24 April, 2024

Blog

අකිල, මෑන් ඔෆ් ද ගේම්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනයට ඇති ඉතිහාසය වසර 2500කට වඩා පැරණිය. මිහිදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකරන ලද්දේ ඉන්දියාවෙන් සංස්කෘතියද ඒහා සැබැදුනු බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක්ද සහිතවයි. මෙම අධ්‍යාපනය යුගයෙන් යුගය පැවතෙමින් 1505 පෘතුග්‍රීසීන් ශ්‍රී ලංකාවට පැමිණීම දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෘතුග්‍රීසීන්ගේ ආගමනයත් සමඟම යුරෝපීය අධිරාජ්‍යවාදීන් ලෝකය පුරා ප්‍රචලිත කරමින් තිබූ ක්‍රිස්තියානි දර්ශනය පදනම් කරගත් අධ්‍යාපනයක් අපට උරුම විය. වසර 400කට වඩා අධික කාලයක් තිබූ යුරෝපීය පාලනය තුළ ශ්‍රී ලංකාවේ පන්සල කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයද, ප්‍රධාන යුරෝපීය ජාතීන් තුනක් විසින් විටින් විට හදුන්වා දෙන ලද මිෂනාරි හා නවීන අධ්‍යාපනයද, ඉන්දියානු හින්දු සම්ප්‍රදායෙන් පැවත එන ද්‍රවිඩ ජනතාවට ආවේනික ඉගැන්වීම්ද, ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව තිබුණි. දේශීය අධ්‍යාපනයේ ශක්තිමත් බව කොතෙක්ද යත් වසර 400ක යුරෝපීය පාලනයකින් පසුත් එයින් වසර 100කට වඩා කාලයක් තනිකරම බ්‍රිතාන්‍යයට යටත්ව තිබීයදීත් දේශීය වෙදකම, ස්වදේශීය භාෂා, ස්වදේශීය ආගම් හා කුල ක්‍රමය නිරුපද්දිතව පවතිනුයේ සමාජය තුළ මුල් බැසගෙන තිබූ මෙම දේශීය අධ්‍යාපනයේ ප්‍රබල බව නිසාවෙනි. මේ අනුව කිව යුත්තේ කෙතරම් අවශ්‍යතාවය තිබුණද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සීඝ්‍ර පරිවර්තනයකට ලක්කළ හැකි හෝ එය ප්‍රතිසංස්කරණය කිරීම ජනතාව ඉවසන එතරම් පහසු කටයුත්තක් නොවන බවයි. මේ නිසාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව ජනතාව කුපිත කිරීම, පෙළගැස්වීම ඉතාම පහසු කටයුත්තක් බව මාගේ හැගීමය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව යෑම ජාන ලක්ෂණයක් වන තරමට සංකීර්ණ සංසිද්ධියක් බවට පත්ව තිබේ. ඒ මතම යැපෙමින් දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයත් ඇතුළු සංවිධාන චිරාත් කාලයක් වැජබෙමින් තිබේ.

මෙවැනි සංදර්භයක් යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්තමාන ආණ්ඩුව යෝජනා කරමින් සිටී. වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා තනිකරම ශ්‍රී ලාංකික බහුතර ජනතාව ලබා ගන්නා අධ්‍යාපනයෙන්ම බිහිවූ ඇමතිවරයෙකි. එතුමාගේ පියා වයඹ විශ්වවිද්‍යාලයේ ප්‍රථම ලේඛකාධිවරයාය. අධ්‍යාපන ඇමතිවරයාගේ පවුලේ සියල්ලෝම පාහේ අධ්‍යාපනයට සම්බන්දය. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහලම නිලධාරියෙකු එක් සහෝදරියක් හා විවාහ වී සිටී. මේ අනුව ගත් කළ වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ජීවිතය පිරී ඇත්තේ, ඔහුගේ ලේ නහරවල ගමන් කරනුයේ ශ්‍රී ලංකික අධ්‍යාපනයේ රිද්මයයි. කොළඹ විශ්වවිද්‍යාලයේත්, විවෘත විශ්වවිද්‍යාලයේත්, ශ්‍රී ලංකා නීතී විද්‍යාලයේත් ආදි විද්‍යාර්ථියෙකු වන එතුමා උපත ලබා ඇත්තේ හා මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ  කුලියාපිටියේය. එබැවින් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ශ්‍රී ලංකා අධ්‍යාපනයේ දිග පළල අමුතුවෙන් කියාදිය යුතු නැත. ඔහු තද ස්ථාවරයක සිටිනුයේ මෙම අධ්‍යාපන ක්‍රමයේ ඇති විපරීත තත්ත්වය වහා ප්‍රතිසංස්කරණය කළ යුතු බවටය. ඒ සදහා ඔහුගේ අවංක කැපවීමක් තිබේ. ඒ කැපවීම තුල අමාත්‍යංශයේ නිලධාරීන්ගේ නුහුගුණ වලට එරෙහි අඛණ්ඩ අරගලයක්ද තිබේ. 

