

Amila Muthukutti
විවාහ වූ විගස ළමයින් ලැබෙන්නේ නැති බව ඇත්තය. එහෙත් මධුසමය ගත වෙන අයුරින්ම ඔවුන්ගේ හැකියාවන් නොහැකියාවන් ගැන කිසියම් තක්සේරුවකට එළඹීමට පුළුවන. පේන හැටියට නම් ආණ්ඩුවේ බර අදින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක තනිවමය. ඒ ඔහු හා සමාන දක්ෂතා සහ නායකත්ව ගති ලක්ෂණ ඇති තවත් කෙනෙකු ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ වත් නැති නිසාය. නුදුරේදීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතය. එහිදී ආණ්ඩුවට අපේක්‍ෂිත ජයග්‍රහණය කරා ළඟා විය හැකිද?
දේශපාලන සංස්කෘතියේ යම් යම් සාධනීය කරුණු කිහිපයක් ඇරෙන්නට, ආණ්ඩුව මේ වන තෙක් කරමින් සිටින්නේ හුදු කල්මැරීමක් බව මගේ අදහසයි. ඒ කල්මැරීම යහපාලන ආණ්ඩුවේ කල්මැරීමට ටිකෙන් ටික සමාන වෙමින් තිබේ. වෙනසකට ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශ නූලට ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා ඇතිවන ආර්ථික ප්‍රගතියයි. ඒ හැරෙන්නට විශාල ඉලක්ක කරා දිවෙන සාධනීය පියවරයන් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.
මේ දිනවල හැමෝගෙම මාතෘකාව වන්නේ බටලන්ද වධකාගාරය ගැනය. ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේදී ද බටලන්ද ගැන කතා කළේ නැත. මීට පෙර යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ඔවුන් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නට ඇප කැප වී කටයුතු කළේය. එහි දී ද ඔවුන්ට බටලන්ද වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට ඕනෑ වුණේ නැත. ඊටත් කලින් චන්ද්‍රිකා කුමාරතුංග පාලනය යටතේ ඇමතිකම් දැරූ කෙටි කාලයේ හෝ මේ සම්බන්ධ ක්‍රියාමාර්ගයකට ඔවුන් ආණ්ඩුවට බල කර සිටියේ නැත. එසේ නම් මේ හදිස්සියේ “බටලන්ද” මතක් වූයේ ඇයි? ආණ්ඩුවට බටලන්ද මතක් කර දුන්නේ අල්ජසීරා රූපවාහිනියයි. දැන් මේ “බටලන්ද” අල්ලාගෙන මොර දෙන්නේ නොකර බැරිකමටය. ඒ හේතුව නිසාම මේ නාට්‍ය අවසානයේ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ වීමක් අපේක්ෂා කළ නොහැකිය.
ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා අදහස් පළ කිරීම කෙතරම් නීත්‍යනුකුල ද යන්න කිසිවෙකු විසින් මෙතෙක් ප්‍රශ්න කොට නැත. රට පාලනය කරන්නේ ආණ්ඩුවක් මිසක දේශපාලන පක්ෂයක් නොවේ. එසේ නම් ආණ්ඩුවේ කිසිදු තනතුරක් නොදරන පිටස්තර පුද්ගලයෙකු මාධ්‍යට රජයේ නිලධාරියෙකු සේ අදහස් ප්‍රකාශ කිරීම සදාචාර නොවන්නේය. ව්‍යවස්ථානුකූල නොවන්නේය.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සිය ධූරයෙන් මේ වසර අවසානයේ විශ්‍රාම යන බවයි. ඒ වෙනුවට පත් කිරීමට නියමිතව සිටින්නේ දැනට ජනාධිපති උපදේශකවරයෙකු ලෙස සේවය කරන දුමින්ද හුලංගමුව බව පැවසේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ලෙසත්, මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙසත්, වෙනසක් නොකොට දිගටම තබා ගැනීම අපගේ ප්‍රසංශාවට ලක් විය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කටයුතු කොට අත්දැකීම් සහිත සහ, ආර්ථික විද්‍යා විෂය පිළිබඳව ප්‍රාමාණික උගතුන් වීම ඔවුන් සතු වූ විශේෂ සුදුසුකම් විය. එහෙත් ජනාධිපති උපදේශක හුලංගමුව හුදු වරලත් ගණකාධිකාරීවරයෙකි. රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම් ප්‍රශ්න කළ යුතුය. අප දන්නා පරිදි නම් ඔහු ඒ කාලයේ පී.බී ජයසුන්දරගේ බදු උපදේශකයාය. බදුකරණය, විගණනය, සහ ව්‍යාපාර සම්බන්ධ දැනුම හා අත්දැකීම් ඔහු සතුය. වරලත් ගණකාධිකාරීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහා බැංකුවේ අධිපතිවරයා ලෙස රටේ ආර්ථිකය විනාශ කළ අයුරු අපි සැවොම දනිමු. සමාගම් ප්‍රධානීන් අමාත්‍යංශ ලේකම් ධූරයන්ට නොගැළපෙන බව අඩුම තරමේ අනුර කුමාර දිසානායක හෝ තේරුම් ගනීවි යැයි අප තුළ වූ විශ්වාසය පළුදු වී තිබේ. ඔහු ද යන්නේ පරණ පාරේමය.
