26 April, 2024

Blog

සල්ලි ගසක් සෙලවුනා ද?

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

දේශපාලන ඉතිහාසය රසවත් කථාවලින් පිරී ඇත. දහනායක දකුණු පළාතේ නමක් ඇතිකරගෙන සිටි ප්‍ර​සිද්ධ දේශපාලන චරිතයකි. වරෙක ඔහු අගමැති ධුරයටද පත්විය. ගාල්ල ආසනයට ඔහුට තරඟ වැදීමට සිදුවූයේ වත්පොහොසත්කම්වලින් ඉතා ඉහල ප්‍රතිවාදියෙක් සමගය. දහනායකට වියදම් කිරීමට හැකියාවක් නොතිබුණ සාමාන්‍ය පුරවැසියෙක් විය. ඔහු සිය ඡන්ද දායකයින්ට අපූරු කථාවක් කීවේය. ‘‘මම සල්ලි ගසක් සොලවනවා. නුඹලා ඇහිඳගනිල්ලා’’ යනුවෙන් ඔහු ප්‍ර​තිවාදියා විසි කරන මුදල් වලින් ප්‍ර​යෝජන ගැනීමට ඡන්ද දායකයින් දිරි ගැන්වීය. එහෙත් ඡන්දය ඔහුටම ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය. එදා එය එසේම සිදු විය.

විශ්වාස භංගයද හොඳ සල්ලි ගසක් සෙලවුනු අවස්ථාවක් බවට සැකයක් නැත. අද කියන දේ හෙට වෙනස්වන අයුරු ඉතා පැහැදිලිව දැක ගන්නට ද ලැබුණි. ‘‘ඇට නැති දිව’’ හැරෙන හැරෙන පැත්තට වචන පිටවිය. තොප්පිය ගලවමින් යළි දමා ගනිමින් සිය ඡන්ම ස්වභාවය පෙන්නුම් කළ අයද හොඳින්ම හෙළිදරව් විය. අන්තිමේ දී සෙලවුන ගසෙන් තම තමාගේ සාක්කු වලට වැටුණු ගණන අනුව ප‍්‍රතිඵලයද වෙනස් වීමට හේතු විය. 225 ස් දෙනාගේ දේශපාලනය එය වුවද ඔවුන් තෝරා පත්කරගන්නා අයගේ දේශපාලනයේ යථා තත්ත්වය දැක ගන්නට ලැබෙන්නේ පසුවය. ඔවුනට සලස්වන්නට වෙන්නේ වෙනත් විදියේ වාසිය. එවිට පුද්ගලික සල්ලි ගස් සෙලවීමකට වඩා රජයෙන් ලබාදෙන විවිධ අනුග‍්‍රාහාත්මක දීමනා උපයෝගී කර ගැනීමට මාන බලනු ඇත. වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මගුල්ය.

සිදුවන බවට අනුමාන කළ අයුරින්ම වැඬේ නිමාවකට පත් විය. අවලාද අපහාස හා බාධා කිරීම් මගින් ඉතා දක්ෂ ලෙසින් ප‍්‍රශ්නය තිබියදී වෙනත් දිසාවන්ට අවධානය තල්ලූ වී ගියේ ය. අගමැතිට එරෙහිව විශ්වාස භංගයට පක්ෂ කරුණු දක්වන්නට නැගී සිටි අය නොදැනුවත්ම තම තමාගේ පරණ පව් වසා ගැනීම් දෙසට යොමුවී ගිය බවක් පෙනී ගියේ ය. පුදුම වන්නට දෙයක් නැත. නොදන්නා විෂයයක් ගැන, දැනුවත් වීමේ උත්සාහයක්ද නොගෙන තමුන්ද වගකිව යුතු පැරණි පව් සමූහයක් හිස මත දරාගෙන සිටින පිරිසක් උපක‍්‍රමශීලීව මංමුලා කරමින් අවධානය වෙනත් පැතිවලට යොමු කිරීම අපහසු නොවන බව බැඳුම්කර වංචාව සැලසුම් කළවුන් ඉතා හොඳින් දැන සිටියහ. මහා වංචාවක් සැලසුම් කිරීමටත්, එය හෙළිදරව් වීම වළක්වා ගැනීමටත්, විවිධ සට කපට ක‍්‍රියා මඟින් පරීක්ෂණවලට බාධා කිරීමට හා පරීක්ෂණවලට බලපෑම් කිරීමටත්, මහ හොරා රටින් පිට කිරීමට සහ එමඟින් මහා වංචාවේ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ප‍්‍රමාද කිරීමටත් හොඳින් දන්නා අය විවාදයේ දී එයට සහභාගී වන අය නොමඟ හැරීමට උප්පරවැට්ටි යෙදීම ගැන පුදුම විය යුතුද? පෙර සූදානමක්ද නැතිව නොදන්නා දේ වලට ඇඟිලි ගැසීමද සතුරු වෙසින් සිටින තම මිතුරන්ට ආයුධ සැපයීමක්ම බව දන්නෝ දනිති. රටේ දේශපාලන තත්ත්වය එතරම්ම ශෝචනීය වී ඇත.

