26 April, 2024

Blog

රාජපක්ෂලාට ඕනේ වොරන් බෆට් වගේ වෙන්න

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

තුන්වැනි ලෝකයේ රටවල් එදිනෙදා මුහුණදෙන බොහෝ ගැටළු වලට එක් හෙතුවක්නම් එම රටවල ආයතන පද්ධතිය හා සමාජය අධික ලෙස දුෂණය වී තිබීමයි. එය ලෝකයේ දියුණු බටහිර රටවල් කිහිපයක් හැරුණුකොට සෑම සමාජයකම පාහේ වසංගතයක් ලෙස පැතිර ගොස් තිබේ. ඇතැම් රටවල් කොයිතරම් දුෂිතද යත් එම රටවල් පාලනය කරනුයේ මාෆියා කණ්ඩායම් විසිනි. විශේෂයෙන් අප්‍රිකානු රටවල් හා ලතින් ඇමරිකානු රටවල් එහි පෙරමුණ ගනී. දූෂණය මුල් කොටගෙනම විනාශ වූ රටවල් දෙකක් වන්නේ වැනිසියුලාව හා හයිටියයි. මෙම රටවල් දෙකෙහිම ඇත්තේ අරාජික තත්ත්වයකි. මේවායේ නීතියාණුකූල ආණ්ඩුවක් නැත. හයි හස්තිය ඇති අය එම සමාජය මංකොල්ලා කමින් තිබේ. විශේෂයෙන් අධික තෙල් සම්පතින් අනූන වැනිසියුලාවේ අද තෙල් පොළොවෙන් මතු පිටට ගැනීමටද නොහැකිය. එයට හේතුව අතරමැදි රාජ්‍ය යාන්ත්‍රණයේ හා සේවකයින්ගේ කප්පම ගෙවූ පසු තෙල් මිල ලෝක වෙළද පොලට වඩා විසි ගුණයකින් පමණ ඉහල යාමයි. එසේම රජයේ කටයුතු සදහා සම්බන්ධීකරණයක් පවත්වා ගත නොහැකි අතර රට නැවතී තිබේ. නීත්‍යාණූකුල ආණ්ඩු දෙකක් ඇති අතර ශේෂ්ඨාධිකරණ දෙකක් තිබේ. නමුත් රටේ වතුර නැත. විදුලිය නැත. කෑම නැත. සියල්ල මාෆියාකරුවන්ට යට වී තිබේ. කොටින්ම අර්තාපල් කිලෝවක් ගැනීමට මුදල් නෝට්ටු කිලෝ කිහිපයක් දෙන තරමට උද්දමනය ඉහල ගොස් තිබේ.

නමුත් ආසියාවේ තත්ත්වය එතරම්ම අයහපත් නොවේ. මන්දයත් යුරෝපීය පාලකයින්ගෙන් ආසියානු සමාජය, සමාජ ආයතන පවත්වාගෙන යා යුතු ආකාරයත් ඒවාට ගරු කිරීමටත්, බියවීමටත් ඉගෙනගත් අතර නීතියේ ආධිපත්‍ය හා එහි ප්‍රතිඵල ගැන අවබෝධයක් තිබේ. එම නිසාම රාජ්‍ය හා ආණ්ඩුකරණය දෙස ගැඹුරින් බැලීමටත්, එය අපගේ සමාජයේ බරපතල කාරණාවක් බවටත් පිලිගැනීමක් තිබේ. එමනිසා එළිපිට දූෂණයේ හා වංචාවේ යෙදීමට බියක් දක්වයි. ඉදහිට කවුරුන් හෝ එය එළිපිට කරන්නේනම්, ඒ අපරාධකාරයෙකි .

