23 April, 2024

Blog

යළි හිස ඔසවන කළු ජුලියේ හොල්මන

තිසරණී ගුණසේකර

‘‘… වෙනස් විදිහට අඳින පළඳින සහ වෙනස් විදිහට කතාබහ කරන කෙනෙකු, නිකංම වෙනස් පුද්ගලයෙකු නොව, ඇයි හොඳයියක් පැවැත්විය යුතු නැති, වෙනම ඌරු කොටුවකින් උපන්, වෙනස්ම සතෙකි. එවැන්නෙකු අපුලෙන්ම පලවා හැරිය යුතුය.’’ – වික්ටර් ක්ලෙම්පරර් (තෙවැනි ජරමානු රාජ්‍යයේ භාෂාව)

කළු ජුලියේ අවතාරය මියගොස් නැත. එය ජීවමානයි: ජයග‍්‍රාහීව, විශ්වාසවන්තව සහ සුද්දවන්තව ජීවමානයි.
කළු ජුලියේ නින්දිත සංහාරයට පාර කැපූ, දේශපාලනික-ආර්ථික සහ සමාජ- මානසික වටපිටාව, අහසින් කඩා වැටුනා නොවේ. බිම් මට්ටමේ ඝාතන සහ කොල්ලකෑම්, සාපරාධී සුළුතරයකින් සිදුවුණා වන්නට පු ̈වන. එහෙත් රාජ්‍ය ආයතනවල සහ සමාජ බහුතරයේ අනුමෝදනයෙන් තොරව, ඒ සා තිරිසන්, මාරාන්තික හිතුමනාපයෙන් ස්වකීය උමතු මනදොළ සතපා ගන්නට ඒ දුර්ජනයන්ට නොහැකි වන්නට තිබුණි. නීතිය හා සාමය රැුකීමට රජය පැත්තෙන් බරසාර ප‍්‍රයත්නයක් ගැනුණේ නම් සහ අවම මිනිස්කම සහ සාමාන්‍ය විනීත භාවය සමාජයෙන් අතනෑරුණේ නම්, මොන තරම් උමතුවෙන් පෙළුනත්, මොන තරම් වෛරයෙන් මත් වුවත්, සුළු පිරිසකට කිසි දවසක එයාකාරයෙන් දෙමළ ජනයා දඩයම් කිරීමේ මදනෝත්සවයක, දිනපතාම, දෙසතියකටත් ආසන්න කාලයක් තිස්සේ, නිමග්න වීමට ඉඩ නොලැබෙනු ඇත.

හැම සමාජයකම අන්තවාදී සුළුතරයක් සිටිති. එහෙත් අන්තවාදයට ගැලපෙන පසුබිමක් නැතිව, එවැනි සුළුතරයකට කළ හැකි විනාශය සීමිත ය. වෙනත් විදිහකින් කිවහොත්, තීරණාත්මක වන්නේ, රජය සහ පොදු සමාජය, වෛරයේ වසංගතයෙන් කොපමණ නම් ආතුර වී ඇත් ද යන්නයි.

කළු ජුලියේ අවතාරය උපාංග දෙකකින් සමන්විතයි. එකක් මා හඳුන්වන්නේ, ශ‍්‍රී ලංකාවේ සත්කාරක-ආගන්තුක න්‍යාය වශයෙනි. රටේ එකම භූමි පුත‍්‍රයන් වන්නේ සිංහල=බෞද්ධයන් ය, අනිත් සකල වාර්ගික සහ ආගමික සුළුජන කොටස් එකී භූමි පුත‍්‍රයන්ගේ හොඳ හිත මත පමණක් මෙහි ජීවත් වන පිටස්තරයන් ය යන අනෛතිහාසික විශ්වාසය එහි පිටුපස ඇත. එසේ හෙයින්, එහි ඊළඟ දිගුව වන්නේ, සුළු ජාතීන්ව නිසි අවනත භාවයේ තබා ගැනීමේ අයිතිය සහ, සීමාව ඉක්මවා ගියොත් ඔවුන්ට දඩුවම් කිරීමේ අයිතිය, සිංහල=බෞද්ධයාට හිමිවන බව යි.

