16 May, 2022

Blog

මෙය ධනවාදයේ නොව සමාජවාදයේ අර්බුදයකි

සී ජේ අමරතුංග

සී ජේ අමරතුංග

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව දැන් ඉතා පැහැදිලි ය. එයින් ගොඩ යන මාවත් ගැන ද බොහෝ දෙනා කතා කරති. එහි දී අවධානය යොමු වන සහ යොමු විය යුතු කාරණයක් නම් මෙම අර්බුදය කුමක්ද? යන්න යි. එනම් අර්බුදයේ හේතුව කුමක්ද? යන්න යි.

එක අතකින් මෙය පැහැදිලිව හේතු හඳුනාගත හැකි අර්බුදයකි. මෙය කාලයක් තිස්සේ විදෙස් සහ දේශීය ණය ලබා ගනිමින් ඵලදායී නොවන ලෙස වියදම් කිරීම නිසා ඇති වූ අර්බුදයකි. ඇත්තෙන් ම කිවහොත් විහින් ඇති කරගත් අර්බුදයකි. ඒ ගැන බොහෝ දෙනා උදාහරණ සහිතව පෙන්වා දී තිබේ.

රේගන්ගේ සහ මෙල්

කෙසේ වෙතත්, මෙයට වෙනත් අර්ථකථන ලබාදීමටත්, එමගින් තම තමන්ගේ මතවාදී දෘෂ්ටි කෝණ සමග සමපාත වන විග්‍රහ ගොඩ නගා ගැනීමටත්, ඇතැම් පිරිස් උත්සහ දරන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට එසේ කරන්නේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ප්‍රශ්නය තමන්ගේ දේශපාලන අරමුණු සමග බද්ධ කර ගැනීමේ උත්සහයක් වශයෙනි.

තම මතවාදයන්ට ගැළපෙන ලෙස අර්බුදය අර්ථ දක්වා ගැනීමට යාමේ දී බොහෝ විට සිදුවන්නේ සැබෑ යථාර්ථයට නොගැළපෙන විකෘති විග්‍රහයක් නිර්මාණය වීම යි. එවිට එබඳු පිරිස් පිළිතුරු සොයන්නේ සැබෑ ප්‍රශ්නයට නොව තමන් ඔලුවේ නිර්මාණය කරගත් ප්‍රශ්නයකට ය. ඉන්පසු එයට විසඳුම් යැයි තමන්ට හිතෙන දේ යෝජනා කරති. නමුත්, යථාර්ථයට පටහැනි නිසා ම ඒවා සාර්ථක වන්නේ නැත. සිදුවන්නේ තමන්ගේ විග්‍රහයත්, තමන්ගේ දේශපාලනයත් සමග එබඳු ව්‍යාපාර තමන්ගේ ම කක්ෂය වටා කරකැවීම පමණකි.

ඒ ආකාරයේ ජනප්‍රිය විග්‍රහයක් මෙරට ඇතැම් වාමාංශික ව්‍යාපාර විසින් ඉදිරියට දමා ඇත. ඒ කවුදැයි කියන්නට හෝ ඔවුන් උපුටා දක්වන්නට මම මෙහි දී අදහස් නොකරමි. විග්‍රහය පමණක් ඉදිරිපත් කරමි. එවිට එය කාගේද, දේශපාලන පක්ෂ, කණ්ඩායම් කොපමණ ප්‍රමාණයක් එබඳු අදහස් ඉදිරිපත් කරන්නේ ද යන්න සොයා ගැනීම පාඨකයාට එතරම් අපහසු කරුණක් නොවනු ඇත.

එම විග්‍රහය නම් මෙසේ ය. මෙය ධනවාදයේ අර්බුදයකි. එය විශේෂයෙන් 1977 න් පසු මෙරට ක්‍රියාත්මක වූ (බව කියන) “නව ලිබරල්“ ආර්ථික ප්‍රතිපත්තියේ අර්බුදයකි. 77 න් පසු මෙරට බලයට පත් සෑම ආණ්ඩුවක් ම ක්‍රියාත්මක කළේ එකී “නව ලිබරල්“ ලෙස හඳුන්වනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය යි. දැන් අර්බුදයට ගොස් ඇත්තේ එම ප්‍රතිපත්තියයි. මෙම පිරිසගේ විග්‍රහය සාරාංශ ගත කළහොත් එබඳුය.

එමෙන්ම, නව ලිබරල් ලෙස ඔවුන් හඳුන්වන ආර්ථික ක්‍රමයේ දුෂ්ට ලක්ෂණ ලෙස ඔවුන් හඳුනාගන්නා කරුණු ද වැදගත් ය. පළමුවැන්න රජය ආර්ථික කටයුතුවලින් ඉවත් වීමයි. රජයේ ආයෝජන සීමා කරමින් (නොකරමින්) රජය කුඩා කිරීම යි. දෙවැන්න සුබසාධන කපා හැරීමයි. සහනාධාර අවශ්‍යම අයට සීමා කිරීම යි (සේෆ්ටි නෙට්). තෙවැන්න වෙළෙඳපොළ නිදහස් කිරීම යි. එනම් රජයේ පාලනයෙන් වෙළෙඳපොළ නිදහස් කිරීම යි. මෙබඳු තවත් ලක්ෂණ මෙම ආර්ථික ප්‍රතිපත්තියට ඇත. ඒ සියල්ල සලකා බැලීම මෙම ලිපියේ අරමුණක් නොවේ.

