28 March, 2024

Blog

චමුදිත අල්ලස් ගත්තා යැයි ඔහු විසින්ම​ පිළිගැනීම​ සහ ජනමාධ්‍යය ආචාරධර්ම​

උවිඳු කුරුකුලසූරිය​ –

උවිඳු කුරුකුලසූරිය​

කෙනෙක් මගේ වෝල් එකේ කොමෙන්ට් එකක් දාල තිබ්බ චමුදිත සමරවික්‍රම සල්ලිවලට වැඩ කරන කෙනෙක් කියල හරේන්ද්‍ර ජයලාල් එක්ක කරපු වැඩ සටහනේදි ඔප්පු උනා කියල. ජයලාල් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණත් එක්ක කරපු ඉන්ටවීව් එක ගැන මම ලියපු ෆේස්බුක් සටහන යට

නිසා මම අද වැඩ සටහන බැලුව​. මම මේක කියන්නෙ චමුදිත සමරවික්‍රම ගැන නෙමෙයි. නමුත් එයා කියපු දේ ගැන. [දැන් එයා හිරු එකේ]. එයා අවකාශය දෙන අයගෙන් වරප්‍රසාද ගත්ත කියල පිලිගැනීම​​ ගැන​, නැතුව ඒ මුලු සාකච්ඡාව ගැනම නෙමෙයි. [ඒකත් විග්‍රහ කරන්න වටිනව​]. එයා කියනව එක එක්කෙනාට කඩේ ගියා. එයාව ජනමාධ්‍යවේදියෙකු කරපු ටි.එන්.එල්. ආයතනයෙදිත් එයා කරපු වැඩ සටහන්වලට ගෙනාපු අයගෙන් තෑගි බෝග, උදවු පදවු, පෞද්ගලික වාසි අරන් තියෙනව කියල. මහින්ද ජනාධිපති කාලෙත් චමුදිත රූපවාහිනියෙ ප්‍රධානියෙක් නෙ. ඔය එයා මෛත්‍රිපාලගෙ ඇමති කාලෙ මාධ්‍ය ලේකම් ඉඳන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ වගේ තනතුරු දක්වා ගිහින් ගත්ත ඒව ගැන කියනව. දැන් එයා හිරු එකේ ප්‍රධානියෙක්. එයාගෙ අද පුද්ගලික YouTube ​චැනල්වලට එන අයගෙනුත් සල්ලි ගන්නව කියලත් කියනව​. මේවාට කියන්නෙ අල්ලස් කියාය​! 

මම චමුදිතව හමුවෙලත් නැහැ, දන්නෙත් නැහැ පුද්ගලිකව​.

[සම්පූර්ණ සකාච්ඡාව බලන්න​]

මම ආචාරධාර්මික මාධ්‍යයක් වෙනුවෙන් වැඩ කරල තියෙනව හැමදාම. කියන්නෙ මගේ කොල්ල කාලෙ ඉඳන්. මම කිසිම වරප්‍රසාදයක් අරන් නැහැ මගේ මේ වයසට එනකන් වත් කොච්චර ඔෆර්ස් තිබ්බත්

ඉතිං මේකයි කතාව මෙහෙම වරප්‍රසාද​ තෑගි ගන්නව නම්, ඒක එලිදරවු කරන්න ඕනෙ තමන්ගෙ ආසන්නතම​ ප්‍රධානියට. එතකොට එයා අනිත් අයත් එක්ක තීරණය කරයි ඒක දානවද නැද්ද කියල. ඒක තමා ලැදියාවන්ගේ ගැටුම එලිදරව් කරනව කියන එකේ මූලික අදියර​. 

සල්ලි ගන්න වැඩ සටහන් කරනව නම් ඒක ඇඩ්වටෝරියල්ස්/බිස්නස් වගේ වචනයකින් කිව්වම ඒව පරිශීලනය කරන අය​ ප්‍රේක්‍ෂකයො කිරල මැනල තේරුම් ගනියි.

