20 April, 2024

Blog

‘ෆිච්’ ණය ශ්‍රේණිගත මට්ටම පහළ යෑම නිසා ඇතිවූ කම්පනය: එහි තර්කාණුකූල​භාවය, එමගින් ඇතිවන බලපෑම් සහ අනාගත අභියෝග

ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

ස්‌වාධීන රාජ්‍යයක ණය ශ්‍රේණිගත වී ඇති මට්ටම පහළ වැටෙන විට ඒත් සමගම එම රටේ සියලුම රජයේ ආයතනයන්හි ණය ශ්‍රේණිගත මට්ටම් රාජ්‍යයේ ණය ශ්‍රේණිගත කිරීමට ගැළපෙන ලෙස පහත වැටේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවල බාහිර ණය ශ්‍රේණිගත මට්ටම් කෙරෙහි මෙම තත්වය ඍජුවම බලපෑමක් ඇති කරයි. උදාහරණයක් ලෙස ලංකා බැංකුව ගතහොත්, එහි අන්තර්ජාතික ණය ශ්‍රේණිගත මට්ටම රාජ්‍යයේ ණය ශ්‍රේණිගත මට්ටම වන ‘C C’ මට්ටමට වඩා පහත අඩියක පවතී. ලංකා බැංකුවේ අරමුදල් පිරිවැය (Cost of funds) ඉහළ යෑම මෙමගින් සිදුවේ. මෙමගින් පිළිඹිබු වන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේදී සියලුම රජයේ ආයතන රජයේ ණය ශ්‍රේණිගත මට්ටම සමග නැගී සිටීමත් ඇද වැටීමත් සිදුවන බවයි.

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3 අතුරින් ‘ෆිච් රේටින්ග්ස්’ (Fitch Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම ‘C C C’ සිට ‘C C’ දක්වා පහත හෙලීම ගැන ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයකු මෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධනගේ විග්‍රහය මෙසේයි.

පසුගිය සතියේදී ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන ණය ලබා ගැනීම් සඳහා වන ශ්‍රේණිගත මට්ටම පහළ දැමීම මගින් අපගේ මුල්‍ය පද්ධතිය තිගැස්මකට ලක් කළා, මෙහි තේරුම කුමක්ද?

මෙය ඇත්තටම හදිසියේ ඇතිවූ තත්වයක් නොවෙයි. කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද අනිටු ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් තමයි මෙලෙස විද්‍යමාන වී ඇත්තේ. ශ්‍රේණිගත මට්ටම පහළ දැමීමක් සිදු කරන බවට ෆිච් ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවටත් මුදල් අමාත්‍යංශයටත් සෑහෙන තරම් කල් තබා දැනුම්දීම් කර තිබුණා. ආර්ථිකයේ දරුණු කඩා වැටීම හමුවේ ආයෝජකයන්ට පිළිගත හැකි විසඳුම් ඉහත ආයතන ලබා නොදෙන වටපිටාවක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටත වෙළඳපල බලවේග මෙම පහළ දැමීම අපේක්ෂා කරනු ලැබුවා.

දිගින් දිගටම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලබාදුන් අනතුරු ඇඟවීම් මුදල් අමාත්‍යංශය හා මහා බැංකුව තැකීමක් කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය මාස් පතා කඩා වැටෙන්නට විය. මෙම ණය ශ්‍රේණිගත මට්ටම පහළ දැමීම තිගැස්මක් නොව දිගුකාලීනව වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම එරෙහිව ලබා දුන් දඬුවමක් බඳුය. ෆිච් ආයතනයට අමතරව ‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්’ (Standard and Poor’s) හා මූඩීස් (Moody’s) යන ආයතනත් මෙලෙස ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලදී.

ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?

අන්තර්ජාතික මූල්‍ය වෙළඳපළෙන් ණය පහසුකම් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙක් අඩුම තරමින් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 2කින් සිය ණය ලබාගැනීම් ශ්‍රේණිගත කර ගත යුතුය. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ලබා දෙන මිනුම මගින් ණයගැතියා නියමිත කාල සිමාවේදී හෝ නියමිත දිනයේදී පොලීය හා මුල් මුදල (Capital) ගෙවීම පැහැර හැරීමට ඇති හැකියාව පිලිබඳ ඔවුන්ගේ නිගමනය ලබා දෙනවා.

මෙලෙස ඔවුන්ගේ නිගමන ප්‍රකාශ කිරීමට පෙර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ණයගැතියාගේ ආර්ථික තත්වය පිලිබඳ ස්වාධීන විගණනයක් සිදු කරනවා. එහිදී, ණයගැතියාගේ දේශපාලන ස්ථාවරත්වය, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය අදායම් ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රජයේ පසුගිය කාලයේ වැඩපිළිවෙල යන ප්‍රධාන කරුණු අධ්‍යයනය කරනු ලබනවා.

ඔවුන් මහා බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, ඉහළ පෙලේ අමාත්‍යවරුන් සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමග දීර්ඝ සාකච්ජාවන්හි නිරතවනවා. ඔවුන්ගේ සොයාගැනීම් ඉන්පසු මුදල් අමාත්‍යංශයේ හා මහා බැංකුවේ නිලධාරීන්ගේ ප්‍රතිචාර සඳහා ඉදිරිපත් කරන අතර අවසන් නිවේදනය සිදු කරන්නේ මෙම ප්‍රතිචාරයන්ට සවන්දීමෙන් පසුවය.

වර්තමාන ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම පහළ දැමූවේ රජයට නොසළකා හැරිය නොහැකි කරුණු 3ක් මුල් කරගෙනයි. පළමුවැන්න, ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා මට්ටම මාසිකව නරක අතර හැරෙමින් පැවතීමයි. දෙවැන්න, කඩා වැටෙන විදේශ විනිමය සංචිත හා වඩාත්ම පීඩාකාරී හේතුව වන තෙවැන්න, විදේශ විනිමය බැඳීම් හෙවත් ණය හා අනෙකුත් ගෙවීම් සඳහා පිටස්තර මාධ්‍යයන් මගින් ප්‍රමාණවත් තරම් ණය පහසුකම් ලබා ගැනීමට නොහැකිවීමයි.

