25 April, 2024

Blog

මධූෂාගේ ලිංගිකත්වය සිල්ලරට ගැනීම

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය දෙසතිය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවූ ප්‍රධානතම සිදුවීම වූයේ නාමයෝජනා සකස් කිරිමේ අර්බුදයයි. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට රට තුළ ඇතිව තිබූ දැඩි ඉල්ලුම හමුවේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ විශාල අරගලයක නිරත වන්නට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද, පොදුජන පෙරමුණටද මෙම අර්බුදය නිතැතින්ම හිමිව තිබුණි.

එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට අනිකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මුහුණ දීමට සිදුවූ විශාලතම අරගලයේ වූයේ නියමිත පරිදි ප්‍රතිශතයට කාන්තා අපේක්ෂකයින් ලැයිස්තුවලට ඇතුළත් කරගැනීමයි. මන්දයත් ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය ව්‍යවස්ථාවෙන් පළාත් පාලන පනතේ ඉදිරිපත් කර ඇති 25% සීමාවට වඩා බොහෝ අඩුවෙන් පැවතීම නිසාවෙන් 25% ක් කාන්තා අපේක්ෂකයින් ලයිස්තුවට ඇතුලත් කරගැනීම සියලුම පක්ෂ වලට අභියෝගයක් වී තිබුණි. නමුත් මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ තුළ කාන්තා දේශපාලන සහභාගීත්වය විශාල ඉහළ අගයක පැවතීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට කාන්තා අපේක්ෂකයන් තෝරා ගැනීමේ අර්බුදයක් නොපැවතුණි. කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඉහල යාම මෙම මැතිවරණයෙන් පසු ලංකාවේ දේශපාලනය තුළ දැකිය හැකි විශාල ලක්ෂණයක් වනු ඇත. මන්ද යත් සියලුම පළාත් පාලන ආයතන වල 25% කට වඩා වැඩි ප්‍රමාණයක් කාන්තා නියෝජනය අනිවාර්යයෙන් තිබිය යුතු අතර එමෙන්ම නාම යෝජනා සකස් කිරිම ආරම්භයේදීම කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉතාම අසුබ දායක පුවතක් පොහොට්ටු පක්ෂය පැත්තෙන් ඇසීමට ලැබුණේය.

එනම් මධූෂා රාමසිංහ නම් රංගන ශිල්පිණිය චෝදනා කර සිටියේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලා සිටියදීම එම පක්ෂයේ නිලධාරීන් විසින් නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලූ බවයි. එම තත්ත්වය ඇය විසින් මැතිවරණ කොමසාරිස්වරයාටත්, ජනමාධ්‍යයටත් පැමිණිලි කර සිටියේය. එය රට තුළ එතරම් අවධානයකට ලක් නොවුණ ද එම තත්ත්වය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද යත් රටේ කාන්තා දේශපාලන සහභාගීත්වයේ විශාල අඩුවක් පවතිනුයේ දේශපාලනයට කාන්තාවන් පිවිසීමට දක්වන බිය හා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිසාවෙනි.

මධූෂා රාමසිංහ රංගන ශිල්පිණියක් වූ පමණින් හෝ ඇයගේ චරිතය සම්බන්ධයෙන් පූර්ව නිගමනයන් තිබූ පලියට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමට කිසිදු පිරිමියකුට අයිතියක් නැතුවා සේම විශේෂයෙන් වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවට ලක්වීම මේ රටේ ජනතාව බරපතළ ලෙස සැලකිය යුතු කාරණයකි. මධූෂා රාමසිංහගේ ලිංගික අල්ලස් සිද්ධිය මේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ආයතන හා වෙබ් අඩවි විශේෂ අවධානයකට ලක් නොකොට අතහැර දැම්මේය. එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යනු මගේ හැඟීමයි. මෙම සිද්ධිය බටහිර සීලාචාර රටක සිදු වූයේ නම් එය එම දේශපාලන පක්ෂයේ ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමට සිදුවන හෝ එම දේශපාලන පක්ෂයේ ඡන්ද පදනම මුළුමනින්ම හෝ අඩක් (අඩුම තරමින් කාන්තා ඡන්ද) අහිමි වීමේ අවදානමට ලක්වන තරම් බරපතළ සිද්ධියක් හෝ චෝදනාවක් වේ.

