14 February, 2025

Blog

ප‍්‍රගතිශීලී දේශපාලනයෙහි ජාත්‍යන්තර සහයෝගිතාවයක් උදෙසා

උපුල් වික‍්‍රමසිංහ

උපුල් වික‍්‍රමසිංහ

2013 වර්ෂයේ ඕස්ටේ‍්‍රලියානු ජාතික අධ්‍යාපන සම්මේලනය ^National Education Conference-NEC&” , ජාතික ශිෂ්‍ය සංගමයේ ^National Union of Students- NUS&  සංවිධානත්වයෙන් ජූලි 10-12 දක්වා ඇඩිලේඞ් විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු අතර එයට ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස සහභාගී වීමේ අවස්ථාව මටද හිමි විය. මෙම සටහනෙහි අරමුණ ශිෂ්‍ය සම්මේලනයට අදාල දේශපාලනික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සාකච්ඡුා කිරීමය.

ධනේශ්වර සංවර්ධිත රටක් ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ දේශපාලන බලය හොබවන්නේ දක්ෂිණාංශික ධනේශ්වර පක්ෂ වන ලිබරල් පක්ෂය සහ ඕස්ටේ‍්‍රලියානු කම්කරු පක්ෂයයි (්ඛඡු*. එබැවින්, ශිෂ්‍ය ව්‍යාපාරය තුලද දක්ෂිණාංශික ශිෂ්‍ය කණ්ඩායම් අධිපතීත්වයක් දැරීම අපේක්ෂා කල හැකි තත්වයකි. එය එලෙසින්ම සනාථ කරමින් මෙවර ජාතික ශිෂ්‍ය සම්මේලනයේ න්‍යාය පත‍්‍රය සැකසී තිබුනේ කම්කරු පක්ෂයේ දේශපාලන අභිලාෂයන්ට අනුකූල වන පරිදී ලබන සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත මැතිවරණයට සිසුන් පෙළ ගැස්සවීමේ අරමුණ පෙරදැරිවය.