හැරී බලන විට නාටකයක ස්වරූපය ගන්නා මෙම සිද්ධීන් දාමය පිළිබඳව අපට සටහනක් තැබීමට සිදුවී ඇත්තේ, සිදුවෙමින් පවතින අපභ‍්‍රංස ක‍්‍රියාවලිය දෙස බුද්ධිමත්ව බලා සිටින කීප දෙනෙක් හෝ තවමත් සමාජය තුළ සිටින බව පෙන්නුම් කිරීම සදඟා ය.
මුලින්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දූෂණයට හා දූෂිතයන්ට එරෙහිව ජනාධිපතිවරයා විවෘතව ඵල්ල කළ අභියෝගාත්මක ප‍්‍රහාරය සැබෑ ලෙසින්ම එ.ජා.ප.යට අවාසි සහගත ප‍්‍රතිඵලයක් ලබා දුන් බව පිළිගත යුතුය. එසේ වුවද එම අවාසියේ වාසිය තමාගේ ගොඩට දමා ගැනීමට තරම් සංවිධාන වූ තත්ත්වයක් ශ‍්‍රී.ලං.නි.ප. ය තුළ නොවීය. පක්ෂයක් හැටියට පසුගිය වසර කීපය පුරාම ශ‍්‍රී.ලං.නි.ප. ය තනිව ප‍්‍රබල ලෙසින් ගෙනගිය පක්ෂ සංවිධානයක් හෝ ප‍්‍රති සංවිධානයක් නොවීය. පක්ෂයේ ප‍්‍රධාන නිල තනතුරුවලට පත්වීම ඇතැමුන්ට ආභරණයක් පමණක් විය. මෙම පක්ෂයේ ඉතිහාසය දන්නා අයට මෙම විහිළුව පැහැදිලිව පෙනී ගොස් තිබුණද එයට අත ගැසීමට කිසිවෙකු නොවීය. රාජ්‍ය බලය සහිත කාලවලදී පක්ෂයේ ප‍්‍රධාන නිලතල දැරීම සිය රාජ වරප‍්‍රසාද භුක්ති විඳ ගැනීමට බාධාවක් සේ මොවුන් සලකන බවක්ද පෙනී යන්නේ ය.

රත්නසිරි වික‍්‍රමනායක වැනි මහලේකම්වරු රට පුරා විහිදී ගිය දැවැන්ත සංවිධානයක් බවට ශ‍්‍රී.ලං.නි.ප.ය පත් කළේ මහත් පරිශ‍්‍රමයක් දරමිනි. දෙපැත්තට පය තබාගෙන සිටින කුල්ටූර් නවකයන්ට ඒ අත්දැකීම් නැත. ලබා ගන්නට ද සෑහෙන කාලයක් ගතවිය හැකිය. එවිට නැව ගමන් කොට අවසන් ය.

ඒකාබද්ධයටද ශ‍්‍රී.ලං.නි.ප. ය තවදුරටත් දුර්වල කරමින් තමන්ගේ බල පරාක‍්‍රමය පෙන්නුම් කිරීමට විශ්වාස භංගය හොඳ අවස්ථාවක් විය. එනිසා අවසාන ප‍්‍රතිඵලය කුමක් වුවවද පළමු ගල ගැසීමේ ජයග‍්‍රාහී පියවර ගැනීමට ඔවුන් පසුබට නොවීය. එමඟින් බොරු සතුරු කමකින් රටට මවා පෙන්වා ඇති සිය අතිජාත එ.ජා.ප. මිතුරාට ඔවුන් සැඟවුනු සේවයක් ඉටුකර දී ඇත.

