28 March, 2024

Blog

දොළදුකට ලුණුඇඹුල් කෑම සහ රාජ්‍ය පාලනය

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ගිය සතියේ ලිපිය ආරම්භ කළ මුල් වාක්‍ය හතර​ මෙසේ විය: ‘‘අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ අර්බුදය නිමවූ බව පෙනේ. එය එසේ වූවා නම් යහපත්ය. එය එසේ වූවා නම් යහපත්ය යයි කියන්නේ ප‍්‍රශ්නය තවත් ඇදෙමින් පවත්නා නිසා නොවේ. රටක් දිනාගත් ජයග‍්‍රහණයක් මෙවැනි පුද්ගල බද්ධ ප‍්‍රශ්නයක් මත අර්බුදකාරි තත්වයකට තල්ලූවිම හානිකර හෙයිනි.’’ එහෙත් රටේ යහපතට ඉවහල් වන පරිදි සියල්ල අවසන් වුනේ ඉරිදාය. කාටුන් ශිල්පියෙකු මෙ දුටුවේ දෙපරාදුවක් හැටියටය. ඒ කාටුනයෙහි පුද්ගල රූප දෙකක් එකට රාමු කර එල්ලූ පින්තූරයකි. ඊට වීදුරුව ගල් පහරක වැදී හරි මැදින් බිඳි ගොසිනි. පින්තූරයට වැදුණ ගල් අතර, සී.බී (සෙන්ට‍්‍රල් බෑන්ක්) යන අකුරු සහිත ගලක් ද විය. ඒ කාටුන් ශිල්පියාගේ කල්පනාව නිර්මානශීලි විය හැකිය. එහෙත් යථාර්ථය නොවේ.

ගිය සතියේ අප සාකච්ඡා කළේ රාජ්‍ය අර්බුද හමුවේ අතීතයේ විධායකයන් කි‍්‍රයා කළ ආකාරයයි. ලිපිය අවසන් වුණේ ආරවුල අවසන්ය යන දැක්ම සමගය. අගමැතිට බය විධායක ජනාධිපතියෙක් ගැන කී වාචාල කතාවට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන දුන් පිළිතුර ගැන රටේ ජනතාව මහත් තෘප්තියෙන් පසුවේ. ඉවසීම සහ මධ්‍යස්ථ භාවය යනු විශිෂ්ඨ චරිත ස්වභාවයකි. එය නිවට නියාලූ කම නොවන බව මෛති‍්‍රපාල සිරිසේන සිහිපත් අර ඇත. වම් කම්මුලට ගැසූ විට දකුණු කම්මුලද නොපෑ යුතු අවස්ථා ගැන ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන අවබෝධයෙන් සිටී යයි ජනතාව විශ්වාස කරති. නව මහ බැංකු අධිපති වරයා පත් කළේ ඒ කල්පනාවෙන් නම් එය ජනතා ජයග‍්‍රහණයකි.

1978 තෙක් මේ රටේ සකි‍්‍රය විධායකයා අගමැති වරයා විය. ගෙවුණ තිස් අට වසර තුුල රටේ රටේ සකි‍්‍රය විධායකයා අගමැති නොවේ. විධායක ජනාධිපති වරයාය. සොල්බරි ව්‍යවස්ථාව අනුව, 1972 තෙක් රැුජිණගේ නියෝජිතයා ලෙස අග‍්‍රාණ්ඩුකාර වරු අගමැතිගේ උපදෙස් අනුව කි‍්‍රයා කිරීමේ සම්ප‍්‍රදායක් පැවතිණ. 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව ලංකාව ශී‍්‍ර ලංකා ජන රජය විය. අග‍්‍රාණ්ඩුකරයා ජනරජයේ ජනාධිපති විය. ඉන්පසුවද ජනාධිපති වරයා අගමැතිගේ උපදෙස් අනුව කි‍්‍රයා කළ යුතුය යන පදනම පැවතිණ. එහෙත් සය වසරකට සීමාවූ 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව සුවිශේෂී සිද්ධින් හෝ අත්දැකීම් වාර්තාවි නැත.