අප රට මුහුණ පා ඇති තත්වය සරල උදාහරණයකින් කියතොත් මිනිසෙකුට පිටස්තර පුද්ගලයන්ට මුදල් ගෙවීමට සිදුව ඇත නමුත් ඒ සඳහා එම මිනිසාට මුදල් නැත එමෙන්ම වෙනත් පුද්ගලයින්ගෙන් ණයට ගෙන ගෙවීමටද නොහැකි තත්වයක් උදාවී ඇත.

ෆිච් ආයතනයට ප්‍රථම මූඩීස් ඉන්වෙස්ටර් සර්විසස් (Moody’s Investor Services) ආයතනයද ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදෙස් ණය ගැනීම් ශ්‍රේණි මට්ටම ‘Caa2 ‘ සිට ‘Caa1 ‘ දක්වා පහතට හෙළන ලදී. එයද අපගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සඳහා දෙන ලද දඬුවමක් ලෙස දක්විය හැකියි.

අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard & Poor’s) හෙවත් S&P ආයතනයත් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කළාද?

වර්තමාන ශ්‍රේණිගත කිරීමේ චක්‍රයේදී ඔවුන් තවමත් නිවේදනයක් නිකුත් කර නැහැ, නමුත් මේ ආයතන 3ම ක්‍රියා කරන්නේ සමාන ක්‍රමවේදයකටයි. එමනිසා අනෙක් ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකෙහි ප්‍රතිඵලයන්ද නොබෝ දිනකින් අපට දැකගත හැකි වනු ඇත.

ඉතිහාසයේ හෝ ශ්‍රී ලංකව ඉහළ ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම් අත්පත් කරගෙන තිබුණේද?

නැහැ, ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ 2005 වසරේදී ෆිච් සහ S&P ආයතන සමගයි. ඒ 2007 වසරේදී නිකුත් කළ ඇමරිකානු ඩොලර් (ඇ.ඩො.) මිලියන 500ක අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) නිකුතුව සඳහායි).

ෆිච් ආයතනය BB- ලෙසද S&P විසින් B+ ස්ථාවර ආර්ථික දැක්මක් (stable economic outlook) සහිත ශ්‍රේණිගත කිරීම් මට්ටමක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. සාපේක්ෂව බලන කළ ෆිච් ආයතනය ලංකාවට එක කට්ටයක් වැඩි ශ්‍රේණිගත මට්ටමක් ලබාදී තිබුණා. නමුත් මෙම වර්ගීකරණ මට්ටම් ආයෝජනය සඳහා නිර්දේශිත (investment grade) මට්ටම වන BBB- මට්ටමට වඩා පහළ තලයක විය. ශ්‍රී ලංකාවට ලබා දී තිබුණු ශ්‍රේණිගත මට්ටම සමපෙක්ෂණ (speculative) හෙවත් ආයෝජන සඳහා සුදුසු නොවන බැඳුම්කර ලෙස හඳුන්වයි. මේවා වෙළඳපළේ හඳුන්වන්නේ සුන්වූ බැඳුම්කර (junk bonds) ලෙසයි. ඒ කාලයේදී පවා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අපගේ අසමතුලිත අයවැය සහ දුර්වල බාහිර අංශය (විදේශ රටවල් සමග ගනුදෙනු කරන අංශ) ඉස්මතු කර තිබුණා. මෙලෙස දුර්වලතා පෙන්වා දීමේ අපේක්ෂාව වූයේ එමගින් ආර්ථිකයේ පැනනගින ඌනතා සමනය කිරීමත් ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම ඉහළ නංවා ගැනීමත් යන කරුණුයි. නමුත් රට ගමන් කළේ ප්‍ර​තිවිරුද්ධ දිශාවටයි. ස්ථාවර ආර්ථික දැක්ම ඉන්පසු ඍණාත්මක බවට පත්විය ඉන්පසු ‘B+‘ ලෙස ෆිච් ආයතනයත් ‘B‘ ලෙස S&P ආයතනයත් වර්ගීකරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ බැඳුම්කර තවදුරටත් ආයෝජන සඳහා නුසුදුසු බවට පත්විය. මෙය සිදුවුයේ 2008දීයි,

එතැන් පටන් ශ්‍රී ලංකාව ගමන් කළේ එක් දිශාවකටයි, සමහර අවුරුදු වල ශ්‍රේණිගත කිරීමෙහි හා ආර්ථික දැක්මෙහි (economic outlook) යම් වර්ධනයක් වාර්තා කිරිමට අප සමත්වුණා.

තුන්වන ශ්‍රේණිගත කිරීමේ ආයතනය වන මූඩීස්, ශ්‍රී ලංකාව ඒ වනවිටත් නිලනොවන මට්ටමින් අනෙක් ආයතන දෙක ශ්‍රේණිගත කරන ලද මට්ටමින්ම ශ්‍රේණිගත කර තිබුණා. 2018 නොවැම්බරයේදී එවකට රජය විසින් ශ්‍රේණිගත කිරීමේ කටයුතු සඳහා නිල වශයෙන් ඔවුන්ව සම්බන්ධ කර ගත්තා. වර්තමානයේදී මෙම ආයතන 3 විසින්ම ශ්‍රී ලංකාව CCC හෝ CC මට්ටම දක්වා පහළ දමා තිබෙනවා. මෙමගින් සිදුව තිබෙන්නේ අප බංකොලොත්භාවයට තවත් ලඟා වීමයි. මේ තත්වය ඉතාමත් අසතුටුදායකයි.

