20 May, 2022

Blog

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම

ආචාර්ය අහිලන් කදිරගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සගරාව කල Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය

ආචාර්ය අහිලන් කදිරගාමර්

පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උවමනා කෙරෙන විදේශ විනිමය සංචිත හිඟවීම ආදී වූ අර්බුදයේ ප්‍රකාශිත ලක්ෂණ කෙරෙහිය. රටේ දේශපාලන ආර්ථිකයේ දිගුකාලීන ලක්ෂණ හා වත්මන් අර්බුදය හා ඒ අතර වන සම්බන්ධතාවය ආවරණය වනු එතරම් දක්නට නොලැබේ. පසුගිය දශක කිහිපය තුල ලංකාවේ ආණ්ඩු අනුගමනය කල ප්‍රතිපත්තිමය තීරණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෝවිඩ් වසංගතය බඳු කම්පනයන්ට වඩාත් බරපතල ලෙස නිරාවරණය කිරීමෙහිලා හේතු වූවාද? ශාස්ත්‍රඥයන් හා මත සම්පාදකයන් මහජන අවකාශය තුල ආර්ථිකය පිලිබඳ සාකච්ඡා කරන්නේ කෙසේද? වත්මන් ආණ්ඩුව අභියස තිබෙන යථාර්තවාදී තෝරාගැනීම් මොනවාද?

අහිලන් කදිරගාමර් සමග අප කල සම්මුඛ සාකච්ඡාවේ දී අප විසින් මෙම ප්‍රශ්න සාකච්ඡා කලෙමු. දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් වන අහිලන් කදිරගාමර් යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන අතර උතුරු පලාත් සමූපකාර සංවර්ධන බැංකුවේ ගරු සභාපතිධූරය ද උසුලයි. පවතින අර්බුදය පිලිබඳ දීර්ඝකාලීන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන කදිරගාමර් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගමන් පථය හා එහි ව්‍යුහාත්මක ලක්ෂණ මෙන්ම ආර්ථිකය පිලිබඳ විවාදය වර්තමානයේ රාමුගත වී තිබෙන ආකාරය සාකච්ඡා කරයි.

***

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අභියෝගය සහ වර්තමානය වෙත පසුබිම් වූ දීර්ඝකාලීන දේශපාලන ආර්ථික ප්‍රවණතා ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

මේ 1948 නිදහස ලැබුවාට පසුව ලංකාව මුහුණ දුන් වඩාත්ම බරපතල අර්බුදයයි. වර්තමාන මොහොත 1930 ගණන්වල පැවැති තත්වයට ; එනම් ලංකාව මහා ආර්ථික අවපාතයේ බලපෑමට වගේම විශාල වශයෙන් දුක්ඛ දෝමනස්සයන්ට හේතු වූ මැලේරියා වසංගතයට මුහුණ දී සිටි යුගයට එක්තරා අතකින් සමානයි. කෝවිඩ් 19 වසංගතය නිසා සෞඛ්‍යමය වශයෙන් හදිසි තත්වයක් හා සැලකිය යුතු ආර්ථික පාඩුවක් ඇති වී තිබෙන අතර අනෙක් අතට ලංකාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදය වසංගතයට වඩා දිගු ඉතිහාසයෙක් තිබෙන පුලුල් හා දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.

1970 ගණන්වල ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කලාට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෑම විටම අර්බුදභරිත එකක් ලෙසයි පැවැතුණේ. දකුණු ආසියානු කලාපය තුල ව්‍යුහාත්මක ගැලපුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල පලමු රට, නව ලිබරල් ගමනක් ආරම්භ කල පලමු රට ලංකාවයි. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් හඳුන්වා දුන්, ‘විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ’ නමින් රට තුල ප්‍රචලිත වූ මෙම ආර්ථික වෙනස්කම් ක්‍රියාවට දැමුණේ සුලුතර ජන කොටස් පමණක් නොව පුලුල් වශයෙන් වෘත්තීය සමිති හා වාමාංශය ද මර්දනයට ලක්කල අධිකාරිවාදී පාලනයක් ගොඩනගා ගැනීම හරහා. ජයවර්ධන ආණ්ඩුව 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කල හැටි හා දෙමල සුලුතරයට එරෙහි කෝලාහලවලට දායක වූ හැටි අපට මතක නමුත්, එම ආණ්ඩුව 1980 ජූලි මාසයේ දී වෘත්තීය සමිති මර්දනයට ලක්කල විධිහ එතරම් කථාබහට ලක්වන්නේ නැහැ. දස දහස් ගණන් කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමුණු අතර කම්කරුවන් සංවිධානය කිරීම සදහා වූ ඉඩ ඉතාම සීමාසහිත කල නිදහස් වෙලඳ කලාප ස්ථාපිත කෙරුණා. මෙම ප්‍රහාරය කෙතරම් බලගතු වීද යත් තවමත් කම්කරු ව්‍යාපාරය එම පසුබෑමෙන් ගොඩ අවුත් නැහැ.

1970 ගණන් අගභාගයේ ආර්ථිකය විවෘත කිරීමත් සමග සිදු වූ බටහිර රටවල ප්‍රාග්ධනය පොම්ප වීම නිසා නිර්මාණය වූ ආර්ථික බුබුල 1982 පමණ වන විට සිදී යමින් පැවතුණි. 1983 ජූලි මස ඇති කල භයානක ජාතිවාදී කෝලාහල වූ කලී ජයවර්ධන රජය විසින් මහජන අවධානය ආර්ථික කඩා වැටීමෙන් වෙනතකට හැරවීම සදහා කල උත්සාහයක්. ඉක්බිති හටගත් සිවිල් යුද්ධය නිසා රජයේ අවධානය යුදකාලීන ආර්ථිකය කලමණාකරනය වෙත මාරු වූ නිසා නව ලිබරල් ප්‍රතිපත්ති එහි පූර්ණ ආකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැහැ. මේ පසුබිම තුල, එනම් අවුරුදු 26 ක් පුරාවට දිග්ගැස්සුණු අදුරු යුද සමය තුල ගෝලීය ප්‍රාග්ධනයට ලංකාව සම්බන්ධයෙන් වූ උනන්දුව ගිලිහී ගියේය. 2009 වර්ෂයේ අග භාගයේ දී, එනම් යුද්ධය අවසාන වීම හා රාජපක්ෂ ආණ්ඩුව විසින් ස්ථාපිත කල අධිකාරිවාදී ස්ථායීතාවයේ පසුබිම තුල තමයි නැවත සමපේක්ෂණ කටයුතු සදහා ගෝලීය ප්‍රාග්ධනය රට තුලට ගලා ඒම ආරම්භ වූයේ. 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව, නැගී එන වෙලදපොලවල් වෙත සිදුවූ දැවැන්ත ගෝලීය ප්‍රාග්ධන ගලනය සමග ලංකාව තුල යුද්ධය අවසාන වීම සමපාත වූවා. ලංකාව නැගී එන වෙලදපොලක් හා පශ්චාත් ගැටුම් ආර්ථිකයක් ලෙස සැලකුණු අතර යුද්ධයෙන් පසුව ගත වූ මාස 18 ක කාලය තුල කොලඹ කොටස් හුවාමරුවේ අගය හතර ගුණයකින් ඉහල නැංගා.