මෙහි දී සැලකිල්ලට ගත යුතු කාරණයක් නම් ‘නව ලිබරල්වාදය’ යැයි දර්ශනයක් කිසිදු දාර්ශනිකයකු විසින් ඉදිරිපත් කොට නැති බව යි. මෙම යෙදුම බහුලව යොදා ගැනෙන්නේ බ්‍රතාන්‍යයේ මාග්‍රට් තැචර් 1979 සිට සහ ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් 1981 සිට ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හැඳින්වීමට යි. එම යෙදුම වැඩි වශයෙන් භාවිත කරන්නේ එම රටවල වාම ව්‍යාපාර විසිනි.

රේගන්ගේ සහ තැචර්ගේ ප්‍රතිපත්ති සඳහා ආර්ථික විද්‍යා න්‍යායික පදනම සපයන ලද්දේ ෆෙඩ්රික් වොන් හායෙක් සහ පසුව මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කළ අදහස් වලිනි.

හායෙක්ගේ සහ ෆ්‍රීඩ්මන්ගේ අදහස් කොතරම් දුරකට සහ කොතරම් කාලයක් බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාත්මක වුයේ ද යන්න ප්‍රශ්නයක් වුව ද, තැචර් සහ රේගන් සහ තවත් අය එම අදහස් වෙනුවෙන් පෙනී සිටිය හ. ක්‍රියාත්මක කළහ.

“නව ලිබරල්වාදය“ ලෙස හඳුන්වනු ලබන මෙම දර්ශනයට එරෙහිවන සහ එය දෝෂ දර්ශනයට ලක් කරන බොහෝ දෙනා එමගින් තමන් පක්ෂ වන්නේ කුමකට දැයි නොකියති. ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ නම් විවාදය පවතින්නේ හායෙක්වාදය සහ කේන්ස්වාදය අතරය. කේන්ස්වාදය යනු ජෝන් මේනාඩ් කේන්ස් ආර්ථික විද්‍යාඥයා ඉදිරිපත් කළ දර්ශනය යි. සමාජවාදය යනු සියල්ල රජයට පවරාගැනීම යැයි විශ්වාස කරන වාමාංශිකයන්ට යම් සහනයක් වන අදහස් කේන්ස්වාදය තුළ තිබිණි.

කේන්ස් ආර්ථික විද්‍යාවට කළ ප්‍රධාන දායකත්වය නම් රජයේ වියදම් වැඩි කිරීම මගින් ආර්ථික අර්බුද සමනය කිරීමේ හැකියාව පෙන්වා දීම යි. රජයේ වියදම් වැඩි කිරීම මගින් ආර්ථික වර්ධනය ඇතිකළ හැකි බවත්, රජය තමන් අතේ නැති මුදල් ණයට ගෙන වියදම් කළ යුතු බවත්, මෙම දර්ශනයෙන් නිර්දේශ කෙරිණි. එමෙන් ම රජයේ අයවැය ලේඛනවල අයවැය හිගයක් පැවතීම යහපත්ය යන්නද එම ආර්ථික විද්‍යාඥයාගේ අදහසකි.

හායෙක් කීවේ කේන්ස්ගේ අදහස් කිසිවෙකු වැරදි ලෙස භාවිත කළහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවයි. එම අදහස විශේෂයෙන් වැදගත් වන්නේ අපගේ අර්බුදයට එය ඉතාමත් අදාළ වන නිසා ය.

1977 න් පසු මෙරට ක්‍රියාත්මක කළේ ‘නව ලිබරල්’ ආර්ථික ක්‍රමයක්ය යන නිගමනයට ඇතැම් වාමාංශිකයින් එළඹුණේ කරුණු ඇතුව ද? නැතහොත්, ඇමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ ක්‍රමයට එම රටවල කළ විවේචනය අනුකරණය කළා ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, ජේ ආර් සහ රොනී ද මෙල් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කළේ රේගන්ට හෝ තැචර්ට කලින්ය. එමෙන් ම, ඒ ආසන්න කාලයේ චීනය සහ වියට්නාමයද වෙළෙඳපොළ විවෘත කළේ ය. අපේ වාමාංශිකයින් චීනයට හෝ වියට්නාමයට නව ලිබරල් කියන්නේ නැත. කිව යුතුද නැත.

ජේ ආර්ට නව ලිබරල් කීමට ඇත්තේ හේතු දෙකක් හෝ තුනකි. පළමුවැන්න ආර්ථිකය විවෘත කිරීම යි. එය ද කළේ අර්ධ වශයෙනි. විශාල පාලනයක් තබා ගනිමිනි. දෙවැන්න ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය කිරීම යි. එය ද අර්ධ වශයෙනි. ආර්ථිකයේ ප්‍රධාන අංශ ඇතුළු රාජ්‍ය ආයතන 527 ක් අදටත් රජය යටතේ පවතින්නේ විශාල ලෙස පාඩු ලබමිනි. තෙවැන්න දුප්පතාට මෙන් ම සුපිරි ධනපතියාටත් නොමිලේ සහල් දුන් හාල් පොත අහෝසි කිරීමයි. ඒ එම රජය කළ එක ම සහනාධාර කප්පාදුව යැයි කිව හැකි ය.