එමනිසා ලංකාවේ දේශපාලකයෝ, නිලධාරීන් මෙන්ම පොදු ජනතාවද වංචාව, දුෂණය, රාජ්‍ය දේපල අයුතු පරිහරණය බරපතල වරදක් ලෙස සැලකුවේය. එය කවුරුන් හෝ සිදුකරන්නේනම්, සිදුකරන ලද්දේ හොරෙනි. වැනිසියුලාවේ මෙන් එළිපිට එවැනි දෑ සිදුනොවිණි. කවුරුන් හෝ එවැනි කටයුතුවල යෙදුනිනම් කනින් කොනින් මිනිසුන් ඉතා වේගයෙන් තොරතුරු ලබා ගත් අතර රහසක් ලෙස රැකීම ඉතා අපහසු විය. සමහර අවස්ථාවල එවැනි හත් මුතු පරම්පරාවල්ම එම අපහාසයෙන් මිදුනේ නැත. අනිත් අතින් එවැනි කටයුතුවල යෙදෙන්නන්ගේ බලාපොරොත්තුව වූයේ එසේ උපයන අයුතු ධනයෙන් දරුවන්ට ඉගැන්වීම ඉඩමක් කඩමක් ගැනීම, කොළඹ හෝ ගමේ ගෙයක් සෑදීම, වාහනයක් ගැනීම වැනි ප්‍රාථමික කාරණාය. රාජපක්ෂවරු බලයට පත්වනතුරු ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ අයුතු ධනවතුන් නොවීය. දේශපාලකයෝ හෝ නිලධාරීන් මුහුදු හතක එහා ධන කුවේරයන් වීමට උත්සහ නොකළේය. ලංකාවේ අයුතු ලෙස ධනවත් වූ බොහෝ දෙනා සාපෙක්ශව බටහිරදී හෝ ඇමරිකාවේදී සාමාන්‍ය හුදී ජනයාය. මන්ද එම ධනය එම රටවලදී සොච්චමකි. අනිත් අතින් රට තුළ සොරකම් කිරීමට තරම් ධනයක් නොවුනි. එනම් තේ, පොල්, රබර් විකුණා උපයන ලද ධනය ඇගලුම් හෝ පිටරට වැඩකරන කාන්තාවන්ගේ ධනය හැරුණු කොට ලංකාව ඉතාම අඩු බදු අදායම් සහිත කුඩා ආර්ථිකයක් හිමිව තිබු රටකි. රාජපක්ෂලා බලයට පත්වීමට ප්‍රථම ලංකාවේ සිදුකල විශාල වැඩසටහන මහවැලි වැඩසටහනයි. එයින් ධනවත් වූ බොහෝ ඉංජිනේරුවෝ හා දේශපාලකයෝ අදද දුම්රිය බස් වල ගමන් බිමන් යනවා අපට හමු වී තිබේ. අවසානයේ ඔවුන්ට උරුම වුයේ හොදින් ඉගනගත්, බොහෝ විට පිටරට දරුවන් හා විශාල ගෙවල් පමණි.

නමුත් 2005 වර්ශයේදී රාජපක්ෂවරු බලයට පත් වූ පසු මෙම තත්ත්වය වෙනස් වුයේ විදුලි වේගයෙනි. ලංකාවේ තිබූ හම්බ කරන් කාපු ආර්ථිකය චීන ගිනි පොලි ණය මත යැපෙන ආර්ථිකයක් බවට පත් කළේය. චීන ණය ආර්ථිකයේ ප්‍රමාණය විශාල කළ අතර රට අභ්‍යන්තරයට  ණය ලෙස ධනය ගලා ආවේය. රටේ නිලධාරීන් ආයතන හා නීති රීති ක්‍රමවේදයන් සියල්ල චීන ණය ලබා ගැනීමට අදාළ ලෙස ලිහිල් විය. ඊට සාපේක්ෂකව රාජපක්ෂවරු රටේ සියලුම මර්මස්ථාන තම  නෑ පරපුරෙන් පුරවනු ලැබීය. ඒ බොහෝ දෙනාගේ නිජ බිම වූයේ ඇමෙරිකා එක්ස්ත් ජනපදයයි. අප දන්නා කියන ජාලිය, ගොඨාභය, බැසිල්, වීරතුංගට අමතරව නොදන්නා බොහෝ රාජපක්ෂ නෑසියන් රාජ්‍ය යාන්ත්‍රණයේ හැමතැනම විය. විශේෂයෙන් සියලුම ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයන්හී බලවතුන් මෙන්ම අවශේෂයන් වූයේද රාජපක්ෂ නෑදෑයන් හෝ ඔවුන්ගේ අත වැසියන්ය.

