26 September, 2020

Blog

දෙදහස් දහ නවය භයානක වසරකි

උපුල් කුමාරප්පෙරුම​ –

උපුල් කුමරප්පෙරුම

අදින් පසුව ඉදිරියට ඇති වසර එකහමාරක කාලයක රජය පොරොන්දු වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය රජයේ මූලිකත්වයෙන් ගෙන ඒම සැක සහිතය. ජනාධිපතිවරයාගේ ප්‍රධානතම පොරොන්දුව වූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අද ඔහු කුමන ස්ථාවරයක් දරන්නේද යන්න පැහැදිලි නැත. ජනාධිපතිවරයා බලයට පැමිණෙන අවස්ථාවේදී වසර දෙකකින් ඉවත්වනවා යැයි කියු ජනපති ධූරයෙහි සැබෑ කාලය කොපමණදැයි සොයා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන්ම එය සනාථ වේ. යම් හෙයකින්  ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ගැනීමට නොහැකි වුවහොත් දෙදහස් දහනවය ජනාධිපතිවරණ මැතිවරණ වසරකි. ලංකාව නැවත වරක් විධායක ජනාධිපතිවරයෙකු පත්කර ගත යුතු වසරෙකි.

විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස අගමැතිවරයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය තුලම පැන නැගෙමින් තිබූ විරෝධය යටපත් කර ගැනීමට ඔහු සමත් විය. පක්ෂ ප්‍රතිසංස්කරණය හමුවේ අගමැතිවරයා තව දුරටත් පක්ෂ නායකයා වශයෙන් තබා ගැනීමට එජාපය ගත් තීන්දුව එයට හොඳම සාක්ෂයකි.විශ්වාසභංගයේ ප්‍රතිඵලය සමග එජාපයේ වික්‍රමසිංහ හිතවාදී කණ්ඩායම විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රැගෙන ඒමේ ප්‍රවනතාවය දැං වනවිට වැඩිවී ඇත. එජාපයේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සඳහා හඬ නැගූ බහුතරයක්ද පක්ෂ තීන්දුව සමග නිශ්ෂබ්දව ඇති සැටියක් පෙනේ. විශ්වාසභංගයේ එජාප ජයග්‍රහණය සමග රූල් අතර කියැවීමේදී තේරුම් ගත හැකි එක් ප්‍රධාන කාරණයක් නම් විශ්වාසභංගය සමහර විට පොදු ජන පක්ෂය විසින් දුර දිග බලා අටවන ලද උගුලක්ද යන කාරණයයි. පොදු ජන පක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායම විසින් තම ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම දැනටමත් යෝජනා කොට අවසන්ය. රාජපක්ෂ මහතා ඉදිරියෙහි ඇති නීතිමය පරිභාධකය ඉවත් කර ගැනීමට ඔහු සමත් වෙතොත් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නට ඔහුට වෙනත් බාධාවක් නැත. රාජපක්ෂ මහතා වටා සිටිනා කණ්ඩායමෙහි ප්‍රධාන ජන්ද පදනම රට පුරා විසිරී ඇති සිංහල බෞද්ධ ජන්දයයි. අතර සැලැකිය යුතු සිංහල බෞද්ධ මධ්‍යම පාන්තික කොටසක්ද සිටින බව අමතක කල නොහැකිය. මේ කොටසෙහි වැදගත්කම වන්නේ ඔවුන් මත හසුරුවන්නන් ලෙස ක්‍රියාකාරී වීමේ  ඇති හැකියාව නිසාය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම තවමත් නිහඬ පිලිවෙතක් දරයි. රාජපක්ෂ මහතා යම් ලෙසකින් ජනපති තරඟයට ඉදිරිපත් වන්නේ නම් අද මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා සමග සිටින නිදහස් පක්ෂ කොටසෙන් ප්‍රමාණයක්ද ඔහු සමග එකතු විය හැකිය. එජාපයේ බුද්ධි මණ්ඩල සමහරෙකගේ අදහස වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ඔහුගේ කණ්ඩායම විසින් සිතන ආකාරයටම ලෙහෙසියෙන් ලබා ගත හැක්කක් නොවන බවයි. ඔවුන් ගෙන එන තර්කය නම් බැසිල් රාජපක්ෂ කණ්ඩායම ජනාධිපතිවරණ අපේකේෂකත්වය සඳහා උන්නදුවක් ඇති බවත් යම් හෙයකින් ගෝඨාභය තරඟයට ඉදිරිපත් වුවහොත්  බැසිල් පිල අපේක්ෂකයෙකු ඉදිරිපත් කල හැකි බවයි. මේ තර්කය පිලිගත හැකි නොවන්නේ නොවන්නේ මේ අවස්ථාව වන විට රාජපක්ෂ  පවුලෙහි ප්‍රධාන අවශ්‍යතාවය කුමක්ද යන කාරණය සමගය. රජපක්ෂ පවුලට පසුගිය කාල වකවානුවෙහි තිබූ එකම හිසරදය ඔවුනට එරෙහිව ඇති අධිකරණ කටයුතු සහ විවිධ විමර්ශණයන්ය. ඔවුනට මූලික වශයෙන් ගැලවිය යුතු වන්නේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමෙන්ය. රාජපක්ෂවරුන්ගේ අදහස තමන්ගේ රජයක් තුල සියල්ල අවසන් කිරීමය. එසේම තමන්ට එරෙහි වූවනට නීතිය ක්‍රියාත්මක කිරීමය. මේ අවශ්‍යතාවය ඉශ්ඨ කර ගැනීමට නම් රාජපක්ෂවරයෙක් කෙක්කෙන් හෝ කොක්කෙන් බලයට යුතුය.  සමාජයෙහි කුමන මතයක් පැලවෙන්නට හැරියත්, වැඩෙන්නට හැරියත්, ඉහත කාරණය සම්බන්ධයෙන් ඔවුන් සියලු දෙනා සමාන අදහසක් දැරිය යුතුය. මේ කාරණයේදී  මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත තීරක ජන්දය වනු ඇත. අවසාන වශයෙන් අපේක්ෂක සහෝදරයා කවුරුන්ද යන්න ඔහු තීරණය කරන්නේ තම දරුවන්ගේ දේශපාලන ස්ථාවරත්වය කුමන සහෝදරයා මත රඳා පවතින්නේද යන කාරණයට වඩා දරුවන්ගේ ආරක්ෂාව යන කාරණය මත පිහිටාය. විශේෂයෙන් රාජපක්ෂවරුනට එරෙහි නඩු කටයුතු තීව්ර වුවහොත් එය වඩාත් පැහැදිලි වනු ඇත.

