මීලඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ප්‍රකාශ කොට ඇත. ඔහු මෙසේ ප්‍රකාශ කරන්නේ මහින්දට එරෙහිව තරඟයක් දිය හැකි අවම එකඟතාවයකින් යුතුව පොදු වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන් මහින්දට එරෙහි දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බහුතරය විසින් සාකච්ඡුා කරමින් පවතින අවස්ථාවකය. මෙම සමාජ බලවේගයන් තුල සිටින බහුතරයකගේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සහ රටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම යන සටන් පාඨයන් ඔස්සේ පොදු වැඩපිළිවෙලක් සකසා ගත හැකි බවත්, එම වැඩපිළිවෙලට නායකත්වය දීමට සුදුස්සෙකු ඉදිරිපත් කිරීම වඩා යෝග්‍ය බවත්ය.
පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් තමන් මීලඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් ප්‍රකාශ කොට ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ස්ථානගත වී ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව සහ විවිධ පුද්ගල කණ්ඩායම් සැළකීමෙහිදී මහින්ද රාජපක්ෂද එම කණ්ඩායම තුළ පොදු අපේක්ෂකයෙකු බවට තර්ක කළ හැකිය. එසේම එම සන්ධානය තුල පවතින විවිධාකාර වූ දේශපාලන මතවාදයන් සියල්ලන්ටම ගැළපෙන අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බවටද තර්ක කල හැකිය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරක්ෂා කරගෙන යන්නා වූ ගාමක බලවේගය වී ඇත්තේ සිංහල බෞද්ධ ජාතිකත්වයයි. මෙම මතවාදය පෝෂණය කරන්නා වූ ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි දේශපාලන පක්ෂ සහ විවිධ දේශපාලන කණ්ඩායම් මෙම සන්ධානය තුල ස්ථානගත වී ඇති අතර, ගුණදාස අමරසේකර, මහාචාර්ය නලින් ද සිල්වා වැනි පුද්ගල චරිතද, බොදුබල සේනාව, රාවණා බලය වැනි සංඝ සමාජයෙන් බිහිවී ඇති සංවිධානද ආණ්ඩුවේ මෙම මතවාදය ප්‍රචාරණය කරන්නාවූ වාහකයන් ලෙස විශාල කාර්ය භාරයක් මහින්ද රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව වෙනුවෙන් සිදු කරති. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි දේශපාලන ක්‍රියාවලිය මෙහෙයවන්නේ මෙම මතවාදය පදනම් කරගෙනය. ඉහත මතවාදය හා ප්‍රසිද්ධියේ එක්ව නොසිටියද මෙම මතවාදය දරන්නාවූ පුළුල් කණ්ඩායම සමග නාමිකව හෝ අධිරාජ්‍ය විරෝධී සහ බටහිර විරෝධී මතවාදයන් ඉදිරියට ගෙන යමින් කටයුතු කිරීමට මෙම සන්ධානයෙහි කොටස් කරුවන් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, වාසුදේව මහතාගේ පක්ෂය යන දේශපාලන පක්ෂ සියල්ල ට මෙම සන්ධානය තුල හැකියාව ලැබී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග බද්ධ වී ඇති දෙමළ දේශපාලන පක්ෂ බොහෝමයක් උග්‍ර එල්.ටී.ටී.ඊ විරෝ්ධී ස්ථාවරයක පිහිටා කටයුතු කරන අතර මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂද එම ස්ථාවරයේම කටයුතු කරති.