1978දී විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ විය. රටේ විධායකයා ජනාධීපති බවට පත් විය. අග‍්‍රාමාත්‍ය ආර්. පේ‍්‍රමදාසට අනුව විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ අගමැති ධුුරයට හිමි පියුන් ජොබ් එකකි. ඒ සීමා තුල පත් වූ තමා සුවිශාල ඉඩක් ලබාගෙන බොහෝ දුරක් ගමන් කළ බව හෙතෙම කීය. ආර්. පේ‍්‍රමදාසගෙන් මෙපිට කිසිදු අගමැතිරයෙකුට පියුන් වැඩක් හෝ කිරිමට නොහැකි විය. එසේ කියන්නේ කිසිදු සිද්ධිමය කාරණාවක් වාර්තා කර ජව සම්පන්න ගමනක් යාමට කිසිදු අගමැති වරයෙකුට කළ නොහැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක විධායක ජනාධීපති වරිය යටතේ මහින්ද රාජපක්‍ෂ හෝ වලිගය වනන්නට උත්සාහ කළේ නැත. විධායක ජනාධිපති එක් පක්‍ෂයක්ද අගමැති තවත් පක්‍ෂයක්ද නියෝජනය කළ අවස්ථාවක් උදාවුණේ විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ කර වසර 23කට පසුවය. එනම් 2001දී ය. එක්සත් ජාතික පක්‍ෂය මුල්ව රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ ඒ ආණ්ඩුව පිහිටුවිය. එහි අගමැති වරයා රනිල් වික‍්‍රමසිංහ විය. විධායක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය වූවාය. විශාල අවකාශයක් සහිතව එජාප ආණ්ඩුවට ගමන් කිරිමට සත්‍ය ලෙසම විධායක ජනාධිපති වරිය ඉඩහැර තිබිණ. තමන් වෙත කිසිදු අමාත්‍ය ධුරයක් ඇය තබා නොගත්තාය. කොටින්ම ආරක්‍ෂක අමාත්‍යාංශය පවා එජාපයට පවරා දුන්නාය. සත්‍ය වශයෙන්ම එය මහත්මා ගතියක් ලෙස සැලකිය යුතුවේ.

එහෙත් ඒ මහත්මා ගතියට සමපාත යහපත් ප‍්‍රතිකි‍්‍රයා ඇයට නො දැනුනා විය හැකිය. මුළු පක්‍ෂයම ජනාධිපතිට හා අග විනිසුරුට එරෙහිව දෝෂාභියෝග ගෙන ආ යුතුය යන ස්ථාවරය නොතකා රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස කි‍්‍රයා කළ ආකාරය ඇය හඳුනා නොගත්තා විය හැකිය. යම් අවස්ථාවක දෙපාර්ශ්වය යුද්ධ ප‍්‍රකාශ කර ගත්හ. නොනිල ආරංචි අනුුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කැබිනට් අමාත්‍යාංශ තුනක් ඉල්ලා සිටියාය. එහෙත් ඊට රනිල් වික‍්‍රමසිංහ කිසිදු බුරුලක් නොපෙන්වූ බව පසු කලෙක රාජිත සේනාරත්න සහ එස්.බී. දිසානායක ප‍්‍රසිද්ධියේ කීහ. ඒ සමග සතිපතා කැබිනට් සාකච්ඡාව අතර, ඇයට කෙරෙන කෙනහිලි ගැන විවිධ තොරතුරු ජන මාධ්‍ය විසින් වාර්තා කෙරිණ. අවසානයේ ඇමති ධුර තුනක් ඇය පවරා ගැනීමෙන් පසුව අර්බුදය එළි පිටට පැමිණ රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම වසර දෙකකට සීමා විය. නිරන්තරව ආණ්ඩු පෙරළි හරහා තම ශක්තිය උරගා බැලීමේ අසනීපයේ පෙළුණ ජනතා විමුක්තිි පෙරමුණ චන්ද්‍රිකා දුන් ශක්තිය නිසා රනිල් වික‍්‍රමසිංහ ගේ ප‍්‍රථම එජාප ආණ්ඩුව දෙවසරකින් අවසන් විය. එහෙම වුණේ රටේ කි‍්‍රයාත්මක නීතිය සහ ජන මතය නොතකා තනි ගමනක් යාම නිසාය. 2006දී මහින්ද රාජපක්‍ෂ මංගල සමරවිර සහ ශී‍්‍රපති සූරියාරච්චි එළවා දැමුවේ මෙවැනි තත්වයක් යටතේය.