නමුත් මෙම ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍යවල, වෙබ් අඩවිවල හෝ දේශපාලන පක්ෂවල අවධානයට වැඩි වශයෙන් ලක් නොවූයේ එම ආයතන තුළ මධූෂා රාමසිංහ රංගන ශිල්පීණිය කෙරෙහි පැවති පූර්ව නිගමනය නිසා විය යුතුය. එය සීලාචාර සමාජයක කිසිසේත් සිදු නොවිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි. මෙවැනි බරපතළ සිද්ධියකදී අප අවධානයට යොමු කළ යුතු ප්‍රධානතම කාරණය වන්නේ මධූෂා රාමසිංහගේ කාන්තා භාවයයි. ඇය කාන්තාවක් වූ පළියට කිසිවෙකුගේ හිංසනයට හෝ හිරිහැරයට ලක්වීමට හෝ ලක් කිරීමේ අයිතියක් කිසිවෙකුට නැත. අතවරයට පත්වූ ඇයට මේ සමාජයේ වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට මෙන් සම අයිතිවාසිකම් තිබිය යුතු අතර මේ සමාජය තුළ සුරක්ෂිතව ඇය කැමති ඕනෑම ආකාරයකට නීත්‍යානුකූලව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය. එයට අභියෝග කිරීමේ හැකියාවක් කිසිවෙකුටත් නැති අතර ඇය ඒ වෙනුවෙන් එළියට බැස කතා කිරීමට හැකියාවක් හා ශක්තියක් ඇති ගැහැණියක් වීම පිළිබඳව ගෞරවයක්, අප සැමට ඇය කෙරේ තිබිය යුතුය. අඩුම තරමින් ඇගේ පැමිණිල්ල කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයාගේ අවදානය ද ඉතාම අඩු මට්ටමක තිබූ බව පෙනී යන අතර මැතිවරණ කොමසාරිස්වරයා ද පූර්ව නිගමනයක සිටියා දැයි මට සැක සිතේ. මැතිවරණ කොමසාරිස්වරයා එසේ සිටියේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වැනි කීර්තිමත් නිලධාරියකුට එය නොගැලපෙන්නේය.

කෙසේ නමුත් පොහොට්ටු පක්ෂයේ රාජපක්ෂවරුන් ඇතුලු සියලු දෙනාම පාහේ ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් සිටින ස්ථාවරය දෘෂ්ඨිමය විකෘතියකි. ඒ සදහා හොදම උදාහරණය වන්නේ බදුල්ල රැළියේදී මහින්ද රාජපක්ෂ හා කුමාර වෙල්ගම විසින් ප්‍රකාශකරන ලද සමලිංගික සම්බන්ධතා සහ බහු භාර්යා සම්බන්ධතා පිළිබද ඔවුන්ගේ ස්ථාවරයයි. එම ස්ථාවරයන් කිසිදු තත්ත්වයක් යටතේ වුවත් සීලාචාර විධිමත් සමාජයකට නොගැලපෙන්නේය. එසේම ඉතාම මෑතකදී පොහෙ‍ාට්ටු පක්ෂයේ න්‍යයාචාර්යවරයෙකු වන මහින්ද පතිරණ කථිකාචාර්යතුමා ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ ලිංගික සම්බන්ධයකට ශිෂ්ණය ප්‍රාණවත් වීම අනිවාර්ය කොන්දේසියක් බවට ප්‍රකාශයක් පළකොට තිබුණි. එය වසර දහස් ගණනක් පැරණි ප්‍රාථමික හණමිටි අදහසකි. වර්ථමාණයේ ලිංගික සම්බන්ධතා යනු මූලික ලිංගික අවයවයන්ගෙන් එහාට ගිය දියුණු ක්‍රියාවලියකි. එහි සීමාවන් වචන වල සිට හැගීම්, දැනීම්, බැලීම් හරහා උපකරණ දක්වා විහිදේ. නමුත් ප්‍රාථමික ගෝත්‍රිකයින් තවමත් ලිංගිකත්වය යනු මූලික ලිංගික අවයව වල කාර්ය කොටසක් ලෙස හදුනාගෙන සිටී. රාජපක්ෂවරු පෙළෙන්නේ මෙම මූලික දෘෂ්ඨිමය ඌණතාවයෙනි. මෙවැනි තත්ත්වයක් තුල මධූෂා රාමසිංහට සිදුකළ ලිංගික බලපෑම සිල්ලරට ගැනීම අශීලාචාර ශෝකාන්තයකි.

