
2005 ජනාධිපති මැතිවරණයෙන් ජයගෙන ජනාධිපති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ තමන් රටේ භාරකරු මිස අයිතිකරු නොවන බවය. එසේ දිවුරුම් දීමෙන් අනතුරුවව ඔහු කළ ප්‍රධාන කටයුත්තක් වූයේ චන්ද්‍රිකා රජය විසින් ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවට සාපේක්ෂව පැය හයක් ඉදිරියෙන් තබමින් කරන ලද වේලාව සැකසීම පෙර පරිදි පැය පහමාරක් ලෙසට වෙනස් කොට ආපසු හැරවීමයි. එතැන් සිට ඔහු කළ ක්‍රියාවන් අප සියලු දෙනා දන්නා ඉතිහාසයයි.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් සියලු දෙනාගේ ජනාධිපති බවට කල ප්‍රකාශයත් සහ රාජ්‍ය ආයතනවලින් ජනාධිපතිගේ රූපය ඉවත් කරන්නට කර ඇති නියෝගය සතුටින් සමරන අප සියලු දෙනා තේරුම් ගත යුතු කරුණ වන්නේ ඔහුගේ නව රජයේ සාර්ථකත්වය රැඳී පවතින්නේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මවා පෙන්වන ලද යක්ෂයා පරාජය කිරීම මත නොව ණය කන්දක් හිසින් දරා සිටිමින්ම සංවර්ධනය වෙනුවෙන් තවදුරටත් ණය ලබාගැනීමේ අවශ්‍යතාවය සපුරාගැනීමත්, අක්‍රීය දේශීය ආර්ථිකයකින් එම ණය වාරික ගෙවීමට අවැසි විදේශ විනිමය අපනයන ඔස්සේ උපයා ගැනීමත් වශයෙන් දත් විලිස්සාගෙන සිටින ආර්ථික යක්ෂයාට මුහුණ දෙන ආකාරය අනුව බවයි.
මෙහිදී ඔහු ඉදිරියේ ඇති වටිනාම අවස්ථාව වන්නේ ඔහු විසින්ම සිය ප්‍රචාරක ව්‍යාපාරය තුලදී ප්‍රතික්ෂේප කරන ලද ඩොලර් මිලියන 480ක් වටිනා MCC ප්‍රදාන ගිවිසුම නැවත පණගන්වා දෙසැම්බර් 31 දිනට පෙර අත්සන් කිරීමයි. ඒ සමගම උදාවෙන අනෙක් අගනා අවස්ථාව නම් ඇමෙරිකාව සමග අත්සන් කරන්නට සාකච්ඡා මට්ටමේ තිබූ ඔහු විසින් 2007දී අත්සන් කරන ලද ACSA ගිවිසුමේ දිගුවක් වන SOFA ගිවිසුම අත්සන් කිරීම මගින් ඇමෙරිකානු හමුදාවන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් ලබා ගතහැකි ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමයි. මීට අමතරව ආර්ථිකයට වාසිදායක ETCA සහ SLSFTA ගිවිසුම් අත්සන් කිරීම ගෙවුම් ශේෂ පරතරය අඩු කර ගැනීමට දායක වනු ඇත.
අනෙක් අතින් ලංකාව තුළට දේශීය රැකියා අවස්ථා සහ විදේශ විනිමය ප්‍රවර්ධනයට සමත් පුද්ගලික විශ්ව විද්‍යාල, කර්මාන්තශාලා, මහාපරිමාණ වගාබිම් ගොඩනැගීම යනාදිය මුල්කොට ගත් සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම සහ එම අවස්ථා ප්‍රවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් සහ නෛතික පරිසරය (ඉඩම් අයිතිය පිලිබඳ නීති ඇතුළුව) ගොඩනගන්නට සිදු වනු ඇත.
චීනයද ඉහළ පොලියකට තවදුරටත් ලංකාවට ණය ලබාදෙනු ඇති මුත් දැනටත් ජාතික ආදායමෙන් 83% ක මට්ටමෙ පවතින රජ්‍ය ණය තවදුරටත් ඉහළ නැංවීමේදී මුහුණ දෙන්නට සිදුවන ආර්ථික අර්බුදය පාලනය කිරීමේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාරත් ඒ ආශ්‍රිත ආර්ථික ගැලපුම් යෝජනා ඉටු කිරීමත් අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. අයවැය විනය පවත්වා ගැනීම වෙනුවෙන් රජයේ වියදම් කපා හැරීම සහ රාජ්‍ය අදායම වැඩි කරගැනීම මගින් අයවැය පරතරය අඩු කර ගැනීම මෙහි හරයයි. එහිදී සහනාධාර කපාහැරීම, වැටුප් වැඩිකිරීම් සිමා කිරීම මෙන්ම බදු අදායම වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇත.