රටෙහි ඇති මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට යම් ආකාරයක විවේචනයක් තිබුණද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හෝ වෙනත් මුස්ලිම් දේශපාලන පක්ෂ සමග කටයුතු කිරීමේ හැකියාව මෙම දේශපාලන පක්ෂයට නැතිවී නැත. එක්සත් ජාතික පක්ෂය හෝ ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ මගින් පිල් මාරු කරනු ලැබූ දේශපාලනඥයන් මෙම සන්ධානයෙහි සාමාජිකයන් වන අතර ඔවුන් සියලු දෙනාටම මහින්ද රාජපක්ෂ වටා ගොනු වීමේ හැකියාව ඇති අපේක්ෂාවන් සහ ඔවුන් තෘප්තිමත් විය හැකි තත්වයන් තුල යම් පොදු එකඟතාවයක ජනාධිපතිවරයා ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරන බව පැහැදිලිය. මෙසේ බලන කල සැමටම එකසේ පොදු නොවුවද මහා පොදු සාධකය සේ ක්‍රියා කරමින් විවිධ දේශපාලන මතවාදයන් සියල්ලක් තමන් වටා නතු කර ගැනීමට ජනාධිපතිවරයාට හැකිව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින්නේ එම පක්ෂය තුලම ඔහු කෙරෙහි විශාල ප්රතිවිරෝධයක් පවතින අවස්ථාවක සහ රටෙහි සාමාන්‍ය වැසියා ද ඔහු ගේ ජයග්‍රහණය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වී ඇති අවස්ථාවක ය. රනිල් වික්‍රමසිංහ මහතා ගේ අභිලාෂය ජනතාව සහ අනෙකුත් දේශපාලන පක්ෂයන් තමා වටා ගොනු කර ගනිමින් එසේ තරඟ වැදීම ට දැයි පැහැදිලි නැත. තවද රනිල් වික්‍රමසිංහ ගේ සටන් පාඨයන් මහින්ද රාජපක්ෂට එරෙහි දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල පොදු සටන් පාඨයන්ද යන්න නිශ්චිතව කිව නොහැකිය. රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කීවත් ඔහු විසින් ගෙන එනු ලබන විකල්පය සඳහන් කරන්නේ නැත. ඔහු විධායක බලය සහිත පාර්ලිමේන්තුවක් සම්බන්ධයෙන් සාකච්ඡුා කරනු ලබන අතර වෙනම ම මැතිවරණයකින් තෝරා පත් කරගනු ලබන අගමැතිවරයෙක් සම්බන්ධයෙන් ද තම සාකච්ඡුාව ඉදිරියට ගෙන යයි. ඔහුගේ මතය වන්නේ අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළින් පත් කිරිමට වඩා වෙනම මැතිවරණයකින් පත්වීම යෝග්‍ය බවත් ඔහු එසේ පත් කිරීම තුල පාර්ලිමේන්තුවට මෙන්ම ජනතාවටද වෙන වෙනම සෘජුව වගකියන තත්වයකට පත්වන බවත්ය. මේ අනුව නැවත වතාවක් සිදුවිය හැක්කේ ජනාධිපති යන වචනය වෙනුවට අගමැති යන වචනය ආදේශ වෙමින් අද පවතින ජනාධිපති ධුරයෙහි අත්තනෝමතිකභාවය ඒ ආකාරයෙන්ම රඳවා ගත හැකි අගමැතිවරයෙකු බිහි කරගැනීමයි. එනයින් බලන කළ රනිල් වික්‍රමසිංහ විසින් සාකච්ඡුා කරනු ලබන දේශපාලන ප්‍රතිසංස්කරණය 78 ව්‍යවස්ථාවෙන් වෙනස් වන්නේ ජනාධිපතිවරයා යන්නට අගමැතිවරයා යන වචනය ආදේශ වීම පමණි.
මහින්ද රාජපක්ෂ මහා පොදු සාධකය වෙමින් ගෙන යනු ලබන දේශපාලන මතවාදය සමාජයට කිඳා බැස ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වේ. රටෙහි ජන සංයුතිය, භූගෝලීයව පවතින ජන සාන්ද්‍රණය, ජාත්‍යන්තරය විසින් ලංකාව සම්බන්ධයෙන් ගෙනයනු ලබන මතයත්, ලංකාව තුල ජාත්‍යන්තරය සම්බන්ධයෙන් පවතින මතවාදයත් මේ අතර ප්‍රධාන වේ. රටෙහි ජනගහණයෙන් 74% ට ආසන්න ප්‍රමාණයක් සිංහලයන් වේ. එසේම 70% ට ආසන්න ප්‍රමාණයක් බෞද්ධයන් වේ. එ නිසාද රාජපක්ෂගේ පාලක පක්ෂයේ ජීවය රඳාගෙන යන්නා වූ ප්‍රධාන සටන් පාඨය වන සිංහල බෞද්ධ ජාතිකත්වය යන සටන් පාඨය ඉලක්කගත ජන කොටස රටෙහි ජනගහණයෙන් සමස්ථයක් ලෙස 3/4 ක ප්‍රමාණයක් වේ. එසේම මහින්ද රාජපක්ෂ රජය වෙත මේ වන විට ඇති විදේශීය බලපෑම සහ එයට රජය දක්වන ප්‍රතිචාරයද යන සාධකයන් දෙකම සිංහල බෞද්ධ ජාතිකත්වය නැවත වතාවක් ඉස්මතු කර ගැනීමට ඉවහල් වී ඇත. මෑත කාලයේදී විවිධ කණ්ඩායම් මගින් ඇති කරනු ලැබූ මුස්ලිම් විරෝධය නිසා යම් ආකාරයක විරසකයක් තිබුණද රජය විසින් ගෙන ගිය යුධ වැඩ පිළිවෙලත් සමග නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව යම් වේළාවක අතිශයින් මෙම රජය හා පක්ෂව කටයුතු කළහ. එසේම මුස්ලිම් දේශපාලන පක්ෂ කටයුතු කරන ලද අවස්ථාවාදීත්වය තුළ ඔවුන් කුමන හෝ ගැටළු තිබුනද පවතින බලය සමග එක්ව කටයුතු කරති.
