18 September, 2024

Blog

අභිමානවත් රාජ්‍ය සේවාවක් උදෙසා ඔබගේ තීන්දුව 

ආනන්ද ජයවික්‍රම

මහාචාර්ය ආනන්ද ජයවික්‍රම

අර්ධ රාජ්‍ය අංශය ද ඇතුළුව මෙරට රාජ්‍ය සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 2022 පැවති දත්ත අනුව පුද්ගලයන් මිලියන 1.394ක් පමණ වේ. එයින් 247,120 ත්‍රිවිධ හමුදාවේ ද 212,117 රජයට අයත් ව්‍යාපාරයන්හි ද තවත් 256,676ක් පමණ පාසල් ගුරුවරුන් ද වේ. රටේ සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 17ක් පමණ රාජ්‍ය සේවයේ නිරත වන අතර එය රටේ සමස්ත ජනගහනයෙන් සියයට 6ක් පමණ වේ. රටේ මුළු ඡන්දදායකයන්ගෙන් සියයට 8ක් පමණ රාජය සේවකයන් වේ. ඒ අනුව රාජ්‍ය සේවකයන් මැතිවරණයන්හි දි ඉතාමත් වැදගත් කොට්ඨාශයක් බවට පත්විය හැකිය.

රාජ්‍ය සේවකයාගේ වැදගත්කම හා නොවැදගත්කම

මැතිවරණයක දී රාජ්‍ය සේවකයන් වැදගත් සාධකයක් වන්නේ ඔවුන් සතු ඡන්ද බලය නිසාම නොවේ. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය ඉතාමත් වැදගත් වේ. රාජ්‍ය ප්‍රතිපත්තිවල කාර්යසාධනය රාජ්‍ය සේවකයා එම ප්‍රතිපත්ති කෙරෙහි දක්වන වරණය, එවැනි ප්‍රතිපත්ති සදහා ඔවුන් දක්වන කැපවීම හා උනන්දුව මත රජයක් කෙරෙහි ජනතා මතය වෙනස් කිරීමට ඔවුන්ට හැකියාව ඇත. එමෙන් ම තමන්ගේ සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ දේශපාලන මතය වෙනස්කිරීමේ හැකියාවක් ද රාජ්‍ය සේවකයන්ට ඇත.

මෙරට රාජ්‍ය සේවයේ ගැටලු බොහෝය. බොහෝ දෙනෙකුට අනුව මෙරට රාජ්‍ය සේවය විශාල වැඩිය. සෑම පුද්ගලයන් 100 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙක් ඇත. රැකියා නියුක්තිකයන් සියයකගෙන් 17.5ක්  රජයේ රැකියාවක නිරත වේ. ආණ්ඩුවේ මුළු වර්තන වියදමින් සියයට 27ක් ම වෙන් වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා වේතන ගෙවීමටය. එය රජයේ සමස්ත වියදමින් සියයට 21ට වඩා වැඩිය. රජයේ මුළු වර්තන වියදමින් සියයට 9ක් ම වෙන් වන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වැටුප් ගෙවීමටය. ඒ අනුව රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි. අනෙක් අතට රාජ්‍ය සේවකයා වැඩ නොකරන්නෙකු බවට හන්වඩු ගසා ඇත. තම පැය අටේ සේවා කාලය තුළ වැඩ නොකරන බවත් පැය භාගයකින් ලබාදිය හැකි සේවය දින ගණන් මාස ගණන් කල් දමමින් කල් මරණ බවත් වාර්තා වී ඇත. වැඩට වාර්තා කළ කාලය තුළ පෞද්ගලික වැඩ හා වෙනත් ආදායම් මාර්ගයන්හි කටයුතු කරන බවටත් චෝදනා පවති.

