
උවිඳු කුරුකුලසූරිය
ඊයෙ ශ්‍රී ලංකාවෙ පොලිසියෙ 159වන සංවස්තරය ඊයෙ සැමරුවනෙ. ඉතිං මම ඊයෙ ඒ කතා ඇහැව්ව. කොහෙවත් ඒ කියන්නෙ නිල වශයෙන් ජනාධිපති කරපු සම්පූර්ණ කතාවවත් නැහැ. ඒත් මම හැම එකම වගේ බලනව මේ ටිකේ නිවාඩු නිසා. කරුණු දෙකක් කියන්න ඕන;
එක; ජනාධිපති මේ කියන එක වැරදියි. පොලිසියට එහෙම වැඩ වර්ජන කරන්න බැහැ. [මේ කොටස මම නිකමට ක්‍රොප්කරගත්තෙ දිග කතා කොටසකින්]
දෙක; ජනාධිපති කොච්චර වැදගත්, ඒ වගේම ආවේගාත්මක හා තර්ජනාත්මක කතාවක් පොලිස් සේවයේ ඉන්න අයට කරත්, වැදගත් එක දෙයක් කිව්වෙ නැහැ. ඒ තමා යටත් විජිත යුගයේ ස්වදේශිකයින්ව බියගැන්වීම මගින් පාලනය කරන්න අන්දපු ඇඳුමම තාම අන්දගෙන ඉන්න එක ගැන. ඒ කියන්නෙ ලංකාවෙ දේශගුණයටවත් නොගැලපෙන ඔය කාකි ඇඳුම වෙනස් කරන්න ඕන කියල ජනාධිපති කිව්වෙ නැහැ. අඩු ගානෙ ඉංග්‍රීසි පාලනය කරන කාලෙදිත්, පස්සෙ හැත්තෑගන්න්වනකම් ස්වදේශික පාලනය යටතෙදිත්, සාමාන්‍ය පොලිස් අය කාකි කොට කලිස්මක් ඇන්දෙ. ඒකෙන් අඩු ගානෙ හුලං ටිකක්වත් වදිනව ශරීරයට.
ජනාධිපතිට මග හැරුන දේ තමයි මහජනයාට සමීප පොලිස් සේවාවක් හදනව නම් දැනට ඒ අය අඳින නිල ඇඳුමත් වෙනස් කරල පටන් ගන්න ඕන කියන එක.
පලීසින් කරන අයට එක එක තලවලට එක එක නිල ඇඳුම් දෙන්න ඕන.
මහජනය එක්ක නිතර ගැවෙසෙමින් ඒ අයට උදව් කරන, මඟ පෙන්නවන “ඔයා හොඳින් ද” කියල අහන අය. ඒ අය ගම්වල, නගරවල ගෙවල් අසලින් අහඹු ලෙස ඇවිදගෙන යනව, ගොඩක් වෙලාවට ගැහැණු ඔෆිසයි, පිරිමි ඔෆිසයි. ඒ අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. නමුත් ඒ අය ගිහින් සටහන් ලියනව. ඒ අයට එක නිල ඇඳුමක් ඕන.
මහපාරේ රථ වාහන පාලනය කරන අය. ඔය ඇඳුම ඇඳගෙන කොහොමද දාඩිය දාගෙන ඕව කරන්නෙ? ඒ අඳුමත් දේශගුණයට අනුව වෙනස්කරන්න ඕන.
පොලිස් ස්ථානාධිපතිගෙ ඉඳන්, පොලිසිය ඇතුලෙ ඉන්න හැමෝගෙම නිල ඇඳුම් වෙනස්කරන්න ඕන. ඒව ඇතුලට ගිය ගමන් බිය ඇතිකරන හැඟීමක් එන්නෙ. මහජනයට තමන්ට ඇතිවන ප්‍රශ්ණ කියන්න පුලුවන් කෙනෙක් බවට පොලිසිය පත්කරන්න ඕන.
අනිත් ඒව ඉතිං ඔත්තු බලන, ත්‍රස්තවාදී වැඩ අල්ලන අය සිවිල් පිටනෙ ඉන්නෙ, ඒත් ඒ අයටත් කවුරු හරි අල්ලපු ගමන් තමන් කවුද කියල නිල වශයෙන් කියල දෙන්න ඕන ක්‍රමය පැහැදිලිව කියා දෙන්න.