දෙවැනි උපාංගය ඊට වඩා සියුම් ය. ඒ නිසාම, මාරාන්තික ශක්‍යතාවෙන් ඉහළ ය. ධනවාදී විරෝධයට, අධිරාජ්‍යවාදී විරෝධයට සහ ප‍්‍රගතිශීලීත්වයට, මේ නියාමය අනුව, සිංහල=බෞද්ධ කෝදුවෙන් නව අරුත් ගැන්වෙයි. ඒ පද පෙරලිය තුළ, සෑම සුළුතරයක්ම (සිංහල ක‍්‍රිස්තියානින් පවා* ජන්මාන්තරයෙන්ම ප‍්‍රතිගාමී ප‍්‍රජාවක් වන්නේය. ඔවුන්, ජාතික ආරක්ෂාවට පමණක් නොව, ‘ජාතික සංස්කෘතියට’, ‘ජාතික සාරධර්මවලට’, ආර්ථික වර්ධනයට සහ සංවර්ධන සාධාරණත්වයටත් තර්ජනයක් වන්නේය.
මේ බහුතරවාදී=ආඛ්‍යානයෙන් කියැවෙන පරිදි, සුළුජාතීන්ට යටත්විජිතවාදීන් විසින් විශේෂ සැලකිලි දක්වා තිබේ. එසේ හෙයින් ඔවුහූ අධිරාජ්‍ය=ගැත්තෝ වෙත්. මහජාතිය සූරාකෑමෙන් ඔවුහූ පොහොසත් වී සිටිති. එසේ හෙයින් ඔවුහූ ධනපති ගැත්තෝ වෙත්. ඔවුන් අනුයන්නේ පරදේශක්කාර පුරුෂාර්ථයන් ය. එසේ හෙයින් ඔවුහූ අසභ්‍ය වෙත්. එවිට, ලාංකීය ජාතිය යන්න, ගෝත‍්‍රය බවට පහත දැමෙයි. අධිරාජ්‍ය-විරෝධය, විදේශ භීතිකාව බවටත්, ධනපති-විරෝධය, ‘ජාතික සමාජවාදය’ බවටත්, බාල්දු කෙරෙයි. ප‍්‍රතිගාමී චින්තනයේ ගමන නතර කළ හැකිව තිබුණු ප‍්‍රබුද්ධ ඉගැන්වීම්, ඒවායේ ප‍්‍රතිවාද බවට පත්ව, ජාතිවාදයේ ජාතකයන්/යුක්තිමතිකයන් වශයෙන් පාවිච්චියට ගැනෙයි.
වා3⁄4ගිකාගමික වෙනස් කම්, දේශපාලනික, ආර්ථික, සමාජ=සංස්කෘතික සහ සදාචාරමය කූඤ්ඤ සහ වෙනස්කම් බවට පරිවර්තනය වෙද්දී, සුළුජාතීන් නිකංම විදේශිකයන් වශයෙන් නොව, අධිරාජ්‍යගැති සහ ධනේශ්වර රොත්තක් වශයෙන් ද ගර්හාවට ලක්කෙඳොර්. ජාතික සමගිය වශයෙන් එවිට අභිෂේක ලබන්නේ, මේ විදේශික සතුරු බලවේග සහ බලපෑම්වලට එරෙහිව ගොඩනැගෙන සකල සිංහල-බෞද්ධයන්ගේ එකමුතුවයි. ශ‍්‍රී ලංකාව, සිංහල=බෞද්ධ පාරාදීසයක් වශයෙන් අභිෂේක කැරැුවීම වළකාලන එවැනි යටත්විජිත සහ ජාත්‍යන්තර විලංගුවලින් සිංහල-බෞද්ධයාව නිදහස් කර ගැනීමේ ආයාසය සමග ජාතික විමුක්තිය එවිට සමාන්තික වෙයි. මේ තත්වය තුළ, සුළුජාතීන්ව බලරහිත කිරීමේ සහ සකල භුක්තියෙන් අස්වාමී කිරීමේ, නීතික හෝ අනීතික, සාමකාමී හෝ සැහැසි ́නෑම ප‍්‍රයත්නයක්, ජාතික/දේශපේ‍්‍රමී සහ ධනපති=විරෝධී සහ අධිරාජ්‍ය=විරෝධී අවැසියාවන් වශයෙන් සළකනු ලැබේ.