එමෙන් ම රාජ්‍ය සේවකයා දුෂිතයෙකු වංචාකාරයෙකු පගා මරුවෙකු බවටත් අදහස් පවති. විශේෂයෙන් ම රාජ්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාව අපහසුවට පත් කරමින් අදාළ සේවාවන් සැපයීම සදහා හොර රහසේ පගාව ගන්නා බවට චෝදනා පවති. මේ සියල්ල කැටි කොට ගත් විට මෙරට රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවත් එය රටට බරක් බවත් තර්ක පවති. දේශපාලනඥයින් විසින් වරින් වර දේශපාලන වුවමනා එපාකම් මත රාජ්‍ය සේවයට පුද්ගලයන් බදවාගැනීම් ඉහළ දමා ඇති අතර ඇතැම් සේවකයන්ට නිශ්චිත වැඩ ලේඛනයක් ලබාදීමට නොහැකි තත්ත්වයක් ද පවති. ඇතැම් ආයතනවල විශාල සේවා අතිරික්තයක් පවතින අතර ඇතැම් ආයතනවල සේවා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් නොමැත.

රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය

එවැනි වටපිටාවක රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය සදහා යෝජනා ඉදිරිපත් වේ. රාජ්‍ය සේවක සංඛ්‍යාව කපාහැරීම ඉන් පළමු වැන්නයි. නමුත් දැනට බදවාගෙන ඇති රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට නීතිමය බාධක තිබුණා හෝ නොතිබුණා හෝ එහි සදාචාරාත්මක භාවය දැඩි කතා බහට ලක් වේ. සේවකයන් කැමැත්තෙන් විශ්‍රාම ගැනීම හෝ වෙනත් ක්ෂේත්‍ර හෝ ආයතනයන්ට අනුබද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. ආරක්ෂක අංශ ඇතුළුව අතිරික්ත සේවක සංඛ්‍යාවන් පවතින ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඒ ඒ ක්ෂේත්‍රයන්හි මෙම සේවකයන් වඩාත් ඵලදායි ලෙස යොදාගැනීම සදහා විකල්ප වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය වේ. දැනට ග්‍රාමීය අංශ හා ප්‍රජා සේවා අනුබද්ධිතව සිටින උපාධිධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයන් රජයේ ව්‍යාපෘති හා ඵලදායිතා වර්ධන ව්‍යාපෘති සදහා නිශ්චිත කාර්යයභාරයක් සහිතව අනුයුක්ත කළ යුතුව ඇත.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පවති. සේවක කණ්ඩායම් අතර වැටුප් විෂමතාවන් නිර්මාණය වෙමින් පවතින අතර එක් සේවා කණ්ඩායමක් අතර වැටුප් විෂමතාවන් පවතින අවස්ථා ද දැකගත හැකිය. එමෙන් ම රටෙහි පසුගිය වසර දෙක තුන කාලය තුළ අත්දකින ලද ඉහළ උද්ධමනයට සාපේක්ෂව රජයේ සේවක වැටුප වැඩිවීමක් සිදු නොවුණි. නමුත් පුද්ගලික අංශයේ ස්වයං රැකියා අංශයේ වෙනත් ක්ෂේත්‍රයන්හි වැටුප් සැළකිය යුතු සැළකියුතු මට්ටමින් ඉහළ ගොස් ඇත. උදාහරණයක් වශයෙන් රුපියල් 1500කට පමණ තිබුණු දෛනික කම්කරු වැටුප රුපියල් 2500ත් 3000ත් දක්වා ඉහළ ගොස් ඇත. මේසන් බාස්වරයෙකුගේ දෛනික වැටුප රුපියල් 3500 පමණ සිට රුපියල් 5000 ඉක්මවා වැඩි වී ඇත. ආර්ථික අර්බුධයත් සමග රටෙහි භාණ්ඩ මිල දෙගුණ තෙගුණ වුවත් රාජ්‍ය සේවක වැටුප වැඩි වුයේ නැත. ජීවන වියදම් දීමනාව පමණක් රුපියල් 5000කින් පමණ ගළපා තිබුණි. නමුත් ජීවන වියදම් දීමනාවට සිදු කරන ගැළපීම් හරහා රජයේ සේවක වැටුපෙහි සිදු වී ඇති මුර්ත වැටුප් පරිහානිය ප්‍රතිශෝධය කළ නොහැකිය. ඒ වෙනුවට මුලික වැටුපට ලබාදෙන ගැළපීමක් අවශ්‍යව ඇත.