බොටම් ලයින් එක තමා, ජනමාධ්‍ය කරන/ඉන්ටර්විවි කරන අය ඒවට ගෙන්නන අයගෙන් සල්ලි ගන්නව නම් ඒක ප්‍රේක්‍ෂකයින්ට​/පාඨකයින්ට​/ ග්‍රාහකයින්ට කියන්න ඕනෙ.

මම දහස් ගානකට උඟන්වල/හෝ දැනුම බෙදා හදාගෙන තියෙනව. මම හැමෝටම කියන්නෙ තමන් සුලු හරි තෑග්ගක් ගත්ත නම් ඒක තමන්ගෙ ප්‍රධානියාට එලිදරව් කරන්න කියල. එතකොට අය තීරණය කරයි ඔබ ලියපු දේ දානවද නැද්ද කියල.

ලොකුවට මම ලියල තියෙනව මේ ගැන. මේක කෙටි සටහනක්. අපි ලංකාවෙදි මේව ගැන කතා කරා ලොකු මට්ටමේ. සමහර අය පාපෝච්චාරණත් කරා. ඒව තමා වැදගත්. සමහර අය තෑගි සුභ සාධක​ සංගමයට ගිහින් දුන්න කිව්ව .

ජනමාධ්‍යකරන කෙනෙකුට​ ගන්න පුලුවන් තෑග්ගෙ ප්‍රමාණය ගැන තීරණයක් ගන්න ඕනෙ කියල මම අධ්‍යක්‍ෂවරයෙක් වෙලා හිටපු, පුවත්පත් ආයතනයෙදිත්, ප්‍රෙස් කොම්පේලෙන් කොමිසමේදිත් [නොමිලේ වැඩ හරිද?] කිව්ව​. දැන් මොනව වෙලාද දන්නෙ නැහැ

කෙටියෙන් කතාව මේකයි, ජනමාධ්‍යවේදීන් එහෙම කිසිම වරප්‍රසාදයක් ගන්න එක වැරදියි. ජනමාධ්‍යවේදීන් කියන අයත් මහජනය තමා නියෝජන කරන්නෙ.

ඒත් එතකොට අපි තෑගි ප්‍රතික්‍ෂේප කරන්නම ඕනෙද ?

නැහැ

තෑග්ගෙ වටිනාකම අනුවයි ඒක තීරණය වෙන්නෙ. ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් එකකට යනකොට දෙන ස්වනියර්ස් අඩංගු පොඩි මලු ගැනීම එකක්, ඊට එහා දේ ගැනීම තව එකක්. චූටි තෑග්ගක් පෑනක් වගේ ඒව ප්‍රතික්ශේප කිරීම හිතරිදෙවන්නත්, රැපෝව නැතිකරගැනීමකට මුල පෑදීමක් වෙන්නත් පුලුවන්. [ඒවත් නොගන්න අය ඉන්නව​].

ලොකු තෑග්ගක් දුන්නොත් ඒක ලැබුන බව දන්වා නමුත් ප්‍රතික්‍ෂේප කරන ගමන්, රැපෝවත් තියාගනිමින් ස්තූතිකරන ලියුමක් එක්ක හරවා යවන්න ඕනෙ කියන සම්ප්‍රදාය ලෝකෙ ආචාරධර්ම ගරුකරන මාධ්‍ය කරනව. මේව ගැන මම​ කියල තියෙනව අවුරුදු 25 ඉඳන්, අඩු ගානෙ මම 2001දි එංගලන්තෙ ඉඳන් ලංකාවට ආව කාලෙ ඉඳන්. අපි මේව මොඩියුල් වලටත් දැම්ම​.

මේ The New York Times පුවත්පතේ [අභ්‍යන්තර ආචාරධර්ම කෝඩ්] එහෙම තෑගි හරවා යවන ලියුමෙ ආකෘතිය. මේ ගැන මම කොච්චර ලියල තියනවද ???? ඒත් තාම මොකුත් වෙන්නෙ නැහැ ලංකවෙ මේ ගැන​!!!

Dear XXXXXXXXX,

Your recent gift came as a pleasant surprise. I appreciate your thinking of me.