කාන්තා නියෝජනය වැඩිකිරීමේ මූලික පදනම වූයේ කාන්තා දේශපාලන සහභාගීත්වය රට තුල වැඩිකොට එමගින් කාන්තාවන් මේ රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමයි. එමගින් කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත්, වත්මන් ආණ්ඩුවේත් අරමුණ බව බැලූ බැල්මට පෙනේ. රාජපක්ෂවරු කාන්තාව හා ලිංගිකත්වය පිළිබද අඩු තක්සේරුවකින් හා ගෝත්‍රික මතවාදයක සිටියද, ආණ්ඩුව ලොව පිළිගත්, සියලුම සීලාචාර රාජ්‍යයන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ගේ එල්බ සිටී.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    I did not read the article at all. IF she wants to be a politician. she needs to be a leader. If she spread just because she wanted to a politician, there is nothing leader-like there except submission. what is the term for that ?

  • 1
    0

    Who is the party leader that she will be working under ? I think she didnot eat parippu from a honda hotale”.

  • 1
    1

    thopi heluven u.n.p yata kade yanava…hirikithai,asikkithai….me duminda disanayakage surathali…..meva thopila dannava…pohottuvata mada gahanna ona nisa pala karanava…mekada madya nidahasa…..ranilta kade yamada……jada madya…jada madya……

    • 1
      0

      Perera,

      you are the headache to us that seek a change in this country.

      You would never see it right. Rajapakshes should be punished whoever woud be appointed inthe future. For what they have done to this nation, they should be hung by their balls.

  • 3
    1

    තුෂාර උන්නැහේ, ඔබ කියන ඔය ඊනියා ශීලාචාර සමාජයක ඔබත් හිටියා කියල හිතමු , ඔබ සමග තරහ ගත්ත කාන්තාවක් පහුවෙනිදා කිසිදු සාක්ෂියක් නැතිව කියනව ඔබ ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා කියලා. ඔබ පවසන පරිදි දේශපාලන පක්ෂ වල නායකයන් ඉල්ලා අස් වෙනවා වගේම ඔබත් එවිට ‍රැකියාවෙන් ඉල්ලා අස් වෙනවා ද?

    යෝනිය නමස්කාර කිරීම දැන්වත් නවත්වන්න. යෝනියක් තිබූ පළියට ඇගේ වචනය දේව වාක්‍යයක් නොවේ. සාක්ෂි තිබේනම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් ඇයම පවසන පරිදි ඇය කියන දේට කිසිදු සාක්ෂියක් නෑ. https://www.youtube.com/watch?v=AyzhFsdWF2Q

    නාමයෝජනා දීමට දින කිහිපයකට පළමුව ඇය ෆේස්බුක් එකේ එවැනි කතාවක් පළ කර නැවතත් නාමයෝජනා දෙනවාදැයි විමසා ඇත. එය නාමයෝජනා නොදුන්නොත් වෙන දේ මේකයි කියමින් පැහැදිළිවම තර්ජනය කිරීමකි. අවසානයේදී නාමයෝජනා නොලැබුණ තැන බෝඩ් එකකුත් උස්සගෙන මැතිවරණ කාර්යාලය ඉදිරිපිට තනියම කෑ ගසයි. අවසානයේදී පොලිසියෙන් ඇයව ‍රැගෙන ගොස් කට උත්තරයක් ගෙන ඇත. කවුරුන් හෝ ඇත්තටම ඇගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවානම් කළ යුතුව තිබුණේ වහාම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිලි කිරීම මිස ෆේස්බුක් එකේ දැමීම හෝ බෝඩ් උස්සන් කෑ ගැසීම නොවන බව මේ රටේ කාන්තාවන් හොඳාකාරවම දනී. එමගින් ඇගේ ව්‍යාජ රංගනය හෙළි වුණි.