ජේ ආර් ගේ 1977 රජය රොනී ද මෙල් මුදල් ඇමතිගේ අයවැය මගින් රාජ්‍ය ආයෝජන විශාල ලෙස වැඩි කළේ ය. මහවැලි ව්‍යාපාරය එම කාලයේ හැටියට දැවැන්ත ව්‍යාපාරයකි. එයට වියදම් කළේ අතේ නොතිබූ මුදල් ණයට ලබා ගනිමිනි. එය නව ලිබරල්වාදය නොව කේන්ස්වාදය යි. රොනීගේ අයවැය ලේඛනවල තිබුණේ විශාල හිඟයකි. එය ද නව ලිබරල්වාදය නොවේ.

රාජ්‍ය යාන්ත්‍රණය එම කාලයේ තවත් පුළුල් වීය. කෘෂි ක්ෂේත්‍රයේ, වාරිමාර්ග ක්ෂේත්‍රයේ එය කැපී නෙනෙන්නට තිබිණි. කුපනිස ලෙස හඳුන්වන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර සේවය, වගා නිලධාරී සේවය ලෙස ආරම්භ කළේ එම කාලයේය. ආයෝජන මණ්ඩල වැනි ආයතන ලෙස ද රාජ්‍ය යන්ත්‍රය විශාල කෙරිණි.

මහජන සුබසාධන සේවා ලෙස අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස යන ක්ෂේත්‍ර තුනෙහි ම රාජ්‍ය මැදිහත්වීමෙන් සංවර්ධනය කළේ ය. රුහුණු සහ යාපනය සරසවි ආරම්භ කිරීමෙන් පටන්ගෙන සෑම පළාතක ම සරසවි ඉදිකෙරිණි. අධ්‍යාපන පීඨ ක්‍රමය අලුතින් ම ඇතිකරන ලද්දකි. පාසල්වලට සපයන ලද පහසුකම් අපමණ ය.

කරාපිටිය, ජයවර්ධනපුර වැනි රෝහල් අලුතින් ඇතිකිරීම සහ පවතින රෝහල්වල පහසුකම් දියුණු කිරීම ද මෙම කාලයේ සිදුවිය​. මෙම කාලය තුළ එම ක්ෂේත්‍රයේ සංවර්ධනය ගැන තොරතුරු සැපයීම අවශ්‍ය වෙතයි නොසිතමි.

අගමැති ආර් ප්‍රේමදාස දියත් කළ ගම් උදාව, නිවාස ලක්ෂය සහ පසුව නිවාස දශ ලක්ෂය ද, දැවැන්ත සහනාධාර ව්‍යාපෘතියකි.

පාසල් පොත් නොමිලේ දීම, පසුව නිල ඇඳුම් දීම, මෙන් ම උසස් අධ්‍යාපනයට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම ද සහනාධාර වැඩ සටහන් නොවන්නේද? ජනසවිය ගැන කිව හැක්කේ කුමක්ද?

දැන් අපට තේරෙන්නේ කුමක්ද? “නව ලිබරල්“ ලෙස හඳුන්වන ක්‍රමයේ ඒ කියන ලක්ෂණ 1977 න් පසු මෙරට ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාවලිය සමග කෙතෙක් දුරට ගැළපෙන්නේද? රජය කුඩා කිරීම, රාජ්‍ය ආයෝජන අඩුකිරීම, සහනාධාර කැපීම, ආදිය සිදු වී තිබේද? නැතහොත් සිදු වී තිබෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක්ද?

වත්මන් අර්බුදය ගැන කියවෙන දේ ගැන දැන් අපි බලමු. දැන් තිබෙන ප්‍රශ්නයේ ප්‍රධාන හේතුවක් නම් රජය අනවශ්‍ය දේ සඳහා විශාල ලෙස ණය ගෙන ආයෝජනය කිරීමයි. ඇත්ත වශයෙන් ම එය අදාළ වන්නේ 2006 ට පසු කාලයටය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, සුරියවැව ක්‍රීඩාංගනය, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, නෙලුම් පොකුණ, නෙලුම් කුළුණ, ආදී බොහෝ වියදම් මේ ගණයට වැටෙයි. මේ ඇතැම් ව්‍යාපෘති අවශ්‍ය වුවද, ඒ මේ මොහොතේ නොවේ. තව වසර 15 කට 20 කට පසුව විය හැකිය. මෙලෙස අද අර්බුදයට හේතුව “නව ලිබරල්” වී රජය ආයෝජන නොකිරීම නොව රජය අනවශ්‍ය ආයෝජන කිරීමයි.

අද අර්බුදයේ තවත් හේතුවක් නම් අකාර්යක්ෂම රාජ්‍ය ආයතනයි. රාජ්‍ය ආයතන 527ක් 2006න් පසු ලබා ඇති පාඩුව රුපියල් බිලියන 1,200ක් යැයි කියනු ලැබේ. අර්බුදයට හේතුව පෞද්ගලිකකරණය නොවේ. එසේ නොකිරීම යි.

පාලකයින් මෙම අර්බුදයට රට ගෙනගියේ “අපි ජාතික සම්පත් විකුණන්නේ නැතැ”යි ආඩම්බරයෙන් කියමින් මහජන මුදල් කාබාසිනියා කරමිනි. ඔවුන් දැක්කේ නැතහොත් ප්‍රකාශ කළේ එය සමාජවාදය වශයෙනි.

