29 November, 2023

Blog

2020ට රෝස මලක්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

ලංකාවේ ඉතිහාසය තුල සිංහලයාගේ ආරම්භය පිළිබද පුරාවෘත්ත දෙකක් තිබේ. එකක් වන්නේ මහාවංශය කියන පරිදි සිංහබාහු හා සුප්පා දේවිය විසින් වංග දේශයේ සිට ලංකාවට පිටුවහල් කරන විජය නමැති ඔවුන්ගේ වැඩිමහල් කුමාරයා විසින් දේශීය යක්ෂ ගෝත්‍රික කුවේණියට ආලයක් පා ඇගේ ප්‍රේමය දිනාගෙන එය මත පදනම්ව, ඇගේ සහයෝගය ඇතිව කුවේණියගේ වර්ගයා පරදවා තම්බපන්නියේ මල්වතු ගගට දකුණින් (වර්තමානයේ විල්පත්තු වනාන්තරය) ගොඩනගා ගත් රාජධානියයි. එම රාජධානිය සිංහල ජනතාවගේ ආරම්භය හා ප්‍රථම සිංහල රාජ්‍ය ලෙස මහාවංශ කතුවරයා කියයි.

අනෙක් කතාව වන්නේ ඉන්දියානු රාමායනයේ එන රාම රාවණා හා සීතාගේ පෙම් පලහිලවුවයි. මෙහිදී රාම හා ඔහුගේ සහෝදර ලක්ෂමන සමග යුදවැදී සීතා පැහැරගෙන රාවණ විසින් ලංකාවට ගෙන එයි. එහිදී රාවණ හා සීතාගේ ප්‍රේමයත් මතින් සිංහල ජාතිය උපන් බව ලංකාවේ එක් ජාතිකවාදී කණ්ඩායමක් විශ්වාස කරයි. ලංකාවේ කෝනේෂ්වරන් කෝවිල වෙන් වී ඇත්තේ රාවණ වෙනුවෙනි. රාවණ යනු ලාංකික දෙමල, සිංහල සියලුම දෙනාගේ වීරයකි. වැඩියෙන් සීතාට ආදරය කරන ලද්දේ රාමද, රාවණද යන්න විමසන විවාද තරගයක්ද මේ ලියුම්කරු අසා තිබේ. ඉන් අදහස් වන්නේ මේ අන්දරය ලාංකික ජන සමාජය තුල හොදින් පැල පදියම් වී තිබෙන බවයි.

මේ කතා දෙක තුලින්ම අපට එක්තරා ආකාරයක ඉගියක් ලබාදෙයි. එනම් බලයට හා දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය පෙන්වා දීමටය. ලෝකයේ වැඩියෙන්ම ගීත ලියවී ඇත්තේ ප්‍රේමය පාදක කරගෙනය. සංගීතය නිර්මාණය වී ඇත්තේ ප්‍රේමය වෙනුවෙනි. සමාජයේ කුඩාම හා බහුලම සමාජ ආයතනය වන පවුල පවතින්නේ ප්‍රේමය මතය. මෙවන් තත්ත්වයක් තුල වසර දහස් ගනනකට පෙර සිංහල ජාතියේ ආරම්භය පිළිබද ජනප්‍රවාද ප්‍රේමය මුසු කොට ගොඩනැගීම ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා පටයක් මෙන් වෙතැයි මට සිතේ. ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා කෘතිය තුල ඇති ප්‍රධානතම තේමාව වන්නේ ප්‍රේමය හා ලිංගිකත්වය මත පදනම්ව මිනිස් සිත් තුල ඇතිවන රසායනික වෙනස්කම් වලින් ඔවුන්ගේ හැසිරීමට වන බලපෑම පිළිබදව වූ ෆැන්ටසියකි. නමුත් කළු කුමාර දෝෂය ලංකාවේ ගම්වල රූමත් කාන්තාවන්ට වැළදෙන බහුල මානසික ව්‍යාධියකි. විශේෂයෙන් රූමත් බව නිසාම දෙමාපියන්ගේ හෝ සැමියාගේ අධික රැකවල් යොදා පරිස්සම් කිරීමත්, එම නිසාම ආදරය හා ලිංගිකත්වය අඩුපාඩුව නිසාම එවැනි කාන්තාවන්ට ඇතිවන මානසික වියවුල නැතිනම් බිදවැටීම මෙම කළු කුමාර දෝෂය කියා හදුන්වයි. එම සිනමා පටයේදී කළු කුමාරයා ප්‍රේමය අබියසදී පරාජය වෙයි. නමුත් ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික තත්ත්වය මත මෙම පෙම් යුවලට ඔවුන්ගේ ප්‍රේමය සාක්ෂාත් කරගැනීමට නොලැබෙන අතර අවසානයේදී ඔවුන් නැවත හමුවන තුරු ප්‍රේමය නොමැරී සිත් තුල පවතී.

