25 April, 2024

Blog

පරමාදර්ශය පසෙක තබා උපයෝගිතාව කරට ගැනීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණයේ දී ආකර්ශනීය සටන් පාඨය කර ගන්නට තැත් කරන්නේ රාජ්‍ය අංශයේ පවතින දූෂණය, වංචාව හා හොරකමයි. ආණ්ඩුවේ අට අනූවක් වූ හොරකම්, දූෂණ හා වංචා වලට එරෙහිව කලෙක පටන්ම මහන්සි වී එරෙහි වුන ඔවුහු ඒ සම්බන්ධයෙන් ජනමතයක් නිර්මාණය කර ගැනීමට දැඩි ලෙස උනන්දුවෙන් කටයුතු කරමින් සිටිති. එහි කූට ප්‍රාප්තිය ලෙස හොරකමට, දූෂණයට හා වංචාවට එරෙහිව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගන්නට හා ඒ උදෙසා ජනමතයක් නිර්මාණය කරන්නට මහන්සි වෙති.

පසුගිය ඉරිදා පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ගේ සමුළුවක් කොළඹ දී පැවැත්විය. එහිදී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක වැඩි බරක් තබා තම දේශනය පැවැත්වූයේ ආණ්ඩුවේ දූෂණ, වංචා හා හොරකම් වලට එරෙහිව ය. පක්ෂයේ ඉහළ නායකයන්ගෙන් ගලා එන ඒ පණිවුඩය පහළට කාන්දු වී ඇති නිසාදෝ ග්‍රාමීය මට්ටමේ නායකයන් ද කතා කරන්නේ වංචා, දූෂණ හා හොරකම් වලට එරෙහි මැතිවරණ ව්‍යාපාරයක් ගැන ය. නගර හා ගම් සිසාරා කුමන මට්ටමක දේශපාලන ප්‍රශ්න සමාජය තුළ පීඩනයක් ඇති කළ ද ඔවුහු මුළු බර තබා මැතිවරණ ව්‍යාපාරය මෙහේය වන්නේ ද වංචා, දූෂණ හා හොරකම් වලට එරෙහිව ය.

වංචා, දූෂණ හා හොරකම් පිළිලයක් වන තරමට උග්‍ර වී සමාජයට බරපතල හානි කරන බව ඇත්තකි. මේ නිසා රටක දළ ජාතික නිෂ්පාදනය බරපතල ලෙස අගාධයට තල්ලු වන බව ද ඇත්තකි. එහෙත් මේ සමාජ ව්‍යාධිය පැතිර යමින් පවතින්නේ ලාංකික සමාජයේ පමණක් නොවේ. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලනය විමසා බලන විට තේරුම් යන්නේ ඒ සෑම රටක්ම වංචා, දූෂණ හා හොරකම් වලින් පිරී ඇති බවකි. වංචා, දූෂණ හා හොරකම් පිටුදැකිය යුතු වුවද සෑම රටකම රාජ්‍ය පාලනය ඉදිරියට යන්නේ මේ සමාජ ව්‍යාධියත් සමගම ය. රාජ්‍ය පාලනයේ නෛසර්ගික ලක්ෂණයක් බවට වංචා, දූෂණ හා හොරකම් පත්ව ඇති අතර දේශපාලන ක්‍රමය මතද එය රදා නොපවතින බව මහජන චීනයේ රාජ්‍ය පාලනය විමසා බැලීමේ දී අවබෝධ වේ.