ඉතිං, ‘යහපත් කැරැුල්ල’ පිළිබඳ සංකල්පය උපදී.

යහපත් කැරැල්ල

වාර්ගීය ෆැසිස්ට්වාදය ගැන උම්බෙර්තෝ ඉකෝ මෙසේ ලිවීය:

‘‘වාර්ගීය ෆැසිස්ට්වාදය වැඩෙන්නේ, ස්වාභාවික ‘වෙනස පිළිබඳ භීතිය’ සූරාකමින් සහ අවුස්සමින්, ඊට සමාජ අනුමැතිය සපයා ගැනීමට බැලීමෙනි. ෆැසිස්ට්වාදියෙකුගේ හෝ අමු ෆැසිස්ට් ව්‍යාපාරයක ප‍්‍රථම ආමන්ත‍්‍රණය එල්ල වන්නේ, අනවසරිකයන්ට එරෙහිවයි… සතුරාගේ ව්‍යාජාලංකාරික ධනය සහ බලය ගැන ෆැසිස්ට් අනුගාමිකයා තුළ තමා කෙරෙහිම ලැජ්ජාව ජනනය කරනු ලැබේ… ඒ සමගම, මේ වාගාලංකාරයේ එල්ලය නිරතුරුව මාරු කරමින්, සතුරා හොඳටම ශක්තිමත් වන්නා සේම, හොඳටම දුර්වල වන බව ද එක විට පෙන්වා දිය යුත්තේය.’’

නිදහසටත් පෙර සිටම සිංහල=බෞද්ධ ස්වෝත්තමවාදයේ (දක්ෂිණාංශික මෙන්ම වාම මාදිලියේ ද)  පර්යාදර්ශය වුණේ එයයි.
1915 දී ලංකාවේ ඇති වූ ප‍්‍රථම සුළුජන විරෝධී කෝලාහලයට විසපොවා අවුළුවන ලද්දේ එවන් විශ්වාසයන් බොහොමයකිනි. මුස්ලිම් ජනතාව, වාර්ගිකාගමික වශයෙන් මෙරටට පිටස්තරයන් සේ හංවඩු ගැසුණි. දේශපාලනික වශයෙන්, වරප‍්‍රසාදලාභී සහ ආර්ථික වශයෙන් සෞභාග්‍යමත් ප‍්‍රජාවක් වශයෙන් නාමකරණය කෙරුණි. ඉන් අනිත් පස සිටියේ, අයිතීන් අහිමි, දිළිඳු, අනාරක්ෂිත බෞද්ධයා ය. ඉන්දියාවේ සැඟව සිටින අතඳොර් යටත්විජිත පාලකයන්ට ලියා දන්වන අනගාරික ධර්මපාල, කලකෝලාහල සහ එහි පසුවිපාක ඇති වුණේ, බෞද්ධයාගේ අයිතීන් ආරක්ෂා කළ හැකි සහ ඒ වෙනුවෙන් සටන් කළ හැකි බෞද්ධ නියෝජිතයෙකු මන්ත‍්‍රණ සභාවේ නැති කම නිසා යැයි කීය: ‘‘සිරිත් විරිත්, භාෂාව සහ ආගමෙන්, බෞද්ධ ප‍්‍රජාව හුදෙකලාව සිටිත්. ඒ නිසා බෞද්ධයන්ගේ අවශ්‍යතා නියෝජනය කරනු වස්, ‘ලංකා නියෝජන මන්ත‍්‍රණ සභාවට’ පිරිසුදු බෞද්ධ නියෝජිතයෙකු පත්කළ යුත්තේය.’’