මීට දශකයකට පෙර, අධිකාරිවාදී පාලනයක් හා වෙලදපොල හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක් සමග ඇති වූ මෙම දේශපාලන-ආර්ථික විපර්යාසය මා ලංකාවේ නව ලිබරල්වාදයේ දෙවන රැල්ල ලෙස හැදින්වූවා. උග්‍ර වන මූල්‍යකරණය ලක්ෂණ කොට ගත් මේ දෙවන රැල්ල විසින් තමයි ලංකාව වර්තමාන අර්බුදය වෙත තල්ලු කොට තිබෙන්නේ. වසංගතය නිසා ඇති වූ බිද වැටීම් විසින් මෙම අර්බුදය ඉක්මන් කොට තිබෙනවා.

ආර්ථික අර්බුදය පිලිබද වන ‍ප්‍රසිද්ධ තලයේ සංවාදය තුල බොහෝ කරුණු කථාබහට ලක් වෙනවා; කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල සිට වෙලද රෙගුලාසි දක්වා, මූල්‍ය ප්‍රතිපත්තියේ සිට විදේශ ණය දක්වා ආදී ලෙස. ආර්ථික අර්බුදයේ ඇතැම් රෝග ලක්ෂණ ඒවාවල මූලයන්ගෙන් වෙන් කල හැකිද?

පසුගිය දශක කිහිපයක ආර්ථික ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයකටම බලපා තිබෙනවා. ආර්ථිකයේ විවිධ අංශවලට බලපාන විවිධ ප්‍රශ්න කාලයක් තිස්සේ පරිණාමය වූ ඒවා. නිදසුනක් ලෙස ආර්ථික ලිබරල්කරණයෙන් පසුව අප රට අනුගමනය කල කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගත්කල කෘෂිකර්මය සදහා වූ රජයේ ආයෝජනවල ක්‍රමානුකූල පහත වැටීමක් අපට නිරීක්ෂණය කල හැකියි. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය තුල අවධානය යොමු වී තිබෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය, විදේශ ප්‍රාග්ධනයේ සහයෝගතාවය සහිතව දේපල වෙලදාම් අංශය ප්‍රවර්ධනය කිරීම හා සංචාරක ව්‍යාපාරය ආදියට. එහෙත් සුලු පරිමාණ කෘෂිකර්මාන්තය හා ආහාර ස්වයං පෝෂීභාවය ආදී පැති නොසලකා හැර තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තය ආදී වෙන් වෙන් ක්ෂේත්‍ර දෙස වෙන් වෙන්ව බැලීම වගේම මෙම ක්ෂේත්‍රවල ඇති වී තිබෙන වෙනස්කම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පැකේජයේ ප්‍රතිඵලයක් ලෙස දැකීමත් අවශ්‍ය කරනවා.

ලංකාවේ පැවති දුබල ආර්ථික තත්වය කෝවිඩ් 19 වසංගතය නිසා තවදුරටත් දුර්වල වූ බවට පොදු එකගතාවයක් තිබෙනවා. වසංගත තත්වයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුව විසින් ගත් සාර්ව ආර්ථික හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද? මේ ක්‍රියාමාර්ග පිලිබද ඔබගේ ඇගයීම කුමක්ද?

කෝවිඩ් 19 වසංගතය නිසා ඇති විය හැකි ප්‍රතිවිපාක බොහොම පැහැදිලිව තිබෙන විට පවා ආණ්ඩුව කලේ වටිනා කාලය නාස්ති කිරීමක්. ඔවුන් වසංගතය නිසා කිසිවක් වෙනස් නොවූ ලෙසකට 2019 දී ඉදිරිපත් කල ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වූ කරුණු ජප කරමින් සිටියා. මෙය තමයි ඔවුන් කල ලොකුම වරද. ආර්ථික ප්‍රශ්නය මූල්‍යකරණය හරහා පහසුවෙන් ගොඩ දැමිය හැකි බවට කල්පනා කල ඔවුන් තම අවධානය ප්‍රධාන වශයෙන් යොමු කලේ 20 වන සංශෝධනය හරහා අධිකාරිවාදී බලය මධ්‍යගත කරගැනීමට. කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හරහා උසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට හා පෞද්ගලිකකරණය කිරීමට ඔවුන් උත්සාහ ගත් විට සමාජයේ විවිධ කොටස් වලින් ඊට විරුද්ධත්වය පල වූවා. 2021 අය වැය ඉදිරිපත් කල අවස්ථාව බඳු බෙහෙවින් කල්ගත වූ මොහොතක තමයි අඩුම තරමින් රට අර්බුදයකට මුහුණ පා සිටින බව ආණ්ඩුව පලමු වතාවට පිලිගත්තේ.

අර්බුදයේ බර දැනෙන්ට පටන් ගත් විට ජනතාව තම ආර්ථික තත්වය ස්ථාවර කරගැනීම සදහා විකල්ප දෙස යොමු වූවා. නිදසුන් ලෙස කෘෂිකාර්මික කටයුතු ආදියට යොමුවීම. එහෙත් 2021 මුල භාගයේ හදිසියේ කල කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම නිසා මෙම උත්සාහයන් ද ව්‍යර්ථ විය. වසංගතය හා රට වසා දැමීම නිසා සිදුවූ ආදායම් කඩා වැටීමෙන් වැඩ කරන ජනතාව, විශේෂයෙන්ම දෛනික ආදායම් ලබන ජනතාව බෙහෙවින් පීඩාවට පත්වූවා. වෙනත් දකුණු ආසියාතික රටවල් සමග බලන විට, අඩු ආදාම්ලාභී ජනතාව වෙත ලැබුණු සහන බෙහෙවින් සීමිතයි‍.

පොදු සංවාද තලය තුල ආර්ථික විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා මත සම්පාදකයන් මෙම අර්බුදය සාකච්ඡාවට ලක්කලේ කෙසේද? රට තුල වන දේශපාලන හා දෘෂ්ටිවාදීමය බෙදීම්වලට සමාන්තර බෙදීමක් මේ සාකච්ඡා තුල දක්නට තිබෙනවාද? ඇතැම් අදහස් මේ සාකච්ඡා තුල වරප්‍රසාදිත තත්වයක් අත්කරගෙන තිබේ යැයි ඔබ සිතනවාද?