වංචා, දූෂණ හා හොරකම් සම්බන්ධයෙන් ලාංකික සමාජයේ අවිඥාණිකය විමසා බැලීමේ දී අවබෝධ වන්නේ මිනිසුන් ඊට එරෙහි වන්නේ උපයෝගීතාව මත බවයි. තමාගේ අනෙකා සමාජ දූෂණ කටයුත්තක නිරත වන්නේ නම් ඊට එරෙහි වෙන අතර තමාගේ හිතෛෂියා හෝ තමා හෝ ඒ සමාජ දූෂක කටයුත්ත කරයි නම් ඊට පක්ෂ වීම සාමාන්‍ය ලක්ෂණයකි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ආණ්ඩු කිරීමේ දී එකිනෙකාට චෝදනා කර ගනිමින් වංචා, දූෂණ හ අහොරකමට විරුද්ධවීම හොදම නිදර්ශනයයි. තමන් අනෙකාට චෝදනා කළ ද තමන්ට ආණ්ඩු බලය ලැබුන වහා කරන්නේ ද ඒ අන්දමින්ම මහජන ධනය කොල්ලකෑමයි.  එනිසා වංචාවට, දූෂණයට හා හොරකමට එරෙහිවීම දේශපාලන පක්ෂ අතර මෙන්ම සමාජය තුළ ද සංවාදාත්මක වන්නේ පූර්වාදර්ශී පදනමින් නොවේ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් විසින් මහවැලිය ඉදි කරද්දී අති විශාල වංචා, දූෂණ හා හොරකම් සිදුවූ බව එකල කියවිණි. ආණ්ඩු විරෝධීන් ඒ චෝදනාව එල්ල කරද්දී ආණ්ඩු පාක්ෂිකයන් කීවේ හොරකම් කරල හරි පවතින දෙයක් කළේ තමන්ගේ ආණ්ඩුවෙන් බවයි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ ආණ්ඩුවකින් අධිවේගී මාර්ගයන් හදද්දී ආණ්ඩු විරෝධීහු  දූෂණ වංචා හා හොරකම් සම්බන්ධ චෝදනා එල්ල කළහ. ආණ්ඩු පාක්ෂිකයන් කීවේ හොරකම් කරල හරි මෙහෙම සංවර්ධනයක් කරන්නේ තමන්ගේ ආණ්ඩුවකින් බව ය. වංචා, දූෂණ හා හොරකම් රාජ්‍ය පාලනය සමග ඓන්ද්‍රීයව බැදුනු සමාජ ව්‍යසනයක් වුවද ඒවා පිටු දැකීමට සමාජය තවමත් සූදානම් නැත.

ගම් මට්ටමේ දේශපාලනයේ දී ද සමාජ අවිඥාණිකත්වය වන්නේ බලය, ධනය හා ශක්තිය ඇති පුද්ගලයා හා පක්ෂය වටා එක් රොක් වීමය. එසේ එක් රොක් වී තමන්ට ද යම් වරප්‍රසාදයක් ලබා ගැනීම ය. එය වහලට සෙවිලි තහඩුවක් විය හැකිය. වැසිකිළියට පෝච්චියක් විය හැකිය. සිටුවන්නට පොල් පැළ කිහිපයක් විය හැකිය. දුවට හෝ පුතාට හෝ රැකියාවක් විය හැකිය. රජයට අයත් යකඩ කෑල්ලක් හෝ හොරෙන් ගෙදර ගෙන යෑම බහුතරයක් පුරවැසියන්ගේ ආශාවයි. ජන මනස සකස් වී ඇත්තේ දේශපාලන පක්ෂයන්ගෙන් වරදාන ලබා ගැනීමට මිස සමාජය ගොඩනැංවීමට නොවේ. එවැනි සමාජයක වංචා. දූෂණ හා හොරකමට එරෙහිව දේශපාලනය කිරීම අර්ථ විරහිත ය. සමාජ වටිනාකම් මතින් දේශපාලනය පවිත්‍ර කිරීමට දූෂිත සමාජයක ජන කොටස් එකග වන්නේ නැත. බලය, ධනය හා ශක්තිය හිමි හොරාට දේශපාලන බලය ලබා දී තමන්ටත් වරදානයක් ලබා ගැනීම බහුතරයකගේ කැමැත්තයි.

වංචාවට, දූෂණයට හා හොරකමට එරෙහිව කටයුතු නොකළ යුතු බව එමගින් තේරුම් නොගත යුතුය. තමන්ට බලය ලැබෙන්නේ නම් එවැනි සමාජ ව්‍යසනයන්හි නොයෙදිය යුතුය. එහෙත් දේශපාලන බලය ලබා ගැනීම සදහා එය පළමු සටන් පාඨය ලෙස භාවිතා නොකළ යුතුය. වංචාවට, දූෂණයට හා හොරකමට එරෙහිවීම තවමත් ධනපති පක්ෂ දෙකෙහි සටන් පාඨයකි. ඔවුන් එම සමාජ ව්‍යසනය සිදු කළ ද දේශපාලන තුල්‍යතාව සදහා බල හුවමාරුවක දී යොදා ගන්නේ වංචාවට, දූෂණයට හා හොරකමට එරෙහිවීමය. දේශපාලන ගමන් මග අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මගක යන ජනතා විමුක්ති පෙරමුණට ඒ සටන් පාඨය අගති විරහිතව යොදා ගත නොහැක.