අනතුරුව ලියැවුණු ඉතිහාසය තුළ, 1915 දී සිදුවූ මේ නින්දනීය සහ අධම ක‍්‍රියා, බුද්ධාගම ආරක්ෂා කිරීමේ සහ යටත්විජිතවාදයට/මර්දනයට එරෙහි වීමේ ව්‍යාපාරයක් වශයෙන් යුක්ති සහගත කෙරුණු අතර, ජාතික විමුක්තියේ (සිංහල-බෞද්ධ) දිසානතිය වෙත තැබූ නිවැරදි පියවරක් වශයෙන් අර්ථගන්වන ලදි.
ජාතික විමුක්තිය පිළිබඳ මේ අතීතාහරණ හැඟීම ප‍්‍රචාරය කෙළේ අනගාරික ධර්මපාල පමණක් නොවේ. ජෝන් ද සිල්වා සහ පියදාස සිරිසේන වැනි සංස්කෘතික චරිතත් එයම කළහ. ජාතික ස්වාධීන්තවය යනු යටත්විජිත පාලකයාගෙන් ලබාගන්නා නිදහසක් පමණක් නොව, පිටදේසක්කාර වාර්ගිකාගමික බලපෑම් සහආර්ථික පීඩනයෙන් ද ගැලවෙන ස්වාධීනත්වයක් වශයෙන් ඔවුහූ අර්ථ දැක්වූහ. මේ අරුත තුළ, පරාජය කළ යුතුව ඇති සතුරන් වශයෙන් ගැනෙන්නේ බි‍්‍රතාන්‍යයන්ම නොව= නැතහොත්, උදක්ම බි‍්‍රතාන්‍යයන් නොව= දෙමළ, ඉන්දීය දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් සහ කිතුණුවන් ද, සිංහල-බෞද්ධයාගේ සතුරන් ය. මෙවැන්නන්ගේ ආර්ථික සූරාකෑම සහ නපුරු බලපෑම් නිසා, සුද්දාට වඩා එවැනි පිටස්තර සුළුජාතීන් අපේ ජාතික (සිංහල-බෞද්ධ) අවශ්‍යතාවන්ට අතිශය හානිකර සේ චිත‍්‍රණය කෙරුණි.

1915 ට පසු සහ 1956 ට පෙර, මේ විශ්වාස සහ සංකල්ප මැල් ̈ම පාවිච්චියට ගැනුණේ ඉන්දියානු දෙමළ ප‍්‍රජාවට සහබර්ගර් ප‍්‍රජාවට එදිරිවයි. ඉන්දීය දෙමළ ජනතාවගේ ඡුන්ද අයිතිය අහෝසි කිරීම සහ අනතුරුව ඔවුන්ව සාමූහික වශයෙන් ඉන්දියාවට පැටවීමට පාර කැපූ සිරිමා=ශාස්ත‍්‍රී ගිවිසුම, දේශාභිමානී පියවර වශයෙන් පමණක් නොව, ප‍්‍රගතිශීලී ක‍්‍රියාවන් වශයෙන් ද අර්ථ දක්වන ලදි. ඒකාකාරයෙන්ම අසත්පුරුෂ ගණයේ ලා නිරතුරුව ග3⁄4හාවල ලක්වූ බ3⁄4ග3⁄4 ජනතාව, ප‍්‍රජාවක් වශයෙන් ප‍්‍රචණ්ඩ ඉලක්කයක් බවට පත්වීමට මත්තෙන් රට හැර යාමට තීරණය කළෝය.

සිංහල=බෞද්ධ විමුක්තියේ සිහිනය මල්ඵල ගැන්වීමට එරෙහිව පැවති ඊළඟ ප‍්‍රධාන අවහිරය වුණේ, දෙමළ ප‍්‍රජාවයි. එදා පැවති වාමාංශික ව්‍යාපාරයත් ‘සිංහල පමණයි’ ප‍්‍රතිපත්තියට යට වීමෙන් පසු සහ ලාංකීය සමාජවාදය ‘ජාතික සමාජවාදය’ බවට පිරිහීමෙන් පසු, සමස්ත සමාජය අරා ජාතිවාදයේ ව්‍යාප්තිය නතර කිරීමට සමත් කිසිවක් ඉතිරි නොවුණි. ස්වකීය ප‍්‍රථම අවතාරයේ දී උඩරට-දෙමළ විරෝධයත්, දෙවන අවතාරයේ දී දෙමළ-විරෝධයත් කරපින්නා ගත් ජනතා විමුක්ති පෙරමුණෙන් ප‍්‍රචාරයට පත් සමාජවාදයේ විසකුරු මෝස්තරය ජාතක කෙරුණේ, එදා සම්ප‍්‍රදායික වාමාංශය, ‘‘ඩඞ්ලිගේ බඬේ මසලවඬේ’ ප‍්‍රතිපත්තිය වැළඳ ගැනීමේ පසුබිම තුළ ය.