අනෙක් අතට රාජ්‍ය සේවා අංශයේ ඇති වි තිබෙන සේවක ගැටළු හා දුෂ්කරතා රාජ්‍ය සේවය තුළ අසහනය වර්ධනය කිරීමට හේතු වී ඇත. මෙම අසහනකාරි තත්ත්වය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා වර්ධනය වී මාස ගණන් ඇදෙන වැඩ වර්ජන බවට පත් වී ඇත. මෑත දී අවසන් වු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය එක් උදාහරණයක් පමණි. එවැනි වැඩ වර්ජන හරහා ජනතාවට රටට සිදුවන අලාභහානිය අතිමහත්ය. එම හානිය ප්‍රතිපුර්ණය කළ නොහැකිය. අහිමි වු රැකියා විදේශ ශිෂ්‍යත්ව අධ්‍යාපන අවස්ථාව නැවත ලබාගත නොහැකිය. අධ්‍යාපන සෞඛ්‍ය දුම්රිය තැපැල් විදුලි ජලසම්පාදන පරිපාලන ආදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා අහිමි වන ධනය අතිමහත්ය. එමෙන්ම ඉදිරියේ ධනය නිෂ්පාදනය කිරීමට තිබෙන අවස්ථා අහිමි වීම දැරිය නොහැකි පාඩුවකි. එසේ අහිමි වන බොහෝ අවස්ථා නැවත ජනනය කළ නොහැකිය.

රාජ්‍ය සේවක වර්ජනයට තිත

ජනතාවගේ හා රටෙහි වත්මන් මෙන් ම අනාගත යහපත හා සුබසිද්ධිය වෙනුවෙන් රාජ්‍ය සේවා අංශය ශක්තිමත් කළ යුතුමය. රාජ්‍ය සේවකයාගේ සාධාරණ වැටුප් හා වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීම මේ සදහා අකත්‍යවශ්‍ය වන්නේය. විශේෂයෙන් ම රටෙහි කලින් කලට සිදුවන උද්ධමනයට හා ආර්ථික වර්ධනයට අනුරූපීව සේවක වැටුප් ගළපා ලීමේ ක්‍රමවේදයක් අවශ්‍ය වේ. එමෙන් ම හදිසියේ ගන්නා තීරණ හරහා දින සති මාස ගණන් ඇදෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැළැක්වීම සදහා උපරිම කැපවීම රජය වෙතින් දිස්විය යුතුය. රජයේ සේවකයා මහජන සේවකයෙකු බවත් මහජනතාවගෙන් වැටුප් ලබන්නෙකු බවත් දැනුවත් විය යුතුය.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවෙිගයෙහි ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ වන විට ඉතාමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇත. තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අභිමානවත් රාජ්‍ය සේවයක් උදෙසා සාධනීය වැඩපිළිවෙළක් ඔහු ඉදිරිපත් කර ඇත. ඒ අතර;

* සමස්ත රාජ්‍ය සේවයෙහි නිසි මානව සම්පත් කළමනාකරණයක් ස්ථාපිත කිරීම,

* රාජ්‍ය සේවයේ ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් පුහුණු හා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,

* සියලුම රාජ්‍ය සේවකයන් සඳහා නිසි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීම,

* දැනට වසර 5කින් 6කින් පමණ මුලික වැටුප් වැඩිවීමක් ලබා නොදීම සැළකිල්ලට ගනිමින් සියලුම රජයේ සේවකයන්ගේ මුලික වැටුප සියයට 24කින් පමණ වැඩි කොට සේවක අසහනය තරමක් හෝ සමනය කිරීම,