මිනිසුන් දේශපාලනිකව නිර්වින්දනය කිරීම ධනේශ්වර ක‍්‍රමයේ පැවැත්මට ඉතා වැදගත් සාධකයකි. වෙනත් ආකාරයකට කියන්නේ නම් මිනිසුන් තම ජීවිතයේ පුද්ගලික ඉලක්කයන් සහ ජයග‍්‍රහණයන් වෙනුවෙන් දිව ? නොබලා මහන්සි වන තරඟකාරී ජීවන රටාවකට අනුගත වීම තුල පුළුල් අර්ථයෙන් සමාජීය අසාධාරණයන් සහ විෂමතාවයන් අවබෝධ කර ගැනීමටත් ඒවාට එරෙහිව සාමුහිකව සටන් කිරීමටත් ඇති ශක්‍යතාවය අවම වේ. මාක්ස් පැවසු පරිදිම ධනේශ්වර ක‍්‍රමය විසින් මිනිස් වටිනාකම් විනාශ කර දමන අතර මනුෂ්‍යය සබඳතාවයන්, වෙළඳ පොළ ක‍්‍රමය තුල පුද්ගල සාර්ථකත්වය උදෙසා තරඟ වදින තරඟකරුවන් බවට විස්ථාපනය කරනු ලබයි. ඒ තුල, තම සතුට හෝ ජයග‍්‍රහණය හෝ රඳා පවතින්නේ තමන් අනෙකාට වඩා කොතරම් ඉදිරියෙන් සිටීද හෝ අනෙකා තමාට වඩා කොතරම් පසුපසින් සිටීද යන්න මතය. රැුඩිකල් දේශපාලන ක‍්‍රියාකාරීත්වයන් නිර්වින්දනය කිරීමේ ප‍්‍රධානතම උපක‍්‍රමයක් නම් දේශපාලන ක‍්‍රියාධරයින් අතුරෙන් තෝරාගත් පිරිසකට ආර්ථික සහන සහ දීමනා ලබා දීම සහ ඒවා ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමයි. ශිෂ්‍යයන් නිර්දේශපාලනික කිරීමේ මෙම උපක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම සහ ඒ වෙනුවෙන් පුළුල් ප‍්‍රචාරයක් ලබා දීම මෙවර ශිෂ්‍ය සම්මේලනය තුලදී මනාව දෘශ්‍යමාන විය. තෝරාගත් පිරිසකට බහුජාතික සමාගම්වල අනුග‍්‍රහයෙන් විවිධ රටවල සහන මිලට විනෝද සවාරි යාම, විවිධ භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලදී ගැනීමට වට්ටම් ලබා දීම ඇතුළු ආර්ථිකමය සහන අන්තර්ගත සහන කාඞ්පත්a (International Student Identity Card)ලබාදීම සහ ඒ පිලිබඳ සම්මේලනයේ නිල කාලයෙන් සැලකිය යුතු කාලයක් ලබා ගෙන ප‍්‍රචාරක වැඩසටහනක් ඉදිරිපත් කිරීම එයට කදිම නිදසුනකි. ආර්ථික අපහසුතාවයන් ඇති සිසුන්ට සහන ලබාදීමට විරුද්ධ වීමක් මෙයින් කිසිසේත්ම අදහස් නොකරන අතර විය යුත්තේ කිසිදු තරාතිරමකින් තොරව සෑම ශිෂ්‍ය ශිෂ්‍යයාවකටම අධ්‍යාපනයේ සම අවස්ථා හිමිකර දෙන අතර දැඩි ආර්ථික දුෂ්කරතාවයන් ඇති සිසුන්ට විශේෂ අවධානයක් යොමු කිරීමය. තෘතියික අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන ප‍්‍රතිපාදන වලින් ඕස්ටේ‍්‍රලියානු ඩොලර් බිලියන 2.5කට අධික මුදලක් කප්පාදු කිරීමට යෝජනා වී ඇති මොහොතක, එයට එරෙහිව සිසුන් දැවැන්ත ලෙස විරෝධය දක්වන මොහොතක ඕස්ට්‍්‍රලියාවේ සියලූම විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය නියෝජිතයින් සහභාගී වන වාර්ෂික අධ්‍යාපන සම්මේලනයේදී එවැනි කාර්යයක් වෙනුවෙන් සැලකිය යුතු කාලයක් සහ අවධානයක් යොමු කිරීම අප තේරුම් ගත යුත්තේ ඉහතින් සඳහන් කල පරිදී සිසුන් දේශපාලනිකව නිර්වින්දනය කිරීමේ ධනේශ්වර දේශපාලන උපාය මාර්ගයක් ලෙස බව මගේ පුද්ගලික අදහසයි.

අධ්‍යාපන සම්මේලනය තුලදී දක්නට ලැබුණු අනෙක් වැදගත්ම කාරණය නම් නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අදාලව ක‍්‍රියාත්මක වන ආකාරයයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෝලීය නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන්වල මුඛ්‍ය පාඨය වන්නේ අනෙකුත් ආර්ථික භාණ්ඩ මෙන්ම අධ්‍යාපනයද ලාභය පෙරදැරි කරගත් වෙළඳ භාණ්ඩයක් විය යුතු බවයි. එහිදී, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම එසේත් නැත්නම් රජය විසින් අධ්‍යාපනයට දරණ වියධම් හැකිතාක් අවම කිරීම මෙන්ම රාජ්‍ය අධ්‍යාපන පාඨමාලා තුල හුදෙක් ආර්ථික ප‍්‍රතිලාභයන් මුලික කරගත් පාඨමාලාවන්ට මුලිකත්වය දීමද සිදුවේ. මෙම ප‍්‍රවනතාවය ආර්ථික මට්ටම කුමක් වුවත් ලෝකයේ සෑම රටකම පාහේ වර්තමානයේ දක්නට ලැබේ. උදාහරණයක් ලෙස වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ත් වඩා අඩු ප‍්‍රමාණයක් රාජ්‍ය අධ්‍යාපනයට වැය කරන ශ‍්‍රී ලංකාවට මෙන්ම එම අගය 7%කට අසන්න වන ඔස්ටේ‍්‍රලියාවටද එවැනි නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තීන් එකසේ අදාලය. වර්තමානය වනවිට රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සහ අධ්‍යාපනයේ ගුණාත්මකබාවය කප්පාදු කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍යයන් සහ අනෙකුත් ප‍්‍රගතිශීලී කණ්ඩායම් ශ‍්‍රී ලංකාව තුල දැවැන්ත අරගලයක නිරත වන අතර තෘතියික අධ්‍යාපනයට රජය විසින් වෙන්කරනු ලබන ප‍්‍රතිපාදන වලින් ඩොලර් බිලියන 2.5කට අධික මුදලක් කප්පාදු කිරීමේ යෝජනාවට සහ විශ්වවිද්‍යාලවල මානව ශාස්ත‍්‍ර විෂයන් කප්පාදු කිරීමට එරෙහිව සමාජවාදී විකල්පයක් (Socialist Alternative-SA)  සංවිධානය සහ අනෙකුත් ප‍්‍රගතිශීලී කණ්ඩායම් ඔස්ටේ‍්‍රලියාව පුරාද දැවැන්ත ලෙස විරෝධතාවයන් සංවිධානය කරමින් සිටී.