ආර්ථික යක්ෂයාට මුහුණදීමේදී ගන්නට සිදුවෙන දැඩි ක්‍රියාමාර්ග වල ප්‍රතිවිපාක වලට මුහුණදීමට අවශ්‍ය දේශපාලන ශක්තිය ගෝඨාභය සතුව දැනටමත් පවතී. පසුගිය රජය කාලයේ ගෙනෙන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් (ETCA, MCC, SOFA) ඇතුළු මෙවැනි ක්‍රියාමාර්ග වලට තීරණාත්මක ලෙස එරෙහි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තියවේදීන් ඔහු සමග සිටී. වසර 4ක් තුළ ආර්ථිකයට බරක් වන පරිදි විශාල වැටුප් වැඩිවීම් ගණනාවකට හිමිකම් කිවූ අති මහත් බහුතර රාජ්‍ය සේවය ඔහු සමග සිටි. පසුගිය රජයේ ආර්ථික ක්‍රියාමාර්ග වල දේශපාලන ප්‍රතිවිපාකයන් ලෙස ඉඩම් අයිතියට, සංස්කෘතියට, ආගම්වලට අයථා බලපෑම් එල්ල වනවායයි සහ රට, ජාතිය සහ ආගම බටහිරට පාවා දෙනවා යයි බරපතල ලෙස විරෝධතා දැක්වූ බෞද්ධ භික්ෂුන්, කතෝලික පල්ලිය සහ මුස්ලිම් නායකයින් ඇතුළු වාර්ගික සහ ආගමික කණ්ඩායම් ද එම මතයන් ජන මනසෙහි තැන්පත් කරන්නට ඉමහත් මෙහෙයක් සිදුකල දේශප්‍රේමී මාධ්‍ය ආයතනද ඔහු සමග සිටී. බඩුමිල පහත හෙලීමට වඩා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වැදගත්යැයි සැලකු දිළින්දාගේ සිට පොහොසතා දක්වා අති මහත් බහුතරය ඔහු සමග සිටී.
මෙලෙස වඩාත් බියකරු ආර්ථික යක්ෂයා පරාජය කිරීමට අවැසි ශක්තියත් බලවේගත් එක මිටක සිටින මෙම ස්වර්ණමය අවස්ථාවේ ඉන් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් යුධ ජයග්‍රහණයෙන් උදාකරගත් සාමය සමග ආර්ථික සමෘද්ධියද ලඟා කරගත් ආකාරය ඉදිරි වසර 5න් පසුව ඉතිහාසය අවලෝකනය කිරීමේදී අපට අවබෝධ කර ගත හැකි වනු ඇත.
Champa / November 27, 2019
RE: para 3 –
රටේ ආර්ථිකය නංවන්න කියල රටේ ස්වෛරීභාවයට සහ ස්වාධිනත්වයට අහිතකර MCC, SOFA, ETCA, SLSFA ගිවිසුම් අත්සන් කරන්න කියල එක සිංහලයෙක් කියන්නේ නැහැ.
මුස්ලිම් ජාතිකයන් සහ සිංහලයන් අතර වෙනස ඒක.
සිංහලය හැම විටම බලන්නේ රටේ ඒකිය භාවය, ස්වෛරිභාවය, නිදහස, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය ඉහල තලයකට ගෙන ඒම.
මුස්ලිම් ජාතිකයාට සිංහලයා අගය කරන දේ ගැන වගක් නැහැ. ඔවුන්ට අවශ්‍ය රට ජාතිය පාවලා දීල හරි සල්ලි හොයන විදියක්. තමන්ගේ ඇත මිට සරු වෙන විදහක්.
ලංකාවේ ආර්ථිකය නංවන්න ඔය කියන ගිවිසුම් එකක්වත් අවශ්‍ය නැහැ. වෙන එකක් තියා නැවත ණය ගන්න අවශ්‍යත් නැහැ.
මොලයක් තියෙන මිනිහෙකුට පුළුවන්, අපට තියෙන සම්පත් හරියට කළමනාකරණය කරගෙන, තව එක ශත පහක ණයක් හෝ ඔය කියපු එක ගිවිසුමක් හෝ නැතුව රටේ ආර්ථිකය ගොඩ අරන් ඉහලට ගෙනියන්න.
