25 April, 2024

Blog

සීඑස්එන් නාලිකාව පිළිබඳ ආණ්ඩුවේ කතාව ඇත්ත ද?

උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල

උදය ගම්මන්පිල

චෝදනාව

ජනමාධ්‍යයන්හි සඳහන් වූ අයුරින් සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරුන් සහ හිටපු ප්‍රධාන විධායක නිළධාරින් කුප්‍රකට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ සපයා ගත් ආකාරය හෙලිදරව් කල නොහැකි අරමුදල් යොදා සීඑස්එන් රූපවාහිනි නාලිකාව ආරම්භ කළ බවට චෝදනා කරමිනි. වඩාත් සරලව පැවසුවොත් කළු සල්ලි සුදු කිරීමේ චෝදනාව යටතේය.

මාධ්‍ය වාර්තා කළ අයුරින් සපයා ගත් ආකාරය හෙලි කළ නොහැකි ඩොලර් මිලියන 5ක මුදලක් විදෙස් රටකින් සීඑස්එන් නාලිකාවට ලැබී තිබේ. මෙම සම්පූර්ණයෙන්ම පදනම් විරහිත චෝදනාවකි. කිසිම විදේශ රටකින් කිසිම මුදලක් සීඑස්එන් නාලිකාවට ලැබී නොමැත. ඒ පිළිබඳ සාක්ෂි ඇත්නම් ඉදිරිපත් කරන මෙන් අපි ආණ්ඩුවට අභියෝග කරමු.

සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ සමාගමේ ආයෝජනය කර ඇති රුපියල් මිලියන 207ක මුදලක් සපයා ගත් ආකාරය හෙලි කිරීමට නොහැකි වීමෙන් ඉහත කී චෝදනාවට ලක් වී ඇති බවයි. මිලියන 7ක් ප්‍රාග්ධනය ලෙස ද මිලියන 200ක් ණය ලෙස ද රුපියල් මිලියන 207ක් සමාගමේ ආයෝජනය කර ඇති බව සත්‍යයකි. නමුත් එම අරමුදල් සපයා ගත් ආකාරය පිළිබඳ සියළුම ලිඛිත සාක්ෂි පොලීසියට ඉදිරිපත් කර ඇත. එසේ නම් පොලීසිය විසින් පදනම් විරහිතව මෙම චෝදනා නගන්නේ කෙසේද?

පසුබිම

යෝෂිත රාජපක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා ලෝලියෙකි. ඔහු නාවික හමුදාවේ රගර් කණ්ඩායමේ මෙන්ම ජාතික රගර් කණ්ඩායමේ ද නායකත්වය දරා ඇත. එමෙන්ම ඉලක්කයට වෙඩි තැබීමේ තරග වලින් ජාතික ශූරතාවය දිනා ජාත්‍යන්තර තරග වල දී ද ලංකාව නියෝජනය කර ඇත. එමෙන්ම ජාතික එල්ලේ සම්මේලනයේ සභාපති ධූරය ද දරා ඇත.

ලෝකය පුරා ක්‍රීඩා සඳහා වෙන් වුණු නාලිකාවන් තිබුණත් ලංකාවේ එවැනි නාලිකාවක් තිබුණේ නැත. එබැවින් ප්‍රවෘත්ති සහ ටෙලි නාට්‍ය විකාශනය කිරීම් හරහා බාධා වීමකින් තොරව ක්‍රීඩා තරග නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ට නොවිණි.

මේ පිළිබඳ සිය මිතුරන් සමග සාකච්ඡා කර ක්‍රීඩා සඳහා වෙන් වූ රූපවාහිනි නාලිකාවක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් “සීඑස්එන්“ නමින් ආරම්භ කිරීමට යෝෂිත විසින් සිය මිතුරන් දිරිමත් කරන ලදී. යෝෂිත රාජපක්ෂ කිසිම දිනක කොටස් හිමියෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු වූයේ නැත. නමුත් තමන්ගේ සංකල්පයක් මෙන්ම සිහිනයක් සැබෑ කරන ආයතනයක් බැවින් ඊට සෘජුවම මැදිහත් වී ආයතනයේ දියුණුවට කැප වන ලදී. එමෙන්ම එම නාලිකාවේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කලේය.

සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය යොදන ලද්දේ අධ්‍යක්ෂවරු විසිනි. යෙද වූ මුල් මුදල වන්නේ රුපියල් මිලියන 7කි. ඒ අශාන් ප්‍රනාන්දු මිලියන 5ක් ද අශාඩියා කරුණාජීව මිලියනයක් ද කවිෂාන් දිසානායක මිලියනයක් ද වශයෙනි. එම මුදල් වෙනුවෙන් අදාළ ආයෝජකයින්ට කොටස් නිකුත් කර ඇත. අධ්‍යක්ෂවරයෙකු මෙන්ම පළමු ප්‍රධාන විධායක නිළධාරි ද වූ රොහාන් වැලිවිට තමන්ගේ තිනෙත නම් චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාව සතු වූ මිලියන 4ක් පමණ වටිනා උපකරණ ද සේවකයින් ද සීඑස්එන් නාලිකාවට ලබා දෙන ලදී.