2013 ජාතික අධ්‍යාපන සම්මේලනය ඇඩිලේඞ් විශ්වවිද්‍යාලය තුල බලමුළු ගැන්වෙන්නේ මෙවන් පසුබිමක් තුලය. “අපගේ අධ්‍යාපනය ලාභය සඳහා නොවේ” යන්න ජාතික ශිෂ්‍ය සංගමයේ මුලික තේමා පාඨය වුවත්, කම්කරු පක්ෂයට සම්බන්ධ දකුණු ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රාන්තයේ හිටපු අධ්‍යාපන ඇමැතිවරියක වන ආචාර්ය ජේන් ලොමැක්ස්-ස්මිත්හට සම්මේලනයේ පළමු දිනයේදී ප‍්‍රධාන දේශනය ලැබීම තේරුම් ගත යුත්තේ ඉහත කී දේශපාලන සන්දර්භය තුලය. ඇයගේ කථාවෙහි මුලික හරය වුයේත් ඇය නැවත නැවත අවධාරණය කලෙත් සිසුන්ගෙන් අය කරන අධ්‍යාපන ගාස්තු, එහි වියධමට සමපාත විය යුතු යන්නයි. තවදුරටත් අදායම්-වියධම් විශ්ලේෂණ, අනාගතයේ ලැබීමට නියමිත යමක වත්මන් වටිනාකම වැනි ධනේශ්වර ආර්ථික න්‍යායන් භාවිත කරමින් ඇය තර්ක කරන්නේ කලා සහ මානව ශාස්ත‍්‍ර පාඨමාලා වල වෙළඳපොල වටිනාකම විද්‍යා සහ තාක්ෂණික විෂයන් වලට සාපේක්ෂව ඉතා අඩු බවය. එමනිසා විද්‍යාව සහ තාක්ෂණික විෂයන් ප‍්‍රවර්ධනය කරන අතර කලා සහ මානව ශාස්ත‍්‍ර විෂයන් කප්පාදු කල යුතු බවය. ධනේශ්වර ක‍්‍රමය තුල අධ්‍යාපනයේ මුලික අරමුණ වන්නේ වෙළඳපොළට සරිලන තරඟකාරී පුද්ගලයින් බිහිකිරීම වන අතර ඊට ප‍්‍රතිපක්ෂව අප තර්ක කරන්නේ අධ්‍යාපනයේ මුලික අරමුණ විය යුත්තේ මනුෂ්‍යය ගුණාංග වලින් පිරිපුන් (තමන්ට සංස්කෘතිකමය සහ දේශපාලනමය වශයෙන් වෙනස් අනෙකාගේ අදහස් වලට ගරු කරන, සියලූම ආකාරයේ වෙනස් කොට සැලකීම් හෙලා දකින; ජාති, ආගම්, ලිංගික වැනි) වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සැබෑ මනුෂයෙකු බිහි කිරීම බවයි. සමාජ ක‍්‍ර‍්‍රමයේ වෙනසකින් තොරව පවතින ධනේශ්වර ක‍්‍රමය තුල වුවත් මානව ශාස්ත‍්‍ර සහ කලා විෂයන් වල වැදගත්කම පිලිබඳ ලිබරල් චින්තිකාවක් වන මාර්තා නස්බෝම්විසින් ඇයගේ මනුෂ්‍යත්වය වගා කිරීම (Cultivating Humanity) සහ ලාභය සඳහා නොවේ: ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා මානව ශාස්ත‍්‍ර විෂයන්ගේ වැදගත්කම(Not for profit: Why Democracy needs the Humanities – මෙය ලියනගේ අමරකීර්ති විසින් සිංහලට පරිවර්තනය කර ඇත* කෘතිවල දිගින් දිගටම තර්ක කරයි.

