20 September, 2020

Blog

වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද 

ආචාර්ය උස්වත්ත ආරච්චි –

මේ අර්බුද ගැන බොහෝ දෑ ලියැවෙයි. බොහෝ දෑ කතා කෙරේ. ඒවායින් බොහොමයක්, වැරදි වැටහීම් මත පදනම් වෙයි. තවත් ඒවා ලියැවෙන්නේ සහ සාකච්වඡාට ගැනෙන්නේ, තමන්ගේ දේශපාලනික හාම්පුතුන්ට බලයට පත්විය හැකි හෝ තමන්ට රජයේ තානාන්තරවලට පත්විය හැකි වන ආකාරයෙන් පාඨකයාව නොමග යැවීම සඳහා ය. තවත් අය, එවැනි යටි අදහස් නැතිව, එහෙත් ව්‍යාකූලත්වයෙන් යුතුව ලියති. මේ සියල්ලෙන් නැගෙන ‘ඝෝෂාව’, සාමාන්‍ය පාඨකයා තවත් අවුලට පත්කරවයි. මා මෙහිදී උත්සාහ කරන්නේ, ඒ ‘ඝෝෂාව’ මැඩලමින්, අප ගොඩ ආ යුතුව ඇති විවිධ අර්බුද ගැනත්, ඒවායින් ගොඩ ඒම සඳහා ඇති මාර්ග ගැනත් සංක්ෂිප්තව පැහැදිළි කිරීමටයි.

වසරක් පාසා රටක් වශයෙන් අපි සම්පත් ප‍්‍රමාණයක් නිපදවමු. ඒවා, භාණ්ඩ සහ සේවා නමින් හැඳින්වෙයි. අපි ජාතියක් වශයෙන්, අවුරුදු 60 කට වැඩි කාලයක් තිස්සේ, මෙසේ නිෂ්පාදනය කළ සම්පත් ප‍්‍රමාණයට වඩා වැඩි සම්පත් ප‍්‍රමාණයක් පාවිච්චියට ගෙන ඇත. එසේ කොට ඇත්තේ, ඊට කලින් නිෂ්පාදනය කොට ගබඩා කොට තිබූ ප‍්‍රමාණයෙන් කොටසක් ගැනීමෙන් හෝ වෙනත් රටවල සම්පත්වලින් කොටසක් අපට ඉල්ලා ගැනීමෙනි. වෙනත් රටවල ආර්ථික සම්පත්වලින් කොටසක් අපට ලබා ගත හැක්කේ, එක්කෝ ඔවුන් අපේ රටේ ආයෝජනය කළොත් ය. නැත්නම්, ආධාර හෝ ණය වශයෙන් අපට සැපයුවොත් ය. වෙනත් රටවලින් අප ලබා ගන්නා දේවල්වල තරම, අපේ විදේශ ණය ප‍්‍රමාණයෙන් දත හැකිය. අපම කියා ඉතිරි කර ගත් දෙයක් නැති තත්වය තුළ, යම් හේතුවක් නිසා වෙනත් රටවල් සහ එම රටවල පෞද්ගලික අංශ ඔවුන්ගේ සම්පත්වලින් කොටසක් අපේ රටට දීමට ඉදිරිපත් නොවුවහොත් අපට ආර්ථික අර්බුද වැලකට මුහුණදීමට සිදු වනු ඇත.

ඉදිරියේදී පැමිණීමට නියමිත තත්වය එයයි. අපි දැන් ඒ ගැන මහත් සේ ඇවිස්සී සිටිමු. ඔබ ලෝකය හඳුනා ගන්නේ මාක්ස්වාදියෙකු වශයෙන් විය හැකිය. ස්ටැලින්වාදියෙකු හෝ මා ඕවාදියෙකු වශයෙන් විය හැකිය. එසේත් නැතහොත්, ලිබරල් හෝ නව-ලිබරල්වාදියෙකු වශයෙන් විය හැකිය. ඒ මොන කාණ්ඩයට ඔබ අයත් වුවත්, ඉහත කී මූලික සම්බන්ධතාව ඔබට අමතක කළ නොහැක. එය ඔබ අමතක කළොත්, අද අප විපතට පත්ව සිටින අර්බුදවල ස්වභාවය නිවැරදිව වටහා ගැනීමේ මාර්ගයෙන් ඔබ පීලි පනින්නේය.

