
පසුගිය දා නිමාවට පත් වූ ඔස්කා සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ඊජිප්තු සම්භවයක් සහිත ඇමරිකානු නළුවෙකු වන රමී මලෙක් විසිනු යි. ඔහු රඟපෑ චිත්‍රපටය වන්නේ ජනප්‍රිය ගායකයෙක් වන Freddy Mercury ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කෙරුණු “Bohemian Rhapsody” නම් චිත්‍රපටයයි. මෙම චරිතයෙහි විශේෂත්වය වන්නේ ෆ්‍රෙඩී මර්කරි යනු සමරිසි පුද්ගලයෙක් වීමයි.
ඇත්ත වශයෙන්ම සිතුවොත් සමරිසි ලිංගික චර්යාවක් සහිත වීම සුවිශේෂී තත්ත්වයක්ද? එය සමාජය විසින් බැහැර කල යුතු, පිටු දැකිය යුතු තත්ත්වයක් ද? මෙය ඇබ්බැහියක්ද? ලෝකයේ සමරිසි ප්‍රජාව නොහොත් LGBTQ+ Community ගැන ඇති ආකල්පය කොතරම් දුරට සාධාරණ ද?
කෙනෙකුගේ ලිංගික දිශානතිය මූලිකවම තීරණය වන්නේ මොළයේ හයිපොතැලමස තිබෙන කොටසකින් බව සඳහන්. කළල අවධියේ දී මේ කොටස අදාළ හෝමෝන වලට අඩුවැඩි වශයෙන් නිරාවරණය වීම තුල ඇතිවන වෙනස්කම් වැඩුණු පසු ලිංගික දිශානතීන් තීරණය කරනු ලබයි. එසේ වීමේදි මෙය මානසික රෝගයක් හෝ විකෘති ඇබ්බැහියක් ලෙස සමාජය දකින්නේ ඇයි?
සමරිසි භාවය කිසිසේත්ම මානසික රෝගයක් නොවේ. එනයින් එය මනෝචිකිත්සක ප්‍රතිකාර මගින් හෝ වෙනත් කිසිදු ක්‍රමයකින් වෙනස් කල නොහැකි බව බටහිර මනෝවිද්‍යාවේ මූලිකම ආයතන මගින් පවා පිලිගෙන තිබෙනවා.
මිනිසුන් ජාතිවාදී හෝ ආගම්වාදීන් ලෙස බෙදෙන්නේ උපතින් පසු ඔවුන් වෙත පවරනු ලබන ආකල්ප වලට ඇබ්බැහි වීම තුල දී වන අතර සමාජය ඒ පිලිබඳව විරෝධාකල්ප දක්වනු කොතැන හෝ දැකිය හැකිද? එසේ නම් උපතේ සිටම රැගෙන එන චර්යා රටාවන්ට මෙතරම් බිය වන්නේ ඇයි?
ලෝකයේ බොහෝ රටවල්, අසල්වාසී ඉන්දියාවද ඇතුලුව මේ වනවිට සමරිසිභාවය නීතිගත කර ඇතිමුත් අප රට මේ සඳහා මෙතරම් පසුගාමී වන්නේ මන්ද? අතීතයේ සිට මේ දක්වා ම ආගමික ආයතන තුල සමරිසිභාවය පවතින බව නොරහසක්. එමෙන්ම දෙස් විදෙස් බොහෝ ජනප්‍රිය පුද්ගලයන් ද සමරිසියන් බව සුප්‍රකට කරුණක්. අප රටේ ද ජාතිය ආගම වෙනුවෙන් පුරාතනයේ හඬ නැගූ සුවිශේෂී බ්‍රහ්මචාරී පුද්ගලයෙකු සමරිසියකු බවට මූලාශ්‍ර ඇති බවද බොහෝ දෙනා දන්න කරුණක්.
