24 April, 2024

Blog

මීළඟ​ වසංගතය ජෛව-ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකියි, “විෂබීජ ක්‍රීඩා” සදහා සූදානම් වන්න! බිල් ගේට්ස්ගේ අනතුරු ඇඟවීම

පරිවර්තනය – අසංක අබේරත්න –

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ජෛව-ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි. ජෙරමි හන්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙම ජෛව ත්‍රස්තවාදී ප්‍රහාර ගැන අනතුරු අඟවා ඇති අතර එයට සූදානම් වීමට “විෂබීජ ක්‍රීඩා” භාවිතා කරන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබේ.

ලෝකයේ සිව්වන ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් පවසන්නේ වසංගත පිළිබද පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා “බිලියන දස දහස් ගණනක්” වැය කළ යුතු බවත් අනාගත වසංගත සහ වසූරිය ත්‍රස්ත ප්‍රහාර සඳහා රජයන් සූදානම් විය යුතු බවත්ය.

ප්‍රතිපත්ති හුවමාරුව සඳහා වන සෞඛ්‍ය තේරීම් කමිටුවේ සභාපති ජෙරමි හන්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ගේට්ස් යෝජනා කළේ එවැනි සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය පුහුණු කිරීමට “විෂබීජ ක්‍රීඩා” භාවිතා කළ හැකි බවයි.

WHO මට්ටමේ වසංගත කාර්ය සාධක බලකායක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඩොලර් බිලියනයක නව වසංගත කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද ඔහු යෝජනා කරයි.

“මේ සඳහා වසරකට බිලියනයක් පමණ වියදම්වනු ඇත. මම ‘විෂබීජ ක්‍රීඩා’ ලෙස හඳුන්වන දේ ගැන ඔබ වැඩකරන ස්ථානයේ නිරීක්ෂණ කරමින් සිටී” යනුවෙන් ඔහු පැවසීය.

“ඔබ දන්නවාද, ජෛව ත්‍රස්තවාදියෙක් ගුවන් තොටුපලවල් 10කට වසූරිය ගෙනාවොතින්? ලෝකය එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

“ස්වභාවිකව ඇති වන වසංගත සේම ජෛව ත්‍රස්තවාදීන් විසින් ඇතිකරවන වසංගතද තිබෙනවා. ඒවා අද අප අත්විඳින දේට වඩා නරක විය හැකියි. නමුත් මෙයින් ආරක්ෂාවීමට වෛද්‍ය විද්‍යාවේ දියුණු තුළින් අපට මෙවලම් ලබා දිය යුතු බව ඔබ දන්නවා, ඒය අපට වඩාත් හොඳින් කළ හැකිය.

“ඒ නිසා මෙයට ප්‍රමුඛතාවයක් ලබාදිය යුතුයි. ලබන වසරේ මෙම ගෝලීය වසංගත කාර්ය සාධක බලකාය ඇතුළුව ඒ සදහා ප්‍රතිපාදන ලබාදිය යුතුයි.”

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවලට මීළඟ වසංගතයට සූදානම් වීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන (R&D) සඳහා “බිලියන දස දහස් ගණනක්” වැය කිරීමට සිදුවනු ඇතැයිද පර්යේෂණ මිල අධික විය හැකි නමුත්, එය උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව තුරන් කිරීම වැනි වෙනත් නව්‍යකරණයන්ට තුඩු දිය හැකි බවද හෙතෙම පැවසීය.

“අපි ඊළඟ වසංගතයට සූදානම්’ නමින් පොතක් ලිවීමට මම බලාපොරොත්තු වෙනවා, නමුත් පර්යේෂණ සහ සංවර්ධන සඳහා බිලියන දස දහස් ගණනක් වැය වනවා. එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය එහි කොටසක් ගෙවයි කියා මා බලාපොරොත්තු වෙනවා”

“හොඳ දෙය නම් ඊළඟ වසංගතයට සූදානම් වීමට අප කළ යුතු පර්යේෂණ සහ සංවර්ධන බොහෝමයක් වන්නේ එන්නත් මිල අඩු කිරීම, විශාල කර්මාන්තශාලා තිබීම, උණ තුරන් කිරීම, සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදීම, එන්නත් සෑදීම වැනි දේවල් ය. වසංගත නොමැති වසරවලදී පවා ඔබේ අතේ ඇති කුඩා පැල්ලමක් පවා ඔබ ඇදහිය නොහැකි තරම් සැලකිලිමත් දේවල් වේ. එබැවින් දේශගුණික පණිවිඩය සහ දුප්පතුන්ගේ රෝගවලට එරෙහි අඛණ්ඩ සටන සමඟ, වසංගත සූදානම ගැන මම බොහෝ දේ කතා කරමි.”