තව ද, වෙනත් රටවල් තමන්ගේ සම්පත්වලින් කොටසක් අපට සපයන්නේ ඉතා ඉහළ මිලක් යටතේ නම්, ගෙවුම් ශේෂ අර්බුදයකට සහ විදේශ විනිමය අර්බුදයකට මුහුණදීමට අපට සිදුවෙයි. එවිට අපේ මුදල අගයෙන් පහළ වැටෙයි. ඒ අනුව අපේ භාණ්ඩවල මිල ඉහළ යයි. වෙනත් රටවල ආර්ථිකයන්හි සම්පත් මත රැුඳීම අප නතර කළොත් අපට සිදුවන්නේ, සිම්බාබ්වේ හෝ වෙනිසුවෙලාවේ තත්වයට වැටීමටයි. එසේ තිබියදී, ජාත්‍යන්තර ප‍්‍රජාවේ පරිත්‍යාගශීලීත්වය නැති තත්වයක් තුළ, කෙටිකාලීනව අපට විසඳුමක් සෙවිය හැකි ක‍්‍රමය වන්නේ, අරපිරිමැස්ම්දායී ලූහුපෙවෙතක් ඇති කර ගැනීමයි. එනම් එක්තරා ආකාරයකින් අඟහිඟකම්වලට මුහුණදීමයි. කවුරු රට පාලනය කළත්, සත්‍යය එයයි. මේ කියන ලූහුපෙවෙත අපේ රට තුළ සැලකෙන්නේ ගර්හා කටයුතු වචනයක් වශයෙනි. මහජනතාවත් බොහෝ විට එවැන්නක් අනුමත නොකරති. එවැන්නක් මහජනතාව ලවා බලහත්කාරයෙන් අනුමත කරවා ගත හැකි සැරපරුෂ පාලකයෙකු බලයට ගෙන ඒමට අපේ සංඝයා වහන්සේලා ඇතුළු බොහෝ දෙනා බලන බවක්, ඒ අතරේ පෙනෙන්ට තිබේ. මේ වසරේ මුල හරියේ මැඩලින් ඇල්බ‍්‍රයිට් ලියූ එක් කෘතියකින් මනාව තර්ක කොට පෙන්වා දෙන පරිදි, ඉතාලියේ ෆැසිස්ට්වාදයත්, ජර්මනියේ නට්සිවාදයත් බලයට ආවේ එයාකාරයෙනි. මේ අවදානම 1920 දී වර්සායි සමුළුවට සහභාගී වු රාජ්‍ය නායකයන් අවබෝධ කරගෙන සිටියේ නම්, ලෝක ප‍්‍රකට ආර්ථික විද්‍යාඥ කේන්ස් එදා ලෝකයාට අවබෝධ කර දීමට තැත් කළ පාඩම ලෝකයා උගත්තේ නම්, සමහර විට ෆැසිස්ට්වාදයේ සහ නට්සිවාදයේ බිහිසුණු අත්දැකීම්වලින් ලෝකයාට ගැලවිය හැකිව සිටින්නට ඉඩ තිබුණි.

අර්බුද ඉස්මතු වීම

විවිධ ආකාරයේ සුරංගනා කතා ගෙතීමෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප‍්‍රකාශකයන් කරන්නේ, ප‍්‍රශ්නය අවබෝධ කර ගැනීමට ඇති ඉඩකඩ අහුරාලීමයි. විදේශ ණය අර්බුදය, විදේශ විනිමය අර්බුදය සහ ගෙවුම් ශේෂ අර්බුදය වැනි සෑම ප‍්‍රශ්නයක්ම උපදින්නේ, නිරතුරුවම රටක පවතින එක් තත්වයක් හේතු කොටගෙනයි. එනම්, අප නිෂ්පාදනය කරනවාට වඩා වියදම් කිරීම නිසා ය. ඉහත කී අර්බුද තුන නිසා තවත් දේශීය ආර්ථික අර්බුද ගණනාවක් ද උද්ගත වෙයි. එනම්, රාජ්‍ය මූල්‍ය අර්බුදය සහ දේශීය මිල අස්ථායිතාව වැනි ප‍්‍රශ්නයි. රටක් වශයෙන් අප ලබාගෙන ඇති විදේශ ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය කරන විදේශ විනිමය මිල දී ගැනීමට රුපියල් අවශ්‍ය කෙරේ. එම මුදල සපයා ගත හැක්කේ, ආණ්ඩුවක් දේශීය වශයෙන් වියදම් කරන ප‍්‍රමාණයට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් ය. ඒ අතිරික්ත ආදායම උපයා ගැනීම සඳහා බදු ඉහළ දැමිය යුතුය. මන්ද යත්, අවශ්‍ය කරන තරමින් වියදම් කපා හැරීම කළ නොහැකි දෙයක් වන නිසා ය. මේ කියන කරුණුවලට පරිබාහිරව මේ අර්බුදය විසඳා ගැනීමට ක‍්‍රමයක් තමන්ට තිබේ යැයි විපක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂයක් කියයි නම් එය බොරුවකි. මන්ද යත්, එවැනි කිසි විසඳුමක් නැති බැවිනි.