දේශපාලනයට පිවිසි උගතුන්ට සමාජයේ කිසියම් පිළිගැනීමක් හා ගෞරවයක් තිබුණේ නම් “වියත් මඟ” විසින් එය විනාශ කරන ලදී. එයිනුත් සුළු කොටසක් හෝ ශේෂ වී තිබුණේ නම් “අශෝක රංවල නාඩගම” විසින් එය නැත්තටම නැති කළේය. තමන්ට නැති උගත්කමක් පෙන්වන්නේ දැඩි හීන මානයෙන් පෙළෙන පුද්ගලයෝය. මල්ලක ඇති අඹ වලින් අහඹු ලෙස තෝරාගත් අඹ ගෙඩිය නරක් වූ එකක් නම් අපිට අඹ මල්ල ගැනම තැබිය හැකි විශ්වාසය කුමක්ද?
ආණ්ඩුව රටේ ගොවි ජනතාවගේ උදහසට ලක් වී සිටී. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා විහිලු සපයන්නෙකි. සත්ව සංගණන ලෝකයේ රටවල් විසින් සිදු කරන්නකි. එය අලුත් දෙයක් නොවේ. එහෙත් එකී කාර්ය සිදු කරන්නේ හුදෙක් මහ ජනතාව ඊට සහභාගී කරගැනීමෙන් නොවේ. එසේ සහභාගී කරගැනීමෙන් ලැබෙන දත්තවල නිරවද්‍ය බාවය සම්බන්ධයෙන් සහතික විය හැක්කේ කාටද? කිසිදු දීමනාවක් හෝ වෙනත් වරප්‍රසාදයක් නොමැතිව මිනිසුන් සතුන් ගණන් කර කර කාලය ගත කරාවි යැයි සිතීම මෝඩකමකි. හිතට එන ගණනක් දමා කවුරුන් හෝ අතේ ග්‍රාම නිළධාරී වෙත අදාළ පත්‍රිකාව යැවූ අය ඕනෑ තරම්ය. මේවා රට්ටු හිනස්සන වැඩය.
විපක්‍ෂය සිතා සිටින්නේ ආණ්ඩුවේ නොහැකියාව හා ඉබි ගමන තමන්ගේ වාසියට හේතු වන බවය. එය මිත්‍යාවකි. සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයට අනාගතයක් නැත. ආණ්ඩුව මොන පිස්සුවක් කෙළියත්, ඒ වාසිය යන්නේ නාමල් රාජපක්ෂට විනා සජිත් ප්‍රේමදාසට නොවේ. දැන් දැන් නාමල්ගේ කතා ටිකක් මොළේ ඇති පාටය. කතා ලියන කෙනා දක්ෂයෙකි. හැඟීම් වලට තට්ටු කරන්නට ඔහු දනී. සජිත් ප්‍රේමදාසට එවැනි කතා ලියන්නෙකු සොයා ගත නොහැකි වීම කණගාටුවට කරුණකි.