“ඔබ දන්නවා, අපට ඩොලර් ට්‍රිලියන ගනනක් සහ මිලියන ගණනක් ජීවිත අහිමි වුණා. පුරවැසියන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ රජයන් එය නැවත සිදුවීමට ඉඩ නොතබන බවයි.”

ඔහුගේ කාර්යයේ කොටසක් ලෙස වසංගත සූදානම ගැන දිගටම කතා කරන බවයි ඔහු පැවසු වේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0


    මංගල වෙනුවට මහින්ද රාජපක්ෂ මැරුණා නම් මේ ජාතියට කොච්චර වාසිදායකද? සාමාන්‍ය ව්‍යවහාරයක් තියෙනවා, මී මැස්සන්ගේ රජා ඉවත් කළා නම්, ඔබට මී මැස්සෙකුගේ අනෙක් මී මැස්සන් සියල්ල රැගෙන යා හැකියි… එලෙසම, රාජපක්ෂගේ ව්‍යාජ මාෆියා ජාලයෙන් ශ්‍රී ලාංකිකයන් නොමඟ යවන, විනාශ කළ හැක්කේ, එසේ වුවහොත් පමණි. රාජපක්ෂලාට දඩුවම් දෙන්න තිබුනේ දිව්‍ය බලවේග වලින්.
    අද මහින්ද රාජපක්ෂගේ නම කියමින් මේ රටේ බොහෝ අපරාධකාර කොටස් මේ රටේ අහිංසක කොටස් නොමඟ යවති. එසේම මේ වත්මන් ආණ්ඩුව සහ ගෝඨා බිහිවූයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ බලමණ්ඩලයේ නොමග යැවීම් හරහා බව අපට අමතක කළ නොහැක. මහින්ද රාජපක්ෂ යනු මළ සිරුරු හරහා තම බලය ලබා ගන්නා නළුවෙකි. මෙය අද ඉතා පැහැදිලි වෙමින් පවතී.
    පළමු දිනයේ සිටම ගෝඨාභය නන්දසේන තේරී පත්වීම දක්වා නාමයෝජනා මේ රට පාලනය කළේ නොමග යවමිනි. දැන් නාගයා – කැලණිය පන්සලට ව්‍යාජ ධාතු ගෙනැවිත් කියන හොර භික්ෂුව කොළඹ විශ්වවිද්‍යාල කුලපතිවරයා ලෙස පත්කිරීමත් සමඟ ජනතාවගේ දුක් වේදනාවලට සීමාවක් නොපෙනේ. හිටපු නායක මුගාබේ වෙත සිම්බාබ්වියානු බහුතර කළු ගෝත්‍රිකයන්ගේ කෑගැසීමේ මට්ටම්වලින් ඔබ්බට යමින් ශ්‍රී ලාංකික ජනතාව රාජපක්ෂට සදහටම වෛර කරනු ඇත.