ප‍්‍රශ්නය වන්නේ උපයන ප‍්‍රමාණයට වඩා වියදම් කිරීම නම්, පිළිතුර වන්නේ වියදම් කරන ප‍්‍රමාණයට වඩා ඉපැයීමයි. ඒ උපයන ප‍්‍රමාණයෙන් ඉතිරි වන අතිරික්තය, ණය ප‍්‍රමාණය අඩු කර ගැනීමට සහ අවසානයේදී ණය ඉවරයක් කර ගැනීමට පාවිච්චි කිරීමයි. පසුගිය දීර්ඝ කාලයක් තිස්සේ චීනය, තමන් නිපදවන ප‍්‍රමාණයට වඩා සම්පත් ප‍්‍රමාණයක් කිසි විටෙක පාවිච්චියට ගත්තේ නැත. පවුල් වශයෙන් ගත්තොත්, තමන්ගේ ආදායමෙන් සියයට 60 ක් වියදම් කොට සියයට 40 ක් ඉතිරි කර ගත්තේය. චීන ආණ්ඩුව, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 2 අයවැය හිඟයක් පවත්වා ගනිමින්, ඉන් සෑහෙන කොටසක් චීනයේ සුවිසල් යටිතල ව්‍යාපෘති සඳහාත්, කර්මාන්ත ශාලා සහ ගොවිබිම් සඳහාත්, පොහොසත් රටවල සමාගම් සහ වෙනත් වත්කම් මිලදී ගැනීම සඳහාත්, තාක්ෂණය සහ වෙනත් මූර්ත වත්කම් වර්ධනය කර ගැනීම සඳහාත්, පාවිච්චි කෙළේය. රට අභ්‍යන්තරයේ පරිභෝජනයට නොගත් හෝ ආයෝජනයට නොගත් ධනය, ඔවුහූ අපනයනය කළහ. ධනවත් රටවලින් චීනයට ආනයනය කළාට වඩා එම ධනවත් රටවලට අපනයනය කිරීමෙන් චීන ආණ්ඩුව අපනයන අතිරික්තයක් එක්රැුස් කර ගත්තේය. ඒ අනුව, චීනයේ ගෙවුම් ශේෂයේ අතිරික්තය 2013 දී ඩොලර් බිලියන 189 ක් වූ අතර, 2015 දී එය ඩොලර් බිලියන 278 ක් ද, 2017 දී ඩොලර් බිලියන 262 ක් ද වශයෙන් සටහන් වුණි. ඉහළ ඉතිරි කිරීම්වලින් සෑහෙන කොටසක් සමන්විත වුණේ අපයනයන්වලිනි. චීනයේ වෙළඳ ශේෂය, 2013 දී ඩොලර් බිලියන 259 කි. එය 2017 දී ඩොලර් බිලියන 519 කි. ඒ සියල්ල, අතිරික්තයන් ය. මේ අතිරික්ත ධනයෙන්, දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ආයෝජනය නොකළ ධනය, විදේශීය මූල්‍ය වත්කම් මිල දී ගැනීම සඳහා චීනය පාවිච්චියට ගත්තේය. ඩොලර් ටි‍්‍රලියන 5 ක් වැනි අති විශාල විදේශ මූල්‍ය වත්කම් (බැªම්කර සහ සුරැුකුම් පත් ඇතුළු* සම්භාරයක් චීනය එක්රැුස් කර ගත්තේ එලෙසිනි.

තවත් ප‍්‍රඥාවන්ත රාජ්‍යයන් ගණනාවක් මේ ආකාරයෙන්ම කටයුතු කොට තිබේ. වැඩියත්ම 1997-1998 කාලයේ ඇති වූ ආසියාතික මූල්‍ය අර්බුදවලින් පසුව එම රටවල් කටයුතු කිරීමට පටන් ගත්තේ එලෙසිනි. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ නෝර්වේ වැනි රටවල් ‘රන් පවුම් ධන අරමුදල්’ නිර්මාණය කර ගත් අතර, ඒවා ඩොලර් ටි‍්‍රලියන ගණනක වටිනාකමින් යුක්ත විය. චීනයේ ඒක පුද්ගල දළ ජාතික ආදායම, 1990 සිට දහ ගුණයකින් ඉහළ ගියේය. එතරම් ප‍්‍රඥාවන්ත නොවු රටවල්, අපේ රට මෙන්, අමාරුවේ වැටුණේය.