ශ්‍රේණිගත මට්ටම පහළට දැමීමෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් මොනවාද ?

පෙර සඳහන් කළ ආකාරයටම ශ්‍රේණිගත කිරීමෙන් සිදුකරන්නේ ණයගැතියෙකු හට කලට වේලාවට ණය මුදල හා පොලිය ගෙවීමට ඇති හැකියාව පිලිබඳ නිගමනය ඉදිරිපත් කිරීමයි. රටක ශ්‍රේණිගත මට්ටම පහලට ගමන් කිරීම මගින් දැනට සිටින ආයෝජකයන් හා ඉදිරියේදී එම රටේ ආයෝජනයට මුදල් ලබා දීමට අපේක්ෂා කරන ආයෝජකයන් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කරනවා. මෙමගින් අදහස් කරන්නේ ආයෝජකයන් එම රටේ ආයෝජනය සිදු නොකළ යුතුයි යන්න නොවේ. මේ අවදානම් තත්වය ගණනය කර මුදල් දීමට ඔවුන්ට හැකියි. අවදානම් තත්වයට ගැලපෙන පොලී අනුපාතයක් ණයගැතියා කෙරෙන් ඔවුන් බලාපොරොත්තුවේ.

එය හඳුන්වන්නේ අවදානම් වාරිකය කියායි (Risk Premium) ණය ශ්‍රේණිගත මට්ටම පහළ යෑමේදී ආයෝජකයා ගනු ලබන අවදානම වැඩි බැවින් ණයගැතියා කෙරෙන් වැඩි ප්‍රතිලාභයන් බලාපොරොත්තුවේ. එමෙන්ම ශ්‍රේණිගත මට්ටම පහළ යාම නිසා ණයගැතියාගෙන් වන අවදානම වැඩිවේ එවිට අන්තර්ජාතික මූල්‍ය වෙළඳපලෙන් ණය ගැනීමේදී වැඩි පොලියක් ගෙවීමට සිදුවේ. එය ණය ගැනීමේදී එම වියදම දැරීමට රටකට සිදුවේ.

වඩාත්ම අවධාරණය කළ යුතු කරුණ නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන පෙන්වා දෙන අඩුපාඩු හඳුනාගෙන ඒවාට පිළියම් ලබාදීම ණය ලබා ගන්නා රටවල වගකීම බවයි එවිට නැවත ශ්‍රේණිගත කිරීම් වල ඉහළට යාමට එම රටවලට හැකිවේ. ණය ගැනීමේදී වන වියදම අවම කරගැනීමටද එමගින් හැකිවේ.

ස්වාධීන රාජ්‍යයක් ශ්‍රේණිගත කිරීම්හි පහළට යෑම නිසා ඇතිවන අනෙක් බලපෑම නම් එහි සියලුම රාජ්‍යය ආයතන එකී පහළ දැමීම සමග ඊට අනුරූපීව ශ්‍රේණිගත මට්ටම් වල පහත යාමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු වල බාහිර ණය සඳහා වන ශ්‍රේණිගත මට්ටමට මෙය බලපෑමක් එල්ල කරනවා. උදාහරණයක් ලෙස ලංකා බැංකුව සැලකුවහොත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ශ්‍රේණිගත මට්ටම CC නිසා ඊට වඩා ඉහළ ශ්‍රේණිගත මට්ටමක් ඔවුන්ට හිමි වන්නේ නැහැ. එය ඔවුන්ගේ ප්‍රාග්ධන පිරිවැය ඉහළ යෑමට හේතුවනවා. ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේදී රටක රාජ්‍යය ආයතන එම රාජ්‍යය සමග නැගී සිටිනවා මෙන්ම රාජ්‍යයේ ශ්‍රේණිගත මට්ටම පහත යෑම සමග පහත වැටෙනවා.

වෙළඳපල ආරංචි මාර්ගයන්ට අනුව ශ්‍රී ලංකාවේ ගෙවීමේ කාලය සම්පුර්ණ වීමට නියමිත ස්වෛරී බැඳුම්කර ද්වීතික වෙළඳපලේ ගනුදෙනු වන්නේ ඉතා ඉහළ වට්ටමකටයි. එම තත්වයට හේතුව ශ්‍රේණිගත මට්ටම පහළ යෑම ද ?

තාක්ෂණික කරුණු අධ්‍යයනයට අනුව නම්, ඔව්. ශ්‍රේණිගත මට්ටම පහළ යෑම නිසා අවදානම් වරිකයන් සහ ප්‍රතිලාභ අනුපාතිකයන් ඉහළ යනවා එවිට මිල පහල වැටෙනවා. මෙම වෙළඳපල ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි.

නමුත් වර්තමානයේ ජාත්‍යයන්තර ස්වෛරී බැඳුම්කර වෙළඳාම් වන්නේ වට්ටමකටයි මෙම තත්වය ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම නිසා ඇති වූවක් නොවේ. මෙම බැඳුම්කරවල මිල පහත වැටීම පටන් ගත්තේ 2020 පෙබරවාරි පමණ සිටයි එම කාලයේදී ශ්‍රේණිගත කිරීම්හි කිසිඳු වෙනසක්ව තිබුණේද නැහැ. ඊට පෙර මෙම බැඳුම්කර ගනුදෙනු වූයේ අධි මිලකටයි එනම් මේවායේ වෙළඳපල මිල ඒවායේ මුහුණත වටිනාකමට වඩා වැඩිව පැවතුනා. නමුත් නව රජය බලයට පත්වීමත් සමග ඔවුන් අගය මත බදු (VAT) ගෙවන්නන්හට හා අදායම් බදු ගෙවන්නන්හට ආකර්ෂණීය බදු ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හඳුන්වා දුන්නා මෙමගින් කෙටි හා මාධ්‍ය කාලීනව රජයේ බදු අදායම අඩුවන බව බොහෝ දෙනා පෙන්වා දුන්නා. මෙනිසා රජයේ අදායම 3%කින් පහත වැටුනා, දළ දේශීය නිෂ්පාදිතය සමග සන්සන්දනය කළ හොත් 12% සිට 9% දක්වා අඩුවීමක්.