* පසුගිය වසර දෙක තුළ සිදුව ඇති සියයට 70ක් 80ක් පමණ වු ඉහළ උද්ධමනයට සාපේක්ෂව ජීවන වියදම් දීමනාව ප්‍රමාණවත් පරිදි රුපියල් 25,000 දක්වා ඉහළ දැමීම,

* මුලික අවශ්‍යතා සම්පුර්ණ කරගැනීම හා වෙළෙදපොල ශ්‍රම වැටුප් සැළකිල්ලට ගනිමින් රජයේ සේවක අවම වැටුප් සීමාව රුපියල් 57,500 දක්වා ඉහළ නැංවීම.

ඩිජිටල්කරණය, නිසි නිවාඩු ක්‍රමවේද ස්ථාපිත කිරීම, රක්ෂණ අවස්ථා කාර්යක්ෂම කිරීම, වැනි පහසුකම් රාශියක් රාජ්‍ය සේවකයාට සැළසීමට සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවස්ථා ලබා දී ඇත. මෙම බොහෝමයක් යෝජනා රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කෙරෙහි බලපෑමක් සිදු කළද නිසි සාර්ව ආර්ථික කළමනාකරණයකින් හා රජයේ අරමුදල් පරිස්සම් සහගතව භාවිතා කිරීමෙන් එම අයහපත් බලපෑම් ඉවත් කළ හැකිය.

වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා වර්ජන හානි අවම කිරීම

අභිමානවත් රාජ්‍ය සේවයක් උදෙසා සජිත් ප්‍රේමදාසගේ ඉහත යෝජනා අතරින් මා දකින වඩාත්ම සාධනීය පැත්ත වන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා ඒ තුළින් ජාතික ධනයට ආයතනයන්ට හා සේවකයන්ට සිදුවන හානිය අවම කරගැනීමට ඇති හැකියාවයි. වැටුප් ගැටළු විසදීම හා වෙනත් සේවක ගැටලු විසදීම මේ සදහා අත්‍යවශ්‍ය වුවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නවත්වා ගැනීමට ඇති සුදුසුම ක්‍රමය වන්නේ ඒ සදහා නිසි කළමනාකරණයක් සහිත වැඩපිළිවෙළක් තිබීමයි, විශේෂයෙන් ම වෘත්තීය සමිති හා සේවක සංගම් සමග නිරන්තර සාකච්ඡාවක නිරත වීමත් සේවක අදහස් තීන්දුතීරණ ගැනීමේදී යොදා ගැනීම මෙහිදී අතිශයින්ම වැදගත් වේ. වර්තමාන ක්‍රමවේදය වන්නේ සේවක හඩට පාලකයන් අහුම්න් නොදීම නිසා සේවකයන් උද්ගෝෂණ හා වැඩවර්ජන වලට යොමු වීමත් අවසානයේ දින ගණන් මිනිස් වැඩ පැය අහිමි වි නිෂ්පාදනය බිදවැටී දේශීය හා විදේශීය වශයෙන් සුවිශාල හානියක් සිදු වීමෙන් අනතුරුව සේවක ගැටළු විසදීමට රජය ක්‍රියා කිරීමයි. සජිත් ප්‍රේමදාස රජයක මේ සදහා නිසි වැඩපිළිවෙළක් ඇත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගුරුතන්හි තබාගත් පාලනතන්ත්‍රයක් වශයෙන් වෘත්තීය සමිති සමග නිරන්තර සාකච්ඡාවක නිරත වීමටත් ඔවුන්ගේ ගැටළු කල්තියා හදුනාගැනීමටත් කැබිනට් ඇමතිවරුන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් සමන්විත අනුකාරක සභාවක් පිහිටු වීමට යෝජිතය.