ඉහත කී තත්වය ශ‍්‍රී ලංකාවේ තත්වය සමග සසඳන්න

සැසඳීමකට ලක්කළ හැකි දළ ජාතික නිෂ්පාදිතය පිළිබඳ විශ්වසනීය දත්ත ලංකාවේ නැත. ‘ස්ථාවර සාධක පිරිවැය මිල’ අනුව ගණනය කෙරෙන දළ ජාතික ඇස්තමේන්තු අපට නැත. මහ බැංකුවේ වාර්ෂික වාර්තාව තුළ ‘මූර්ත නිෂ්පාදිතයේ වෙනස්කම්’ පිළිබඳ ගණනයන් තිබේ. එහෙත් ඒ ගණනයන් කෙරෙන්නේ, හරියටම කුමක් මත පදනම්ව ද යන්න ගැන හරි විස්තරයක් සඳහන් වන්නේ නැත. ඒ නිසා, දීර්ඝ කාලීන වර්ධනයන් පිළිබඳ යහපත් ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේ හැකියාවක් අපට නැත. එසේම ‘ක‍්‍රය ශක්ති සමතාවයේ මිල ගණන්’ පිළිබඳ ඇස්තමේන්තු ද අපට නැත. චීනයේ මේ ගණන්හිලව් පිළිබඳ ඇස්තමේන්තුවල ගුණාත්මක භාවය ගැන මම නොදනිමි. කෙසේ වෙතත්, දළ වශයෙන් නිවැරදි යැයි ගිණිය හැකි, ශ‍්‍රී ලංකාවේ විදේශ ණය පිළිබඳ ගණන්හිලව් අපට තිබේ.

ලංකාවේ විදේශ ණය ප‍්‍රමාණයන් සහ ඒවා ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ගත් විට මෙසේ ය:

1955: රුපියල් මිලියන 205- සියයට 4.3
1965: රුපියල් මිලියන 739- සියයට 12.9
1975: රුපියල් මිලියන 3705- සියයට 13.9
1985: රුපියල් මිලියන 67,673- සියයට 41.7
1995: රුපියල් මිලියන 346,286- සියයට 52.3
2005: රුපියල් මිලියන 956,620- සියයට 39.0
2015: රුපියල් මිලියන 3,544,031- සියයට 32.4
2016: රුපියල් මිලියන 4,045,796- සියයට 34.2

මේ කියන කාලය තුළ රුපියලේ අගය පහළ ගොස් ඇති බව සත්‍යයකි. එසේ නමුත්, අවුරුදු 40 කාලයක් තුළ, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් ලංකාවේ ණය ප‍්‍රමාණය සියයට 4 සිට සියයට 52 දක්වා ඉහළ ගොස් තිබීම බරපතල කාරණයකි. එය, එදා පටන් බලයේ සිටි සෑම ආණ්ඩුවකම වගකීම් විරහිත මූල්‍ය කළමනාකරණය පිළිබඳ සාක්ෂියකි. අනිත් අතට, එතරම් ණය අරගෙන වියදම් කිරීමෙන් පසුවත්, ගත් ණය ප‍්‍රමාණයේ ප‍්‍රතිශතය පහළ දමා ගැනීමට හැකි වන තරමේ ආර්ථික සංවර්ධනයක් ඇති කරගෙන නැති බවටත් එය මනා සාක්ෂියකි. බොහෝ විට ඊට හේතු වන්ට ඇත්තේ, ඒ අමතර ණය මුදල් නිශ්ඵල ආයෝජනවල යෙදවීම හෝ පරිභෝජනය සඳහා පාවිච්චියට ගෙන තිබීම විය හැකිය. මේ මෝඩකම්, එක ආණ්ඩුකට නොව, සියලූ ආණ්ඩුවලට අයත් ය. යම් වෙනසක් ඇතොත්, ඒ, එක් ආණ්ඩුවක් වෙනත් ආණ්ඩුවකට වඩා වැඩියෙන් ඒ මුදල් නාස්ති කර තිබීම විය හැකිය. අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසයක් ගැන පාරම්බෑම මේ ප‍්‍රශ්නයට පිළියමක් නොවේ.

විසඳුම් පිළිබඳ කෙටි සටහනක්

මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව විසින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමත් සැලකිල්ලට ගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, වියදමට වැඩි ආදායමක් උපයා ගත යුතුව තිබේ. ඒ සඳහා බදු ආදායම වැඩි කර ගත යුතු අතර, ජංගම වියදම අඩු කර ගත යුතුය. එය හඳුන්වන නාමය වන්නේ ආර්ථික ලූහුපෙවෙතයි.