යහපාලන ආණ්ඩුව බලයට පත්වී ප්‍රථම දින 100 තුල රජය විසින් විශාල මුදලක් අධ්‍යාපනය සඳහා වෙන් කළද එම මුදල් නිර්මාණශීලී ලෙස වැය කිරීමට කිසිදු හැකියාවක් එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි නිලධාරී පැලන්තියට නොතිබුණි. තරුණ අධ්‍යාපන ඇමතිවරයා කෙරෙහි නිවැරදි තක්සේරුවක් නොතිබූ එම නිලධාරීන් අති විශාල ප්‍රතිශතයක් කිසිදු නිර්මාණශීලී කටයුත්තකට ඉඩකඩ නොතියා වහාම එම මුදල් භාණ්ඩාගාරයට නැවත හරවා යැවීමට කටයුතු කළේය. අලුත් ඇමතිවරයාට අමාත්‍යංශයේ කටයුතු එකලාසයක් කරගැනීමට දින 100කට වඩා ගිය බව මාගේ හැඟීමයි. එසේ තිබියදීත් රටපුරා පාසල් වලට තට්ටු තුනේ නව ගොඩනැගිලි ලබා දෙමින් ඉඩකඩ සැලැකිය යුතු ප්‍රමාණයකින් විසදීමට හැකි විය. එසේම නිල ඇදුම් ලබාදීමට රජය විසින් වසරකට රුපියල් බිලියන 7ක් පමණ වියදම් කරන අතර එම මුදලින් විශාල මුදලක් කොමිස් ලෙස කාගේ හෝ සාක්කුවකට ගිය බවත්, බාල වර්ගයේ රෙදිපිලි දරුවන්ට ලබාදුන් බව මුලු ලංකාවම දන්නා රහසකි. මෙම දූෂිත ක්‍රමය වෙනස් කොට දරුවන්ට වව්චර් ලබාදීම මඟින් රුපියල් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් රජයට ඉතිරිවූ අතර වවුචර් ක්‍රමයට විරුද්ධව ආ විරෝධයට මුදල් සම්පාදනය කරන ලද්දේ එම දූෂිත කල්ලිය විසිනි. එම කුමන්ත්‍රණයට මුහුණදී පරාජය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකිවිය. දැන් දරුවන්ට තමන් කැමති නිල ඇදුමක් ලබා ගැනීමේ හැකියාව ලැබුණි. එමඟින් රජයේ විශාල මුදලක් ග්‍රාමීය රෙදි පිලි ව්‍යාපාරිකයින් අතර බෙදී යෑම මඟින් රටේ ආර්ථිකයටද විශාල වාසිදායක බලපෑමක් සිදුවේ. විශේෂයෙන් කාගේ හෝ සාක්කුවට ගිය මුදල නැවත රටට ඉතිරි විය. 

අධ්‍යාපන ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට පත්වූ දා සිට ධනවතුන්, බලවතුන් හා දූෂිතයින් විසින් පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමට තිබූ ඉඩකඩ අහෝසීකර දැම්මේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද රටපුරා සියලුම මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාලවලට දෙමාපියන් තුළ විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ. ළඟම පාසල හොදම පාසල සංකල්පය යටතේ තරඟ විභාග වලින් තෝරාගත් නව විදුහල්පතිවරු 5000ක්, අධ්‍යාපන පරිපාලන විභාගය සමත් විදුහල්පතිවරුන් 800ක් හා ගුරුවරු දස දහසක් බදවාගෙන තිබේ. රට පුරාම පාසල් ව්‍යාපෘති 18000 මේ මොහොතේ ක්‍රියාත්මකය. එකම දිනක පාසල් 200ක ගොඩනැගිලි හා තාක්ෂණ විද්‍යාගාර මුළු රටම ආවරණය වන පරිදි ආරම්භ කළේය. එසේම අමාත්‍යාංශයේ පුනරාවර්ථන වියදම් ඉහළ දමමින් පාසල් තුළ යටිතතල පහසුකම් නඟාසිටුවීමේ විශාල වැඩසටහනක් ක්‍රියාත්මක වේ. පසුගිය වසර හතර තුල නව වැසිකිලි පද්ධතියක් ලබා නොදුන් පාසලක් නොමැති තරම්ය. එසේම ලංකාවේ ඇති සියලුම පාසල්වලට පාසලකට රුපියල් මිලියන 2ක බැගින්  ලබාදී නව ජාල පද්ධතීන් ලබාදෙනු ලැබීය. ජනාධිපතිවරයාගේ දැඩි බාධාකිරීම් මධ්‍යයේ වුවද සුරක්ෂා රක්ෂණය හා ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. එසේම නව අංග සම්පුර්ණ පාසල් සෑම පළාතක්ම ආවරණය වන පරිදි අරඹා නාගරික පාසල් තදබදය වලක්වා ඇති අතර ඒ සදහා ඔහුගේ නම යොදා නොගැනීමට තරම් ශිලාචාර වී ඇත.