අපිට ඕන මහජනයට එක්ක ඉන්න පොලිසියක් මිස යටත් විජිත යුගයේ ස්වදේශීකයින්ව බිය කරන්න අන් දපු නිල ඇඳුම අඳින පොලිසියක් නෙමෙයි!
ඔය ලංකාවෙ දේශගුණයට නොගැලපෙන ඇඳුම ඇඳගෙන ඉන්න පොලිස් නිලධාරීන්ට කොහොමත් කේන්ති යනව. ලස්සන සුදු හෝ ලා නිල් පාට හෝ කපු ශර්ට් එකක් සහ කලු කලිසමක්, සහ අවශ්‍ය උපකරණ එල්ලගන්න පුලූවන් බෙල්ට් එකක් වගේ එකක් ලස්සනයි.
අනිත් එක ඔය පොලිසියට දෙන සපත්තු කිසිම ප්‍රමිතියක නැහැ. හැමෝටම කකුල් සයිස්වලට සපත්තු දුන්නට ඒව දාගෙන පැය ගනන් ඉන්න බැහැ. දිග පලල එක සමාන උනාට විශේෂයෙන්ම හිටගෙන ඉන්න, දවසම ඇවිදන රස්සා කරන අයගෙ යටිපතුලෙ තත්ත්වය ගැන බලන්න ඕන. ඒව එකිනෙකාගෙ එක එක විදියයි. යටිපතුලෙ වක්‍රය වගේ තියෙන තැන ඒ දාන සපත්තුවට ගැලපෙනවද බලල අවශ්‍ය දේවල් – Shoe Insoles & Shoe Orthotics – නිර්දේශ කරන්න podiatry විශේෂඥ අය ඉන්නව [Podiatrists provide preventative care, diagnosis and treatment of a range of problems affecting the feet, ankles and legs] සමහර අයට insole දාන්න කියනව තව නොයෙකුත් දේ කරනව. ඒක අත්‍යාවශ්‍ය දෙයක්. ඒව පොලිසියෙ නැහැ. ඒව ගැන බලන්න ඕන. මම ජනාධිපතිටත් එයා ජනාධිපති වෙන්න කලින් එයා දාන සපත්තු ගැන කිව්ව. මට මතක විදියට 2018දි වගේ. මොකද එයා ඒ කාලෙ දිගටම ඇවිදින නිසා. දාන සපත්තු දෙකේ ඉන්ජිනියරිං එකක් තියෙනව. ඒක අනුව හිතන පතන දේත් වෙනස් වෙනව. ඒ ඒ මොහොතෙ. ඒක පෞර්ශයටත් බලපානව.
හිර වෙච්ච සපත්තු දෙකක් දාගෙන ඉන්න කෙනාට එන වේදනාව දන්නෙ එයා විතරමයි. ඒ වේදානාව නිසා වෙන්නත් පුළුවන් ඔය පොලිස් අය අල්ලගෙන එන සැකකරුවන්ව බාවල ඒ අයගෙ යටිපතුලට ගහන්නෙත්. ඒ වගේම කකුලට නොගැලපෙන ලොකු සපත්තු දාගෙන හිටියමත් එහෙමයි. ලූස් නේ!
පොලිසිය ගැන මහජන විශ්වාසය ජනාධිපතිලගෙ තර්ජනාත්මක කතාවලින් විතරක් හදන්න බැහැ, සුසමාදර්ශීය වෙනසක් කරන්න හිතනව නම්, ඔය මම කිව්ව චූටි දෙකෙන් පටන් ගන්න බලන්න.
අනුර, මං කියන්නෙ දෙපයින් හිටගන්න පුළුවන් පොලිසියක් හදන්න ඕන කියල.
ඕවට ලොකු නීති ප්‍රතිසංසකරණ අවශ්‍ය නැහැ. කකුල් දෙකෙන් හිටගෙන ඉන්න පුලුවන් දැනටමත් තියෙන නීති උඩ. ඔයා නියෝගයක් දෙන්න ඇත්තම යටිපතුලෙ සෞඛ්‍යයයි, නිල ඇඳුම ඒ ඒ තනතුරු අනුව වෙනස් කරන්න්න ඔකොකොටම කාකි ජරාව අන් දන්නෙ නැතුව.