රාජ්‍ය සේවය පුළුල් කරමින් එයට අනවශ්‍ය තරම් පිරිස් බඳවා ගැනීම අර්බුදයේ තවත් හේතුවකි. ව්‍යාජ සමාජවාදී මානසිකත්වයකට හැර එය කිසිම ආර්ථික න්‍යායකට එකඟ නැත.

ශ්‍රී ලන්කන් එයාර් වැනි විහින් දාගත් ලෙඩ ද මෙයට එකතු කළ යුතුය. ඇතැම් වාමාංශිකයින්ට ඒවා ද සමාජවාදී පියවරයන් ය.

මේ ගැන තවත් බොහෝ දේ කිව හැකි ය. කෙසේ වෙතත්, කරුණු තුනක් පමණක් අවධාරනය කරමින් නවතිමි.

පළමුවැන්න නම් ‘නව ලිබරල්’ ලෙස හැඳින්විය හැකි ආර්ථික ප්‍රතිපත්තියක් මෙරට කිසි දා ක්‍රියාත්මක නොවූ බවයි. ක්‍රියාත්මක වී ඇත්තේ ‘නව ලිබරල්’ නොවූ වඩා කේන්ස්වාදී කිවහැකි ආර්ථික ක්‍රියාවලියකි.

දෙවැන්න වත්මන් අර්බුදයේ හේතුව නව ලිබරල් වීම නොව අවශ්‍ය පමණට (අන්තවාදී නොවන ලෙස) නව ලිබරල් නොවීම යි. අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පවා නොකිරීමයි.

තෙවැන්න නම්, වත්මන් අර්බුදයේ ප්‍රධාන හේතුව 1977 සිට ක්‍රියාත්මක කුමන හෝ ප්‍රතිපත්තියක් නොව 2006 සිට ක්‍රියාත්මක වූ පුහු සමාජවාදී පෙනුමකින් යුතු විනාශකාරී ප්‍රතිපත්තිය බව යි. පෙර කළ යුතුව තිබු ප්‍රතිසංස්කරණ නොකිරීම, විනාශය සහ අර්බුදය ඉක්මනින් උත්සන්න වීමට හේතු වී තිබේ.

එය කේන්ස්ගේ න්‍යාය වරදවා ක්‍රියාත්මක කිරීමක් ලෙස ද සැලකිය හැකි ය. නමුත් එය ඊට වඩා නිවැරදිව හැඳින්විය හැක්කේ බොරු ජාතිකවාදී සහ බොරු සමාජවාදී ප්‍රතිපත්තියක් වශයෙනි. එයට බොරු සමාජවාදී යයි කියන්නේ රාජ්‍ය අයිතිය සමාජවාදීය යන ව්‍යාජ විශ්වාසය මත එය පදනම්ව තිබීම යන අර්ථයෙනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    CJA , ඔබේ ලිපිය වැදගත් කාරණා රාශියක් ගොනු කරන අතර එක්තරා පටලැවිල්ලකුත් ඇති කරනවා. ඔබ නව ලිබරල්වාදය ලෙස හඳුන්වන Neo liberalism නමැති බටහිර ආර්ථික/සමාජ විද්‍යාත්මක සාධකය. බටහිර වාමාංශික හෝ මධ්‍යස්ථ වමේ (centre left) කණ්ඩායම් මෙය දකින්නේ අති දක්ශිනාංක මතයක් හැටියට. උදාහරණයක් ලෙස බටහිර වම Neo Liberalist කියල හඳුන්වන්නේ ඉතා ධනවාදී සංකල්පයක් ඇති පුද්ගලයෙක්. ඒ කියන්නේ Laissez-faire කියන ප්‍රංශ වචනයේ පරිසමාප්ති අදහසයි. මෙහි පුළුල් අර්ථය නම් රජය කිසිම විදියකට වෙළඳ පොලට හෝ ආර්ථිකයට සම්බන්ධ විය නොයුතු බවයි.කොටින්ම Friedman න්‍යාය අනුව රජයන් වෙළඳ පොළ මැදිහත් වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවත්, ඉල්ලුම හා සැපයුම මගින් ආර්ථිකයේ සියලු ප්‍රශ්ණ විසඳන බවත් ය. මේක තමයි Reagan සහ Thatcher 80 ගණන් වල ලෝකය පුරාම පැතිරූ Neo Liberal දර්ශනය. හෙවත් ගෝලීයකරණය (globalization) ඒක JRJ බැති සිතින් පිළිගත්තා, පිළිපැද්දා! ඊට අමතරව මේ නව ලිබරල් වාදය බල කරපු නිදහස් ආර්ථිකය, ආර්ථිකය අව්‍යුහගත කිරීම, මුල්‍ය/බදු සහන දීම, පුද්ගලීකරණය, සේවක අයිතීන් කප්පාදු කිරීම (Free trade, deregulation of the economy, lower taxes, privatization, labour market flexibility, and opposition to trade unions – 1980) යනාදිය Reaganomics මගින් ලංකාව තුළ දැඩි ලෙස ක්‍රියාත්මක කළා JRJ ප්‍රමුඛ එජාප රජය විසින්. මම පිලිගන්නවා ඔබ කියන පරිදි JRJ මේවා 100% neo liberal විදියට කලේ නෑ කියලා.