2015 විධායක ජනාධීපති සහ අගමැති එක් පිලක සිට ආණ්ඩුව දිනා ගත්හ. දින සියය ටන් ගත්තේ එක් පිලක් නියෝජනය කරන ජනාධිපති සහ අගමැති වරයෙකු විසිනි. එහෙත් අගෝස්තු ඡන්දය අවසන් වන විට, ජනාධිපති ශී‍්‍රලනිපයටද, අගමැති එජාපයටද කොටු විය. දැන් පවත්නේ 2001 තත්වයමය. මේ විග‍්‍රහය විග‍්‍රයකි. යථාර්ථය නොවේ. එහෙත් විධායක ජනාධීපති වෙත නීතියෙන් පිරිනැමුණ බලාධිකාරයෙහි අගමැති යනු දෙවැන්නෙකි. දෙදෙනා තුල පවත්නා අවබෝධය වාචාලයෙකු දුටුවේ අගමැතිට හීලෑ ජනාධීපති කෙනෙකු හැටියටය. එය මෛති‍්‍රපාල පමණක් නොව ඔහු පත්කළ ජනතාවද කෝප ගන්වන බරපතල තත්වයකි. 2015 ජනවාරි 09 වෙනිදා සිට මේ දක්වා යහ පාලන ආණ්ඩුවේ අගමැති සහ එක මිටියට ගමන් කළා විය හැකිය. එහෙත් මහ බැංකු අධිපති සිද්ධිය ඒ එක මිටිය දෙදරා ගිය බවක් පෙනේ. තමන් වෙත පවත්නා බලය සහ අධිකාරය වෙනත් සිල්ලර කාරණා මත අවභාවිතා වීමට ඉඩ හැරීම පාලකයෙකුට තරම් නොවේ. 2015 පෙබරවාරි 27 දින සිට අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රශ්නගත චරිතයක් විය. අගමැති කි‍්‍රයා කළේ ඔහු තවත් රාජ්‍ය නිලධාරියෙකු ලෙස නොසලකාය. ජනාධිපති මෙහිදී කි‍්‍රයා කළේ තමන් සහ අගමැති අතර. බවත්නා ගැඹුරු අවබෝධය මත යැපෙමිනි, අර වාචාලයා අගමැතිට හීලෑ ජනාධීපති කෙනෙකු දුටුවේද, අගමැති අයහපත් ජන මතයකින් තෙරපුණේද ඒ නිසාමය. 2016 ජූනී මස 30 වැනි තවත් තීරණාත්මක දිනයක් අප අත් නොවිඳීය යුතුව ඇත. මෛති‍්‍ර රනිල් කි‍්‍රයා කළ යුත්තේ පවත්නා නීති රාමුව තුල ය. ප‍්‍රමුඛ විය යුත්තේ මහේන්ද්‍රන් හෝ කුමාරස්වාමි නොවේ. මහ බැංකුවය. රටය. රටේ ජනතාවය.