•ලෝකයේ අන් රටවල් රැසම මෙන් ශ්‍රීලංකාවේද ඇති දැඩි ඍණාත්මක ප්‍රවනතාවක් වනුයේ තමාට නුහුරු, වෙනස් සියලු ම දෑ නරක හෝ වැරදි දෑ යැයි කියා පිටුදැකීමට තරම් වැඩුණු බුද්ධියෙන් යුත් පුද්ගලයන් බොහෝමයක් මෙහි වාසය කිරීමයි. මෙහි ආසන්නතම සිදුවීම වශයෙන් රටේ පලමු පුරවැසියා පසුගිය වකවානුවේ ප්‍රසිද්ධ වේදිකාවක “සමනලුන්” පිලිබඳව සිදු කෙරූ විග්‍රහය ගත හැක. පලමු පුද්ගලයාගේ දැක්ම එය නම් බහුතර රට වැසියා සිටින්නේ කොතනද? මෙය කොතරම් සාධාරණ ද? මානුෂීයද?
සැබැවින්ම ලිංගිකත්වය නැතිනම් sexuality හෝ sexual orientation යනු කුමක්ද? ලංකාවේ මේ පිලිබඳ බහුල අදහස වන්නේ විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය වීම විෂමරිසි භාවය, පිරිමි පිරිමි ආකර්ෂණය හෝ කාන්තාවන්ට කාන්තාවන් ආකර්ෂණය හෝමෝසෙක්ෂුවල්, සමරිසිභාවය (homosexual) නමුත් ලිංගික දිශානතීන් තියෙන්නේ මෙපමණද?
බයිසෙක්ෂුවල් (bisexual)
මෙයින් අදහස් වන්නේ කෙනෙක් ගැහැණු හෝ පිරිමි දෙකොටසටම ආකර්ෂණය වන අය යන්නයි.
පැන්සෙක්ෂුවල් (pansexual)
මෙහි දී ලිංගික අනන්‍යතාවය ගැටලුවක් කර නොගෙන ආකර්ෂණය වීම වනු ලබයි. සිස්ජෙන්ඩ [cisgender] සහ සංක්‍රාන්ති සමජභාවීය [transgender] කාන්තාවන් සහ පිරිමින්, සහ ඉන්ටෙර්සෙක්ස් [intersex] පුද්ගලයන් සමග මෙවැන්නන්ට ලිංගික හැඟීම් ඇතිවිය හැකියි.
ඇසෙක්ෂුවල් (asexual)
මේ පුද්ගලයන් කිසිදු ආකාරයක අයෙක් හා රාගයෙන් වෙලෙන්නට අකමැත්තක් දක්වන විරාගී අයවලුන් වෙනවා.
ඩෙමිසෙක්ෂුවල් (demisexual)
මෙය සුවිශේෂී වන්නේ මෙවන් අය ලිංගික ආකර්ෂණය වනු ලබන්නේ තමා හා ගැඹුරු හැඟීම්බර සම්බන්ධතාවක් ඇති අයවලුන් සමඟ පමණක් වීමය. මෙවැන්නන් කිසිදු අයුරකින් නාඳුනනා හෝ පිටස්තරයන් හා ලිංගික ආකර්ෂණයෙන් බැඳෙන්නේ නෑ.
ඉහත සඳහන් වනවාට අමතරව තවත් වර්ගීකරණ කිහිපයක් ඇත. මා මේ කරුණු ගෙන හැර දැක්වුවේ බොහෝ සුලභව දැකීමට හැකි වර්ගීකරණ මේවා වන බැවිනි.
ඔබ මේ කරුණු කියැවීමේදී දැනටමත් සිතනවා ඇති ඔබ ඔබගේ ලිංගිකත්ව නැඹුරුව හෝ sexual orientation පිළිබඳව නියමාකාරයෙන් දැන සිටියාද යන්න. එසේනම් අන් අයෙකුගේ උපතින් එන තත්ත්වයට විරෝධාකල්ප දැක්වීමට අපට අයිතියක් තිබේද?
සංක්‍රාන්තික සමාජභාවීය පුද්ගලයන්ට උසුළු විසුළු කරන අයට එම සිදුවීම ජීව විද්‍යාත්මක සිදුවීමක් ලෙස දැකිය නොහැක්කේ කුමන කරුණක් නිසා ද? සමාජයේ විෂමරිසි යැයි තමන් කියා ගන්නා අයවලුන්ට සමරිසි වීම හෝ වෙනත් නැඹුරුවක් ඇති අය දෙස මෙතරම් බියජනක ලෙස බැලීම නැවතිය නොහැකිද?
