25 April, 2024

Blog

ආණ්ඩුවේ ‘සල්ලි මලූ නඩේසන්’, ආණ්ඩුවෙන් පනින පිරිස්වලට කහවණු දී නතර කරයි

විපක්ෂය පැත්තට තමන්ගේ බලය සීග‍්‍රයෙන් කාන්දු වෙමින් තිබීම වළක්වා ගැනීමට හැම දහංගැටයක්ම ගහන රාජපක්ෂ පාලනය එය සල්ලි වීසි කිරීමෙන් සාර්ථක කර ගැනීමට වලිකන සැටි ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවිය රටට හෙළි කරයි.

තිරුකුමාර් නඬේසන්

තිරුකුමාර් නඬේසන්

මහින්ද රාජපක්ෂගේ ලේලිය වන නිරූපමා රාජපක්ෂගේ සැමියා, තිරුකුමාර් නඬේසන් නැමැති ව්‍යාපාරිකයා, ජනවාරි මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එක්විය හැකි යැයි සිතන මන්ත‍්‍රීවරුන්ට සල්ලි වීසි කිරීමට පටන් ගෙන ඇති බව එහිදී වාර්තා වෙයි.

සාපරාධී මූල්‍ය ක‍්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් කුප‍්‍රකට ඉතිහාසයක් ඇති මේ ව්‍යාපාරිකයාගේ අතීත ගනුදෙනු හෙලිදරව් කිරීමට රාජපක්ෂලා පියවර ගත හැකි නිසා, ඔවුන්ගේ මේ කොන්ත‍්‍රාත්තුව තමන් විසින් කිරීමට ඔහු භාරගෙන තිබේ. ඒ වෙනුවෙන් නඬේසන්ට සල්ලි මලූ පිටින් රාජපක්ෂලා භාර දී ඇති බවද වාර්තාගතයි.

විපක්ෂයට නොගොස් ආණ්ඩුවේ රැුඳී සිටීම සඳහා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් මෙසේ මුදල් ලබා ගන්නා අයවළුන්ට, යම් හෙයකින් මහින්ද රාජපක්ෂම බලයට පත්වුවහොත් ඉතා නරක කලදසාවකට මුහුණදීමට සිදුවනු ඇතැ යි මේ අතර නඬේසන් තම හිතවතුන්ට කියා තිබේ.

‘‘ඔවුන් ගන්න සල්ලිවලින් හැබෑවටම ප‍්‍රයෝජනයක් ගන්න නං, මහින්ද රාජපක්ෂ පරදීවා කියලා ප‍්‍රාර්ථනා කරන්න තමයි ඔවුන්ට තියෙන්නේ. මොකද, මහින්ද දින්නොත්, වැල් පොලියත් එක්ක ඒ සල්ලි ආපහු ගන්න මහින්ද කටයුතු කරන නිසා.’’ යි, නඬේසන් තම මිතුරන්ට කියා ඇත.

මන්ත‍්‍රීවරුන්ව විපක්ෂයට යාමෙන් වළක්වා ගැනීම සඳහා මෙතරම් ධන කන්දරාවක් වියදම් කිරීමට සිදුවීම ගැන ජනාධිපතිවරයා සිටින්නේ මහත් කෝපයෙන් බව ද, මේ අතර, වාර්තා වෙයි.

ආණ්ඩු පක්ෂයේ නතර වන ලෙස ඉල්ලා තමන්ට රුපියල් මිලියන සීයක් දීමට ඉදිරිපත් විණැ යි, රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ හිටපු ඇමති නවීන් දිසානායක පසුගිය දා කීය. එසේම, සමහර මැති ඇමතිවරුවන්ව නතර කර ගැනීමේ එල්ලය පෙරදැරිව, මීට කලින් ඔවුන්ට දී තිබූ කෝටි ගණනක් වන නිවාස ණය සහ වෙනත් ණය කපා හැරීමට ද රජය පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති කණගාටුදායක ඉරණම ගැන පසුගිය දා ප‍්‍රසිද්ධියේ විවේචනය කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා විපක්ෂයට ගියොත්, දැනට විදේශ සේවාවන්හි නියුක්තව සිටින ඔහුගේ දරුවන්ව ආපසු ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ඔහුට තර්ජනය කොට තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේනගේ අපේක්ෂකත්වය සඳහා සහාය දැක්වීම පිණිස ආණ්ඩුවෙන් එළියට ඒමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු 20 කට වැඩි පිරිසක් සූදානමින් සිටියහ. එහෙත් රාජපක්ෂ පාලනය විසින් ඉහත කී ආකාරයේ ප‍්‍රති-මෙහෙයුමක් දියත් කළ නිසා එසේ එළියට එන ප‍්‍රමාණය අඩු විය.

මෙසේ මන්ත‍්‍රීවරුන්ට කෙලකෝටි ගණනින් දෙන අල්ලස, රාජපක්ෂලාගේ ධනස්කන්ධය සමග සසඳන කළ සොච්චමක් පමණක් වන බව ඇතැම්හු පෙන්වා දෙති. මේ අතර මීට සති දෙකකට පෙර, ජනාධිපති රාජපක්ෂ පෞද්ගලික ප‍්‍රචාරක සමාගම් හයක් කැඳවා සාකච්ඡුා කළ බව ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ හෙලි කරයි. ඒ සෑම ආයතනයකටම රුපියල් මිලියන 50 ක අත්තිකාරමක් ගෙවා ඇති ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ප‍්‍රචාරක වැඩ සටහන් ඔවුන්ට භාර දී තිබේ. මේ අතර තමාගේ වත්කම් ප‍්‍රකාශය ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට භාර දී ඇති බව කියතත් එය මෙතෙක් ප‍්‍රසිද්ධියට පත්කොට නැත. රාජපක්ෂ ජනාධිපතිවරයා ඉහත කී ආකාරයේ මුදල් සම්භාරයක් වියදම් කිරීමට තරම් ඔහු සතු හැකියාවක් ඔහුගේ වත්කම් ප‍්‍රකාශය තුළ අන්තර්ගත වන්නේ දැ යි මෙහිදී ප‍්‍රශ්නයක් මතුවෙයි.

*2014 දෙසැම්බර් 15 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Govt’s Mr. Moneybags Nadesan Stops Crossovers With Big Bucks නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.