රජයේ  සිදුවන වංචා, දූෂණ හා හොරකමට එරෙහි වෙමින් ඒ මතම දේශපාලනය පදනම් කර ගන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ සමාජයේ මුර බල්ලාගේ භූමිකාවට ආශා කිරීම අර්ථ විරහිතය. පවතින ක්‍රමය තුළ සංශෝධනවාදී හා ප්‍රගතිශීලී අරමුණකින් දේශපාලනය කරන්නේ නම් මුර බල්ලාගේ භූමිකාව ඉතා යෝග්‍ය ය. පවතින ක්‍රමය වෙනස් නොකර උපක්‍රමශීලීව ප්‍රගතිශීලී දේශපාලනයක නිරත වන්නේ නම් මුර බල්ලාගේ භූමිකාව යෝග්‍ය ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ තමන් සමාජවාදී බව ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ භාවිතාවෙන් ඔප්පු කරන්නෙ තමන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බව ය. සමාජවාදී වේවා සමාජ ප්‍රජතන්ත්‍රවාදී වේවා කිසිම දේශපාලන ව්‍යාපාරයකට මුර බල්ලාගේ භූමිකාව නොගැලපේ.

නව ලිබරල්වාදී ධනේශ්වර දේශපාලනය ගෝලීයව තවමත් ආධිපත්‍ය දරමින් පවතී. ඔන්න වැටෙනවා මෙන්න වැටෙනවා කීව ද එම ක්‍රමය ස්වයං ප්‍රතිසංස්කරණවාදී මගක යමින් නොවැටී සිටින්නේ ය. පසු බැසීම්. කඩා වැටීම්, දුර්වලවීම් ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට පොදු ය. වත්මන් ධනේශ්වර ක්‍රමය ද එවැනි මගක යයි. එය බිද වැටීම් සහිත බව ඇත්තකි. එහෙත් කඩා වැටිමක් දැන්ම සිදු නොවේ. අවලංගු වන ධනේශ්වර ක්‍රමය නිසා ඇතිවන රික්තය සම්පූර්ණ කිරීමට සූදානම්වීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එතෙක් සමාජවාදය තෙපලමින් හිදීම සමාජයට කරන්නේ අගතියකි. ඒ නිසා පවතින ක්‍රමයට විකල්පව අභියෝග කරන ව්‍යුහාත්මක වෙනස් දේශපාලන ක්‍රමයක් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කර ගත යුතුය.

ධනේශ්වර ක්‍රමයට​ එරෙහිව ලංකාවේ මෙන්ම ලොව පුරාම විරෝධයක් පවතී. එහෙත් එය විරෝධයකින් ඔබ්බට නොයන අතර විකල්ප වැඩපිළිවෙලක් ද විරෝධතාකරුවන්ට නොමැත. සමාජ සුභ සාධනවාදය මත පදනම් වෙමින් රාජ්‍ය කේන්ද්‍රගත වූ වාමාංශික හැඩැති ධනපති ආණ්ඩුවක් ඔවුන්ගේ එකම විකල්පය වේ. එය සමාජවාදය කරා යන මග නොවන අතර ධනේශ්වර සංවර්ධනයට ද බාධා පමුණුවන මගකි. පවතින සංවර්ධන මාදිලිය සමාජ විනාශකාරී වුවද වෙනස් සංවර්ධන මාදිලියක් නිර්මාණය කර ගත යුත්තේ ධනේශ්වර සංවර්ධනයට ඉඩ දෙමිනි. එතෙක් වෙනස් සංවර්ධන මාදිලියට අදාළ දේශපාලන මත නිර්මාණය කර ගැනීම විමුක්ති ව්‍යාපාරයක අද කාර්ය භාරය විය යුතුය.