But the gift puts me in an awkward position. The New York Times bars its reporters and editors from accepting anything of value from the people or groups they cover. The paper does not want to risk the perception that it will cover a subject more thoroughly or skew its coverage of controversial subjects because interested parties have expressed appreciation for its efforts.

So I must return your gift with thanks. I hope you understand our position, and I thank you for your thoughtfulness.

Sincerely,

[නම​ xxx]

තව එහාට ගිය එවත් තියෙනව​

Sample letter declining an unsolicited award

Dear XXXXXXXXX,

Your recent letter informing me that I’d been selected to receive an award from XXXXXXXX came as a pleasant surprise. I appreciate the sentiment behind the award.

But your decision puts me in an awkward position. The New York Times bars its reporters and editors from accepting awards conferred by groups that have an interest in the subjects covered by the award recipients. The paper does not want to risk the perception that it will cover a subject more thoroughly or skew its coverage of controversial subjects because interested parties have applauded its efforts.

So I must decline your award with thanks. I hope you and your colleagues understand our position.

Thank you again for your kind words.

Sincerely,

[නම​ xxx]

තමන් ලොක්ක​, මේක​ මගේ ආයතනය කියලවත් එහෙම සල්ලි ගන්න බැහැ, ඇඩ්වටීස්ට්ස්මන්ට්ස් වෙනයි, ඇඩ්වටෝරියල්ස් කියන ඒවයි වෙනයි. සමහර වෙලාවට ඕව පැටලෙන්නත් පුලුවන් හැමෝටම​ දැන් මේ ගූගල් සීන් හින්ද​, ඔන්ලයින් යනකොට ඇඩ් දානව මාධ්‍ය කරන අයත් නොදන්න​.

ඒත් බොටම් ලයින් එක තමා, ජනමාධ්‍ය කරන ඉන්ටර්විවි කරන අය ගෙස්ට්ගෙන් [තමන් ඉන්ටර්විව් කරන කෙනාගෙන්] සල්ලි ගන්නව නම් ඒක ප්‍රේක්‍ෂකයින්ට​/පාඨකයින්ට​/ ග්‍රාහකයින්ට කියන්න ඕනෙ. සමාජය අනුව තමන්ට පුද්ගලිකව දෙන​ – ස්මරණයක්/ස්වනියර් එකක් විදියට තියාගන්න පුලුවන් තෑගි වල වටිනාකමේ ප්‍රමාණය ගැන තීරණයක් ඔනේ.

දැන් මම ඒව ගැන නෙමෙයි උඟන්වන්නෙ හෝ ට්‍රේන්කරන්නෙ, නමුත් මම ට්‍රේන්කරන කාලෙ The New York Times පුවත්පතේ අයට ගන්න පුලුවන් ඩොලර් 20කට නොඅඩු තෑග්ගක් විතරයි. ඊට වැඩි දේවල් වලට කරන්න ඕන දේ උඩ තියෙනව​. [තව ඕන තරම් උදාහරන දෙන්න පුලුවන් ලෝකෙ මාධ්‍ය ආයතන වැඩ කරන විදිය මේ තෑගි ගැන​]

පලවෙනියටම මට එහෙම දෙයක් දුන්නෙ මාව හරි හැටි නොදත් රවී කරුනානයක. රාවය ලොකු පත්තරයක් කරන්න ගියාම 1996දි මම රවීව ඉන්ටර්වීව් කරා. ඔය වරාය ගාව එයාගෙ ඔෆිස් එකේදි. ඉවර උනාම එයා මට කැශ් චෙක් එකක් දුන්න රුපියල් 6,000ක හෝ 9,000ක​. මම ඇහැව්ව ඇයි කියල​. එයා කිව්ව මගේ මහන්සියටද​ මොකටද කම්ප්ලිමන්ට් එකක්ද කොහෙද කියල​. [හරියට කිව්ව වචනෙ ඇති මගෙ පොතේ] මම ඒක ගිහින් අයින්වන්ට කියල අපි අපේ පත්තරේ “සුභ පතන්නෙක් ගෙන්” කියල පොඩි තීරූවක් දැම්ම​. උන් දන්නෙ නැහැ මං ගැන​.