ආර්ථිකය පිලිබද අර්ථාන්විත විවාදයක් ප්‍රමාණවත් ලෙස දක්නට නැහැ. තමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොපතන බවට ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලත්, ඔවුන් ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සදහා වූ මං සොයමින් සිටිනවා. විරුද්ධ පක්ෂය, විශේෂයෙන්ම සමගි ජන බලවේගය සිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැජික් යෂ්ඨියක් බවටයි. ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම විශ්ලේෂකයන්ගේ ද අදහස වංචා හා දූෂණ ක්‍රියා නිසා මේ තත්වය ඇති වී තිබෙන බව හා ඉන්දියාවෙන් හා චීනයෙන් සහයෝගය ලබාගතහොත් ශ්‍රී ලංකාවේ ගැඹුරු අර්බුදය විසදාගත හැකි බව. කොහොම උනත්, අර්බුදයේ පරිමාණය සලකා බලන විට ― මා මෙම අර්බුදය සංසන්දනය කරන්නේ 1930 ගණන්වල ඇති වූ මහා අවපාතය සමග ― අපගේ ප්‍රතිපත්තිවලින් රැඩිකල් ලෙස ඛණ්ඩනය වී ගැනීම අවශ්‍ය බව පෙනී යනවා. එහෙත් එය සිදු වන්නේ නැහැ. අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරියට දමන ප්‍රතිපත්ති පැකේජ ඔහේ පුනරුච්චාරණය කරන කුසීතයන් පිරිසක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයන් පත්ව තිබෙනවා. අභියෝගය අබියස නැගී සිට, මෙම ඓතිහාසික අර්බුදය නිර්මාණශීලීව ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඔවුන් අහිමි කරගෙන සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වැඩිම උනොත් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක හෝ තුනක ණය මුදලක් ලැබේවි. එහෙත් 2021 වසර සදහා පමණක් වෙලද හිගය ඇමරිකානු ඩොලර් බිලියන 8.1 යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගත්වයක් ඇති කර ගත යුතු බවට අවධාරණය කරන අයගේ කල්පනාව, එම ණය මුදල ලැබුණහොත්, ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලදපොලෙන් ණය ගැනීමට යලිත් අවස්ථාව ලැබෙනු ඇති බවත්, සංචාරක කර්මාන්තය යලි සක්‍රීය වෙන තෙක් අල්ලා ගෙන සිටියහොත් වෙලද ශේෂයේ ප්‍රශ්නය විසදා ගත හැකි බවත්ය. එහෙත් එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් ආයතනය විසින් කල පොලී අනුපාතිකය ඉහල නැංවීම බදු වූ ගෝලීය තත්වයන්ගේ ඇතිව තිබෙන වෙනස්කම්වල පසුබිම තුල යථාර්තය තමයි ණය ගැනීම සදහා වන පිරිවැය ලංකාවට දරාගත නොහැකි ලෙස ඉහල ගොස් තිබෙන බව. අනෙක් අතට, ප්‍රාග්ධන වෙලදපොලින් තවදුරටත් ණය ගැනීම හා එම ණය මත යැපෙමින් ආර්ථිකය නඩත්තු කිරීම ලංකාව මේ වනවිට උගුලක හසු කොට තිබෙන ණය අර්බුදය තවත් දිග්ගැස්සීමට හේතුවක් වෙනවා.

‘නව ලිබරල්’ නම් යෙදුම ඇතැම් අංශවල වෙලද ආරක්ෂණවාදය හා මිල සීමා පැනවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට තිබෙන වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තීන් නිවැරදි ලෙස විස්තර කිරීමට යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් මෑතකාලීනව යම් විවාදයක් මතුව තිබෙනවා. ඔබ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දකින්නේ කෙසේද? එය ඇතැම් අය යෝජනා කරන තරම් සරලමතික ලෙස කලු-සුදු යැයි ඔබ සිතනවාද?

පසුගිය දශක කිහිපය තුල ශ්‍රී ලංකාව තුල දේශපාලන ආර්ථිකය නම් විෂය ධාරාව හා මාක්ස්වාදී විශ්ලේෂණය සම්බන්ධව දක්නට ලැබෙන්නේ අල්ප උනන්දුවක්. නව ලිබරල්වාදය පිලිබද න්‍යායකරණයන් සමග අභිමුඛ වී ඇත්තේ කිහිප දෙනෙක් පමණයි. උදාහරණ ලෙස, නව ලිබරල් ව්‍යාපෘතිය පිලිබද වූ විචාරාත්මක සාහිත්‍යය වෙතින් පෝෂණය වෙමින් ශ්‍රී ලංකාව තුල සිදුවන වර්ධනයන් වටහා ගැන්ම උදෙසා වූ සම්මන්ත්‍රණයක් අපි තවත් තරුණ ශාස්ත්‍රඥයන් හා සමාජ ක්‍රියාධරයන් සමූහයක් සමග එක්ව 2012 වර්ෂයේ දී සංවිධානය කලා. ලංකාව තුල නව ලිබරල්වාදය පිලිබද විවාදයක් ඇති කිරීමට මෙය පසුබිම සකස් කලා. නව ලිබරල්වාදය නම් සංකල්පීය රාමුව ලංකාවේ ආර්ථික පසුබිම විශ්ලේෂණය කිරීම සදහා වැදගත් වන ආකාරය වටහා ගත හැක්කේ අපි රට තුල වන වර්ධනයන් ගෝලීය සන්දර්භයක් තුල බහා තේරුම් ගන්නේ නම් පමණයි. නිදහස් වෙලදපොල හා කේවල පුද්ගලයන‍්ගේ ක්‍රියාකාරීත්වය උත්කර්ෂයට නංවන දෘෂ්ටිවාදයක් සහිත මූල්‍ය ප්‍රාග්ධනය විසින් දියත් කරනු ලැබූ මහා පරිමාණ පන්ති ව්‍යාෘතියක කොටසක් ලෙස රට තුල සිදුවන දෑ වටහා ගත හැක්කේ එවිටයි. මෙම ව්‍යාපෘතිය විසින් ඉතාම ආක්‍රමණශීලී ලෙස සුබසාධන කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති අවධාරණය කරන අතර, ප්‍රාග්ධනයේ අවශ්‍යතාවලට උපකාර කරන තාක් දුරට අධිකාරිවාදී රාජ්‍යයන් වෙත අනියම් ලෙස සහයෝගය දක්වනවා.