ස්වාධීන ආර්ථික විශ්ලේෂකයන් 2019 දෙසැම්බර් මාසයේදී රජයට අනතුරු අඟවමින් පවසා සිටියේ බදු සහනයන නිසා රජයට රුපියල් බිලියන 500ක් පමණ මුදලක් අහිමි වනු ඇති බවයි. මෙම දූරදර්ශී අවවාදයන් රජය ගණනකට ගත්තේ නැහැ. තත්වය දරුණුවන බව තේරුම් ගත් ශ්‍රී ලංකා රජයේ ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර සිටි ආයෝජකයන් සිය බැඳුම්කර වෙළඳපලේ විකුණා දැමීමට පටන් ගත්තා. එහි ප්‍රතිපලය වූයේ මෙම අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවල මිල ද්වීතික වෙළඳපලේ පහත වැටීමට පටන් ගත්තා, මුලදී පැවති අධිමිල තත්වය වට්ටම් සහිත තත්වයක් බවට පත්වුණා.

ශ්‍රේණිගත කරනා ආයතනවලට වඩා ආයෝජකයින් ඉක්මන්වුණා. 2020 මුල් කාලයේදී පමණ අයවැය සහ ආර්ථිකයේ බාහිර අංශය ව්‍යසනකාරී ලක්ෂණ පෙන්නුම් කළද ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව ශ්‍රේණිගතව ඇති මට්ටම පහළ දැමීම අත්‍යවශ්‍යය නොවන බව ඔවුන් නිගමනය කළා. බැඳුම්කරයන්හි ද්වීතික වෙළඳපලේ මිල සැප්තැම්බරයේදී පහළ වැටීමෙන් පසුවත් ඔවුන් එම නිගමනයේ සිටියා. වර්තමානයේ එම බැඳුම්කර ඉතා ඉහළ වට්ටමකට මෙන්ම අධික ප්‍රතිලාභ ප්‍රතිශතයකට ගනුදෙනුවනවා. එහි ප්‍රතිපලයක් ලෙස 2030දී කාලය සම්පුර්ණ වීමට නියමිත බැඳුම්කර වෙළඳාම් වන්නේ ඇ.ඩො. 55 සිට 60 දක්වා සහ ප්‍රතිලාභ අනුපාතිකය 20%ක් වන අවස්ථාවකයි. 2022 ජනවාරි මාසයේ කල් පිරෙන බැදුම්කරය සැලකුවහොත් එහි මිල ඇ.ඩො. 88ක් දක්වා තරම් පහළ වැටී ඇත්තේ 300%ලට අධික ප්‍රතිලාභ අනුපාතිකයක් දක්වමින්.

මේ මහා විපතට හේතුව ශ්‍රේණිගත කිරීමේ ආයතන නොවේ. වෙළඳපල, මෙම ආයතන වලට වඩා ඉදිරියෙන් වන්නට විය ඔවුන් කළේ වෙළඳපල අනුගමනය කිරීමයි. ඇතිව තිබෙන අවාසි සහගත තත්වය ගැන රජය ඔවුන් වෙතම දෝෂාරෝපණය කර ගත යුතුය. ප්‍රතිලාභ අනුපාතිකයන් 300% සිට 20% දක්වාවන අධික පරාසයක පැවතීම නිසා අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වෙළඳපල සම්පුර්ණයෙන්ම රජයට වැසී ඇත. එනිසා වෙළඳ ශේෂය පියවා ගැනීමට අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර වෙළඳපලේ සේවාව ලබා ගැනීමට රජයට නොහැක. මිත්‍ර රටවලින් කෙටි කාලීන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව උත්සහ කරන්නේ මෙනිසයි. මෙම උත්සාහයන් තාවකාලික පැලැස්තර පමණි උද්ගතව ඇති ආර්ථික ව්‍යසනයෙන් අප රට මුදවා ගැනීමට අවශ්‍ය වන්නේ ස්ථිරසාර දුරදර්ශි ප්‍රතිසංස්කරණයි.

ණය ශ්‍රේණිගත කිරීම්හි ඉහළට යාමට ශ්‍රී ලංකාවට හැකිද?

ඔව්, ශ්‍රේණිගත කිරීම්හි ඉහළට යාමට නම් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 3ක් පිලිබඳ ෆිච් ආයතනය සඳහන් කරනවා.

පළමුවැන්න නම් ශ්‍රී ලංකාව රටේ බාහිර ආර්ථිකය යළි ගොඩනගා ගත යුතුයි. ෆිච් ආයතනය පවසන පරිදි ශ්‍රී ලංකාව සිය බාහිර ආර්ථිකයේ ද්‍රවශීලතාවය නංවා ගත යුත්තේ මුදල් ණයට ගැනීමෙන් නොව ණයට ගැනීමෙන් තොරව බවයි. මෙමගින් අදහස් කරන්නේ දැන් මහා බැංකුව කරන පරිදි මුදල් ඒකක හුවමාරු පහසුකම් හෝ මිත්‍ර රටවලින් මුදල් ණයට ගැනීමෙන් විදේශ සංචිත වර්ධනය කර ගැනීම තුළින් ෆිච් ආයතනය අපගේ ශ්‍රේණිගත මට්ටම ඉහළ නොදමන බවයි. උදාහරණයක් ලෙස විදේශ ශ්‍රමික ප්‍රජාව වෙතින් ලැබෙන ප්‍රේෂණ, ඍජු විදේශ ආයෝජන හෝ වත්කම් විදේශිකයන්ට විකිණීම මගින් ලැබෙන විදේශ මුදල් භාවිත කර අපගේ විදේශ සංචිත ගොඩනගා ගත යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