සජිත් ප්‍රේමදාසට රනිල්ගේ ශාපයෙන් ගැලවීම ලේසි නැත. යන යන තැන පස්සෙන් එන්නේය. කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂයේ බල කොටුවකි. මහින්ද රාජපක්ෂ යුධ ජයග්‍රහණයෙන් පසුව රටම දිනද්දී, කොළඹ මහා නගර සභාව දිනුවේ එක්සත් ජාතික පක්ෂයයි. අග නගරයේ නගරාධිපති තනතුරට ජාතික ජන බල වේගයෙන් තරග කරන්නේ ව්‍රායි කැලී බල්තසාර්ය. ඇය පසුගිය මහා මැතිවරණයෙන් තරග කොට පරාජයට පත් විය. දේශපාලනයට ආධුනිකයෙකි. හුදෙක් කාන්තාවක් වීම තනතුරු ලැබීමේදී විශේෂ වාසියක් නොවිය යුතුය. සමගි ජන බලවේගයෙන් එරාන් වික්‍රමරත්න පුරපති ලෙස නම් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබේ. පසුගිය මහා මැතිවරණයෙන් ද පරාජය වුණු ඔහු මෙයින් ද පරාජය වීමට අකමැති වූවා විය යුතුය. එක්සත් ජාතික පක්ෂයෙන් එන්නේ රෝසි සේනානායකය. සුපුරුදු පරිදි සජිත්ට රිද්දන්නට ඕනෑ නිසා රනිල් අනුරට සහයෝගය දෙන්නේය. ඒ නිසා එජාප බලකොටුවක්ව තිබූ කොළඹ මහා නගර සභාව මෙවර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ හොත් අප පුදුම විය යුතු නැත.
ආණ්ඩුව සිටින්නේ ඉබි ගමනකය. විපක්ෂය සිටින්නේ සිහින ලෝකයකය. පුරවැසියන් ලෙස අපට දෙයියන්ගේම පිහිටය. හුදු කල් මරනවා විනා කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු වන බවක් පෙනෙන්නට නැත. එහෙමයි කියා එළඹෙන ඡන්දයේ දී මිනිසුන් සජබයට ඡන්දය දෙන්නේ ද නැත. ලිහා බැලූ මලුවල ඔබා බලන්නට දෙයක් නැත.
Jit / March 21, 2025
ඔබේ ලිපිය ඉතාම නිවැරදි කරුණු ගණනාවක හොඳ ගොණුවක්. එහි මා එකඟ නොවන කිසිවක් නැති තරම් ය. විශේෂයෙන් හුලංගමුව ගැන කියා ඇති දේවල් – ඔහුට ඒ පත් වීම දුනහොත් නම් AKD සිය දේශපාලන දිවි නසා ගැනීමේ පළමු පියවර ගත්තා විය හැකියි. අනිත් කාරණාත් ආණ්ඩුවේ ජනප්‍රිය භාවයට ලොකු පහරක් දැනට එල්ල කර නැති උනත් තව දුරටත් කල් මැරීමෙන් කිසිම හොඳක් නම් නොවන බවත් කිව යුතුයි. මිනිසුන් සිතූ ඉක්මනට හොරු ඇල්ලීමට බැරි විය හැකි උනත් ඒ ගැන අභ්‍යන්තරයේ නීතිමය කාරනා සිදු වන බව නම් දනිමි. හැබැයි ඒ කටයුතුත් කෙරෙන බවට ජනතාවට කිසිම දැනුවත් කිරීමක් නොවීමත් මේ රජයේ දුර්වලතාවයක්. කෙසේ වුනත් මා සිතන්නේ පසු ගිය දශක පහක පමණ කුණු ගන්දස්සාර ඕජස් ගලනා රජයන් සමග බැලුවාම NPP එක තවමත් “ඉතා හොඳ” රජයක් බවයි. මේ ගොල්ලන්ට මේක කර ගන්ට බැරි උනොත් මට නම් වෙන කිසිම බලාපොරොත්තුවක් නෑ වෙන කවුරුන් හරි ඒ වැඩේ කරයිද කියලා. නාමල් හරි මොකා හරි, රාජපක්ෂලාට අයෙත් රට ගියොත් නම් මහජනතාව මුහුදට පනින එක හැරෙන්ට වෙන විකල්පයකුත් නෑ!!
/
leelagemalli / March 21, 2025
“ජේවීපී/එන්පීපී අනිවාර්යයෙන්ම හොඳ නැහැ, නමුත් ඊටත් වඩා නරකයි”. කනා කොකාගේ සුද පෙනෙන්නෙ ඉගිලුනමලු (කණ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලුනමලූ ) කියමනක් තියෙනවා, Kokage සුදු පැහැය දිස්වන්නේ එය පියාඹන විට පමණයි. යම් දෙයක වටිනාකම මිනිසුන්ට වැටහෙන්නේ එය නැති වූ විට පමණයි.). Our people are special.. they would never respect the facts.