වතුකරයේ ද්‍රවිඩ කොටස් බරපතල දේශපාලන මතවාදයක් නොදැරුවද පවතින රජය සමග කටයුතු කිරීමට ඇති ඓතිහාසික පුරුද්ද මත මහින්ද රාජපක්ෂ රජය සමග කටයුතු කරයි. භූගෝලීය වශයෙන් උතුරට සාන්ද්‍ර වී ඇති ද්‍රවිඩ ප්‍රජාව ප්‍රධාන වශයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය මගින් පාර්ලිමේන්තුව, පළාත්සභා සහ වෙනත් මහජන ආයතන වල නියෝජනය වන අතර ද්‍රවිඩ ජාතික සන්ධානය මගින් නියෝජනය වන නිසාම උතුරේ ද්‍රවිඩ ප්‍රජාව හා ද්‍රවිඩ ජාතික සන්ධානය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකිකත්වයට එරෙහි යැයි යන මතවාදය දකුණේ ජන මනස තුල කිඳා බස්සවා ඇත. මේ නිසාම ද්‍රවිඩ ජාතික සන්ධානය හෝ උතුරේ ජන ප්‍රජාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව හෝ ජාතිකව දරණු ලබන කුමන හෝ මතයක් සිංහල බෞද්ධ ජාතිකත්වය යන කාරණය මත තමන්ගේ වාසියට හරවා ගැනීමට දකුණේ ආණ්ඩුව සමත්ව ඇත.
මහින්ද රාජපක්ෂ සමග තරඟ කිරීමට ප්‍රධාන සාධකයන් දෙකක් සපුරාලිය යුතු බව මේ අනුව පෙනී යයි. එනම් සිංහල බෞද්ධ ජාතිකත්වය යන පටු රාමුව තුළ කොටු වී ඇති දකුණේ සිංහල ජන කොටස වෙනස් කළහැකි වඩා පුළුල් දේශපාලන ප්‍රවණතාවයක් දකුණෙහි ඇති කිරීම සඳහා ගෙනයනු ලබන දේශපාලන ප්රතිසංස්කරණයක් රටට හඳුන්වා දීම සඳහා පුළුල් සමාජ නියෝජනයකින් යුත් දේශපාලන බලවේගයක් රට තුළ ස්ථාපිත කිරීමත්, එම බලවේගයට නායකත්වය දීම සඳහා සුදුසු නායකයෙකු තෝරාපත් කර ගැනීමත්ය. ජන මූලය වෙතට කිඳා බැස ඇති සිංහල බෞද්ධ ජාතිකත්වය යන සංකල්පය ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ සඳහා අවශ්‍ය පුළුල් ජන බලය ගොඩ නැගීම සඳහා යම් හෝ ආකාරයකින් කටයුතු කිරීමට ඉඩ සැළසෙන්නාවූ එකඟතාවයක් තුළ කටයුතු කළ හැකි වැඩපිළිවෙලක් රටට හඳුන්වා දිය යුතු අතර ඒ මත සිදු කළ යුතු දේශපාලන ප්‍රතිසංස්කරණයන් ඇති කළ යුතු වේ.