/
Champa / November 27, 2019
Ooooooops, වචනයක් අඩුයි තැන් දෙකකම. මුස්ලිම් සහ ද්‍රවිඩ කියල කියවෙන්න ඕනේ.
මට මේ විදිහට ලියන්න ඕනේ වුනේ, 2010 – 2015 කාලෙදි වැඩිහම අතමිට සරු වුනේ මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයන් සහ රාජපක්ෂ මහත්වරු එක්ක හිටපු ඉහල පන්තියේ ව්‍යාපාරිකයන්ගේ පමණක් නිසා.
සාමකාමී සහ ස්ථාවර ශ්‍රී ලංකාවක් හදන්න ලේ, කඳුළු, දහදිය හෙළුවේ බහුතර සිංහල බෞද්ධ පවුල් වුනත්, හැමදාම ඔවුන් හිටියේ ආර්ථික මට්ටම අතින් පහලම ස්ථරයේ. ආපහු යන්නේ ඒ පැත්තට වගේ පෙනෙන නිසයි මේ විදිහට ලිව්වේ. ඒ මොකොද කිව්වා නම් මේ පාරත් උපේක්ෂාවෙන් බලා හිටියොත් කවදාවත් ගොඩ ඒමක් නැති නිසා.
/
චිත්‍රානන්ද / December 4, 2019
ඔබතුමාගේ අදහස් පිළිබඳව මට හරි කණගාටුවක් දැනෙනවා.ඔබතුමා කියන විදිහට අපේ රට තවදුරටත් තමන්ගේ සම්පත් වලින් ප්‍රයෝජන අරන් ඉදිරියට යන රටක් කියලා ඔබ තුමා තවම උපකල්පනයක් ඉන්න එකට.අපි අවුරුදු 71ක් පහුකරලා ඇවිත් ඉන්නේ ණය මත රැකෙන තැනට.ලෝකේ අනිත් රටවල උදව් නැතිව තනියම නැගිටින්න පුළුවන් තැනක අපි නැහැ.ඒක තවදුරටත් යථාර්තයක් නෙවෙයි.විදෙස් සම්බාධක දැම්මොත් සතියක් දෙකක් විතරයි අපි රැකෙන්නේ.ඒ නිසා අපි අපේ තරම ඉස්සරවෙලාම තේරුම් ගමු.පම්පෝරිවලින් රටක් ඉස්සරහට යන්නේ නැහැ.
/
Champa / November 27, 2019
4 වෙනි පරිච්චේදයේ කියන දේටත් සම්පූරණ විරුද්ධයි.
“විදේශ විනිමය ප්‍රවර්ධනයට සමත් පුද්ගලික විශ්ව විද්‍යාල, කර්මාන්තශාලා, මහා පරිමාණ වගාබිම් ගොඩනැගීම යනාදිය මුල්කොට” විදේශ ආයෝජන අවශ්‍ය නැහැ. පුද්ගලික විදේශ විශ්ව විද්‍යාල වලට මම විරුද්ධයි. නමුත් ඊට වඩා වෙන යෝජනාවක් මට තියෙනවා ඒ ගැන. ඉඩම් සහ කර්මාන්ත 100%ක් දෙන්න ඕනේ දේශීය ව්‍යාපාරිකයන්ට. මොකක්ද කරන්න ඕනේ කියල යෝජනාවකුත් මගේ ළඟ තියෙනව. දැනට විදේශික ආයෝජකයන්ට දෙන සියලු වර්ගයේ සහන අපේ දේශීය ව්‍යාපාරිකයන්ටත් දෙන්න ඕනේ.
කුඩා දූපතක් විදිහට අපිට තියෙන ඉඩම් ප්‍රමාණය සීමා සහිතයි. වැසි වනාන්තර, මුහුදුබඩ ඉඩම්, ඉපැරණි පූජනීය ස්ථාන සහිත ඉඩම්, අභය භූමි සහ රක්ෂිත ඉඩම් හැමදාම ඒ විදිහට තියෙන්න ඕනේ නිසා අපේ භූමිය සීමා සහිතයි. ඒ සීමා සහිත ඉඩම් ටිකත් විදේශිකයන්ට දෙන්න මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. විදේශිකයන්ට පෞද්ගලික හෝ රජයේ ඉඩම් සහ කර්මාන්ත විකුණන්න බැරි නීතියක් ගැසට් කරන්න ඕනේ.
/