හතරවන ප්‍රේමය පිළිබද මගේ කතාව වන්නේ 19 වන සියවසේ එංගලන්තයේ රජකම් කල වික්ටෝරිය රැජින සම්බන්ධයෙනි. ලෝකයේ අද පවතින් පවුල් සංස්ථාව ගොඩනගන ලද්දේ එම රැජින විසිනි. එනම් ප්‍රථම වතාවට උපත් මරණ හා විවාහ ලියාපදිංචි කොට පවත්වාගෙන යාමත්, එසේම පවුල නමැති සමාජ ඒකකයට අවශ්‍ය ආචාරධර්ම පද්ධතිය ගොඩනැගුවේත් එම රැජිනියගේ කාලයේය. නමුත් ඇය විවාහවී සිටි ඇල්බට් කුමරුට අමතරව මුල් කාලයේදී ලෝර්ඩ් මෙල්බරෝන් සමගත්, ඇල්බට් හා මෙල්බරෝන් මියගිය පසු අබ්දුල් නමැති තමන්ගේ සේවකයෙකු සමගත් ගැඹුරු පෙම් සබදතාවයක් පවත්වාගෙන ගියේය. ඉන්දියාව, අප්‍රිකාව මෙන් සුරාකන ලද මහද්වීපයක් බවට පත් නොවුනේ රැජිනගේ හා අබ්දුල්ගේ පෙම් පලහිලුව නිසා ඇයට ඉන්දියාව කෙරෙහි වූ කැමැත්ත නිසා බව ඉතිහාසඥයෝ කියති.

මා මෙම ප්‍රේම කතාවන් හතරම කියන ලද්දේ එක කාරණයක් පැහැදිලි කිරිමටය. එනම් දේශපාලනයේදීත්, කලාවේදීත්, ඉතිහාසයේදීත්, ජතිකත්වයේදීත් ප්‍රේමය කෙතරම් බලගතු සාධකයක්ද යන්න පැහැදිලි කිරීමටය. ඒ අනුව 2020 දී එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද පාර්ශ්වය මගින් උත්කර්ෂයට පත්කොට ඉදිරිපත් කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂගේ ආදරය දිනු අපේක්ෂකාවියකි. ඇය ශිරන්ති රාජපක්ෂයි. රාජපක්ෂවරුන්ගේ අභ්‍යන්තර ප්‍රේම සමාගම විසින් එය සාදරයෙන් පිලිගනු ලබන අතර ඔවුන්ගේ දේශපාලනයේ මූලික පදනම වන නාමල් රාජපක්ෂ හා අනෙකුත් මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මහින්ද තුල ඇති ප්‍රේමය 2020 අපේක්ෂකයා තෝරා ගැනීමේ මුලික හේතුවයි.