නව ලිබරල්වාදය පිලිබද වන විශාල සාහිත්‍යය සමග බැරෑරුම් ලෙස අභිමුඛ වීමට අපගේ ශාස්ත්‍රඥයන් හා බුද්ධිමතුන් තවමත් කටයුතු කොට නොතිබීම අවාසනාවක්. එහෙත් මෙම අඩු උනන්දුව ඔවුන්ගේ පන්ති ස්වභාවය වෙතින් ගලා එන්නක් ලෙසයි මා දකින්නේ. විදේශ ආධාර මත යැපෙන පර්යේෂණ ව්‍යාපෘති හෝ බටහිර රටවල විශ්ව විද්‍යාල විසින් ප්‍රවර්ධනය කරන නව සම්භාව්‍ය ආර්ථික විශ්ලේෂණය වෙත ඔවුන් දක්වන පක්ෂපාතීත්වය පන්තිමය කරුණක්. ගෝලීය දකුනේ වෙනත් රටවල්වලත් අඩු වැඩි වශයෙන් මෙම තත්වය දැකගත හැකි වූවත් මේ අදහස්වලට එරෙහි ප්‍රතිරෝධය දැක්වීම් මේ රටවල පවතිනවා. විශේෂයෙන්ම අර්බුද සමයන් හීදී විකල්ප විසදුම් සම්බන්ධයෙන් වූ විවාදයන් ඇති කිරීම කෙරෙහි මෙම ප්‍රතිරෝධය දැක්වීම් මග පාදනවා. නිදසුන් ලෙස ඉන්දියාව ගත් විට, නව දිල්ලිය කේන්ද්‍ර කොට ගත් ආර්ථික පර්යේෂණ පදනම විසින් කරනු ලබන ප්‍රකාශනයන් මවිසින් සමීපව පරිහරණය කරනවා. ලංකාව තුල මෙබදු ව්‍යායාමයක් අපි දකින්නේ නැත.

1970 අග ගණන්වල සිට ලංකාව තුල සිටි සියලු ආණ්ඩු නව ලිබරල් ප්‍රතිපත්තීන් අනුගමනය කල බවයි මගේ මතය. 2009 යුද්ධය අවසාන වීමත් සමග මෙම ප්‍රවණතාවය වඩාත් උග්‍ර වූවා. විවිධ ආණ්ඩු, මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකු ප්‍රධානීන් මෙම ප්‍රතිපත්ති පැකේජය ක්‍රියාත්මක කරන ආකාරයේ යම් යම් වෙනස්කම් තිබුණත් ඔවුන්ගේ ප්‍රවේශය නව ලිබරල් දැක්ම විසින් හැඩගස්වන ලද එකක්. නිදසුන් ලෙස රාජපක්ෂ ආණ්ඩුව තම දැඩි වෙලදපොල හිතවාදී ප්‍රතිපත්තිය සුබසාධනවාදයේ හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමේ අලංකාරෝක්තියෙන් වසං කරනවා. එහෙත් මූල්‍ය අංශයට ඔවුන් ලබාදෙන වරප්‍රසාදිත තත්වය හා මහජන සේවාවලට කරනු ලබන අඩු ආයෝජන දෙස බලන විට, ඔවුන්ගේ නව ලිබරල් පක්ෂපාතීත්වය නොදැක සිටීම අපහසුයි.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබද අන්තර්ජාතික මාධ්‍යයේ සැලකිය යුතු ආවරණයක් ලැබී තිබෙනවා. මෙම ආඛ්‍යාන මොන තරම් දුරට නිවැරදි යැයි ඔබ සිතනවාද? අනෙක් අතට, ඉන්දීය සාගර කලාපය තුල පවතින භූ දේශපාලනික ගැටුමෙහි පසුබිම විසින් මෙම මාධ්‍ය වාර්තාකරණයන්ගේ ස්වභාවය හැඩ ගැස්වෙන බව දක්නට ලැබෙනවා.

මගේ අදහස තමයි ලංකාවේ බිම් මට්ටමේ යථාර්තයන් වෙතට අවධානය යොමු කරනු වෙනුවට අන්තර්ජාතික මාධ්‍ය වාර්තාකරණය ඉන්දියාව හා චීනය සම්බන්ධ භූ දේශපාලනික කාරණාවලට අනවශ්‍ය අවධාරණයක් ලබා දී තිබෙන බව. අන්තර්ජාතික මාධ්‍යයේ හා පර්යේෂණ ආයතනවල පාර්ශවයෙන් ගත්කල මෙය පටු ප්‍රවේශයක්. මීට වසර ගණනාවකට ඉහත මා අවධාරණය කලා අප බිය විය යුත්තේ චීන ණය සම්බන්ධව නොව ප්‍රාග්ධන වෙලදපොලින් ලබාගන්නා ස්වෛරීත්ව ණය සම්බන්ධයෙන් බවට. අපගේ විදේශ ණයවලින් චීනයට අදාල පංගුව සියයට 10 ක් පමණ වන විට, ස්වෛරීත්ව බැදුම්කර වල පංගුව සියයට 40 යි. ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය සමග ශ්‍රී ලංකාව වඩාත් ඒකාබද්ධ කරමින් සිදුවන ආර්ථිකයේ නව ලිබරල්කරණය විසින් ලංකාව වඩාත් බරපතල අර්බුදයකට ඇද දමනු ඇති බවට මා තර්ක කලා. මේ ගැන එකල අවධානය යොමු කලේ ස්වල්ප දෙනෙක්. එහෙත් මේ වනවිට අර්බුදයක් මතුව තිබෙන තතු යටතේ හැමදෙනාම වාගේ ස්වෛරීත්වය බැදුම්කර ගැන කථා කරන්ට පටන් ගෙන තිබෙනවා.

ශත වර්ෂ පහක යටත්විජිත ඉතිහාසයෙක් ඇති රටක් ලෙස ලංකාවේ ආර්ථිකය භූ දේශපාලනික මැදිහත්වීම්වලට අඛණ්ඩව මුහුණ පා තිබෙනවා. අන්තර්ජාතික වෙලදාමේ පසුබිම තුල ලංකාව හැමදාමත් පැවැතියේ පරායක්ත රටක් ලෙස. මේ නිසා ගෝලීය දේශපාලන ආර්ථිකයේ සිදුවන වෙනස්කම් සෑම විටම මෙ‍ම දූපත කෙරෙහි බරපතල ලෙස බලපෑවා. අපගේ තත්වය පුලුල් ගෝලීය ප්‍රවණතාවලට සාපේක්ෂව දැකීම අවශ්‍ය වූවත්, එය හුදෙක් ගෝලීය කථාවකට ලඝු නොකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබද ප්‍රශ්නය ගෝලීය පසුබිම තුල සන්දර්භගත කරන්නේ කෙසේද යන්න වැදගත් වෙනවා. මා මේ ප්‍රශ්නය ලංකාවේ ඇතැම් වාමාංශිකයන් තුලත් දකිනවා. එක්සත් ජනපදය හා චීනය පිලිබද ස්ථාවරයක් ගැනීම ලංකාවේ පන්ති ප්‍රශ්නය විසදීම හා තත්‍යසමාන එකක් ලෙස සමහර වාමාංශිකයන් සලකනවා.

පසුගිය දවස්වල ෆිට්ච් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආදී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ දිගුකාලීන ස්වෛරීත්ව ණය ගෙවීමේ හැකියාව පිලිබද අවාසිදායක පුරෝකථනයක් සිදුකලා. ලංකාවට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය සංචිත පවත්වා ගැනීමට අපහසු වීමෙහිලා මෙම පුරෝකථනය බලපා තිබෙනවා. මේ ආයතනවල තක්සේරුව කෙතරම් නිවැරදිද? අප ඒවා මොන තරම් බැරෑරුම්ව සැලකිය යුතුද? පොදුවේ ගත්කල ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල දේශපාලනය හා ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණ කෙරෙහි ඒවා බලපාන ආකාරය පිලිබද ඔබගේ අදහස කුමක්ද?