ළමයින්ගෙන් පිරිසිදු කිරීම් කටයුතු කළ යුගය අවසන් කොට සෑම පාසලකටම කම්කරුවන් ලබාදුනි. අද මුරකරුවන්ගේ හා කම්කරුවන්ගේ වැටුප් ගෙවීමට ළමුන්ගෙන් මුදල් ඉල්ලා පාසලෙන් පණිවිඩ ගෙදරට එන්නේ නැත. ළඟම පාසල හොදම පාසල සංකල්පය යටතේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හොදම ප්‍රතිඵල වලින් 80%කට වඩා ඇත්තේ ඈත ගම්දනවුවල කුඩා පාසල්වලය. එය කෙසේ වුවත් ශිෂ්‍යත්ව විභාගය අවලංගු කිරීම හා දරුවන්ගේ මානසිකත්වය ඉහළ නැංවීම පිළිබඳව අමාත්‍යාංශය සලකා බලමින් සිටී. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරණ ලද බොහෝ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල මේ වසරේ සිට මේ රටේ ජනතාවට ලැබෙනු ඇත. විශේෂයෙන් විෂය මාලා සංවර්ධනයෙන් සිදුකරන ලද වෙනස්කම් ලංකාවේ ශ්‍රම හමුදාවේ සංයුතියට විශාල බලපෑමක් කරනු ඇත. අනාගතයේ ත්‍රීවීල් නවත්වන ස්ථානවල රස්තියාදු ගහන තරුණයන් වෙනුවට වෘත්තීය හැකියාවකින් යුත් තරුණයින් පාසල්වලින් බිහිවනු ඇත. ආකල්පවල විශාල වෙනසක් සිදුවේ. දහතුන් වසරක අනිවාර්ය අධ්‍යාපනය රටේ ශ්‍රම බලකාය විදේශ වෙළද පොළට සුදානම් කරනු ඇත. රැකියා පිළිබද රටේ ආකල්ප වෙනස් කිරීම අවසානයේ අකිල ඇමතිවරයා අජරාමර නිවන් සැප ලබන කාරණාවක් වේ. එය මහත් පින් ලබන පින්කමකි.

ඔහුගේ බොරු ආටෝප නැත. අනවශ්‍ය ප්‍රචාර නැත. ජාත්‍යන්තරය සමගද සම්බන්දය. අලුත් දැනුමට ඔහුගේ හිස නැඹුරුය. නාස්තිය දුෂණය වහකදුරුය. රහතන් වහන්සේලාත් දුෂණයට නාස්තියට යොමු කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු කිරීම ඇමති වරයාට සැබෑ අභියෝගයක් බව මගේ හැගීමයි. මේ සියල්ල ඔහු කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් වරයා ලෙස පක්ෂයද ජයග්‍රහණයට යොමු කරමිනි. දින පනස් දෙකේ කුමන්ත්‍රණයේදී ඔහුගේ නායකත්වය හොදින් පෙනිණි. ඔහු ගොඩනැගු වේදිකාවේ හෝ සටනේ තිරයෙන් පිටුපස කකුලෙන් අදිමින් සිටි නායකයින් මිනිසුන් ඉදිරියේ වීරයන් වෙත්දී ඔහු දැක්වූ ඉවසීම අරුම පුදුමය. අකිල ඇමති වරයා මේ මොහොතේ පක්ෂයේත් රටේත් සාර්ථකම නායකයාදැයි වරෙක මට සිතේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    2

    අකිල විරාජ් ඇමති වරයා විසින් අධ්‍යාපන ක්ෂේස්ත්‍රය තුල ඇති කර ඇති බලවත් වියවුලට විරුද්දව ලඟ එන දැඩි ප්‍රතිරෝදය මැඩපැවත්වීමට ගත් ඉතා දුර්වල උත්සාහයක්.

  • 2
    1

    ඔබේ ඇමතිතුමා පාසල්වලට ළමුන් ඇතුළත් කරන්න ලැයිස්තු ඒහෙම ‌‌දීලා නැද්ද කියා ඒතුමාගෙන් ම අහන්න. කුලියට ලියන විට සීමාවක් තියා ගන්න. නැති නම් හදන්න බැරි විදියට තමන්ගෙ නම පීචන් ‌ෙවෙනවා.

  • 0
    0

    Will the education ministry for the indirect advertisments of Akila viraj Kariawasam. Why schools need to be advertised. Parents do not know that ? Advertising agency even has used a person with the voice similar to that of akila viraj Kariawasam. People say Akila Viraj Kariawasam got Money from rohingyas to admit children to Galkissa schools. those kids were their temporarily until they move to USA to build the Block votes against Myanmar.

    • 0
      0

      I missed the word PAY.

      Many schools do not have water and toilets I hear. suddenly during the last year of the govt do everything.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.