ප්‍රධාන අපේක්ෂකයන් ලෙස රාජපක්ෂ මහතා සහ වික්‍රමසිංහ මහතා තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වන්නේ නම් රටෙහි අනෙකුත් පක්ෂවල හැසිරීමද සලකා බැලිය යුතුය. උතුර ගතහොත් එහි ප්‍රධාන වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. ද්‍රවිඩ සන්ධානයෙහි අති බහුතරයක් විශ්වාසභංගයේදී වික්‍රමසිංහ මහතා සමග සිට ගත්තේය. එම තීරණයට හේතු පාදක වූ කාරණා ද්‍රවිඩ සන්ධානය විසින් ඉදිරියේදි තම ජන ප්‍රජාව වෙත පැහැදිලි කල යුතුය. වික්‍රමසිංහ මහතා විශ්වාස කිරීමෙන් තමන්ට ලැබිය හැකි ප්‍රතිලාභය පැහැදිලි කල යුතුය. ඉදිරි වසර එකහමාර තුල එය ඔවුනට හිමි විය යුතුය. එසේ නොවන්නේ නම් උතුර තව දුරටත් වික්‍රමසිංහ මහතා විශ්වාස නොකරනු ඇත. එම තීරණය නිසා ද්‍රවිඩ සන්ධානයද දේශපාලන සිය දිවි නසා ගැනීමක් සිදු කරගෙන ඇති තත්වයක් ඇතිවීම වැලැක්විය නොහැකි වනු ඇත.

