12 April, 2026

Blog

කුරුන්දි ප්‍රශ්ණය දෙස බැලීමට වෙනත් මගක්!

උවිඳු කුරුකුලසූරිය

උවිඳු කුරුකුලසූරිය​

ඊයෙ ඉඳන් අද පාන්දර වෙනකන් පොත් දෙකක් කියෙව්ව​​ මොකද මේ කුරුන්දි ප්‍රශ්ණය විසඳගන්න. එක පොතක්A Manual of the Vanni Districts, Ceylon by JP Lewis, of Ceylon Civil Service”. ඒක ලියල තියෙන්නෙ 1895දි ලංකා සිවිල් සේවයේ හිටපු JP Lewis. ඒ පොත පදනම් වෙලා තියෙන්නෙ 1807 ඉඳන් 1892 වෙනකන් වන්නියේ දිස්ත්‍රික් දෙකේ කච්චෙරිවල වැඩකරපු සිවිල් සේවයේ හිටපු ප්‍රධාන හය දෙනෙකුගෙ දිනපොත් සටහන් හා නොයෙකුත් අනිකුත් මූලාශ්‍ර පාදක කරගෙන. හරිම රසවත්. ඒ කියන්නෙ වන්නිය ගැන අවුරුදු සීයකට කිට්ටු කාලයක් ඒ පොතෙන් කවර් වෙනව. 1807 ඉඳන් මේ අය වන්නියේ ඔය හැම තැනම කරක් ගහල විස්තර ලියල තියෙන්නෙ, මහාවංශෙ වගේ ඒවත් උපුටා දක්වමින් ඒ ඒ ස්ථානයට අදාල. මේ පොතේ කියන හැටියට වැව් ඔක්කොම වගේ හදල තියෙන්නෙ සිංහල ආදිතමයො. හැම තැනම වගේ ඔලුව කඩල, අතවල් කඩල විනාශ කරපු, බාගෙට වල දාපු වලලුපු බුදු පිලිම, විනාශ වී ගිය​ බෞද්ධ වෙහෙර විහාර වල, විනාශ වී ගිය​ හින්දු කෝවිල්වල නටබුන්, විනාශ වෙච්ච වැව්. ඒ ගොල්ල ඒව ගැන සටහන් තබමින් ප්‍රමුඛතා අනුව ප්‍රතිසංස්කරණ පටන් අරන් තියෙනව

ඒ පොතේ හැටියට​ දැන් ඔය කුරුන්දෙ කතාවට ආවොත් කතා දෙකක් නැහැ මතභේදයට තුඩු දීල තියෙන දාගැබ​ බෞද්ධ විහාරයක්. එතන ලොකු ශිලා ලිපියක් තිබ්බලු තුන්වෙනි මහින්ද රජු එයාගෙ අම්මයි[?] දුවයි එක්ක එතනට ආව කියල. ඒ බුදුන් දෙවනි වර වැඩිය තැනක් කියල මහවංශෙ තියෙන ස්ථානය කියල​, 1807යි 1813යි අතරෙ හිටපු නිලධාරිය Turnour කියනව. ඒ වගේම එතන තියෙන​ විනාශ වෙච්ච වැව ගැනත් කියනව. ඒකෙ රැලපණාවෙ ගල් ගලවල හින්දු කෝවිලක් හදල කියල. ඉතිං වැව ප්‍රතිසංස්කරණයට කල්ගතවෙයි. කවද හරි ඉදිරියේදි ඒක කරන්න ඕන කියල. ඒක එකක්.

අනිත් පොත තමාEarly Settlement in Northern Sri Lanka” by Marina Ismail කියන එක. ඒක ලියල තියෙන්නෙ යුනිවර්සිටි ඔෆ් සිලෝන් කාලෙ ඒකෙන් උපාධි අරන් ආයෙ කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි ගත්ත භූගෝලවිද්‍යා විද්‍යාඥවරියක්. පොත අච්චුගහල තියෙන්නෙ 1995දි. එයා කියනව; මෙතන මාඝගෙ – [ආක්‍රමණික රජුගෙ] (1215-1236 A.D.) හමුදා හිටපු වැදගත් තැනක් විදියට පේනව, දාගැබක නටබුන් තියෙනව, තව ගොඩනැගිලි ගොඩක නටබුන් තියෙනව කියල. එයා අර්. එල් බ්‍රොහියර්ගෙ Ancient Irrigation Work in Celyone පොතත් උපුටා දක්වල එතනට සිංහලෙන් දෙමළෙන් කියපු නම් ගැන​ කියනව.