ජනාධිපති අගමැති පිල් දෙකක සිටිම බෙහෙවින් අවාසිදායකය. 2001 අත්දැකීමට සමාන තත්වයක් 1988දී නිර්මානය විය. ඒ ආර්. පේ‍්‍රමදාස අගමැතිව සිටියදීය. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සිටියේය. ඒ මතයක් ලෙස පමණක් නොවේ. විවෘත ප‍්‍රකාශ කරමිනි. ඔහු ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධව දේශ පේ‍්‍රමින් දැරූ මතයට සමපාත විය. ජේ.ආර්. ජයවර්ධන එක් දවසක සෙවන ලොතරැුයි ලිපි ගොනුව ගෙන්වා ගත්තේය. ඉන් දෙදිනකට පසුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති අජන්තා විජේසේන කැඳවීය. 13වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් පිලිතුරු කතාව කරමින් අගමැති ආර්.පේ‍්‍රමදාස තම අවනත භාවය පෙන්විය. ජේ.ආර්.ගේ සමීපතමයා වූ අමාත්‍ය සිරිල් මැතිව්ට පෝල් පෙරේරාට කුමක්වීද? අමාත්‍ය මේජර් මොන්ටේගු ජයවික‍්‍රම, අමාත්‍ය ගාමිණි ජයසුරිය අදිහූ විධායක ජනාධිපති බලය හමුවේ නැවී දිගහැරි සිය හැඩතල වෙනස් කර ගත්හ. ඒ ඇයි? විධායක ජනාධිපති විධායක ජනාධිපතිම විය යුතු හෙයිනි. විධායක ජනධිපති උඹය කියා ජනතාව පත් කළේ විවාහක බිරියගේ මිනිසා වෙන්නට හෝ නොවේ. මහින්දානන්ද අළුත්ගමගේ ඇඹරී ගියේ දික්කසාද නඩුවකිනි. එහෙත් නීතිය අනුව විධායක ජනාධිපති උසාවි දක්කා අඹරවන්නට ජනාධිපතිගේ බිරියටත් නිතියෙන් අවකාශ නැත. නීතිය අනුව ජනාධීපති ගෙදර උන්දෑගේ මිනිහාත් නොවිය යුතුවේ.

ජනතාව පත් කළ විධායක ජනාධපතිට අගමැති ඇමති ලේකම් ආදි රටේ සියළුම තනතුරු නම් කිරිමේ බලය පවරා ඇත. ඒ පැවරිම තුල ඔහු පළමුව ජනතාවටද දෙවනුව ඉතිහාසයටද එකසේ වගකිව යුතුව ඇත. මහින්ද රාජපක්‍ෂ ජනතාව දුන් විධායක බලය නුහුරට පාවිච්චි කළ නිසා, පළමුව ජනතාව විසින් පළවා හරිනු ලැබිය. දෙවනුව ඔහු නිතිය විසින්ද ප‍්‍රශ්න කරමින් සිටියි. කිසිදු විධායක ජනාධිපතියෙකු නොවැටුණ තත්වයට පත් වෙමින් නැවත බලය අයදිමින් පන්සල් ගානේ යන්නේ නඩු වලින් බේරිමටය. තිස් අවුරුදු යුද්ධය නිමකර සිය මෙහෙවර නිම කළ මහින්දට ගෞරවනීය සමු ගැනිමක් නො ලැබිණ. ජනාධිපති චන්ද්‍රිකා ධුර කාලයේ ගත් සමහර තීරණ නිසා වන්දි ගෙවා ඇත. මහින්ද හෙල්පින් හම්බන්තොට ගිනුම හරහා හොරෙකු විය. ඔහුට එරෙහි නඩුවක් පැවරිණ. නඩුවෙන් නිදහස් විය. එහෙත් ඒ නඩු කාරයාම පසුව මහ සභාවකදී මහින්ද හොරා බව කියා කළ වරදට ජාතියෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ නඩුකාරයා නැවත මහින්දට කඩේ යයි. මහින්දට සහ පේ‍්‍රමදාසට, සහතික දුන් දයාන් ජයතිලකගෙන් දවසක මෛති‍්‍රපාල සිරිසේනට ලැබෙන්නේ සරත් නන්ද සිල්වා දුන් ජාතියේ සහතිකයකි.