දෙවැන්න නම්, රජයේ අයවැය වැඩිදියුණු කර ගැනීමයි. එනම් අයවැය තුළින් රාජ්‍ය අදායම වැඩි කර ගැනීම, නාස්තිකාර වියදම් කපා හැරීම, අයවැය පරතරය පිළිගත හැකි අවම මට්ටමකට ගෙන ඒම සහ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය පහළ ගෙන ඒමට තිරසර වැඩසටහනක් ඉදිරිපත් කිරීම යන ක්‍රියාවන් මගින් අයවැය ශක්තිමක් කළ යුතුය. ඔවුන් බලාපොරොත්තු වන්නේ රජය වඩා තිරසර මූල්‍ය පහසුකම්හි සේවාව ලබා ගැනීම මගින් ණය ගෙවීම පැහැර හැරීමේ මට්ටමට ළඟා නොවනු ඇති බවයි.

තෙවනුව ෆිච් ආයතනය සඳහන් කරන්නේ, රජය සිය ප්‍රතිපත්ති වල විශ්වාසනීයත්වය හා තාර්කිකභාවය තහවුරු කිරීම පිණිස ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවත්ය.

මෙවැනි ප්‍රතිසංස්කරණ පැකේජයක් මගින් ගුණාත්මයෙන් ඉහළ රාජ්‍ය හා බාහිර මූල්‍ය පද්ධතියක් බිහි කර ගත හැක. එමගින් ආයෝජකයන් වඩාත් සැලකිල්ලට ලක් කරන ‘ණය ගෙවීම පැහැර හැරීම’ යන අවදානම අවම කර ගැනීමට හැකි වනු ඇත.

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන සමග වාද විවාද කිරීම තුළින් විසඳුමකට ළඟා විය හැකිද?

නැහැ, මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතනවල සහ එම ක්‍රමවේදයන්ගේ වැරදි සෙවීම නොව ඔවුන් පෙන්වා දී ඇති වැරදි අඩුපාඩු මගහරවා ගෙන ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව රජයට උපදෙස් ලබා දිය යුතුය. මහා බැංකුව මෙම ශ්‍රේණිගත ආයතන වැරදි බවට ගොඩ නගන තර්ක පිටස්තරව විමර්ශනය කරන්නෙකුට පෙනේනේ ඉතාමත් නිෂ්ඵල ක්‍රියාවක් ලෙසයි.

*ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන විසින් රචිත A Child’s Guide To Fitch Shock: Rationale, Impact & Challenges ලිපියෙහි සිංහල අනුවාදයයි. සැකසුම මිලින්ද පීරිස් සහ සුනිල් චන්ද්‍රසිරි.

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාව තවත් ගැඹුරු කළේ මැදමූලන රස්තියාදුකාරයින්/නොසංස්කෘතික පාදඩයන් ඔවුන්ගේ අතට බලය උදුරා ගත් නිසා ය. ප්‍රවීණයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන අයගේ ඇස්වලට ඉතා පැහැදිලිව පෙනෙන්නේ ඩොලර් මිලියන 500 ක ණය ගෙවීමට ජාතිය තවදුරටත් ඉක්මන් නොවිය යුතු බවයි. මධ්‍යම බැංකු සංචිත යම් දැරිය හැකි මට්ටමකට වර්ධනය වීමට ඉඩ හැරීම සඳහා නියමිත ණය ගෙවීමෙන් වැළකී සිටිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි. බිහිරි අයට වයලීනයක් වාදනය කරන්නාක් මෙන් කුමන ප්‍රවීණයන් අවවාද කළත් නඩසේන සහ ඔහුගේ කොන්ඩම් ආධාරකරු අජිත් කබා ප්‍රවීණ හඬට සවන් දෙන බවක් නොපෙනේ. හරියට නීත්‍යානුකූල ලියවිල්ලකින් රට උන්ට අයිතියි වගේ.
    .
    එකල ඔවුන් බලය අල්ලා ගත්තේ නොමඟ යවමින් සහ පහසුවෙන් රැවටිලිකාර බහුතරයක් මුළා කරමිනි. හිටපු රජය අවසන් වන විට මහ බැංකු සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් විය. එය දැන් ඇමෙරිකානු ඩොලර් 1.5 දක්වා පහත වැටී ඇත. අපරාධකරුවන් දක්ෂ වන්නේ කුමන අරමුණක් සඳහාද යන්න එයින් මනාව පැහැදිලි වේ. උන් ඉපදිලා ඉන්නේ මේ ජාතිය නැති කරන්න. නන්දසේනගේ සහෝදරයා චීනයෙන් විශාල ණයක් ලබා ගත් අතර, නන්දසේන අද එය ඉක්මවා යයි.