ඉතිං එතන මාඝගෙ හමුදා හිටිය නම්, ඒ අයගෙ ගොඩනැගිලි, ඒ අයගේ කෝවිල් එහෙමත් ඒ භූමි ප්‍රදේශයේ තියෙන්න ඇති. ඒවගෙ නටබුන් පවා ඉතිරිව ඇති.

දැන් මට ආව ප්‍රශ්ණෙ ඉල්ලා අස්වුනු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මනතුංග හරි කියන එක. ඔය ප්‍රදේශය කැණීම් කරල​ සංරක්‍ෂණය කරනව නම් ඒකට එයා කියනව වගේ අක්කර ගාණක් ඕන කියන එක. ඒ කියන්නෙ ඒ භූමියේ මාඝ ඇවිත් රජරට තිබුණු සිංහල ශිෂ්ටාචාරය විනාශ කරන්න කලින් සිංහලයගෙ, බුද්ධාගම ඇදහූ අයගෙ නටබුන් වගේම ආක්‍රමනයෙන් පස්සෙ දෙමල අයගෙ ඒවත් ඇති. රනිල් කියන එකෙත් ඇත්තක් තියෙනව, මොකද ඒක පුරාවිද්‍යා ස්ථානයක් නම් ඒක ඒ විදියට රකින්න ඕන, හාමුදුරුවරු පූජකයො ඒකට ගාගන්න ඕන නැහැ. සල්ලි සම්මාදම් බැහැ ඒ වැඩ කරන්න​. ඒව රජයෙන් කරන්න ඕන​, එතනදි රනිල් හරි. පන්සල් වල හාමුදුරුවරුන්ගෙන් හරි වෙනත් ආගම්වල පූජකයින්ගෙන් හරි සල්ලි ගත්තම​, ඒවට අයිතිවාසිකම් කියන්නත් එනවනෙ.

දැන් තව කරුණක් බලන්න ඕන, 1891දි වන්නියේ ඒ කියන්නෙ මුලතිව් හා වවුනියා දිස්ත්‍රික්ක දෙකේ ජනගහණයA Manual of the Vanni Districts, Ceylon පොතේ කියන හැටියට, සිංහලයො වන්නියේ ඉඳල තියෙන්නෙ 10152. (ඒකට පහත රටින් ගිය සිංහලයො වවුනියා 47 ක්මුලතිව් 9ක් ඇතුලත්මේ අයත් කඩකාරයොවඩුවොකඩකාරයොත් ගාල්ලෙන් ගිය අය) මුලතිව් වලට හාරපන්සීයක් අවුරුද්දකට පාරක් මීගමුවෙන්, සිංහල මාලු අල්ලන අය ඇවිත් පෙබරවාරි ඉඳන් සැප්තැම්බර් වෙනකන් ඉඳල යනවලු. මුස්ලිම් අය (Moormen කියල ලියල තියෙන්නෙ) වව්නියා 701යි, මුලතිව් 438යි. තව 30ක් විතර බර්ගර්, හාල්ෆ්කාස්ට් පෘතුගීසි, ඇෆ්ගන්, කෆීර්, මැලේ වගේ ජාති ඉඳල තියෙනව. මුලු ජනගහනයෙන් දෙමළ අය වවුනියා 76%යි. මුලතිව් 94%යි

ඉතිං ඒ දෙමළ අය කාලන්තරයක් තිස්සෙ දෙමළ ආදිතමයින්ගෙන් එන අය කියල වන්නි මැනුවල් එකේ කියනව. ඒ අය ඔය තැන් වැඳපුදා ගෙන ඉන්නත් ඇති ඒ ගොල්ලන් ගේ ඒවත් තියාගෙන