විකාශන කටයුතු ඇරඹීම සඳහා ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂයක මාසික බදු කුලිය මත ලබා ගෙන ඇත. වීඅයිඑස් බ්‍රෝඩ්කාස්ටින් සමාගමෙන් සංඛ්‍යාත සහ උපකරණ ද කුලියට ලබා ගෙන ඇත. පසු කාලීනව මෙම නාලිකාව සඳහාම සංඛ්‍යාත ලබා ගන්නා ලදී.

ආයතනය කර ගෙන යෑමට ආරම්භක මුදල ප්‍රමාණවත් නොවුණු බැවින් 2011 මාර්තු සහ සැප්තැම්බර් අතර වරින් වර ණය මුදල් ලබා ගන්නා ලදී. එසේ ලබා ගත් මුළු ණය මුදල රුපියල් මිලියන 200කි. එයින් මිලියන 50ක් ලබා දී ඇත්තේ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගමයි. ඒ සඳහා ටීපීඑල් හෝල්ඩිංග්ස් සමාගම සතු රුපියල් මිලියන 76ක බැංකු ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ගෙන ඇත. මේ පිළිබඳ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් කඩුවෙල මහෙස්ත්‍රාත් ඉදිරියේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුවේ තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරය වන්නේ ඇපයට දේපලක් තබා ගෙන ණය ලබා දීම බවත් ඒ අනුව සීඑස්එන් නාලිකාවට ඇපයක් තබා ගෙන ණයක් ලබා දීම තවත් එක් සාමාන්‍ය ගනුදෙනුවක් පමණක් බවත්ය.

තවත් මිලියන 50ක් ලබා ගෙන ඇත්තේ ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගෙනි. ඒ සඳහා ණය ගිවිසුමක් ද අත්සන් කර ඇත. එකී ණය මුදල ලබා දුන් ඔහු දැන් පවසන්නේ තමන් ණය මුදලක් නොදුන් බවත් තමන්ට තර්ජනය කර බිය ගන්වා මෙම ණය ගිවිසුමට අත්සන් කරවා ගත් බවකි. එය හුදෙක්ම සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු අමාරුවේ දැමීමේ දුෂ්ට අරමුණින් පවසන කතාවක් බව පැහැදිලිය. ඔහු ඒ පිළිබඳ කිසිම දිනක කිසිවෙකුට පැමිණිලි කර නැත. එම කතාව පොලීසිය විශ්වාස කිරීමට නම් මුලින්ම කළ යුත්තේ ගිවිසුමේ ණය දුන් බවට සඳහන් පුද්ගලයා දිසා උසාවියට මෙම කරුණු ඉදිරිපත් කර එම ගිවිසුම වලංගු නොමැති බවට ප්‍රකාශ කර ගැනීමයි. මේ වන තෙක් එවැනි කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැත. එබැවින් එකී ණය ගිවිසුම නොසළකා හැරීමට පොලීසිය ගත් තීරණය නීති විරෝධිය.

ඉතිරි මිලියන 100 ලබා දුන්නේ කොස්මොස් ටෙක්නොලොජි සහ කොස්මොස් ප්‍රින්ටින් යන සමාගම් වලිනි. එම මුදල චෙක්පත් වලින් සහ සල්ලි වලින් වරින් වර ලබා දී ඇත. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ද තමන් මුදල් ලබා නොදුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ගිවිසුමට අත්සන් ලබා ගත් පවසා ඇත. නමුත් එම ගිවිසුම අවලංගු බවට කිසිම අධිකරණයක් මගින් ප්‍රකාශ කර ගෙන නොමැත.

මීට අමතරව චෙස්මි ලිමිටඩ් ආයතනයෙන් රු මි 27ක් ණයට ලබා ගත් අතර එම මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇත.

මේ අනුව පෙනෙන්නේ රුපියල් මිලියන 207 සපයා ගත් ආකාරය පිළිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර තිබිය දී පදනම් විරහිතව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සලස්වා ඇති බවයි. මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණෙන් ලිඛිත ණය ගිවිසුම් නොසළකා හැරීමට තීරණය කර ඇති බවයි. මූල්‍ය විශුද්ධිකරණය පිළිබඳ සැකකරුවන්ට ඇප ලබා දීමට මහෙස්ත්‍රාත්වරුන්ට බලය නොමැති හෙයින් දිගු කලක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ දුෂ්ට අරමුණින් මෙම චෝදනා ගොනු කර ඇති බව පෙනේ.

රාජ්‍ය දේපල අපහරණය හෝ රේගුවට ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වුවත් 2016 ජනවාරි 30 දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පොලීසිය ගොනු කළ වාර්තාවේ සඳහන් කර තිබුණේ මූල්‍ය විශුද්ධකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් බව පමණි.