    ඔබගේ හැසිරීමට ඔබ ඔය කියන ශිෂ්ට සමාජයේදී පවසන්නේ white knighting කියලයි. ඒ වගේම ඔබ වැන්නන්ව simp යනුවෙන් ඔවුන් හඳුන්වනවා. ඒ වගේම ඇයට යෝනියක් තිබූ පමණින් ඇය කියන දේ පිළිගැනීම හඳුවන්නේ pussypass යනුවෙන්. ඒ වචන ගූගල් කරලා ඔබ කියන ශිෂ්ට සමාජය ගැන ඉගෙන ගන්න. නැතිව ළිං මැඩි ක්‍රමයට ලෝකේ නොදැන යෝනිය වන්දනා කරමින් මේ වෙබ් සයිට් එකට අපහාස කරන්න එපා.

    දැන්වත් යෝනියක් තිබූ පළියට ඔබගේ දෙවියන්ගෙ මුවෙන් පිටවෙන වචන සහමුලින්ම පිළිගැනීමෙන් වළකින්න.

    අනික ලිංගිකත්වය ශිෂ්ණයේ ප්‍රාණවත්වීමට වඩා එහා ගිය දෙයක් කියල ඔබ කියල තියෙනවා. එතකොට කිසිදු වග විභාගයක් නැතිව කිසිදු සාක්ෂියක් නැතිව යෝනියක් ඇත්තෙක් කියන දේ සහමුලින්ම ඇත්ත කියල පිළිගන්න ඔබගේ ලිංගිකත්වය කුමක්දැයි ඔබම තීරණය කරන්න.

    • 2
      0

      ඔබ කියනා පරිදි, නීතිය ලන්කාව ඇතුලත ක්රියාත්මක වෙනව.කොහොමද මේව මුඛයෙන් කියන්නෙ ? අපි මේ දෙය අමතක කරල, බලම්පු, අර රාජපක්ශෙ වරු, හා එවුන්ට ලැදි දුශිට සින්හලය අපේ ලේ තිබෙන එවුන්ට කොතරම් මිනිස් ගාතන කලාද ? කෝ අඩහ නීතිය එවුන්ට ක්රියාතම වෙලාද ? මා දන්නවිදියට ලාන්කාව කියන තිරිසන්නුන්ගේ බහුතරයක් රජප්කරන රටක නිතිය ක්රියාවෙ යෙදෙන්න ඕන, ජර්මනියේ හා සින්ගප්පුරුවේ විදියට, එහෙම උනනම්, ඔය හිටපු රාජපකශෙ පෞව්ලම අදටත් හිරබත් ගිලිනව… එවුන්ගේ පහල ලිස්ට් එකේ එකෙක් නෑර හිරබත් ගිලිඅය යුතුමයි, අවුරුදු ගානටවත්,

      1. මහින්ඩ ජරාපක්ශෙ
      2. ශිරන්ති ජරපක්ශෙ
      3. ඝොට ජරඩ පක්ශෙ
      4 බැසිල් ජඩපක්ශෙ
      5. නමල් හොර උගුඩුවා
      6. යෝශිට රාජපක්ශෙ
      7. ජේඅලිඅය හිටපු නූගත් තානපති
      8 ශිරන්තිගෙ මල්ලි හෝ ඓය ස්රිලන්කෙන් කාපු එක
      9. යූන්ට කත ඇදපු තිරිසන්නු මිනිමරුවෝ ඔක්කොමට ටික..

      අපේ බලු රටේ අදටත් නීතිය මදියි. 20% විතර නීතිය ක්රියාත්මක වෙලා වැඩක් නැහැ, ඕකුන් ඔක්කොම හිරයට දැමිය යුතුමයි.

      • 2
        0

        You may be right. If the law and order would have worked, there should not have space them to build up new parties such as SLPP.

        You are dead right. Plethora of evidence to put them in jail in terms of Thadjudeen killers are available incl that JMO who just buried the medical evidence calling it was an accident, should have long been kept in jail not allowing them free life.
        But lanken judiciary has become a place for jokers.
        Nor have they brought reforms to punish the ones as pledged in elections.
        So was the case with lanken politciains.

        I think it is high time Rajapakshe familiy to be brought behind bars.

        Then only, the wounds of the victims can ever be healed off. Until then, curse will reecho on the island as no times in the past.

      • 1
        0

        There is no law in action in the country.

        This is why EU and America frown at us.

        Even after the new govt came in they have failed to bring law reforms if the prevailing laws are no strict enough. They are just limited to their lips.