කළු ජුලිය බිහි කළ, යුගයේ සොබාව එය විය. දෙමළා යනු, බෙදුම්වාදියෙකු සහ ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් වන්නෙකු පමණක් නොව, සංවර්ධනයේ සාධාරණත්වයට සහ සමාජ ප‍්‍රගතියටත් හානිදායක වන, කලාපීය සහ ජගත් අධිරාජ්‍යවාදයේ අභ්‍යන්තර පිල්ලියක් ද වශයෙන් වෙස්ගැන්වුණි. නානා දේශපාලන මතධාරීන් මෙන්ම මෙලෝ අදහසක් නැතියවුන් ද කළු ජුලියේ මහා මිනිස් සංහාරය අනුමත කෙළේ, එවැනි පරස්පර විරෝධී සහ නැමෙනසුළු අදහස් උදහස් මැල් ̈මකින් සිත්සතන් කුරුවල් කරගෙන ය. සිංහල දකුණේ බොහෝ අය කළු ජුලිය දුටුවේ, දේශමාමක පළිගැනීමේ ක‍්‍රියාවක් වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන් සූරාකැවෙන්නන් රුදුරු සූරාකන්නන්ට එරෙහිව ගැසූ කැරැුල්ලක් වශයෙන් සහ සමාජාර්ථික විපාකයක් පල දීමක් ද වශයෙනි.
තිස් වසරක් ගතව ඇත. කළු ජුලියේ භූතයා, සමාජයත්, රාජ්‍යකරණයත් අරා සිටී. මුස්ලිම්-විරෝධී කෝලසන්නිය තුළ අද අපට පැහැදිළිව ඇසෙන්නේ, ඒ යෝධ ද්වේෂයේ දෝංකාරයයි. ‘ආචාර-විරෝධී ආගම් මාරුව’ ගැන මොරගෑම තුළ සහ ‘දෙමළ ජාතික සන්ධාන’ පළාත් සභා මහඇමති අපේක්ෂකයාට එරෙහිව නැගෙන බාල ප‍්‍රහාරයන් තුළ අපට ඇසෙන්නේ ඒ දෝංකාරයයි.

රටේ ආර්ථික ප‍්‍රශ්න එන්න එන්නම උග‍්‍රවත්ම, සුළුජාතීන් දඩමීමා කර ගැනීමේ අවශ්‍යතාවත්, සිංහලයාගේ ආර්ථික දුෂ්කරතාවන්හි සැබෑ කතෘකයන් වශයෙන් සහ දක්ෂිණ සිහිනයේ සංවර්ධන ‘ෂන්ග්රි ලා’ පාරාදීසියට බාධා කරන්නන් වශයෙන්, දෙමළ/මුස්ලිම්/කිතුණු ප‍්‍රජාවන් ‘ධනපති සූරාකන්නන්’ සේ නිරූපණය කිරීමේ අවශ්‍යතාවත්, රාජපක්ෂලාට වැඩි වැඩියෙන් දැනෙනු ඇත. එම සන්දර්භය තුළ, බොදුබල සේනා/සිංහල රාවය මාදිලියේ අපතයන්ගේ අදාළත්වය සහ වැදගත්කම තව තවත් වර්ධනය වීමට නියමිතයි.

එවිට, ‘යහපත් කැරැල්ලක’ අදහස යහතින්ම ජීවමාන වනු ඇත.

*2013 ජුලි 25 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Resurgent Spirit Of Black July ලිපියේ සිංහල පරිව3⁄4තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.