    • 4
      0

      ශ්‍රී ලාංකීය සමාජයේ country specific ඝාතන ඇතුළු සාපරාධී ස්වභාවය සහ ඝාතන සංස්කෘතිය 50 ගණන්වල ද රට තුළ වෙනස් නොවේ.

      https://www.youtube.com/watch?v=eYlzp_vYA9E

      අග්නිදිග ආසියාතික රටවල් අප අභිබවා ගොස් ඇත්තේ කාලයත් සමඟ ඔවුන්ගේ චින්තන රටාව වෙනස් වී ඇති බැවිනි. දුප්පත් ඉන්දියාවට පළමු දිනයේ සිටම විවිධ ආරවුල් ඇති අතර, එම රට සහ උපමහාද්වීපය ඔවුන්ගේම සංස්කෘතියට, ආගම්වලට සහ විවිධ භාෂා සහ වාර්ගික කණ්ඩායම්වලට අනන්‍ය වේ. අනෙක් ජාතීන්ට දකුණු ආසියාතික කලාපය අන් සියල්ලටම වඩා ජාතිකවාදී සහ සංස්කෘතික වශයෙන් අද්විතීයයි. එම උපමහාද්වීපය ඉන්දියානුවන්ට අනන්‍ය වූ අතර අපගේ පුදුමයට කරුණක් නම් ඔවුන් ද අද ලෝකයේ බලවත් කර්මාන්ත ජාතීන්ට අයත් වේ.

      රට පාලනය කරන්නේ කවුරුන් වුවත්, ඔවුන්ගේ රස්තියාදු වීමේ සහ බෙදීමේ ස්වභාවය මතු විය. මුල සිටම ඔවුන්ගේ රුධිරයේ එය තිබිය හැකි යැයි මම විශ්වාස කරමි. එය අද වන විට ලෝකයේ වෙනත් ඕනෑම ප්‍රදේශයකට වඩා දකුණු ආසියාතික කලාපයේ සහ ඉතා දුප්පත් අප්‍රිකානු රටවල ද හඳුනාගත හැකිය. එසේ වුවද, හින්දු ආගම ආධිපත්‍යය දරන ඉන්දියාව අද බොහෝ අවස්ථාවල ශ්‍රී ලංකාව මෙන් හැසිරෙන්නේ යැයි මම පුදුම වෙමි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ලෝකයට පෙන්වීමට සෑම උත්සාහයක්ම දරයි, ඔවුන්ගේ ආධිපත්‍යය දරන ආගම “බුද්ධාගම” මත පදනම් වූ “සිංහල බුද්ධාගම” බව.
      ඒ දවස්වල, පනස් ගණන්වල හෝ ඊට වැඩි කාලයකදී, මිනිසුන්ට බොහෝ දේවලට වඩා අඩු අමුද්‍රව්‍යවලින් මිනිසුන් දුෂ්කර වූ බව අපට සැලකිය හැකිය, මූලික කරුණු පවා මහජනතාවට නොතිබුණි. රටේ සමහර මිනිසුන්ට වඩා දුප්පත්කම එකල දැඩි ලෙස පහර වැදී තිබුණි. ඒ දවස්වල දුප්පත් පොහොසත් පරතරය ගොඩක් වැඩියි.

      tbc

      • 4
        0

        Continuing,
        ආර්ථික ඌනතාවයන් පවතින වෙනත් ඕනෑම රටක සිදු වන පරිදි, ජනතාවගේ නොසන්සුන්තාවය සහ වෛරය වර්ධනය වූයේ තත්වය යහපත් අතට හැරවීමට නැඹුරු නොවන්නේ මන්ද යන්නයි. මිෂනාරිවරුන් ක්‍රිස්තියානි ආගම සහ වෙනත් ආගම් මෙරටට හඳුන්වා දෙන්නට ඇතත්, තවමත් දිවයින පුරා ආගමික කණ්ඩායම් අතර බහුතරයක් ලෙස සිටියේ බහුතර සිංහල බෞද්ධයන්ය. එබැවින් තර්කානුකූලව, මිනිසුන්ගේ ආකල්ප කෙරෙහි බලපෑම අන් සියල්ලටම වඩා “සිංහල බුද්ධාගම” මත පදනම් විය යුතුය.
        සිවිල් යුද්ධය අවසන් වූ පසු රාජපක්ෂලා රටේ ඔම්බුඩ්මන්වරුන් වීමත් සමඟම රටේ අනෙකුත් උගතුන් අමතක කර ඔවුන් කෙරෙහි ජනතාවගේ ප්‍රශංසාව වර්ධනය විය. රැවටිලිකාර කලාකරුවන් සහ ආගමික බලවේග රාජපක්ෂලාට එකතු වූයේ ඔවුන් ජාතියේ ගැලවුම්කාරයන් ලෙස හඳුන්වමින්, අද එය සීමාව ඉක්මවා ගොස් ඇතැයි මම සිතමි. ශ්‍රී ලාංකේය සමාජයෙන් අපට හොඳ උදාහරණ ඇත, ඔබ පුද්ගලයෙකුට අනවශ්‍ය ප්‍රචාරයක් සහ ප්‍රශංසාවක් ලබා දෙන්නේ නම්, පිස්සු සොල්දාදුවා පටවන ලද ආයුධ අතට ගත් නිසා ඔහු හෝ ඇය පිස්සු වැටෙනු ඇත.
        :
        එසේම, මහින්ද රාජපක්ෂගේ මෑත කාලීන හැසිරීම් බල ලෝභී සහ ආත්මාර්ථකාමී බවට පත් වූ අතර, ආපසු හැරී බලන නමුත්, එය අනෙක් අයට වඩා උතුරු ශ්‍රී ලාංකිකයන්ගේ භයානක ප්‍රශ්නයක් ලෙස සලකමින්, දිගු කලක් පැවති ජනවාර්ගික ප්‍රශ්න විසඳීමට කිසිදු උත්සාහයක් නොගත්තේය.

