
ලංකාව ඉන්දියානු සාගරයේ පැරණිතම දේශයයි. ඉන්දියාවට දකුණින් පිහිටා තිබිමත් සමකයට ආසන්න නිසාවෙන් ඇල, දොළ, ගංගා සහිත සාරවත් පසකින් යුතු මහපොළවත් ඇති බැවින් වසර දහස් ගණනක් පැරණි ඉන්දියානු උරුමය සහිත සංස්කෘතියත්, වසර 400කට වඩා වැඩි කාලයක් යටත් විජිතයක් ලෙස යුරෝපියන්ගෙන් පාලනය වීම නිසා ගොඩනැගුනු සිතුම් පැතුම් පද්ධතියකින් යුතු ජනතාවක් වෙසෙන මේ දේශය හා එහි ඇති සියලුම දෑ දේශපාලකයින්ගේ හා නිලධාරී පැලැන්තියේ හිරකරුවන් බවට පත් වී තිබේ.
පසුගිය දින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා මිලියන 20 ක් ඉන්දියානු ආයෝජකයෙකුගෙන් අල්ලස් ලෙස ලබා ගනිද්දී අත්අඩංගුවට පත් විය. අපි මේ රටේ දේශපාලකයින්ගේ වංචා දුෂණ පිළිබඳව ඕනෑ තරම් කතා කොට තිබේ. නමුත් නිදහසින් පසු ගෙවුණු දසක හත තුල නිලධාරීන් විසින් මේ රටට කරනා ලද හානිය පිළිබඳ විධිමත්ව සාකච්ඡාකොට නැත්තේය. ගමේ ගොඩේ දෙමාපියන්ගේ දරුවෝ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබන්නේ නම් දක්ෂතා දක්වන්නේ නම් ඔවුන්ට රැකියාවක් ලෙස තෝරා ගන්නා ලෙස නෑදෑයින්, ගුරුවරුන් යෝජනා කරනු ලබන රැකියා ලැයිස්තුවක් තිබේ. එම රැකියා අද රටේ වැඩිම ඉල්ලුමක් සහිත රැකියාවන්ය. ඒවා නම් රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු හා අදායම් බදු දෙපාර්තමේන්තුව, වරාය, ගුවන් තොටුපොල, විදුලිබල හා බලශක්ති, දොස්තර රස්සාව. මෙම රැකියාවන් වල යෙදෙන්නන්ගේ වැටුප් සැබෑ ලෙසම රුපියල් ලක්ෂයකට අඩුය. නමුත් රට පුරා ඔවුන් ඉදිකොට ඇති නිවාස, යාන වාහන වල වටිනාකම කෝටි ගණනකි. එමෙන්ම පක්ෂයක් බලයට පත් වූ විගස එහි දේශපාලන නායකයින්ට විශාල මුදල් හා අනිකුත් වරප්රසාදලබා දී ආණ්ඩුවේ ප්‍රධාන හා ආර්ථික වශයෙන් වැදගත් තනතුරුවලට පත්වන නිලධාරී පැලැන්තියක්ද සිටී. ඔවුන් එම තනතුරු වලට ඕනෑම ආණ්ඩුවක් යටතේ පත් වන අතර යහමින් මුදල් ඉපයීමත්, එම මුදල් අවශ්‍යම අවස්ථාවේ වියදම් කිරීමත් හොඳින් ප්‍රගුණ කල අය වෙති. ඉහත දැක්වූ කිසිදු රැකියාවකින් එම රැකියාවල නිරතව ඉන්නා අය උපයා ඇති ධනය නීතියානුකූලව උපාය ගත නොහැකිය. හොරකම හා වංචාව එම ආයතන වල සංස්කෘතියයි. ඒ වෙනුවෙන් ඔවුන් විසින්ම එම ආයතන තුළ උප සංස්කෘතීන් ගොඩනගාගෙන තිබේ. අයථා ලෙස මුදල් ඉපයීම ඔවුන්ට වරදක් ලෙස නොපෙනෙන අතර සාධාරන ලෙස යමෙක් රැකියාවක් කරන්නේ නම් ඔහු දුර්වල, ලෙස ඔවුන් හඳුන්වයි. මේ මුළු රටේම දරු දැරියෝ මහන්සිවී ඉගෙනගෙන ඉහත රැකියාවලට පත්වීමට උත්සාහ කරනුයේ හොරකම් කිරීමටය. එසේ කොට ධනවතුන් වීමටය. මෙය අවාසනාවන්ත තත්වයක් නොවන්නේද? එසේම පසුගිය වසර තුන තුළ මේ තත්වය ඉතා සීග්රහයෙන් ඉහළ ගිය බව මගේ හැඟීමයි. විශේෂයෙන් ජනවාරි 8 වැනි දා මේ රටේ ජනතාව යහපාලන ආණ්ඩුවට බලය ලබා දෙනු ලැබුවේ දේශපාලකයින්ගේ තිබු දුෂණයට වංචාවට තිත තැබීමටය.