චන්ද්‍රිකා මහින්ද දෙදෙනා යටතේම ඇමතිකම් කළ මෛති‍්‍රපාල සිරිසේනට හොරා කීමට කිසිවෙකු සමත්ව නැත. මෛති‍්‍ර පොදු අපේක්‍ෂකයා වුනේ මහින්දගේ ආණ්ඩුවෙන් පිට වෙලාය. මැතිවරණය පුරා මහින්දලා මෛති‍්‍රලාට හිටන් කීය. එහෙත් හොරා කියන්නට කිසිවෙකුට නොහැකි විය. ජනාධීපතිවී වසර එක හමාරක් ගෙවී ඇත. ඔහු අදටත් සිය දේශපාලන සිල්වත් භාවය කෙළෙසාගෙන නැත. ජේ.ආර්. ජයවර්ධනටත් කිසිවෙකු හොරා කීවේ නැත. ඒ කියන්නේ මෛති‍්‍ර යනු දෙවන ජේ. ආර්. ද? එමෛති‍්‍රට දෙවන ජේ.ආර්. විය හැකිය. ඒ පවිත‍්‍ර භාවයෙන් පමණක් නොවේ. එක එකාට පාච්චල් නොවි ජනතාව භාරදුන් වගකීම ඉටු කිරිමෙනි. රාජ්‍ය පාලකයෙකුට නිදහස් විය හැක්කේ ඉතිහාසයෙන් පමණකි.

‘‘මට වට කරලා ගහනවා’’ මෛති‍්‍ර කියන කතාවකි. වට කරලා ගැසිමට ඔහු නියමිතව සිටියි. ඒ ඔහු රටේ පාලකයා නිසාය. වට කර ගහන්ට පමණක් නොව මල් තියා බඳීන්ටත් ජනතාව සූදානම්ය. මෛති‍්‍රට එරෙහි පවත්නා විවේචන සාරාංශ කළ හැකිය. මෛති‍්‍රට බරපතල ප‍්‍රහාර එල්ල වන්නේ ඔහුගේ පක්‍ෂය තුලින්ය. මෛති‍්‍රට පළමුව, පක්‍ෂයෙන් පහර කෑ විධායක ජනාධීපති ආර්.පේ‍්‍රමදාසය. මෛති‍්‍රට ඇතුලෙන් වදින්නේ ඍජුව නොවේ. ජෝන්ගේ ගෝඨා පටලවා, කියන්නේ ශ‍්‍රීලනිප හොර මුලට මෛති‍්‍රට නායකත්වය දිය නොහැකි බවය. මහින්ද සොරෙකු නොවන බව රාජිතගේ අ`ථත්ම සොයා ගැනිම හරහා මහින්ද නැවත පොරක් වේ. මහින්දලා කල හොරකම් අල්ලන්න බැරි බව රාජිතද හොඳීන්ම දනී. තමන්ට එරෙහි විමර්ෂණ වලින් රාජිත මගහරින්නේ ඒ නිසා විය හැකිය. රවි විද්‍යාලංකාර සහ රවි විජේරත්න යන නිලධාරින් පන්නා දැමිමට කැබිනට් පති‍්‍රකා දැම්මේ ජෝන් සෙනෙවිරත්න නොවේ. මෛති‍්‍ර සමග ආ රාජිත සහ පාඨලී චම්පිකය. සතුරා ආශිර්වාදයකි. මිතුරා හූනියමකි.

රාජිතලා කරන්නේ පන්සලට හොරෙන් පල්ලි යාම වැනි වැඩකි. ජොන් රාජපක්‍ෂලා ඉල්ලන්නේ හෙට දවස ගැන හිතලාය. දයාන් ජයතිලක රනිල්ට මංගලට ගහන විට මෛති‍්‍ර තනිවේ. එවිට ජෝන්ලා අපේක්‍ෂීත හෙට දවස උදාවනු ඇත. මේවා මෛති‍්‍ර විසින් පාලනය කරගත යුතු වේ. මෛති‍්‍රගේ ආණ්ඩුව භාණ්ඩ මිල අඩුකර ඇත. වැට් වැඩි කර නැත. ලබාදුන් බදු සහනය ටිකක් අඩු කළා පමණකි. බදු අහෝසි කරනු යයි මහින්ද කෑ ගසයි. ඒ මෝඩ ජොලියක් බව කීමට ආණ්ඩුවේ කිසිවෙකු නැත. දේශපාලනික හෝ ජාතික හෝ කිසිදු ධනාත්මක අරමුණක් වෙත රාජ්‍ය මාධ්‍ය සමීපව නැත. පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව රකින කථිකයන් නැත. ඒ අතර, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හොර ප‍්‍රකාශ නිකුත් වේ. මෙය සුද්දා මට ගැහුවා මට සුද්දා ගැහුවා වැනි කතාවකි. ඉතින් වදින එක පුදුමයක්ද?