අද වන විට ඇතිවී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය නැවත රටෙහි ස්ථාපිත කොට වඩා ඵලදායී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ගෞරව සම්පන්නව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙරටෙහි විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂයන්හි අදහස වී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 1982 වර්ෂයේ සිටම අරගල කල දේශපාලන පක්ෂයක් වන අතර ඌව පළාත් සභා මැතිවරණයෙහිදී ද ඔවුන් මතු කරන එක් තර්කයක් නම් විධායක ජනාධිපති ක්රමයේ අත්තනෝමතික භාවයයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද ස්ථාවරය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් පොදු ශ්‍රී ලංකිකත්වයක් ඇති කළ හැකි ක්‍රමවේදයට ඔවුන් තුල කැමැත්තක් පවතින බවත්ය. මෙම දේශපාලන පක්ෂයට අමතරව රටෙහි යම් විද්වත් කණ්ඩායමකගේ සහ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඇති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යාපාරයක් දියත් කොට ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ කරන බවට ඔහු විසින් සිදු කර ඇති ප්‍රකාශයත් සමග ඔහු විසින් ව්‍යංගයෙන් ආරාධනා කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙල සහ අපේක්ෂකයා වටා රටෙහි අනෙකුත් දේශපාලන පක්ෂයන්ට ගොනු වන ලෙසයි. මෙම ආරාධනය අනෙකුත් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් පිළි නොගැනීමට හේතු ගණනාවක් ඇත. පොදුවේ ගතහොත් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන දේශපාලන ප්‍රතිසංස්කරණය රටෙහි අනෙකුත් සමාජ බලවේගයන් බලාපොරොත්තු වන්නක් නොවේ.
රනිල් වික්‍රමසිංහ හෝ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම පොදු වැඩ පිළිවෙලක් හෝ පොදු අපේක්ෂකයෙකු සමග කටයුතු කිරීම නොවේ. මෙයට හොඳම නිදර්ශනය වන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නේ නම් තමන් වෙනම තරඟ කරන බවට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණෙහි මතය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මෙම ස්ථාවරය නිසා පුළුල් පොදු වැඩපිළිවෙලක් තුළ ගෙන යනු ලබන රටට හිතකර දේශපාලන ප්රතිසංස්කරණයක් ඇති කර ගැනීමට ඇති අවකාශය ඇහිරී ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධියේ කථා නොකළද රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය යන සාධකයන් දෙකට ඔවුන් දේශපාලන පක්ෂයක් ලෙස සහය දැක්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන අනාගතයට එය හානිකර වන අතර ඔවුන්ගේ දේශපාලන මතවාදය සහ අනාගතය යන කාරණා සැලකීමෙහිදී ඔවුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දොස් නැගිය නොහැකිය.
ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ප්රජාතන්ත්රවාදී පක්ෂය රනිල් වික්‍රමසිංහගේ පත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් තම ස්ථාවරයන් ප්‍රකාශ කොට නැත. එසේම මාදුළුවාවේ සෝභිත හිමි ප්රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය රනිල් වික්‍රමසිංහ විසින් කතා කරනු ලබන දේශපාලන ප්‍රතිසංස්කරණය හෝ ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එකඟතාවයක් මේ වන තෙක් පල කර නොමැත.
මේ අනුව බලන කළ පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පුළුල් වැඩපිළිවෙලක් තුළ ඒ සඳහා පොදු එකඟතාවයක් ඇතිව පුළුල් සමාජ බලවේගයන් සමග ජනාධිපතිවරණ සටන ඇරඹීම යන කාරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය ට වඩා ඔවුන් විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති බවයි.
ඉහතින් විස්තර කර ඇති ආකාරයට මහින්ද රාජපක්ෂ සකලවිද වූ මති මතාන්තරයන් සමග තම දේශපාලන අභිලාශය සඳහා කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම අද දේශපාලන බස් වහරේ ජනප්‍රියම පාඨය වී ඇති ර්ණක්දපපදබ ක්්බාසා්එැ” කෙනෙකු බවට ඔහුගේ සන්ධානය තුළ සහ ඔහුව පිළිගනු ලබන ජන කණ්ඩායම තුළ ඔහුව පත්කර ඇත.
පුළුල් සමාජ බලවේගයක් සමග ඉතා කුඩා පොදු එකඟතාවයක් තුළ කටයුතු කර පවතින අත්තනෝමතික පාලන ක්‍රමවේදය වෙනස් කොට සමාජයට වඩා හිතකර වන්නාවූ දේශපාලන ප්රතිසංස්කරණයක් සඳහා පොදු වැඩපිළිවෙලක් සමග බද්ධ නොවෙමින් එක්සත් ජාතික පක්ෂය විසින් සහ තමා විසින්ම රනිල් වික්‍රමසිංහ “Uncommon Candidate” කෙනෙකු බවට පත් කොට ඇත.