ඔවුන්ගේ ෆැන්ටසීන් වෙනස්ය. ඔවුන්ට ධනවත් වීම යනු ලංකාවේ ග්‍රාමීය උගතුන්ගේ නිලධාරීන්ගේ හා දේශපාලකයින්ගේ අර්ථයෙන් මෙන් ගෙවල් සෑදීම, කාර් ගැනීමේ අර්ථයෙන් එහාට ගිය විශාල වැඩසටහනකි. ඔවුන්ගේ ලෝකයේ ධනවතුන් වුයේ බිල් ගේට්ස්, වොරන් බෆාටා, ටිගර් වුඩ්ය. ඩොලර් බිලියන ගණනින් යුතු ගුවන් යානා කිහිපයක් හිමි නැව් ගෙදර පිටුපස මිදුලට එන ලුවී විටෝන්, අදින පළදින රියදුරන් ඉන්න ධනවතුන්ය. එවැනි ධනවතුන්ට ඇමෙරිකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල අක්කර ලක්ෂයේ ඉඩම් කඩම් ඇති අතර ඒවායේ සත්ත්ව පාලනය කරනුයේ නිදහසේය. එනම ලංකාවේ කැලෑවල වල් උරන් හැදෙනා ආකාරයටය. ඉතින් රාජපක්ෂ රෙජීමයේ සියලුමදෙනාට අවශ්‍ය වුයේ එවැනි දධනවතුන් වීමටය. ඔවුන් මුදල් හොරකන් කරන ලද්දේ එසේ වීමටය. ඔවුන්ගේ සියල්ල තිබුනේ ඇමෙරිකාවේය. ලංකාව ඔවුන්ගේ ගොදුරු බිමයි. නැතිනම් රස්සාව කරපු තැනයි.‍

රටේ ආර්ථිකයට හා සමාජයට මෙම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ අතර අද අප මුහුණ දෙන අමාරුකම් එහි ප්‍රතිඵලය. එම පාලනය තුළ ඉහල අයට වොරන් බෆට් මෙන් ධනවතුන් වීමට අවශ්‍ය වූ අතර පහලම අයට කොළඹ ධනපතියන් වීමට අවශ්‍ය විය. එම රාජ්‍ය පාලනයේ අරමුණ වූයේ තරගයට රෙජීමයේ සියලුමදෙනාම ධනවත් වීමය. ධනවත් වීම යනු එකල බලවත් බවේ සංකේතයයි.

එම පාලන කාලය ලංකාවේ සියලුම දක්ෂයින් හොරු බවට පත් කල අතර රට හපයක් විය. රාජපක්ෂවරු සියල්ලම පාහේ වොරන් බෆට් මෙන් හෝ ඒ ආසන්නයටම ආවේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    3

    මොකක්ද හලෝ මේ ලිපියේ තේරුම? කියැව්වටත් ණයයි. අපරාදේ මගේ කාලේ. දැන් මේ 2019 අප්‍රේල් මාසේ. මේ නැවත නැවත කියන්නේ 2015 මුල කියපුවමනේ. යූඑන්පිය ආපස්සට යන්නේ මොකොද? මඟ වැහිලා ගිහින් හින්දද?
    ලොක්කට කියන්න අර ඇමරිකාවත් එක්ක අත්සන් කරන්න යන SOFA ගිවිසුමයි ACSA ගිවිසුමයි අත්සන් කරොත් බලාගෙනයි කියලා. මම නම් කාගෙන්වත් පලිගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි ඕක කලොත් නම් අනිවාර්යයෙන්ම 2015 කරපු රට පාවාදීම් ඔක්කොම අල්ලලා අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ රනිල්ව.
    අර Jeff Smith ගේ Backgrounder එකේ මෙන්න මෙහෙම තියෙනවා
    Quote:
    “Prioritize the completion of new SOFA and ACSA agreements. Washington and Colombo are in the process of upgrading a SOFA first signed in the mid-1990s. The two sides hoped to have the agreement completed before January 2019 but were unable to reach terms in time. They are also negotiating an updated ACSA agreement. Prime Minister Wickremesinghe is reportedly a supporter of both agreements, and the Sri Lankan military is currently reviewing the technical details.” Unquote”
    විමල් ඔය දැක්කද මේක? The Heritage Foundation එකේ analysts පිරිසක් 2018 ඔක්තෝබර් ලංකාවට ඇවිල්ල ඉහළ දේශපාලකයන් සහ හමුදාව මුණගැහුනලු. වැඩේ මෛත්‍රී දන්නේ නැහැ කියන එක කීයටවත් වෙන්න බැහැ. රට නැති බංගස්තාන කරලා එයා වෙන රටකට යන්න යයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.