පරිසර විනාශය, පානිය ජලය අහිමිවීම, පීඩිත ජන කොටස් වල සමාජ සුරක්ෂිතතාව සහතික කිරීම, දිනෙන් දින වර්ධනය වන අතර මැදි පන්තිය දේශපාලනිකව විග්‍රහ කර ගැනීම  වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් දේශපාලන මත නිර්මාණය කරගත යුතුය. එසේම ක්‍රමවත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයක් නිර්මාණය කර ගැනීම, ආන්තික ජන කොටස් වලට රජයේ පූර්ණ වගකීම මත අධ්‍යාපන හා සෞඛ්‍යය පහසුකම් ලබාදීම, නිෂ්පාදන වියදම සලකා බලමින් කෘෂි ප්‍රතිපත්තියක් සලකා ගැනීම වැනි විෂයන්ට අදාළව විකල්ප වැඩපිළිවෙලක් ද සකස් කර ගත යුතුය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් මෙම මැතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨය කර ගත යුත්තේ සමාජයෙන් ආන්තීකරණයට ලක්වන ජන කොටස් ශක්තිමත් කිරීමේ දේශපාලන සටන් පාඨයි.

එසේ නොවී මැද පාන්තික දේශපාලන සටන් පාඨ හා න්‍යාය පත්‍රයන් කර ගසා ගැහීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ පරාජයයි.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ආණ්ඩුවට විතරක් නෙමෙයි ප්‍රධාන පක්ෂ 4ටම මිනිස්සු විරෝධය දක්වන්න ඕනේ. SLFP/UNP/SLPP/JVP දේශපාලකයෝ තනි පක්ෂ විදියට හෝ සන්ධාන විදියට දශක 7ක් මේ රට පාලනය කලා. පාලනය කළා කියන්න බැහැ, ඇත්තම කිව්වොත් රට විනාශ කළා කියලා තමයි කියන්න ඕනේ. මේ පක්ෂ 4න් එක පක්ෂයකටවත් හරි දැක්මක් නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. විපක්ෂේ ඉන්න කොට විරෝධය දක්වපු දේම ආණ්ඩු බලය ලැබුනට පස්සේ හොඳ වෙනවා. එක වචනයක් නැහැ. ලජ්ජාවක් නම් ගෑවිලාවත් නැහැ. දශක 7ක් තිස්සෙම වුනේ එන එන ආණ්ඩු එක්කෝ ජාතික සම්පත් පෞද්ගලීකරණය කළා, එහෙම නැත්නම් එහෙම කරපු ඒවා ආයේ සල්ලි වලට ඇරෙගෙන ආයෙ ජනසතු කලා. ඊට පස්සේ ඊළඟ ආණ්ඩුව ආයේ එම දේවල්ම ආයේ පෞද්ගලීකරණය කරනවා. එතකොට අනිත් පැත්තෙ පක්ෂ කියනව ඒගොල්ලන්ට චන්දෙ දෙන්න එතකොට ආයේ එම දේවල් ජනසතු කරනව කියලා. දැන් මේක කී පාරක් වුනාද? පෞද්ගලීකරණය කරපු හෝ විකුණපු එකම ජාතික සම්පත් මාරුවෙන් මාරුවට නැවත නැවත ජනසතු කරන්න විතරක් මොන තරම් සල්ලි කන්දරාවක් පහුගිය අවුරුද 40-50 ඇතුලත නහස්ති කරලා තියෙනවද?
    දේශපාලකයෝ වැඩ කරන්නේ හිතුමතේට මිසක් රටට ආදරේට නෙමෙයි කියන එකට හොඳම උදාහරනේ තමයි මේ පළාත් පාලන චන්දෙ වැඩි කරපු සභික සංඛ්‍යාව. මෙවුන් පත් වුනාම නඩත්තු කරන්න මාසෙකට කෝටි 13ක් යනවලු. අවුරුද්දකට කෝටි 156ක්. ඉස්සර මාසෙකට කෝටි 7ලු වියදම් වුනේ. දැන් එකපාරම දෙගුණයක් කරලා. ජනතාව ගැන හිතන දේශපාලකයෝ මෙහෙම වැඩ කරනවද? එහෙම කරලා සහ එහෙම කරපු එකට සහයෝගය දීලා, ඊට පස්සේ ජනතාවට ජීවත් වෙන්න හරි අමාරුයි කියලා ඒගොල්ලෝම කියනවා, ඊට පස්සේ ආණ්ඩුව සහන මලු බෙදනවා. මේකෙම ඇති චන්දදයකයට මේ ප්‍රධාන පක්ෂ 4 ප්‍රතික්ෂේප කරන්න. ප්‍රධාන පක්ෂ 4 තියෙන මේ දෙබිඩි ප්‍රතිපත්තිය හොඳටම විද්‍යමාන ලක්ෂණයක්. ජනතාව මේවට තවත් රැවටිය යුතුද? මේ චන්දය පාවිච්චි කරන්න ඕනේ පළාත් පාලන ආයතන වලට සභිකයෝ පත් කරන්න නෙමෙයි, මේ විදියට ප්‍රධාන පක්ෂ 4ම එකතු වෙලා ජනතාවට දරා ගන්න බැරි බරක් තමන්ගේ පිට පැටෙව්වට, තමන්ව හැමදාම ගොනුන්ට අන්දන එකට විරෝධය දක්වන්න.