සම්මේලනයේ දෙවන දිනයේ ප‍්‍රධාන අදහස් දැක්වීම සිදු කලේ කම්කරු පක්ෂයට සම්බන්ධ ඕස්ටේ‍්‍රලියානු වෘත්තිය සමිති කවුන්සිලයේ සභාපතිනිය වන ගෙඞ් කර්නි  විසිනි. ඇයගේ කතාවෙහි මුලික තේමාව වුයේ ජාතික මට්ටමේ ප‍්‍රචාරක ව්‍යාපෘතියක් සාර්ථකව ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නයි. අධ්‍යාපන කප්පාදු වලට එරෙහිව සටන් වදින ශිෂ්‍ය ව්‍යාපාරයකට එය තාක්ෂණික වශයෙන් ඉතාම වැදගත් වුවත් එහි යටිපෙළ අර්ථය වුයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශිෂ්‍ය ව්‍යාපාරයේ සහය කම්කරු පක්ෂයට යොමුකර ගන්නේ කෙසේද යන්නයි. එය හොඳින් පැහැදිලි වුයේ සමාජවාදී විකල්පයක් සංවිධානයට සම්බන්ධ ශිෂ්‍ය නියෝජිතයින් විසින්, 2008 දී කම්කරු පක්ෂය බලයට පැමිණි පසු වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය නැවතුනේ ඇයි දැයි ප‍්‍රශ්න කල විට ඇය නිරුත්තර වීමෙනි.

තෙවන දිනයේ ප‍්‍රධාන දේශකයා වුයේ දකුණු ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාය. අධ්‍යාපනයට අදාලව වර්තමානයේදී කෙතරම් ගැටළු පැවතියද ඒ පිලිබඳ වචනයක් හෝ සඳහන් නොකළ ඔහුගේ දේශනය හුදු තාක්ෂණික කරුණු කිහිපයකට සීමා විය. මෙය අහඹු සිදුවීමක් නොව නැගී එන ශිෂ්‍ය සටන්කාමීත්වය හිතාමතා උදාසීන කිරීමේ උත්සාහයක් ලෙස අප අවබෝධ කරගත යුතුය. එහිදී, එම දේශනයට විරෝධය පා සියයකට ආසන්න සිසුන් පිරිසක් ශාලාවෙන් ඉවත්ව යාමට නායකත්වය දීමෙන් එකී නිර්දේශපාලනික ක‍්‍රියාවට දේශපාලනික ප‍්‍රතිචාරයක් ලබා දීමට සමාජවාදී විකල්පයක් සංවිධානය සමත් වීම වැදගත් වේ.

