
රාජ්‍යය ආගමෙන් දික්කසාද කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු වන්නේ බහුසංස්කෘතික රාජ්‍ය සන්දර්භයන් තුළ බහුත්ව ප්රජාතන්ත්රවාදයක් ස්ථාපිත කිරීමේදී අතිශය දේශපාලනීකරණය වූ ඊනියා ආගමික විකට රූප බරපතල සාපයක් බවට පත් වන හෙයිනි. ආගමික සළුවට මුවා වී මූලධර්මවාදය පතුරන බොදු බල සේනා, රාවණා බලය සහ සිංහල රාවය වැනි ‘ත්‍රස්ත’ සංවිධානවල ක්රියාකාරීත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්ර සිහිනය බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇති ආකාරයට නිදසුන් දරන සිදුවීම් රැසකින් මෑත කාලීන ඉතිහාසය පිරී පවතී. මිනිසුන් අතර ආගමට ඇති භය පක්ෂපාතීත්වය අවභාවිත කරමින් එවැනි පීඩක කල්ලි තම ක්‍රියා ආගමේ නාමයෙන් සාධාරණීකරණය කිරීමට ප්රයත්න දරන අතරම ‘සිවුර’ නමැති බල කතිකාමය සාධකයට ලාංකීය සන්දර්භය තුළ හිමිව ඇති ඓතිහාසික තත්ත්වය හේතුවෙන් සුළු දෙයටත් ප්‍රහාර එල්ල කර ජනයා විසුරුවා හරින පොලීසියද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම බරපතල ඛේදවාචකයකි.
ජනවාරි 08 හැරවුම්කාරකය හමුවේ සෑම ජන වර්ගයකටම පුරවැසි අභිමානයකින් ජීවත් වීමට හැකි ප්රජාතන්ත්රවාදී පාලන යාන්ත්‍රණයක් බිහි කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ ‘යහපාලන’ ආණ්ඩුවද මෙවැනි සිදුවීම් නොදැක්ක ගානට සිටින අතරම පොදු සමාජයේ යහපත වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ඉටු කරන බවට මවා පාන පොලීසිය වැනි ආයතනද සිවුරු පොරවාගත් මැරයන්ගේ ක්‍රියා නොසලකා හැර සිටීමෙන් පෙනී යන්නේ මෙවැනි ජාතිවාදී ප්රයත්නයන්ට අනියමින් හෝ රාජ්‍ය අනුග්‍රහයක්ද හිමි වන බවය. මේ අතර, ශ්‍රී ලංකාවේ බුදුදහමේ ‘නිල අයිතිකරුවන්’ ලෙස වැජඹෙන මහනායක හිමිවරුන්ද සිවුරු මැරයන්ගේ අබෞද්ධ පහත් වැඩ ගැන ‘මීක්’ නොකියා සිටීමද අපට අර්ථකථනය කළ හැක්කේ කපටි ප්‍රතිපත්තියක් ලෙසය.
මීට ටික කලකට පෙර ගලබොඩඅත්තේ ඥානසාර නම් ඊනියා චීවරධාරියා මහියංගනය ප්‍රදේශයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වමින් ‘ලේ අවශ්‍ය නම් ලේ ඉල්ලා සිටීමට හැකි’ බවත් ‘තවත් අලුත්ගමක් නිර්මාණය කිරීමට වුව අවශ්‍ය නම් තමන් පැකිලෙන්නේ නැති’ බවත් ගම්‍ය කරමින් සාපරාධී ප්‍රකාශ නිකුත් කළද ඊට එරෙහිව පියවර ගැනීමට පොලීසිය ඉදිරිපත් වූයේ නැත. මීටම සමාන සිදුවීමක් මඩකලපුවෙන් වාර්තා වේ. මඩකලපුව මංගලාරාම විහාරයේ අම්පිටිය සුමංගල නමැති මැර චීවරධාරියා ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණේ තම පන්සලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ජනපතිවරයාට ඇරයුම් කළද ඔහු ඊට සහභාගී නොවීමෙන් කෝප ගැන්වී අතිශය ජාතිවාදී ප්‍රකාශ කරමින් කුළුගෙඩියකින් ගසා අදාළ ඵලකය විනාශ කොට නැවත එය ඉදි කිරීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලබා එය විවෘත කරවා ගැනීමේ සිද්ධියකට සම්බන්ධවය. එය විවෘත කරන අවස්ථාවේදීද ඔහු නිකුත් කළ ප්රකෝපකාරී ප්‍රකාශ එවක වාර්තා විය. එක අතකින් මෙය මහින්ද රෙජීමය අපට ඉතිරි කර ගිය ජාතිවාදයේ උග්‍රතම තලයෙහි ප්‍රතිඵල ලෙසද හඳුනා ගත හැකිය.