        We perfectly know all the men and women in above list should have to be beaheaded by law if there exist a law in the country.

  • 1
    2

    ලැජ්ජයි මේ කතාව අහන්නත්. මොකක්ද ලියන්නේ කියල හිතනව තාම. සිංහලෙන් වචන එන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් නම් දෙකක් කියන්න පුළුවන්. මධූෂාව මම දැක්කේ පාද යාත්‍රාවෙදි ඉස්සෙල්ලම. නාමයෝජනා දෙන්න තමන්ට කරපු කැත යෝජනාවට එරෙහිව කතා කරන්න මධූෂට කොන්ද පණ තිබුන එක අගය කරනවා. හුඟක් කාන්තාවො මේ වගේ දේවලදී නිශ්ශබ්ද වෙනවා. ඒ මොකොද කිව්වා නම් අන්තිමට අගෞරවය අවනම්බුව එන්නේ තමන්ටම නිසා. දේශපාලනයට සියයට 25ක් ලැබුන කියලා කාන්තාවන්ට වෙච්ච සෙතක් නැහැ. දේශපාලනයට එන්න නම් ඉස්සෙල්ලම කාන්තාවට සමාජයෙන් සිද්ධ වෙන තව ගොඩක් අතවර කරදර හිරිහැර අසාධාරනකම් අවමන අවලාද නැති වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කාන්තාවන්ට දේශපාලනයට එන්න තරම් සුදුසු පසුබිමක් හැදෙන්නේ. දේශපාලනය කියන්නේ තනිකරම මඩ ගොහොරුවක්. එනව නම් එන්න ඕනේ ගහන මඩ වලට එරෙහිව නැගිටින්න පුළුවන් හයියක් අරගෙන. මොන තරම් අසාධාරණද? හුගක් කාන්තාවෝ බයයි අපහාස අවමාන විඳින්න වෙයි කියල. පිරිමි මම දන්නේ නැහැ, කාන්තාවො හුගක් මානසිකව වැටෙනවා එහෙම වෙනකොට. අනිත් එක කාන්තාව දේශපාලනයට ආව කියලා අපේ සමාජයේ මුල් බැහැගෙන තියෙන පුරුෂාධිපත්‍යය නැති වෙන්නේ නැහැ. කාන්තාව දේශපාලනයට එන්න ඕනේ නිකම්ම නිකම් දේශපාලකයෙක් වෙන්න නෙමෙයි. කාන්තාව කාන්තාවක් නිසා සමාජයෙන් වෙන අසාධාරණකම් වලට එරෙහිව රට ඇතුලේ ප්‍රබල මතයක් ඇති කරන්න බලාගෙන. සමාජයේ කාන්තාව ගැන මුල් බැහැගෙන තියෙන ආකල්ප වෙනස් කරන්න පුළුවන් වෙන තරම් ශක්තියක් කාන්තාවො අතරින් මතු වෙන්න ඕනේ. එහෙම කරන්න තරම් හයියක් තියෙන කාන්තාවක් ඉදිරයට එන්න ඕනේ අනිත් කාන්තාවන්ට නායකත්වය දෙන්න එහෙම නැතුව කතා කලාට විතරක් හරි යන්නේ නැහැ. මධූෂාගේ චෝදනාව ගැන හොටු පොහොට්ටුව ඇයි inquiry එකක් තිබ්බේ නැත්තේ? මැතිවරණ කොමසාරිස් ඒ ගැන අවධානය යොමු කලේ නැත්තේ කාන්තාව ලිංගික භාණ්ඩයක් විදියට පාවිච්චි කරන්න නාම යෝජනා පත්‍රය උපයෝගී කරන එක අනුමත කරන නිසාද? නැත්නම් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතන නිසාද? කාන්තාවන්ට දේශපාලනයට එන්නත් ඉස්සෙල්ල මෙහෙම නම්, ආවට පස්සේ කොහොම වෙයිද? සමහර වෙලාවට හිතා ගන්න අමාරුයි පිරිමි කිසි බයක් නැතුව මෙහෙම යෝජනාවල් කරන්නේ කොහොමද කියල. නීතිය පැත්තෙන් කාන්තාවන්ට තියෙන රැකවරණය අපේ රටේ හුඟක් අඩුයි. අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ ගැන අනාගතේ කතා කරනවා.