–
HP මහත්මයා, ඔබෙන් තවත් ඥානවන්ත ප්‍රකාශයක්. ඒ සඳහා මම ඔබට ස්තූතිවන්ත වෙමි.
–
නීතිපතිවරයා හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත යුතු බව පැවසූ ආකාරය ඔබ අසා තිබේද, ඔහු නීතිය හමුවට ගෙන ඒමට පෙර පොලිස් කෲරත්වයට හසු වූ අනුරපුරයේ වෛද්‍යවරියකගේ දූෂකයා මෙන්? නීතිපතිවරයාගේ අදහස වූයේ, අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහුට වධ හිංසා පමුණුවා තිබිය යුතු බවයි… ඔහු සැබවින්ම සිංහල-බෞද්ධ (බෞද්ධයන් ලෙස වෙස්වලාගත් ප්‍රචණ්ඩකාරී මිනිසුන්) විය යුතුය.
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ පද්ධතිවල භයානක මට්ටම් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය ඉදිරි දිනවලදී විමර්ශනය කරන්නේ නම් එය මනුෂ්‍යත්වයට එරෙහි විශාල ක්‍රියාවකි. උත්ප්‍රාසාත්මක ලෙස මෙය තඹුත්තේගම-චේතිය (අමුතු බොරුවල රජු) ගේ නායකත්වය යටතේ සිදු කෙරේ.
.
වාර්තා වූ පරිදි, මෙම දූෂකයා අධිකරණය සිද්ධිය විමර්ශනය කිරීමට පෙර ඔහුගේ අපරාධය සඳහා පොලිසිය විසින්ම (ශ්‍රී ලංකා පොලිස් අපරාධය) ශාරීරිකව අපයෝජනය කරන ලදී. නීතිය හා සාමය ප්‍රමුඛ විය යුතු ශිෂ්ට සම්පන්න ලෝකයක මෙය කිසිසේත්ම පිළිගත නොහැකිය. අද රාජ්‍යයේ ඉහළින්ම සිටින මිනිසා බොහෝ දේ පොරොන්දු වූ බව අමතක නොකරන්න – අද පාතාලයා කැඩපතක් ඉදිරිපිට දැකීමට ලැජ්ජා වේ.
. ඔහු මේ ජාතියේ පාලකයා වූයේ නම්, මේ රට මාස හයක් ඇතුළත නීතියේ ආධිපත්‍යය යටතේ පාලනය වන රාජ්‍යයක් වනු ඇත.
–
මම කියන්නේ AKD නායකත්වය JVP/NPP මේ ජාතියේ බලය බොහෝ සෙයින් අවතක්සේරු කළා කියලා. lOOKING back POLONNARUWA SIRISENA did his job better.
AKD කවදාවත් සේවකයෙකු ලෙස සාර්ථක වී නැති බව විශේෂඥයින් දැන සිටි කාරණයක්…. මම අදහස් කළේ එවැනි අත්දැකීම් නොමැතිව, ඔවුන්ගේ බොරු සහ අමූලික ප්‍රබන්ධයන් ඕනෑම ව්‍යසනයකට පහසුවෙන් ගොදුරු විය හැකි මධ්‍යස්ථ මිනිසුන් නොමඟ යැව්වේ කෙසේද? SB controlled srilankens are real STUPID people that would fall in the same pit also on broad day light. So pathetic !!!
ඔවුන් තම ඡන්ද දිනා ගැනීම සඳහා වෛරය වැපිරුවා.
/
leelagemalli / March 22, 2025
1ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ රජය විසින්, විශේෂයෙන් පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ සහ නව නීති සම්බන්ධයෙන්, මන්දගාමී ක්‍රියාමාර්ග ගැනීමට හේතු කිහිපයක් තිබේ:
දේශපාලන අස්ථාවරත්වය සහ සංක්‍රාන්තිය: නව රජයකට මාරුවීම සංකීර්ණ විය හැකිය, විශේෂයෙන් පෙර පරිපාලනය ආර්ථික දුෂ්කරතා හෝ දේශපාලන ආතතීන් වැනි සැලකිය යුතු අභියෝග ඉතිරි කර තිබේ නම්. ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ ගැනීමට හෝ නීති සම්මත කිරීමට පෙර තත්වය ස්ථාවර කිරීමට සහ තක්සේරු කිරීමට නව රජයට කාලය අවශ්‍ය විය හැකිය.