    • 4
      0

      රටකට ඉදිරියට යාමට පදනම රජයක යහපත් සහ ප්‍රයෝජනවත් මුදල් කළමනාකරණයයි. එය එසේ නොවන්නේ නම්, රටක් ස්වභාවයෙන්ම ටාහිටි හෝ සෝමාලියාවක් බවට පත් විය හැකිය. ඉතා අවාසනාවන්ත ලෙස අද ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වෙනස් නොවේ.
      2019 නොවැම්බරයේ සිට ෆැසිස්ට්වාදීන් / නූගත් අපරාධකරුවන් පිරිසක් විසින් පිහිටුවන ලද රජය, අද වන විට කිසිවකට එය ආපසු හැරවිය නොහැකි බැවින් එය විනාශ විය. මිනිසුන්ට විශ්වාස කිරීමට නොහැකි විය, නමුත් ඔවුන් පැමිණියේ ඔවුන්ගේ අපරාධ පරීක්ෂණවලින් නිදහස් වීමටයි. ඔවුන් එය සාර්ථක වූ නමුත් එම ඡන්දදායකයින්ම දැමීමෙන් ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේ ගින්නකට විසි කරනු ලැබේ. හදවත් නැතැයි පෙනේ, ඔවුන් ඔවුන්ගේ තක්කඩි පාලනය දිගටම කරගෙන යයි.
      2010 – 2015 වසර වන විට ඉතිරි වූ බර ඇස්තමේන්තු කළ නොහැකි තරම් වූ නමුත් ආපසු හැරී බලන විට පසුගිය රජය විසින් හොඳින් සකසා ඇත්තේ මෙයයි. කෙසේ වෙතත්, සියලු කූට උපක්‍රම භාවිතා කරමින් රාජපක්ෂ විසින් පාලනය කරන ලද මාධ්‍ය මාෆියාවේ පසුගිය රජයට හොඳ සහයෝගයක් ලැබුණේ නැත.
      දිවංගත ගරු අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ විදේශ කටයුතු සමතුලිත කරමින් එය යම්තාක් දුරට කළමනාකරණය කර ගත්තා. කෙසේ වෙතත්, ඔවුන් ප්‍රචාරයක් සාර්ථක කර ගැනීමට අපොහොසත් විය – ග්‍රාමීය මෝඩ මිනිසුන් සත්‍යයෙන් ඈත් කිරීම, මෝඩ බහුතරයකගේ මොළ සේදීමෙන් බලය ලබා ගැනීමට හිටපු දන්නා අපරාධකරුවන්ට උපකාරී විය. මොළ සේදීමට ශ්‍රී ලංකාවේ SO CALLED BUDDHIST CLEARGY විසින් ද සෘජුවම සහාය දක්වන ලදී, දේශපාලනය පිළිබඳ සාමාන්‍ය දැනුම “සාදු සාදු” ආච්චිලාට වඩා හොඳ නොවනු ඇත. යම් යහපත් පියවරක් හඳුන්වා දීමට තිබුණා නම්, එය රනිල්ගෙන් සහ සිරිසේනගෙන් ලැබුණේ නම්, එය ව්‍යාජ මහජන මතය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, කෙසේ වෙතත්, අද සුදුවතින් සැරසී සිටින පිරිමින් මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය අඳුරු කිරීමට විවිධ නරක දේ කරති. වත්මන් පාලනය මිලිටරි ආඥාදායකත්වය නිසා ජනතාව නිහඬ කර ඇත.

    • 3
      0

      srilanka තමන්ගෙම මිනීවළ තමන් විසින්ම කපාගෙන
      .
      මෙය 2019 නොවැම්බරයේ ඡන්දදායකයින් විසින් හිතාමතාම නොසලකා හරින ලදී. එය නිවැරදිව දැකීමට දැනුමක් ඇත්නම් මිනිසුන් අහිංසක නොවේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ සහ ඉන් පිටත ඇති විෂම චක්‍ර, ජනතාව නොමඟ යවයි. තොරතුරුවල ප්‍රධාන මූලාශ්‍රය අතර රූපවාහිනී ප්‍රවෘත්ති ආධිපත්‍යය දරයි. සමහර සැඟවුණු න්‍යාය පත්‍රවලට අපේ ජාතිය “මැද ආදායම් ලබන්නන්” ලෙස ලේබල් කිරීමට පාලකයන් අසත්‍ය තොරතුරු හැදුවත් අපේ රටේ මුළු මහත් ජනතාවම දුප්පත් ය. ඕනෑම රටක්, එය ඉතියෝපියාව, මාලදිවයින හෝ ශ්‍රී ලංකාව වේවා, රජයට FOREX ණය ආකාරයෙන් ලැබෙන නමුත් මුළු මුදලම ආයෝජනය නොකරන්නේ නම් හෝ රට තුළ සංසරණය නොවන්නේ නම්, මිනිසුන්ගේ ජීවිතය ඔවුන්ගේ දෛනික ජීවිතය නඟා සිටුවීමට හැරෙන්නේ නැත. . උපහාසාත්මකව, සංඛ්‍යාලේඛන “වැඩිදියුණු කළ” ලෙස දිස්විය යුතු සංඛ්‍යා පුනරාවර්තනය කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති යැයි කියනු ලබන තොරතුරු සහිත බිම් යථාර්ථය එයයි.
      ඉස්සර වගේ පත්තර කියවල එල්ලිලා ඉන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ.
      අවම වශයෙන් සමහර රූපවාහිනී නාලිකා මහ දවල් මිනීමැරුම් සහ මුදල් කොල්ලකෑම් ඇතුළු ඉහළ අපරාධවල විවිධ මට්ටම්වල අපරාධ විමර්ශන ගැන ප්‍රමාණවත් තරම් විකාශනය කර ඇත.
      අද වෙනකොට මේ රටේ සාමාන්‍ය විදියට මොනවද වෙන්නේ? ඒ වගේම බරපතළ ශල්‍යකර්මයකදි වැරදි කෙනා පිහියක් ගත්ත එක සමානයි නේද? .