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ගෝලීය මූල්‍ය අර්ථපතීන් යන පාර්ශව එකිනෙක සමග සම්බන්ධයි. මූල්‍ය ප්‍රාග්ධනය හෙජමොනික වී තිබෙන පසුගිය දශක හතරක කාලය තුල මෙම තත්වය වඩාත් බලගතු වී තිබෙනවා. මේ නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මධ්‍යස්ථ නැහැ. ගෝලීය ප්‍රාග්ධනය ගලා යන දිශාව තීරණය කිරීමෙහිලා ඔවුන් වෙත සැලකිය යුතු බලයක් තිබෙනවා. මේ නිසා ස්වයං ලෙස සනාථ වන අනාවැකි පල කිරීමේ හැකියාවක් ඔවුන් වෙත පවතී. ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් වි‍දේශ විනිමය වෙත ප්‍රවේශ විය නොහැකි බවට පවසමින් ශ්‍රේණිගත කිරීම පහල හෙලන විට බැදුම්කර වෙලදපොල තුල ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් ඇති වන අතර විදේශ ණය ලබාගැනීම අපහසු වෙනවා.

අවසාන වශයෙන් අපිට කියන්න, පවතින ආර්ථික වාතාවරණය තුල ලංකාව කල යුතු දේ කුමක්ද? සුබසාධනය කප්පාදු කිරීම දිශාවට නැඹුරු වූ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා දුගීභාවයට වැටීමේ අවදානම සහිත ජනතාව ආරක්ෂා කරන ගමන්, රටේ රාජ්‍ය මූල්‍ය තත්වය ඉහල නැංවීමේ විධික්‍රම රජය වෙත පවතිනවාද?  

ආනයන අපනයනවලට වඩා සියයට අසූවක් තරම් ඉහල අගයක් ගන්නා ලංකාවේ වෙලද ශේෂය ගත්කල, කවර සංවර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කලත්, හුදෙක් බාහිර වෙලදපොලට ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ හැරියොත් ආනයනවල වටිනාකම සමග අපනයන අගයට සමවීමට නම් විශාල කාලයක් ගත වන බව පැහැදිලියි. ආනයන සීමා කොට, අත්‍යවශ්‍ය භාණ්ඩ වන ආහාර සහ ඖෂධ සහ අතරමැදි භාණ්ඩ වන නිෂ්පාදනය, දේශීය පරිභෝජනය හා අපනයන සදහා වැදගත් වන ඉන්ධන ආදියට ප්‍රමුඛතාවය ලැබෙන ලෙස ආනයන සංයුතිය වෙනස් කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නැහැ. මෙබදු ආනයනවලට ප්‍රමුඛතාවය දීමට නම්, රජයට සිදු වෙනවා රාජ්‍ය මූලික බෙදාහැරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට. ආනයනවල වගකීම එවිට රජය විසින් පවරා ගත යුතු වෙනවා. එහෙම නැතිනම් වෙන ‍දේ තමයි, පසුගිය අවුරුදු දෙකක කාලය තුල සිදුවූ ලෙස, පෞද්ගලික ව්‍යාපාරිකයන් දිගටම සුඛෝපභෝගී අයිතමයන් ආනයනය කිරීම. ආනයන ප්‍රමුඛතාකරණයට ලක්කිරීමක් පුද්ගලික වෙලෙන්දන්ගෙන් අපේක්ෂා කල නොහැක.

2019 දී බදු කපා හැරීමට ජනාධිපති රාජපක්ෂ ගත් තීන්දුව නිසා රජයේ ආදායම ඉතිහාසයේ අඩුම අගය වූ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට නමය දක්වා පහත වැටුණා. මෙහි ප්‍රතිඵල ලෙස, මෙම බරපතල අර්බුදය හමුවේ අපහසුතාවයට පත්වන ජන කොටස්වලට සහනයක් සැලසීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා. වක්‍ර බදු හරහා තවදුරටත් ජනයා පීඩාවට පත්කිරීම කල නොහෙන නිසා, සෘජු ආදායම් බදු නිසා උනත් අපහසුතා ඇති විය හැකි නිසා; ආර්ථිකය සංකෝචනය වෙමින් තිබෙන පසුබිමක, ආදායම් සිදී යමින්, ජීවන වියදම වැඩෙමින් පවතින සන්දර්භයක, රජය ධන බද්දක් පනවමින් එකී ධන බද්ද හරහා උපයා ගන්නා ආදායම ජනතාවට සහන සැලසීම සහ ආර්ථිකය අර්බුදයෙන් ගොඩගැනීම සදහා අවශ්‍ය රාජ්‍ය ආයෝජන වැඩි කිරීම උදෙසා යෙදවීම අවශ්‍යයයි. මෙම ආයෝජන මගින් දේශීය නිෂ්පාදනය ධෛර්යයමත් කිරීම සදහා අවශ්‍ය ඉල්ලුම ප්‍රේරණය කල හැක.

අප මේ පසු කරන්නේ බැරෑරුම් සමයකි. ගෝලීය ඉතිහාසයෙන් උදාහරණයක් ගන්නේ නම්, වත්මන් අර්බුදය 1920 හා 1930 ගණන්වල වූ අර්බුදය හා සමාන්තර වූවකි. ඒ කාලයේ ලෝකයා අබියස වූ විකල්පයන් වූයේ කොමියුනිස්ට් විප්ලවය හෝ ෆැසිස්ට්වාදයයි. මෙම අර්බුදයේ පසුබිම තුල, ජෝන් මෙනාඩ් කේන්ස් බෙහෙවින් වෙනස් ආර්ථික ප්‍රවේශයක් ඉදිරිපත් කලා. පසුව සමාජ සුබසාධන රාජ්‍යයන් තුල මූර්තිමත් වූ ප්‍රතිපත්ති සමුදාය ඉදිරිපත් වූයේ මෙම ප්‍රවේශයට සමගාමීව. ධනවාදය බේරුනේ මේ ප්‍රවේශය නිසා. අප ජීවත් වන යුගයත් මීට සමානයි. එකම ප්‍රශ්නය තමයි, ආර්ථිකය ගැන යල් පැන ගිය අදහස් පුනරුච්චාරණය කරනු වෙනුවට රාමුවෙන් පිටත සිට සිතමින් කටයුතු කරන්ට ලාංකික ජනතාව සූදානම්ද යන්න. අපි කැමති වූවත් නැතත්, රැඩිකල් ලෙස වෙනස් සංස්ථාවන් බිහිවීම ද ඇතුලු තීරණාත්මක වෙනස්කම් ඉදිරියේ දී ඇති වේවි. 1930 ගණන්වල අර්බුදයෙන් පසුව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව හා ආහාර සහනාධාරය ආදී වූ ප්‍රතිපත්ති බිහිවූ ලෙස හෝ 1970 ගණන්වල අර්බුදයෙන් පසුව සමාජය හා රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කල නව ලිබරල් ප්‍රතිපත්ති ඉස්මතු වූ ලෙසට යන කවර හෝ ආකාරයෙන් වෙනස්කම් අපේක්ෂා කල හැක.