    • 1
      1

      මධූෂා කරන චෝදනාව ගැන කිසිම සාක්ෂියක් නැති එකේ, තාමත් ඒ ගැන පරීක්ෂණ අවසන් නැති එකේ ඇය කියන දේ සත්‍ය කියලා උපකල්පනය කරමින් ඔබ කොමෙන්ට් කරන්නේ, කාන්තාවන්ගේ මුවෙන් පිටවෙන දේවල් 100% ක් සත්‍ය බව ඔබ පිළිගන්නා නිසයි. ලැජ්ජයි කියන්න ඒත් ඔබගේ ආගම යෝනිය. ඔබ දෙවියන් මෙන් වඳින්නේ යෝනියටයි.

    • 3
      1

      Champa, what have you been bubbling. You have been abused by Rajapkahes and Wimal Buruwa for the last few years for their political surivival. There you say nothing but lick their balls being on non-stop mode now you come to add the thoughts in terms of one another who did anything everything for Rajapkshes. Shame on you … Champawathi.

    • 0
      0

      මේකේ මට ලියල තියෙන ඒවාට උත්තර තියෙනව. මම මේ comment එක post කරන කොට කාන්තාව ඉතාම පහත තැනකට දාලා මෙතැන ලියල තියෙන අනිත් comments තිබුනේ නැහැ. තිබුන නම් මගේ comment එක මීට වඩා වෙනස් වෙනවා.
      නමුත් දැන් උත්තර ලියන්නේ නැහැ මොකොද කේන්ති ගිය වෙලාවල වැඩිය නොහිත ලියපුවට, පස්සේ ඒ ලියපුවගෙ සමහර වචන දැකල පසු තැවිල ලජ්ජා වෙලා කියවපු මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලපු නිසා සහ ඊට වඩා කාල ඉන්න බැරි වෙච්ච එක මට ඒක පෙන්වල දුන්නු විමල්ගෙනුත් සමාව ඉල්ලපු නිසා. (ආයේ නම් කීයටවත් සමාව ඉල්ලන්න වෙන වචන පාවිච්චි කරන්නේ නැහැ.) ඒ හින්ද ඊලඟට ලියන comments කවදාවත් කේන්ති ගිය වෙලාවට ලියන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙනවා.
      ඊළඟ හේතුව දේශපාලනය ගැන ලියන්න ඇවිල්ල, දේශපාලකයන්ගේ හොර මැරකම්, වංචාවල්, ජනතාව මුලා කිරීම්, දවල් මිගෙල් රෑ දැනියෙල් වැඩ, මුළු පාර්ලිමේන්තුවම ජන වරම බල්ලට දාල තමන්ට ඕනේ විදියට රට පාලනය කරන හැටි දැකල සහ රණවිරුවන් පාවා දෙන හැටි දැකලා, වගේ වගක් නැතුව රටේ සම්පත් විකුණන හැටි දැකල, ආණ්ඩුව තමන් පොලොවට අරක් ගත්ත බහිරවය කියලා හිතාගෙන ඉඩම් ටිකත් විදේශිකයන්ට විකුණන හැටි දැකල වගේම, 2015 පෙබරවාරි 18, මානසිකව කඩා වැටිලා හිටපු මුළු රටටම ධෛර්යය දීලා නැගිටවල ගත්ත, තමන්ගේ රට වෙනුවෙන් කරන්න මඟ හැරිය නොහැකි යුතුකමක් තියෙනවා කියලා වගේම තමන්ගෙ රටට තියෙන ආදරේ ප්‍රසිද්ධියේ පෙන්නන්න, රට වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ල නොබියව කතා කරන්න රටේ අනිත් මිනිස්සුන්ටත් වගේම මටත් ශක්තියක් ධෛර්යයක් දුන්නු විමල්ට කරන අසාධාරණකම් නෝක්කාඩු දැකල සහ විමල්ව දුර්වල කරන්න සහ එමගින් රටට ආදරේ කරන ජාතිකවාදී දේශපාලන නායකත්වයක් මර්දනය කරන්න, අසාර්ථක උත්සහයක් වුනත් කරන කුඩුකේඩුකම් දැකල උහුලා ගන්න බැරුව ආපු කේන්ති ඔක්කොම “නරක වචන වලින් සාරාංශ වෙලා පිටවෙන නිසා” සහ, 2016, 2017 මගෙ චරිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන බව පේන නිසා, 2015 ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනතුරු මම මුලින්ම ලියන්න ගත්ත විදියට ආපහු ලියන්න පටන් ගන්න හිතල තියෙන නිසා දැන් මේවට උත්තර දෙන්න අදහසක් නැහැ. හැබැයි උත්තර ලියනවා මම නිවාඩුව ඉවර වෙලා ජනවාරි ආපහු ආවට පස්සේ.