  • 4
    0

    මොළ සෝදන යන්ත්‍ර තක්කඩි දේශපාලකයින් ඒවා භාවිතා කරන ආකාරය විවිධයි. අපේ රටේ ඔවුන් සමීප වන්නේ සමාජයේ නීතියට ඉහළින් සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තම ව්‍යාපාරවල වේගවත් ව්‍යාප්තිය සඳහා තරුණයින්ට සමීප වන්නාක් මෙන්, තක්කඩි දේශපාලකයින් පණිවුඩ ප්‍රවාහනය සඳහා ප්‍රධාන මාධ්‍ය සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා යොදා ගනී.
    දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, නූගත් හාමුදුරුවෝ එක්ක මහින්ද රාජපක්‍ෂ සමීපව ඉන්නේ මහින්ද ජනතාව ප්‍රතික්ෂේප කරපු නිසා. ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා ලෙසින් පිදුම් ලැබීමට නියමිත මුරුතෙට්ටුවද ඝානක්කා (ගෝඨා-බයගේ රූකඩයේ ආත්මය කියවන්නා) ඉදිරි දිනවලදී රාජ්‍ය නායකයා බවට පත්වන්නේ නම් ඒ හා සමානය.
    .
    ප්‍රාදේශීය දේශපාලනයත් එක්ක ගියාම “සාධු සාදු කියන ආච්චි අම්මලාට” සාමාන්‍ය දැනුමෙන් වෙනසක් නැති මහනුවර ගෞරවනීය හාමුදුරුවරුන්ට ගෝඨාභය සමීපයි. ඒ ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා තමන්ගේම මිනිසුන්ට ආදරය කරන නිසා නොව, පණිවිඩය ප්‍රවාහනය කර ඔවුන්ගේ සාපරාධී තක්කඩි දේශපාලනයෙන් බේරීමටය.
    වයසක හාමුදුරුවරු දේශපාලනය ගැන දැනුවත්ව සිටීම හරි, නමුත් ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තබා ජාතිය නොමඟ යැවූ බව පෙනෙනවා – මතක තියාගන්න “ගෝඨාභය හිට්ලර් කෙනෙක් වෙලා මේ රටට නායකත්වයක් දෙන්න – ඒක තමයි අපිට ආරංචි වුණේ. මහා ගෞරවනීය හාමුදුරු නමක්.- කියලා තියෙනවා, නමුත් mleccha මාධ්‍ය ඒ අනුවණ ප්‍රකාශයෙන් මුදල් උපයා ගත්තා.
    එය “පළිගැනීම හැර වෙනත් දැනුමක් නැති, මොළයක් නැති හිස් මිනිසා” නමුත් ජාතියේ “ගැළවුම්කාරයා තමා” බව ගෝඨාභය විශ්වාස කිරීමට හේතු විය. අනික, Mlechcha Rajapakshes තමන්ගේ බල ලෝභී දේශපාලනය වෙනුවෙන් මුළු ශ්‍රී ලංකාවේම අයිතිය උදුරා ගත්තා. එහෙත් අද, පැන්ඩෝරා හෙළිදරව් කිරීම් ගැන ජනතාව අඳුරේ තබා ඇත, පාස්කු ඉරිදා විපතට පත් වූවන්ට සාධාරණයක් නැත, උද්දීපනය කළ මහ බැංකු බැඳුම්කර මගඩියට සාධාරණයක් නැත,

    • 4
      0

      රාජපක්ෂ දේශපාලනය පදනම් වී ඇත්තේ ජනතාව බිය ගැන්වීම මත ය. පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ සමීපතම මිතුරෙකු වන මොහු බීමත්ව සිටින බවත්, මෝටර් රථයක් පැදවීමට තරම් තත්ත්‍වයේ නොවන බවත් දැන දැනම තරුණ පොලිස් නිලධාරියෙකු විසින් ඔහුව නොසලකා හැර ඇති සිදුවීමක් ඊයේ දිනයේදී වෙබ් අඩවියෙන් වාර්තා විය. නීතිය හා සාමය ඉහළින් ඇති යුරෝපයේ රටකට මෙය හසු වූයේ නම්. මෙම පුද්ගලයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන දඩුවම් කිරීමට ඉඩ තිබුනේ මෙවැනි දේවල් නැවත සිදු නොවන බැවිනි. පොලිස් කටයුතු ඇමතිවරයා පවා ඔහුගේ හිසේ එල්ලෙන්නට ඇත.
      ගෝඨාභය බලයට ආවේ දීර්ඝ කාලීන අවශ්‍යතාවය ඉටු කිරීමටයි. ඒ පිම්පි ඝණසාරද නිහඬය.
      අද ගෝටා-බය හරියට පයියාගල ලෙබ්බේ වගේ… උගන්ඩා ප්‍රයිවට් ජෙට් ගන්න දුප්පත් මිනිස්සුන්ගෙන් අන්තිම ශතයත් කොල්ල කෑ මහින්ද අයියාට වෙනසක් නැත.

      • 5
        0

        මෑතකදී, සතියකට පමණ පෙර, ගෝටා-බය පද්ම විභූෂණ සම්මානයෙන් සැරසී සිටිනු අපි දුටුවෙමු. ශිෂ්ට සම්පන්න ලෝකයක, ඔහුට අසුචි බාල්දිවලින් සලකනු ඇත – කෙසේ වෙතත්, අපේ ජාතිය ප්‍රධාන වශයෙන් පිරී ඇත්තේ මුළු නූගත් අයගෙන් සහ මෝඩ පිරිමින් සහ ගැහැනුන්ගෙනි. රාජ්‍ය තන්ත්‍රයෙන් බොහෝ කැපකිරීම් කරමින් ඔවුන් සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනය ලබාදුන්නත් ඔවුන්ට එය හරියට පෙනෙන්නේ නැත.

        මහ බැංකුවේ අධිපති අජිතා කබ්රාල් මහතාට “ජාතියේ පිංගෝනා සම්මානය” පිරිනැමීමට කාලය එළඹ ඇතැයි සිතමි. ඔහු උපේක්ෂාවෙන් අතීතයේ කිසිදා නොවූ පරිදි මේ රට විනාශ කළේය.