මෙවැනි අනුකාරක සභාවක  ප්‍රධාන වගකීම වන්නේ වෘත්තීය සමිති සමග නිරන්තර සාකච්ඡාවක නිරත වෙමින් ඔවුන්ගේ ගැටළු හදුනාගැනීමත් වැඩ වර්ජන හා උද්ගෝෂණවලට අවස්ථාවක් නොතබා අදාළ ගැටළු විසදීමට ක්‍රියාමාර්ග ගැනීමත් ය. මේ හරහා නිසි කලට වැටුප් වර්ධක ලබාදීම, මුලික වැටුප් ගැළපීම, වැටුප් විෂමතා ගැටළු ඇතිවීම මගහැරීම, සැමට සාධාරණ වැටුප් හා දීමනා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, සේවා ස්ථානයන්හි ගැටළු විසදීම ආදි ගැටළු කල්තියා විසදීම අපේක්ෂිතය. ඒ මගින් ජනතාවගෙන් කුණුබැණුම් නොඅසන තමන් ගන්නා වැටුපෙන් ඔබ්බට ගොස් මහජන සේවයක් සැළසීමට රටෙහි නිෂ්පාදන ආර්ථිකයට දායක වීමට රාජ්‍ය සේවකයාට අවස්ථාව ලබා දෙයි. එය සජිත් ප්‍රේමදාස රජයක අභිමානවත් රාජ්‍ය සේවයක ඇරඹුමයි.

රාජ්‍ය සේවය බරක් ?

රාජ්‍ය සේවක හිතවතුනි හිතවතියෙනි, රටෙහි පුනරුදයක් නිර්මාණය කිරීම ගැන කතා කරන අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයෙහි මැතිවරණ ප්‍රකාශනයට අනුව රාජ්‍ය සේවකයා මෙරටට මහා බරකි. ජාතික ජන බලවේගයෙහි මැතිවරණ ප්‍රකාශනයේ 196 පිටුවෙන් ගත් මෙම උපුටා ගැනීම බලන්න:

එය (රාජ්‍ය සේවය) නඩත්තු කිරීම සදහා රාජ්‍ය ආදායමින් සැළකිය ප්‍රමාණයක් වැය වේ.  වර්තමානයේ එය මහජන අභිලාෂය ඉටු කිරීමට අසමත් වු මහජන විශ්වාසය බිදී ගිය අකාර්යක්ෂම සේවයක් බවට පත්ව තිබේ.”

ජාතික ජන බලවේගයෙහි මෙම මතය මෙරට රාජ්‍ය සේවය කෙරෙහි ඉතාමත් හානිකරය. ඔවුන්ගේ මතය නව ලිබරල්වාදි රනිල් වික්‍රමසිංහගේ මතය මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මතය ද වන්නේය.

රාජ්‍ය සේවය තුළ යම් යම් ගැටළු තිබුණ ද සමස්ත රාජ්‍ය සේවකයා දූෂිත අකාර්යක්ෂම වංචාකාර පගාකරුවෙකු නොවන බව සමගි ජන බලවේගයෙහි මතයයි. ජාතික ජන බලවේගය මෙන් රාජ්‍ය සේවය රටට බරක් බවට පත් නොකර එය රටට ආභරණයක් බවට පත් කිරීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය කැපවෙන බවක් පෙන්නුම් කරයි. රාජ්‍ය සේවය තෘප්තිමත් සේවයක් බවට පත් කිරීමටත් සුහුරු හා ඵලදායි රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමටත් සමගි ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කැප වී ඇත. කළ හැකි දේ පමණක් කතා කරන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායම මෙරට රාජ්‍ය සේවය ඉහළින්ම ඔසවා තබන දිනයේ දී එයට දායක වුවා නේද යැයි සිතෙන තීන්දුවක් හෙට අනිද්දා ගන්නා ලෙස සමස්ත රාජ්‍ය සේවයෙන් අපි අපේක්ෂා කරමු.

*මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, ආර්ථික විද්‍යා හා සංඛ්‍යානය අධ්‍යයනාංශය – පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    we are so fed up of lanken professors. They have done enough to ruin this falling nation.
    .
    GLP
    Ranjith Bandara
    Rajeeva Wijesinhe
    and … this list is ceasless.

    අපිට වෙනසක් අවශ්‍යයි.අරගලය ගෙනාවේ මේ රටේ රස්තියාදුකාරයින් විසින් ප්‍රවර්ධනය කරන අසාධාරණය දරාගත නොහැකි මධ්‍යස්ථ බලවේග විසින්. බංගලාදේශය අපව අනුකරණය කළ අතර බොහෝ ආකාරවලින් නොමඟ ගියේය.
    .
    ප්‍රේමදාස ජූනියර්ට මේ ජාතියේ වෙනසක් ඇති කරන පදනමක් හෝ කිසිම ආකාරයක මූලධර්මයක් නැත. මෙය සියල්ලන්ටම ටිකෙන් ටික පැහැදිලි වෙමින් පවතී. අනුර යනු වසර 30ක් පුරාවට තම දේශපාලන ගමනාගමනය තුළ කිසිවක් සාර්ථක කර නොගත් න්‍යායිකයෙක් පමණි.
    .
    සජිත් මෙන්ම තවත් බොහෝ තක්කඩි දේශපාලකයන් බෝධීන් වහන්සේ ලෙවකමින් හිස මුඩු කළ අවජාතකයන්ට වඳින්නේ මැදමූලන රස්තියාදුකාරයන් කළේ මිනිසුන් රවටා ඡන්දය ඩැහැගැනීමටය. ඔවුන්ට නමස්කාර කිරීම අපට ප්‍රශ්නයක් නොවේ, නමුත් සංගා වස්ත්‍රවල සැඟවී සිටින නූගත් අපතයන් අප වෙනුවෙන් තීරණය නොකළ යුතුය.

    මේ රස්තියාදුකාර සංස්කෘතිය මේ රට තුළ ආයතනගත වීම සීමා කළ යුතුයි. එවිට යහපත් ශ්‍රී ලංකාව සඳහා යාන්ත්‍රණය වන නව සංස්කෘතියක් ඇති වනු ඇත.
    මෙය සාක්ෂාත් කර ගත හැක්කේ ජාතියේ කුරුසයේ ප්‍රතිනිර්මාණය වන හොඳ නරක මිනිසුන් සමඟ වැඩ කළ හැකි බව ඔප්පු කළ ගරු රනිල් වික්‍රමසිංහ මහතා හරහා පමණි.
    .
    අපි සජිත් සහ අනුර අතර මතවාදයක් නැගී සිටිය යුතුයි. එනම් අපි “නීතිය හා සාමය” සඳහා ලබා දී ඇති ස්ථානය ප්‍රවර්ධනය කළ යුතු අතර, මේ රටේ සාමූහිකත්වය සහ ඵලදායිතාව සඳහා වත්මන් ශ්‍රම බලකාය බවට නීති හිතවාදී සියලු දෙනාගේ අවශ්‍යතාවය ප්‍රවර්ධනය කළ යුතුය.

  • 2
    0

    එකල MR අපරාධ කල්ලි විසින් සිංහල බෞද්ධයන් ප්‍රමුඛ ගෝලබාලයන්ව මොළ සේදූ නමුත් ඔවුන්ව බේරා ගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා ඉදිරිපත් වූයේ නැත.අපේ මිනිසුන්ට එය බොහෝ ප්‍රමාද වී දකී. ඒක තමයි අපේ ජාතියේ පිළිකාව.