      • 1
        0

        Neither Yours or Madhushaa s sexuality is not interested to us. But when you men or women make every effort misleading folks as nobody else, that goes around comes around for sure.

        මුලු රටම විනාශයට පත් කරපු තිරිසනෙක් හා ඔහුගේ කට නිසා බහුතරයක් නොමග ඇරල විමල් වැනි වාචාලයින් කරප්පු මගඩි කම නිසා තමයි රාඅපකපක්ශෙ හොරකම් කොරන්න බියක් නැතිව ඉදිරියට ඇදුනෙ, ඉස්සර ඒ මිනිහා සභ්ය විදියට හැසිරුන. රාජය මාධ්‍ය ඇතුලු හැමදෙයක් කාභාසිනිය කරපු නායයෙක්. රටේ ජන්යාගෙ මුදුඅල් එයාගෙ සිතා පිස්සු නටපු තිරිසනෙක් උනා රාජපක්ශෙ. රටේ සිටින නලුනිලියන් ඒ මිනිහා රූකඩයක් වා නටව, රජතුම්ම කියල ප්රකාශ කරාට පසුව, කටුස්සගෙ රත්තරන් ඩමපු විට බිහිවන ආකාරයේ ජීවිත්යෙක් හිරපු රාජපක්ශෙ ගෙන මතුවුන. අර ජැක්සනැන්තනි කියන නපුන්සක එනමුත් මිනිසුන් නොමග අරින වන්දිබට්ටයා තමයි ඉස්සෙල්ලම රජතුමා කියන නාමය ඔය බුරු රජාපක්ශෙ පැටලුවෙ.. එතන් පටන ඒ මිනිහා ඉදිමුනා ප්රමානය වඩා. එතැන් පටන්, රටකන මගඩි කම ඔක්කොම කරගෙන ගිය, අද මහබැන්කු කොල්ලයට බැනවැදුනත්, රාජපක්ෂ නිසා රටට අහිමි වූ දනස්කන්දය අප්රමාන බව අපි කාගෙත් හර්ද් සාක්ශිය දන්නව. යුරෝපයේ වාගෙ හරියට නීතිය ක්රීයාත්මක වුනානම, කිසිදු සැකයක් නැහැ, හිටපු රජ පවුල ඇද වෙනකොට හිරබත් ගිලිනව.
        ඇති එකාට එක විදියක් නැති එකා නෙති වීමටම පහලට වැටෙන තිරිසන් නීති පද්ධතියක් ඇති රටක මා නම බලන්නෙ, හැම දෙයක්ම හරිම අප්රසන්න විදියට.

        • 1
          0

          මුලු රටම විනාශයට පත් කරපු තිරිසනෙක් හා ඔහුගේ කට නිසා බහුතරයක් නොමග ඇරල විමල් වැනි වාචාලයින් කරප්පු මගඩි කම නිසා තමයි රාඅපකපක්ශෙ හොරකම් කොරන්න බියක් නැතිව ඉදිරියට ඇදුනෙ, ඉස්සර ඒ මිනිහා සභ්ය විදියට හැසිරුන. රාජය මාධ්‍ය ඇතුලු හැමදෙයක් කාභාසිනිය කරපු නායයෙක්. රටේ ජන්යාගෙ මුදුඅල් එයාගෙ සිතා පිස්සු නටපු තිරිසනෙක් උනා රාජපක්ශෙ. රටේ සිටින නලුනිලියන් ඒ මිනිහා රූකඩයක් වා නටව, රජතුම්ම කියල ප්රකාශ කරාට පසුව, කටුස්සගෙ කරේ රත්තරන් ඩමපු විට බිහිවන ආකාරයේ ජීවිත්යෙක් හිටපු රාජපක්ශෙ ගෙන් මතුවුන. අර ජැක්සනැන්තනි කියන නපුන්සක එනමුත් මිනිසුන් නොමග අරින වන්දිබට්ටයා තමයි ඉස්සෙල්ලම රජතුමා කියන නාමය ඔය බුරු රජාපක්ශට පැටලුවෙ.. එතන් පටන ඒ මිනිහා ඉදිමුනා ප්රමානය වඩා. එතැන් පටන්, රටකන මගඩි කම ඔක්කොම කරගෙන ගිය, අද මහබැන්කු කොල්ලයට බැනවැදුනත්, රාජපක්ෂ නිසා රටට අහිමි වූ දනස්කන්දය අප්රමාන බව අපි කාගෙත් හර්ද් සාක්ශිය දන්නව. යුරෝපයේ වාගෙ හරියට නීතිය ක්රීයාත්මක වුනානම, කිසිදු සැකයක් නැහැ, හිටපු රජ පවුල ඇද වෙනකොට හිරබත් ගිලිනව.
          ඇති එකාට එක විදියක් නැති එකා නෙති වීමටම පහලට වැටෙන තිරිසන් නීති පද්ධතියක් ඇති රටක මා නම බලන්නෙ, හැම දෙයක්ම හරිම අප්රසන්න විදියට.