ආර්ථිකය තුළ ඉතිරියක් ඇති කර ගත යුතු අතර, ඊට අමතරව, විදේශ ණය ආපසු ගෙවා දැමීම සඳහා අපනයනවල අතිරික්තයක් ද ඇති කර ගත යුතුව තිබේ. ආනයනයන් පාලනය කර ගැනීම හරහා ආනයන වියදම අඩු කරගෙන, ඒ අනුසාරයෙන් ඇති කර ගැනෙන මේ කියන ‘අපනයන අතිරික්තය’, ණය ගෙවීම සඳහා පාවිච්චියට ගත යුතු බවට සමහරු යෝජනා කරති. එය, කියන තරම් පහසු කාරියක් නොවේ. 2016 දී අප ආනයනය කළ මුළු ප‍්‍රමාණයෙන් සියයට 51 ක් සමන්විත වුණේ ‘අතරමැද භාණ්ඩවලිනි’. එනම්, දේශීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩයි. ඉතිං, අතරමැද භාණ්ඩ ආනයනය අඩු කළොත්, අපේ දේශීය නිෂ්පාදිනය සහ අපේ රැුකියා අවස්ථා පහළ වැටෙනවා පමණක් නොව, නැවතත් ආනයනයන් වැඩි වීම ද සිදුවිය හැකිය. උදාහරණයක් වශයෙන්, පොහොර ආනයනය අඩු කළොත් සහල් අස්වැන්න අඩු විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සහල් ආනයනය වැඩි කිරීමට සිදුවිය හැකිය. අනිත් අතට, මෙරටින් අපනයන කෙරෙන භාණ්ඩ නිෂ්පාදනයත් පහළ වැටිය හැකිය. මේ නිසා, යම් ප‍්‍රතිලාභයක් ලැබීමට නම්, කෙටිකාලීනව වියදම් කපා හැරිය යුතුව තිබේ. ඉහළ නිෂ්පාදන ඵලදායීතාවක් අත්කර ගත යුතුව තිබේ. ඒ නිෂ්පාදන ඵලදායීතාවෙන් වැඩි කොටසක් විදේශයන්ට විකිණිය යුතුය. නැතහොත්, ඉහළ නිෂ්පාදන ඵලදායීතාව, ආනයන ආදේශනයකට තුඩුදෙන පරිද්දෙන් හැසිරවිය යුත්තේය. ඒ සඳහා, වර්ධනය වන ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අපට සිදුවෙයි.

විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය පියවා ගැනීමට අවශ්‍ය කරන විදේශ විනිමය අපට සොයා ගත හැක්කේ, අප ආනයනය කරනවාට වඩා අපනයනය කිරීමෙන් උපයා ගන්නා අතිරික්ත ධනයෙනි. ආණ්ඩුවේ වියදමට වඩා ආණ්ඩුවේ ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් ඉතිරි කර ගන්නා අතිරික්ත මුදල, විදේශ ණය ගෙවා දැමීම සඳහා පාවිච්චි කළ හැකිය. එසේ කිරීමට නම්, සමාජයත් ඒ සමාජයේ ඒජන්තයා වන ආණ්ඩුවත්, ලූහුපෙවෙතක් අනුගමනය කළ යුතුය. වෙනත් රටවල ආර්ථිකයන්ගෙන් ණයට ලබා ගන්නා මුදලින් අපට ජොලි කළ හැකි වෙතත්, ඒ ණය ගෙවීමේදී අපට විඳවීමට සිදුවන්නේය. එනම්, අපේ ජීවන තත්වය පහළ වැටෙන්නේය. ලූහුපෙවෙත් ආර්ථික වැඩපිළිවෙලවල් වනාහී හලාහල විසක් හෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමට යොදා ගන්නා දෙයක් හෝ නොවේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ චිකාගෝ නුවර සිටින කිසියම් ආර්ථික විද්‍යාඥයෙකු නිර්මාණය කළ දෙයක් ද නොවේ. කෙටිකාලීන්ව ගත් විට, වෙනත් විකල්පයක් අපට ඇත්තේ නැත.

ඇමරිකාවේ බඩජහරි කමක් තිබුණි. එය තේරුම් ගත් ඇමරිකානු ආණ්ඩුව, එතෙක් පෞද්ගලික අංශයට දෙමින් තිබූ ණය 2009 දී කපා හැරියේය. මෙසේ කිරීමෙන් යම් දායකත්වයක් ආර්ථිකයට ලැබෙයි ද යන්න පසක් කර ගැනීම සඳහා කළ හැකි අගනා පරීක්ෂණයක් තිබේ. එනම්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඒ මාර්ගයෙන් ඉතිරියක් ප‍්‍රවර්ධනය කර ගන්නේ ද, ආනයනයන්ට වඩා අපනයනයන් වර්ධනය කර ගන්නේ ද (විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ලංකාවට එවන ධනයත් ඇතුළුව) යන්න පිරික්සා බැලීමයි. මෙහිදී සැලකිල්ල යොමු කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, ආර්ථික ලූහුපෙවෙතක් පවත්වාගෙන යාමේදී ඒ මගින් සමාජයේ පහළම තීරුවේ ජීවත් වන ජනතාවට වැඩියෙන් ගැහැටක් ඇති නොවන තැනට වගබලා ගැනීමයි.