    • 2
      0

      ජාතියේ පට්ටපල් හොරා හෙවත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ශල්‍යකර්මයකට භාජනය වී ඇතැයි පැවසේ. නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔහුගේ හර්නියා සැත්කම කළ යුතු වෛද්‍යවරයාගේ නම සඟවයි. කර්ම විපාක ගැන මගේ සිතුවිල්ල පහව ගොස් ඇත,….. යමක් ඉක්මනින් මතුවන ලකුණු තිබේ.
      .
      අපට නියම හොඳ නායකයින් සිටියා, කිසිදා රජයක් විදේශ විශේෂඥයන් සම්බන්ධ කර නොගත් නමුත්, වසර 17ක් පුරාවට තම සාක්කු පුරවා ගැනීමේ උපක්‍රම සඟවා නොගත් ජාතියේ අන්තිම ශතයත් කොල්ලකෑ මිනිසෙක් ද?

  • 2
    1

    2 of 2…හැබැයි, 70-77 වාමාංශික සමගි පෙරමුණ කළ අති වාමාංශික ප්‍රතිපත්ති අනුව, JRJ බාගෙට හරි කරපු neo liberal ප්‍රතිපත්ති අති ධාවනකාරී (radical) නව ලිබරල් වාදී දේවල් හැටියට ඔබ දකින්නේ නැද්ද? අඩුගානේ comparatively? ඒ වගේම Keynesian න්‍යාය අනුව රාජ්‍ය වියදම් වැඩි කිරීම මගින් ආර්ථිකය කුල්මත් කිරීම ඔබ කිවූ පරිදි මහවැලි, FTZ යනාදී ව්‍යාපෘතීන් මගින් විශාල මුදලක් ආර්ථිකයට එකතු කලානේ? ඒ ගැන මගේ ඇති පෞද්ගලික කැමැත්තක් හෝ අකමැත්තක් නොවෙයි, ප්‍රධාන දේ ආර්ථිකය එක තැන පල් නොවුන එක වැදගත් බව මගේ අදහසයි. නමුත් මේ සන්ධාමයෙදී නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රශ්ණ ඇතිවූ බව අවිවාදිතයි.

    “…..තෙවැන්න නම්, වත්මන් අර්බුදයේ ප්‍රධාන හේතුව 1977 සිට ක්‍රියාත්මක කුමන හෝ ප්‍රතිපත්තියක් නොව 2006 සිට ක්‍රියාත්මක වූ පුහු සමාජවාදී පෙනුමකින් යුතු විනාශකාරී ප්‍රතිපත්තිය බව යි….. “

    අන්න ඔබ ඉතාම නිවැරදි කතාවක් කිව්වා. ඕක තමයි අද අපේ මූලිකම අර්බුදය. 77 – 94 එ ජා පෙ හෝ 94 – 2005 පොදු පෙරමුණ කරපු ධනවාදය වෙනුවට කෙළින්ම ධනවාදය කියන්නේ නැතුව හොර පාරෙන් දේශප්‍රේමිත්වය, ජාති මාමකත්වය පෙන්නලා රටේම සියලු සම්පත් එක පවුලක් විසින් හූරා ගෙන කෑම !! ඒ සල්ලි ඔක්කොම Bahama numbered accounts, crypto currency, හා කොළඹ high net worth property investments වල තිබීම!!

    • 4
      0

      Dear Jit,
      .
      මෙය මට විශ්වාස කළ නොහැක.
      .
      94 ඉඳන් 2005 වෙනකම් ආණ්‌ඩුව පවුලකට ධනය රැස්‌කරගන්න දුන්නා කියලා ඔබ ප්‍රකාශ කළා.

      78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුලින් හඳුන්වා දුන් “විවෘත ආර්ථික ප්‍රතිපත්ති” සැකසීමට එම රජයන් සැබෑ උත්සාහයක් නොගැනීම සැබෑ දැවැන්ත අසාර්ථක වීමක් බව මට සිතාගත හැකිය. CBK නියමයන් එය කළා නම්, කිසිම මහින්ද රාජපක්ෂලාට හෝ රස්තියාදුකාරයින්ට රතු ඉරි වලින් ඔබ්බට ගොස් අද දකින ආකාරයට ජාතිය විනාශ කිරීමට නොහැකි වනු ඇත.