සමස්තයක් ලෙස ශිෂ්‍ය සම්මේලනය පුරාවටම දක්ෂිණාංශික කම්කරු පක්ෂයේ හෙජමොනික ආධිපත්‍යයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමාජවාදී විකල්පයක් සංවිධානයට සම්බන්ධ සිසුන් සහ අනෙකුත් ප‍්‍රගතිශීලී සිසුන් සමත් වීම කැපී පෙනුණු කාරණයක් විය. සම්මේලනයේ ප‍්‍රධාන සටන් පාඨ ලෙස වාමාංශික සිසුන් ඉදිරිපත් කල ”අධ්‍යාපන අරමුදල් කප්පාදුව නතර කරනු, අධ්‍යාපනයට වැය කරන රාජ්‍ය මුදල් වැඩි කරනු සහ සැමටම අධ්‍යාපනය” යන සටන් පාඨ අනුමත වීමෙන්ම ඒ බව පැහැදිලි වේ. රැුඩිකල් දේශපාලනයෙහි ඉතා වැදගත් කාරණයක් වන්නේ දේශපාලනික සතුරා නම් කිරීමයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් දේශපාලනික පසමිතුරුබාවය ගොඩ නැංවීමයි. සම්මේලනය ආරම්භයේ සිට අවසානය දක්වාම දේශපාලනිකව මැදිහත් වෙමින් කම්කරු පක්ෂය ප‍්‍රමුඛ දක්ෂිණාංශික බලවේග වලට එරෙහිව දේශපාලනික පසමිතුරුබාවයක් ගොඩ නැංවීමට සමාජවාදී විකල්පයක් සංවිධානය සමත් වීම ඕස්ට්‍්‍රලියානු වාමාංශික දේශපාලනයේ අනාගතයට වැදගත් වන බව මගේ වැටහීමයි. තවද, සම්මේලනය අවසානයේදී යෝජනා සම්මත කිරීමේ අවස්ථාවේදී සමාජවාදී විකල්පයක් සංවිධානය විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා කිහිපයක්ම සම්මත කර ගැනීමට හැකිවීමද සංකේතාත්මකව වැදගත් වේ. ඒ අතර ඊශ‍්‍රායල් වර්ගවාදීත්වයට එරෙහිව පලස්තීන ක‍්‍රියාකාරීන්ට ඔස්ට්‍්‍රලියාවට දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට ජාතික ශිෂ්‍ය සංගමය පහසුකම් සැපයිය යුතුය සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් එහි අරමුදල් භාවිත කරමින් ඊශ‍්‍රායලයේ සංචාරය කිරීම වැලැක්වීමේ යෝජනාවද ජාත්‍යන්තර වශයෙන් වැදගත් වේ. නමුත්, ලිබරල් පක්ෂයේ ශිෂ්‍ය නියෝජිතයින් ශිෂ්‍ය සංගමය නියෝජනය කිරීමට එරෙහිව ඉදිරිපත් කල යෝජනාව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බව මගේ පුද්ගලික වැටහීමයි.

වර්තමානයේදී ධනේශ්වර ක‍්‍රමය සාර්ථකවී තිබෙන්නේ තනි තනි රටවල් ලෙස නොව ගෝලීයව සංවිධානය වී ක‍්‍රියාත්මක වීම නිසාය. ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය තුලදී සිදුවුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකාව තුල සිදු වෙමින් පවතින මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, විරුද්ධ මත දරන්නන් අතූරුදන්වීම් සහ පැහැරගැනීම් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වත්මන් රාජපක්ෂ රෙජීමයට, ලබන නොවැම්බරයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම, සරණාගතයින් ලෙස ශ‍්‍රී ලංකාවෙන් ඔස්ටේ‍්‍රලියාවට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව දරුණු පියවර ගැනීම ඇතුළු නොයෙකුත් ආකාරයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය සහයෝගය දක්වන්නේ ගෝලීය ධනේශ්වර ක‍්‍රමය තුල ඕස්ටේ‍්‍රලියානු රජය සහ ශ‍්‍රී ලංකා රජය අතර ඇති සම්බන්ධතාවය නිසාය. නමුත් ධනේශ්වර ක‍්‍රමයට විරුද්ධව ලෝකය පුරා සටන් කරන වාමාංශික බලවේග අතර ගෝලීය මට්ටමේ එවැනි සහයෝගිතාවයක් දක්නට නොලැබීම, ධනේශ්වර ක‍්‍රමය ශක්තිමත් වීමට බලපා ඇති එක් ප‍්‍රධාන හේතුවකි. එවැනි සහයෝගිතාවයක් ඇත්නම් එයද ඉතා සුළු මට්ටමකට පමණි. ශ‍්‍රී ලංකාව, ඔස්ටේ‍්‍රලියාව ඇතුළු අනෙකුත් රටවලද අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් වදින වාමාංශික ශිෂ්‍ය බලවේග අතර ජාත්‍යන්තර සහයෝගිතාවයක් ගොඩනැංවීම එවැනි අරගල වල ජයග‍්‍රහණය සඳහා ඉතා වැදගත් කරුණක් වන අතර එය ගෝලීය සමාජවාදී ක‍්‍රමයක් ගොඩ නැංවීමට මනා පිටුවහලක් වන බව 2013 ඕස්ටේ‍්‍රලියානු ජාතික අධ්‍යාපන සම්මේලනයට සහභාගී වූ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස මගේ විශ්වාසයයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.