මෛති‍්‍ර ජනාධිපති වෙන්නේ ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගෙදර යවලාය. ඔහුට රට භාර දුන්්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමය. මෛති‍්‍ර මෙහෙයවන ශී‍්‍රලනිපය අදත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවෙන් පෙනි සිටියි. පාඨලී චම්පික ඉන්නේත් එතැනය. එවිට මෛති‍්‍රට ගහන්නේ ඔහු පත්කළ සිවිල් සමාජය යි. ඉතින් වදින එක පුදුමයක්ද? මේ පරස්පරයේදී මෛති‍්‍ර සිටින්නේ සිටගෙනද ඉඳගෙනද? මේවා ජීවන වියදම් ප‍්‍රශ්න නොවේ. ප‍්‍රතිපත්ති වෙති. මේ විස්තර වන්නේ මෛති‍්‍ර බලය අත තබා ගෙන ඉල්ලාගෙන කන හැටිය. මෛති‍්‍ර තම බලයට අභියෝග කිරිමේ අවස්ථා අවම කර ගත යුතුවේ. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ 50 වෙනි නිල ප‍්‍රවෘත්ති නිවේදනය අනුව, රවි කරුණානායක විදේශ ගතවූ විට, වැඩ බලන මුදල් ඇමතිවරයෙකු පත්ව සිිටි බව රංග කලන්සූරිය නොදනිද? එය ගෝඨාභය ගැන ජෝන් කළ ප‍්‍රකාශයට දෙවෙනි නැත. ජූලි පළවෙනි සිකුරාදා වනවිට මහ බැංකුව තිබුණේ මුදල් ඇමති යටතේද නොවේ. රට ගිය රවි කරුණානායක ලොකු කර මෛති‍්‍ර සවුත්තු කිරිමය. විධායක ජනාධිපතිගේ බලය හෑල්ලූ කිරිමය. බොහෝ මාධ්‍ය බොරු වපුරවමින් ජනවාරි ජයග‍්‍රහණය දිය කිරිමට කැස කවති. මෛති‍්‍රට ඇ`ගිල්ලෙන් හැසිරවිය හැකි රාජ්‍ය මාධ්‍ය පවා මෛති‍්‍රට පහහර දෙනවා නොවේද? මේ වදිනවා නොවේ. ගස්සවා ගැනීමකි. කරු ජයසුරියගේ තොරතුරු දැන ගැනිමේ පනතට මහින්ද සමග සිට, හතුරුකම් කළ සමහරු අද රාජ්‍ය මාධ්‍ය වලට රිංගා තොරතුරු පනතට චාමර සලති. පාසල් වෙත යමින් පංති පවත්වති. යහ පාලනයට දරදිය ඇදි අය කුණුහරුප කියති.

රාජිත FCID විමර්ෂණ මග හැරිම, පාඨලී චම්පිකගේ රාජගිරිය සිද්ධිය මග හැරිම යන දෙකම බලය අයුතු ලෙස භාවිතා වීමකි. සචින් වාස්ට ප‍්‍රභූ ආරක්‍ෂාව දී ඇත්තේ අමාත්‍ය මලික් සමරවික‍්‍රම නොවේ. අරලියගහ මන්දිරයේ සිටින පරණ පොලිස් කාරයෙකි. මේ සිය`ථ කතා අවසානයේ මෛති‍්‍රගේ ගිණුමට බැර වේ නම් එය අපරාධයකි. එහෙත් සිද්ධ වෙන්නේ එයම නොවේද? සමහර පුද්ගල බද්ධ ලෙන්ගතුකම් මනුස්සකම් රාජ්‍ය පාලනයට හානිකර වේ. බඩදරු අම්මලා දොළදුකට ඇඹුල් කති. ඒ ඇඹුල් කෑම ඉපදෙන බබාගේ දීර්ඝ කාලීන සෞඛ්‍යට අයහපත් වේ. පාසල් නොගිය දුප්පත් අම්මලාද දන්නා මේ ඇත්ත මෛති‍්‍ර රනිල් දෙදෙනා නොදනිති.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.