සමහර “LGBTQ+” ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවා තම සමීපතමයෙකු සමරිසියෙකු යැයි හඳුනාගත් විට අපහසුතාවයට පත් විය යුතු ද?
බොහෝ සමරිසි පුද්ගලයන් තමාගේ අනන්‍යතාවය ලොවෙන් වසන් කර හිඳින්නේ සමාජයෙන් එල්ලවන මේ දරුණු හිංසාකාරීත්වය නිසාම නොවන්නේද? මා හා මේ පිලිබඳව කතා කල සමරිසි පුද්ගලයෙකු පැවසුවේ “සමහරුන් මගෙන් අහනවා මම මගේ පෙම්වතිය හා ලිංගිකව එක්වන්නේ කොහොමද කියලා නමුත් ඔබෙන් පෙම්වතෙක් සමඟ එක් වන්නේ කොහොමද කියා කිසිවෙක් විමසනවාද?” යනුවෙන්. මෙය මා අතිශය ලැජ්ජාවට පත් වූ කරුණක් වූවේ මන්ද මා විසින් ද ඉහත පැනය වරක් විමසා ඇති බව සිහිවීමෙන්.
ඉතිං අප සියලු මිනිසුන් සමාන ලෙස සිතිය යුතු නොවේ ද?
සමරිසි වේවා, විෂමරිසි වේවා, එසේ නැතහොත් සංක්‍රාන්ති සමාජභාවීය හෝ ඉන්‍ටර්සෙක්ස් (intersex) වේවා ලොවට වරදක් නොකරන, සමාජයට නපුරක් නොකරන පුද්ගලයන් හට ඔවුන්ගේ අනන්‍යතාවය සමග අභිමානයෙන් ජීවත් වීමට හැකි සමාජයක් බිහි කිරීමට උත්සහ දැරිය යුතු නොවන්නේද? මන්ද අද මොවුන්ට විරුද්ධව නැගී සිටින ඔබට හෙට ඔබේ සමීපතමයෙකු හෝ ඔබේ දරුවෙකු මෙවැනි නැඹුරුතාවයකට පත් වුවොත් අද ඔබගේ හැසිරීම ගැන එදිනට පසුතැවීමට සිදුවේවි.
දියුණු රටවල සමරිසි බව නීතිගත වන්නේ ඒ පිලිබඳ නිවැරදි අධ්‍යනයකින් දැනුවත් වීමෙන් පසුව වන අතර ලාංකාවේද එම තත්ත්වය ඇති කිරීමට නම් මූලිකවම නිවැරදි දැනුවත් බවක් ප්‍රජාවට ලබා දිය යුතුයි. එය සමාජය වෙනුවෙන් විය යුතු යුතුකමක් ලෙස සැලකිය හැකිය. එසේ වුවහොත් තව පරම්පරා කිහිපයකට පසුව හෝ ලංකාවේද සමරිසි ප්‍රජාවට නිදහසේ විසිය හැකිවනු ඇත.
සමරිසි, විෂම, සංක්‍රාන්ති සමාජභාවීය හා අනිකුත් සියලු මනුෂ්‍යයිනි ඔබගේ අනන්‍යතාවය වෙනුවෙන් හඬ නගන්න. සටන් කරන්න !!!