      tcd

      • 4
        0

        Part II
        දැන් සියල්ල පැහැදිලි වෙමින් පවතින අතර, 15-17 ආණ්ඩුවේ “ඊනියා බැඳුම්කර මගඩිය” සම්බන්ධයෙන් ඔවුන්ගේ සහමුලින්ම නිශ්ශබ්දව සිටීම සහ සහෝදරයන් දෙදෙනා පොරොන්දු වූ පරිදි අර්ජුන මහින්ද්‍රන්ට දඬුවම් නොකළ අතර එය ඔවුන්ගේ පොරොන්දුවට ඉහළින් සිටින බවට ජාතියට පොරොන්දු විය. නායකයන්.
        එපමණක් නොව, “පාස්කු ඉරිදා ව්‍යසනයේ” වින්දිතයන් සහ වින්දිතයන් වෙනුවෙන් පොරොන්දු වූ යුක්තිය – තවමත් අවංකව ආමන්ත්‍රණය කර නොමැත. කෙසේ වෙතත්, නායකයින් ඔවුන්ගේ යුරෝපීය ඇඳුම් කට්ටල සහ මැදමුලන් සුදු ඇඳුමින් සැරසී නිල ඇඳුමින් සැරසී එම “මෝඩ” බහුතරය තවදුරටත් නොමඟ යවයි.

        යමෙක් කෙසේ විය යුතුද, ඕනෑම නායකයෙක් එකම මිනිසුන්ව රැවටීමට. මිනිස්සුත් “මහත්තයො වගේ ජුගුප්සාජනක බූරුවො වගේ” මොකද ඔවුන් රාජපක්ෂට විරුද්ධව නැගී නොසිටින නිසා.. සමහරවිට තවම ප්‍රමාණවත් නැහැ. වෙනත් රටක මේ සියල්ල එසේ වූයේ නම්, ඔවුන් එකම ජාතියක් සමඟ දිගින් දිගටම හිතාමතා කළ මහා අපරාධවලට රාජපක්ෂලාගේ ලිංගේන්ද්‍රියේ එල්ලා තබන ලෙස ඉල්ලා ඔවුන් දවස පුරා උද්ඝෝෂණය කරනු ඇත.

      • 4
        0

        LM, නැහැ, ඔබ මා කියූ දේ වැරදියට තේරුම් ගෙනයි තියෙන්නේ. මම කිව්වේ CJA කියා ඇති පරිදි, 77 න් පසු ඇතිවූනේ පූර්ණ neo liberalist ආර්ථිකයක් නොවේය කියන කාරණයට ඌන පූරණයක් දීම විතරයි. ඔහු කියන කතාව මම පිළිගන්නා අතරම, මා කිව්වේ 70-77 ට සාපේක්ෂකව 77 න් පසු යුගය පැහැදිලි neo liberalist එකක් බවත් හුදු ධනවාදී ආර්ථිකයක ලකුණු හොඳට පැහැදිලිව පෙන්නුම් කළා කියන එකත් ය. හාස්‍යට කරුණ නම්, 94 න් පසු චන්ද්‍රිකාගේ යුගය, තොග පිටින් ඇයට චන්දය දුන් මධ්‍යස්ථ වාම වාදී ශ්‍රීලනිප චන්ද දායකයන් පමණක් නොවෙයි උග්‍ර පැරණි වමේ සහෝදරයන්ටත් කොකා පෙන්වමින් JRJ ටත් එහාට ධනවාදය රටේ පැල පදියම් කිරීමයි. මංගල එහි පෙර ගමන් කරුවායි. විවმත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ගේනවා කියල බලයට ආ චන්ද්‍රිකා නඩය කලේ JRJ හෝ ප්‍රේමදාසටත් වඩා ඔබ්බට ගිය ගජ මිතුරු ව්‍යාපාරිකයන් රැළක් ඇති කිරීමයි. JRJ සහ ප්‍රේමදාස වත් නොකළ Air Lanka, Telecom වැනි විශාල රාජ්‍ය දේපල හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමයි. විශේෂයෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි හා ජංගම දුරකථන සේවා බලපත් විශාල වශයෙන් ගජ මිතුරන්ට නිකුත් කළා. හොඳම විහිළුව නම් 94 ට පෙර එජාප ධනවාදයට විරුද්දව හැමදාම ලිප්ටන් වට රවුමෙ පෙළපාලි ගිය වාසු, දිනේෂ්, ඩිව්, තිස්ස, කොල්ලුරේ වගේ වමේ කට්ටිය අවසානයේ UNP කාරයන්ටත් වඩා ධනවාදී වෙමින් චන්ද්‍රිකා එක්ක හවුලේ කෑමයි. හැබැයි, රාජපක්ෂලා ඒ දේවල් දස දහස් ගුණයකටත් එහාට ගෙනියලා දැන් රට අපායේ ගේට්ටුව ළඟටම ගෙනැල්ලා තියෙන එකත් කියන්න ඕනා.

        • 5
          0

          Jit u are spot on thanks/ I ll be back to u in two days/ we ve been on a business trip for the two days/ conference 🤔✌

  • 5
    0

    Mr Amarathunga thank you.
    ඔබේ විශ්ලේෂණයට සෑම විටම මෙන් ස්තූතියි.
    .
    නිකමට හිතන්න, ඔබ ඔහුගේ parliment eka thula බුරන කතාවේදී සඳහන් කළේ කුමන ප්රතිපත්තිද? මට නම්, එය එම ප්රේක්ෂකයින්ම රවටා ගැනීම සඳහා එකම තේරුමක් නැති ස්වභාවයේ තවත් කතාවකි.
    ඔහු තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන් කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙසයි.