මේ කරුණු හැරුණු කොට, අපට සුන්දර අපේක්ෂාවක් ද තිබේ. එනම්, ලෝකයාගෙන් අපට ඉතා නිර්ලෝභීව ආධාර උපකාර ලැබීමට ඉඩක් තිබේ ද යන්නයි. එවැනි අවස්ථාවක්, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බටහිර යුරෝපය ගොඩගැනීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වී තිබේ. එය ජෝර්ජ් මාෂල් සැලැස්ම වශයෙන් හැඳින්වෙයි. එසේම, එම යුද්ධයෙන් පසුව, ජපානය සම්බන්ධයෙන් ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් යටතේත් එවැනි සැලැස්මක් ක‍්‍රියාත්මක විය. මේ ආර්ථික වැඩ සටහන් දෙකම සැලසුම් කෙළේ සහ ක‍්‍රියාත්මක කෙළේ ඇමරිකාව විසිනි. මුළු බටහිර යුරෝපයත්, ජපානයත් යුද්ධයෙන් හොඳටම විනාශ වී තිබුණි. ඉහත කී ජෝර්ජ් මාෂල් සැලැස්ම බටහිර යුරෝපය සම්බන්ධයෙන් මොන තරම් සාර්ථකව කි‍්‍රයාත්මක වී ද යත්, එක් ආර්ථික විද්‍යාඥයෙකු දක්වන පරිදි, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගත වූ අවුරුදු විස්සක කාලය ‘ධනවාදයේ ස්වර්ණමය යුගය’ බවට පත්විය. අපේ රට සම්බන්ධයෙන් ගත් විට, චීනය සහ ඇමරිකාව අතර පවතින අරගලය තුළින් යම් ආකාරයක ඉන්ද්‍රජාලික පරෙවියෙකු මැවීමේ හාස්කමක් වුණොත් මිස, එවැන්නක් අපේක්ෂා කිරීම සුරංගනා සිහිනයක් පමණක්ම වනු ඇත. එවැනි සහනයක් වෙනත් රටකින් අපට ලැබුණත්, ඒ සඳහා විශාල මිලක් ගෙවීමට අපට සිදුවෙනවා ඇත.

අනිත් අතට, විදේශ ණය ගෙවා දැමීම සඳහා විකුණා දැමිය හැකි සම්පත් අපට බහුලව ඇත්තේ ද නැත. රටේ දැන් පවතින තත්වය උඩ එවැනි විකිණීමක් කළත් එය සිදු කිරීමට වන්නේ කුණු කොල්ලයට ය. ඊටත් වඩා, එසේ අපේ සම්පත් විකුණා දැමීම දේශපාලනික වශයෙන් ඉතා විනාශකාරී ප‍්‍රතිඵල අත්කර දීමටත් තුඩුදෙනු ඇත.

විදේශ රටවල තිබෙන අතිරික්ත සම්පත්, නැති බැරි රටවල් තුළ ආයෝජනය කිරීමට සලස්වා ගැනීම තවත් විසඳුමකි. එහිදී විදේශ ආයෝජකයා කරන්නේ තමන්ගේ විදේශ මුදල් අපේ මහ බැංකුවට විකුණා ලැබෙන රුපියල් ලංකාවේ වියදම් කිරීමයි. එහෙත් එවැනි ආයෝජන ආකර්ශණය කර ගැනීමට නම්, නැති බැරි රටේ දේශපාලනික හා ආර්ථික පරිසරය ආකර්ශණීය විය යුතුය. ලංකාවේ මෙන් 100 ගුණයක් විදේශ ආයෝජන තමන් වෙත ආකර්ශණය කර ගැනීමට මේ වන විට වියට්නාමය සමත්ව සිටී. එයින් පෙන්නුම් කරන්නේ ලංකාව, එවැනි විදේශ ආයෝජකයන් ඇදී එන රටක් නොවන බවයි.

ණය ආපසු ගෙවීමේ ක‍්‍රමය අලූතින් සකසා ගැනීම, එක්තරා ආකාරයක විසඳුමක් විය හැකිය. ඒ සඳහා වඩාත් අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට යොමු විය හැකිය. මේ සඳහා, රටවල් සහ අන්තර්-රාජ්‍ය මූල්‍යායතන ඒකරාශී කොට, එවැනි ණය ගෙවීමේ පහසු කොන්දේසි සහිත ක‍්‍රමයක් සකස් කර දෙන ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව පහසු කොන්දේසි යටතේ ලබා ගන්නා ණය මුදල්, දැනට ගෙවීමට ඇති ණය බර අඩු කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ණය ප‍්‍රමාණයේ අඩුවක් ඒ මගින් සිදු නොවෙතත්, ණය ගෙවීමට ඇති කාල පරාසයත්, අඩු පොලී අනුපාතයනුත් එවිට සකසා ගත හැකි වන්නේය.