විවිධ වූ ඉල්ලීම් මත සමාජයේ බහුවිධ කොටස් වෙතින් සටන් පැන නගින ආකාරය අපිට මේ වනවිට දක්නට පුලුවන්. වෘත්තීය සමිති අරගල හා ගොවි උද්ඝෝෂණ මීට උදාහරණ. වැඩකරන ජනතාව තම ඉල්ලීම් ඉදිරියට දමන ආකාරය හා ප්‍රභූ පිරිස් හා පාලක පන්තීන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අනාගතය තීන්දු වීමට නියමිතයි. පසුගිය දශක හතරක කාලය තුල ලංකාව තුල ප්‍රභූ පන්තිය ගතකල අධිකතර ජීවිතය ; ඔවුන් කල අධම ප්‍රාග්ධන සමුච්චනය හා අති සුඛෝපභෝගී පරිභෝජනය සිදුවූයේ ඇගලුම් කම්හල්වල, තේ වතුවල කම්කරුවන්, සංක්‍රමණික ගෘහ සේවිකාවන් හා අවිධිමත් අංශයේ කම්කරුවන් ආදී වූ වැඩ කරන ජනතා කොටස්වල සුබසිද්ධිය කැප කරමින්. එහෙත් මේ මාවත එහි තාර්කික අවසානය වෙත එලැඹ තිබෙනවා. වසංගතය විසින් ඇති කල විනාශය පසුපස සැගව තිබූ, එහෙත් වැඩෙන ආර්ථික අර්බුදය සමග එලියට එමින් තිබෙන පන්ති අරගලය විසින් අපගේ අනාගතය තීන්දු කරාවි‍.

*පරිවර්තක – රමිඳු පෙරේරා

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    1/
    ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය අන් කිසිවක් නොව මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට හා බලයට ඇති කෑදරකම නිසා ඇති වූ තත්ත්වයකි. මෙය ඔහුගේ දේශපාලනයේ ආරම්භය දක්වාම යන අතර ඔහුගේ මාධ්‍ය යෝධයින් ජීවත්වීම සඳහා කරන ලද ව්‍යාජ මහජන ප්‍රශංසාව වසර 72 කට සම්පූර්ණයෙන්ම වරද පැටවීම වැරදිය. සාමාන්‍යයෙන් දේශපාලකයින් තම ධූර කාලය අවසන් වූ පසු දේශපාලනයට ඇති බැඳීම අත්හරින අතර අවාසනාවන්ත ලෙස මහින්ද රාජපක්ෂ එසේ නොකළේය. ඔහු පසුගිය රජයට වැඩ කිරීමට ඉඩ දුන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ට එරෙහිව පවරා ඇති අපරාධ නඩු ගණනාවකින් නිදහස් වීමට පමණි. සහෝදර දෙපළ බලය ඇල්ලීමෙන් පසු ජාතියට දුන් ඊනියා පොරොන්දු ඉටු කිරීමට ඔහුට කිසිදා නොහැකි විය.

    යහපාලනය මත පදනම් වූ පසුගිය රජය නීති ප්‍රතිසංස්කරණ, නීතියේ හා සාමයේ ප්‍රගතිය යනාදී බොහෝ දේ ගෙන ආවේය. නමුත් එම පණිවිඩය බිම් මට්ටම දක්වා ගෙන යාමට ඉඩ දුන්නේ නැත. රාජ්‍ය ආදායම නංවාලීම සඳහා ධනවත් පන්තීන්ට එරෙහිව බදු පැනවූ නමුත් වත්මන් ආණ්ඩුවේ ආරම්භයත් සමඟ ඔවුන් දැඩි ලෙස නමුත් දුරදිග නොබලා බදු කපා පෙර මට්ටමට යාමට තීරණය කළහ. එය ආර්ථිකයේ අවසානයෙහි ආරම්භය විය. ඉන්පසුව නැවතත් ඔවුන්ගේ හෙංචයියන්ට, මැතිවරණ ප්‍රචාරක සේවකයන්ට විශාල ලෙස ලබාදුන් බදු සහන රාජ්‍ය ආදායමට තිබූ මාර්ග හිස් කළේය. ඒ අතරම, ලෝකය COVID මගින් පීඩාවට පත් වී ඇති අතර ද්විතියික බලපෑම් වෙනත් ඕනෑම ආර්ථිකයකට වඩා අපගේ කුඩා ආර්ථිකයන් මත විශාල වශයෙන් ක්‍රියා කරයි.
    .
    contd.

    • 2
      0

      2/

      ශ්‍රී ලංකාවේ අපට හොඳ කාලයක් තිබුණා. විවෘත ආර්ථිකය නරක දෙයක් නොවේ, නමුත් එය බොහෝ කලකට පෙර අපේ රටට අනුකූල විය යුතුව තිබුණි. 1994 සිට අපි ශ්‍රීලනිප ආණ්ඩුවකට විවිධ ස්වරූපවලින් මුහුණ දුන්නත් ඔවුන් 2005 සිට කළේ කොල්ලකෑම පමණයි. වෛරය, සුළු ජාතීන්ට එරෙහි වීම, ව්‍යාජ දේශප්‍රේමය, ව්‍යාජ පියා සහ මව වැනි දේ මහින්ද රාජපක්ෂ විසින් වැපිරුවා. කලාකරුවන් ද ඒ ආකාරයෙන්ම රැවටීමට ලක් වූ අතර, ඔවුන්ට පිරිනැමෙන වරප්‍රසාද සඳහා ඔවුන් අවස්ථාවාදීන් බවට පත්විය. මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තු එන්න දුන්න වැඩි හරියක් මෝඩයෝ. අහිංසක මිනිසුන් මිනිසුන් බවට පත් කරන බහු ඝාතකයෙකු වුවද, ඕනෑම කෙනෙකුට තවත් ඡන්දදායකයින් ගෙන ඒමට හැකි විය, එය මූලික පූර්ව අවශ්‍යතාවය විය. ජැක්සන් ඇන්තනි හෝ වැන්නෝ, සෙනඟ පිරුණු ක්‍රීඩාංගනය ප්‍රසිද්ධියේ රවටා, සාමාන්‍ය මට්ටමට වඩා ආදායම් මට්ටම් ඇති මිනිසෙකු වලව්වේ මිනිසෙක් බවට පත් කළහ. ඔහු මහින්ද රාජපක්ෂ පවා බුදු රජාණන් වහන්සේට සමීප මිනිසෙකු බවට පත් කළේය. මාධ්‍ය බොරු කතාවලට එරෙහිව නැඟී සිටියේ නැත, ඔවුන් සිතුවේ ඔවුන්ගේ සාක්කුවේ තරකර ගැනීමේ උපාය ගැන පමණි. අදටත් දෙරණ සහ හිරු ටීවී සියලු උත්සාහයන් දරන්නේ මිනිසුන්ගේ අන්තිම ශතයත් මංකොල්ල කාපු මැලේච්ච මිනිසුන්ට හිතකර චිත්‍රය අඳින්නයි.
      contd.
      .