    එම “භින්නෝන්මාදය” නිෂ්පාදක ධම්මික බණ්ඩාරගේ ප්රසිද්ධ කතා සහ අපේ ඊනියා ජනාධිපතිවරයා කරන කතා පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. එකම තත්ත්වයේ පුද්ගලික චරිත.
    ධම්මික සිරප් නිෂ්පාදකයාගේ මට්ටමෙන් ඔබ්බට යමින් වත්මන් ජනාධිපතිවරයා අවාසනාවන්ත ලෙස මිථ්යා විශ්වාසයන් සමඟ බැඳී සිටින්නේ තාර්කිකව කිසිවක් දැකීමට තවත් ඉඩක් ඉතිරි නොවන බැවිනි. විශාල ජනවරමකින් තේරී පත් වූ මිනිසෙක් නමුත් මේ තරම් ගැඹුරට වැටීම කණගාටුවට කරුණකි.
    මෙම පසුබිමට වැටී සිටින ජාතිය යහපත් ජීවිතයක් සඳහා සිහින දකින්නේ කෙසේද?

    ඔබට මතක් කිරීමට අවශ්ය නැත, ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවල ඉහළින්ම ජාතික ආරක්ෂාව තිබුණි, ඇත්ත වශයෙන්ම, ඔවුන් එය “කුස්සියේ ආරක්ෂාව” ලෙස නිර්වචනය නොකළ නමුත් මිනිස් ආරක්ෂාව සමස්තයක් ලෙස සැලකිය යුතු බව සාමාන්ය දැනුමකි. ඉතා අවාසනාවන්ත ලෙස, මෝඩ බහුතරයකින් තේරී පත් වූ ජනාධිපතිවරයාට, දැන් කොවිඩ් වලට පමණක් නොව, “කුස්සියට ගෑස් සිලින්ඩර් පිපිරුම්” වලටද හසු වී ඇති රට පුරා ජනතාවගේ කනස්සල්ල දුරු කිරීමට නිර්භීතකමක් නොතිබුණි.
    හිටපු අගමැති රනිල් පවා ප්රසිද්ධියේ කතා පවත්වන සෑම අවස්ථාවකම මෙවැනි තීරණාත්මක කරුණු මතක් කර දීමට අමතක කළේ නැත.

  • 6
    0

    Part II

    ජර්මනියේ, හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇය එවැනි ප්‍රසිද්ධ දේශන පවත්වන සෑම අවස්ථාවකම, COVID හෝ කිසියම් හදිසි අනතුරකින් එය ඇති වූයේ නම්, ඇගේ මිනිසුන්ගේ මරණය ගැන සඳහන් කිරීම නොසලකා හැරියේ නැත. බලයට පත් රජය එහි ජනතාව සහ ඔවුන්ගේ ස්පන්දන ගැන හොඳින් සැලකිලිමත් වන බවට පණිවිඩය ජාතියට ප්‍රවාහනය කළ ඕනෑම නිවසක් කෙරෙහි අවධානය යොමු කරමින් ඇය තම රජය තුළ ජාතිය ඇමතීය. එය ඇගේ “මව් ස්වභාවය” නැවත නැවතත් ධ්‍රැවීකරණය කළේය.
    ඉතා අවාසනාවන්ත ලෙස නන්දසේනගේ බුරන ශෛලියේ පුහු කතා රටේ සත්තුන්ටවත් යන්නේ නැත. විශාල වශයෙන් සිටින මිනිසුන් ඔහුව දිනෙන් දින සිනහවක් බවට පත් කරනු ඇත.
    .
    කෝවිඩ් බෝවෙන බියට වඩා ගෑස් පිපිරීම් ගැන අද ජනතාවගේ කනස්සල්ල ඉක්මවා ගොස් ඇත. අපගේ පුදුමයට කරුණ නම්, කාලීන භයානක ප්‍රශ්නයට එරෙහිව ජනාධිපතිවරයා කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනේ. ඔහු නැවතත් ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර නිශ්ශබ්දව සිටියි – නමුත් ඒ සමඟම ඔහු සහ ඔහුගේ හෙංචයියන් ප්‍රකාශ කරන්නේ මැතිවරණයට පෙර රැස්වීම්වලදී දුන් ඉහළ ප්‍රතිඥාවන් සමඟ වඩා හොඳ දෙයක් කරන බවයි. දේශපාලන විද්‍යාඥයන් ඉතා පැහැදිලිව පවසන්නේ මුල් වසර දෙක හොඳින් ගත නොහැකි නම් ඉතිරි වසර ශිෂ්ට ලෝකයේ කිසිම රජයක ඊනියා ආශ්චර්යයන් සිදු කළ නොහැකි බවයි.

    දකුණු ආසියාතික මානසිකත්වය පාලනය කරන මිථ්‍යාවන් ඔවුන්ගේ විශේෂිත මිනිසා විසින් සාදන ලද ගැටළු සඳහා එකම විසඳුම වනු ඇත. ඔවුන් එය කිරීමට පුරුදු වී සිටිති, ප්‍රශ්නය නිසි ලෙස ක්‍රියා නොකිරීම වැනි, නමුත් එය “නොපෙනෙන බලවේග” වෙත පැවරීමට.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.