එ.ජා.ප. යද දැවන්ත ගෙවීම් හරහා ලබා ගන්නා විදේශ උපක‍්‍රමශීලීන්ගේ අවවාද, උපදෙස් හා සැලසුම් වලට අනුව යමින් සිය උපායයන් ක‍්‍රමවත්ව දියත් කළේය. රතු හුරුල්ලන් සැම අත විසී කලේය. තම කණ්ඩායම තුළින්ම ව්‍යාජ පිල්මාරුකරුවන් ඇතිකර ගත්තේය. ඔවුන්ගේ හඬට මුලා වූ සියලූ දෙනා දැන් වැඬේ හරි යැයි සිතමින් ගණන් බලන්නට වූහ. ව්‍යාජ පිල්මාරුකරුවන් වෙනුවෙන් කලින්ම සල්ලි ගස සෙලවී තිබුණ බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත.

අන්තිමේදී විශ්වාස භංගය භ‍්‍රමණය වන්නට පටන් ගත්තේ ඊනියා පක්ෂ ප‍්‍රතිසංවිධානයක් කේන්ද්‍ර කර ගනිමින්ය. නාම මාත‍්‍රික කැබිනට් සංශෝධන. පක්ෂ ප‍්‍රතිසංවිධාන යෝජනා, නවකයින්ට තැන දීම,යනාදි මායාකාරී පියවර හමුවේ අගමැතිවරයා විසින් පත්කළ හොරා රටින් පැන ගොස් සිටින බවත්, ඔහුට තනතුර ප‍්‍රදානය කිරීමට පිටරටින් ඔහුව මෙහි ගෙන්වා ගත් අය දැන් ගොළුවත රකිමින් සිටින බවත් ජනාධිපති කොමිෂන් සභාවකින් සහ පාර්ලිමේන්තු කාරක සභා දෙකකින් පැහැදිලිව වංචාව පිළිබඳව තොරතුරු හෙළිදරව් කර ඇති බවත් යටපත් වී ගියේ ය.

දඩ බල්ලා රතු හුරුල්ලන්ගේ ඉව ඔස්සේ කෙල හලමින් වෙන දිසාවකට දිව යද්දී දඩයමට ගොදුරු වූ සත්වයා ආරක්ෂා සහිත දිසාවකට පැන ගියේ ය.

මුදලට යටවන සියලූදෙනා එයට යටපත් විය. සමහරු ජීවිතයේ සැඳෑ කාලයේ අවසාන කොටස ගෙවමින් සිටින නිසා මේ කාලයේ අතට ලැබෙන යමක් ඉවත දැමීමට තරම් අවංක නොවූහ.

මෙසේ තවත් එක් සිද්ධියක් 225 ස් දෙනාගේ භූමිකාව හරහා යටපත් වී ගියේය. මහජනයා දෑස් විවර කොට බලා සිටිති. රංඟන භූමිකාව ජනතා වේදිකාවට විවෘත වන දිනය වැඩි ඈතක නොවේ. එතෙක් ඉවසා සිටීමට මෙන්ම සිදුවන ක‍්‍රියාදාමයන්ට එරෙහිව ජන මතයක් ගොඩ නැගීමද සිදුවිය යුතුය. මාධ්‍යය පරිස්සම් විය යුතුය. තේරී පත්වූ ඊනියා ජනතා නියෝජිතයින්ගෙන් මෙන්ම ගෝනවල සුනිල්ලාගේ තැනට පත් වෙමින් සිටින පාතාලයින්ගෙන්ද විශේෂයෙන් පරිස්සම් විය යුතුය. ඒවා අදිසි බළල් අත් පමණක් බවද සිහිතබා ගත යුතුය.

19 වන සංශෝධිත ව්‍යවස්ථාව හරහා අර්බුදයක් පැමිණීම අත ලඟය.

