. එනිසාම විපාක්ෂික දේශපාලනය තුළ ඔවුන් තාර්කික නොවේ.  වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ජහ ජරා වැඩ කරමින් පාලනය ගෙන ගිය කණ්ඩායමකට ස්වයං විවේචනයකින් තමන්ගේ වැරදි නිවැරදි කර ගන්නේ නැතිව පෙරා ඇගිල්ල දිගු කරන්නට කිසිම බාධාවක් නොමැත. එහෙත් ඇගිල්ල මගින් එල්ල කරන්නේ දේශපාලන අභියෝගයක් නොවේ. එය මහජන අවඥාවට හා උත්ප්‍රාසයට බුලත් දෙන ඇගිලි එසවීමකි.දෙමළ ජාතික සංධානය ජාතික දේශපාලනය තුළට පැමිණිය යුත්තේ මේ රික්තය පුරවාලීමට අවශ්‍ය අඩු දඩු සමග . ඌවේ මහ ඇමති මහ දවාලේ විදුහල්පතිවරයකු දණ ගැස්වීම මේ රටේ ආචාර ධාර්මික දේශපාලනයට අදාළ කරුණකි. කතරගම පොලීසිය තරුණයකුගේ ඔළුවටම වෙඩි තබා මරා දැමීම මිනිස් නිදහස සම්බන්ධ කරුණකි. වංචා දූෂණ හා හොරකම් සිදුවීම සමාජයේ නීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල තර්ජනයකි. මේ දේශපාලන ගැටළු දෙමළ ජාතික සංධානයට අදාළ නොවීම පුදුමයකි.

ජාතීන් අතර පාළම් තැනිය හැක්කේ අවබෝධයෙනි. ජාතීන් අතර පාලම් තැනිය හැක්කේ සහයෝගයෙනි. ජාතීන් අතර සන්නිවේදනය ඇති කළ හැක්කේ සබදතාවයෙනි. එහෙත් කිසිවක් දෙමළ ජාතික සංධානයට අදාළ නොවීම කුකුසකි.  උතුරේත් දකුණේත් ජාතීන් අතර අවබෝධය හා සහයෝගය ගොඩනැගිය හැක්කේ මිතුරුකමෙනි. මිතුරුකම ගොඩනැගෙන්නේ ආශ්‍රයෙනි. දෙමළ ජාතික සංධානය ආශ්‍රය මග හැරීම කනගාටුවකි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාවීම වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව සහයෝගීතාවේ කාර්යභාරයකි.  එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යම භූමිකාවකි. ඊටත් වඩා දෙමළ දේශපාලනය හා සිංහල දේශපාලනය එකිනෙකා හදුනා ගැනීම අනිවාර්යය. එහෙත් දෙමළ ජාතික සංධානයට දේශපාලනය අරහං .

දෙමළ දේශපාලනයේ මේ දිශානතිය භෞතිකව වෙනස් කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් . නිවට නියාලුව පීඩක රාජ්‍ය ඉදිරියේ දනින් වැටෙමින් සිටි දෙමළ විමුක්ති ව්‍යාපරය ජව සම්පන්න ලෙස නැගී සිටුවීමට ඔහු සමත් විය. මේ නිසා වේළුපිල්ලේ ප්‍රභාකරන් චරිතය සිංහල නායකයන්ගේ පමණක් නොව දෙමළ නායකයන්ගේ සිහින බොද කළේය. දෙමළ ප්‍රජාවට අසාධාරණයක් සිදුවී ඇති බව එය අමතක කළ නොහැකි බව නිසා සාධාරණ විසදුමකට යා යුතු බව සිංහල ප්‍රජාව තේරුම් ගත්තේ ඔහුගේ රුඩිකල් හා ජව සම්පන්න දේශපාලන ක්‍රියාකාරීත්වය නිසා . එපමණක් නොව දෙමළ ප්‍රති විරෝධය නොතකා සිටීමට සිංහල නායකයන්ට හා ආණ්ඩ‍‍‍ වලට පවා නොහැකි වුණි.

වෙල්ලාල වංශිකයන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ දෙමළ දේශපාලනය කාරියර් කුලයේ තරුණයන් අතට ගැනීමට මුල් වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් . නිසා කුල භේදය ප්‍රබල දෙමළ සමාජය තුළ පැවැති දේශපාලන සංස්කෘතිය වෙනස් වුණි. අවවරප්‍රසාධිත ජන කොටස් වලට අභිමානයෙන් හිස කෙළින් තබා ගැනීමට හැකිවුණි. සිංහල පාලකයන් හා අවස්ථාවාදී සම්මුතීන්ට පැමිණෙමින් ජනතාව පාවා දුන් දෙමළ නායකයන්ට තවදුරටත් ඔවුන් රුවටීමට නොහැකි විය.