රාජ්‍ය දේපල අපහරණය හෝ රේගුවට ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරීම හෝ වෙනත් යම් වරදක් කර ඇත්නම් එයට දඬුවම් කිරීම පිළිබඳ අපේ කිසිම විරෝධයක් නැත. නමුත් නොකළ වරදක් පිළිබඳ පදනම් විරහිත චෝදනා නැගීම හුදෙක් දේශපාලන පලි ගැනීමකි.

මා මෙම ලිපිය සඳහා පදනම් කර ගත්තේ සීඑස්එන් නාලිකා අධ්‍යක්ෂවරුන් සමග පැවැත්වූ සාකච්ඡා සහ ආයතනය සතු ලිපි ලේඛණ පරිශීලනයෙන් ලබා ගත් තොරතුරුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    No doubt this is their defense, but we’ll wait and see whether courts will accept this. At least we can trust the judiciary now, unlike under the previous regime. However, this man is not a trustworthy person. He can speak from both ends, mostly from the rear end. I do not know why a responsible website like CT give so much publicity to this caliber of people.

    • 3
      0

      This man Udaya Gpila – would go on eating the heaps of extrements left by former leader- if he feels to be loyal. He would not become full. That is predisposed in his genome.

      What I realize being loyal means not to cover the facts. Not to stay mum where it is needed as cabinet ministers had been during the high days of MR regime.

      I have listend to UG on Sirasa not once several times- he has the talent (some call it like that) to widen the far unthinkable views making any listeners attractive, but if you study the stories from the basic levels on – you feel that the man is fully wrong. Besides the cretaure sadly takes the side of wrong doers these days, could lead to loose his seat easly in the future. Just because one who owns a healthy mouth – but to abuse it for protecting wrong parties- is a greater criminal act as I learnt it already as a 10 year old.

  • 1
    0

    නාමල්, ශිරන්ති අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ ජනපති මෛත්‍රී’
    15 පෙබරවාරි 2016
    යවන්න

    ජනාධිපතිවරණය අවසන් වූ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ ආණ්ඩුවේ උත්සාහය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැළැක්වූ බව අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන අද කොළඹ දී පවතී මාධ්‍ය හමුවක දීයි ඔහු මේ බව පැවසුවේ.
    ‘බරපතළ ප්‍රශ්න දෙකක් ආවා, එකක් ශිරන්ති රාජපක්ෂ මැතිනියට හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට, ඒ වෙලාවේ මේ අය අත්අඩංගුවට ගන්න උත්සාහ ගත්තේ ’
    ‘ජනාධිපතිතුමා කිව්වා පරීක්ෂණ කටයුතු කරන්න මම ඒවාට බාධා කරන්නේ නැහැ, හැබැයි එහෙම අත්අඩංගුවට ගන්න එපා එයා හිටපු ජනාධිපතිතුමාගේ භාර්යාව කියලා’
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමාගෙන් විධායක බලය භාවිතා කර බලෙන් ලබාගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉරිදා මීගමුවේ පළාත් පාලන මන්ත්‍රී හමුවක දී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වූයේ රටට හෝ පක්ෂයට ආදරේ නිසා නොව තම පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා බවයි.

    තමන් විශ්‍රාම සුවයෙන් සිටීමට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රැක ගැනීමට පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑතක් වන තුරු ප්‍රකාශ කර සිටියත් ඉරිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමින් පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නායකත්වය තමන්ගෙන් ලබාගත්තේ බලෙන් බවයි.
    ‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දන් දීලා ගියා ලු, මම දන් දීලා ගියේ නැහැ විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා තමයි මගෙන් ඒක ගත්තේ’
    අභියෝගයක්
    මේ අතර හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරමින් මීගමුවේ පැවති ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රී හමුවට හිටපු පළාත් පාලන නියෝජිතයින් 1401 දෙනෙකු සහභාගි වූ බවට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අසත්‍ය බවද ඉහත කී මාධ්‍ය හමුවේදී එස්බි දිසානායක අමාත්‍යවරයා පැවසුවේය.
    ‘අපේ 50 ක් විතර මෙතනට අපි යැවුවා, ආපු ඔක්කොම අයගේ ඡයා රූප ගත්තා, පළාත් පාලන නියෝජිතයන් ආවේ 551යි. අපි අභියෝග කරනවා කරුණා කරලා මේ 1401 ලැයිස්තුව ඉදිරිපත් කරන්න’
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂයේ යටි තලයේ සහාය ඇති බව පැවසූ එස්බී දිසානායක අමාත්‍යවරයා කෙසේ වෙතත් ඔහුට ඇති සුළු ජාතික විරෝධය හේතුවෙන් ඔහුගේ මෙහෙයවීමෙන් ජයග්‍රහණ ලබාගත නොහැකි බවයි සඳහන් කළේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.