      • 2
        0

        3/
        ආර්ථික අර්බුදය:
        .
        මේක ඇති වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ අනවශ්‍ය වියදම්වලට පින්සිද්ධ වෙන්න. සාටක බැල්ලිගෙ පුතාලට කවදාවත් දකින්න මොළයක් තිබුණේ නැහැ, දිගටම ගියොත් ජාතිය පාවා දෙන්න වෙනවා කියලා. එහෙත් හාස්‍යයට කරුණ නම් රාජපක්ෂ දේශපාලනය පිළිබඳ අවම දැනුමක් නොමැතිකම නිසා ඔවුන්ට සහාය දුන් සහ නොදුන් දෙදෙනාම අද දුක් විඳීමයි. මෙල්බර්න්, මිලානෝ, බර්ලින්, ලන්ඩන් සහ ලංකාවේ ඩයස්පෝරාව කොතැනක සිටියත් ජනතාව ඉතා පැහැදිලිව කියා සිටින්නේ හම්බන්තොටින් එන බැල්ලිගෙ පුතාලා ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි. මගේ පෞද්ගලික විශ්වාසය නම්, හිටපු රජයට සහ ඔවුන්ගේ යහපත් ක්‍රියාමාර්ගවලට එරෙහිව මාධ්‍ය යෝධයින් සමඟ ජනතාව නැගී සිටි ශාපය මෙයයි. අපේ නායකයා දිවංගත REV නම්, හිටපු රජය කිසිසේත්ම සාක්ෂාත් කර නොගත් යහපත් වටිනාකම් කිසිවකු අගය කළේ නැත. සෝභිත හාමුදුරුවෝ හාමුදුරුවෝ අද ජීවතුන් අතර ඉන්නවා නම්, මෝඩ මිනිස්සුන්ගේ ඇස් අරින්න උදව් කරන්නත් පුළුවන්.
        ඔවුන් විශාල බැංකු මංකොල්ලකමින් කාර්යබහුල වූ නමුත් පුදුමයට කරුණක් නම් එම “බැඳුම්කර මගඩිය” නිර්මාණය කළ අය මහ බැංකුවේ අධිපතිවරයා වීමය….. කබ්රාල් මහ බැංකුවේ අධිපති වූ දිනයයි, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන් කළ යුතු දිනයයි. හම්බන්තොටින් බැල්ලිගෙ පුත්තුට එරෙහිව මහා උද්ඝෝෂණවලට පාරට බහින්නේ බැංකුව මංකොල්ල කෑවේ ඔවුන් නිසා වන අතර යහපාලනය බලයට පත් වූ පසු එම ක්‍රියාවලියම වැළැක්විය නොහැකි විය. “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට” යාමට ඉඩ නොදෙන බවට මේ මිනිසා කබ්රාල් ජාතියට අභියෝග කළේය. ඒත් අද බැල්ලිගෙ පුතා මොකුත් කතා කරන්නෙ නෑ… ශිෂ්ට ලෝකයක මිනිස්සු මේ මිනිහව කෑලිවලට ඉරා දමන්න ඇති, මොකද බගර්ගෙ බොරු නිගමන නිසාම මේක පැයෙන් පැය දරුණු වුණා.

        contd.

  • 2
    0

    4/

    එය ප්‍රමාද වැඩි වුවද, අද අප ජනතාවගේ නැගීම අගය කළ යුතුය. රාජපක්ෂගේ හෙංචයියන්ට අයත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා විසින් එම ජනතාවම නොමඟ යවන ලදී.
    මහා අපරාධවලට එරෙහිව උසාවි ගිය නඩු නිදොස් කොට නිදහස් කර ගත්තේ ජනතාව කබලෙන් ලිපට දැමීම හැර ඔවුන් කළේ එයයි.

    ඔවුන් දිගින් දිගටම රාජ්‍යයෙන් මංකොල්ල කෑ වත්කම්වලට එරෙහිව නඩු පවරන්න අපි ඔවුන්ව වටලා අත්අඩංගුවට ගත යුතුයි. මෙමගින් මිනිසුන්ගේ සදාචාරය පුනර්ජීවනය කළ හැකිය. නීතිය හා සාමය පද්ධතියක ඉහළින්ම සිටින බව ජනතාව දුටු පසු, නිසි ක්‍රමයට ගරු කිරීමට මිනිසුන් ඉක්මනින් ඉගෙන ගනු ඇත. මහින්ද රාජපක්ෂට සියලු හෙළිදරව් කිරීම් සමඟ සිර මැදිරියක කුණු වී සිටිය යුතු බවට සැකයක් නැත, කෙසේ වෙතත් එයට සමාව දිය යුතු නැත. මෙම පසෙහි තවදුරටත් ව්‍යාජ ප්‍රශංසාවලට ඉඩ නොදිය යුතුය. අපරාධකරුවන්ට දඩුවම් දිය යුතු නම්, මහින්ද රාජපක්ෂට සහ ඔවුන්ගේ සහෝදරයින්ට දඬුවම් ලබා නොදෙන්නේ මන්ද?

    • 0
      0

      වත්මන් ACCHARU ආණ්‌ඩුවේ තවමත් නායකයන් වන ගෝඨාභය සහ මහින්ද ජනතා විරෝධතා ගැන තැකීමක්‌ කරන බවක්‌ පෙනෙන්නට නැත. මිනිසුන්ගේ මනස කියවිය හැක්කේ සංවේදී නායකයින්ට පමණි. පිලිපීනයේ මිනීමරු ඩුටර්ටේ පවා එය වඩා හොඳින් කරනු ඇත, නමුත් වසර 15 ක් පමණ ඇමරිකාවේ ජීවත් වූ මිනිසෙකුට සුළු දෙයක් කිරීමට නොහැකි විය. එහෙත් රටේ අපවාදාත්මක මාධ්‍ය ඒකක, බැසිල් සහ වෙනත් අයගේ රහසිගත මගපෙන්වීම යටතේ, අසල්වැසි ඉන්දියාවේ ඇතැම් පළාත්වල සායිබබාවරුන් හා ආගමික නායකයන් හා සමාන අපරාධකරුවන්ට අනුග්‍රහය දක්වමින් චිත්‍රය ඇඳ ඇත. ඊනියා කලාකරුවන් (චිත්‍රපට තරු, ගායක ගායිකාවන් සහ පිරිමින් සහ ගැහැනුන්) ඡන්දදායකයින්ගේ වාසි සහ ඩැහැගැනීම් සඳහා ඔවුන් විසින් කරන ලද සියුම් උපක්‍රමවලට හසු වී හීලෑ විය. කලාකරුවෙකු ඉලක්ක කරන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ රසික රසිකාවියන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඒ හා සමානව ඇමක් විය හැකිය. රාජපක්ෂගේ කපටි සහ තක්කඩි මනස ක්‍රියාත්මක වූයේ එලෙසය.
      .
      ඒ දවස්වල අපි හිතුවේ පොළොන්නරුව බල්ලා එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කළොත් ගෝඨා “එල්ලන්නා” වීමට වඩා සුදුසු නමුත් ඔහු නායකයෙකුට කිසිසේත් සුදුසු නොවනු ඇති බවයි. ආපසු හැරී බලන විට අද වන විට අපගේ අනුමාන 100% නිවැරදි ය. කෙසේ වෙතත්, පුන්නකු පානය කරන්නන් දූපත් රාජ්‍යයේ ආධිපත්‍යය දැරූ අතර, යථාර්තය සැබෑ වීමට ඉඩ හැරියේය. දැන් එහි ප්‍රතිවිපාක මුළු ජාතියේම ඇස් ඉදිරිපිටය.