කරුණු එසේ වුවහොත් 2019දී උතුර කුමක් කරාවිද? දෙදහස් පහලොව ජනවාරි අට පෙරළියෙන් පසුව ඇති වූ  නව දේශපාලන ප්‍රවණතා තුල උතුරේ දේශපාලකයන්ද වෙනදා නොතිබුණු යම් නම්‍යශීලි භාවයකින් දකුණ සමග දේශපාලනය කරන වාතාවරණයක් ඇතිවිය.විශ්වාභංගයේදී ඔවුන්ගේ හැසිරීමද මෙයට හොඳ නිදර්ශණයකි. උතුර, දකුණ සමග පවතින සුහදත්වය පවතින්නේ උතුර සම්බන්ධයෙන් දකුණ කිසියම් ආකාරයක සාධාරණ වැඩපිලිවෙලක් ඉදිරිපත් කරාවිය යන විශ්වාසය මතයැයි ඉතා පැහැදිලි කාරණයකි. එහෙත් උතුර අපේක්ෂා කරණු ලබන කිසිදු සාධනීය ප්‍රතිසංස්කරණයක් ඉදිරියේදි සිදු නොවුනහොත් ජනාධිපතිවරණයේදී ඇති විය හැකි තත්වය ඉතා සංකීරණ විය හැකිය. එම සංකීරණත්වය තුල ද්‍රවිඩ සන්ධානයද අස්ථාවරත්වයකට පත්වීම වැලැක්විය නොහැකිය. මේ සියලු තත්වයන් යටතේ   උතුර නැවතත් ස්වයං තනිවීමකට තල්ලු වීම වැලැක්විය නොහැකිය.  ද්‍රවිඩ සන්ධානය  දේශපාලන වශයෙන් අස්ථාවර වුවහොත් ඔවුනට තම පදනම ස්ථාවර කර ගත හැකි එකම විකල්පය දකුණේ නායකත්වය විශ්වාසය තැබිය නොහැකි බව පවසමින්  තමන්ගේ අපේක්ෂකයෙකුද ජනපතිවරණ තරඟ බිමට එකතු කිරීමයි

මේ හා සමානම තත්වයක් දකුණේ දේශපාලනයේද ඇති වී ඇත. ජනවාරි අට ව්‍යාපාරය හා එක්ව කටයුතු කරන ලද දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අද වන විට අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින්නේ රජය සහ ජනාධිපතිවරයා විසින් යහපත් රාජ්‍ය පාලනයක්  සඳහා දුන් පොරොන්දු කඩ කරමින් තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයන් අනුව කටයුතු කිරීම නිසාය. මේ තත්වය උඩ දකුණේද ප්‍රධාන පක්ෂ නායකයන් විශ්වාස කරමින් ජනපතිවරණය සඳහා පෙරමුණකට පැමිණීමේ හැකියාව අහෝසිව ගොස් ඇත. බැඳුම්කර වංචාව හරහා අගමැතිවරයා ඇති කරගත් අපකීර්තිය සහ එජාපයේ සමහරක් නායකයන්ගේ ක්‍රියාකාරකම් නිසාම එම තත්වය දිනෙන් දින තව තවත් පලුදු වන තත්වයට පත්ව ඇත. ජනතා විමුක්ති  පෙරමුණද ඉඟි කරන ආකාරයට ඉදිරියේදි ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජවිපයද තරඟය සඳහා තනිව ඉදිරිපත් වීමේ හැකියාවක් ඇත. ආණ්ඩුවට එරෙහි ජවිපයෙහි ප්‍රධාන චෝදනාව වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රට වෙනස් කිරීමට ලැබුණු මහඟු අවස්ථාව විනාශ කොට දැමූ බවයි.

