25 April, 2024

Blog

යහපාලනයේ ‘මර්වින්ලා’

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

අශාන් වීරසිංහ

ජනවාරි 08 ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (එවකට) විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල් රෙජීමයේ අය ගැන හාස්‍යෝත්පාදාත්මකව කතා කළ වීඩියෝ පට ෆෙස්බුක් හරහා හුවමාරු විය. මහින්දලාගේ හොරකම, මැරකම සුජීව නිතර නිතර ඉස්මතු කළ හැටි අපට මතකය. නමුත් සුජීව සේනසිංහ යනු කවුද යන වග බලයට පත් වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් හෙළිදරවු වන්නට පටන් ගැනුණි. කොටින්ම කියනවා නම්, සුජීව සේනසිංහ හුදෙක්ම කිසිදු හරයක් නොමැති සංදර්ශනකාමී විහිළුකාරයෙකු පමණක් බව දැන් ජනතාව පිළිගෙන හමාරය. වැඩ අච්චාරු කරගත් නළුවෙකි!

මෑතකදී සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන්නට පටන් ගැනුණු පුවතකට අනුව ඔහුගේ සහෝදරයා හෝටලයක ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට තම සහෝදර නියෝජ්‍ය ඇමැත්තාගේ හයිය ගෙන තර්ජනය කරන සිදුවීමකට ප්‍රචාරය ලැබිණ. මේ වන විට මෙම සිද්ධියට අදාළ තරමක් විස්තරාත්මක සටහනක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ වී තිබේ. මේ පුද්ගලයා සිංහල අයෙකු වුවද ඔහු වවාගෙන සිටි රැවුළේ ස්වභාවය නිසා මුස්ලිම් ජාතිකයෙකු යැයි අනුමාන කරන සුජීවගේ සොයුරා “අඩෝ….අපි සිංහල බෞද්ධයො” යන්න සිහිපත් කරන්නේ ඇයිද යන වග පැහැදිලි කර ගැනීමට අසීරු නැත. ඇයි මේ හදිස්සිය? ලංකාවේ සිංහල-බෞද්ධයන්ට ඕනෑම පහත් ආකාරයකට හැසිරී අවසන එය සාධාරණීකරණය කර ගැනීමට අවශ්‍ය වූ විට පිහිටට පැමිණෙන අන්තිම පිළිසරණ සිංහලකම මුසු වූ බෞද්ධකමය. ගලගොඩඅත්තේ ඥානසාර වැනි රස්තියාදුකාරයන් වුව ප්‍රසිද්ධියේම අනාගත වාර්ගික සංහාර ගැන අනතුරු හැඟවීම් කරන විට පොලීසිය පවා අහක බලාගෙන සිටින්නේද ඒ හේතුව මතය.

Namal Senasingheසුජීවගේ සොයුරා වන නාමල් සේනසිංහ නමැත්තා මේ වන විට තම ෆේස්බුක් ගිණුමේ අපූරු ‘නිදහසට කාරණාවක්’ ද පළ කර ඇති අතර නොදැනුවත්ම හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සරමද වක්‍රාකාරයෙන් ගලවා ඇති බව ජනපතිතුමාට හිතවත් අය මතක් කර දුනහොත් අඩුම තරමින් මේ සිද්ධිය ගැන එතුමා ‘ඇහැරෙනු’ ඇත. “මෛත්‍රීපාල සිරිසේන මගේ ඇඳේ බුදියාගෙනත් තියෙනවා” ඔහු පළ කර ඇති සටහනට ඔහු විසින්ම කොමෙන්ටුවක් තබමින්එසේ කියා ඇත. මහින්දවාදීන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විවිධ අපහාසාත්මක ප්‍රකාශවලින් පහර දීමේ පුදුමයක් නැත. දේශපාලනයේදී කොහොමත් පක්ෂ-විපක්ෂ අතර එවැනි සිදුවීම් වැළැක්විය නොහැක. එහෙත්, තම ආණ්ඩුවේ ඇමතිකම් දරමින් සිටින කට්ටියගේ අයියලා මල්ලිලාත් තමන්ව නම් සඳහන් කරමින්ම පීචං කරමින් සිටීම කුජීතය!

එක අතකින් වාර්ගික හිංසනයත්, අනෙක් අතින් මැරකමත් නිර්වචනීය ලක්ෂණ කරගෙන සිටි රෙජීමයක් ඉතාම සාධාරණ ඡන්දයකින් පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගෙන බලයට ගෙන ආ ආණ්ඩුවක් පවතින මොහොතක මෙවැනි රස්තියාදුකාර හැසිරීම් බලාපොරොත්තු වීම කිසිසේත්ම කළ හැකි නොවේ.

මේ අතරම, මෑතකදී ඇති වූ ගංවතුර ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් අනුන්ගෙන් එකතු කළ සහන ද්‍රව්‍ය මලුවල මත සූජීව සේනසිංහ තම නම ගසා ඉතාම සදාචාර විරෝධී දේශපාලනික ව්‍යාපාරයක නිරත වීම විවේචනය කිරීම මත මේ සිද්ධියට මුහුණු දුන් පුද්ගලයාට ෆෙස්බුක් හරහා සූජීව තර්ජනාත්මක පණිවුඩක් එවා තිබුණු බවද කලම්බු ටෙලිග්‍රාෆ් පුවතේ දැක්වේ. පණිවුඩය මෙසේය: “කැරියා හු#වනවා”.

අමුතුවෙන් කරන්නට දෙයක් නැත, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බොහෝ බලාපොරොත්තු දල්වාගෙන ‘යහපාලන’ ආණ්ඩුවට ඡන්දය දුන් අපට දැනටමත් කෙරෙමින් පවතින්නේද එහෙමය!

මේ ගැන ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ බරපතල අවධානය යොමු විය යුතුය.

ashanweerasinghe@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Well said. For want of a better comparison, I can only say these politicians are
    low bred wolves in sheep’s clothing. Until and unless we get rid of this type of
    dishonest and indecent politicians we can never rebuild our country as a civilized Nation.Our political party leaders should do well to weed out these
    undesirable types once and for all by showing them the door.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.