ණය ගොඩගැසෙන්නේ, ලබා ගත් ණය ප‍්‍රමාණය සහ පොලී ප‍්‍රමාණයන් ගෙවා ගත නොහැකි වන විට ය. ඒ නොහැකියාව ඇති වන්නේ, ලබා ගත් ණය මුදල් නියමිත කාලයක් තුළ ප‍්‍රතිලාභ ගෙන නොදෙන ව්‍යාපෘති තුළ යෙදවීම නිසා ය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ඊට අගනා සාක්ෂියකි. ණය උගුල ඇති වන්නේ එයාකාරයෙනි. සමස්ත ඉල්ලූම අඩු කර ගැනීමට ආණ්ඩුවක් කටයුතු නොකරන්නේ නම්, විදේශ ණය ආපසු ගෙවීම මගහැරේ. ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත් ග‍්‍රීසිය ඒ සඳහා යුරෝපය සමග ගිවිසුමකට ඇතුළත් විය. ඒ අනුව, ආර්ථික ලූහුපෙවෙත් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීමට ග‍්‍රීසිය එකඟ වූ අතර ඒ මගින් ග‍්‍රීසියේ ජනතාවට ඇති විය හැකි බරපතල පීඩාව අවම කර ගැනීම සඳහා තාවකාලික සහන යුරෝපයෙන් සැපයීමට එකඟ විය. දැන් ග‍්‍රීසිය ඒ අර්බුදයෙන් ගොඩ එමින් සිටී. එම විසඳුම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම හරහා බොහෝ රටවලට ලබා ගත හැකි එක් විසඳුමකි.

අපේ රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට යෝජනා කරන පොදු ප‍්‍රතිකර්මයක් වන්නේ ආනයන සීමා කිරීමයි. එය ඉතා කාර්යක්ෂම විසªමකි. ක‍්‍රියාත්මක කිරීමට ද පහසු ය. එසේම, මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් තුළ ප‍්‍රතිඵල ද ලැබිය හැක්කේය. 2016 දී අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 8.4 ක් සමන්විත වුණේ සහල් ආනයනයන්ගෙනි. පරිප්පු, වෛද්‍ය සහ ඖෂධ ආනයනයන් සියයට 3.4 ක් විය. එනම්, සමස්ත ආනයනයන්ගෙන් සියයට 11.8 කි. මෙය, සමස්ත පාරිභෝගික භාණ්ඩ ආනයනයන්ගෙන් සියයට 50 ටත් වැඩි ප‍්‍රතිශතයකි. මෙකී භාණ්ඩ කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. එසේ වුවහොත් රට පුරා විශාල නොසන්සුන්තාවක් ඇති විය හැකිය.

සමස්ත ආනයනයන්ගෙන් සියයට 78 ක් සමන්විත වන්නේ, මීට ඉහත ෙඡ්දයකදී පෙන්වා දුන්, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩවලිනි. ඉන්ධන, සිමෙන්ති, පොහොර සහ යන්ත‍්‍රසූත‍්‍ර ආදිය ඊට අයත් වෙයි. රටේ විරැුකියාව උග‍්‍ර නොකර, එසේම, ආදායම් මට්ටම පහළ නොවැටෙන ආකාරයෙන්, මේ කියන කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. ආනයන සීමා කිරීම පිළිබඳ එවැනි සීමාවන් තිබියදී, අනිත් පැත්තෙන්, භාණ්ඩ සහ සේවාවන් අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගත යුතුව ඇති බවත් සිහියේ තබා ගත යුතුය. අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනය සීමා කළොත් නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩාල වන නිසා එය අපේ අපනයනයන් අඩාල වීමට ද හේතු වන්නේය. මගේ මිතුරෙකු මෑතකදී මට පෙන්වා දුන් පරිදි, ආනයනයන් අඩු වන විට, ඒවා මිලදී ගැනීම සඳහා එතෙක් යොමු වූ ක‍්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඊළඟට දේශීය නිෂ්පාදන පැත්තට වහා හැරෙන බැවින් එම භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමටත් ඉඩ තිබේ. එම ක‍්‍රියාවලිය උද්ධමනය නමින් හැඳින්වේ. මෑත කාලයේ එම තත්වය සිම්බාබ්වේ රටේ දැක ගත හැකි විය. දැන් එය වෙනිසියුලාවේ ද දැකිය හැකිය.