මේ සියලු තත්වයන් සලකා බැලීමේදී 2019 මැතිවරණය  සඳහා මුහුණ දීමට රටෙහි හොඳ පෙර සූදානමක් සකස් කර ගත යුතුය. ලියුම් කරු සඳහන් කර ඇති ආකාරයට අපේක්ෂකයන් ඉදිරිපත් වුවහොත් එයින් කුමන හෝ අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරමින් ජන්දය අවසන් වන්නට පුලුවන. එහෙත් ජන්ද ප්‍රතිඵල සමග ඇතිවන බෙදීම රටට හිතකර වන්නේ නැත. විශේෂයෙන්ම දකුණේ නායකයන් ප්‍රතික්ෂේප කරමින් උතුර වෙනම තරඟ කිරීම යන කාරණය නැවත වරක් පෙර තත්වයටම ජාතීන් අතර අවිශ්වාසය ගොඩ නැගීමට සමත් විය හැකිය. එසේම 2015 ජනපතිවරණයේ එක්ව සිටි කණ්ඩායම් බෙදි වෙන්වී තරඟ කල හොත් වෙනස් ප්‍රතිඵලයක් බලපොරොත්තු විය හැකිය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ගේ පෙර ක්‍රියා කලාපයන් සහ ඔහු සම්බන්ධයෙන් නැගී ඇති විවිධ චෝදනා සැලකීමේදී ප්‍රතිඵලය ඔහුට වාසිදායක වුවහොත් එම ප්‍රතිඵලය රටෙහි පැවැත්මට කෙසේ බලපානු ඇත්ද යන කාරණය නිකම්ම බැහැර කල හැකි දෙයක් නොවනු ඇත. යුද්ධයෙන් පසුව රටෙහි සිදුවූ බොහෝ අපරාධයන් සිදු වූයේ  රාජපක්ෂ පාලනය සුමටව කර ගෙන යාම පහසු කරණු පිණිසයි. තමන්ට විරුද්ධව ලියූ මාධ්‍යවේදියා මරණයට පත් වන්නේත් පැහැර ගෙන යන්නේත් නිසාය. පාලනයේ පහසුව පිණිස මර්ධනය ක්‍රියාත්මක කරවීම අදවන විට අවලංගු ක්‍රමවේදයක් වී නොමැත. එසේ නම් අද පුලුල් සාකච්ජාව බවට පත්කර ගත යුත්තේ නැවතත් රටෙහි සියලු කොටස් එකට එකතු කොට විශ්වාසය ගොඩ නැගිය හැකි නායකත්වයක් සහ බලවේගයක් ගොඩ නැගීමේ කතිකාවයි. අනගතයේදි ක්‍රියාත්මක භාවයට පත් විය යුත්තේ එම කතිකාවෙහි තීන්දු තීරණයි. එසේ නොවුනහොත් ඉදිරි දශකයේදී යුරෝපයේ සහ වෙනත් රටවල ශ්‍රී ලාංකික ඩයස්පෝරාව තව තවත් විශාල වීම වැලැක්විය නොහැකිය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    UPUL: I think you are writing for a specific Political party. Because some of your statements are LIES. YOu mention that TNA and Tamils may fight the PResidential election alone. So, that vote is excluded from the both contestants. YOu say sinhala vote is “matha Daranna”. I think, what you say is that can be divided. Again you say, there will be two groups from SLPP, gotabhaya and Basil. I think Basil would come only if some one gives him a big chunk. He would be coming not to win but to divide the vote. Ranil lost the local elelction but he won among 225. Do you think people trust any of those theives ? I heard Ranil might contest for the presidential election. Mahinda Rajapakse may suppoprt him if he is given the PM post. So, SLFP will be in the govt. The important thing is TNA wants to be the LTTE again.

  • 0
    0

    මේ ලිපියේ ද්‍රවිඩ ජාතික සංධානය ගැන කියපු තැනින් පටන් ගත්තොත්, රනිල් විශ්වාස භංග යෝජනාව දිනුවේ ද්‍රවිඩ ජාතික සංධානය නිසා නෙමෙයි. රනිල්ව එලවන්න හැමෝම එකතු කරගන්න කියලා සාම පාගමනක් ගියපු මෛත්‍රී ගුණරත්න ගියපු වාහන වල කුරුඳු පොලු 98කුයි බෝර පිස්තෝල දෙක වේලාසනම අහු වුනු නිසායි රනිල් බේරුනේ. ඒවා අහු වුන නිසා, තමන්ගේ මිනිස්සුම දාලා තමන්ගේම කුරුඳු පොලු වලින් සහ තමන්ගේම පිස්තෝල වලින් තමන්ගේ පෙළපාලියටම ගුටි ගහගෙන, වෙඩි තියාගෙන ඒක රනිල් පිටින් දාන්න හදපු පහත් උත්සාහය වැළකුනා. රනිල් හරි නම් ඕක අල්ලපු පොලිස් නිලධාරීන්ට උසස් වීමක් දෙන්න ඕනේ. කුරුඳු පොලු කියපු ගමන් මංගලව මතක් වෙන නිසා මංගල රනිල්ට විරුද්ධ වැඩ කලාද කියලා එක්සත් ජාතික පාක්ෂිකයෝ අතරේ විචිකිච්චාවක් ඇති වෙන්නත් ඉඩ තිබුන. අවුරුදු 3ක් තිස්සේ නොකරපු, මහා බැංකුව මුදල් අමාත්‍යංශයටම ආපහු දීමත් විශ්වාස භංග යෝජනාව අතරේම සිද්ධ වුන එකත් අහඹු සිදුවීමක් නෙමෙයි. උසාවි ගෙනියපු මෛත්‍රී ගුණරත්නට එකෙනෙහිම ඇප ලැබුන. නඩුවත් මාස ගානකින් ජූනි වෙනකම් ඈතට ගියා. විමල්ට කොහොමද? නඩු ඇහැව්වේ වෙන වැඩ නැහැ වගේ සතියෙන් සතියට සති දෙකෙන් දෙකට. දැන් මේකට මෛත්‍රී ගුණරත්න නැතුව ඒකාබද්ධ විපක්ෂයේ කවුරු හරි අහු වුනා නම් ඔය විදියට ඇප දෙයිද? පැහැදිලිවම අධිකරණයට දේශපාලන බලපෑමක් වෙනවා. මං රනිල්ට විරුද්ධ වුනත් හරියට කතා කලොත් රටේ අගමැතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැල්ල තියෙන වෙලාවක, රටේ ජනමතය හිතාමතා වෙනස් කරන්න මෛත්‍රී ගුණරත්න කරන්න හදපු දේ බරපතලයි. මෛත්‍රී ගුණරත්නගේ සාම පාගමන “රනිල්ගෙන්” ගුටි කෑවනම් මුළු රටම කියයි රනිල්ව අයින් කරන්න ඕනේ කියල. වේලාසනම ඒක අහු වෙහ්ච්ච නිසා එහෙම වුනේ නැහැ. රනිල්ගෙන් පස්සේ එතනට කවුද කියන එක ගැන මිනිස්සු අතරේ විචිකිච්චාවක් තිබුණු නිසා සිංහල මිනිස්සු වික්ෂිප්තව බලා හිටිය මිසක් රනිල් එලවන්න කියලා ලොකු මතයක් ආවේ නැහැ. එහෙම ලොකු මතයක් රටේ තිබුන නම් ද්‍රවිධ ජාතික සන්ධානය බොහෝ දුරට රනිල්ට විරුද්ධව චන්දෙ දෙන්න තිබුන.
    Contd’ 1/2