        කබ්රාල්ට ලැබුණු සම්මානය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

  • 5
    0

    WAW, ඔබේ මේ ලිපිය වෙනදා පළ කරන ඒවාට වඩා හොඳයි, සාර ගර්භිතයි. ශ්‍රී ලංකාව මේ ආර්ථික නාරා වලෙන් ගොඩ එන්න නම් බාහිර ආර්ථිකය ඉතා දැඩි ලෙස ශක්තිමත් කරන්න ඕන කියන එක අපි ඔක්කොම දන්නවානේ? හැබැයි, කොහොමද ඒක කරන්නේ? මම දකින විදියට අපි කොහොම හරි ඩොලර් සංචිත දැන් තියෙන කාලකන්නි මට්ටමෙන් ඉතා ඉහලට ගන්න ඕනා. අපේ ඩොලර් සංචිත වේලිලා ගියේ මෙන්න මේ ප්‍රධාන තුන් කාරනාවන් නිසා:

    1. පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන් පැමිණීම බින්දුවටම බැසීම. අපේ තෙවෙනි ඩොලර් ඉපයීම ආවේ සංචාරකයන්ගෙන්නේ?
    2. කොවිඩ් නිසා මැද පෙරදිග රැකියාවන් සීමා වීම, නැති වීම හෝ පිටමන් කිරීම (termination of jobs). මේ අපේ පළවෙනි ඩොලර් ඉපයීම.
    3. රාජපක්ෂලා 2005-2015 තුල චීනයෙන් ගත්ත කෝටි ප්‍රකෝටි ගණන් වල ණය 10% පොලියත් එක්ක ගෙවීමේ කාලය පැමිණීම.

    ඉහත 1 සහ 3 තනිකරම රාජපක්ෂලා කරපුවානේ? කුම්බලා කෑව නම් දැන් ඉතින් විඳවපන් බළලෝ කියල කව්ද කිව්වලුනේ?

    හරි, ගොඩ ගන්න කතා කරමුකෝ….මගේ තර්කය මේකයි. කොහොමද කොවිඩ් ලෝකේ පුරාම මිනිස්සු මරණ අස්සේ සංචාරකයන් ගෙන්වන්නේ? වැක්සින් එක තමයි උත්තරේ. දෙගොල්ලම vax කරානම් සංචාරක කර්මාන්තය දියුණු කරන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. මැද පෙරදිග රැකියා උනත් DPL මට්ටමෙන් කතා කරලා දියුණු කරන්න පුළුවන්.
    හැබැයි අය වැය දියුණු කිරීම නම් ම‍ම සත පනහකට විශ්වාස කරන්නේ නෑ. දැන් ඉතින් ඔය Fitch කාරයා, S & P කාරයා මොනවා කිව්වත් අපි කවදාවත් අපේ “අය වැය වැඩි දියුණු” කර ගන්නේ නෑනේ? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවාට වඩා හොඳයි කොහොම හරි විදේශ මුදල් එන මාර්ග දියුණු කර ගන්න එක. නැත්තං වෙන්නේ මිනිස්සු පාන් ගෙඩියටත් මිනී මරා ගන්න යුගයක් නවත්තගන්න බැරි වෙන එකයි.

    • 5
      0

      DEAR Jit,
      I am glad you have no joined our sinhala line for regular comments. We want to promote this section more since improvement of the awareness among the thanakola eaters is our main purpose.
      .
      Quote
      ඉහත 1 සහ 3 තනිකරම රාජපක්ෂලා කරපුවානේ? කුම්බලා කෑව නම් දැන් ඉතින් විඳවපන් බළලෝ කියල කව්ද කිව්වලුනේ?
      Unquote

      තණකොළ කන ජාතියේ බහුතරයක් ආධිපත්‍යය දරයි, තවමත් එසේ කීමට ධෛර්යයක් නැත. මිනිසුන් මෙතරම් පසුගාමී සහ උදාසීන වන්නේ මන්දැයි මම නොදනිමි. මම හිතන්නේ මිත්‍යා මත පදනම් වූ සමාජය අද 2022 අපේ දිවයිනේ සමාජයේ ඉහළ භූමිකාවක් ගනී. “කාලිඅම්මා විසින් රූකඩ කළ ධම්මික බණ්ඩාරට” වෙනසක් නැති රාජ්‍ය නායකයා ඝානක්කා ළඟට යන බව පැවසීම පුදුමයක් නොවේ:

      රාජ්‍ය නායකයන් ඒ මට්ටමට වැටෙන විට, අප ඉදිරියේ කිසිදාක ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිද?

      How can we ever respect those who brought these buggers to power ?
      .
      මම දකිනවා අද ග්‍රාමීය ප්‍රදේශවල සමහර ගොවීන් ඔවුන්ගේ වද වේදනා දරාගත නොහැකිව දිගින් දිගටම පොල් කඩනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙකුගේ ගොවිතැනට පොහොර නොමැති බව පැවසේ.

      බහුතරයක් පාරවල් වල මැරිලා වැටුනත්, රාජපක්ෂලාගේ හදවත් දියවෙන්නට ළං වෙන්නේ නැහැ. ඔවුන් පැන්ඩෝරා යටතේ තැන්පත් කිරීමට මෙතරම් ධනයක් රැස් කළ ආකාරය ගැන තවමත් හෙළිදරව් වී නොමැත…. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින්ද එවැනි පුවත් ඉල්ලා නැත. මාධ්‍ය මාෆියාව මීගමුවේ සහ රටේ ඒ හා සමාන නගරවල පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය ජාවාරම් මාෆියාවට වෙනස් නොවේ. රාජපක්ෂලා ඕනෑම නීති විරෝධී ක්‍රියාදාමයකට සමීප බැවින් එම අරමුදල් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කළ හැකි නමුත් ජනතාවට ඇති භයානක තත්ත්වයන් ඉතිරි කර දෙයි.

      මේ ජාතිය විනාශ කරන්න ම්ලේච්ච රාජපක්ෂලාගේ දෙමව්පියෝ බූරුවෝ ගෙනත් තියෙන්නේ එහෙමයි. මෙවන් මවුපියන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම සඳහා මිලියන ගණනක බදු ගෙවන ජනතාවගේ මුදල් අපයෝජනය කිරීමට ගෝඨා සිතීම පමණක් අද මුළු ජාතියටම ශාපයකි. රාජපක්ෂට නොපෙනෙන සියලු දෙවිවරුන්ගේ ශාපය සහ දඩුවම් ඉක්මනින්ම ලැබේවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.