මේවගේ ප්‍රශ්ණ ජාතිවාදී ආගම්වාදී විදියට බලල විසඳන්න පුලුවන් ඒව නෙමෙයි. අනික මාඝ කරපු විනාශයට දැන් ඉන්න දෙමළ අය වගකියන්න ඕන නැහැනෙ. එහෙ ඉන්න දෙමළ අයගෙන් කොටසක් රජරට රාජධානිය විනාශ වුනාම උතුරට සංක්‍රමණය වෙලා දෙමළ සංස්කෘතියට අනුගත වෙච්ච සිංහලයො වෙන්නත් පුලුවන්. දකුණට සංක්‍රමණය උන දෙමල අයත් සිංහල බවට පත් උනානෙ. හොඳ උදාහරණයක් මම කියවපු විශිෂ්ට ඉතිහාසඥයෙකු වූ මහාචාර්ය අමරදාස ලියනගේ ලියා ඇතිලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ එන කේරළයෝප්‍රතිවිරුද්ධ අවස්ථා දෙකක් පිළිබඳ අධ්‍යයනයක්කියන පරියේෂණ පත්‍රිකාවෙන් සපයනව. මම මේ ගැන ඒක පලවෙච්ච 1994දිම රාවයට ලිව්ව වෙන පැත්තකින්. ලියනගමගේ මේකෙ පෙන්නනෙ මාඝ කේරළයෙන් දහස් ගණන් ගෙන්නපු අය කුලියට වැඩකරපු හමුදාව කියල. ඒ කුලී හේවායො සිංහල ශිෂ්ඨාචාරය විනාශ කරා කියල​. ඒත් කේරළයෙන්ම කුලී හේවයො විදියට නොආපු බිස්නස් කරපු, අලකේශ්වරල, ගම්පොල, කෑගල්ල, කුරුණෑගල පැත්තට වෙනකන් බලය අල්ලන් හිටපු උතුරේ ආර්ය චක්‍රවර්ති රජුව යුද්ධකර පරාජය කරල, සිංහල ජාතියයි, බුද්ධාගමයි රැකල දුන්න. ඒකට රට එක්සේසත්කරා කියල 6වැනි පරාක්‍රමභාහුගෙ නම ප්‍රසිද්ධ උනාට.

අමරදාස ලියනගමගේ නිගමන කොටසෙ මෙහෙම කියනව: “පුරා පරම්පරා කීපයක් තුළ ශ්‍රී ලංකාවේ විසූ අලකේශ්වරයන් ගේ මවු බිම කේරළ දේශය වුවද, කල් යත්ම, ඔවූහු ස්වකීය අභිවෘද්ධියත් දේශීය ජනතාවගේ අභිවෘද්ධියත් එකක් ලෙස ගිනීමට හැකි වන තරමටම ලාංකික ජන ජීවිතය හා සම්මිශ්‍රණය වූහයි කිව හැකිය. මේ ධර්මතාවයට නතු වූවෝ කේරළයෝ පමණක් ම නොවූහ. විශේෂයෙන් දාහතර වැනි සියවස තරමේ සිට ශ්‍රී ලංකාවට සමීපව පිහිටි දකුණු ඉන්දියාවේ කේරළ, චෝල, පාණ්ඩ්‍ය ආදී ප්‍රදේශවල සිට දිවයිනට සංක්‍රමණය වූවෝ, පෙරට වඩා විශාල වශයෙන් එහි උතුරුකරයේ ජනාවාස පිහිටුවා ගත් හ. මේ ප්‍රවණතාව, ජනප්‍රවාද ස්වරූපයක් දරන සිංහල මෙන්ම දමිළ ඓතිහාසික සාහිත්‍යයේ කැටපත් වෙයි. මෙපරිද්දෙන් දිවයිනේ උතුරුකරයෙහි ද්‍රවිඩ ජනාවාස වර්ධනය වෙත්ම, පෙර කල එහි බහුතරය වශයෙන් විසූ සිංහලයන්, සුළු ජාතියක් බවට පත්ව දමිළයින් හා සම්මිශ්‍රණය වීම, ස්වභාවික ඓතිහාසික පරිණාමයට නුහුරු නොවෙයි. කාලය අභිබවා සිටි සිංහල අනන්‍යතාවේ ඇතැම් ලක්‍ෂණයක් අද දක්වාම ශේෂව පවත්නට පිළිවන.