ඊ ලඟට​ එකම කෙනයි එහෙම තෑග්ගක් එව්වෙ, විස්කි බෝතලයක්. මහින් සමරසිංහ​, විපක්‍ෂයේ මන්ත්‍රී කෙනෙක් ඒකාලෙ. මේ කියන්නෙ 1996දි. මම පොඩි කොල්ලෙක් හොඳට කන බොන​. මම ඒකත් ආපහු යැව්ව​. ඒ කාලෙ ඔය ජනමාධ්‍ය ආචාරධර්ම ගැන ලංකාවෙ කතාවකුත් නැහැ. ලැදියාවන් අතර ගැටුම තේරෙන්න ඕනෙ. මේව ඉන්ස්ටින්ක්ට්. මගේ කාලෙ ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කතාව ආවෙ වික්ටර් අයිවන්ටයි, සිංහ රත්නතුංගටයි, බන්දුල පද්ම කුමාරටයි චන්ද්‍රිකා ආණ්ඩුව යටතෙ සාපරාධී අපහාස නීතිය යටතෙ නඩු දැම්මට පස්සෙ. තාම වෘත්තිය මාධ්‍යකරන අයත් එහෙම නම්, ඔය දැන් සමාජ මාධ්‍ය කියල තියෙන කාලෙ කොච්චර සල්ලි වරප්‍රසාද ගන්නව ඇද්ද?

චමුදිතට ස්තූතියි අවංක වීම ගැන​.

දෙනකොට හිතන්නෙ ඇයි දෙන්නෙ කියල​, ගන්න කොටත් හිතන්න ඇයි ගන්නෙ කියල​!

 

Print Friendly, PDF & Email

Latest comments

  • 13
    0

    Part 1

    ලන්කාවෙ ජන මාධ්‍ය කියන්නෙ ඉතාමත්ම දූෂිතයි. අද වෙනකොට මාද වේදීන, වීදි ගනිකාවන්ගේ මට්ටමට වැටිල.. මේ චමුදිත කියන පුද්ගලය දෙපැත්ත කන තිරිසන් බල්ලෙක් බව කාටත් පැහැදිලියි, එවුන් කුඩු නාලිකාවට කත් අදින කොට.. අර චාප බන්ඩාර කියන සෙවලයත් එහෙමයි.. මුන් හරියට අර වනාත මුල්ලෙ කුනු කන්දේ පැවැත්මට කත් අදින, නපුරු සත්තු වාගෙ.. කුනුකන්දේ ඇතුලේ තිබෙන කතා හා සමාන කතවක් තමයි, රාජපක්ශෙ ගේ ප්රමුකත්වයෙන් දේශපලනය වෙනව නම්. අද වෙනකොට කිසිම දෙයක් පාරදෘශ්‍ය නැහැනෙ.. හරියට් උන්ගේ පෞද්ගලික දේපල වාගෙ රට විනාශ කරනව.. ශැන්ග්රිල පාර්ටි දමනව… හරියට මිනිසුන් බල්ලො බලල්ලු වාගෙ කොනකට දමල..
    .
    අනික ලන්කාවේ දූශනය හා එහි මට්ටම ගැන අපි තර්ක කරන්නට අවශ්ය නැහැ. මේ හිරු ආයතනයට වැඩ කරන්නෙ, නිදහස් මාධ්‍ය වේදීන් කියන කොට, මේ රටේ ඉන්න බහුතර ජනතාවගේ ප්රදාන ආහරය පුන්නක්කු විය යුතු මයි… හිරු හා අද දෙරන ආයතනය න් නොහිටින්න රාජපක්ෂ වරු හෝ රටේ අති දැවැන්ත අපරාද කරුවන්ගෙන් මේ අපේ මව්බිම පිරි ඉතිරී යන්නෙ නැහැ.. ඒක ඉර හන්ද වාගේ විශ්වාසයි අබ ඇටයක් තරම් මොලගෙඩියක් ඇති හැමටම. එනමුත්, මෝහයෙන්, මායවෙන් පිරුනු සමාජයකට මේව ගැන කිසිදු හැන්ගීමක් නැහැ. හිතන්න බලන්න, යුරෝපයේ ජීවිත් වෙන අපි කවදාවත්, පොඩි වරදක් කොරල අහක බලන් ඉන්න තරම් හැකියාවක් ලැබෙන්නෙ නැහැ, නීතිය අපි පිටිපස්සෙ, අපේ තනතුරු තානාන්තර නොබල පසු පස හමා යන නිස… ලොකු මට්ටමෙ දේශපාලන පක්ශතුල අපරාද්වෙන්න පුලුවන්, එනමුත් සාමාන්‍ය ජීවිතයේ, කවුරුත් රටේ පවතින නීතියට යටයි.. ලොකු පොඩි, ආගමික නායකොද, රජපෙලපතෙන් එන අයද කියල, හොර තක්කඩි කමින් පොකට් එක පුරවගන්න කොට, රටේ ඔඩිටොර් ගෙනෙරල් ලා පොලිසියේ ලොක්කො නියපොතු ගිල ගිල බලන් ඉන්නෙ නැහැ.