වේළුපිල්ලේ ප්‍රභාකරන් දේශපාලන පියවර තැබූවේ ඔහුටම ආවේනික ක්‍රමෝපායන් මත . ඔහු තමන්ට එකග නොවන සියළු දෙනා අනුකම්පා විරහිතව විනාශ කළේය. ඔහුට අංශු මාත්‍රයකින් හෝ එරෙහි වූවා නම් එම විරුද්ධවාදියා විනාශ කිරීමට ප්‍රභාකරන්ට තිබූ උනන්දුව කෙතරම් කුරිරු යත් ලෝකයේ කිසිම සටන්කාමියකු තම විරුද්ධවාදීන් සම්බන්ධයෙන් එලෙස කටයුතු නොකරන්නට ඇති බව නො අනුමානය. එහෙත් ඔහු කෙතරම් ෆැසිස්ට්වාදී වුවද දෙමළ ජාතික ව්‍යාපාරය සමස්තයක් ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය තුළ ගොනු කර ගැනීමට ඔහු සමත් විය.

සටන්කාමී ව්‍යාපාරයක අඩුව පුරවන්නට දෙමළ ජාතික සංධානයට නොහැකි . එහෙත් දෙමළ ධනපති දේශපාලනයේ නියෝජිතයා වන්නට දෙමළ ජාතික ව්‍යාපාරයට හැකිය.  අවම වශයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය මුහුණ දී ඇති ධනපති අර්බූදය හෝ විසදා ගන්නට දකුණේ දේශපාලනයට ඔවුන් අවශ්‍ය . අතිමහත් කාර්යභාරය සපුරාලීමට රාජාවරෝතියම් සම්බන්ධන් නායකත්වය දෙන දෙමළ ජාතික සංධානයට හැකි විය යුතුය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Unfortunately, the so called Sinhalese, Buddhists do not treat or want Mr.Sambandan as the opposition leader. The ignorant majority Sinhalese, specially the fraudsters, crooks, money launderers war criminals and ‘Tzunami Thieves’, still worship the ‘Medamoosala Temple’. The wise get their work done mindfully. Only empty vessels make noice.

  • 0
    0

    අහිංසක දෙමල ජනයා වැරදි මාර්ගයට යොමු කලේ දෙමල දේශපාලකයෝ. අද ජාතින් අතර උදා වී ඇති තත්වය වැළැක්වීමට දේශපාලකයෝ කිසිවක් කලේ නැත. සිංහල පාලකයන් ජාතික ප්‍රශ්නය උග්‍ර වන ආකාරයටම තමයි ක්‍රියා කලේ. දෙමල දේශපාලකයන්ට ජාතික ප්‍රශ්නයට අමතරව වෙන දේශපාලන ආකල්පයක් නැති තරමටයි.
     
    සම්බන්ධන් කවමදාකවත් දෙමල දේශපාලනයට පටහැනි වෙන එක්සත් ශ්‍රීලංකා ජාතික දේශපාලනය කරන්න යන්නේ නෑ. සම්බන්දන් රට බෙදීමට සහය දුන් බව හෝ එකඟ වූ බවට සාක්ෂි ඇතිව ඔප්පු වී ඇත..

     1. In 2003 TNA leader Sampanthan has been photographed with LTTE’s Anton Balasingham and Tamilselvan
      2. Sambanthan has been photographed holding a poster claiming ‘Stop Genocide Against Tamils”

     

    It is my view that Sambanthan says one thing to the general Sri Lankan public, but does something completely different. He is continuously agitating and appealing to the international community and the UN to take action against Sri Lanka, without seeking to address the issues here. His real goal is to carve out a Tamil state here and rule it. This is an excerpt of one his speeches from 2012:

    “To put it more strongly, the international community must realize through its own experience, without us having to tell them, that the racist Sri Lankan government will never come forward and give political power to the Tamil people in a united Sri Lanka” 

     
    Sambanthan has asked the UN to recognize Tamils’ “Right to self-determination”. Right to self-determination for the Tamils relies sole on the distorted version of history where Tamils claim that they are indigenous and in the most obnoxious form of this claim all Sinhalese were Tamils at one time, all Sinhalese kings were Tamils etc. Eg. their claim that Devanampiyatissa was a Tamil!!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.