වෙනත් වචනයකින් කිවහොත්, එහි විසූ සිංහලයෝදමිළකරණය’ වූහයි කිව යුතුය. සිංහල ජනතාව බහුතරය බවට පත්ව සිටි දිවයිනේ දකුණු දිග ප්‍රදේශවල විසූ දමිළයන් ද, එම ධර්මතාවයට නතු වූ බව නිසැකය. කල් යත්ම සිංහලයන් බහු ජනතාව වූ ප්‍රදේශවල විසූ දමිළ සුළු ජන කොටස්සිංහලකරණයේ’ ධර්මතාවට නතු විය. මෙකී ඓතිහාසික ධර්මතාවයෙන් මිදී සිටීමට අලකේශ්වරයෝ ද අපොහොසත් වූහ. ස්වකීය කේරළ ප්‍රභවය පිළිබඳ මතකය මුළුමනින්ම වියැකී ගිය බව ඉඳුරාම කිව නොහැකි වුවත්, සෑම අතින්ම පාහේ අලකේශ්වරයන් සිංහලයන් බවට පත් ව සිටි බවට සැකයක් මතු නොවෙයි. සිංහලයන් ගේ ඉරණමත් ඔවුන් ගේ ඉරණමත් දෙකක් නොව එකක් සේ සැලකීමට හැකි වන තරමට ම, ඔවුහු දේශීය ජනතාව හා සමිශ්‍රණය වූහ. ප්‍රස්තුත මාතෘකාව යටතේ අවධානයට යොමු වූ දහතර වැනි සියවසේ දී මෙන්ම සෙසු අවස්ථාවලදී රණබිමට පිවිසි සිංහලයින්, ඔවුන් සිතා සිටි තරමටමසිංහල’ නොවූ බව නොදැන සිටියා සේම, දමිළයන් ඔවුන් සිතා සිටි තරමටමදමිළ’ නොවූ බව නොදැන සිටීම ඉතිහාසයේ අභාග්‍යයයි. එපවත් තව දුරටත් ඉතිහාසඥයන් ගේ දැනීම් සම්භාරයටම සීමා වී පැවතීම කිසි සේත්ම සුදුසු නොවෙයි.”

ඔය පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද සාදුට අලුතෙන් හොයා ගන්න දෙයක් නැහැ. මහවංශ වගේ ඒවත් උපුට උපුට තමා ඒ කාලෙ ලංකාවෙ වැඩකරපු මේ ඉංග්‍රීසි ජාතිකයින් A Manual of the Vanni Districts, Ceylon පොතේ ඔක්කොම ලියල තියෙන්නෙ. ඒක කියවල එයා හොයාගත්ත වගේ මේ කියවන්නෙ. උන්නාන්සෙත් මේ ප්‍රශ්ණ ගැන ජාතිවාදය ඇවිස්සීම කොහොමත් සුදුසු නැත​.

ඉතිං මම යෝජනා කරන්නෙ මාධ්‍ය ජාතිවාදය පතුරවමින් රට ගිණි තියෙන එක නවත්තල සන්සුන්ව ගැටුම් නිරාකරණය කරගත හැකි දෘෂ්ඨියකින් මේ ප්‍රශ්ණය දිහා බලන්න කියල.

Latest comments

  • 2
    0

    Dear Uvindu,
    .
    ඒ නිසා මම යෝජනා කරනවා මාධ්‍ය ජාතිවාදය පතුරවන එක නවත්තලා රට ගිනිතියලා මේ ප්‍රශ්නය දිහා සන්සුන්ව ගැටුම් නිරාකරණය කරගන්න පුළුවන් කෝණයකින් බලන්න කියලා.
    මගේ ආදරණීය UVINDU, මමත් විශ්වාස කරනවා. නමුත් අපේ ජාතියෙන් කී දෙනෙක් අපිව අනුගමනය කරයිද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය.
    මාධ්‍ය ඔවුන්ගේ වාර්ගික ව්‍යාප්තිය දිගටම කරගෙන යනවා නම්, එය පිටුපස සිටින්නේ කවුරුන්ද, සමහර අන්ත කුහක දේශපාලකයින් නොවේ නම් ”මම අද ඔවුන්ව නම් කිරීමට එඩිතර වෙමි. ඔවුන් අන් කිසිවකු නොව ඩී.ඒ.රාජපක්ෂ විසින් නිෂ්පාදනය කරන ලද රාජපක්ෂලා ය. මුන් තමයි මේ ජාතියේ නියම අපරාධකාරයෝ.
    .
    පහුගිය අවුරුදුවල ආගමික අසමගියට සම්බන්ධ දෙයක් ඒ පිටුපස රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් හිටියා මට දැනෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසි වාරයට පෙර සෑම අවස්ථාවකදීම සරත් වීරසේකරට ලේ පිපාසය ඇති විය. ඔහු කළේ, ස්වයං-නිර්මාණය කළ අපරාධවල ප්රතිඵල එකතු කිරීමට සෑම උත්සාහයක්ම ගැනීමයි. බහුතර සිංහල හා සුළු ජාතීන් අතර සංහිඳියාව ඇති කළ නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රජාව එය විනිශ්චය කරන ආකාරයට නොවන බවත් ලෝකයට පෙන්වීමට ඔවුන් විසින් පල්ලිවලට සහ මුස්ලිම්වරුන්ට මෙම අපරාධ සිදු කරන ලදී.