  • 0
    0

    ලංකාවට දැන් විකල්ප පක්ෂ අවශ්‍යයි. ප්‍රධාන පක්ෂ 4ම පෙන්වල ඉවරයි තමන්ගේ අදක්ෂකම, ආත්මාර්ථකම, සහ මහජනතාව පිට පැටවෙන අනවශ්‍ය අධික බර ගැන කිසි හැඟීමක් නැති බව. ජනතාව ගැන හිතන, රට ගැන හිතන අළුත් නායකයන්/අළුත් පක්ෂ රටට අවශ්‍යයි. මීළඟට රටේ බලය දෙන්න ඕනේ වෙනස් නායකයන්ට, වෙනස් පක්ෂ වලට. ලංකාවේ දේශපාලනය තමන්ගේ බූදලයක් කියලා හිතා ඉන්න, ලංකාව තමන්ට ඕනේ ඕනේ විදියට කොටස් වශයෙන් හෝ සම්පූරණ වශයෙන් වළඳන්න පුළුවන් කියලා හිතා ඉන්න මේ ප්‍රධාන පක්ෂ 4ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. අළුත් නායකයන්ට අළුත් පක්ෂෙකට ඉස්සරහට එන්න බැරි තරමට බාධක වැට කඩොලු තියෙනව දේශපාලන බූදල් කාරයන්ගෙන්. ඒ හින්දා ජනතා ආකර්ෂණය ගන්න පුළුවන් වෙනස් වර්ගයේ පුද්ගලයෙක් ඉස්සරහට එන්න ඕනේ, මැරෙන්න වුනත් බලාගෙන. ලංකාවට දැන් අළුත් නායකයෙක් බිහි වෙනව කියන එක ජීවිතයත් මරණයත් අතර සටනක් වෙන තැනට ඇවිල්ල, ඒ තරමට මේ SLFP/UNP/SLPP/JVP පක්ෂ 4 ඉන්න දේශපාලකයෝ මේ මී වදේ බදාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම 2019/2020 වෙනසක් වෙන්න ඕනෙමයි. ඒකට අඩිතාලම දමන්න මේ පළාත්පාලන චන්දෙ උපයෝගී කරන්න ඕනේ. ඒක කරන්න තියෙන එකම විදිය එක්කෝ චන්ද පත්‍රිකාව කුරුටු ගාල ප්‍රධාන පක්ෂ 4ටම විරෝධය දක්වන එක, එහෙම නැත්නම් මේ ප්‍රධාන පක්ෂ 4ට අයිති නැති හෝ නන්නාඳුනන පක්ෂ වලට හෝ ස්වාධීන අපේක්ෂකයන්ට චන්දෙ දෙන එක.