එසේම මෙසේ භාණ්ඩ මිල ඉහළ යාම, සියලූ අපනයනයන් කෙරෙහි බලපාන්නේය. දේශීය මිල ගණන්වල ඉහළ යාමට සරිලන පරිද්දෙන් රුපියල අවප‍්‍රමාණ නොවුණොත්, අපේ අපනයන වෙළඳපොළ වෙනත් අපනයනකරුවන් විසින් අත්කර ගැනීමට ඉඩ තිබේ.

යෝජනා කරන තවත් විසඳුමක් වන්නේ මුදල් අච්චු ගැසීමයි. අතරමැදි භාණ්ඩ ගෙන්වීම සීමා වීම නිසා ඇති වන විරැුකියාව පාලනය කරනු වස් එසේ මුදල් අච්චු ගැසීමෙන් රැුකියා අවස්ථා ඇති කර ගත යුතුව ඇතැයි ඔවුහූ පෙන්වා දෙති. කෙනෙකුගේ ආදායම තුළ අඩංගු සෑම රුපියල් දහසකින්ම රුපියල් 300 ක් වැය කෙරෙන්නේ ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීමට ය. වැඩියෙන් මුදල් අච්චු ගසන විට, ආනයනයන් සඳහා වන ඉල්ලූමත් වැඩි වෙයි. ඒ මගින් අපනයනයන් සඳහා අනිවාර්ය තල්ලූවක් ලැබෙන්නේ නැත. ඒ නිසා එය ද ප‍්‍රශ්නයට පිළියමක් නොවේ.

අප මුහුණදෙන තවත් අර්බුදයක් වන්නේ, විදේශ විනිමය වෙළඳපොළේ රුපියලේ අගය එක දිගටම බාල්දු වීමයි. එක දිගටම ලංකාවේ රුපියල මෙසේ අවප‍්‍රමාණ වී ඇතත්, මේ වසරේ එය වඩාත් වේගවත් වී ඇත. මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිතයක් තිබෙන බැවින් රුපියලේ අගය පහත වැටීම යම් අවස්ථාවකදී පාලනය කර ගත හැකි වෙතැයි මහ බැංකුව බොහෝ විට අපට කියා ඇත. එසේ කියන්නේ, රුපියලේ අගයේ අස්ථායීතාව හටගෙන ඇත්තේ වෙළඳාමට අදාළ කාරණයක් නිසා බවට ඇති උපකල්පනයක් මත පිහිටා ය. එහෙත්, 1997 දී තායිලන්තයේ මුදලේ අගය කඩා වැටුණේ, එරටේ තිබූ ප‍්‍රාග්ධනය රටෙන් පිටට ඇදී ගිය නිසා බව අප අමතක නොකළ යුතුය. රුපියල් වෙළඳපොළෙන් ඉවත් වීමට මුදල් ගනුදෙනුකරුවන් පෙළඹුණොත්, රුපියල් බිලියන 10 ක් යොදා ඒ ඇදී යාම වැළැක්වීමේ හැකියාවක් නැත. ඔක්තෝබර් 17 වැනි දා දක්වා වූ සතිය තුළ මෙය මැඩලීම සඳහා බිලියන 3.3 ක් නැති කර ගැනීමට සිදු විය. අපේ සමස්ත විදේශ විනිමය සංචිතය වන්නේ ඩොලර් බිලියන 10 ක් පමණි. තායිලන්තයේ මහ බැංකුව එරටේ මුදලේ අගය වැටීම පාලනය කර ගැනීම සඳහා ඩොලර් බිලියන 25 ක් වැය කෙළේය. එහෙත් එම මුදල කඩා වැටීම නතර කර ගැනීමට තායිලන්තයට නොහැකි විය.

අප මුහුණදෙන අර්බුදවල දළ ස්වභාවයත්, එම අර්බුද හටගෙන තිබීමේ හේතු කාරණාත්, අනුගමනය කළ හැකි යැයි සිතෙන මුත් එතරම් පහසු නැති ඇතැම් විසඳුම්වල ස්වභාවයත් එයාකාර ය. මේ තත්වය, විකල්ප මාර්ග යෝජනා කරමින් නිවැරදි කර ගැනීමේ වගකීමක් ආර්ථික විද්‍යාඥයන්ට තිබේ. දැනුම් තේරුම් නැති දේශපාලඥයන් තක්කඩියන්ගේ බහට අවනත වීමෙන් මුදවා ගත හැක්කේ ඔවුන්ට ය.

*2018 නොවැම්බර් 3 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Current Economic and Financial Crises නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    One of the most indepth analizis of the current economic challengees.we are facing with !!!!–(but all they are worried about is “rate bedanawa ! /and wikunanawa !(dividing !/and selling !!-???

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.