සුජිත සිරි කුමාර / March 2, 2019
අපි දන්නා විදියට අහලා තිබෙන විදියට වසර දස දහස් ගණනක ඉතිහාසයේ සිටම දරුවන් ඉපදෙන්නේ ගැහැණු හා පිරිමි විදියටයි. කලාතුරකින් ඊට වෙනස් විදියට දරුවන් ඉපදුනත් ඒ තත්වය සාමාන්‍ය තත්වයක් ලෙස සැලකෙන්නේ නෑ. දරුවන් ලැබීම හෙවත් තම වර්ගයා පවත්වා ගෙන යාම සිදු වන්නේත් ගැහැණු හා පිරිමින් අතර ඇති වන ලිංගික සම්බන්ධතා තුලින් පමණයි. මිනිසුන් පමණක් නොව සතුන් අතරේත් තත්වය මෙසේමයි. අපි අස්වාභාවික තත්වයකට පත් වුනාම ඒක ස්වභාවික තත්වයකට හරවා ගැනීමට වෑයම් කරනවා වෙනුවට ඒ තත්වය ස්වභාවික තත්වයක් ලෙස පෙන්වීමට වෑයම් කිරීම හරිද?
/
Sandya Fonseka / March 3, 2019
ඔබ දන්නා තරම පුළුල් කොට ගතයුතු හෝරාව එලැඹ ඇත. ලොව නන්විධ සමාජභාව ඇත. Indigeous gender identities පිළිබඳව කියවා දැන ගන්න. පූද්ගලයෙක් සංක්‍රාන්ති සමාජභාවීය වීම ඇයට හෝ ඔහුට සිය reprodutive rights අත්විඳීමට ප්‍රශ්නයක් නොවේ. අනික් කරැන නම් මෙම නන්විධ සමාජභාව චිරාත් කාලයක් තිසසේ ලොව දසදෙස පැවතීමයි. පටු ආකල්ප වලින් ඔබ්බට ගොස් ලොව දෙස බලන්න.
/
Sujitha Siri Kumara / March 4, 2019
ඔබගේ අවවාදයට ෙබාහොම ස්තූතියි. මම ඒ නොදන්නා කරුණු ගැන කියවා බලන්නම්. මම ඇත්තටම ඒ තරම් උගත් බුද්ධිමත් කෙනෙකු නොවෙයි. හැබැයි ඔබ හා මම මොනවා ලිව්වත් මොනවා කියෙවුවත් මොන විදියට හැසුරුනත් ස්වභාව ධර්මය කියා දෙයක් ලෝකයේ තිබෙනවා. ඒ සොබා දහමට අනුව දරුවෙකු ඉපදීමට ගැහැණියක හා පිරිමියෙකු අතර සම්බන්ධයක් අවශ්‍ය වෙනවා. ලෝකය ඉදිරියට පවතින්නේ මේ සත්‍යය මතයි. ඔබගේ පුලුල් දැනුමෙන් හෝ බුද්ධියෙන් මේ සත්යය වෙනස් කරන්න බැහැ. ඒ ගැන සැකයක් තිබෙනවා නම් වැඩිදුර යන්න අවශ්‍ය නැහැ. ඔෙබ් මව හෝ පියාගෙන් මේක ගැන අහලා බලන්න.
සමහර විට දරුවන් ඉපදෙනවා අතක් පයක් නැතිව. අන්ධව බිහිරිව. අපි ඔවුනුත් මිනිස් දරුවන් ලෙස පිළි ගන්නවා. භාර ගන්නවා. ගරුත්වයෙන් සලකනවා. ජීවත් වෙන්නත් ඔවුන්ට සහාය දෙනවා. හැබැයි අපි පිළිගන්නවා සාමාන්‍යයෙන් මිනිහෙකුට අත් දෙකක් කකුල් දෙකක් තියෙන්න ඔන. ඇස් පේන්න කන් ඇහෙන්න ඔන කියලා. ඒකට තමයි සොබා දහම කියන්නේ. තවමත් දරුවෙකු ඉපදුනාම අපි අහන්නේ පුතෙක්ද දුවෙකුද කියලා නේද? ලෝකයේ හැම රටකම උප්පැන්න සහතිකවල ලියලා තියෙන්නේ ගැහැණු පිරිමි කියන දෙවර්ගය නේද? ලෝකයේ ප්‍රකෝටි සංඛ්‍යාත මිනිසුන්ට වැරදිලා ද ඒහෙම ලියලා තියෙන්නේ? සොබාදහම වෙනස් කරන්න, විකෘති කරන්න යන අයට පැවැත්මක් නැහැ.
/