    • 3
      0

      මානව සතුන් ආධිපත්‍යය දරන ශ්‍රී ලංකාව අද වන විට එය විනාශ කර ඇත. ඒ පාස්කු ඉරු ව්‍යසනයෙන් අහිංසක මිනිසුන් මිය යන තුරුම රට තිබුණේ හොඳ තත්ත්වයකය. නමුත් හිටපු රජය ගෙනාපු හොඳ ක්‍රම තිබුණා. ඉන්පසුව රාජපක්ෂලා කළේ ඡන්දයෙන් තේරී පත් වූ රජයට එම කාර්යය කිරීමට ඉඩ නොතබමින් ඝෝෂා කිරීම පමණි. ඔවුන් සියලු රතු මායිම්වලින් ඔබ්බට යමින් ජාතිය නොමඟ යැවීය.
      මගේ නිරීක්ෂණවලට අනුව, රාජපක්ෂලා තම බලය සඳහා සහ ඔවුන්ගේ අපරාධ පරීක්ෂණවලින් නිදහස් වීම සඳහා මුළු ජාතියම විනාශ කළහ. මගේ සති 2ක ලංකා ගමන මට ඒත්තු ගියේ රාජපක්ෂ බල ලෝභී රකුසන් විසින් රට විනාශ කර ඇති බවයි. මට බ.ප. සහ මහනුවර ප්‍රදේශය තුළ රට පුරා සංචාරය කිරීමට සිදු විය. කෙසේ වෙතත්, අධික වර්ෂාව සහ මාර්ග බාධක මා වැඩිදුර ගමන් වලින් ඈත් කළේය. මට ඒ රටේ මගේ ජීවිතය ගෙවන්න පුළුවන් නමුත් අතීතයේ කිසිම අවස්ථාවක නැති තරම්, 70% හෝ ඊට වැඩි පිරිසක් අද දවසේ ජීවත් වීමට අරගල කරනවා. ඒ අතරම, මැදමුලන ඇල්ෆා සතුන්ට ඔවුන්ගේ ශාපය වේගයෙන් වර්ධනය වේ. රට පුරා ගමන් කිරීම සඳහා මම CAB වලින් සහ 3 වතාවක් TUK TUK මගින් ගමන් කළෙමි, එහිදී මට ඔවුන් සමඟ සමීපව අදහස් හුවමාරු කර ගැනීමට සිදු විය. 89 කැරැල්ල සමයේ ජවිපෙට වෛර කළ ආකාරයටම ඔවුන් අද රාජපක්ෂලාට වෛර කරයි. වැඩි කල් නොගොස් ජනතාව මහා අපරාධකාරයන් වී රාජපක්ෂ පුතුන් මරා දමනු ඇති බව බොහෝ දෙනාගේ විවේචන ඇසීමෙන් පසුව මට දැනුණි. ප්‍රසිද්ධ බිත්ති තීන්ත ගාන්න පැන්න අය අද විදේශ ගමන් බලපත්‍ර ගන්න ප්‍රශ්නවලට එකතු වෙලා. ඩුබායි දක්වා වූ මගේ ගුවන් ගමනේදී, කම්කරු රැකියා සඳහා ඩුබායි වෙත පියාසර කළ පළමු වරට ගමන් කරන තරුණයින් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සිටියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලංකාවේ දුර බැහැර දුප්පත් පවුල්වලින් පැමිණි අය වූහ.

    • 3
      0

      මී හරක් වගේ නායකයො ගේන්නෙ රටේ අන්ත අසරණ මිනිස්සුන්ගේ චන්දෙන්. අවදානමට ලක්විය හැකි අයට යහපාලනය ගැන හෝ අපරාධ සහ මැර පාලනය ගැන අවබෝධයක් නැත. ඔවුන් මත්පැන් වීදුරුවක් සමඟ බත් පැකට් එකට නැමෙනු ඇත. තමන් තේරී පත්වීම සඳහා මැතිවරණයක් පැවැත්වීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මැතිවරණයට තරග කරන නායකයින් පිළිබඳ සත්‍ය තොරතුරුවලින් බොහෝ දුරස්ව ජීවත්වන රටක ජනතාව වඩාත් විශාල ප්‍රශ්නයකි.

  • 3
    0

    ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් දැනුමැති මිනිසුන්ගෙන් පිරුණු රටකට හිතකර විය හැකි අතර එය මෝඩ මිනිසුන්ගේ ආධිපත්‍යය ඇති රටකට ක්‍රමය නොවිය යුතුය. අද මගේ මව් රටේ ජනතාව මුහුණ දෙන්නේ මේ විපාකයටයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ගෝඨාභය එක්සත් ජනපදයේ වසර 15 ක කාලයක් ගත කරමින් සිටියේ කවුද සහ කුමක් කළේද යන්න නොදනිති. දියුණු රටක ජීවත් වූ පමණින් ඔහුට හෝ ඇයට රටක නායකයෙකු වීමට හැකියාවක් නැත. එවැනි පෞරුෂයන් නායකයින් බවට පත් වුවහොත්, අතීතයේ නැති තරම් රටවල් කැබලිවලට යයි. නීතිය හා සාමය ඉහළින් තැබීමෙන් රටේ අපරාධ සහ උග්‍ර දූෂණ පාලනය කළ යුතු බැවින් යම් හමුදා විනයක් ඇති මිනිසෙකු වඩාත් සුදුසු වනු ඇතැයි ජනතාව අපේක්ෂා කළහ. කෙසේ වෙතත්, ගෝඨාභය මහතා ජනාධිපති වූ දා සිට මේ රටේ මහජනතාවගේ යහපත වෙනුවෙන් සුළු පියවරක්වත් ගත්තේ නැත, ඒ වෙනුවට ඔහු තම සමීපතමයින්ට තවත් බොහෝ උපකාර කර ඇත. අද මා උපන් රටේ දේශපාලනයේ යථාර්ථය මෙය වන හෙයින්, අවස්ථාවක් ලැබුණහොත් මිනිසුන් රාජාක්ෂලා කෑලිවලට ඉරා දමනු ඇත, මන්ද ඔවුන්ගේ කෝපය ඔවුන්ටම පාලනය කර ගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බැවිනි. .xxxxx

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.