ශිරන්ති රාජපක්ෂ අපේක්ෂකයා වූ විට එය සාධාරණය කිරීමට ඉදිරිපත් කරනු ලබන හේතු, ප්‍රබන්ධ, විශ්වාසකරන ඒ මත යැපෙන ජාතියක් වශයෙන් ඔවුන්ගේ පිලේ අය ඒවා ඉතා පහසුවෙන් පිළිගනු ඇත. 2020 දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට මුහුණදීමට සිදුවනුයේ බල අරගලයකට නොව ප්‍රේම අරගලයකටය. එය ඉතිහාසයේ සිදු වුවාක් මෙන් ජනප්‍රවාදයට යන කාරණයක් වනු ඇත. එනම් ජාතියක හරි අඩක බලාපොරොත්තු ප්‍රේමය වෙනුවෙන් පාවා දුන් නායකයෙකු හෝ කණ්ඩායමක් ලෙස රාජපක්ෂවරු ඉතිහාස ගතවනු ඇත. වහලුන් නිදහස ලබන්නේ එදිනටය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    CT. Has gone BOKERS oR Suffering from aTOTAL AMNESIA.
    I THOUGHT THE MODE HERE ON CT ONLY ENGILISE!!!!

    • 0
      0

      This is CT’s Sinhala forum which is heartily welcomed by everybody. The English forum is under Home.

    • 0
      0

      Analyst

      You have logged in to Sinhala version.
      You should have brushed your teeth and wash your face before even touched the computer.

  • 0
    0

    ……. වන්නේ 19 වන සියවසේ එංගලන්තයේ රජකම් කල වික්ටෝරිය රැජින සම්බන්ධයෙනි. ලෝකයේ අද පවතින් පවුල් සංස්ථාව ගොඩනගන ලද්දේ එම රැජින විසිනි. එනම් ප්‍රථම වතාවට උපත් මරණ හා විවාහ ලියාපදිංචි කොට පවත්වාගෙන යාමත්, එසේම පවුල නමැති සමාජ ඒකකයට අවශ්‍ය ආචාරධර්ම පද්ධතිය ගොඩනැගුවේත් එම රැජිනියගේ කාලයේය.
    Before this era Islam has established so called system including administration and many more… please refer Greek and Roman and Arabic civilisations.

  • 0
    0

    තුෂාර මේ කියන කතාවට තව කෑල්ලක් එකතු කරානම් කතාව සම්පූර්ණයි.
    “2020 දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට මුහුණදීමට සිදුවනුයේ බල අරගලයකට නොව ප්‍රේම අරගලයකටය. එය ඉතිහාසයේ සිදු වුවාක් මෙන් ජනප්‍රවාදයට යන කාරණයක් වනු ඇත.”
    .
    2020 මෙම අරගලයේදී එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන්ම පරාජය වෙනවාමය. ඒ මොකොද කිව්වා නම්, වෙනත් කිසි වැඩක්ද බැරි සහ නොදන්නා සේම එක්සත් ජාතික පක්ෂයට ප්‍රේම කරන්නටද දන්නේ නැති නිසාය.

  • 0
    0

    පවුල් සංස්ථාව ‌‌‌පිහිටුවුනේ කතෝලික සභාව විසිනි. ‌පවුල් සංස්ථාව ක්‍රිස්තු වර්ෂවල ආරම්භය දක්වා දිව යන්නකි වික්ටෝරියා රැජින ඒය 19 ශත වර්ෂයේ ආරම්භ කළ බව පැවසීම හාස්‍යජනකය.ඔබට යම් කාරණයක් ඔප්පු කරන්නට අවශ්‍ය වූ විට ඔබ රටේ නැති විකාර අදහස් ඊට ගැටගසා ඒය ඔප්පු කරන්නට හදනවා. ‌ඔබ ලිපි ලියන්නේ ‌කවර ‌ෙදේශපාලකයා සතුටු කරන්නද?

  • 0
    1

    Thuhara: Queen victoria was the Head of the Anglican church. How did she establish this “Family corporation” for the Catholic church. Your title Additiona Secretary to some ministry is missing. did anything happen ?. IF Shranthis goin gto contest the presidential elelction how she will get money. From the GEM trade of DAISY Archchi ? So people will not ask about it, her LTTE – GOLD trade business, why she was angry with Thajudeen and her NAtional Identity card of 22222222222222222.
    What kind of ploy is this ?

    • 0
      0

      JD
      Leave Shiranthi Rajapaksa alone. It is not fair. If you have anything, take it out on Mahinda. (Sorry Mr. former President. But you are tough. You can take anything.)

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.