    to be contd

    • 11
      0

      Part II

      මේ රටේ ලොකුම ප්රශනය තමයි… මේ හැම කෙනෙක්ගේම කොහොමද තමන්ගේ ආධායම වත්කම් කෙටි කාලයක් තුල අහස උසට ගොඩ නැගුනේ යන්න, සොයා බලන යාන්ත්රන රටේ පරිපලනයේ නැති හෝ ක්රියාත්මක වෙන්නෙ නැති එක. WHO ARE BEHIND IT NONE OTHER THAN RAJAPAKSHES… that Rohitha Abengunawardhana and Mahindanandha were minons before joining to srilanken politics, but loots made them untouchably wealthy. Even Mahinda Rajapakshe was not owning a vehicle for his own at the time, he became a president. They were not walawwa people, but FAKE walawwa stories, were painted for the promotion of their rascal politics.
      . අල්ලස් දෙන එකා හා ගන්න එකා අතර, සුසන්යෝගය තමයි, රටේ දූස්තිත පැවැත්මට මූලික වන්නෙ, ඒ ඇර රටේ ඇති පොලෝසියේ ඇබ්බැහි වීම… පොලෝසියට හැම විටම – මාධ්‍ය ප්රකාශක කියල පෙත්තප්පු කෙනෙක් දමාගනන්ව, බොහෝරජය වල් වල, එනමුත් ගිය තිබුන යහපාලනය යටතේ ඒ පෙත්තප්පුලට තප්පු ලාන්නට එතරම් ඉඩ කඩ ඇති වුනේ නැහැ.. අජිත රෝහන හොන්ද වෙන්න පුලුවන්, එනමුත් එයා කියන හැම දෙයක්ම අද වෙනකොට සත්ය නැහැ… එයාගෙ තිබෙන්නව අර බොහෝ මිනිස්නු රාජපක්ෂ වරුන්ගේ අසුචි ගිලිනවා වාගෙ, ඒ වාට ඉඩ දීමක්.. රටේ පොලෝසිය හොන්දට තිබුන අර නිදහස් කොමිසම යටතේ එනමුත් අද වෙනකොට ඒක සම්පූරනයෙන්, සරාත් වීරසේකර කියන ජාති වාදි තිරිසන් බල්ලගේ අතට අරගෙන, මේ ක කරපු කියපු අපරාද වල්, රටේ මුස්ලිම් ජනයට ගහල රටේ ඇති කරපු කල කෝලහල පිටිපස්සෙ හිටපු විතිය ඔක්කොම හිටපු මෝඩ උනත්, සිරිසේන ජනපති එලියට දැම්ම.. ඒකත් ඒවුනට අද වෙනකොට නිහඩයි, මන්ද අර පාස්කු ඉරිදා ප්රහාරයේ ප්රදාන සැක කරු වෙලා.. රාජපක්ෂ වරුන් සමග ඒ විනාශය කරපු යෝද අපරාද කරුවෙක් නිසා. මේ රටේ සමාජයේ හරි පැත්ත ගැන අවභෝදයක් දන්නෙ, මහින්ඩ රාජපක්ෂ කියන තිරිසන් බල්ල.. ඒක හරියට දන්නව, රටේ මිනිසුන් මෝඩයි, ඒ නෞව ඌන්ට පුලුවන් පුන්නක්කු හොන්ඩර ගානක් වුනත් කාලයක් තිසේ, එවුන්ගේ ජනමාධ්‍ය ගනිකාවන්ගේ සහයෝගෙන් පොවා දමල, හරියට සරු කෙතකින්, අස්වැන්න නෙලන ගාන්ට චන්ද කුට්ටි පිටින් ගරා ගන්නට… හරියට කොරෝනව ගරානව කරගත්ත වගේ. මට හිතෙනව, මේ ලෝකයේ කිසිම දේව බලවේග, දේව ශාප අරව මේව බොරු කත කියල මොකොද මේ රට ගෙනියන අපරාද කරුවන්ගේ අපරාද රෙකෝඩ දුටුවම,.. එවුන් නායකයන් නොවෙයි, මුලු කලයම හිරබත් ගිලින්න . හිරභාරයේ සිටින්න ඕන එවුන්.