  • 0
    0

    Continuation …….
    පැහැදිලිවම පේන විදියට සිංහල ජනතාව වගේම ද්‍රවිඩ/මුස්ලිම් පක්ෂත් නායකයුනුත් අද වෙනකොට එක්තරා කඩ ඉමකට ඇවිල්ල ඉන්නවා. ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් වුනත් අද වෙනකොට දියාරු තත්වෙකට ඇවිල්ල. මෙච්චර කල් සිංහල පක්ෂ එක්ක කරපු කේවල් දේශපාලනයෙන් දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂත් හති වැටිලා කියලා මට හිතෙනවා. ඊළඟ චන්දෙ තරඟය තියෙන්නේ රනිල් සහ ගෝඨාභය අතර නම්, දෙමල/මුස්ලිම් දේශපාලන පක්ෂ රනිල් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. ඒ ඔවුන් ගෝඨාභය එක්ක එකතු වෙන්න තියෙන සම්භාවිතාව හුඟක්ම අඩු නිසා. ගෝඨාභය කියන්නේ අලුත් නායකයෙක් නෙමෙයි. අවුරුදු දහයක් මහින්දගේ ආණ්ඩුවේ හිටපු බලගතුම චරිතය විකල්පයක් නෙමෙයි.
    .
    මේ ලිපියේ කියන විදියට ද්‍රවිඩ ජාතික සන්ධානය තනියම ජනාධිපතිවරණෙට ඉල්ලයි කියලා හිතන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් එයින් ඔවුන්ට කිසි වාසියක් අත් නොවෙන නිසා සහ ඊට පස්සේ ඔවුන් තනි වෙන නිසා සහ ඔවුන්ගේ චන්ද වලට තිබුණු වටිනාකම නැති වෙන නිසා. ඉතිහාසයේ පලවෙනි වතාවට ද්‍රවිඩ/මුස්ලිම් පක්ෂ ඊළඟ ජනාධිපතිවරණෙයේදී සිංහල ජනතාවගේ මතය දිහා බලල ඒ අනුව තමන්ගේ තීරණය ගන්න තියෙන ඉඩකඩ වැඩියි. දේශපාලන ඉල්ලීම් වෙනුවෙට තමන්ගේ ජනතාව වෙනුවෙන් ප්‍රයෝගික ඉල්ලීම් ඉදිරිපත් කරන්නත් පෙළඹෙයි. ඊළඟ ජනාධිපතිවරණයට කවුද එන්නේ කියලා හරියටම දන්නේ නැති වුනත්, සිංහල මිනිස්සු අනිවාර්යයෙන්ම විකල්පයක් ඉල්ලන්න ඉඩ තියෙනව. ඒ මොකොද කිව්වා නම් පළාත් පාලන චන්ද, පළාත් සභා චන්ද හෝ මහා මැතිවරණයට වඩා ස්වාධීන තීරණයක් ගන්න අවස්ථාවක් ජනාධිපතිවරණයේදී ලැබෙන නිසා. විකල්පයක් නැත්නම් තමන්ම විකල්පයක් හොයා ගන්නත් ඉඩ තියෙනව. The next Presidential election is crucial and possibilities are endless. Therefore, it is too early to make a prediction.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.