ඊයේ (11) දිනයේදී මෙම මැරයාගේ අලුත්ම ත්‍රස්ත ක්‍රියාව වාර්තා කර ඇත්තේ මීපුර වෙබ් අඩවිය විසිනි. වීඩියෝ සහ ඡායාරූප සාක්ෂිද ඇතුළත් කොට පළ කර ඇති එම පුවතෙහි දැක්වෙන්නේ මොහු විසින් දමිළ ජාතික රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මහ දවල් පොලීසිය නිහඬව බලා සිටියදීම මරණ තර්ජනය කරන සිදුවීමකි. මෙහි සඳහන් කළ නොහැකි බොහෝ දෑ එහිදී කියවේ.
“පට්ටිපලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් කච්චකොඩි/ ස්වාමි මලෙයි ග්‍රාමසේවා වසමේ පිහිටි කාලයක පටන් ගවයන්ට තණ කැවිම සදහා වෙන්ව තිබුණ භුමියක් පසුගිය කාලය තුල සිංහල පවුල් කිපයක් විසින් අත්පත් කර ගැනීමට කටයුතු කිරිම පිළිබදව නීතිය ක්‍රියාත්මක කරන්නට යෙදුන රජයේ සේවකයන් හිමිනමගේ තර්ජනයට ලක්ව ඇත” යනුවෙන් වාර්තා කරන එම සිද්ධිය කිසිසේත්ම සිංහලයාට එරෙහිව ගත් පියවරක් නොව රාජ්‍ය නිලධාරීන් තම රාජකාරී වගකීම් ප්‍රකාරව කටයුතු කිරීම නිසා සහ මෙම ‘භික්ෂුව’ යැයි කියා ගන්නා මැරයාගේ මුග්ධකම නිසා උද්ගත වූවක් බව බැලූ බැල්මටම පැහැදිලි වෙයි. අනෙක් අතට මෙහි ඇති විහිළුව වන්නේ බදා ගැනීම වෙනුවට අත්හැරීම ප්‍රගුණ කරන බුදු දහමට අනුව මෙවැනි කාරණයක් අරභයා බෞද්ධ භික්ෂුවකට මෙලෙස ප්රකෝපකාරී හැසිරීමක් ප්‍රකට කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති වීමය. මෙහි ඇති එකම සාධාරණ හේතුව නම් ඉහවහා ගිය ජාතිවාදයෙන් වියරු වැටුණු ගෝත්‍රිකත්වය පමණි.
වර්තමානයේ සිවුරු පොරවාගෙන සිටින බොහෝ දෙනා බෞද්ධ ඉගැන්වීම්වල ඇති හරය හෝ පරමාර්ථ තකා ගිහිගෙය හැර ගියවුන් නොව දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතා සහ වෙනත් පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමේ කපටි උපායක් ලෙස සිවුර ඇඟ ලා ගත් අය හෙයින් මෙවැනි හැසිරීම් දකින අප පුදුමයට පත් විය යුතු නැත. නිල වශයෙන්ම සමස්ථ රාජ්‍යයම මේ ඊනියා බොරු සාධුලාට පවරා ඇති රටක පුදුමය වන්නේ මෙවැනි දෑ සිදු නොවූවා නම්ය. කෙසේ වෙතත්, මෙහි වඩාත්ම ජුගුප්සාව දනවන කාරණය වන්නේ පොලීසියේ කුහක හැසිරීමයි. ඉතාම සාපරාධී ලෙස එම රාජ්‍ය නිලධාරීන් හට බැන වදිමින් මරණ තර්ජන කරන මේ මැරයාට වියරුවෙන් පිස්සු නටන්නට ඕනෑ තරම් ඉඩහසර පාදා දෙන පොලිස් නිලධාරියෙකු මෙහි කියන්නේ “අපෙ හාමුදුරුවනේ” යන්න පමණි. තමන් මහා බෞද්ධයෙකැයි සිතා සිටින පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා මෙහිදී රටට පැහැදිලි කළ යුත්තේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පත් කර සිටින පොලිස් නිලධාරීන් මෙවැනි නීති විරෝධී ක්‍රියා ඇස් පනාපිටම දැක දැක නිහඬව ඒවාට සහාය පළ කරන විට “අපෙ” හාමුදුරුවරුන් තෝරා බේරා ගැනීමේ ලොජික් එකය. මේ අතරම, මහින්ද රෙජීමයේ ජාතිවාදී උමතුව ප්‍රතික්ෂේප කරමින් මෙරට සිංහල, දෙමළ සහ මුස්ලිම් යන වාර්ගික ප්‍රජා තුනේම බහුතර ඡන්දයේ පිහිටෙන් ජනපති පුටුවට පත් වූ ජනාධිපතිවරයා සේම අගමැතිවරයාද මීට දක්වන ප්‍රතිචාරය දෙස පුරවැසියන් සුපරීක්ෂාකාරීව බලා සිටිය යුතුය.
තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි රටක තවත් යුද්ධයක් හෙට අනිද්දා ඇති නොවීමට නම් සිදු කළ යුත්තේ වින්දිතයන් නිරන්තරයෙන් පීඩාවට පත් කිරීමේ රාජ්‍ය සහාය ලබන ත්‍රස්තවාදය මැඩලීමට හා සංහිඳියාව ඇති කිරීමට ක්‍රියා කිරීම බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. භික්ෂූන්ගේ භූමිකාව ඔවුනට පවරා රාජ්‍ය පාලන භූමිකාව තමන් වෙත පවරා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීමද පැහැදිලි කළ හැක්කේ කුහකකමක් ලෙසිනි. ලංකාවේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රනයම වාර්ගික-සිංහල-බෞද්ධ හෙජමොනියේ ගොදුරක් බවට පත්ව ඇති බව නොරහසකි. කෙසේ වෙතත්, වේදිකාවල සුරංගනා කතා කීමේ කපටි ප්‍රයෝගය වෙනුවට සැබෑ යහපාලනයක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුවට සත්‍ය වශයෙන්ම අවශ්‍ය නම් පළමුව කළ යුත්තේ මෙවැනි පිස්සු බල්ලන් බැඳ තැබීමටත් වඩා ඔවුන්ට අන්‍ය වාර්ගිකයන් එළිපිටම හිංසනයට ලක් කිරීමට ඉඩ හැර ඒවාට අනියම් සහාය දෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව වහා නීති ක්‍රියාත්මක කිරීමය. මෙහිදී පොලීසිය සිදු කර ඇත්තේද සමස්ථ රාජ්‍ය සේවයටම ද්‍රෝහි වීමකි. තමන් පරිදිම රාජ්‍ය සේවකයන් පිරිසකට රාජකාරිය ඉටු කිරීම මත මරණ තර්ජනය කරන විට ඊට සහාය වීම යනුම රාජ්‍ය සේවකයන් ලෙස තමන් භාර ගෙන තිබෙන වගකීම් පාවා දීමක් මිස අන් කුමක්ද?
මේ පරිහානිකර තත්ත්වයේ දින දිනම ගිලෙමින් පවතින අපට ප්රජාතන්ත්රවාදයක් ගැන දැකීමට තවත් සිහිනයක් තිබේද යන්නම සැක සහිතය. ජනවාරි 08 හැරවුම්කාරකය දැනටමත් විනාශ කර අවසන්ද? යන පැනය නොඅසා සිටිය නොහැක්කේ එහෙයිනි. දිගින් දිගටම හඬ නැගීම හැර මිනිස්කම් සුරැකීම වෙනුවෙන් අපට කළ හැකි අන් කිසිවක් නැත!
ashanweerasinghe@gmail.com
mf / November 12, 2016
may be this monk can be wrong, wtf you are slient with all other cases, did you even talk about vilpattu, mannaram case, you need to shame about you asshole
/
Susil / November 12, 2016
මොහු කියන දේ 100% ක් ම හරිය.අන්‍ය අගමැ හැදීමට පෙර අපි අපේ අගමැ හදිය යුතු වෙමු. බවුද්ධයා කියන්නේ සිවුරක් කරේ ලා ගත් ඕනෑම පොන්නයෙක් කරනදේ හරියයි කියන පුද්ගලයෙක් නොවේ.
/
Donald / November 12, 2016
මේ ස්වාමීන් වහන්සේ කාලකන්නියෙක්ද දුශ්ශිලයෙක්ද කියල මේ වීඩියෝ එකෙන් බලන්න බැ . ඔබතුමා දන්නවද මේ ස්වාමීන් වහන්සෙ කවුද කියල. ලන්කාවෙ ඉන්න කිසිම ස්වාමීන් වහන්සෙ නමක් මේස්වාමීන් වහන්සෙ තරම් සින්හල ජාතියට ආගමට වැඩකරල නැ.ඔබතුමාට මඩකලපුව , කෙවිලියාඩුව , සිප්පි මඩුව , ගම්වලට ගියාම් බලාගන්න පුලුවන් , කොලබ ඉදන් මේකප් කරල බන කියන අයට වඩා , දකුනෙ ඉන්න නමට බඉද්දයන්ට වඩ මේ හාමුදුරුවො කරල තියන සේවය අප්‍රමානයි. ටී එන් ඒ ප්‍රමුක දෙම ජාතිවාදීන්ගෙ කෙනිහිලි වලට තනියම මූනදෙන මේ ස්වාමින්වහන්සෙ රටට සම්පතක්
/
kumara / November 15, 2016
https://www.colombotelegraph.com/?s=Ashan+Weerasinghe&x=9&y=8 [Edited out]
/
Chinwi / November 18, 2016
මෙම ලිපිය ලියපු පුද්ගලයා මේ රටේ සිදුවන කිසිම දෙයක් එක්කෝ නොදැක නැත්නම් තම අභිමතාර්ථයන් සඳහා සඟවමින් මෙම් හිමියන් ගා ආගම ගැන නින් දිත රචනයේ යෙදෙන පුද්ගලයෙක් බව ඉතා පැහැදිලියි. අදාල ප්‍රදේශයේ අද ඇතිවී ඇති තත්ත්වය කුමක්ද යන්නත් රජය නැමැති කාස රෝගියා අඳ ගොලු බිහිරි ව නිවටව සිටින මොහොතක මෙම හිමියන් නිසා සිංහල ජනතාව යාන්තමින් හෝ ආරක්ෂා වී ඇති බවත් මොහු නොදනිතත් රට වැසියෝ දනිති.
/