      • 10
        0

        Part III

        අනික අපේ රටේ විශ්වවිද්‍යාල වලින් අවුරුද්දකට 25 000 විතර එලියට එනව… මේ අය ඉගෙන ගන්නෙ, රට හෝර් පිටරටට වැඩ කරන්න. එනමුත් ඒ අය රටේ තිබෙන පවතින යාන්ත්රන වලට යොමු වුනාම, අර ජේවීපී ටෝක් දමපු වමට බර එවුන් වුනත්, … එකතු වෙලා අසුචී ගිලින සුනක රැල වාගෙ, රටේ සුගතියට වෙඩ කිරීම කොහොම වෙතත්, නැති පැත්තට වෙඩ කරනව. අපි දන්නව. රටේ ජීව විදයා වලින් වැඩිම ලකුනු අරගෙන අති දක්ශයින් ලෙස මෙඩිකල් කොලෙජ් වල යන්නෙ, ඉතා දක්ශ එවුන්, ඒවගේම රටේ ඉංජීනියර්ස් ලා වෙන්නෙත්, දකශයින්.. එනමුත් එවුන්.. රටේ රැකියාවට යොමු වුනාම… හිවලුන් සේ කට යුතු කරන ජාතියක් වෙලා..
        .
        හොන්දම කැපී පෙනෙන උදාහරණ තමයි රටක රටවනසන, අර රජයේ වෛද්‍ය සන්ගමය කියල තිරිසන්න් බල්ලො ටික.. එවුන් රටේ මිනිසුන්ගෙන් බදු මුදල් වලින් උපාදි අරගෙන, කරන්නෙ පරිපාලන වැඩ.. ඔය කියන විදියට එවැනි 200 ක් විතර ඒ පරිපාලන වැඩ කරන්වලු… එවුන් සතියකට වෙඩ කල යුතු කාලයවත් හරියට ඔප්පු කල හැකි විදියට වැඩ කරන්නෙ නැත කිය චෝදනා තිබෙනව.. එවුන් කරන්නෙ, රටේ දූශිත දේශපාලකයගේ කට බඩ පුරුවන එක… මේ රජයේ වෙද සන්ගමය අර පාස්කු ඉරිද ප්රහනයෙන් හෝ, කෝවිඩ් වලින් නැත්තට නැති වුනා නම්, රටේ මේ කෝවිඩ් හා ඇතුලු හැම දෙයක්ම හොන්ද පැත්තට වෙන්න ඉඩ කඩ වෙඩියි… මේ රට අර කිව්ව වාගෙ. ගන්ද ගහන කුන්ඩු කන්ද කරල තිබෙන්නෙ රාජපක්ෂ දේශපලනය කියල මට දේ සිටම විශ්වාසයි..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.