  • 0
    0

    Phillip Shantha: YOu know Potwinna is a good write. Am I right ?. I heard, A govt vehicle with good mileage for petrol is being used from ghanadharashana mawatha, If any one ask, the answer would be wife’s car. Bedies, some think it is unfortunate that one was not in politics. IS that correct ?

  • 0
    0

    Philip Shantha: Is MAdam living in Madampe

    CHAMPA: You are promoting Wimal Weerawansha: but,a CT article says Weerawansha, Mahinda Rajapakse and SJV are all supported MCC. What is the story. Actually, it says, the whole leftist movement in Sri lanka is supported by MCC and it is public news that western spy agencies get the help of leftist movement in Asia for their work. What is your say.

    • 0
      0

      Jims
      First of all, there is no need for me to ‘promote’ Wimal. He was well established in his political life long before I met him. He already had a name as a principled politician. He was in the vanguard of the patriotic movement as early as 2000, I believe, long before I saw him in February 2015. I developed a strong fondness for him after seeing his unparalleled leadership that gave the necessary strength to masses who were vulnerable in the aftermath of Mahinda’s defeat on January 8. The only weakness I see in Wimal is he has no personal ambition. He does what is needed to be done for the country as a patriot without expecting anything in return. But one day people will give him due recognition and without him asking I will also be there for him.
      .
      About the other part in your comment and the one below – what is MCC? I don’t know what it is. Who is SJV? Jims, don’t ask me about the history of MR and all other people. I don’t know and I am not interested either. My perspective on politicians is different. I only believe in what I see. Even if someone says something, I still analyse it in my own way and come to my own conclusions. Wimal has come a long way in his political journey and it is unfortunate some people can’t be happy for him.

      • 0
        0

        There is a article in CT which says MCC (millinnium challenge corporation – CIA + Church + George Zorro, internet articles say he is an economic hitman,) had selelcted SJV chelvanayagam, Mr, and Wimal Weerawansha as their chosen people. You read the article. YOu need to read their international connections too.I heard even now some foreign countries MR in, only demand is just help us too. My question with Wimal Weerawansha is he was JVP. they got killed so many sinhala youth. I know JVP was about hatred against Rich and their problem of poverty,. some were stupid simply because they were young. Anyway, the patriot Wimal chose to built houses for his extended family. He has businesses in his frineds names, His wife also got loans from friends and did not pay that money. back. So, how I can believe you. I think you are poorly informed. PArliament is highly castiest. I heard RP was living with fear and alwyas expecting back stabbing like things. Wijetunga did not continue as president again back stabbing. Anyway, Wimal became a traitor to his own beliefs of Socialism. then he chose his own welfare.

  • 0
    0

    Champa: there is a story if you can verify. Wimal Weerqawansha has said, When he was taking over the Engineering and Construction Services ministry, Mahinda Rajapakse had said, Build enough houses for you. but, when you get big contracts give me my portion too. So, Weerawansha had done the exact same. That is he has built house for his family. All the other money he got he has given all to Mahinda Rajapakse. I think one Sughathe knows it. Anyway, money weerawansha wanted for his expenses had been earned by His better half who worked in a Motor vehicle leasing company. that LEasing Agency had been run by one Wijegunasiri or gunawardane or polononowita or some one. ANYWAY, THAT ELASING AGENCY IS ALSO OWNED BY MAHINDA RAJAPAKSE. CHECK IT.

  • 0
    0

    “එහෙත් මේ සමාජ ව්‍යාධිය පැතිර යමින් පවතින්නේ ලාංකික සමාජයේ පමණක් නොවේ. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය පාලනය විමසා බලන විට තේරුම් යන්නේ ඒ සෑම රටක්ම වංචා, දූෂණ හා හොරකම් වලින් පිරී ඇති බවකි. “

    ‘Charity begins at home’. What an idiotic statement. Look into your island history, not others. Take ‘Parakrama Bahu’ as a roll-model.

  • 0
    0

    Phillip Shantha: what is accusation that JVP is wearing the green satake around their neck. they never talk about real politics. they talk only about issues and not the faults of the system. I think, as they are not a successful opposition, they will be the same if they become a powerful opposition. I say again, it is well known that west use asian socialist parties for their work. JVP may be a part of that. So, JVP has to show that they are genuine and not another UNP, or SLFP.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.