      දවස පුරා කරන උද්ඝෝෂණවලින් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට පත්වේ යැයි බලාපොරොත්තු නොවේ. ඔවුන් ප්‍රචණ්ඩත්වයට පත්වන්නේ නම්, තත්ත්වය 89 දී අප අත්විඳින ලද මට්ටමට වඩා ඔබ්බට යනු ඇත. විරෝධතා පාගමනට පැමිණ සිටින වැඩි දෙනා තරුණයන් ය. දවසේ තාරුණ්‍යයට හොඳ නරක වෙන්කර හඳුනාගත හැකිය – ඔවුන් හරියටම දන්නවා, රාජපක්ෂ පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ කාර්යය ඉටු කළේ නම්, සියල්ල ජනතාවගේ යහපත සඳහා ක්‍රියාත්මක වනු ඇත. අවාසනාවකට මෙන්, ද්විත්ව හෝ බහු මුහුණුවර ඇති ගෝඨා සහ ඔහුගේ සොහොයුරා වන මහින්ද බහුතරයේ සැබෑ ප්‍රශ්න ගැන තැකීමක් නොකළේය, කොල්ලකාරී උපක්‍රමවල ශූරයා බව ඔප්පු වී ඇති බැසිල් ගැන තවත් කුමන කතාද? බැසිල් සැබෑ අපරාධකරුවෙකි, ඔහුට උදව් කිරීමට කිසිදු ප්‍රවීණයෙකුට පවා ඉඩ නොදෙන – ශ්‍රී ලාංකිකයන් මෝඩ හැසිරීම් වලට හසු වූ පළමු අවස්ථාව නොවේ- .. විශේෂඥයන් වුවද, ඔවුන්ගේ සම්පූර්ණ උදාසීනත්වයට සහ නොදැනුවත්කමට මිනිසුන්ට ද දොස් පැවරිය යුතු යැයි මම සිතමි. මැදමූලන පාදඩයන් නැවත බලයට පැමිණියහොත් රටක් ඉදිරියේ ඇති අනතුර නැවත නැවතත් කීවේය.

      contd.

  • 1
    0

    2/
    අද ජනතා නැගිටීම ඉල්ලීම් ලැබෙන තුරු දිගටම පවතිනු ඇත. කෙසේ වෙතත්, එය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි අපි නොදනිමු. මගේ ප්‍රාර්ථනය සිංහල හින්දු අලුත් අවුරුද්ද අපට ඉදිරියෙන් තිබුණත් මේ විරෝධතා දිගටම පැවතිය යුතු බවයි. ඔවුන්ගේ ඉල්ලීම් මැදමුලන සතුන් ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඉවත් වී සියලු කොල්ලකෑම් ජාතියේ දුප්පතුන්ට ආපසු ලබා දීමයි. පවතින තනතුරුවලින් ඉවත් වීම පමණක් ප්‍රමාණවත් නොවේ, නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ ජාතියේ යහපත සඳහා ආපසු ලබා ගත යුතු බව පැහැදිලි වන අනතුරු ඇඟවීම් මධ්‍යයේ විශාල මුදල් කොල්ලකෑමයි. ඉදිරි දිනවලදී ජනතා විරෝධතා පාගමන ප්‍රචණ්ඩත්වයට පත් වනු ඇත.
    :
    ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි නූගත් අපතයන් සහ ඔහුගේ මිනිසුන් කෝපාවිෂ්ට ජාතිය තවත් අවුස්සති. මට කිසිම සැකයක් නැහැ, වැඩි කල් යන්නට මත්තෙන් බගර් පාරේ මිය ගොස් සිටිනු ඇත. මේ ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී මෙසේද පැවසීය
    :
    එමෙන්ම ගෝඨා ජනාධිපතිවරයා සහ ඔහුගේ වත්මන් මානසිකත්වය ජාතියට නොතේරෙන්නේ ඔහු සිය ඉන්ද්‍රියයන් මුළුමනින්ම අඩාල වූවාක් මෙන් දිගින් දිගටම නිහඬව සිටින නිසාය. මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමකින් තොරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන සමඟ දැනටමත් සැලසුම් කර ඇති රැස්වීම් සඳහා ඔවුන්ට කවදා හෝ යා හැක්කේ කෙසේද? දේවල් දිගු නොවන්නේ නම්, දෛනික අවශ්‍යතා නොමැතිව මිනිසුන් දුක් විඳීම තවත් වැඩි වනු ඇත. මේ සියලු දෙනාම මේ භයානක තත්ත්වය ගැන සැලකිලිමත් විය යුතුයි.
    :
    මගේ මතකය නිවැරදි නම්, එය වසර හතකට පෙර, ග්‍රීකයින්ට යුරෝපා සංගමයෙන් අරමුදල් පිරිනමන ලදී, ඔවුන්ට කප්පාදු සැලැස්මක් සමඟ දැඩි කොන්දේසි දමා – නමුත් අද පවා ඔවුන් ඔළුව උස්සා නැත.. එබැවින් අප ඉදිරියෙහි තත්වය බෙහෙවින් දුප්පත් ය. සංචාරක, අපනයන සහ ශ්‍රමයේ විවිධ බංකොලොත් තැන් හිමි ශ්‍රීලංකන්, දේවල් යහපත් නොවනු ඇත. MOdaya ගේ අකාබනික වෙනුවට කාබනික තේ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තේ අපනයනය පෙර කිසිදාක මෙන් අඩාල විය. එය ශ්‍රී ලංකාවේ කුඩා ආර්ථිකයට එල්ල වූ විශාල අතුල් පහරකි. මේ මොහොතේ, යුරෝපයේ එක රටක්වත් ශ්‍රී ලංකා රජයට සමීප නැත.
    .
    ඉන්දියාවට බොහෝ දේ කළ නොහැකි වනු ඇත, මැදමුලන් ඇල්ෆා සතුන් විසින් ඇති කරන ලද අර්බුදයට ඇති එකම මාර්ගය වන්නේ IMF ඇපදීමයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.