  • 0
    0

    මම හිතන්නේ බෞද්ධ නොවන ස්ථානවලට ත්‍රස්තවාදී ක්‍රියාවක් යෙදීම ම්ලේච්ඡ ක්‍රියාවක්. කෙසේ වෙතත්, රටක නීතිය හා සාමය ශ්‍රී ලංකාවේ අධිකරණයට සමීපව සිටින රාජපක්ෂ සහෝදරයන් රොත්තකින් බැඳී ඇත, අපයෝජනය කළ නොහැක්කේ කුමක්ද?
    මට පුදුමයි ඇයි දෙයියනේ අපේ මිනිස්සු මේ වගේ අපරාධ ඉවසන්නේ? එසේම රාජපක්ෂ සැඟවුණු කණ්ඩායම් ආචාර්ය සාෆිගේ පවුල භීතියට පත් කළ ආකාරය අපේ ජාතිය බුදු රජාණන් වහන්සේගේ සැබෑ ඉගැන්වීම්වලින් සැබෑ ලෙසම මෙහෙයවන්නේ නම් සිදු නොවිය යුතුව තිබුණි.
    වෛද්‍ය සාෆි අද ඔහුගේ සත්‍ය කතාව හෙළි කර ඇති අතර යම් සිහිකල්පනාවක් ඇති ඕනෑම අයෙක් වාගේ අද ඔහුට වඩා ගරු කරනු ඇත, කෙසේ වෙතත්, කණගාටුවට කරුණ නම්, ඒ අතරම, ජනතාව තවමත් රාජපක්ෂට වෛර කරන්නේ හෝ ක්‍රියා කරන්නේ නැත. ඇයි ඇයි ඇයි `?
    ඒ වන විට මම BMJ හි වැඩ කරන සමහර සගයන් සමඟ කතා කළ අතර ශල්‍යකර්ම කාමරයකදී එය කවදා හෝ කළ හැක්කේ කෙසේද … සමහර ශල්‍යකර්ම කරන්නන් රෝගීන්ගේ ෆැලෝපියන් ටියුබ් එබීමේදී තවත් අය ශල්‍යකර්ම සිදු කරන්නේ කෙසේද?

  • 1
    0

    බුදුරජාණන් වහන්සේ මේ රටේ වැඩ සිටිනවාද? සැබෑ ඉගැන්වීම් මත පදනම් වූ ඔහුගේ ආගම බොහෝ කලකට පෙර ඔවුන්ගෙන් ඉවත්ව ගොස් ඇත. රතු මාරයාගේ ඇඳුම් අඳින්නන් හැම අතින්ම පාතාලය වෙලා.

    සමහර ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම්, තවත් සමහරු ඔවුන්ගේ වංචා ව්‍යාපාරය කරති. ඒ වගේම රතු වස්ත්‍ර පොරවාගත් බුදුරදුන්ගේ වේශයෙන් සිටින බොරු භික්ෂූන් වහන්සේලා මේ සැඟවුණු ගතිය දිගටම පවත්වාගෙන යන්න උපරිම උත්සාහයක් ගන්නවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පැවිදි ජීවිතයට ඇතුළු වූයේ පන්සල්වලට නොමිලයේ ආහාර සහ අනෙකුත් අවශ්‍යතා පිරිනමන්නේ නම් මිස තම දරුවන් ඇති දැඩි කිරීමට නොහැකි වනු ඇතැයි දෙමාපියන් සිතූ බැවිනි.
    ඉතින් ඒ ළමා භික්ෂූන් වහන්සේලාට මවුපිය රැකවරණය අහිමි වීම නිසා ඔවුන්ගේ ළමා කාලය විවිධ අපචාරවලට ලක් වෙනවා. ඕනෑම හෝමෝ සේපියන් දරුවෙකුගේ අනාගත වර්ධනය සඳහා වයස අවුරුදු 3 සිට නව යොවුන් වියේ මුල් කාලය ඉතා වැදගත් බව මනෝවිද්‍යාඥයින් විශ්වාස කරයි. ඒ කුඩුකාරයෝ, රන් මාල කොල්ලකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, තවත් අපරාධකාරයෝ අද ඔප්පු කරනවා උන් නැතුව බෑ කියලා.
    ඉතින් අද සමීක්‍ෂණයකට ගියොත් රටපුරා හැම පන්සලකම ඒ නිල ඇඳුමෙන් අපරාධකාරයෙක් බිහිවෙලා. මෙය අවිවාදිත සත්‍යයකි. ග්‍රාමීය කෙළවරේ සිට නාගරික ප්‍රදේශවල සිටින ගිහියන් මේ රටේ භික්ෂූන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා කලකිරීමට පත් වෙති.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.