    ඔවුන් එය දිගටම කරගෙන යාමට ඉඩ දුන්නා. රසායනිකව ඉවත් නොකළහොත් ටැටූ වෙනස් නොවන්නාක් මෙන්, මෝඩ මිනිසුන් තුළ වපුරන දේ සදහටම පවතී. විශේෂඥයන් විසින් ඉවත් නොකළහොත් අතිරික්ත පිරවුම් එකතු කිරීම වෙනස් නොවේ. එසේ ම ලක්ෂ 50 ක් හෝ ඊට වැඩි පිරිසක් තවමත් රාජපක්ෂ වහලුන් ලෙස හැසිරෙන්නේ එබැවිනි. රාජපක්ෂගේ සාපරාධී දේශපාලනයේ ප්‍රතිවිපාක කුමක් වුවත් ඔවුන් ඔවුන්ට නමස්කාර කරනු ඇත. මෙය AKD ප්‍රමුඛ කණ්ඩායම් විසින් අපේ සිංහල මිනිසාට කරන නමස්කාරයට සමානය.

    මිලියන 22 න් මිලියන 17 ක් මීළඟ මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති බව පැවසේ. නමුත් JVP උන්ගෙන් ලක්ෂ 20ක්වත් ගන්නේ නැහැ. එම ඡන්ද විමසීම් දිවයිනේ හරස්කඩක් ආමන්ත්‍රණය නොකරනු ඇත. මෙම උද්වේගය සැප්තැම්බර් 21 දක්වා පවතිනු ඇත. AKD ප්‍රමුඛ කණ්ඩායම්වලට බන්ධනාගාරවලට ඇතුළු වීමට පෙළපාලි යාමට සිදුවනු ඇත. ඔවුන් මේ රටේ අසරණ ජනතාවගේ මානසිකත්වයට විශාල හානියක් කළා.

  • 1
    0

    එය මිනිසුන්ගේ මනෝභාවය පිළිබඳ කාරණයකි.
    වැඩි දුරටත් සඳහන් කරයි. අපේ තෙරේසා ප්‍රනාන්දු (අපේ සීටී කමෙන්ටර්), සේපාල් අමරසිංහ, සුදා සහ වෙනත් යූ ටියුබ් කාරයන් හෝ ඔවුන් වැන්නන් වසර 15ක් තිස්සේ අන්ධ ලෙස මහින්ද පරයාට සහාය දුන් බව ඔබට සිතෙන්නේ නැද්ද? බොරුව ඔවුන්ගේ “මහින්ද චින්තනය” බවට පත් විය; මාධ්‍ය සහ කලාකරුවෝ එකතුවෙලා හිටපු ගුවන්විදුලි අලුත්වැඩියා කාරයෙක් වෙච්ච “තඹුගල” කියන මනුස්සයටත් ඒ කලාකාරයෝම ලං වුනා. ඔහු ඇමරිකාවේ මෙතරම් මුදලක් උපයා ගත්තේ කාගේ මුදල්ද යන්න අදටත් සැඟවී ඇත. බැසිල්ගේ කළු සල්ලි සප්පයා ඒ පිටුපස සිටිනවාද යන්න තවමත් පැහැදිලි නැත. අපි අපේ විනිවිද පෙනෙන විගණන පද්ධති ගැන ඉහලින් කතා කරනවා … aiyooooooooooooooo…

    අද, ඔවුන්ගෙන් සමහරක් AKD සඳහා සහය දැක්වීමට ගොස් ඇත, නමුත් AKD වඩා හොඳ වන්නේ කෙසේදැයි ඔවුන් නිවැරදිව සිතනවාද? ඒ.කේ.ඩී කියන්නේ තමන් එකඟ වූ පරිදි පොරොන්දුව ඉටු නොකළ හිටපු ඇමැතිවරයෙක්. නමුත් ඔහු දැන් පවසන්නේ ඔවුන් පාලකයන් නොවූ නිසා ඔවුන්ට නොහැකි වූ බවයි. ඇයි දෙයියනේ මේ අපායේ ඉන්න මිනිස්සු ප්‍රචාරය කරන බොරුවක් පිළිගන්නේ? ප්‍රමාණවත් තරම් උගත්කමක් නොමැති නම් මිනිසුන් සැබෑ තිරිසන් ය. ලංකාවේ බහුතරයට අනුව එය එසේ නොවේද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.