ආර්ථික අර්බුදය: ශ්‍රී ලංකාව මෑත වසරවලදී උද්ධමනය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ ණය ගැටළු සමඟ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබේ. මෙම ආර්ථික අභියෝගවලට මුහුණ දීම ප්‍රමුඛතාවයක් ගන්නා අතර, පුළුල් ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යාමට පෙර ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ හැකිය. ආර්ථික ප්‍රකෘතිමත් වීම සමහර විට ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග ඇතුළු අනෙකුත් ප්‍රමුඛතා යටපත් කළ හැකිය.
–
to be contd.
/
leelagemalli / March 22, 2025
2.
නිලධාරිවාදී අභියෝග: නීති ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති වෙනස්කම් බොහෝ විට රජයේ විවිධ ශාඛා, නිලධාරිවාදය සහ සමහර විට අධිකරණ පද්ධතිය අතර සම්බන්ධීකරණය ඇතුළු සංකීර්ණ ක්‍රියාවලීන් ඇතුළත් වේ. රජය සම්මුතියක් සොයන විට සහ මෙම නිලධාරිවාදී බාධක හරහා කටයුතු කරන විට මෙය ප්‍රමාදයන්ට හේතු විය හැක.
මහජන අපේක්ෂාවන් එදිරිව යථාර්ථය: දේශපාලන නායකයින් බොහෝ විට මැතිවරණ ව්‍යාපාර අතරතුර සැලකිය යුතු ප්‍රතිසංස්කරණ පොරොන්දු වුවද, එම පොරොන්දු ක්‍රියාත්මක කළ හැකි නීති සහ ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දුෂ්කර විය හැකිය. සමහර ප්‍රතිසංස්කරණ මුලින් සිතුවාට වඩා සංකීර්ණ හෝ මිල අධික බැවින් ප්‍රමාදයන් ඇති වේ යන යථාර්ථය සමඟ රජය පොරබදමින් සිටිය හැකිය.
විරුද්ධත්වය සහ ප්‍රතිරෝධය: නව නීති හෝ ප්‍රතිසංස්කරණ විවිධ දේශපාලන කණ්ඩායම්, උනන්දුවක් දක්වන කණ්ඩායම් හෝ මහජනතාවගෙන් පවා සැලකිය යුතු විරෝධයකට මුහුණ දිය හැකිය. වත්මන් රජයට නීති සම්මත කිරීමේ හැකියාව මන්දගාමී කරන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සිදුවිය හැකිය, විශේෂයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ මතභේදාත්මක නම් හෝ බලවත් අංශවලට බලපාන්නේ නම්.
Tbd
/
leelagemalli / March 22, 2025
cont.
ජාත්‍යන්තර පීඩනය: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවලින් පීඩනයට මුහුණ දී ඇති අතර, එමඟින් රජයට ඉක්මන් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ හැකියාව සංකීර්ණ විය හැකිය. ඕනෑම නව නීති හෝ වෙනස්කම් මෙම ජාත්‍යන්තර අපේක්ෂාවන් සමඟ පෙළගැස්වීමට අවශ්‍ය විය හැකි අතර එය ක්‍රියාත්මක කිරීමේදී අමතර ප්‍රමාදයන්ට හේතු විය හැක.
සභාග රජයේ ගතිකය: නව රජය සන්ධානයක් නම්, සභාග පක්ෂ තුළ වෙනස් ප්‍රමුඛතා තිබිය හැකිය. පක්ෂ අතර සම්මුතිය සහ සාකච්ඡා තීරණ ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කළ හැකිය, විශේෂයෙන් නීති ප්‍රතිසංස්කරණ වැනි ඉහළ කොටස් සහිත ගැටළු සමඟ කටයුතු කරන විට.
සාරාංශයක් ලෙස, ස්පර්ශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ආශාවක් තිබිය හැකි වුවද, රජය ප්‍රගතිය මන්දගාමී කරන අභ්‍යන්තර හා බාහිර අභියෝගවල එකතුවකට මුහුණ දීමට ඉඩ තිබේ. මෙම වෙනස්කම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බොහෝ විට කාලය, ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සහ දේශපාලන උපාමාරු අවශ්‍ය වේ.
/