නමුත් වර්තමාන රජය පත් වූ පසු සාපේක්ෂව දේශපාලකයින් ආණ්ඩුව තුළ දුර්වලවූ අතර ඔවුන් ඔවුන්ගේ මූලික කාර්ය කොටස වූ නීති සම්පාදනයට මූලිකත්වය දී කටයුතු කළයුතු තැනකට තල්ලු විය. එම නිසා ම රටේ නිලධාරී පැළැන්තිය ශක්තිමත් විය. එම ශක්තිමත් වීම ග්‍රාම නිලධාරිගේ සිට රටේ ඉහළ ම නිළධාරියා දක්වා සිදු වූ අතර එම නිසාම ඔවුන් අතර වංචාව දූෂණය උඩු දුවන තත්වයක් ඇති විය.
මෙම තත්වය එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පැන නැගී එය නොසන්සුන් බවටද හේතුවක් බව කනින් කොනින් අසන්නට ලැබේ. විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලනයට දැඩි ලෙස බලපානු ලබන ප්‍රාදේශීය ලේකම්වරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ දුෂණ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු සමාජිකයින්ට හා සංවිධායකයින්ට තදින් බලපා ඇති බව ඔවුන් හා කතා බහේදී හෙළි වෙයි. විශේෂයෙන් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වලදී කොන්ත්‍රාත් ලබාදීමේදී නිලධාරීන් තමන්ගේ හිතවතුන්ට ලබාදීම මගින් දේශපාලන අධිකාරිය කොන්කිරීම හා දුෂණයන් වැලැක්වීම වෙනුවට නිලධාරීන් ඕසෙට දුෂණයේ යෙදෙමින් ආණ්ඩු පක්ෂයේ දේශපාලන නියෝජිතයාට කෝචොක් දැමිම නිසාවෙන් ඔවුන් ආණ්ඩුවේ නායකත්වයට අභියෝග කිරීමට පවා පෙළඹී තිබේ. දේශපාලකයින් කුමන තත්ත්වයක් යටතේ වූව ද ජනතාවට වගකිව යුතු අතර එසේ නොවන්නේ නම් ඉදිරි මැතිවරණයක දී ඔවුන්ට පරාජයකින් වන්දි ගෙවීමට සිදු වන්නේය. නමුත් නිලධාරින් එසේ නොවන අතර ඔහු කෙලින්ම ජනතාවට වග නොකියන අතර ඔවුන් වගකිව යුතු ආයතන සියල්ලේම සිටිනුයේ ඔවුන්ගේ ම රැහේ නිලධාරින් ය. ඔවුන් අර්බුධයක් පැමිණි සෑම අවස්ථාවකම තම රැහේ කෙනා බේරා ගනී. ඒ සඳහා මිතුරු සම්බන්ධයක් හෝ ගුරු ගෝල සම්බන්ධයක් ගොඩනගා ගැනීමට ඔවුන්ට එතරම් කාලයක් ගත නොවේ. මෙම තත්වය වසංගතයක් ලෙස ආණ්ඩුව තුළ බෝ වී ඇති අතර නිලධාරින් ශක්තිමත් වී තිබේ. නමුත් වරද වන්නේ අකාර්යක්ෂම නිලධාරින්ට ලංකාව වැනි අර්බුධවලින් ගහන රටක කටයුතු පාලනය කිරීමට හැකියාවක් තිබේ ද යන්නය. එබැවින් දේශපාලන අධිකාරිය නැවත ශක්තිමත් කිරීම අනිවාර්ය කොන්දේසියක් වන අතර ඒ වෙනුවෙන් ජනවරමක් ද ආණ්ඩුවට ලැබී තිබේ. ඒ පළාත් පාලන මැතිවරණයේ ප්ර්ථිපලයෙන්ය.
Jim softy / May 8, 2018
some where it says, Itis Ranil who ordered CIABOC to spy on it. So, Ranil was setting up Maithripala sirisena.
/