1. ඊනියා ජාතික රජය යන ප‍්‍රශ්නය එයින් එකකි. ශ‍්‍රී.ලං.නි.ප. ය පක්ෂයක් වශයෙන් සම්මුති රජයෙන් ඉවත් වුවහොත් ජාතික රජය සඳහා වෙනත් පාර්ශවකරුවෙකු එ.ජා.ප. ය සොයාගත යුතුය. එසේ නැත්නම් තමාගේ 106 න් රජයක් පිහිටුවා ගෙන දෙමළ ජාතික සංධාන සහයෝගයෙන් බහුතරය ආරක්ෂා කරගත යුතුය. එසේ වූ විට කැබිනට් අමාත්‍ය සංඛ්‍යාව 30 ට බැස්සවිය යුතුය. ටී.එන්.ඒ. රජයට එකතු කරගතහොත් විපක්ෂ නායක කම ඔවුන්ගෙන් ගිලිහී යන්නේය.

2. අමාත්‍ය මණ්ඩල විෂය පතය නිර්දේශ කිරීම සහ තීරණය කිරීම තනිකරම ජනාධිපතිවරයා සතු බලතලයකි. එම බලය යටතේ ඕනෑම අවස්ථාවක කිසිවෙකු නොවිමසා එසේ කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය.

3. අමාත්‍ය සංඛ්‍යාව කොපමණද යන්න තීරණය කිරීම ද ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ක‍්‍රියාත්මක කළ හැකි බලයකි. ඇමතිවරුන් කවුරුන්ද යන්න පමණක් අගමැතිවරයා සතු බලයක් වන්නේ ය. මෙයද අර්බුදයකට භාජනය විය හැකි එක් කාරණයකි.

4. 48(1) වගන්තිය අනුව අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් කැබිනට් මණ්ඩලය විසිර යන්නේය යන වගන්තිය යටතේ ජනාධිපතිවරයා අගමැති වරයා ධුරයෙන් ඉවත් කළහොත් නව කැබිනට් මණ්ඩලයක් හා අගමැතිවරයෙක් ජනාධිපතිවරයා විසින්ම වහාම පත්කළ යුත්තේය.

මේවා යටතේ ප‍්‍රබල හදිසි දේශපාලන තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට මාර්ගය හා ඉඩකඩ විවෘතව පවතී. තරමක් අහිමිහිරි වුවද රටේ යහපත පිණිස තිරණයක් ගත යුතුය. එහිදී තමාට බලයට පත්වීමට සහාය දුන් බව වැනි කාරණා එතරම් වැදගත් විය යුතු නැත. එ්වා ඇත්ත නමුත් පසුකාලීන විෂම ක‍්‍රියා නිසා ඒවා නිශේධනය වී ඇති බවද සත්‍යයක් වන්නේය.

පක්ෂයත්. රටත් ආරක්ෂා කර ගැනීම සඳහා සිය බලමුළු ඒකරාශී කිරීමේදී පවතින ඇතැම් වෙනස්කම්, අමනාපකම් තාවකාලිකව යටපත්කර ගැනීමේ අවශ්‍යතාවයද ව්‍යවස්ථානුකූල පියවර ගන්නා තරමටම වැදගත් වන්නේ ය.

චිරං ජයතු – ජය ශ්‍රී

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    You never gets a proper answer. Should ask what was the purpose of and what he didwith the $ 750 million Mangala samaraweera got frm MCC. Ask different questions, you might be lucky I heard Ranil and some others were talking in a Galkissa restaurent about the proper Interest rate to be given in order to survive for them (some one over heard, these are rumours). this is before the BOnd scam.

  • 0
    0

    Believe me. It is the 2015 common candiate movement. they want what they asked. I think every oe is playing political games. vites are important. That movement say universal Franchise is out here. 69% sinhala buddhists voetes should be inferior to 31% minortiy votes. IT is PIVOT TO ASIA Program. Similar programs are in effect all over the world. YOu are talking only one part of the whole equation.

  • 0
    0

    Rusiri – You should read the 19A again. Your 1, 2, 3, 4 all are invalid.
    4. President has no powers to remove the PM.
    3. In order to maintain loyalty, they should offer Ministerial portfolios to all former Ministers.
    2. President can decide only about his side. He can refuse any name suggested by PM. But he can’t appoint.
    1. We all know the situation with the Unity government.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.