  • 3
    0

    ලේඛකයා බොහෝ උපකල්පන දක්වා අැති මුත් වැදගත්ම දත්තය මගහැර අැත. එනම් අැය දුමින්ද දිසානායගේ පෙමිව‍තිය වීමයි. අැයට පොහෙටිටුවෙන් නාම යෝජනා දීමට තරම් ඔවුන් මෝඩයන්ද?
    ලංකාවෙි කාන්තාවන් මෙම ඛේදනීය තත්ත්වයට මුහුණ දෙන බව සත්‍යයකි.
    මෙවන් දේසපාලන ගනිකාවන් එය විරුද්ධවාදීන් ට මඩ ගහන්න යොදා ගැනීමට තැත් කර පච වු විට, අනිකුත් හිංසනයට ලක්වන කාන්තාවන් ඉදිරියට එමට තවත් මැලි වනු ඇත.

    • 2
      1

      Godayo,
      You are spot on.

      In Sl today, such women have been instrumental like in a wresting tournament to animate the people.
      So was the case with Wimal Buruwanse. He was abused by Rajapakshes to abuse the nation. Else, do you ever think that 300 000 from WP would ever vote for an idiot of Wimal nature. Then street mongers should have a better life up there right ? Weerawanse is proved to have not th eleast knowledge a candidate should bring with. He knows nothign but his anus style mouth piece is being abused by Rajapakses no second to a toilet pit.
      Today the bastard WEERAWANSE is fallen to all depths.
      He has been attacked within his party than anywhere else.
      Lies have always short legs – which I get to hear in France and Germany.

    • 2
      0

      i THOUGHT the woman was his ex.

      Anyways, she has a mouth piece no second to that of a street woman. Right ? Why the women to fall this low level lanken women as a whole should be made clear to her.

      Today, women fight to involve in active politics with 25% of them must be in regional coucils. There the respect for them will have to grow instead, the women of this nature to abuse her rights and become the headlines to local papers can cause a bad name for lanken women in general.

  • 1
    0

    When the titile says it is on Retail sales, everybody can understand who she is. Are there any stupid men to marry her or be her lover. she is getting political nominations means that party is bankrupt.

    • 1
      0

      Like your sister Champawathie, the case of Maduwathie is the same.

      Her mouth piece has been abused by your god men no second to that of Wimal Buruwa.

      Today Wimal buruwa is made silent for not having any mandate forseen for him.

      NFF men are rounding up him. I think kala kala dee pala pala dhee.. what goes around comes around

  • 1
    0

    මෙිි ලියුමිිකරුගෙ ලිපිය කියවීමෙිිදී මට සිහිවුයේ ..කැකිල්ලේ රජූ , පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය සංකල්පය යන ජනමාධ්‍යවේදීන්ගෙ ⁣මනෝලෝකයේ සිහින , පැමිණිලිකරු හිරේ විත්තිකරු නිදහස් වූ කතාවක් , ජනමාධ්‍යවේදීන් ගේ මතුපිට පෙ⁣න්වන ස්වාධීනත්වය හා යටින් තිබෙන තම දේශපාලන ගැතිකම යන දේවල්..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.